මේ මට ගිය සතියේ සිද්ධ උන සිද්ධියක් , මිට කලිනුත් කිහිපවිටක් මේවාගේ දේවල් වෙලා තියන හන්දා මේ ගැන ලියුවොත් හොදයි කියලා හිතුනා ,
මහන මෙෂින් ගැන ලියන එව්වා අටම්හරුප බලනවා වාගේ දාහක් හමාරක් නොබලන බව නං මම හොදට දන්නවා , සමහරක් රසිකයෝ
....... මගුලක් ලියනවා ඉදගන ආතල් කතාවක් ලියන්නේ නැතුව ''
කියලත් කියනවා කියලා මම දන්නවා
ඒ උනත් අටම්පහුර ලියන්ඩ පටන් ගන්න කොට මම මෙෂින් ගැන ලියනවා කියලා මගේ හිතේ තිබුනා , ඉස්ඉස්සෙල්ලා ආතල් කතන්දර ලිය ලියා ඉන්න කොට හිතපු නැති විදිහට මම ලියන එව්වා බලන්ඩ කට්ටිය ආපු හන්දා එව්වාම ලිය ලියා හිටියා ,
ඊට පස්සේ මහන මැෂින් ගැන ලියන්ඩ නේද මම මේක පටන් ගත්තේ කියලා මතක් උනා . පස්සේ මෙෂින් ගැනත් ලියන්ඩ පටන් ගත්තා,
මුලදිනං
'' අටමෝ මේක නං හොදයි මෙව්වා නැන්දම්මට ,මට . අම්මට , අපේ ආච්චිට වටිනවා, දැනුම බෙදාගන්න එක වටිනවා , අරකද මේකද ''
කියලා කමෙන්ට් වැටුනා
දැන්නං මෙව්වා බලන කට්ටි හරිම අඩුයි
ඒ උනාට අටමා මෙව්වා දිගටම ලියනවා , මොකද දන්නවද , මහන මෙෂින් ගැන ලියන වෙන කව්රුවත් සීංහල බ්ලොග් ලෝකයේ නැති හන්දා
මේ තියන අටංහරුප අස්සට හෑමෝටම එන්ඩ කියන්ඩ , එන්ඩ බැරි හන්දා තමා මම මහන මැසිම කියන බ්ලොග් එකට අටම්පහුරේ මෙෂින් ගැන ලියවෙන ලිපි එකතු කරන්නේ, එතකොට ඉතින් මට කෝල් කරලා නූල් දාගන්ඩ දන්නෑ ඇවිත් දාලා දෙන්ඩ කියන කට්ටියට එහෙම කියන්ඩ පුළුවන්නේ මෙන්න මෙතන තියනවා ගිහිල්ලා බලා ගන්ඩ කියලා,
මහන මෙෂින් ගැන මම දිගටම අතරින් පතර ලියනවා ඉඩක් ලද විටක , දැනට වැඩිදෙනෙක් නොබැලුවාට තව කාලයක් යනකොට ප්‍රයෝජනයක් තියන අය එකා දෙන්නා එකතුවෙයි කියලා හිතනවා,
කොහෙද මේ ලොකු සින්ඩි වලට රීංගවා ගන්න එකනේ අප්පා අමාරු
අයියෝ මල්ලේ පොල් උනානේ
හාහා බලමුකෝ ලිපිය ඔන්න දැම්මා'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
අපේ බොස් සෙනසුරාදා දවසක උදේ මට කියනවා
'' ලක්මාල් මෙන්න මේ මහත්තයට කැරියර් ටයිමින්ග් තියන හැටි පොඩ්ඩක් පෙන්නන්ඩකෝ , ගියර් වීල් එක ගිහිල්ලා ගියර් වීල් එකක් ගත්තා , එයාට දාගන්ඩ පුළුවන්ලු , අහවල් සංස්ථාවේ ඉංජිනේරු මහත්තයෙක් මේ ඉස්සර ඉදන් අපේ හිතවතෙක්''
''ආ ඇත්තද , එන්ඩකෝ''
බලුබෙට්ටක් දැක්කාවාගේ බැල්මක් මිනිහා දිහාට දාලා , මම කියුවා
( ඇයි යකෝ මෙච්චර වැඩ තියෙද්දි දාහංකෝ මූට දැන් පංති)
ටයිමින්ග් තියන විදිහත් කියලා දීලා
'' මහත්තයා ගියර් වීල් එක ගලවනකොට මෙන්න මෙහෙ.........................''
'' ආ හරි හරි මම දන්නවා මට පුළුවන්''
මිනිහා මම කියන්ඩ හදපු එක අහන්නේවත් නැතුව 'ලොකුඑක' දාලා ගියා
.............................................
