එයාට ඉන්නේ කොල්ලොම දෙන්නෙක් , අම්මා මැරෙනකොට උන් දෙන්නා පොඩි කොල්ලෝ , දැන්නං ලොකු කොල්ලො , එකෙක් නං තාම ඉස්කෝලෙත් යනවා . නෑදෑයෝ නං උන් දෙන්නට එක එක එව්වා කියුවා උනත් මම නං හිතන් නැ උන් නරක එවුන් කියලා .හැබැයි දෙන්නගේ සමගියක් නැති එකනං මට දිරවන්නේ නැ , අම්මා නැති උනාට පස්සේ දෙන්නට ඕනවටත් වඩා නිදහස නං ලැබුනා ,
උන් දෙන්නම අටම්පහුර බලනවා . , තැන් කිහිපයක කමෙන්ට් කරලා තියනවත් මම දැක්කා , අක්කා උන්ව හදපු විදිහ හොදද නරකද කියලා මට තේරෙන් නැ, හැබැයි උන්දෙන්න නැවුම් විදිහට හිතන හැමෝ එක්කම කතා බහ කරලා ඉන්න, ඕනම දෙයක් ගැන නොසගවා කතා කරන මම කැමති විදිහේ පොරවල් වෙලා කියලනං මට හිතෙනවා ,
පොඩි අක්කගේ කොල්ලත් හොද එකා ,
ඌත් පුල් ඕපන් බුවා , මිනිහා දැම්මම ඉදන් සිරාවට හිතන්ඩ අරගන කියලා මට හිතෙනවා ,
ලගකදි දවසක් ඔය ලොකු එකා මට කෝල් එකක් දිලා කියනවා
'' ලොකුමාමේ මම දැන් ඉන්නේ රාගම ඔයා ඉන්නේ කොහෙද ''
''මම තවම වැඩ පුතේ තව ටිකකින් ගෙදර එනවා , ඔයා අපේ ගෙදර එනවද අද''
මම ගෙදරටත් ඇවිත් පැයකට විතර පස්සේ මූ කොල් කරනවා
'' මට බැ පුතේ , ඔයා එහෙනං වෙන දවසක එන්ඩකෝ , මම තියනවා ඇ''
මම තාම බීලා ඉන්න වෙලාවට අපේ මාමලට කිට්ටු වෙන්නෙවත් නැ.
ආයෙත් දවසක් මු ආපු වෙලාවේ ඉදන්ම කෝල් කරනවා එස් එම් එස් කරනවා ඉවරයක් නැ , ෆෝන් එකේ කී පෑඩ් එකේ එක අකුරක්වත් නැ , ඔබලම මැකිලා ,
'' ඇ බං කෝ ඔය කි පෑඩ් එකේ අකුරු ''
'' කොටලම මැකිලා ලොකු මාමේ''
'' කාටද බං ඔච්චර කොටන්නේ''
'' දන් නැද්ද ඉතින්''
මාත් එක්ක කතා කරකර ටිවී එකත් බල බලා ෆෝන්එක පැත්තවත් නොබලා මූ තවත් කොටනවා.
''ඔච්චර එකියෙකුටනං වෙන්ඩ බැ''
'' හික් ...හික්...''
'' ඇත්තටම දැන් තමුසේ කී දෙනෙක් එක්ක විතර යාළුද''
'' හය හත් දෙනෙක් විතර ''
'' දැන් ඔව්වවා කරන්නේ සිරාවටද''
'' හයක් හතක් සිරාවට කෙරිය හැකිද''
'' පව්නේ බං ''
''පව් කියලා මක් කොරන්ඩද ඉතින්''
'' ඉතින් බලහංකෝ උඹටත් අක්කලා නංගිලා ඉන්නවනේ , ඒ වාගෙනේ ඒ ළමයිනුත්''
මෙච්චර වෙලා ඌගේ ලගට වෙලා කැරකි කැරකි උන්න අපේ කෙල්ලව ඔඩොක්කුවට අරගන තියාගත්ත මූ
'' මේ ඉන්නේ මගේ නංගිලානේ උන් මගේ නංගිලා යැ''
මගේ කටට දැන් කුණුහරපත් එනවා
'' දැන් එතකොට එකක් වත් සිරා කරන් නැ''
'' එහෙමත් නැ එකක් ඉතින් ඔය ලාවට වගේ සිරා''
අපේ ගැණිත් දැන් මෙහෙමත් මාමලා බෑනලා කියන්නා වාගේ හැගීම කින් මුව සරසාගන බලාගන ඉන්නවා පිටි පස්සට වෙලා කොල්ලට නොපෙනෙන්ඩ
'' කොහේ එකක්ද''
'' ඔයා එයාව දන්නවා ''
'' කවුද''
'' අහවල් තැන අහවල් ගෙදර''
මාව පුටුවෙන් ඉබේම නැගිට්ටුනා
'' ඒකට මක් වෙනවද''
'' උඹේ කොන කපයි''
'' එව්වා කොහෙද එයා මුස්ලිම් අත අරින්ඩ කැමතියි''
''ඒකත් එහෙමද , ඒ උනාට පුතේ උඹලගේ අම්මා හිටියනං උඹට වහ දෙනවා අනිවා''
'' ඒකන එහෙම තමා''
'' ඔය මගුල හරියන් නැ පුතේ , ඔය හයෙන් වෙන එකක් සිරා කරහං . ඕක අත ඇරහං''
''එහෙම කරන්ඩත් බැ නේ ලොකු මාමේ හරි නැනේ , අට වසරෙ ඉදන් කොරපු එකනේ ''
'' එහෙනං උඹ ඕන මගුලක් කර ගනින්''
'' හිහ් ...හික් ..හික්ස්''
'' ඇ බං එතකොට උඹ දැන් ඔච්චර කෝල් ගන්ඩ , එස් එම් එස් කරන්ඩ , මාසෙකට කොච්චර විතර රීලෝඩ් කරනවද''
'' මම ඕන්නං බැරිම අවස්ථාවක රුපියල් පනහක් දායි නැත්තං මම මොකටද රීලෝඩ් කරන්නේ''
'' යකෝ පනහකින් ඔච්චර කෙලියක් කරන්නේ කොහොමද''
ප.ලි//
ලිංගික ජීවිතය ගැනත් අහන්ඩ හිතුනා උනත් මම පොරගේ මාමා හින්දා නිකා හිටියා
මරු පුතා . ඒකට අපෙ මස්සිනා, ඌ ඉන්නේ 10 වසරේ . තාමත් ඌව ඉස්කෝලෙ යවන්නෙ ඉස්කෝල වෑන් එකේ. නැංදම්මයි, අපේ උන්දැයි එකතුවෙලා ඌව කෙල්ලෙක්ටත් අන්ත තැනකට දාල.
ReplyDelete++++++++++++
ReplyDeleteමෙහෙමත් මාමලා බෑනලා :)
ReplyDelete