අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල්
කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි
ගොරක බික් 8යි
ලුණු තේ හැදි 3යි
ගම්බිරිස් කුඩු තේ හැදි 6යි
කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි
එනසාල් ගෙඩි 4යි
කරාබු නැටි 6යි
අමුමිරිස් කරල් 3යි ( පවුලගෙ රික්වෙස්ට් )
රම්පේ සුට්ටං කෑල්ලයි ( පවුලගෙ රික්වෙස්ට් )
කරපිංචා අහුරක් ( ගොං කරපිංචා එපා , පට්ට කොල රහයි )
ඉස්සෙල්ලම පවුලට නොපෙනේන්ඩ එකපාරක් මාළු හෝදනව
ගොරක ටික වතුර ජුන්ඩක් දාල ටිකක් තම්බනව ( එහෙම කරහම ගොරකවල තියන අමිහිරි ගතිය නැති වෙනව )
ඊලගට වතුර අයින් කරගත්ත ගොරක බික් 8යි, ලුණු තේ හැදි 3යි ,කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි, එනසාල් ගෙඩි 4යි , කරාබු නැටි 6යි බ්ලෙන්ඩරේට දාල අඹරගන්නවා අන්දෝසංසාර කුඩු සම්බෝල වෙන්ඩ
දානව පැතලි හට්ටියකට කරපිංචා අහුර ස්පෙඩ් කරල
එලනව මාලු ටික කරපිංචා උඩින් ( ඔතනදි කරපිංචා රසකාරකයක් විතරක් නෙමෙයි ) මාළු ටික අඩිය නොඅල්ලා ඉන්ඩත් හෙල්ප් එකක් දෙනව
ඊලගට අර අමුමිරිස් කරල් 3 පළල දානව අර මාළු වලට උඩින්
ඊලගට අර අන්දෝසංසාර කුඩු සම්බෝල වෙන්ඩ අඹරගත්ත එකට වතුර අඩු කෝප්ප එකක් දාලා දිය කරගන අර මාළු ටික උඩින් වක්කරල ගෑස් කුකර් එකේ ගින්දර පුලුවං තරං අඩු කරල ගින්දර දාලා වාෂ්ප එලියට නොයන විදිහට වහලා දානව
ඊලගට පවුලට ඒ අහලකටවත් එන්ඩ තහනං කරනව ( නැත්තං සැරින් සැරේ ඇරල බලල උන්දැ ඕකට කෙලවල දානව )
ඊලගට තියෙන්නේ බ්ලොගක් දෙකක් කියවල කමෙන්ට් එකක් දෙකක් දාන එක ( ඇනෝ නෙමෙයි මනුස්සයෝ ෆෝපයිල් එකෙන් )
වැඩේට යන වෙලාව හරියට කියන්ඩ බැරි හුළංවල ස්වභාවය , වළංවල ස්වභාවය , මාළු වල ස්වභාවය , ගින්දර හන්දා වෙනස්වෙන හන්දා . නහය ටිකක් ඇරගන ඉදලා ලාවට අඩිය අල්ලාගන එනකොට ලිප ඕෆ් කලහම හරි.
