2012-10-05

Which machine is good ? Singer Soje Hispeed sewing or Old juki Hispeed sewing machine



''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්''


මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා
මේ ගැන ටිකක් ලියන්ඩ ඒන කියලා හිතුනා
මගෙන් අහන ප්‍රශ්න සහ ගොඩක් වෙලාවට මම  දෙන  උත්තරය තමයි මම මේ අද ලියන්ඩ යන්නේ
හැල්ලක් වාගේ ලියාගන යනවට වඩා හොදයි කියලා හිතෙනවා කරුණු එකින් එක ලියුවානං
එතකොට කියවන අයට ලේසිවෙයි

දැන් ඔය තඩී මෝටරයක් තියන පත මැෂින් ඔක්කොම මෙෂින් ජුකි ඒවද

අධිවේගි මහන යන්ත්‍ර සියල්ලම ජුකි නොවේ. ජුකි යනු වෙළද නාමයක් පමණි
බ්‍රදර් . සන්ස්ටාර්.පැප්.ටොයොටා. වැනි වෙළද නාම ගණනාවකින්ම ජපානයේ නිෂ්පාදනය කරන ලද පරණ මෙෂින් දකින්න පුළුවන්

චයිනීස් එව්වායෙත් එක එක ජාත් තියනවද
නැතුව, අළුත් චයිනීස් මෙෂින්නං වෙළද නාම හැටහුටහමාරකින් දකින්නට පුළුවන්

මොකක්ද ඔව්වායේ තියන සාමාන්‍ය මෙෂින් වලට වඩා වෙනස
අතින් ඔයිල් දැමීමක් සිදු නොකරන මෙව්වායේ , තෙල් මහන යන්ත්‍රයේ අවශ්‍ය තැන් කරා ගෙනයාමට පොම්පයක් සවිකොට ඇත.වේගයෙන් මැසීම සිදුකල හැක.මහන තැනැත්තාට පහසුවෙන් හැසිරවිය හැක.  තම කාර්ය්‍යයන් පහසු කර ගැනීමට අවශ්‍ය අතර උපකරණ , උපාංග සිය ගනනක් ඇති අතර ඒවා පහසුවෙන් සවිකල හැක


ඉතින් ඔය එක එක ජාතිවල ජපන් මෙෂින්වල පාට්ස් එක සමානද
මේ මෙෂින්වල නිතරම අවශ්‍ය වන කොටස්   බොහෝ දුරට එක සමානයි, (උදාහරණ, ෂටල් බොබින් , කැරියර්, පීඩොක් , නිඩ්ල් ප්ලේට්,ස්ලයිඩ් ප්ලේට්, නිඩ්ල් බාර් වාගේ එව්වා)

ඒ කියන්නේ වෙනස්කම් තියනවා
අපිට මිලදි ගන්න ලැබෙන පාවිච්චිකල ජපන් මෙෂින්වල වර්ගය සහ මාදිලිය වෙනස්වන විට බොහෝ වෙනස්කම් දකින්න පුලුවන්

චීනයේ හදාපු එව්වාට අවුලක් නැ ඒ කියන්නේ 

පරණ ජපන් මෙෂින්වලට පාට්ස්  නිෂ්පාදනය කිරිම නවත්තලා හන්දයි ඔය අවුල .මැත කාලයේ ජපානයේ නිෂ්පාදනය කල වෙළද නාම ,මෙෂින් වර්ග , මාදිලි කොපි කරමින් චින නිෂ්පාදනයන් එළි දක්වා තියන නිසා එව්වාට පාට්ස් එයාලා නිෂ්පාදනය කරනවා. අනික නම වෙනස් උනාට බොහෝවිට ඒ ‍මෙෂින් එකින් එකකට සමානයි

ඒ කියන්නේ ජපානයේ නිෂ්පාදනය කරපු මෙෂින් වර්ග ඔක්කොම එයාලා කොපි කරනවා

බොහෝ විට චීන නිෂ්පාදනයන් කොපි කොට ඇත්තේ ජපන් ජුකි සහ , කොරියානු සන්ස්ටාර්      මහන යන්ත්‍රයන්ය,

