කොළඹට ආසන්න උසාවියක දැනට කාලයකට කලින් හිටියා නඩුකාර නෝනා කනෙක් , බොහොම සැරපරුෂයි , කාටවත් ගැලවිලා යන්න අමාරුයි.
පොලිස් නිළධාරින් , බන්ධනාගාර නිළධාරින් එහෙම බොහොම ප්‍රවේසමෙන් තමයි ඒ මහත්මියත් සමග කටයුතූ කලේ. රාජ්‍ය නිළධාරින්ට උනත් එහෙම තමයි.
කාටවත් අසාධාරනයක් නොවෙන්න කටයුතූ කලා. වරදකරුවන්ට උපරිම දඩුවම් දුන්නා.
කාන්තා පාර්ශවය සම්බන්ධ නඩුවලදි ඒ කාන්තාවන්ට සාදාරණය ඉෂ්ඨකරලා දෙන්න එහෙම උනන්දුවෙන් කටයුතූ කලා.
නිළධාරින් ප්‍රමාණවත් නොවීම , වාහන නොමැති වීම වගේ ප්‍රශ්න හන්දා සමහරක් බන්ධනාගාරවල ක්‍රීයාත්මක කරන ක්‍රමයක් තියනවා, ලොකප් එකක් තියන උසාවී වලට කලින් දවසේ හවස් වරුවේ සැකකරුවන් බාරදලා එන ක්‍රමයක්.
අන්න ඒ රාජකාරියට ගිය බන්ධනාගාර නිළධාරියෙකූට වෙච්ච කරදරයක් තමයි මේ.
හවසට උසාවි යන නිළධාරින් නිළ ඇදුම් නොඇද යන සිරිතකූත් ඒ කාලයේ තිබුනා. මේ කියන දවසේ කතාවට අදාල නිළධාරියා කාකී කලිසමක් ඇදලා සෙරෙප්පු දෙකක් දාගන ෂර්ට් එකක් උඩින් දාගන සැකකරුවන් රැගෙන උසාවි ගියාලු.
අනිත් කට්ටියට ඇතූලට ගිහිල්ලා ආපු වැඩේ කරගන එන්ඩ කියලා මිනිහා පොල්ලකූත් හොයාගන ඇවිල්ලා උසාවිය මිදුලේ තිබුන රට අඹ ගහට පොලු ගහන්ඩ ගත්තාලු.
දැන් යාන්තන් පොලු ගහලා ගහලා ගෙඩි දෙකක් කඩාගත්ත පොර තව හොද වල්ලකට ට්‍රයි එකක් දෙනවාලු.
" මේ මේ තමුන් අහවල් බන්ධනාගාරයේ නිළධාරියෙක් නේද "
මළ හුට්ටප්පරයයි අපේ නඩුකාරනෝනා අවෙළාවේ උසාවී නිරික්ෂන චාරිකාවක් ඇවිත් , ටී පණස් හයක් ගත්ත ආරක්ෂක පොලිස් නිළධාරියත් එක්ක බන්ධනාගාර නිළධාරියාගේ පිටිපස්සේ.
තොල කට වේලිලා කක්කාබර හැදිච්ච බන්ධනාගාර නිළධාරියා අතේ තිබීච්ච පොල්ල පැත්තකට දාලා වෙව්ල වෙව්ළා
" ඕ..ව් මැ.. මැ ..ඩම් ''
මිනිහා ඇඹරෙන ඇඹරිල්ල දැක්ක නඩුකාර නෝනගේ මූණටත් ලස්සන හිනාවක් ආවාලු
" දැන් ගෙඩි කීයක් කැඩුවද "
ඔන්න දැන් පොඩ්ඩක් කූල්ඩවුන්උනා බන්ධනාගාර නිළධාරියා , ඇයි ඉතින් නඩුකාර හාමුදුරුවන්ටත් අඹ කන්න හිතිලනේ
" දෙකයි මැඩම් "
" ඇයි නැවැත්තූවේ කඩන්ඩ කඩන්ඩ "
නෝනාගේ වාසනාව කියන්නේ ගහපු පළවෙනි පාරෙන්ම ගෙඩී තූනක් බිම , ගැහුවා ආයෙත් පාරක් , යකෝ ඒ පාරත් ගෙඩි දෙකයි
" ආ දැන් කීයක් තියනවද , අහුලලා ගන්ඩකෝ ඔක්කොම "
සාක්කූවේ හංගලා තිබ්බ ෂොපින් කවරයට අඹ ගෙඩි ටික අහුලගන ආපු පොර
" ගෙඩි හතක් තියනවා මැඩම් "
" ආ හතක් තියනවද දැන් තමුන් ඔය ගෙඩි හතම අර බැම්ම උඩින් ඉදගන කනවා "
🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑
ReplyDeleteHoda welaawata rajya depala awabawitha kala kiyala nadu dalaa ntte
ReplyDeleteමේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමක් හෝ යුක්තිය පසඳලීමක් වීමක් නොවේ.
ReplyDelete