Popular Posts

2018-06-22

මටත් වචන පැටලෙනවනෙ අනේ

අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත්
බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ

ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ

තාත්ත කියනවා දහයට නිදාගන්නවලු
දුව කියනවා නිදාගන්නෙත් නැලු

සල්ලි ඇරන්ලු ... නෑ එහෙම නෑලු
අදුරන්නෙත්  නෑලු  ... චෙක් මාරු කරලලු

අල්ලන් එන්ඩ බෑලු
ගේවල් මාරු කරලලු
හොද ගෙවල් හොය හොය හිටියලු
හොද එකක් හම්බුනහම මාරු කරනවලු
ඒත් යාලුවෙක් නෙවෙයිලු

දරුණුම තස්තවාදි තනියම පරාජය කරාලු
අලි දෙන්නෙක්  ගෑන තීරනයක් ගන්ඩ බෑලු
ලෝක උරුමයෙන්  අයින් කරනවලු


වදුරන්ට කන්ඩ දෙන්ඩ හොද නෑලු
ගස් නැගල කොස් කඩනවලු

ගෙවල් ඇව්ත්  වාහන වල හැප්පෙනවලු
වොඩ්ක කියුවට බෝතල් වල තියෙන්නේ වතුරලු

ඉතින් හද්දෙයියනේ

දේවෝ වස්සතු කාලේනද
අහේතු කාලේන කජ්ජේන පුහුලන්ද

මාත් වතුර බෝතල් බාගයක් ගෙනත් බිව්වා
මටත් වචන පැටලෙනවනෙ අනේ

ඒ අස්සේ දිවියෙකුත් මරලා
වගකිව යුත්තෝ ඉන්නකොටම

ඉතින් ඔය තියෙන්නේ

ඒකනේ  බං ක්‍රමේ