දැන් ලංකාවේ අළුතින් නිෂ්පාදනය ජපන් මෙෂින් ගන්න තැනක් නැද්ද

මා දන්නා තරමින් දැනට . ජපානයේ නිෂ්පාදනය කරනු ලබන අළුත් මහන යන්ත්‍ර කිසිවක් ශ්‍රීලාංකීය වෙළදපොලේ දක්නට නොමැත, ජපන් යැයි කියන එව්වායේද ඇත්තේ චීනයේ නිෂ්පාදනය කල අමතර කොටස්ය (එහෙම ජපන් එකක් තියනවානං කමෙන්ට් එකක් දාන්න  මං කැමතියි දැනගන්න , ගන්න කියනවා හැමෝටම)




කොහොම උනත් ජපන් එව්වායේ කෑලි හොද හන්දා පාවිච්චි කරපු ජපන් එකක් හොදයිනේ

ඔබ පාවිච්චි කල ජපන් මහන යන්ත්‍රයක් මිලදි ගත්තද , අළුත් වැඩියාවේදි ඔබ යන්ත්‍රයට යොදන්නේ චීන අමතරකොටස්ය

ඒ උනාට බලලා හොද එකක් ගත්තහම ඉවරනේ කෑලි මාරු කරන්ඩ ඕන නැනේ

පාවිච්චි කල ජපන් මහන යන්ත්‍රයක් තුල සවිකර ඇති බොහෝ කොටස් කලින් පාවිච්චි කල අය විසින් මාරුකරන ලද චිනයේ නිෂ්පාදනය කල එව්වාය.

අපේ අල්ලපු ගෙදර අක්කා ගෙනාවනේ හොද ලස්සන ජපන් මෙෂින් එකක් 

දැනට වෙලද පොලේ තිබෙන පාවිච්චි කරන ලද ජපන් මහන මෙෂින් කිහිප දෙනෙකුගේ අතින් අතට ගිය වසර 20ක් 30ක් පරණ ඒවාය, එක්කෝ ඔය කියන මෙෂින් එක චයිනීස් එකක් ඒ අක්කව අන්දලා දීලා, නැත්තං පරණ එකක් පේන්ට් කරලා . 

ඉතින් අනේ ඔය ගාමන්ට් වලින් අයින් කරන ඒවා නැද්ද හොද එව්වා

කාලයකට ඉස්සර නං ඇගලුම් කම්හල්වලින් වසර දෙකතුනකට වරක් තමන් භාවිතාකල මෙෂින් ඉවත් කොට අළුතින් මෙෂින් ලබා ගත්තා, ඒ ස්වර්ණමය යුගය දැන් අවසානව ඇති නිසා , වෙළද පොලට පාවිච්චිකල හොද තත්වයේ ජපන් මෙෂින් එක්වෙන්නේ නැ

අනේ මටත් හොයලා දෙන්නකෝ එහෙම එකක්
දැන දැන් හොද තත්වයේ මෙෂින් එකක් දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකිනි (මාහට එවැනි මෙෂින් එකක් ලැබුනා මීට වසර 4කට පමන කලින් , මගේ මිතුරෙකුට එය රැගෙන දුන්නා, තවම එය ලෙඩ නොදි දිගටම ධාවනය වෙනවා) කලාතුරකින් වාසනාවකට එවැන්නක් ලැබුනද  , දැන්නං එහෙම එව්වා ඇත්තේම නැ වාගේ

ඉතින් ජපානයෙන් පාවිච්චි කරපුවා ගෙන්නන තැන්වල නැද්ද
ඉස්සර නං එහෙම එව්වත් තිබුනා, දැන්නං එයාලා ගේන්නෙත් , ඩොමැස්ටික් පෝටබල් මෙෂින් විතරයි