ඉරිදා දවල් එනවා පොර මැසිමත් උස්සගන , නයා මැරිච්ච පනික්කියා වාගේ
'' වීල් එක නං දැම්මා තව මොකක් හරි අවුලක් තියන පාටයි . මේක මට බලලා දෙන්ඩ''
'' දැන්නං බැ ආපු වැඩ වාගයක් තියනවා , හෙට හවසට දෙන්නං''
'' පොඩි වැඩක් තියෙන්නේ දැන් කරන්ඩ''
''ලෙඩෙත් දන්න එකේ , වැඩෙත් පොඩි එකේ ඔයාටම කරගන්ඩ තිබ්බා අපරාදේනේ උස්සගන ආවේ''
එතකොට කතා නෑ , ඇටිකෙහෙල් කාපු රිලවා වාගේ
ගත්තා මැසිම මේසය උඩට , අප්පට සිරි මූ මැසිම කාලා
ගියර් වීල් එක දාන්ඩ නටලා තිබ්බ නැටුමක්
මෙෂින් එකේ හිලකුත් විදලා
එහෙම කරලත් දාගන්ඩ බැරිම තැන ඔක්කොම ටික ගලවලා ( මේන් ෂාෆ්ට් එක පවා )
විනාඩි පහකින් විතර කරන්ඩ තිබ්බ වැඩේට මිනිහා දවසක්ම ගත කරලා තිබ්බා , බෙවල් වීල් , පීඩීන්ග් බෙයාරින්ග් , පීඩ් රෙගියුලේටර් එහෙමත් ඩැමේජ් කරගන
''ඇයි මේ මැසිම හිල් කරේ ''
'' වීල් එකේ ඇණය ගලවන්ඩ ''
'' ඉතින් බොස් කල්පනා කරේ නැද්ද මෙෂින් එක හයි කරාපු එකා කොහොමද හයි කරේ කියලා ''
'' ප්ලැට් එක ඇතුලට දාලා රෙගියුලේටර් ලොක් එක තල්ලුකරලා . රෙගියුලේටර් එක දකුණට කරකවලා 'ටුක්' ගාලා පැන්නුවා , පීඩීන්ග් රෙගියුලේටරය එළියට''
මහත්තයා සද්ද නැතුව වාහනයේ යතුරෙන් ඇහිබැම කහනවා
'' මේන් ෂාෆ්ට් එක ගලවන්ඩ ඇයි බොස් තට්ටු කලේ , බලන්ඩ මෙව්වා ඔක්කොම , තැලිලා , හීරිලා ගිහිල්ලා අපරාදේ , කැලි ටිකටම තුන්දාහක් විතරයයි''
'' ආ එහෙනං මම ලබන සෙනසුරාදා එන්නං 'හොදට හදලා' තියන්ඩකෝ''
ඔය රෙගියුලේටරය ක්‍රම තුනකට හයිකරලා එනවා , මෙන්න ගුරුමුෂ්ටි නැතුව ක්‍රම තුනම
මෙන්න මෙව්වායේ තියෙන්නේ රිවස්නොබ් එක ඇණයෙන් ගලවලා , රෙගියුලේටරයේ ප්ලාස්ටික් මුහුණත ප්ලැට් එකක් දාලා ලිවර් කරන්ඩ , ඊට පස්සේ ඇණ තුන ගලවලා රෙගියුලේටරය එළියට ගන්ඩ
මෙන්න මේ අළුත් මෙෂින් වලනං ඇණ ගලවන්ඩ රෙගියු ලේටරයේ පොඩි සිදුරක් තියලා , ඒ සිදුර පොඩි බොත්තමක් වාගේ කප් එකකින් වහලා තියනවා , ඒ සිදුරෙන් ප්ලැට් එක දාලා ඇන තුන ගලවා ගන්ඩයි තියෙන්නේ
අර මහත්තයා අනාගත්තේ මේ ජාතියේ එකක්
මෙන්න මේ විදිහට ප්ලැට් එක දාලා
ඔය පේන්ඩ තියන ස්ප්‍රින් එකක් එක්ක තියන පින් එක
ඔය විදිහට එළියට තල්ලු කරන්ඩ
උඩින් දාපු ප්ලැට් ඉස්කුරුප්පු නියනෙන් ලොක් එක එළියට තල්ලු කරන ගමන් , අනිත් අතින් පීඩ්රෙගියුලේටරය දකුනට කරකවමින් එළියට අදින එකයි තියෙන්නේ
ඉතාම වටින ලිපියක්
ReplyDeleteඒත් මට මේකේ පින්තූර ටික පේන්නේ නැහැනේ..
වටින ලිපියක්.
ReplyDeleteඒත් පිංතූර ටික පේන්නේ නැහැනේ...
පොටාේ නැත
ReplyDeleteමේක මම කලින් පාවිච්චි කරපු ඊමෙල් එකකකින් දාපු පෝස්ට් එකක් ... ඒ ඊමේල් එකට මට ලොග්වේන්න බැරුව ගියා ...ඒ එක්කම බ්ලොග් පෝස්ට් බර ගානක් සහ ... සමහරක් එව්වායේ පින්තුර ගොඩක් ... නැතුව ගිහින් තියනවා ... මම ඉක්මනට මේ පින්තුර නැවත මෙෂින් වලින්ම ඇරගන දාන්නං ... මේකට දාපුවා හොයාගන්න බෑ .. අලුතින්ම ගන්න ඕන
ReplyDelete