2013-11-26

ආදරණිය මිනීමරුවා



'' ලොකු මහත්තයා ඇවිත් කොල ටික අත්සන් කරලා දෙනකං මෙතන ඉදගන හිටහං''

මකුනන් පිරුන බංකුවට අත දික්කරපු ඔවර්සියල් මහත්තයා ඔෆිස් එක ඇතුලට ගියා ,  තව ටිකකින් මම නිදහස් , තාම හත හමාරයිනේ වැඩිම උනොත් පැය බාගයයි , නැත්තං පැයයි , ලොක්කා ආව ගමන් ජම්පරය ගලවල  මගේ ඇදුම් ටිකත් ඇදගන යකඩ ගේටුව පැනලා ලී ගේට්ටුවෙන් මම එලියේ ,    ෂික් ‍මේ කාලකන්නියා තාම නැනේ , ඉවසපං පපුව කියුවට කොහොම ඉවසගන ඉන්ඩද ,    ..ඉවසීම අම්මගේ රෙද්ද , ඉවසුවොත් එලියට වෙලා බල්ලා වගේ හිටිය හැකි , ඉවසුවේ නැත්තං ඇතුලට වෙලා බල්ලා වගේ හිටිය හැකි , ඇතුලේ බල්ලා වෙන්නේ ගාට්ලා සියකට එකසිය පනහකට විතරයී , එහෙමද එලියේ බල්ලා උනහම , ගමට රටට ලෝකෙට ඔක්කොටම බල්ලා , ලගින්ඩ අගුපිලක් නැ , ... අනික තමන්ගේ බැල්ලි වෙන බල්ලෙක්ට අල්ලපුවහම , බල්ලොත් එන්නේ මට අරින්ඩ .

ඉස්කෝලේ යන කාලේ ඉදන් ලව් කරපු බැල්ලි , මම ඔලෙවල් කරලා එලියට බැස්සට පස්සේ 'ඒකි' වෙන ඉස්කෝලෙකින් ඒ ලෙවල් වලට ආපු එකෙකුට කොක්ක ගැහුවා , අනේ මං 'ඒකිට' ආදරේ කරපු තරමක් , හවසට වාට්ටු වැහුවට පස්සේ කරුවලේ පැය ගානක් ලෝකේ වටේ කරක් ගැහුවෙත් 'අරකි' ඒක්ක නෙමෙයි 'ඒකිත්' එක්ක , මාව පාරවල් ගානේ කොච්චර පාච්චල් කරාද 'ඒකී' , රැලේ වැටෙන කාලෙට බල්ලෙක් හොරි කහ කහ බඩගින්නේ අනිත් බල්ලෝ අත පය බරු ගහද්දි කලින් වාරේ පිටට නැග්ග බැල්ලි පස්සේ යනවා වාගේ කොච්චර මං චාටර් උනාද. අන්තිමට 'ඒකි' ගැන තොරතුරක් වත් දැනගන්ඩ බැරි වෙනකොට ම‍ට 'ඒකී' ගැන තොරතුරු හොය හොයා මාව හොයාගන කියුවේ 'අරකී'' , 

මට හිර බත් කන්ඩ පාර කැපෙන්ඩ මූලික අඩිතාලම වැටිච්ච දවස උදා උන දවස මට අදවාගේ මතකයි. ඒ මම ඉස්ඉස්සෙල්ලම තොරණක චිත්‍ර ඇදලා විදුලි රටා මවපු දවස . අවුරුදු තිහක් වෙන ලයිට් බාස්ලා . චිත්‍ර බාස්ලා කරපු තොරණ මම ගමේ කොල්ලොත් එක්ක කරන්නං කියලා ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා ගත්ත වෙසක් මාසේ . වයස හතේ අටේ ඉදන් , තොරණ ගහන තැනයි , වඩු මඩුවෙයි , කම්මලෙයි , කොටින්ම දෑතේ වැඩක් ‍කරන අපේ ගමේ හැම තැනකම තැක් ගැහිලා , අත් උදව් දීලා අල ගිය තැන් මුලගිය තැන් අල්ලාගන ඉන්නවා කියලා අපේ ලොකු හාමුදුරුවන්ට තිබ්බ විස්වාසේ හන්දා මට මගෙ ලොකුම හීනය එලි වෙච්ච දවසේ
.

'අරකි' ඇවිත් හිටියා තොරන ලගට නංගිත් එක්ක . පොඩි එකිට රුපියල් දෙකක් දීලා කඩල කරත්තයට පිටත් කරපු 'අරකි' .

