2014-01-25

dehiwala national zoological garden දෙහිවල සත්තුවත්තේ අරක පෙන්නපු සිංහයා



ජනවාරි 10 වෙනිදා ඉතින් අටමගේ  උපන්දිනය හන්දා උදේ පාන්දරම නැගිට්ට ලොකු කෙල්ල

''තාත්තියෝ ඔයා කේක් එකක් ගේනවද''

''මොන කේක්ද දෝණි''

''අනේ''

''කේක් නෙමෙයි දෝනි , අපිව කොහේහරි එක්කගන යන්ඩ කියන්ඩ .  තාත්තා මේ දවස්ටිකේ හොදට තනියම ඇවිද්දා අපිව කොහෙවත් එක්ක ගියේ නැ''

''එහෙනං අපි වෝටර් වර්ල්ඩ් යං ''

''අප්පෝ හරි යන්නේ නැ , වෙන කොහේ හරි යං ''

දකුණු ආසියාවේ ප්‍රථම උමං මින්මැදුර කියලා ටීවි කමර්ෂල් කර කර මිනිස්සු අන්දනවා . ඇති බිජජක් නැ . උමගේ අඩි දොලහක් විතර ඇති , කලින් පාර ගිහිල්ලා වෙච්ච දේවල් හන්දා ගත් කටටම මම කියුවා

'' එහෙනං දෙහිවල සත්තු වත්තේ ''

'' හා එහෙනං ''

මීට මාස හත අටකට කලින් ගිහිල්ලත් මේ ලෝකේ රහක් නොතිබ්බා උනත් මං කියුවා

ඔන්න ඉතින් කෙල්ලෝ දෙන්නයි අටමියි ලැස්ති කරාගන රාගමට ගිහින් කෝච්චියට නැගලා ඇතුලට යන්ඩ බැලුවා . ගොඩ වෙලා ටොයිලට් එක ලගින් පෙට්ටිය අස්සට රිංගගන්ඩ බැ , ෆෝසස් පොරක් උගේ තඩි බැග් දෙකට අමතරව තව පොල් ගෝනි දෙකක් දොරගාව හමන්නලා , හෙන අමාරුවෙන් අටමිවයි කෙල්ලෝ දෙන්නයි එතනින් පන්නලා අස්සට රිංගුවා , අපේ පස්සෙන්ම දුවයි මිනිපිරියයි එක්ක ඇතුලට ආපු ආච්චි අම්මා කෙනෙක් එඩේරමුල්ල හරියට එනකොට  ඉස්පිරිතාලේ ඉදන් එන කොට සේලයින් දිපු හිල වහන්ඩ ගහපු ප්ලාස්ටරය තියන අතින් කෙල්ලෝ දෙන්නගේ මුණ අතගානවා ,  උන්දැගේ අනිත් අතේ හපුටු කොට්ටයක් , හෙන අමාරුවෙන් කෙල්ලෝ දෙන්නත් එක්ක අනිත් පැත්ත හැරුනා.

ඇගිල්ලක් ගහන්ඩ ඉඩ නැති කෝච්චිය අස්සේ සැරින් සැරේ හිටගන ඉන්න උන් අඹරාගන , පෙරලගන පොත් කාරයොයි , අච්චාරු කාරයොයි , වඩේ කාරයොයි රිංගනවා , ඊටත් හපං අර රොකට් බැලුං කාරයෝ.ළමයින්ගේ අතට බලෙන් එවා ගහන්නේ, කාලයක් කොච්චිය අස්සට රිංගලා බඩු විකුණන එක නවත්තලා තිබුනා . දැන් ආයෙත් ''දිවිනැගුම'' යටතේ ජැකට් එකක් එහෙම අන්දලා සෙට් එකක් බස්සලා ,
අනේ ඉතින් ඕකෙන් දුප්පත් මිනිස්සු ටිකක් ජීවත් වෙනවා තමයි , ඒ උනාට සෙනග පිරිලා හුස්මක් කටක් ගන්ඩ බැරුව ඉන්නකොට ඒක මහා වදයක් .

ඒ කෝච්චිය දෙහිවල නවත්තන්නේ නැති හන්දා ගල්කිස්සෙන් බහින්ඩ අටමිව ඉස්සර කරගන ලොකු කෙල්ල මැද්දට කරගන පොඩ්ඩිව වඩාගත්ත මං හෙන ගේමක් දෙනවා , වයහ හතලිහක විතර කපල් එකක් දොරගාව ලව් කරනවා , කරන ලවක් ඇතුලට රිංගලා කරගත්තානං මොකද , අර අයියගේ පොල් ගෝනි දෙකයි , මේ තරුණකාලේ ඇරියස් අල්ලන අක්කයි අයියයි ඇරුනහ , තව මහත අක්කාකෙනෙක් බතික් සාරියක් එහෙම ගහගන මහා කෝණයක් දෙකකුල් වලින් පිහිටවාගන හිටගන ඉන්නවා , පෙනුමනං හරි වැදගත් පාටයි . අපේ උන්දා ඒ අක්කා ගාවින් එලියට රිංගන්ඩ හෙන ගේමක් දෙනවා.

''යං යං චූටී කෝචිය අද්දයි ''

'' යන්ඩ බැ ''

'' ඉඩ දෙන්නේ නැත්තං පොඩි තල්ලුවක් දාන්ඩ''

'' හං...තල්ලු කරන්ඩලු හරි කතාවක්නේ යකෝ ඒක ''

අක්කා කට ඇරියා , කච කච ගානවා ඉවරයක් නැ

'' මේ පොඩි දෙන්නෙකුත් ඉන්නවා ටිකක් එහාට වෙලා ඉඩ දෙන්ඩ , නැත්තං බැහැලා ඉඩ දෙන්ඩ ''

අපිට පස්සෙන්බහින්ඩ ආව  අවපාට නැෂනල් එකක් දාගන උන්න අංකල් කෙනෙක් කියුවා , ඒ අක්කානං ඉඩදෙන පාටක් නැති හන්දා ලොකු දුවට අපහසුවක් නොවෙන විදිහට අටමියි මගෙයි අතරේ ගැප් එකක් තියාගන අටමිට පොඩි තල්ලුවක් දුන්නා , අර අක්කා අස්සෙන් අටමිව රූටලා ගියාට මොකද ලොකු ළමයව තැලිලා යන විදහට අර අක්කා ආයෙත් එජස් උනා , අකාරුණික කං ඉදිරියේ නිර්ධය විදිහට අවදිවෙන මගේ තිරිසනා නිහඩව අවදි උනා පීංවතුනි ,අක්කගේ  සැන්ට් සුවද අස්සෙන් කෙල්ලවත් තල්ලු කරගන එන ගමන් මගේ ගල් ගෙඩියක් වාගේ සෙරෙප්පු අඩියේ විලුඹ හරියෙන් අක්කගේ ඇගිලිටිකත් බරු ගහගන යාන්තං එලියට පැන ගත්තා .

ගෙදරින් එනකොට ගෙනාපු සරිර අංගෝපාංග ටික තියනවද කියල චෙක් කරගන එහෙම අපි ඉස්ටේසම ඉස්සරහින් ත්‍රීවිලර් එකකට නැගගත්තා .


