2014-01-15

ළමයත් ඉස්කෝලේ ඇරිලා එනවා ඇති



'' ගෙදර කව්දෝ ...ගෙදර කව්දෝ .....සරාත් ...සරාත් ...කව්රුවත් නැද්දෝ.''

''සරත් ගෙදර නැනේ ධනපාල මල්ලි''

අනාරාධනයෙන්ම ගේ තුලට පිවිසෙන ධනපාල

''ඇයිදැන් මිනිහ ගෙදර එන්නේ නැද්ද''

''ගෙදර නැවිත් කොහේ යන්ඩද මල්ලි , පානදුරෙ නැවතිලා වැඩ''

''හැමදාම ආවොත් වැඩ ඒ උනාට මගේ සල්ලි ටික දෙන්නැ''

''නොදි ඉන්නැ මල්ලි මේ දවස්වල අපිට හරියට කරදර''

''ඔයාල හන්දා මාත් හරි කරදරේකට පැටලිලා  ඉන්නේ . මොකද මං දන්සැල් දෙනවැ මේක මගේ රස්සාවනේ''

''අනේ මල්ලි අපි එහෙම හොරු නෙමෙයි ඉක්මනටම සල්ලි ටික දෙන්නං ''

''හොද ටික..... අදනං මට පොලියවත් ඕන''

''මාලග සල්ලි නැ මල්ලි''

''ඔය මාලේ කොච්චර වටිනවද ''

'' මේක රත්තරන් නෙමෙයි ඉමිටේෂන් එකක් කරපාලුවට දාගත්තේ''

''....ම් දැක්කහමනං පාලු පාටක් නැ , ඔය ඉන්නේ ලස්සනට , කෝ බලන්ඩ ඇත්තමට ඉමිටේෂන්ද කියලා , මාත් හොදට රත්තරන් අදුරනවා''

''අනේ මල්ලියේ ඇගට අත තියන්ඩ එපා. දැන් ළමයත් ඉස්කෝලේ ඇරිලා එනවා ඇති''

''මං හැදුවේ  තබක්කද කියලා බලන්ඩනේ  . එහෙනං පස්සේ වෙලාවක එන්ඩද මාලේ රත්තරන්ද බලන්ඩ''

''අනේ මල්ලියේ වැදලා කියන්නං ....මම කොහොමහරි සල්ලි ටික හොයලා දෙන්නං , මට කරදර කරන්නැතුව එලියට යන්ඩ . මම ඔයා හිතන ජාතියේ ගැනියෙක් නෙමෙයි''

''ඕන්න ඉතින් අපි අනුකම්පා කරහම ඔයාල රෝං ටෝක් දෙනවා , මේ ඉවසුවා හොදටම ඇති මට අද කොහොම හරි සල්ලි ඕන''

''අනේ මට සමා වෙලා එලියට යන්ඩ මහත්තයෝ , මෙන්න වැන්දා'

''...හා...හා මට කාගෙන්වත් වැදුම් පිදුම් ඕන නැ . කොහෙද ඉතින් අපෙන් උදව්වක් ගන්ඩවත් කැමති නැනේ .......ම්........මේ   '' ටී වී '' එක වැඩකරනවද ''

'' අනේ ඒකනං ගෙනියන්ඩ දෙන්ඩ බෑ''

''සල්ලි ටික ගෙනත් දිලා අරගන යන එකයි ඇත්තේ .....මේක මේ ඇරගන ගියාට වටින්නෙත් නැ . කබලක් ...රූප පේනවද මේකේ''

''අනේ අර පොඩි එකා මැරෙයි , ඕක ගෙනියන්ඩ එපා මහත්තයෝ''

''තමුන්ගේ මිනිහට කියනවා සල්ලිටික දිලා අරගන යන්ඩ කියලා, හරි නං මේකත් මදි මගේ සල්ලි හිලව්වට , කොහෙද වෙන වටින කියන දෙයක් තියනවැ මේ ගෙදර තමුං ඇරුනහම , ටි වි එක අරගන යන්ඩ පුළුවන් පොලියයි මුදලයි දෙකම ගෙනත් දුන්නහම , මේ මාසේ පොලියත් එක්ක දොලොස් දාහත් පැනලා''