හොද ජපන් එකක් දැන් හොයාගන්නම බැරිද

තියන තරමක් තියෙන්නේ මහ සවුත්තු මෙෂින්

ඒ උනාට පරිස්සමට පාවිච්චි කරපු පරන එකක් හොයාගන්ඩ බැරි වෙන එකක් නැ

හොද තත්ව‍යේ මෙෂින් එකක් කවදාවත් කෙනෙක් නිකරුනේ විකුනන්නේ නැත. එක්කෝ ඒ මෙෂින් එක මහනවාට වඩා හදනවා වියයුතුය , (එහෙම එකක් මොකටද නේද) , 
නැත්තං ඒ මනුස්සයා බංකොලොත් විය යුතුය, (ඒකත් හරියන්නේ නැත ''අයියෝ අරූ මගේ හොද මෙෂිම අඩුවට කෙලගෙන ගියානේ '' කියලා උදේ හවා ඔබට හූල්ලනු ඇත)

අපිට අරගන හදාගන්ඩ පුළුවන්නේ

පරණ මෙෂිමක් මීළදි ගත් ඔබට මැෂිම හොද මට්ටමකට ගැනීම සදහා සැලකියයුතු මුදලක් වියදම් කිරීමට සිදුවිය හැක

''අනේ උඹ දන්න රෙද්ද අටමෝ අපේ මෙෂින් හදන අයියා කියුවනේ චයිනීස් එව්වා හරි නැ කියලා''

 ඔව් ඔව් පාවිච්චි කරපු ජපන් මෙෂින් හොදයි ටෙක්නීසියන්ලට, මාසෙකට දෙකකට සැරයක් ඇවිත් මොනවාහරි කරලා කියක් හරි අරගන ගියහැකි ,මෙෂින් නිතර නිතර ලෙඩ වෙනවිට කාර්මිකයන් වෙනුවෙන්ද සැලකියයුතු මුදලක් වැයකිරීට සිදුවේ


ඔච්චරම නරකයි කියන්නේ මොකද ඔය ඕන තරම් මහන්නේ මිනිස්සු පරණ මෙෂින් වලින්

පරණ මෙෂින් බොහෝ දුරට ගෙවී ගොස් ඇත , එව්වායේ උපාංග නියමාකාරයෙන් ක්‍රීයා නොකරයි ,භාවිතා කිරීමෙදි ඔබට කිසිදු සුව පහසුවක් නොමැත , වියයුත්තේ මැසිම  ඔබට සහයෝගය දීම ඌවද , ඔබට එම මෙෂිමේ කොටසක්වී වැඩ කිරිමට සිදුවිය හැක ,(වයසට නොගැලපෙන කසාදයක් වාගේ)


 මම ගියා කිහිප තැනකටම බලන්ඩ තියන එව්වායේ එහෙන් මෙහෙන් කෑළි එල්ලෙනවා දන්නවද හොද මෙෂින් තියන තැනක්

බොහෝ තැන්වල තියන මෙෂින් වල ප්‍රීය මනාප පෙනුමක් නොමැත. දුර්වර්ණව මළකඩකෑ මෙෂිමන් තමයි තියෙන්නේ , පිට ගැස්මට බෙහෙත් විදගන මහන්ඩ ඉදගන්ඩ ඕන

අර අතන ෂොෆ් එකේ තියනවා ලස්සන සුදුපාට ජපන් 8700 ජුකි කියලා ගහපු මැසිමක් 42000 කියනවා පාඩුද , අවුරුද්දලු මැහුවේ
සමහරක් ආයතන චීනයේ නිෂ්පාදනය කල මහන මෙෂින් අළුත් පිටම කුළියට ලබාදෙයි. කුණු ගෑවුන පසු ඔබට ජපන් එකක්ද චීන එකක්ද කියලා හොයන්න බැ, ටික දිනකින් කුලියට දුන්න තැනින් එය රැගෙනවිත් පාවිච්චිකල ජපන් මෙෂින් එකක යැයි පවසා අළුත් මෙෂින් එකටත් වඩා මිලකට විකුනනු ලබයි. (එවිට වැඩි මිලක් ගෙවා ඔබ මිළදී ගන්නේ චයිනීස් එකකි, 37000 මෙෂිමට 42ක් දීලා ගන්නවා) , 