'' ඇයි අනේ එහෙම කලේ ''

'' කොහොමද ''

'' අර මනුස්සයට රිද්දුවේ ''

'' ඒකත් දැක්ක ,නැතුව බැහැලා ඉඩනොදි හිටගන ඉන්න ගෑණිගේ කකුල පාගන්නේ නැතුව මුණ ඉඹලා එන්ඩද , ඒ මදිවට කට කොහොමද''

'' ඒ උනාට අපි වගේම ආමාරුවෙන්නේ හැමෝම යන්නේ ''

'' එහෙනං අනිත් උන්ටත් උදව් කරන්න ඕන , තමං ගැන විතරක් හිතලා හරියන්නේ නැ , බණ එපා කට පියාගන යං''

සත්තු වත්ත ලගටත් ආවා , ත්‍රී විලර් මලයා දිවේ කටේ නොගෑවී තුන්සීයක් ඉල්ලුවා මොකටද හෙට්ටු කරන්නේ කියලා , ඒක දීලා දාලා ටිකට් ගන්ඩ ගහලා තියන වැඩ අස්සෙන් හතර දෙනා එක්ක යනවා , ඉස්සරහින් ඉන්න කට්ටිය ටිකට් දෙන අක්කත් එක්ක මොකක්ද බර කයියක් , අච්චාරුයි , බැලුම් බෝලයි , බඹරයි විකුණන පොරවල් ඇවිත් ළමයි අතට එව්වා දෙනවා , ළමයෙක් බැරි වෙලාහරි ගත්තොත් ටුක් ගාලා සල්ලි ඉල්ලනවා , ඒ මදිවට කට්ටය ලස්සන වැඩක් කරනවා වැටේ බට නැමෙන මුල්ලෙන් අච්චාරු තැටිය බැලන්ස් කරලා තියනවා , බැරි වෙලා හරි කාගේ හරි ඇගේ වැදුනොත් ළමයෙක් ඇද්දොත් කිසි
අනුකම්පාවක් නැ , අපිට පස්සෙන් අහිංසක තාත්තෙක් එක්ක ආපු දුවෙක් අතට එකෙක් සෙල්ලං බඩ්ඩක් දුන්නා . ඒ තාත්තා ඒකට මුදල් දුන්නේ ආමාරුවෙන් කියලා එයාගේ මුහුණ දැක්කහම තේරුනා. කොහොමහරි ටිකට් දෙකයි බාගයක් අරගන අපි සත්තු වත්ත අස්සට රිංගුවා කියමුකෝ.

අර ඉස්සරහින්ම ඉන්න උස කොකා දැකලා පොඩ්ඩිට මාර චුන් එකක් ගියේ , අප්පචියේ එතන තැන් තැන් වල ඉදගන හිටගන හිටිය සෙනග  කන්දරාව , ඔක්කොමලා සත්තු වත්තේ වැඩ කරන පොරවල් ., එතන ටිකක් වෙලා ඉදලා මින් මැදුර පැත්තට ගියා , නැත්තං මටත් අරුන් කියන කුණුහාරප ටිකක් ඉගන ගන්ඩ තිබ්බා , ''සීලයන්''  ඉන්න තැනට ඇවිත් එතන පඩි පෙල උඩින් ඉදගන . ගෙදරින් හදාගන කඩල ටික කන්ඩ පටන් ගත්තා , '' සීලයන්'' කෙනෙක් නං පේන්න හිටියේ නැ .

එතනම එහා පොකුනක උන්නා පට්ට ලස්සන කැටි පිෂ්ලා සෙට් එකක් , එකේ හිටවලා තියන ගස් ටිකත් පට්ට ලස්සනයි , මින් මැදුර ඇතුලෙවත් එහෙම ලස්සනක් නැ . එතනින් ගියා අතුලට , යන කොටම තිබුනා වම් පැත්තේ '' විසිතුරු මසුන් විකුනනවා'' කියලා බෝඩ් එකක් , ‍අපේ කට්ටියව ඇතුලට ඇරලා මම අරක අස්සට ඔලුව පොවලා බැලුවා ,  තුක් නොදකින් ටැංකි නං හත අටක් තියනවා , එව්වායේ ඇති ලබ්බක් නැ . සෝමාලියාවෙන් ගෙනල්ලද කොහෙද කැහුටු ගැහිච්ච ගෝල්ඩ් ෆිෂ්ලා දෙන්නෙක්ද කොහෙද නං හිටියා , හෙන අප්පිරියාවෙන් එලියට අඩිය තියලා මුහුදු වතුර තියන ටැංකිය පැත්තට යනකොට , එතන අලවලා තියන පුවරුවේ ඉන්න මාළු කොහෙද ඉන්නේ කියල අපේ කට්ටිය හොයනවා , හෙන ගේමක් දිලා ඉන්න එවුන් ටික පෙන්නුවා , පෝස්ටරයේ ඉන්න , ටැංකියෙත් ඉන්න උන්නං කොහොම හරි හොයලා පෙන්නතහැකි , නැති එවුන් කොහෙන් පෙන්නන්ඩද ,

අපි හිතමුකෝ සමහරක් උන් හැංගෙනවා කියලා . එහෙම හැංගෙන තැන් ඉස්සරහ තියන විදුරුව පැත්තට හරවලා තියන්ඩ හෙනද . අනික මොකෙක් හරි එකෙක් මැරිලා , දැනට ඒ වර්ගය අදාල ටැංකියේ නැ , අර මේකා ඉන්නවා අරක ඉන්නවා කියලා දාල තියන බෝඩ් එකේ අදාල නම උඩින් කොල කැල්ලක් අලවලා දාන්ඩ එකෙක් නැද්ද.

ටැංකි දෙක තුනක්ම බලාගන ඉස්සරහට ගියත් හිතට වදීන සීන් එකක් නං නැ , සාර සුභාවට ''පිරානා'' සෙට් එකක් නං හිටියා , මයේ හිතේ ලේසියකට මැරෙන්නේ නැති හන්දද කොහෙද . තහනං කොරන්ඩ කලින් කොච්චර හිටියද ඕකලා ගෙවලවලත් , ඉස්ගෙඩි ඉන්න පොකුනකට  උදේට තුන් දෙනෙක් දැම්මහම හවස් වෙනකොට සුද්ද කරලා දෙනවා ලෙසටම , අනේ ඉතින් තහනමෙන් පස්සේ අපේ කට්ටිය අත ඇරලා දාන්ඩ ඇති වැව් වලට ගගවල් වලට එහෙම  , තව ටික දවසකින් සමහරක් විට දැක ගත හැකිවෙයි . ඇයි අර දැක්කද හදපාන්ගොඩ වැවක හිටියේ ''ඇලිගේටර්ගාර්'' කෙනෙක්, '' ස්කැමෙන්ජස්ල'' නං දැන් ඕනම තැනක ඕසෙට ඉන්නවා ( බිලී පිත්තෙන් මාළු බාන්ඩත් බැ කන්නෙම ඕකුන් ), අපි ඉස්සර උන්ට කියුවේ ටැංකි සුද්දෝ කියලා. ඇයි අර ඒ කාලේ ටැංකි වලට දැම්මා හෙන උජාරුවට කහ පාට ගොලු බෙල්ලේකව , බෝ වෙනකොට ගිහිලා හැලුවා කානු වලට. දැන් ඉන්නවා හැම තැනම , හැබැයි කහ පාට පේන්නේ නැ , කානු වල තියන කුණු ජරාව ඇගේ බැදිලා , හැබැයි උන්ගේ ජීවන චක්කරේ බලාගන ඉන්ඩ ආසයි , සෙක්ස් කරන හැටි , බිත්තර කැදලි හදලා බිත්තර දාන හැටි , පැටව් එලියට එන හැටි , උන් ඉක්මනට ලොකු වෙන හැටි  , බලාගන ඉන්ඩ ආසාවේ බෑ , අටමට ලෙසටම හිත ගිය සීන් එක තමයි ඔය ගොළු බෙල්ලන්ගේ හුස්ම ගන්න සීන් එක , වතුරේ යට ඉදන් ඕකලා දික් කරනවනේ ඇන්ටනාවක් වාගේ බටයක් . ඒක වතුරෙනුත් උඩට දික් කරලා හුස්ම අරගන ආයෙත් අකුල ගන්නවා , කොහෙන් එලියට ගන්නවද මන්දා ඒ ගැජට් එක , ඌ නිකන් ඉන්න වෙලාවට ඒක එලියට ගන්න තැනවත් හිතාගන්න බැ.