''එහෙනං වටේ පිටේ මිනිස්සුන්ට නොපෙනෙන්ඩ ත්‍රී වීල් එකට දාගන්ඩ ''

'' සල්ලි ගන්න කොට නං ඔය ලැජ්ජාව නැ නේද''

සරත්ගේ නිවසින් පාරට පිවිස ඇන්ජිමට මහත් හඩින් සැරකවා රථයෙන් එලියට ඔලුව දැමු ධනපාල ගමටම ඇහෙන හඩින්

''එහෙනං සල්ලි අරගන ඇවිත් ටීවි එක අරගන යන්ඩ කියලා සරත්ට කියන්න.''

රටක් දීනු තරම් තරම් සතුටින් වැලිපාර දිගේ රථය පදවන දනපාල

........මට දොර වහලා යහතින් ඉන්ඩ හිතුවා මදි . තොටත් වෙන්නේ අනිත් උන්ට වෙච්ච හරියම තමා.....

යැයි තමන්ටම මග දිගට මුමුණාගනිමින් තම ගෙවත්තට ඇතුලුව නිවස ඉදිරිපිට තුන්සකරිය නවත්වා


''ඔය ඉස්සරහා බඩු දාන කාමරයේ දොර අරිනවා මේ ටී වී එක දාන්ඩ''

''කාගෙද '' ධනේ '' ඔය කබල , වැඩකට නැති කුණුගොඩවල් උස්සගන ඇවිත් ගේ පුරවනවා''

''අර සරත්කාරයගේ , බලන්ඩ එපැ  ඒ  -සිගේ කටේ උජාරුව , හරියට මං උන්ගෙන් සල්ලි අරගන වාගේ . උස්සගන ආවා මම මේක''

''අනේ නිකං ඉන්නව මම නොදන්න වැ තමුසෙගේ තරම , ඒ ගෑණිටත් මනමාලකං කරන්ඩ ගිහිල්ලා රෙද්ද ගලවගෙන , උස්සගෙන එන්ඩ ඇති මේ කුණුගොඩ''

''තොගේ අ--ට  --ව ගන්නැතුව පල --ති කුස්සියට , තෝ ඔය බඩ පැලෙන්නේ මෙව්වා උස්සගන ඇවිත් හම්බ කරන එව්වායෙන් තමා , දරුවෙක් වදන්ඩ බැරි වද හු-- එනවා මෙතන මාව හදන්ඩ''

කුස්සියට පසුබා යන බිරිද දෙස බලා දත්මිටි කමින් කාමරයේ යතුර කරකවන ධනපාල ඉන් ඉක්බිතිව ඉස්තෝප්පුවේ පඩිය උඩ හිදගනිමින් පාසල් අවසන්ව නිවස ඉදිරිපිට පාරේ යන දරුවන් දෙස බලා හිදී

''ඒයි කොල්ලා එනවා පොඩ්ඩක් මෙහෙට්ට''

පාරේ යන කාටදෝ  ධනපාල කතාකරන හඩ ඇසුන කුස්සියේ සිටි බිරිද ඉස්සරහට පැමීන උළුඅස්සට හේත්තු ඌවාය.