'' අයියේ ඔයා 'ඒකි' ගැන හිතන්න එපා , මම ඉන්නවා හැමදාටම ඔයාට , මම ඔයාට ආදරෙයි කියලා කියුවා ''
'' මට ඔයා ගැන එහෙම හිතන්න බැ ''

'' නිකං පිස්සෙක් වෙලා ඔයාගේ වටින ජීවිතය විනාස කරගන්න එපා අයියේ , 'ඒකිට' නොවටිනවා උනාට මට ඔයාව රටක් වටිනවා , මම හිතින් ඔයාට ආදරේ කරේ 'ඒකිටත්' කලින් , මම මැරෙන තුරාවට ඔයාව බලාගන්නං , අපි අද හාල් ඒදලයි තියෙන්නේ මම හෙට උදේට එනවා ඔයාට සුදු  ආප්ප අරගන එතකොට මට උත්තරයක් දෙන්න ''

එදා රැ එලි වෙනකං මම කල්පනා කලේ 'අරකි' ගැන , 'ඒකිට' රිද්දන්ඩ තියන හොදම ක්‍රමය තමා 'අරකිව' කසාද බදින එක .පහුවදා උදේ 'අරකි' සුදු ආප්ප වට්ටියක් උස්සාගන ඇවිත් මට දික්කරා ''

'' මම ඔයාට කැමතියි''

ඒ වචන තුනෙන් පටන් ගත්ත අපේ කතාව අහල ගං හතම දැනගන්ඩ වැඩි කාලයක් ගියේ නැ , ඔහෙම ටික කාලක් යනකොට ගමේ උඩහින් තිබ්බ ඇල්ලේ වේල්ල බදින්ඩ පිටින් කට්ටියක් ඇවිත් වාඩියක් ගැහුවා . ඒ වෙනකොට මගුලක් නොගත්තට මම 'අරකිගේ' ගෙදර බින්නබැස්ස ගානයි , ඒ ගෙදරට වියදම හිටං දුන්නේ මං , කාලයත් එක්ක පස්සේ පස්සේ මට කනින් කොනින් ඇහෙන්ඩ ගත්තා , වේල්ල බදින්ඩ ආපු එකෙක් එක්ක 'අරකි' පයුරුපාසානමක් පවත්තනවා කියලෘ , 'අරකිගෙන්' අහපුවහම කියුවේ 

'' මුන්ගේ කටවල් වල මහ ගෙඩි දාන්ඩ එපැය දෙයියනේ , ඒ අයියා යසෝ අක්කලගේ ගෙදරට බත් අරගන යන්ඩ ආපුවහම වචනයක් දෙකක් කතා කරා ඇරෙන්ඩ එහෙම එකක් නැ , ඔයා මාව 'ඒකිගේ' මිම්මෙන් මනින්ඩ එපා''

එතන කරබාගන නිකා හිටියට මොකද මටත් ඒවෙනකොට 'අරකිගේ' වෙනසක් තේරිලයි තිබ්බේ , දවසක් කඩේ ඉස්සරහ දාං ඇද ඇදා ඉන්න කොට මාව පැත්තකට එක්ක ගිය සරත් මලයා.

'' අයියා උඹ අපි කියන එව්වා විස්වාස කොරන්නේ නැනේ , අන්න උඩහ ඇලේ අලි වල ගාව වේවැල් කන්දට ගියානං උඹට අතටම අල්ල ගත්ත හැකි ''

මොකුත් නොකියා ගෙදර දිහාට බයිසිකලය පැද්ද මං , ඉස්තෝප්පු වහලේ පොල් අත්ත අස්සේ හංගල තිබ්බ උල් පිහියත් ඉනේ ගහගන වේවැල් කන්ද පැත්තට පැදලා , කන්ද පාමුල බෝක්කුවට බයිසිකලය හේත්තු කරලා කන්ද නැගලා මහ අලි වල පැත්තට ගියා , ගහක් ගලක් පීර පීරා ටික  දුරක් ඉස්සරහට ගිය මම දැක්කා ගල් දෙබොක්කාවක් අස්සේ වාඩිකාරයා ගල් ඇන්දට පිට දීලා හිටගන 'අරකිගේ' ඔලුව අත් දෙකෙන් අල්ල ගෙන , 'අරකි' වාඩි කාරයා ඉස්සරහ දණ ගහගන ,  උඩ ගලේ ඉදන් දෙබොක්කාව අස්සට උල් පිහියත් උලුක් කරන් පැන්න මම 

'' මම අද තොව කනවා බොල ''

කියාගන ලගට යනකොටම එක අතකින් අරක කලිසම ඇතුලට ඔබන ගමන් අනිත් අතින් කලිසම අල්ලගනම වාඩි කාරයා මට පයින් පාරක් දමලා ඇනලා ගල් ඇන්ද උඩට පැනලා නොපෙනි ගියා , 

මුලු ඇගේම තියන හත්තිය ඇරගන මම 'අරකිට' ඇන ගන ඇනගන ගියා , උසාවියේදි පැමිනිල්ල ඉදිරිපත් කොරන කොට තමා මම දන්නේ මම 'අරකිට' තිස් හත් පොලකට ඇණලා , 

එදා එතනින් කන්ද බැහැලා බයිසිකල් කටුව පැදගන පොලිසියට ගිය පාර . ඇප දෙන්ඩ කෙනෙක් නැතුව අවුරුදු හතරක් රිමාන්ඩ් ඉදලා ඊලගට අවුරුදු දහයක් අච්චුවත් ඇදලා , අවුරුදු තිස් හයක මිනිහෙක් විදිහට  මේ අද නිදහස් වෙලා යන්ඩ  ඉන්නේ .