එතනින් එහාට ඉතින් අනිච්චේ සා දුක්කේ තමා , බලන්ඩ දෙයක් නැ , අර ඇරපයිමයි , ඇලිගේටර්ගාරුයි දෙන්නා නැත්තං බලන්ඩ දෙයක් ඇත්තෙම නැ , අනේ දෙයියනේ අර '' ඩිස්කස්ලා '' සැට් එකක් බස්සලා තිබ්බා එක ටැංකියකට , උන්ට හැරෙන්ඩවත් ඉඩ නැ , ගස් වාගයක් බස්සලා ඒක අස්සට , ගල් ගොඩකුත් එක්ක , ඉන්න මාළු ටිකත් එක්ක එච්චර ජාති දාන්ඩ තරං ඒ ටැංකිය විසාල නැ.

'' තාත්ති උන් කන්නේ ගඩොල්ද ''

'' ..හෑ... හේක්  හේ ක් මොකද  අක්කිබතුවො එහෙම කියුවේ ''

'' නැ අර රතු  ගඩොලක් දාල තියන හන්දා''

'' නැ නැ එයාල කන්නේ මස් ''

බැලුවා පොඩ්ඩක් ඇස් කරකවල , යකෝ ඇත්ත නෙවෙන්නං , ගඩොල් බාගයක් බස්සලා නේද ටැංකිය අස්සට , පෙරෙයිදද කොහෙද මම දැක්කා පත්තරේ තියනවා සත්තු වත්තේ මාළු හෙන බර සෙට් එකක් මැරිලලු, ඒකට හේතුව වතුරේ ph අගය වෙනස්විම සහ කෝලෝරින් වතුරලු . අනේ මන්දා අපිනං ඉස්සර කොල්ලො කාලේ මාළු හැදුවා, ''ඇන්ටි ක්ලෝරින්'' නැතුවත් අපි වතුරේ ක්ලෝරින් අයින් කරගත්තා . දාන ගල් වර්ග වලින් ph එක බැලන්ස් කරගන්න හැටි බමණුආරච්චි අංකල්  කියලා දුන්නා , හම්මේ පොර ගාව හිටපු මාළු ජාති , විකුණන්ඩ කොහෙන්වත් මාව ගෙනාවේ නැ . ගරා වැටෙන්ඩ ලංවෙච්ච ගෙදර වටේටම තිබ්බේ මාළු ටැංකි , කොයි වෙලාවේ ගියත් පොර ඉන්නේ ලංකට් එක පිටින් , ඉල්ලන මාළු අල්ලලා දීලා අත්දෙක ලංකට් එක පිටි පස්සේ පිහදදා අපිට දුන්න උපදෙසක් කවදාවත් වැරදුනේ නැ . ඔය දෙහිවල මින් මැදුරේ ඉන්න එකාලව පන්නලා ඕක බාර දෙන්ඩ තියෙන්නේ '' ලංකට් බමුණට '' , ( අපි පොර නැති තැන්වල කියුවේ එහෙම ) ,

පොරට ඉතින් ජිවිතේම ලස්සන මාළු තමයි . ඇයි ඉතින් දේෂපාලකයන්ට කඩේ යනවා ඇරෙන්ඩ වෙන රස්සාවක් කරේ නැනේ , මාළු විකිණිල්ලම තමා , මම එහෙට යන දාට යන්නේ ''මෝකත් එක්ක ''. ''මෝකා''  කියන්නේ මගේ ඒ කාලේ බුදු පිට් එකක් , දැන් පොර ඔටු දේසේ හෝටල් රස්සාවක් කරන්නේ , ඒ කාලේ එක කාලයක් අපි දෙන්නා එකටමයි . පස්සේ පස්සේ ඌ නරක්වෙනවා කියලා උන්ගේ මහ උන්දල  අපේ ආසරයට හුස්ටොප් එක තියන්ඩ කට්ට කෑවට මොකද , ඇත්තටම මාව නරක් උනේ ඕක හන්දා , පස්සෙන් පහු ඌ හරි පාරේ ගියා , මම තනියම ඌත් එක්ක ගිය පාරේ ගියා , ''මෝකලගේ'' අයියා ''උක්කානං'' ඉදල හිටල දකිනවා  , වචනයක් දෙකක් කතා කරලා යනවා , ''මෝකවනං'' අවුරුදු 15 ලවකින් විතර දැක්කේ නැ , ( ඕකා ගැන කියන්ඩ ගියොත් මේක කැලේ යනවා , එව්වා පසුවට )

මාළු ගේන්ඩ යනකොට ''මෝකා '' එක්කම  '' ලංකට් බමුණලාගේ'' ගෙදර ගියහම පට්ට ලාබයි ,  අතේ තියෙන්නේ කීයද ඒකට වඩා දහගුණයක් විතර වටින මාළු අනිවා ලංකට් බමුනා අපිට දෙනවා , ඒකට හේතුව තමා මෝකලාගේ නැන්දගේ පුතෙක් ඉන්නවා ''ශ්‍රීකාන්ත අයියා''  කියලා , අයියා කියුවට මොකද , පොරට අපේ තාත්තත් කියන්නේ අයියා කියලා , නෑදැකමට මෝකා අයියා කියන හින්දා අපිත් අයියා කියනවා , පොරත් පට්ට ආතල් බුවා . ඕකා මගේ පලවෙනි කෑල්ලට '' බටකොල ආච්චි''  කියලා නමක් පට බැදලා තිබ්බා . ඒක අන්තිමට අහල ගං හතක් දන්න නමක් උනා , ඇයි ඉතින් ඒ --තා අර කෙල්ල පාරේ යනකොට ඔය නම කියලා කැ ගහනවා , ඒ දවස්වල මට ඕකට හෙන මලෙන් හිටියට කියන්ඩ යැ ඉතින්

'' අඩෝ මයේ කෙල්ලට පල් පාට් දාන්ඩ එපා කියලා ''

එහෙම කලානං තාත්තා එක්ක දෙකක් දාන වෙලාවක ඕකා කියයි යසට , අන්න ''රත්නේ'' උඹේ ලොකු කොල්ලා --ද්‍ර ටිචර්ගේ කෙල්ලත් එක්ක මෙහෙමයි කියලා , මටනං ඉතින් ඔව්වායේ ගානක් නැ . ඒ උනාට කෙල්ල පවුනේ , ඒක හන්දා දත්මිටි කකා ඉන්නවා . කෙල්ලටනං ඉතින් ලැජ්ජයි පහුවදාට ඉස‍්කෝලෙට ආපුවහම , ඇයි ඉතින් ගමේ කාඩ් එක මම දන්නවනේ ,

ඇත්තටම ඉතින් හොද ළමයෙක් ඒ උනාට අන්තිමට ඒ හොදකම හෝදලා ඇරියනේ .