''තමුසෙගේ තාත්තා සරත් නේද''

''ඔව් මාමේ''

''කෝ තාත්තා දැන් ගෙදර එන්නේ නැද්ද''

''එනවා මාමා''

''ඒ යකා දැන් යන්නේ එන්නේ උඩින්ද මේ ගේ ඉස්සරහින් නොයා''

''හැමදාම එන්නැ මාමේ එන දවසටත් ගොඩක් රැ වෙනවා''

''උඹගෙත් හරි කට නේද , කීයෙද ඉන්නේ ඉස්කෝලේ''

''හතර වසරේ''

''ආ මම හිතුවා ඇටයාවාගේ ඉන්නකොට හෝඩියේ කියලා''

.......එහෙනං මගේ වැඩේට තවත් ලේසියි......  තමන්ටම මුමුණාගත් ධනපාල

''එහෙනං ගන්නවකෝ ඔය බෑග් එකෙන් පොතකුයි පෑනකුයි එලියට''

වෙන්නට යන්නේ කුමක්දැයි සිතා ගැනිමට නොහැකිව අසරණ ඌ කොලුවා බෑගය ඇර පොතක් සහ විල්ලක් නොමැති පෑනක් ධනපාල වෙත පැවාය., පොත පමනක් අතටගත් ධනපාල

'' ම් ම්  ... අකුරු ලියන්ඩ පුළුවන් නේද''

කියු ධනපාල පොත වසා නැවතත් කොලුවාට දික්කර

''කඩනවකෝ ඕකෙන් කොලයක්''

''පොතෙන් කොළ කඩන්ඩ නං බෑ මාමේ''

''  ආ .....ඒකත් එහෙමද . ඉන්නවකෝ එහෙනං''

කියමින් ගේ පැත්තට හැරුන ධනපාල තමන් දෙස බලා සිටින බිරිදව දුටුවේය

''අරන් එනවා අර පුරුස්කැප් කොලයක්''

හනිකට  ගෙට දිව ගොස් බිරිද ගෙනවිත් දුන් කොළය කොලුවාට දික්කල ධනපාල

''මෙතනින් ඉදගන මම මේ කියන ලියුම ලියලා දෙනවා''

කටපුරා සිනාසුන කොලුවා

''හා මාමේ''

''ලියනවකෝ එහෙනං ඉස්සෙල්ලම ......පොලු තියන සරත් වෙත කියලා.....''

තම පියාගේ නම ඇසිමෙන් අන්ද මන්ද ඌවද වෙනසක් නොපෙන්නු කොලුවා

'' මාමේ දකුණු පැත්තේ උඩින් දිනේ දාන්න එපාද''

'' ආ එහෙමත් ඕනද ...දානවකො ..දානවකෝ එහෙනං''

''නම ඉස්සරහට හිතවත් කියලා දාන්ඩද මාමේ''

'' කණපලා ගන්නැතුව මම කියන එක ලියාපිය''

'' හා ....හා''

''නැති බැරි වෙලාවේ සල්ලි ඉල්ලගෙන ආපු උඹට මම ඇපයක්වත් නැතුව සල්ලි දුන්නා . එහෙම උදව් කරපු මට කොකා පෙන්නන්ඩ හදන තෝ මහ සක්කිලි බල්ලෙක්''

ඉස්තෝප්පු පඩිය මත හිදගෙන ධනපාල කියන වාක්‍යයේ අකුරින් අකුර ලියමින් සිටි කොලුවා නැවත වරක් හිස ඔසවා ධනපාල දෙස බැලුවාය

'' මම දැන් තොට එකපාරක් කියුවා නේද ''

හනිකට ඒ වැකිය ලියන ලියන කොලුවා තම හිසින් ඉගිකොට බිරිදට පෙන්නු ධනපාල මහත් උජාරුවෙන් බිරිද සමග සිනාසෙමින් ඊලග වැකිය කොලුවා වෙතට ගෙන හැර පැවේය .

'' මම අද ඇරගන ආවේ ටීවී එක විතරයි, ඉක්මනට ඇවිත් මගේ සල්ලි ටික ඔක්කොම දිලා ටිවි එක ඇරගන පල, නැත්තං තව සතියකින් ලැන්ඩ්මාස්ටරය අරගන ඇවිත් තොගේ ගුබ්බෑයමේ තියන ලට්ට ලොට්ට ඔක්කොම පටවාගන යනවා ..........................මීට ..පොලී ධනපාල ''

ධනපාල කියූ සියල්ල කදුළු කඩා හැලෙන දෑසින් යුතුව , ඒ ලෙසින්ම ලියූ කොලුවා අවසානයට කීයු නම නොලියා නැවතත් ධණපාල දෙස අසරණ බැල්මක් හෙලුවාය.