'' වරෙන් කොල්ලෝ සර් කතා කරනවා ''

බංකුත් පෙරලෙන සයිස්  එකෙන් නැගිටලා ඇතුලට ගියහම තමා අපෝ වෙන්නේ .....ලොක්කගේ දේශනේ..........ආයේ වැරදි කරන්ඩ එපා , ............මෙහෙට එන්ඩ හිතන්ඩ එපා , ......මේ පැත්ත බලාගන බත් කන්ඩ එපා .....එක එක වැඩකට නැති කතා වලින් පස්සේ , 

'' මම ගිහින් එන්නං සර් ''

'' ඔය ඉතින් ආයේ එන්ඩ එපා හුත්තො ''

කාමරෙන් එලියට එන්ඩ මම ඉස්සර උනා , ඔවර්සියර් මහත්තයා කොල ටිකත් උස්සං මගේ පස්සෙන් , යකඩ ගේට්ටුව ලගදි දුන්න පොඩිවෙච්ච , කමිසයයි කලිසමයි ඇදගත්ත මං . බස් එකට කෝච්චියට දුන්න කොළ කැල්ලත් අරන් ගේට්ටුවෙ උන්න මහත්තයා ඇරලා දුන්න ලී ගේට්ටුවෙන්  මම නිදහස් ලෝකයට කකුල තිබ්බා . 

ආආආආ........නිදහස් හුලග . නිදහස් ඉර එලිය . මම දැන් නිදහස් මිනිහෙක්

ඒක අතකට අපරාදේ පිහිය අරගන පොලිසියට නොයා මට 'ඒකිවත්' හොයාගන ගිහින් හත් අට පොලකට බස්සන්ඩයි තිබ්බේ . එහෙනං මම හතලිස් හයෙන් එලියේ



2 comments:

  1. //ඒක අතකට අපරාදේ පිහිය අරගන පොලිසියට නොයා මට 'ඒකිවත්' හොයාගන ගිහින් හත් අට පොලකට බස්සන්ඩයි තිබ්බේ . එහෙනං මම හතලිස් හයෙන් එලියේ//
    මුළු කතාවටම වඩා මගෙ හිතට වැදුනෙ අන්තිම වාඛ්‍ය. ශාරීරික දඬුවම් දුන්නට ආකල්ප හැදුවෙ නැත්තම් අපරාදෙ කාලයත් මුදලත් නාස්තියක් පමණයි වෙන්නෙ.

    ReplyDelete
  2. වරදට දඩුවම මරණය නෙවෙයි බං ..... කතාව මරු... මේ කාලේ තාරුණ්‍යයේ ගීතය ඕකද ...?

    රුචිරාණෙනි මා මරන්න ....

    මරලම බලන්න ඔන.... දිව්‍ය ලෝකේ යන විදිය ...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • 100 randam posts widget with  image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය
    ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන්…
  • බෝතාල් පත්තරේ
  • ඇයි යකෝ ඔය
                                             …
  • දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ
    .....මේක වෙන්ඩැති කාමරේ .... ..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ...... ...හරි ..හරි මේක ...තමා…
  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
  • අම්මගේ  පිංකං
    අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ…
  • ‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘  Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට  rashain mobile kiribathgoda
    ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු…
  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • මට හෙන බුදි මතයි
    තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර බයිසිකලේ…
  • මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද
    ‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘ ‘‘ඔව් ඇයි ..මොකද ‘‘ ‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු…
  • Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association
     , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව. මං කැරම්  බෝඩ් …
  • ජාබා නොහොත් මගේ  චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය
    මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක්  , පිස්සු යකෙක්  , ගෝත කරුමයක් ... කොටින්ම  වැක්සීන් දුන්නහම  අඩුම…
  • අක්ක ඇන්ටිලා
    දැන් කාලේ සමහරක් ගෙවල්වල රස්සාවක් නොකරන නෝනලාට වෑන්වල පටවලා දරුමල්ලෝ ඉස්කෝලේ දැක්කුවට පස්සේ , ගෙදර තියන ආටෝරාසියක් වැඩ කන්දරාව අහවර කරහම…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්නැ
    අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක්        නැ ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක්                …
  • අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං
    කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං නේක නේක රටා මවන් පාපිස්සක හැඩය        …
  •  වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug
    මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක්…
1,645,786

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>