හරි හරි ඔව්වා වැඩක් නැ , 


කියපුවට අමතරව දෙහිවල සත්වෝද්‍යනේ මින් මැදුර ගැන කතා කොරනවානං කියන්න දේවල් එමටයි , අපේ රටේ ජීවත්වෙන ආවේනික මත්ස්‍යයින් ගැන දඩාර පෝස්ටරයක් නං එතන තියනවා , ඒ උනාට ඒ සම්පතින් නිසි ප්‍රයෝජනය ගන්නවා නං පේන්නේ නැ .බුලත් හපයි ඉන්නවා කියන ටැංකියේ බන්දුල පෙතියොත් ඉන්නවා , ඒ ටැංකි එකක්වත් කිසි පිලිවලක් නැ , තනිකරම අච්චාරු හැලියක් , උන්දල අපේ රටේ මිලකල නොහැකි සම්පත් ටික පෙන්නන්නේ නිකං  අර '' ඔන්න බුදුනේ මල් , මෙන්න බුදුනේ පහන් '''  ටයිප් එකට .

අනේ ඉතින් අපිට ඉන්න දේශිය මාළු කන්දරාව  එක වර්ගයකට එක පොඩි ටැංකිය ගානේ හදලා පිලිවලකට පෙන්නුවානං හෙනද , එන විදේශිකයෙකුට උනත් ඒක කොච්චර වටිනවද  , විදේශිකයෝ කියුවහම මතක් උනේ , ඉස්සර අපි පොඩිකාලේ කොච්චර සුද්දෝ ආවාද . අර දඩාර ටුවරිස් බස් හිටන් සත්තු වත්ත ඇතුලටම ගන්නවා මට මතකයි . අපි මේ පාර ගියහම නං . එක සුද්දෙක් උන්නේ නැ . ළමයි දෙන්නෙක් එක්ක එක කපල් එකක් හිටියා . එයාලත් ඊස්රායෙල් කාරයොද කොහෙද , ගෝනි බිල්ලෝ නං හෙනට හිටියා , අරාබියෙන් ආවද , අල්කයිඩද . ලංකාවෙද කියලා හොයන්න බැ .

මං කියන්නේ දෙයියනේ අපි නං ඉතින් පොඩි කාලේ කෑලේට කොලේට හැදිච්ච උන් , අපේ දරුවෙකුට  නං ඉතින් අපිට පෙන්නත හැකී ,

''මෙන්න මේකා තමයි දරුවෝ බුලත් හපයා , ඔය දෙපැත්තේ වරල් කටු තියන එකා හුංගා , මෙන්න මේකාගේ ඒ වරලේ කටුව නැ වරල තියෙන්නේ රවුමට මෙයා මගුරා , ඔය දිගට දිගේ ඉන්න එකා ආදා , ඔලුව ලොකු මහත එකා ලූලා කියලෘ ''

එතකොට ඔය අත්දැකීම් විදලා නැති මහ එකාල මහ එකීල , තමන්ගේ හීං එවුන්ට කියන්නේ මොනවද , සත්තු වත්තේ මහ එකෙක්ට හරි එකියෙක්ට හරි දන්න කෙනෙක් ඉන්නවානං මේක පෙන්නහල්ලා .

දැන් ඔය ටැංකි කඩාගන හදන එකේ කරමු අයිබොවං මෙහෙම

පිලිවලට හදමු පොඩි ටැංකි ටිකක් ඔය බිත්තිය මැද්දට තියන ටැංකිය උඩට උස්සලා  , ඒ ඉඩට ටැංකි දෙකක් හදත හැකි , දාමු එව්වට පිලිවලට නම් වශයෙන් අපේ රටේ මාලු ටික ,ගහමු ඊට යටින් අදාල මාළුවා ගැන හැදින්වීමකුත් ,  අපේ ටල්අම්මගේ කලවම් මැල්ලුම වාගේ තමයි දැනට ටැංකි වල මාළු වර්ග දාලා තියෙන්නේ , උන්දැත් ඉස්සර එහෙමයි , කුස්සියේ බාග දොර ඇරගන එලියට බහින්නේ .

'' ලොකු කොල්ලෝ මැල්ලුමට ජපංබටු කොල ටිකක් ගඩාගන එන්නං , උඹ පොල් මැටි කෝප්පෙට හොස්ස ඔබනවා එහෙම නෙමෙයි ''

කියාගන , ඒ උනාට උන්දැ ආයෙත් කුස්සියට රිංගන්නේ , ජපංබටු , පැෂන්, කෝප්ප කොල , මඤක්කා දළු , එරබදු දලු , හිං ගොටුකොල ගොඩාරියක් චීත්තෙට ගොටු ගහගන , ..හේහ් හෙහ් ..කුඩැල්ලොත් හි‍ටියා.

ආන්න ඒ වාගේම තමා දැන් දෙහිවල  මින්මැදුරත් , දැන් ඉතින් අපේ කට කැඩිච්ච එකාල කියයිද දන්නේ නැ අටමා ඉස්සර ආච්චිගේ පොල් මැටිකෝප්පෙට හොස්ස එබුවා වාගේ නොදන්න මගුලු වලට හොම්බ දානවා කියලා , නැ බොලව් මට හිතෙන විදිහට මං මේ කියන්නේ , අනික් කාරනාව මං කැමති නැ කවුරුත් මාව රවට්ටනවට , මෙතන වෙන්නේ තනිකරම සල්ලි දීලා ටිකට් අරගන එන උන්ව රැවැට්ටිල්ල..

එකම දේ ආයේ අායේ කියනවද මන්දා . මෙන්න මින්මැදුරට කරන්ඩ ඕන දේ.

1) රටට ආවේනික සහ අපේ රටේ ජිවත්වන මත්ස්‍යන්ට මුල් තැන දීම සහ . උන්ව නරඹන්නන්ට නිසි පරිදි හදුන්වා දිය යුතුය.

2) නැරඹීමට පැමිනෙන්නන්ට පහසුවන ආකාරයට ටැංකි සහ ටැංකිවලට යොදන ශාක , ගල් , වැලි  වැනි දැ සකස් කල යුුතුය.

3) තැන් තැන්වල නිකරුනේ කාලය ගතකරන සේවකයන් කිහිප දෙනෙකු නරඹන්නන්ට සතුන් ගැන දැනුමක් ලබා දීමට පුහුණු කොට යෙදවිය යුතුය

ඉතින් ඔන්න ඔහොමයි අටමට මින්මැදුර ගැන හිතුනේ  , එතනින් ගියහම අටමට මතකයි , දැනට අවුරුදු 25කට විතර කලින් පෙන්ගුයින් ජෝඩුවක් හිටියා . එදා අටමා සත්තු වත්තේ ගියේ අටම්පියාගේ පරම්පරාවේ සෙට් එකත් එක්ක , හැබැයි ඊට පස්සේ  අටං මතකය නිවැරදි නම් පස් වතාවක් ගිහිල්ලා තියනවා , මේ පාරත් එක්ක හයයි. ඒ කවදාකවත් පෙන්ගුයින්ලා හිටියේ නැ ,

මේ මේ ඒ බයිලා එපා , ඔව් උන් ඉන්නේ පට්ට සීතල දේසගුනේක තමා , හරි...හරි ..සෙල්සියස් රිණ තමා යන්නේ , ඒ් උනාට ඔක මෙහේ කරන්න බැරි කමක් නැ .

ඉස්සෙල්ලම කරන්ඩ තියෙන්නේ අර හැම තැනම කුඩු වල දාලා ඉන්න අපේ කොටියා (දිවියා) ජෝඩුවකට කොහේහරි සත්තුවත්තකින් පෙන්ගුයින්ලා දෙන්නෙක් මාරු  කරගන්න එක .