'' ලියාපිය ඉතින් ලියාපිය ''

ගුටි කන්නට වේදෝ යැයි සැකයෙන් කඩි මුඩියේ ලිපිය ලියා අවසන් කල කොලුවා දෙස බැලූ ධනපාල

''දැන් ඕක නමලා සාක්කුවේ දාගන ගිහින් තොපේ මහ එකා ආපුවහම දිපිය''

හනිකට ලිපිය නමා කමිස සාක්කුවට දමාගත් කොලුවා  , පොත සහ පෑන බෑගයට ඔබමින් පාර දෙසට දිව ගියේය .

''මොකද්ද මිනිහෝ ඒ කරපු දහපත්දුරා වැඩේ , මගේ බඩට ළමයෙක් නොයෙන්නේ ඔය කරන තිරිසං වැඩ හන්දා''

7 comments:

  1. යකෝ මේඑක් එක කමෙන්ට් එකක් නැත්තෙ මොකද?????

    ඇනෝ කිව්ව පාරෙ ඇවිත් දැක්කෙ. උඹ නියමෙට න්ලේ අල්ලන්න අරන් තීන්නෙ සුට්ටක්වත් නොරිදෙන්න.

    ReplyDelete
  2. සංවේදී කතාවක් අටං අයියේ

    ReplyDelete
  3. hoda adena katawak

    ReplyDelete
  4. පොලී කාරයො වෙඩි පාරවල්,පොලු පාරවල් කන්නෙ නිකං යැ..
    ගලපලා තියෙනවා තිතටම
    ජයවේවා..!!

    ReplyDelete
  5. 💰💴💵💷💶💸💳🧐🏧💹💹💹💱💲

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Points to consider when using Face mask and Public Water taps
  • How to put a Singer 974 shuttle
  • how and when to change machine oil for a high speed sewing machine?
    ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය How to replace oil of High Speed Sewing Machines '' ජුකි මැසිමට දාන තෙල් තියනවද…
  • අටම්පහුරා කක්කා හෝදන හැටි
    ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය .......................... අකමැති කට්ටියත්…
  • අම්මගේ  පිංකං
    අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ…
  • කොමාගේ පළමු අහවල් මෙව්වා එක
    කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,ඒ…
  •  පුස්පකුමාර , බිස්කට් , කිරිබනිස් , ඉස්කෝල රෙදි , casio වොච් , සීංහල භාෂා දින තරග
    ඔන්න ඉතින් ඒ කාලේ ඒ කියන්නේ පුස්පකුමාර ජනාදිපති තුමාගේ කාලේ , ජනසවිය දෙනවා , ගෙවල් දෙනවා , උදේ පාන්දර මල ගෙවල් වලට යනවා , ඉස්කෝලවල කිරිබනිස් දෙනවා ,…
  • මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං
    ‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘ ‘‘ නැ .....එපා ‘‘ ‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘ ‘‘…
  • බඩු නැ සර්
    අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද…
  • How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්
                                           …
  • අනේ යං මෙයා යන්ඩ
    මෙව්වා රියල් සිද්ධි හරිද , අටංතුමා හදලා ලියනවා නෙමෙයි,  අපිට වෙන හැම සීන් එකකම හිනායන කෑල්ලක් තියනවා , කාට උනත් ඒ කෑල්ල හරියට අල්ලා ගන්න…
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරය
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට
    නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට මගේ මල්ලිව තුරුල් කරන්…
  • How to adjust the timing on singer zigzag machines
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )
    දන්නා තැනක මං නිතරම යන එන්නේ පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ පෙරකල පටන්…
  • පරි ඇටයේ ... පරිවාසේ
    තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ අම්මට…
1,646,268

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>