2014-02-01

ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය


වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ
නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ
ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ
මතකය හාර හාරා බොග කොටමින්නේ

කඩදාසියක් කියවන්නට වෙලා නැති
සෙල්ලමකටත් යන්නට දැන් හිතක් නැති 
මිතුරු ඇසුරෙනුත් ටික ටික ඈත් වෙති 
රස්සාවත් දැං පෝලිමේ දෙකට ඇති

ගෙට ගොඩ උන ගමං කමිසය ගලවන්නේ
කෙල්ලො දෙන්න එක්කල හුරතල් වෙන්නේ
අටමිත් එක්ක වචන දෙකක් කියවන්නේ
යටි හිත කියන්නේ මෙතනින් ඉදගන්නේ

කව්ද දන්නේ නැ මට අදහස් දුන්නේ
කව්ද යකෝ මේ පස්සෙං එල වන්නේ
ඊයෙත් ඇවිත් ගු ටෝක් නේ මු දුන්නේ
කවුද කියල දන්නව නං $*%$ වන්නේ

හිරු නැගි හැම දිනේ මිනිසුන් ගැටෙන කොට
පරණ කම් කටොලු හදවත හපන විට
නැගෙනා සිතුවිල්ල එක එක විටින් විට 
බාගෙට වඩා ඇයි බැරි මට කොටන්නට

එන එන සිතුවිල්ල ටික ටික කොටමින්නේ
බාගෙට ලියපු ගොඩ ටික ටික වැඩි වෙන්නේ
දන්නා අකුරු දැං නං මට මදි වෙන්නේ 
ඇයි දෙයිය‍නේ ඉස්කෝලෙන් මං පැන්නේ

ලියපු එව්වා වැඩි හරියක් කුණුහරප
ඇයි බං ලියන්නේ උඹ ඔය කුණුහරප 
මං හැමදාම ඇහුවේ ඒ කුණුහරප
මොනවා ලියන්ඩද මං ඇර කුණුහරප


අටමා ලියන කොට අයියෝ ඈක්කා
අරයා ලියන කොට කෝ බං ඒ අක්කා
අක්කල හොදයි බලහංකෝ අර කුක්කා 
කැම්පස් ගියත් මටනං ඌ ගූ කක්කා

කියවන එවුන් පෙරලාගන වරෙල්ලා 
මොනවා උනත් සිංහලයෙන් කොටපල්ලා
දුපත් චින්තනෙයි අරකයි කියපල්ලා
අටමට කඩ්ඩ බැ අවුල්ද බොලංලා


අරයා හොදයි ඌ ගැජුවට් මගේ බොක්කා
මොක්කුද යකෝ අර කානුවේ ගු කක්කා
බොන්ඩ ඇවිත් අරයා අපිවම වික්කා
මේකට මොකට බං චාටර් ගූ කක්කා

හිත තුල තද කරන් චාටර් එක කන්නේ 
ඇරියස් තියං ලෝකයටම රිදවන්නේ
මොකටද අනේ අනිත් උන්ට වහ වෙන්නේ
හිත රෑදි සිතුවිල්ල හිමිහිට කොටපන්නේ

මෙය මහ සම්පතක් ඔව් ඒකත් හරිය
ඕනම දෙයක් හිතු මතයේ කිව හැකිය
ඔව්වා පට්ට ඇත්තය මෙය ගත යුතුය
ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය

1 comment:

  1. ගෘප් එකක් කියල එකක් අටවං මටත් ඕකම වෙලා

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Stitching and Pattern making In easy and simple steps,- Part 2
  • දුකට සැපට  පද්මකාන්ත
    සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා…
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • Presser Feet Guide Of Household Sewing machines ,  different presser feet that do a lot of other functions , විශේෂ කාර්ය්‍යන් සදහා භාවිතා කිරීමට ගෘහස්ථ මහන මෙෂින් සදහා නිපදවා ඇති පුට් වර්ග සහ ඒවායෙන් පහසුවෙන් මසාගතහැකි මැහුම්.
    ම්  ම්  ම්  ... කොතනින්ද මේක පටන් ගන්නේ .... හොදයි  ...මෙහෙම පටන් ගමුකෝ , අදකාලේ මහන මෙෂින් එකක් සල්ලි දිලාගන්නකොට බොබින් දෙක…
  • Sri Lankan Grandma's Recipe Beef curry
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • ලොකුසාදුයි සල්ගාදුයි
    ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු. ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු. තව…
  • ඇත්තම ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා , VOC කියල ගහල තියනවා , හෝලන්ඩ් කියල ගහල තියනවා , සිංගර් ලෝගෝ නෙමෙයි
     සිංගර් ලෝගෝ ඒක පෙන්වලා මිනිස්සු රවට්ටන ජාවාරමක් දැන් ක්‍රීයාත්මක වෙනවා, ඇත්තම VOC ගෙම්බ මාක් මැසිමේ ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා, VOC කියල ගහල…
  • කොමාගේ පළමු අහවල් මෙව්වා එක
    කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,ඒ…
1,646,105

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>