ඔව් මං දන්නවා ඔතන තියන ඒ සි යුනිට්දෙක මදි තමා ඔය කාමරය සීතල කරන්න , මෙන්න අහගන්න කරන ක්‍රමය . ඉස්සෙල්ලම හැකි උපරිමයෙන් පෙන්ගුයින්ලාට හදාපු ගෙදරට පිටින් තවත් ආවරණයක් හදනවා , තාපය උරාගැනීමක් හෝ සිසිලස පිටට නොදෙන විදිහට , ඊ ලගට ඔය අධ්‍යක්ෂ මංඩලයේ ගොඩ නැගිල්ලේ සහ දොස්තරලගේ ගොඩනැගිල්ලේ හයි කොරලා තියන ඒ සී දෙකකුත් ගලවලා ගෙනල්ලා හයි කොරනවා . සල්ලී තියනං අළුත්ම සිසිලන පද්ධතියක් හයි කරනවා . පිරිසිදු අයිස් කුට්ටි ටිකක් ගෙනත් කුඩු කරලා දානවා , ඒවා දිය වෙන කොට එන වතුරෙන් පිරෙන්න දෙනවා අර වතුර ටැංකිය , ඇතුලත තවත් සිසිල් කරන්න ඕනනං දානවා හොද ඉන්ඩ්‍රස්ටියල් ෆැන් සෙට් එකක් , අර පෙන්ගුයින්ලා දෙන්නව ඇතුලට දානවා , දැන් ඉතින් දවසකට අයිස් හොන්ඩර දෙකතුනක් කුඩුකරලා කාමරයට එකතු කොරහම හොදටම ඇති .


අර උසාවියෙන් ඇලී කැස්බෑවෝ බලාගන්න කියලා දුන්නයි කියපු දවසෙම මම කියුවා , ඔකුන් සෙට් එකටත් අනිවා සතුත් වත්තෙදි බඩු බනිස්වෙනවා කියලා ඔන්න අද පත්තරේ තිබ්බා එකෙකුට බඩු බනිස් කියලා . අනේ මන්දා මේ යක්කු කුණු කානුවක් මුහුදට වැටෙන තැනකින් වතුර ගෙනත් පුරවනවද මන්දා ටැංකිවලට . දැනට කොච්චර මාළු මරාගත්තද , ලැජ්ජා නැතුව කියනවනේ වතුර අප්ෂට් උනා , කෑම අප්සට් උනා කියලා ,

ඔන්න බලහල්ලා මෙයාල පස්ස බලන්නේ අර තාත්තගේ නම්බුව කන පුත්තරයා ( තාත්තා මලෙත් පුත්තරයා පොරගේ සින්දු කියනවා අහගන ඉන්ඩ බැරුව කියලයි අපේ ඉස්ටැන්ලි ලොක්කා කියන්නේ , සිරාවටම පොර තාත්තගේ සින්දු ලෑටි ගානකොට මටත් එහෙම නොහිතෙනවානෙමෙයි) , ඔපර් එකක් දුන්න මහ ඇලි  කැස්බෑවාවත් මරාගන තමා ,

කන බොන දෙයක් මුන්ට වහ වෙන්නේ නැනේ යකෝ

මින් මැදුරෙන් එලියට බැහැලා අපි ගියේ අර පැස්බරා ඉන්න පැත්තට . ඒ වෙනකොටත් අර කයිය ගගහ හිටිය අයියල ටික එහෙම්ම ඉන්නවා . අනේ ඉතින් අර කුරුල්ලෝ , වදුරෝ කුඩු කරලා උන්න පැත්තෙත් ගියා කියන්න තරම් විශේෂ හොදක් නැ , අනික තියන තරමක් තියෙන්නේ නුගුන නිසා ඔව්වා ලිය ලියා ඉන්න ගියොත් මේක ඉවර කරන්න වෙන්නේ නැ .

අපි ඔහොම්ම පල්ලම බැහැගන යනකොට හම්බුනා අර මහ විශාල ''හි‍පපොටේමස්ල'' ඉන්න වල , අනේ දෙයියනේ උන් දෙන්නට ඒ වෙලාවේ තමයි කෑම දුන්නේ , අර ''ලයිට් එස් වැන් එකක්''  තරම් සත්තු දෙන්නට , කිලෝ දහයක් විතර පළතුරු එළවලු කුඩයක් ගෙනත් දැම්මා , ඒ අසරණයෝ දෙන්නට ඒක ගැවෙන්ඩවත් මදිවාගේ ,

ඔය අතරේ මම දැක්කා එතනට ඉස්සරහ ''කුරු හිපෝල''  ඉන්න තැන , ඩොකාල ඩොකීල සැට් එකක් සිලින්ජර් එහෙම අතේ තියාගන හිනාවෙවි ඉන්නවා , එතන හිටිය එක ඩොකී කෙල්ලෙක් අනිත් පැත්ත හැරිලා පෝං එකෙන් මලක් කඩනවා , සත්තු බලාගන්න මහත්තුරු දෙන්නෙක් වතුර පාරක් අල්ල අල්ලා වලේ ඉන්න ''කුරු හිපෝල'' දෙන්නා උඩට එලවා ගන්ඩ දගලනවා .

එතන අපි රැදෙන එක එයාලට කරදරයක් කියලා හිතාපු අටමී ළමයි දෙන්නත් එක්ක ඉස්සරහට ගිහින් ''වලහෙක්'' ඉන්න තැන නැවතිලා මට අත වනලා කතා කලාට මට එතනින් යන්න හිතුනේ නැ . මගේ යටි හිත මට කියුවෙම

' ගු ඇහැ දාපං අටමෝ මෙතන මොකක් නමුත් වෙනවා කියලා '

මම ඉතින් හොද විමසිල්ලෙන් නැවතිලා බලාගන හිටියා . එතකොට නිකං පෙනුමට වැඩ පරික්සකයෙක් වාගේ පොරක් ඇවිත් , අර වල ඇතුලේ ඉන්න එක්කෙනෙකුට රහසින්වාගේ කියනවා.

'' වතුර සැර වැඩි නැද්ද ''

'' නෑ මහත්තයා හෝස් එකෙන් උඩින් බිමට වැටෙන්න දාලා තියෙන්නේ , ඇගට වැටෙන්නේ නැ ''

'' ඒ උනාට බිම වැදිලා එනකොට ඉදිකටු ඇනෙනවා වාගේ , අමාරුයි නේද ''

තවත් මොනනවද මන්දා කියුවා සද්දය තවත් අඩු කරලා කියාපු හන්දා මට හරියට ඇහුන්නැ ,

අර බලාගන්න පොරත් මොන මොනවද කියුවා , ඒකට එකග නොවෙන මූනක් හදාගන අර මහත්තයා පොරත් අහකට ගියා . වතුර පාරවල් ඇගට ගහලා අර ''කුරු හිපෝල''  දෙන්නව උඩට ගත්ත අර සත්ව පාලකයෝ දෙන්නා , ගැණු සතාව හෙන ගේමක් දීලා යකඩ කූඩුව ඇතුලට රිංගවලා , පිරිමි සතා පහර දෙන්න එළවනකොට එයාගෙන් බේරිලා එයාවත් එතන තියන ගේට්ටුවකින් එන්න බැරි වෙන්න හිර කරලා ,  දෙන්නටම කෑම දුන්නා , ඔය අස්සේ අර උඩ හිටිය සෙට් එකේ වයසින් වැඩියි වාගේ පේන නෝනයි මහත්තයයි . දෙන්නා අර වල ඇතුලේ හිටපු වයස වැඩි පොරට මොන මොනවද කියුවා , පොර දෙන රියැක්ෂන් වලින් පේනවා , පොර එව්වා තබයකට මායිං නොකරන බව. ඔන්න ඊ ලගට පොර ඇරියා කට , අනේ වාසනාවං ඌ ගේ කටත් මගේ වාගේ හොදට පණ තියන එකක් ,