වැඩේට අල්ල යන්නේ මැටි හට්ටියක් තමා , දර ලිපක කරනවනං උඩින් තව හට්ටියක් තියල ඒකට ගිනි අගුරු දානවනං පංකාදු පහයි , අනික තමා එතකොට ගිනි පෙල්ල එලියට ඇදලා අගුරු වලින් ගේම දෙන එක
නැ නැ අපි බෙන්තර ගගෙන් එහේ නෙමෙයි , කැලණි ගගෙන් එහා පැත්තේ සබරගමුවේ
කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි
ගොරක බික් 8යි
ලුණු තේ හැදි 3යි
ගම්බිරිස් කුඩු තේ හැදි 6යි
කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි
එනසාල් ගෙඩි 4යි
කරාබු නැටි 6යි
අමුමිරිස් කරල් 3යි ( පවුලගෙ රික්වෙස්ට් )
රම්පේ සුට්ටං කෑල්ලයි ( පවුලගෙ රික්වෙස්ට් )
කරපිංචා අහුරක් ( ගොං කරපිංචා එපා , පට්ට කොල රහයි )
ඉස්සෙල්ලම පවුලට නොපෙනේන්ඩ එකපාරක් මාළු හෝදනව
ගොරක ටික වතුර ජුන්ඩක් දාල ටිකක් තම්බනව ( එහෙම කරහම ගොරකවල තියන අමිහිරි ගතිය නැති වෙනව )
ඊලගට වතුර අයින් කරගත්ත ගොරක බික් 8යි, ලුණු තේ හැදි 3යි ,කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි, එනසාල් ගෙඩි 4යි , කරාබු නැටි 6යි බ්ලෙන්ඩරේට දාල අඹරගන්නවා අන්දෝසංසාර කුඩු සම්බෝල වෙන්ඩ
දානව පැතලි හට්ටියකට කරපිංචා අහුර ස්පෙඩ් කරල
එලනව මාලු ටික කරපිංචා උඩින් ( ඔතනදි කරපිංචා රසකාරකයක් විතරක් නෙමෙයි ) මාළු ටික අඩිය නොඅල්ලා ඉන්ඩත් හෙල්ප් එකක් දෙනව
ඊලගට අර අමුමිරිස් කරල් 3 පළල දානව අර මාළු වලට උඩින්
ඊලගට අර අන්දෝසංසාර කුඩු සම්බෝල වෙන්ඩ අඹරගත්ත එකට වතුර අඩු කෝප්ප එකක් දාලා දිය කරගන අර මාළු ටික උඩින් වක්කරල ගෑස් කුකර් එකේ ගින්දර පුලුවං තරං අඩු කරල ගින්දර දාලා වාෂ්ප එලියට නොයන විදිහට වහලා දානව
ඊලගට පවුලට ඒ අහලකටවත් එන්ඩ තහනං කරනව ( නැත්තං සැරින් සැරේ ඇරල බලල උන්දැ ඕකට කෙලවල දානව )
ඊලගට තියෙන්නේ බ්ලොගක් දෙකක් කියවල කමෙන්ට් එකක් දෙකක් දාන එක ( ඇනෝ නෙමෙයි මනුස්සයෝ ෆෝපයිල් එකෙන් )
වැඩේට යන වෙලාව හරියට කියන්ඩ බැරි හුළංවල ස්වභාවය , වළංවල ස්වභාවය , මාළු වල ස්වභාවය , ගින්දර හන්දා වෙනස්වෙන හන්දා . නහය ටිකක් ඇරගන ඉදලා ලාවට අඩිය අල්ලාගන එනකොට ලිප ඕෆ් කලහම හරි.
වැඩේට අල්ල යන්නේ මැටි හට්ටියක් තමා , දර ලිපක කරනවනං උඩින් තව හට්ටියක් තියල ඒකට ගිනි අගුරු දානවනං පංකාදු පහයි , අනික තමා එතකොට ගිනි පෙල්ල එලියට ඇදලා අගුරු වලින් ගේම දෙන එක
නැ නැ අපි බෙන්තර ගගෙන් එහේ නෙමෙයි , කැලණි ගගෙන් එහා පැත්තේ සබරගමුවේ
බැන්දට පස්සේ ඔහොම තමා . බඳින්න ඉස්සෙල්ලා උඹත් සිංහයෙක් අටම් අයියේ ...............
ReplyDeleteඑහෙමට කියල වෙනසක් නැ බං
Deleteමේ අටම් ඉස්ටයිල්. අරක මාතලන් ඉස්ටයිල්. මොන ඉස්ටයිල් එකට හරි මට කියන්න ඕන උනේ මේක ගේමක් නම් නෙමේය කියන එක. ගොරකා බික් අරගෙන හෝදගෙන අඹරගෙන පුක ඉරාගන්නේ මක්කටෙයි බන්. ගොරකා ටැල්කම් පවුඩර් එක පට්ට. කිසි කරදරයක් නෑ.
ReplyDeleteඅනේ මචං මං ඒක කවදාවත් අරගන නැ, ගෙනත් බලන්ඩ ඕන
Deleteඅටං ගොරක පවුඩර් එක පහසුයි.. ඒත් ගමේ ගොරක තියනවනං එ්ක මසුරන්. මාතා කියනවා වගේ ඇමූල් තියල් කියන්නේ ගේමක් නොවේ.
Deleteඑහෙමනම් ඇයි ඉතිං ගොරක පේස්ට් ගන්නේ?