අටං හොදයි කියුවට චයිනීස්නේ අප්පා

අද අප භාවිතා කරනු ලබන සියළුම භාණ්ඩ චීනයෙ නිෂ්පාදනය කල ඒවානං මහන මෙෂින් නරක මක්කැයි (කුණු ගොඩවල් අතරින් හරිදේ තෝරාගන්න පුළුවන් නං එච්චරයි)   (හු....හු....ඔය ලැප්ටොප් එකත් චයිනීස් නේද)


ඔය කොච්චර කියුවත් මට නං ජපන් එව්වා තරං හරි යන් නැ

ඔයා වාගේ පොරවල් ඉස්සර  සුද්දගේ වාහන තරම් ජප්පගේ වාහන  හොද නැ කියුවා, දැන් ජප්පා හොදයි , චීනා හොද නැ, තව ටික කාලයකින් තව මොකෙක් හරි ඇවිත් චීනත් හොද වෙයි ( ඕක ලෝකේ හැටි)


අනේ ඒ උනාට අපේ ඇදුම් මහන අංකල් කියනවා එයාට ජපන් එක තරම් හරි නැලු අළුතින් ගත්ත එක

මිනිස්සු කියනා තරම් චයිනීස් හයිස්පීඩ් මෙෂින්වල නරකක් නොමැත, දැන් දැන් ඇගලුම් කම්හල් වලද භාවිතා කරන්නේ චයිනීස් ඒවාය, 

මට සාරිබ්ලවුස් මහන අක්කා කියනවා අනේ සාරි බ්ලවුස් මහන්ඩ ජූකි මෙෂින් හරි යන්නේ නැලු

එහෙනං ඒ ගෑණිට පිස්සු , කොච්චර පහසුවට ,ලස්සනට මහන්ඩ පුළුවන්ද ජූකි වලින් , සමහරක් ඔහොම  හිතාගන හිටිය අයට බැනලා බැනලා අටමා බලෙන්ම වාගේ ජුකි අරගන්න හිත හැදුවා . දැන් එයාලා අටමට පීන් දෙනවා (අනේ මල්ලි ඉස්සර මට පැය දෙකක් ගිය වැඩේ පැය බාගෙන් ඉවර කරනවා , මේ බලන්ඩකෝ මැහුම්වල නීට් එක , ඔයාට පින්සිද්ද වෙනවා) (හැබැයි ඉතින් පීන් විතරයි ,  මැෂිම හදලා ගාන කියුවහම අඩනවා , අවුරුද්දකට සැරයක් මෙෂිම හදලා අටසිය පණහක් ඉල්ලපුවහම දෙන්නේ හාරසීයයි , එයා එක සාරී බ්ලවුස් එකක් මහලා එක්දාස් පන්සීයක් ගන්නවා)  (උන්දැ මේක කියෙව්වොත් ගොඩ)

දැන් එතකොට ඔව්වට කෑලි එහෙම තියනවද

චයිනීස් හයිස්පීඩ් මෙෂින්වලට අමතර උපාංග අමතර කොටස් ඕනැ තරම් වෙළද පොලේ බහුලව මිලදී ගැනිමට හැක.