'' කරන්ඩ තියන ඔක්කොම කරලා තියෙන්නේ මැඩම් , ලොකු එක්කෙනා ගැන නං දැන් බයක් නැ , අර දැනුත් හොදට කෑම කනවා . පොඩි එක්කෙනා තමයි ෂුවර් නැත්තේ , කරන්ඩ තියන හැම එකක්ම කලා . දැන් අපි කිරි ටිකක් හදලා පොවමු''

සාර්තක පිලිතුරක් ලැබුන පාටක් නැ , අර අයියා පරාජිත මුණක් හදාගත්තා , ඒ කියන්නේ පොර ගේම ඇත ඇරියා ,

දැන් අරයලා කියන එව්වා ඌ ගණන් ගන්නේ නැ පොර පාඩුවේ බිම හෝදනවා හෝස් එකක් අල්ලගන . , මම වටේ පිටේට ඇහැ ඇරියා , අර කුඩුව අස්සේ වතුර ‍හෝස් එකකින් වතුර වැටෙනවා දිය ඇල්ලක් වාගේ ඒ වතුර පාර සැරට වදින හරියෙම බිම කළු පාට ගුලියක් .

යකෝ චුට්ටං පැටියෙක් , අටමිටයි පොඩි දෙන්නටයි ලගට කතා කරලා පෙන්නන කොට අර උඩ උන්න සෙට් එක අපි දිහා බැලුවේ හරිම නොසතුටින් , එයාල එහෙම පැටියෙක් ලැබුනයි කියන එක මිනිස්සුන්ගෙන් වහං කරන පාටයි , සමහරක් විට ඒ පැටියවත් මරාගත්තට පස්සේ බැනුම් අහන්ඩ වෙන හින්දද දන්නේ නැ. ;


ඔතන තියන ලොකුම ප්‍රශ්නය කියලා මටනං හිතෙන්නේ , ඔය එක නිළයක් කියන දේ අනිත් නිලය නොඅසන . නොතකන එක කියලා , ක්‍රීයාත්මක නොකිරීමම  නෙවෙයි , අඩුම තරමේ තව එකෙක් කියන දේ පොඩ්ඩක් අහපං , ඇයි දෙයියනේ එහෙම කියන්නේ ඒ මනුස්සයා මොනවම හරි දන්න හන්දනේ ,

අනික තමා කිසිම වගකීමක් නොමැතිකම , අර අලින්ට නිදහසේ ඉන්ට කියලා හදාපු අලි අරනේ එකෙක් ඉන්නවා කකුල් තුනකට දංවැල් දාලා , ඔතන හැමදාම එකෙක් ඉන්නවා එහෙම හිර කරලා , එකම අලියද කියලානං මන්දා ,

තව අලියෙක්ව නාව නාව හිටිය අලි බාස් කෙනෙක් ඌව බලෙන්ම නැගිට්ටවලා පාරට ගත්තා , ඇතුල් වීමේ දොරටුව ගාව හරහට ඇදලා තියන දංවැල උඩින් අලියා පනින හැටි දැක්කහම නං , අලි බාස්ට වඩා අලියට මොලය තියනවා කියලා හිතුනා , එතන තියන පොඩි කන්ද නගිනකොටම සත්තු වත්තේ ලොකු නෝනා කෙනෙක් ලොකු මහත්තයෙක් එක්ක අතුරු පාරකින් මතු උනා , අර අලිකාරයා අලියට යන්ඩ ඇරලා දෙකට තුනට නැමීගන අර නෝනයි මහත්තයයි එක්ක කතාව ,

තුන්දෙනාටම වගේ වගක් නැ . අර අලියා කාවහරි පාගලා පොඩි කරලා දැම්මානං තමයි , පුකට උණ ගැනෙන්නේ .

ඉතින් එතනිනුත් අපි එලියට බැහැලා ඊලගට ගියා කුරුළු උයන පැත්තේ, කලින් තිබ්බ අළුතින් හදලා , ඒක අස්සේ කුරුල්ලෝ එකෙකුට දෙන්නෙකුට වඩා හිටියේ නැ , ඔන්න සැලලිහිනියෝ දෙතුන් දෙනෙක් නං වෙනමම කුඩුවක දාලා හිටියා , ඒ ඇරෙන්ඩ ඒක අස්සේ මං නං දැක්කේ කොබෙයියෙකුයි  පරෙයියෙකුයි විතරයි , ඒ මහ විසාල කූඩුව හදලා තිබ්බේ අලුතෙන් . මහ බාල විදිහට බාල ලැලි දාලා . බාල දැල්වලින් කවර් කරලා . සමහරක් තැන්වල දැල් කෑලි පූට්ටු කරලා තිබ්බේ කම්බි වලින් බැදලා , කට්ටිය ඒකෙන් හොද ගානක් කපා ගන්ඩ ඇති .

සමනල උයනත් නවීකරනය කරලලු , හැබැයි එක සමනලයෙක්වත් එලියට එන දොර ලගට එනකම්ම දැක්කේ නැ , එතන හිටියා පුංචිම පුංචි සුදු පාට සමනලයෙක් . එලියට බැහැපු අපේ ලොකු කෙල්ල කියනවා .

'' අපෝ ඒ දැක්ක එකම එකත් අපේ වත්තේ ඉන්න එකෙක්නේ''

මං ඉතින් ළමයට මොනවා කියන්ඩද ,

ඔන්න ඉතින් එතනින් අඩට නැග්ගා සර්පයෝ බලන්ඩ යන්ඩ කියලා , ඒ පාරට අළුතෙන් කොන්කිරිට් ගල් අල්ලලා තිබුනා , ඒ වැඩේට මිලියන හතලිස් පහක්ද කොහෙද ගියා කියලා පත බැනර් එකක් ගහලා තිබුනා , ඒ කොරලා තිබ්බ හරිය දැක්කහම නං මිලියන හතර හමාරක්වත් ගියා කියලා හිතන්න බැ.  මයේ හිතේ ඒ වියාප්පුරුතිය කරන්ඩ ඇත්තේ බඩ වැඩුමෙන්.

අර දිය බල්ලෝ දෙන්නා බලන්ඩ ගියහම අපේ කෙල්ලෝ දෙන්නට නං හරිම සතුටුයි , ඒ උනාට එක දියබල්ලෙක්ගේ ඔලුවේ ගෙඩියක් තිබ්බා . ඔච්චර දොස්තරලා ඉන්න තැන , ඒකට වෙදකමක් කරන්ඩ එකෙක් නැති හැටියක් ,

එතන ඉස්සරහ තියනවා කඩයක් , කඩයක් නෙමෙයි ඒක නියම ගරානා ස්ටෝස් එකක් , ‍හැම දෙයක්ම තුන්ගුනයක් මිළ නියම කරලා විකුණන්නේ  , හැබැයි මෙලෝ රහක් නැ , අයිස් කිරිමක් විකුනනවා තනිකරම වතුර රහයි. ඒකත් හෙන ගහන මිළට තමයි විකුණන්නේ , ඒ මදිවට එතන ඉන්න බල්ලොයි බැල්ලියොයි මහ සක්කිලි වැඩක් කරනවා , මොන නෝට්ටුව දීලා මොකක් ගත්තත් අළුහුණු රස එන පෙපර්මින්ට් පැකට් එකක් දෙකක් ඇගේ ගහනවා , ඉතුරු දෙන්ඩ පොඩි කොල , කාසි  නැ කියලා . සමහරුන්ට හතරපහ දික්කරනවා . ඒකත් හොද එකක් නං කමක් නැ ...මහ ජරාවක් ...යකුනේ තොපි ඔව්වා කවන්නේ පොඩි දරුවන්ට නේද.