Deleteඅර තියෙන්නේ බෝතල්වල දාලා මාලු ඇඹුල් තියල් මිශ්‍රනය කෙලින්ම ගන්න!
බම්බලපිටියේ එම්සී එකේ තියෙනවා ලාරිච් කියලා කඩයක්. ඔය ගෙදර යන ගමන් සහ කුල්ස් වගේ තැනවලත් තියෙනවා මයෙ හිතේ!
ලාරිච් එක එළ...
Deleteමස් කරි මිශ්‍රණ මරු!
ඉතින් අපරාදේ නේ ගෙදර ගෙනිහින් කන්නේ ඔය ෆයිව් ඉස්ටාර් හොටෙල් වල ශ්‍රී ලංකන් නයිට් එකට ගිහින් කනවා නේ ඉස්මුරුත්තාවටම එනකන්.
DeleteThis comment has been removed by the author.
Deleteඒක ඇත්ත මාතලන්, හොඳ හෝටල්වල් ඉන්න පබිලිස් ලා වගේ චෙෆ් ලා ගොරකා අඹරලා තමයි ගන්නේ, බෝතල්, ටින්, පැකට් දාන්නේ නෑ
Deleteටී වී එකේ එහෙම කිව්වට හදන කොට දාන්නෙ පවුඩර්. 400-500 එන මගුල් ගෙවල් වලට උන් අඹරයි ගොරකා. පබිලිස්ලත් අර රජ්ජුරුවන්ට හකුරු හදපු එකා වගේ තමයි. සම හරක් බ්ලොග් ලියන මහත්තුර්ත් එහෙමමයි. පෙන්නන්නේ මහත්තුරු කියලා. ඒ උනාට ගූ ගොඩවල්.
Deleteකතන්දර මාමේ පස්ස පැත්ත පිහිදගන්න. අන්තිම වාක්ය 2ම ඔයාට
Deleteමචං....ලේසියට කුඩු පාවිච්චි කරාට, ගලේ අඹරලා ගන්නවා වගේ නැහැ නේද? මම නම් සුදුළුනු , ඉඟුරු තාමත් තලලා තමයි ගන්නේ. කළුකුඩු (බැදපු තුනපහ ) අම්මා ගෙදර වේලලා හදන එකට ගහන්න එකක් නැහැ.
Deleteඅනේ ඔව්වා ගේම්ද මාතේ අපිට
Deleteකතන්දර සමහරක් ඔය ගෙවල්වලටම ඇවිල්ලා දෙතුන්සීයකට උයන කට්ටිය ගොරක එහෙම අඹරල ගන්නව මමත් දැකල තියනව
Deleteනලින් අයියාලාගේ ගහම්නං ගොරක ඇති ඕසෙට . කොහොමද ගොරක මදවල රහ
Deleteමගේ අත්දැකීම නං මෙහෙමයි.මාළු ඇඹුල් තියල් වලට ස්ටෑන්ඩඩ් රෙසිපියක් නැත.එක එක පළාත්වල එක එක ක්‍රමයට.ක්‍රමය අනුව රස වෙනස්.මම කාපු රසම ඇඹුල් තියල යාලුවෙක් දවසක් හදාගන ඉන්දියාවට ගෙනාපු එකක්.හැබැයි ඌ රෙසිපිය දන්නෙ නෑ ලොකු අම්ම හදල දුන්න කිව්වා. තලපත් ඇඹුල් තියලක් මාර රහයි.
ReplyDeleteඋඹ කාල තියනවද අයියේ ලින්නෝ ඇඹුල් තියල් හදල , ඒකත් මරු
Deleteතව මොන මොන ජාති කියයිද දන්නේ නැහැ .
Deleteගොරකා අඹරලාම දාන එක තමයි හොඳ. ගොරක හොඳ ඖෂධයක්. කොලෙස්ටරෝල් වගේ හානිකර අපද්‍රව්‍ය පුච්චන්න පුදුම හැකියාවක් තියෙනවා. ඒක තමයි ගොරක කෑමවලට එක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ. පිටිකිරීමේදී ගොරකවල ගුණාත්මකබව හීනවෙනවා. ඒ නිසා ගොරක මඳ අඹරලාම ගන්න එක තමයි හොඳ.
Deleteඔව් නේද පිටි කරනකොට රත් වෙනවත් එක්කනේ , අනික අහකටත් යනව ඇති
Deleteඇයි බන් පවුලට නොපෙනෙන්න මාළු එක පාරක් හොදන්නේ?
