අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල්
කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි
ගොරක බික් 8යි
ලුණු තේ හැදි 3යි
ගම්බිරිස් කුඩු තේ හැදි 6යි
කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි
එනසාල් ගෙඩි 4යි
කරාබු නැටි 6යි
අමුමිරිස් කරල් 3යි ( පවුලගෙ රික්වෙස්ට් )
රම්පේ සුට්ටං කෑල්ලයි ( පවුලගෙ රික්වෙස්ට් )
කරපිංචා අහුරක් ( ගොං කරපිංචා එපා , පට්ට කොල රහයි )
ඉස්සෙල්ලම පවුලට නොපෙනේන්ඩ එකපාරක් මාළු හෝදනව
ගොරක ටික වතුර ජුන්ඩක් දාල ටිකක් තම්බනව ( එහෙම කරහම ගොරකවල තියන අමිහිරි ගතිය නැති වෙනව )
ඊලගට වතුර අයින් කරගත්ත ගොරක බික් 8යි, ලුණු තේ හැදි 3යි ,කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි, එනසාල් ගෙඩි 4යි , කරාබු නැටි 6යි බ්ලෙන්ඩරේට දාල අඹරගන්නවා අන්දෝසංසාර කුඩු සම්බෝල වෙන්ඩ
දානව පැතලි හට්ටියකට කරපිංචා අහුර ස්පෙඩ් කරල
එලනව මාලු ටික කරපිංචා උඩින් ( ඔතනදි කරපිංචා රසකාරකයක් විතරක් නෙමෙයි ) මාළු ටික අඩිය නොඅල්ලා ඉන්ඩත් හෙල්ප් එකක් දෙනව
ඊලගට අර අමුමිරිස් කරල් 3 පළල දානව අර මාළු වලට උඩින්
ඊලගට අර අන්දෝසංසාර කුඩු සම්බෝල වෙන්ඩ අඹරගත්ත එකට වතුර අඩු කෝප්ප එකක් දාලා දිය කරගන අර මාළු ටික උඩින් වක්කරල ගෑස් කුකර් එකේ ගින්දර පුලුවං තරං අඩු කරල ගින්දර දාලා වාෂ්ප එලියට නොයන විදිහට වහලා දානව
ඊලගට පවුලට ඒ අහලකටවත් එන්ඩ තහනං කරනව ( නැත්තං සැරින් සැරේ ඇරල බලල උන්දැ ඕකට කෙලවල දානව )
ඊලගට තියෙන්නේ බ්ලොගක් දෙකක් කියවල කමෙන්ට් එකක් දෙකක් දාන එක ( ඇනෝ නෙමෙයි මනුස්සයෝ ෆෝපයිල් එකෙන් )
වැඩේට යන වෙලාව හරියට කියන්ඩ බැරි හුළංවල ස්වභාවය , වළංවල ස්වභාවය , මාළු වල ස්වභාවය , ගින්දර හන්දා වෙනස්වෙන හන්දා . නහය ටිකක් ඇරගන ඉදලා ලාවට අඩිය අල්ලාගන එනකොට ලිප ඕෆ් කලහම හරි.
වැඩේට අල්ල යන්නේ මැටි හට්ටියක් තමා , දර ලිපක කරනවනං උඩින් තව හට්ටියක් තියල ඒකට ගිනි අගුරු දානවනං පංකාදු පහයි , අනික තමා එතකොට ගිනි පෙල්ල එලියට ඇදලා අගුරු වලින් ගේම දෙන එක
නැ නැ අපි බෙන්තර ගගෙන් එහේ නෙමෙයි , කැලණි ගගෙන් එහා පැත්තේ සබරගමුවේ