අනේ ඉතින් උරග‍යෝ ඉන්න තැනට ගියා . අර හෙන පත සුමත්රා පැත්තේ ඉන්න පිඹුරෙක් හිටියා . තව ඇනකොන්ඩෙක් හිටියා , ඒ අර ''පති භක්ෂක කොන්ඩිද'' මන්දා . කොහෙද ඉතින් අහන්ඩ බල්ලෙක්වත් ඉන්න එකක් යැ. අඩුම තරමේ ලංකාවේ ඉන්න දිග පිබුරයි , කොට පිඹුරවයි දකින්නත් නැ ,

ඒ ඇරුනහම  ගැරඩියෙක්වත් හරියට දකින්ඩ නැ.අර කලින් හිටිය කිඹුල්ලුන්ගෙත් සංඛ්‍යත්මක අඩුවක් තියනවා , ඒ මදිවට ඒ කිබුල්ලු ඉන්න ටැංකි සුද්ද කරලා නැ , මෙලෝ මලදානයක් පේන්නේ නැ. ඉබ්බොත් අඩුද මන්දා , සමහරක් විට තම්බගන කාල ඇති , නැත්තං අර රාගම කිඹුලා වාගේ කිඹුල්ලු ඉබ්බන්ව ගිලින්ඩ ඇති , අනේ මන්දා ,

ඔතනින් කරන්න ඕන මෙන්න මේ දේ

බලන්ඩ එන අයට පැහැදිලිව දැකගන්න පුළුවන් විදිහට කුඩු සකස් කරලා දාන්න ඕන වෙන වෙනම , විස්තරයක් සහිතව

ලංකාවේ ඉන්න උග්‍ර විෂ සර්පයෝ පස්දෙනා

ලංකාවේ මද විෂ සර්පයෝ

ලංකාවේ විෂ රහිත සර්පයෝ

ඔන්න ඔය ටිකවත් නොකර ඔය යක්කු නිදිවදිනවද මන්දා . මහජන මුදල් වලින් පඩි කකා

එතනින් එලියට එනකොට මං දැක්කා අවුරුදු දෙලහක විතර කොල්ලෙක් පිඹුරු පැටියෙක් බෙල්ල වටේ ඔතාගන ඉන්නවා , අනේ මන්දා කාගේ කවුද කියලා , සර්පයෝ මැරෙනවලු එක එක ආසාදන නිසා , අනේ මන්දා එහෙමත් තියාගන එතන යන සෙල්ලං ,

එතනින් එලියට ඇවිත් ටික දුරක් යනකොට අර මිනිස්සු යනපාරට ගහට නැග්ග එකෙක් කොස් පතබ‍ාවනවා. ගෙදර උන්දලව ඇදගන කැලේට පැන්නා . ඇයි යකෝ කොස් ගෙඩියක් ඇගට වැටුනනං . මුන්ට කඩා ගන්න කොසක් මිනිස්සු එන්ඩ කලින් හරි ගියාට පස්සේ  හරි කඩාගන්ඩ බැරිද.

කොහොම හරි තනි ඔටුවාවත් බලාගන ( අනිකව මරාගත්තනේ ) , ජිරාප්ලා ඉන්න තැනට ආවා , ගිණි තිබ්බොත් ‍ඇවිලෙන සයිස් එකට වේලිච්ච කොස් කොල මිටියක් කන්ඩ දීලා අර අහිසකයන්ට , මැල්ලුමක් හදලා දෙන්ඩ තියෙන් මහ එකාලගේ ඉදං පොඩි උන්ටත් කාපියව් කියලා අර  කොස්කොල .

කොහොමහරි ඉතින් ගෙදර එන්ඩ එන ගමං පොඩි උන් දෙන්නට බඩගිනි හන්දා ගොඩ උනා Jumbo Restaurant එකට . අපි  ගිහිල්ලා ඉදගන ටිකක් වෙලා ගිහිල්ලත් කවුරුත් සේවය සලසන්න එන පාටක් නැ , එක එක්කෙනාට බෝලය පාස් කරකර ඉන්නවා . අපි යනකොටම ඇතුලට ආවා අපේ වාගෙම ලමයි දෙන්නෙක් ඉන්න ඉන්දියන් කපල් එකක් , උන්ගේ ‍ටේබල් එකට නං එකෙක් පැනලා ගිහින් මෙනු එක දුන්නා , පස්සේ කටින් කතා කරලම එතන උන්න වයසකම වේටර් බුවාට කියලා මෙනු එක ගෙන්න ගත්තා . අපිට මෙනු එක දුන් එකා ආයේ පැත්ත පලාතේ ආවේ නැ . අපිට පස්සේ ඇතුලට ආව කටඋල් කරලා කතා කරන පොස් නෝනලා දෙන්නෙක්ට ප්ලග් උනා පොර , ( අපිට එහෙම කරේ සමහරක්විට අපේ උන්දැගේ පොත්ත රතු නැති හන්දා වෙන්ඩ ඇති , නැත්තං මම ඉංගිරිසියෙන් කතා නොකරපු හන්දා වෙන්ඩ ඇති ) . පස්සේ ටිකක් මනුස්ස පාටට හිටපු එකෙක්ට කතාකරලා ඕඩර් එක දුන්නා , ටික වෙලාවකින් අපිට කෑමත් ලැබුනා , කැමනං පට්ට රහයි .

දන්නවනේ අපේ බඩ්ඩවල් දෙකට කෑම කවාගන්ඩ තියන වදේ , පෙඩ්ඩිට අටමිත් . ලොක්කිට මාත් කැම කවාගන , අටමි කෑම කනකං පොඩ්ඩිව බලාගන , මාත් කැම කාලා , බිල් එක ගෙන්න ගත්තා , ගාන 2948යි  . බිල් එක දාලා තිබුනේ කොල දෙකක බිල් දෙකක් විදිහට., රුපියල් හාර දාහක් බිල් එකත් එක්ක පොරට දීලා , වොෂ් රූම් එක පැත්තට ගිහිල්ලා සුළුදියත් පහ කරලා මුහුන දොවාගන ආවා , 

එනකොට අටමි මිදුලේ දුහපැන ඇවිදින පොඩි උන් පාරේ පන්නනවා , අපේ ටේබල් එකත් අස්කරලා , මම ගිහිල්ලා පොඩ්ඩිව අල්ලා ගත්තා . 

'' ඔයා අර මල්ලිට ටිප් එක දුන්නද''

'' නැ ''

'' අයියෝ එහෙම හරි නැනේ චුටි . මේ දෙන්නා කෑම වැට්ටුවා හිටං නේ , එයාට කියක් හරි දෙන්න ඕන, ඔයා බැලන්ස් එක ගත්තද ''

'' දුන්නේ නැ ''

'' එතකොට බිල ''


'' ඒත් නැ ''

'' එහෙනං නැගිටලා ආවේ ඇයි ''

'' මෙයාල දෙන්නා එලියට ආපු හන්දා අනේ ''

මට දැන් අටමිඑක්කත් මල , ආයෙත් ටේබල් එක ලගට ඇවිත් බැලුවා බිල් එක මේසය උඩවත් තියනවද කියලා , නැ පුල් ක්ලීන් කරලා , බැලුවා වට පිට වේටර් ගොයියලා ටික හොරෙන් මාදිහා බලනවා , කතා කරා මම , බිල ගෙනත් තිබ්බ එකාට ,

'' මල්ලි මගේ බැලන්ස් එකක් තියනවා නේද ''