ReplyDeleteනැත්තං මැරෙන්ඩ හදනවනේ බං බාගෙට මාලු හේදුවා අනේ ලොකු තව හොදට හෝදන්ඩ කියල
Deleteඅනිත් ඒවත් භාගෙට වෙන්න ඇති .
Deleteආයි අටංට හෝදන්න දෙයක් ඉතිරි කරන්නේ නෑ.... මචෝ...
Deleteනලින් අංකල් අටමි අහනවා ඇති නේ අටම් කීපාරක් කුරියා හෙදුවද කියලා
Deleteනලින් අයියා +++++++++++++++++
Delete//අනිත් ඒවත් භාගෙට වෙන්න ඇති//
Deleteපුක හෝදගන එහෙම වෙලාවක වරෙන්කෝ පෙන්නන්ඩ
@sanda wenwee
උඹත් ගෑනිට ලකුනු දෙන්න කැමතිම නෑනෙ
ReplyDeleteඑහෙම නැ ලොක්කා
Deleteදෙන්ඩ ඕන තැන දෙනවා
ගෑණිව අම්මලෑ ගෙදර යවලා වැඩේ කරන එක ලේසියි වගේ මට පේන්නෙ…… හැක්. :)
ReplyDeleteඔව් ඔය උඹට ලොකු ලයින් දීලා ගෙදර යනව කියල කියුවහම දුප් කියල එලවලා දාහං , උයාගන කන එක මහ බක්කක්ද
Deleteඔන්න ස්ටයිල් දෙකටම හදන්න අදිස්ටාන කොරගත්තා...
ReplyDeleteජය වේවා!!
හදන දාට අපිටත් කෑමකට ආරාධනා කලාට කමක් නෑ.
Deleteඅඩු පාඩු අපි ගේන්නං . වෙනම කෑලි හත අටක් අයිං කරලා තියහං !!!
Deleteහැම විදිහකටම කරහං විදානේ
Deleteගම්මිරිස් දාන්නෙම නැද්ද බං..? මොකක්ද අර මාත්තුරුකාවේ හරුපේ..?
ReplyDeleteගම්මිරිස් අත්‍යවශ්‍යයි නේ... මේ ඉන්නේ අපේ අනිත් චෙෆ් ස්පැෂලිස්ට්..
Deleteඕන් චෙප් මාරේ මාත් දැම්මා රෙසිපියක්. ඒක දැම්මා විතරයි මූ ගම්මිරිස් නැතිව තියාල් හදලා.
Deleteදාහං බලන්න ලින්ක් එක... ඇයි යකෝ අටමා සද්දේ දැම්මට හේතුව පෙන්නලා නැහැනේ... :D
Deletehttp://maathalan.blogspot.com/2014/06/balapitiya-skipjack-tuna-ambul-thiyal.html
Deleteමාරේ දාමුද හොද ඉස්ටුවක් හදාගන්න විදියක්......
Deleteඇයි මාරේ ඔය දාල තියෙන්නේ
Deleteඒකනේ නලින් අයියේ
Deleteගම්මිරිස් නැතුව කොහොමද මාතේ
Deleteදැන් අළුතින් ඔබලා නිකං කලින් හිටං තිබුනා වගේ ටෝක් දෙන්ට එපා යකෝ... :D
Deleteතෝ කිව්ව විදිහට මාළු උයලා කී දෙනෙක් ගුටි කෑවද දන්නේ නැහැ පහුගිය ටිකේ.. :D :D :D
හෙහ් හේ අමතක උනා බං
Delete:D
Deleteඋඹනං අමතක උනා කියයි.. වැරදිලාවත් මේක බලං හදිසියක කවුරු හරි මේක හැදුවනං එහෙමං බං මෙලාට ඩිවෝස් කේස්නේ.. :D
කෙල උනනෝ...
ReplyDeleteකාටද අනේ
Deleteහාබර් එකේදි, තලපත් කපල ඉන්න හැටි දැක්කම සංසාරෙ එපා වෙනව. ඒ නිසා තලපත් කන්නෙ නෑ බං.
ReplyDeleteඋඹ ලේ දකින්ඩ බයයිද
Deleteඅටමෝ...ගම්මිරිස් නොදා ඕක හැදුවොත් මචෝ කාලා හමාරයි....
