අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ උන්දෑ ඔක්කොම දන්නවා කියලා. ඒ උනාට නොදන්න මනුස්සයෙක්ට උනත් වචනයක් දෙකක් කතා කරහම තේරෙනවා මෝඩ ගෑණියෙක් කියලා. ඒ මනුස්සයත් එක්ක කතා කරහම අපේ ලේ රත්වෙනවා විතරයි, මේ කියන එක මේ නෑ කියනවා, එක එක තැන්වල එකක කියලා කොටවනවා, මහ ලොකු පම්පෝරි ගගහ ගමවටේ ඇවිදින එක තමයි උන්දැගේ රස්සාව
දැන් ටික දවසකට කලින් වැඩකට නැති වැඩකට හෙණ සල්ලි ගොඩක් පොලීයට අරගන (ඒ මෝඩකම කරන්ඩ එපා කියලා උන්දැව දැනුවත් කරන්ඩ ගිහිල්ලා මමත් හොදට අහගත්ත නිසා මමත් ඒඋන්දැත් එක්ක කතා නොකර හිටියේ) ගෙවා ගන්ඩ බැරුව අන්ත අසරණ තත්වයකට පත්වෙච්ච මේ මනුස්සයට ඒක දිගට කරදර ගොඩක් සිද්ධ උනා. හැබැයි ඒ හැම කරදරයක්ම එයාම විහින් දාගත්ත ලෙඩ නිසා අන්තිමට දරුවන්ටත් උන්දැව එපා උනා. ( ඇත්තටම උන්දෑ දරුවන්ට හරියට වදදෙනවා) අන්තිමට කව්රුවත් උන්දැව ගනන් නොගන්න . හොයානොබලන තත්වයට විහින් පත්උනා. පව් ඉතින්.....
මේ ලගකදි දවසක ඒ ගෙදර පැත්තේ හෙන සද්දයක්, මොකක්ද කලබලය කියලා බලන්ඩ මමත් ඒ පැත්තට ගෑටුවා. ඒ මහ උන්දැව ගෙදර කට්ටියම එකතූවෙලා අල්ලගන ඉන්නවා, මහ උන්දැ අතපය දරදඩු කොරගන පිස්සු කියවනවා, ටික වේලාවක් සීන් එක රසවිදපු මං
!! ඇයි ඇයි මොකද වෙලා තියෙන්නේ !!
!! බලන්ඩකෝ අයියේ අම්මා බත්කකා ඉදලා එකපාරටම වැටුන දැන් හරියට සිහියක් පතක් නෑ !!
( මෙන්න යකෝ සිහියක් පතක් නැති ගෑණි හොර ඇහිං මා දිහා බලනවා )