'' නැනේ සර් ගානටනේ තිබ්බේ , බිල් එක සෙට්ල් ''

'' එහෙමද එතකොට කෝ මගේ බිල් එක ''

'' අංංං ස..ස ...සර් මම නෙමෙයි බිල් එක අරගන ගියේ ඉන්න මම බලලා එන්නං ''

'' මේ මේ පොඩ්ඩක් ඔහොම ඉන්ඩ , ඔයා මට ගෙනත් දුන්න බිල් එකේ ටෝටල් එක 2948යි , මම ඔයාට ෆෝතවුසන් දුන්නා , දෙදහේ කොල දෙකකින් , මම වොෂ් රූම් එකට ගිය අතරේ ළමයි දෙන්නා එලියට ගිය නිසා වයිෆ් ටේබල් එකෙන් නැගිටලා ළමයි දෙන්නා ලගට ගියා , එයා එයාට බැලන්ස් එකවත් අඩුම තරමේ බිලවත් නොදි ටේබල් එක අස්කලා , මම ඔයාට ටිප් එක දුන්නද කියලා වයිෆ් ගෙන් ඇහුවහමයි ඒක දන්නේ ඇයි එයා..........''

'' සොරි සොරි සර් ඉන්න මම බලන්නං , මම නෙමෙයි බිල් එක කැෂියර් එකට දුන්නේ ''

මට තවදුරටත් කතා කරන්න නොදි , පොර දඩි බිඩි ගාලා එතනින් මාරු වෙලා . අනිත් අතට ඇවිත් . මගේ අතින් තිබ්බා නැමිලා තිබ්බ බිල් එකත් එක්ක 1050ක් . ඒත් රුපියල් දෙකක්  අඩුයි ,

හොදවයින් කියන්ඩ දේවල් කටට ආවත් කට පියාගන එලියට බැහැලා ආවා . මගේ නොදරුවෝ දෙන්නගේ සතුට විනාස කරලා දාන්න බැරි හින්දා , පැහැදිලිවම එතන උනේ අතපසු විමක් නෙමෙයි , '' දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා ''  නියාය.   මං ගං කබරයෙක් කියලා හිතාගන ඌ මගේ එක්දාස් පනහකට කෙලින්ඩ හදලා . හම්බෙන්ඩ තිබ්බ සන්තෝසමටත් කෙලව ගත්තා.

එලියට බැහැලා ගෙදර එන්න හැදුවත් ලොක්කී තව ටිකක් ඉන්න ඕන කියලා කරදර කලා.

'' අනේ තාත්ති අර කූඩුවේ හිටපු සිංහයා දැන්නං නිදියලා නැගිටලා ඇති , අපි ආයේ එතනට යංකෝ ''

''අර ඉස්සරහා වලෙත් ඉන්නවා පුතේ සිංහයෝ ''

කියුවත් කෙල්ලට අර කුඩුවේ ඉන්න සිංහයා ලග‍ට යන්න ඕනමයි කියලා බෙල්ලත් නමාගන කෙදිරි ගාන හන්දා  ආයෙත් ඉතින් එතනට ගියා

ඒ යනකොටත් ඉස්සෙල්ලා වාගෙම ඌ වයසක හින්දද මන්දා ඔලුවත් හංගගන හොදට බුදි ,

'' තාත්තියෝ දැන්නං මෙයා අපේ දිහා බලලා කැගහයි අපි එතකොට ෆොටෝ එකක් ගම්මු ''

කියලා , කෙල්ල කියපි , කොහෙද ඉතින් බැට්රි බැහැලා කියලා කියුවට අහන එකක්ද , අටමිගේ ෆෝන් එකේ බැට්රිය ගලවලා මගේ ෆෝන් එකට දාන්න බැරි හන්දා අතින් බැට්රිය පින් සෙට් එක තද කරලා කෙල්ලට දුන්නත් එයාට ඒක තද කරගන ඉන්ඩ වාරු නැති හන්දා යාංතං වදෙන් පොරෙන් මම ෆෝන් එක එක ඉල්ලගන  අටවගන ඉන්නවා . මොන සිංහයා නැගිටින පාටක් නැ , කෙල්ල දැං එක එක එව්වා කියනවා ,

'' එයි කම්මැලියා. නෝටියා නැගිටිනවා . ගොං අලියා වගේ නිදාගන ඉන්නේ ''

පොඩි එකි ඒ අස්සේ අටමිගේ මුනට එබෙනවා කට ඇරගන ඇස් ලොකු කරගන අතේ ඉදන්

'' ඔර්ර්ර......ගර්ර්ර ''

කෙල්ල මොනවා කියුවත් ගානකට ගත්තේ නැති සිංහයා . මම කූඩුව අනිත් පැත්තෙන් කැමරාවට බැට්රිය අටවගෙන  අරගන  යනකොට , එකපාරට අනිත් පැත්ත හැරිලා මං දිහාට මෙන්න මේක දික්කරා ,


''ශ්‍රී ලංකා ජාතික සත්ව උද්‍යනයේ බලන්ඩ එන උන්ට බලන්ඩ තියෙන්නේ මගේ මෙන්න මේක තමා කියලා''

( ප/ලි )


ෆෝන් එකේ බැටරිය චාජ් කරන්නට අමතක ඌ නිසා , ගත්තේ ෆොටෝ තුනක් පමණි , ඒකත් ගත්තේ අටමිගේ ෆෝන් බැටරිය මගේ එකේ පින් වලට අතුල්ලලා , අතින් අල්ලාගනය , නැත්තං හොද ‍ෆොටෝ ටිකක් දාන්ඩ තිබ්බාය , කොටලා දාන්ඩ හෙන ඇම්මක් තිබ්බ පෝස්ට් එකක් උනත් , වෙලාව නැති හන්දා පෝස්ෆෝන් , ඉදලා ඉදලා කොටන්ඩ ගත් දවසෙත් වැඩේ අලවිය . වරින් වර කෙටු සියල්ල ඔන්න එක තැනකට එක්කලා . සමාව මොකක්ද මන්දා එක කරන්න . අපි හරිම අවාසනාවන්ත මිනිස්සු

4 comments:

  1. කට්ටියට දැනගන්නත් එක්ක ලංකට් බමුණා කියා දුන්න ඇන්ටි ක්ලෝරීන් නැතුව ටැංකිවල වතුර පිරිසිදු කරන ක්‍රම ටිකක් කියා දුන්නොත් නරකද අටමෝ

    ReplyDelete
    Replies
    1. paya 6k baral ehekata dala thiyanna colrin tika ain wenawa ph aheth setele wenawa. thawa kottan koala danna ph age ganata enawa

      Delete
  2. මේකේ ඉන්න සත්තු දැක්කම දුක හිතෙනවා බන් ... සත්තු බලා ගැනීම අන්තිමයි ලෙඩ කපුටෝ ටිකක් වගේ ... උන්ගේ කූඩු ලගින් ගන්න බෑ ගඳයි ! ඉතින් සත්තු බලන්න එන උන්ට ආ ... ඉඳා... බලා ගනිනින් කියල අහවල් එක පෙන්නුවේ නැත්තම් තමයි පුදුමේ !

    ReplyDelete
  3. 🙈🙉🙊🐱🐭🐹🐰🐸🐯🐨🐻🐷🐮🐗🐒🐴🐑🐘🐼🐧🐦🐤🐉🐎🐅🐃🐀🐏🐄🐳🐬🐟🐠🐙🐌🐞🐿🐜🐝🐛🐢🐍🐔🐐🐕🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐁🐂🐲🐡🐊🐫🐪🐆🐩🐾🦀🦁🦂🕷🦃🦄🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐫🐫

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>