ReplyDeleteඅනිවා අනිවා දාන්ට ඔන දාන්ට ඔන
Deleteමම නම් මස් මාළු වලින් තොරයි.. හාල්මැස්සෝ තමා ඉඳ හිටවත් කෑවොත්..
ReplyDeleteහාල් මැස්සා කියන්නේ කෘමියෙක්ද.. යකෝ හාල් මැස්සෝ හන එක තමයි පව් කාරකම. ජීවිත කීයක්ද. හරක් මස් 250 ක් කාපන් පව අඩුයි.
Delete:D
Delete+++++++++++++++++++++++++++++++++++
Delete:)
Deleteහාල් මැස්සෝ අවුල්.. චිකන් අවුලක් නෑ. කරි චිකන් අවුලක්ම නෑ :D
Deleteමසක් මාලුවක් කාහං මල්ලියේ
Deleteෂාහ්.. දෙන්නං ගේම මේ සතියේ ඕෆ් එකේ.. කෙල උනනවා බොල.. අපිට ඉතිං ඇඹුල් තියල් ලංකාවෙන් ගෙනැවිත් කෑවොත් තමා..
ReplyDeleteහදහං මචං කෙලවල්ලොත් හොදයි
Delete\\ඉස්සෙල්ලම පවුලට නොපෙනේන්ඩ එකපාරක් මාළු හෝදනව//
ReplyDeleteඒකනම් පට්ට! නැත්නම් ඕක හතර වතාවක් විතර සෝදලා මාලු ටික දියකරලම දානවා. ඊළඟට ආයෙත් සුවඳ අහලත් බලනවා.
බොටත් හොදට අත්දැකීම් තියනවා නෙහෙ…
Deleteඔය බැන්දෙ නැතුව තාම :D
Deleteසුවඳ අහලත්
Deleteසුවද අහන්නේ කොහොමද බං
අර කංකුං කැඩුවා වගේ නෙවෙයිනේව මෙව්වා මිස්ට අටම් ස්පැෂොල් නෙව ... :)
ReplyDeleteඑදා අන්න කුකා උයන ගමං කරපු ජාති . අදින්නා දානයි , පානාති පාතියි ඇරුනහම අනිත් තුනම කැඩුවා
Deleteහිහි...
ReplyDeleteසබරගමුවෙයි කිව්වනෙ..
ඔහැක්...
එහෙනං අහන්න දෙයක් නැ..
පට්ට තමා....
ඔහැක්
සුභ පැතුම් මහේෂ්...
Deleteඉක්මනට ඩොක්ට කෙනෙක් මුනගැහුනනං
මුට වමනෙ යන්නෙ, අර ෆොටෝ එක දැකලා බං. ;)
Deleteපට්ට කමෙන්ට් එක බං :D
Deleteඅනේ මන්දා
Deleteදැං උඹල දෙන්න මාළු කපන පිහි දෙකක් උරුක් කරන් ගේම දෙන්නද හදන්නෙ.
ReplyDeleteඔව් ඩෝ ඇයි ගේමද
Deleteහදන කෙනෙක්ට මෙක ගිහින් දෙන්න ඕන,වැරදුනොත් අටම් ව තමයි හොයන් එන්නෙ ??
ReplyDeleteඒ මොකටද ඒ
Deleteඅපේ අයගෙනුත් බහුතරය සබරගමුවේ...... ඒ හින්දා මාතලන් මොනවා කිව්වත් අපි අත්දෙකම උස්සලා අටමාට සහයෝගයට දෙනවා හරිය....................
ReplyDeleteආ... අටමා අර වයිෆ් ව පන්නන කෑල්ල රෙසිපියේ අනිවාර්‍ය අංගයක් කරොත් හොදයි. නැත්තම් අර කියනවා වගේ විනාඩියෙන් විනාඩියට ඕක ඇරලා බලනවා ආයේ දෙකක් නෑ. ඒ විතරක් නම් මදෑ විනාඩියෙන් විනාඩියට ඕකේ රහත් බලනවා. අන්තිමේට බාන්න දෙයක් නෑ.. රහ බලලාම ඉවර වෙලා.............
අද දවාලෙත් එය වැඩේ කරා බං මේ මනුස්සය. බාන්ඩ කලින් ඇරල කැවා
Deleteඇත්තටම මාළුවා කපන්න කලින් හෝදලා ලේ පිටින් උයා ගත්තා නම් හොඳයි.