මිල ගණන් එහෙම කො‍හොමද බාසුන්නැහැ 

චයිනීස් හයිස්පීඩ් පහසුය මිලට මිලදී ගතහැක, සමහරක් විට පරණ ජපන් මේෂින් වලටත් වඩා අඩුවෙන්


අපි මහන්නේ සපත්තුනේ , ලෙඩක් දුකක් නැතුව කොච්චර කාලයක් දුහන්ඩ පුළුවන් වෙයිද

වසර 5ක් පමණ කිසිදු අපහසුතාවයකින් තොරව භාවිතා කලහැක, ඉන් පසුවද අවශ්‍ය අළුත් වැඩියාවලින් පසු පෙර පරිදිම භාවිතාකල හැක

සාමාන්‍යයෙන් මොනවද එන ලෙඩ

බොහෝ විට සිදුවන්නේ නිඩ්ල් බාර් ටයිමින්ග්  සහ කැරියර් ටයිමින්ග් වෙනස්වීමයි.එය ඔබටද නිවැරදි කරගත හැකි පහසු කටයුත්තකි

දැන් ඔය උඹ කියන්නේ පරණ ජපන් එකකට වඩා හොදයි චයිනීස් අළුත් එකක්

ඇත්තටම හොදයි , පරණ මෙෂින් අරගන යන කෝච්චි වලට බෙල්ල තියනවට වඩා

චයිනීස් එව්වා හොදයි කියලා දැන් ඔයා කියනවානේ කාගෙන්ද අපි ගන්නේ

නොයෙක් නම්වලින් ලංකාවට ගෙනත් විකුනන අය ඉන්නවා . සමහරක් එව්වායේ ජුකි කියලා ගහලත් තියනවා , ඔය ගොඩක් තැන්වල ලංකාවට ගේන්නේ ''නෝ නේම්'' මෙෂින් ‍එයාලගේ ආයතනය තුලදි තමයි නම ගහන්නේ , ජූකි කියලා ගහලා තියන එව්වා ඇත්තම ජූකි කියලා හිතලානං ගන්න එපා , ඔරිජිනල් ජුකී එකක් ඔය ගානට ගන්න බැ , කාර්මිකයෙක් එකක් ගිහිල්ලා බලලා ගන්න පුලුවන් නං හොදයි. දන්න කෙනෙකුට හොද මෙෂින් එකක් අදුරාගන්න අමාරු නැ

ඒ කියුවෙ .......හොද මෙෂින් එකක් කියලා අදහස්කලේ මොකක්ද

මිනිස්සු බිස්නස් කරන්නේ ලාබ ලබන්න .අපේ රටේ මුදලාලිලාට හොද දෙයක් දෙන්න නං උවමනාවක් නැ එයාලට ලාබදේ එයාලා දෙනවා, අපි දැනගන්න ඕන හරිදේ තෝරලා බේරලා ගන්න . තියන තරගයත් එක්ක ඒක එක එව්වා ගෙනත් විකූණනවා . අන්තිමට බඩු බාල වෙන එක තමයි වෙන්නේ . හොදට දන්න කෙනෙක් එක්ක යන්න එතකොට ඔයාට හොද එකක් ගන්න පුළුවන්

ආ අපේ මෙෂින් හදන අයියා එක්ක ගියානං හරි

එහෙනං අයියා එක්ක යන්න කලින් ඔයා තනියම ගිහිල්ලා බලන්න , දෙන්න පුළුවන් අන්තිම ගාන දැන් ගන්නවා වාගේ කතා කරලා අහගන්න , හෙට එනවා කියලා ආපහු එන්න ,නැත්තං කඩකාරයා අයියට කට්ටයක් තියලා ඔයාට ගාන කියනවා. එතකොට අයියා ඔයාට ඇත්ත කියන් නැ

