නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ මාවත
ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා වෙත
පාලුව කෝ කොහෙද ගියේ සෙමරසැලු දෙදෙනා වෙත
නුඹේ සුවද හද පතුලේ ගැඹුරු කොනක පිරිලා ඇත
මල් වැට නැ පාරදිගේ ගල් බැම්මක් බැදිලා අද
ඇලපාරෙත් ලස්සන නැ කාණු වතුර වැටිලාමද
එදා තිබුන නී හඩ නැ බස් රථයක් දුහලාමද
ටික දිනකින් නුඹ නාවේ මේ වෙන දේ දැනිලාමද
මගහැරගිය මේ පාරෙම බස් රථයට නැගෙනාවිට
දරාගන්න බැරි වෙනකොට හිත වරදින් පෙලෙනාවිට
කවුළු දොරෙන් අනන්තයේ ඇත ඉමක් සොයනාවිට
පෙරට වඩා හිත රිදෙන්නෙ ඔබ මා මග හරිනාවිට
නුඹේ සුවද හද පතුලේ ගැඹුරු කොනක පිරිලා ඇත
මල් වැට නැ පාරදිගේ ගල් බැම්මක් බැදිලා අද
ඇලපාරෙත් ලස්සන නැ කාණු වතුර වැටිලාමද
එදා තිබුන නී හඩ නැ බස් රථයක් දුහලාමද
ටික දිනකින් නුඹ නාවේ මේ වෙන දේ දැනිලාමද
මගහැරගිය මේ පාරෙම බස් රථයට නැගෙනාවිට
දරාගන්න බැරි වෙනකොට හිත වරදින් පෙලෙනාවිට
කවුළු දොරෙන් අනන්තයේ ඇත ඉමක් සොයනාවිට
පෙරට වඩා හිත රිදෙන්නෙ ඔබ මා මග හරිනාවිට