ReplyDeleteමේක තමයි හරිම ක්‍රමය. සමාන්‍යයෙන් මස් මාළු මුලින් තමයි හෝදන්නේ.
Delete+++++++++++++++++++
Deleteස්ටේක් එකක් රෝස්ට් එකක් හදනකොට මස් හේදුවොත් කොහොම හිටීද...මමත් මස් හෝදන එකට විරුද්ධයි. ඒත් ඉතින් ගන්න තැන අනුව දෙවරක් හිතන්න වෙනවා. මෙහෙදිනම් ගන්න තැන ගැන කලබලවෙන්න දෙයක් නැහැ. ඒත් ලංකාවේ ඔය වැඩේ කරන්න බැහැනේ.
ඇත්තටම හොදයි සුදික
DeleteIl mondo di una povera pazza
Deleteලංකාවේ මාව හරිම අපිරිසිදු වෙනවා , මාළු කපන ලෑල්ලත් අපිරි සිදුයි , කඩෙත් අපිරිසිදුයි , තැන් තැන්වල බිම දානව , මැස්සො වහනව
ඇවිත් ගියා
ReplyDeleteහා මචං
Deleteදැන් ඕක හදන්න කලින් ගෙදර ගෑනි අර විදිහට මාළුවව බදාගෙන ඉන්නත් ඕනද ? එතකොට රසේ වෙනසක් වෙනවද ?
ReplyDeleteනැ හදන්ඩ කලින් ගෑනිව බදාගන හිටහං
Deleteතලපත් වලින්, ඇඹුල් තියල් හදන්න පුළුවන්, කුරුදු වත්තේ කට්ටියට විතරයි අනේ..... දැන්.....
ReplyDeleteදකුණේ ඉට්ටයිල් එක නම්, තාමත් බල මාළු ඇඹුල් තියල්...... හරිද....? ඒවා, සබරගමුවට වඩා වෙනස්.....
අනිත් වැඩ ඔක්කොම නවත්තල කන බොන එක විතරක් කරනවනං පුළුවන් අනේ
Deleteකොහොම හැදුවත් මමනම් හරිම කැමති කෑමක්. මම හිතන්නේ ක්‍රම තුනක් විතර මම රූපවාහිනියෙන් දැකලා තියනවා. යකෝ, හදන විදිහ නෙවෙයි, හදලා, අනික් අඩුම කුඩුමත් ලැස්ති කරලා, කන්ඩ බොන්ඩ කතා කරපියව්.
ReplyDeleteඅනේ මාවත් කැන්දං යන්ඩ එදාට ඈ. !!!
Deleteකැන්දං යන්ඩ තෝ ගෑණියෙක්ද
DeleteKohomaheduwath kamakne,baite ekatath tikak ithuru karagannawala.
ReplyDeleteඔහේ පලයන්. චෙෆ් අටමත් එලි බැහැල තියෙන්නේ ඔය.
ReplyDeleteනොකා ඉන්න එක හොඳයි වගේ බං මේ උඹලා ලියන එක,එක විදියට මේවා හදන් කනවාට වඩා...:D
ReplyDeleteඒක හරි බං. කෙලවල්ලො කිලෝ එකක් ගන්න සල්ලි වලට තව පොඩි ෆිනෑන්ස් පාරක් දැම්මම මරුටියක් ගේන්ඩ පුලුවං 2010/11 වගේ එකක්.. හැක් .
Deleteඅම්බෝ ඕව හදන්න ගිහිල්ල අනාගන්නවට වැඩිය හොඳා අම්මා දෙන දෙයක් කාල ඉන්න එක..! :)
ReplyDeleteමාතයියගේ පොස්ටුවටද කියන්න වුනු දේමයි.
ReplyDeleteකෑම ගැන දැන් නැති කම ගැන දුක් වෙමි. :(
මේ ලිපියත් රහට කොටා ඇති බව නම් ටක්කෙටම කිව හැක.
කාගේ ඉස්ටයිල් උනාට මොකෝ කන්න පුළුවන් නම්..