අම්මෝ බලාගන යන කොට ඔක්කොම එවුන් එකයි. ‍කොහොමද හොද ටෙක්නීෂියන් කෙනෙක් අදුරාගන්නේ

හරිම ලේසියි 
ඔහු අයකරන මුදල වැඩියි ,
ජිවිතේට ගණන් අඩු කරන්නැ, 
වැඩකට අල්ලාගන්න අමාරුයි,
බොහොම රළු විදිහට කතා කරනවා, 
චාටු බස්වලින් ඔබව අමතන්නේ නැ,
අහවල් තැන හොද මෙෂිමක් තියනවා අරගන දෙන්ඩද අහන් නැ
නිර්ධය විදිහට ඔබව විවේචනය කරනවා (ඔබේ වැරද්දක් දැක්ක තැන එය කියනවා) , 
ඔබේ මහන මෙෂින් එකේ තියන වරදක් පෙන්වා දෙන්න පැකිලෙන්නේ නැ,
ඔබට ඔහු දන්නා දේ කියලා දෙනවා , ඒ වාගේම ඔබ දන්නා දේ අහගන්නත් ලැජ්ජා වෙන්නේ නැ , 
තමන් නොදන්නා දේ මම දන්නැ කියන්න පැකිලෙන්නේ නැ, 
අවශ්‍ය විටක වෙනත් කාර්මිකයෙකුට ඔබව යොමු කරනවා.
කවදාවත් අටවනජෝජ් වැඩ කරන්නැ
මේ පාට්ස් ටික දාලා කරනවානං කරමු නැත්තං ඔයා වෙන කෙනෙකුට කියලා කරගන්න 
ඔන්න ඔහොමයි දක්ෂ අවංක බාස්ලා

දැනට තියන හොදම බෑන්ඩ් නේම් එක මොකක්ද

ආයේ විවාදයක් නැ දැනට තියන හොදම එක තමයි ( සිංගර් සෝජී ) ඒක ඇත්තටම හොදයි , අනිත් එව්වත් එක්ක ගත්තහම රත්තරං , වගකීමත් හොදයි , මෝටර් එහෙම අවුල් උනොත් මාරු කරලා දෙනවා ,  ZOJE කියන්නේ මම දන්න තරමින් චීනයෙත් පාවිච්චි කරන මෙෂින් වර්ගයක්

ආ එහෙනං මම යනවා සිංගර් මෙගා එකට ,  සිංගර් ප්ලස් එකෙත් ඇති නේද

නැ ඔයා යන්න ඔයාගේ නගරයේ ඉන්න වෙනත් සිංගර් නියෝජිතයෙක් වෙතට.
එයා ඔයාට දෙනවා එයාගේ ලාබයෙන් කොටස් වට්ටමක් විදිහට , 
සමහරක්විට රුපියල් දෙදාහක් විතර.
හිතවතෙක් නං එයාට ලැබුන මුදලට උනත් බැරි වෙන එකක් නැ.
අනික ගෙවන්න ගන්න එපා.අපරාදේ සල්ලි.වැඩිපුර ලොකු මුදලක් ඔයාට ගෙවන්න වෙනවා

ඉතින් අනේ කම්පණි එකේ ෂෝරුම් එකෙන් ගන්නවට වඩා පිට තැනකින් ගන්න එක හොද වෙන්නේ 
කොහොමද

මෙහෙමනේ නංගි
හිතන්න ඔයාගේ මැෂින් මෝටරය කැඩුනා ඔයා ගිහිල්ලා කියනවා ෂෝ රුම් මැනේජර්ට
''ආ මිස් වැඩකරන්නේ නැද්ද ගලවලා අරගන එන්න, අපි සර්විස් සෙන්ටර් ඇරලා බලමු''
''කොච්චර දවසක් යයිද''
''සතියක් දෙකක් විතර''
මාසෙකට හම්බෙන්නැ මෝටරය
ඔයා කියනවා වෙනත් වේළද නියෝජිතයෙකුට (හැබැයි මෙෂිම ගන්න ඕන එයාගෙන්)
''මුදලාලි අර මැසිමේ මෝටරය දුහන් නැ නේ''
''ආ එහෙමද නෝනා බලමු අපි මොකද කරන්නේ කියලා''
''රසික මෙන්න මේ නෝනලගේ මෝටරය වැඩ කරන්නේ නැලු පොඩ්ඩක් ගිහිල්ලා බලලා එන්න''
''ආ රසික කෝකටත් අළුත් එකක් අරගන යන්ඩ අරක හදන්ඩ බැරි උනොත් ආයේ එන්ඩ ඕන නැනේ''

ගොඩක් ෂෝ රුම්වල ටෙක්නීෂියන් කෙනෙක් නැ . මෙෂින් හයි කරන්නේ සෙල්ස් කරන මල්ලි කෙනෙක් , සවිකිරිමේ ගැටලු තියනවා. පුට් ලිප්ටර් එහෙම හයිකරනවා වැරදියි , පුට් එක උස්සන්ඩ බස් එකක පටවන්ඩ ඕන දනිස්ස , මෝටර් එජස් කිරිමක් කරන්නේ නැති හන්දා බඩ වැල වාගේ මැෂිම  ඇදගන යනවා අපිට ඕන තැන නවතින්නේ නැ, 
ඉතින් පාවිච්චි කරන කෙනා අපහසුතාවයට පත්වෙනවා

ඔය කියන විදිහට ගෙදර ගෙනල්ලා කාට හරි පෙන්නලා හදා ගන්න වෙයිද

ඔව් එහෙම කරනවානං හොදයි, එතකොට ඔයාගේ උසට , ඔයාගේ පහසුවට , ඔයාට ඕන විදිහට , මහන මැටීරියල් වලට 100% හරියට , ලෙසටම  සෙට් කරගන්න පුළුවන්

හයිස්ෆීඩ් මෙෂින් එකක් පාවිච්චි කරනකොට අපි මොනවද කරන්න ඕන, සර්විස් කරන්න ඕන කොච්චර කාලයකින්ද 

‍ඔයිල් බාත් එකේ ඔයිල් මට්ටම ලෝ කියන ලෙවල් එකට ( සලකුණක් යොදා ඇත) එනවිට ඉවත් කර අළුතින් ඔයිල් ලීටරයක් දාන්න, 
කිසිවිටක් තියන ඔයිල් වලට අඩු වෙන ඔයිල් දැමීමෙන් වලකින්න,ඔයිල් දාන දවසට මැසිමේ යට පැත්ත පින්සලකින් සුද්ද කරන්න,
තත්වයෙන් උසස් හොද ඉදිකටු යොදන්න,
ෂටල් සහ බොබින් හොද උසස් මට්ටමේ එව්වා පමණක් යොදන්න 
‍කාලයක් ගතවනවිට මෝටර් පැඩල් එක පහලටම පාගන්ඩ වෙනවා වාගේ දැනෙයි , එවිට කාර්මිකයෙකු‍ගේ සහය ලබාගන මෝටර් කොක්ෂීට් එක සහ මෝටර් බෙල්ට් එක මාරු කරන්න,

දැන් ඉතින් දන්නවා නේද ගන්න ඕන SINGER ZOJE මෙෂින් එකක්


මම කිසිම ආයතනයකට සම්බන්ද කාර්මිකයෙක් නොවෙමී, කිසිවෙකුට සමග සේවා ගිවිසුමකට නොබැදුන මට යම් පුද්ගලයෙක් ආයතනයක් පහත් කිරීමට හෝ උසස් කොට ලිවිමට අවශය තාවක් නොමැත, හිතට එකගව මගේ අත්දැකීම් සමග මට දැනෙන සිතුවිලි අකුරු කෙරුවා පමණි 
මට අවශ්‍ය ඔබට හොදමදේ ලබාදීමයි 

6 comments:

  1. හරිම ප්‍රයෝජනවත් බෝම ස්තුතියි

    ReplyDelete
  2. මමත් මෙව්වා විකුණන තැනක ඉන්න කෙනෙක් , මමත් සොජේ තමයි පුළුවන් තරම් දෙන්නේ, මැසීම් හයි කරලා ගෙදරට ගිහින් මහලා පෙන්නලාම දෙනවා, දැනට මැසින් 400කත වඩා විකුනලා තියෙනවා, කවද හරි මගේ ජීවන උපාය මේ මසින් 400ථ් එක්කම සෙට් වෙයි, මැසිමක් අරන් යන පාරක මගේ කලින් ගනුදෙනු කරුවෙක් හිටියොත් අනිවා ගිහින් ටිකක් බලලා එනවා මැසිම ගැන, අර තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය නම් දන ගත්තේ අද
    ගොඩක් ස්තුතිය්