ReplyDeleteවෙලාවක අටම් සහ මාතලන් විසින් සකස් කරන ලද ඇඹුල් තියල් පාරක් හීනි ෂොට් එකකුත් එක්ක රස විදින්න අවස්ථාව ලදහොත් වඩාත් රසවත් කුමක්දැයි කියා දීමට හැකිය.(ෂොට් 6 ක් 7 ක් ඉක්මවා යාමට පෙර තීරණය ලබා ගැනීමට සැළකිලිමත් වන්න.ඉන් පසුව ඕනෑ එකක් එක රහට දැනෙන්නට ඉඩ ඇත)
ReplyDelete"ෂොට් 6 ක් 7 ක් ඉක්මවා යාමට පෙර තීරණය ලබා ගැනීමට සැළකිලිමත් වන්න.ඉන් පසුව ඕනෑ එකක් එක රහට දැනෙන්නට ඉඩ ඇත"
Delete++++++++++++++++
ගොරකා පේස්ට්,ගොරකා කුඩු,(වියළන ලද )ගොරකා,තම්බන ලද ගොරකා වලින් රසේ වෙනස්කම් ඇතිවෙනවා.
ReplyDeleteඇතැම් ව්‍යාංජන උයද්දි ගොරකා ඉති පිටින් දාලා ,ඉදුණු පසුව අයින්කරනවා.
ගම්මිරිස් නොදා ලාවට සැර එන්න අමුමිරිස් දමා සදන ඇඹුල් තියලත් මං කාලා තියෙනවා.මේක රසයි.
ඇතැම් පැතිවල ගම්මිරිස්,රතු මිරිස් භාවිතයක් ඇත්තෙම නැති තරම්,මිරිස් වවන පැතිවල නම් අමුමිරිස් තමයි හැම ව්‍යංජනයකටම දාන්නේ.
අටම්,ඉතිරි කමෙන්ට් වලට රිප්ලයි දමන කම් මං බලන් ඉන්නේ,මේ පොස්ට් එකයි කමෙන්ටුයි,මගේ බ්ලොග් එකටයි,ඉවුම් පිවුම් පොතටයි කොපිකැට් කරගන්න.
ඔක්කොමත් හරි අර උඩින්ම ගොරකා ටිකයි වතුරයි ජුන්ඩාවත් දාලා ටිකක් තම්බන්න කිව්ව ඒකතමයි අව්ල
ReplyDeleteඅටම් ස්ටයිල් එකේ මාලු කරියක්. නියමයි මලේ. ගොරකා අඹරලා ගත්තාම තමා ගුණ. ගම්මිරිස් නොදා රස නැත.
ReplyDeleteඅටමෝ මම අඹුල් තියල් නම් දන්නෙ නෑ . ඒත් ඔය ටිකට තෙල්ටිකක් දාල තව ටිකක් එහා මෙහා කරල ඩෙවල් එකක් හදාගන්න නම් දන්වා. මොකද අවුරදු 10 ක්විතර බෝඩිං වල ලැග්ග නිසා. සිකුරාද දවස්වලට කට්ටිය සෙට් වෙන්ඩ ඩෙවල් දානවා.
ReplyDeleteමොනව වුනත් පිරිමි කුස්සියට පැනගත්ත දවසට වියදම සැරයි කටට රහයි...
දැන් සල්ලි ඉතුරු කරන්න පටන් ගන්න ඕන මාළු ගන්න
ReplyDeleteඅටමෝ......මම මාළු කන්න කැමති එකෙක් නෙමේ. පොඩි මාළුනම් ආසයි. මැටි ඇතිලියට යටට කෙහෙල් කොළයක් දාලා..ඒක උඩට තමයි අනිත් බඩු දාන්නේ. කෙසෙල් කොළේ උඩ තමයි ඇඹුල හැදෙන්නේ. කෙසෙල් කොළේ කරවෙලා තෙල් එක්ක බැදනකොට සුවඳයි,,රසයි. එක එක පැතිවල එක එක ක්‍රමනේ.
ReplyDeleteදැන් ඔය විදිහට උයන්න් ඕනේ අර උඩ ඉන්න මාලුවද යට ඉන්න මාළුවද?
ReplyDeleteමාතලන්ගෙ එකත් කියවලම ආව.දැන් අපි මෙව හදන්න ඔනද හාමිනෙට කියල හදවගත්තොත් මොකද.
ReplyDeleteමාතලන්ගෙ එකත් කියවලම ආව.දැන් අපි මෙව හදන්න ඔනද හාමිනෙට කියල හදවගත්තොත් මොකද.
ReplyDelete