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි අඹත් මෙසින් කාරයෙක්ද , මේල්ලුවක් දාහංකෝ atampahura@gmail.com

      Delete
  3. මෙසින් ම නෙමෙයි, ඉලෙක්ට්‍රොනික් ශෝව් රූම් එකක වැඩ කරනවා, පොඩි රේඩියෝ එකේ ඉදන් මහන මැසින් , තණකොළ පෙත්තෝ,ජෙනරේටර් , tv ,ඕඩියෝ, වගේම සැටලයිට් වගේ දේවල් හැම දෙකටම මම ඉන්න තැන ටෙකාට ඉන්නේ මම විතරයි, ඒ මදිවට රෙපෙයාර් සබ්ජෙට් එකත් ගෙනියන්නේ මම ,වොරන්ටි කාඩ් පරිස්සම් කරන්න ඕනෙත් මම, කස්ටමර් ටිකක් අමුතු වචනයක් දාල මොනවා හරි ඇහුවොත් එකට උත්තර දෙන්න ඕනෙත් මම , අවුරුදු 12ක් විතර මමත් මේ රස්සාවම තමයි, ඉදල හිටලා වැඩකට ගියාම කීයක් හරි ලැබෙනවා, ඒ කියන්නේ අවුරුද්දකට 5 සැරයක් විතර, නැත්නම් ගෙදරකින් තේ උගුරක් වත් නෑ, රට වටෙමත් යන්න වෙනවා, කාගෙන් හරි කීයක් හරි ලැබුනොත් ඩ්‍රයිවරය එක්ක දුමක් දැම්මාම එකත් ඉවරයි, ලබන මාසේ මේකෙන් අයින් වෙලා සෙල් පොන් වැඩේට අත ගහන්න ඉන්නේ, පොඩියට මසිමකුත් හදාගෙන වගේ , හැබයි මැසින් රස්සාව නම් උබට තරම් බෑ, ඔලොක් නම් කොහොමත් බෑ, නුල් ටික දාල මහල පෙන්නනවා මිසක්,
    සොජේ ටිකක් තියෙනවා වටේම මේ අවුරුද්ද ඉවර වෙනකොට වොරන්ටි ඉවර වෙන, එකත් මහා මෙරක් කරගෙන තමයි ඉතින් අයින් වෙන්න හිතන් ඉන්නේ, කලකිරීම තමයි ඉතින් හේතුව,කඩේ ඉන්න 20ක් විතර එන බිස්නස් එකක් කර ගෙන අතල් එකේ ඉන්නකොට මම ඩ්‍රයිවර කුත් එක්ක පුදුම කුණක් අදින්නේ, අන්තිමට මාසේ අන්තිම උන් කොමිසන් එකකුත් අරන්, අපේ අතේ තියෙන එකත් කෙලවෙලා, තේ ගොල්ලිප් ගහල, දැන් ඉන්න උන් තේ එකක් වත් දෙන්නැ අප්පා, ඒ ඔක්කොම කරලා මේකේ අයිති කාරයාගේ ඉදන් අතුගාන එකට වෙනකන් හොද නැත්තෙත් මම විතරයි,

    මම උබේ පොස්ට් කියවනවා අවුරුද්දක විතර ඉදන්, එත් කොමෙන්ටුවක් දැම්මේ ලගදි,

    ReplyDelete
  4. මචන් මාර වටිනවා මේ ලිපිය. මැෂින් ගැන තව ලියන්න. ගෙදර මායියට මහන්න උදව් කරන්න උඹේ ලිපි මට හරිම වැදගත්. ස්තූතියි!!!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>