2014-03-02

මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ


හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන හැදිල්ල වැඩිල්ල හරියට කොරගන්ඩ හම්බුන්නැ වැඩි හරියක් කරේ ඔඩෙක්කේ තියාගන හැදිල්ල වැඩිල්ල ( නොදැක්ක කට්ටිය කොටලා බලන්ඩ ) කරන එක තමා.

හැබැයි ඔන්න එකපාරක් අතේ තියාගන හදා වඩා ගන්ඩත් හම්බුනා , ඒක උනෙත් අහම්බෙන් , ඒ දවස්වල මං පොඩි කොල්ලා , අපේ ගෙවල් පැත්තේ තිබුනා හෙන ලදු කැලැවක් , ඒක කලින් වගා බිමක් පස්සේ තමයි කැලැවට ගිහිල්ලා තියෙන්නේ , ඒක තමයි එකේ තැනින් තැන පේර ගස් කෙසෙල් ගස් රටඅඹ ගස් ජම්ඹු එහෙම තිබ්බේ , අලි පේර ගස් දිවුල් ගස් පොල් ගස් , තැඹිලි ගස් හිටං තිබ්බා , ඊට අමතරව ඉතින් චීනගෙඩි , දං , එරමිනියා , වල් ඇඹිල්ල , වගේ කෑලැ  ගඩාගෙඩිත් මදි නොකියන්ඩ තිබුනා,

ඒකට කියුවේ හිර ගෙදර කැලේ කියලා , තව කැලයක් තිබ්බා දඹුව කැලේ කියලා , තව ගල්වල වත්තේ කැළේ කියලත් එකක් තිබ්බා , එයිට අමතරව හතර වටේටම අක්කර හතර පහ ලොකු කැලේට ගිය මහ ලොකු ඉඩං , පිඹුරෝ , අදුන් දිවියෝ , ඉත්තැවෝ , වල් ඌරෝ , එතනින් ගියහම මිමින්නෝ වාගේ කෑළැ සත්තුත් එමට හිටියා , වෙඩි තියලා , මදු ගහලා , දුංගහලා ඔය සත්තුන්ව අල්ලපු උනුත් නොහිටියා නෙමෙයි , දවසක් දෙකක් එහෙම මාළුවක් අටමා වළදලත් තියනවා ,

කාලයත් එක්ක ඔය මිනිස්සුන්ට අයිති වෙලා තිිබ්බ ඉඩකඩන් කොටස් වෙලා විකිණිලා ගියා , මම දන්න කාලෙට කලින්ම එහෙම වෙලා තිබුනා , සියබලාගහවත්තට සහ රාගම වත්තට , එත් එවායෙත් එහෙමට ගෙවල් හැදිලා තිබුනේ නැ . සමහරක් ඉඩං පාලුවට ගිහින් තමා තිබුනේ .

ඔය අතරේ සාර සුබාවට තිබ්බ හිරගෙවල් පිටිපස්සේ සියබලා ගහවත්ත මායිමේ තිබ්බ ගල්වල අත ඇරලා දාලා සුද්දෝ යන්ඩ ගියා . ඒත් එක්කම නැලිගම ප්‍රංශ කොරියත් අත ඇරලා ප්‍රංශකාරයෝ යන්ඩ ගියා , දඹුව කැලය සහ ගල්වල ඒ වෙනකොටත් අත ඇරලා තිබුනා ආණ්ඩුවෙන් , ඒ ඉඩම අවුරුදු පනහක් විතර අත ඇරලා තිබිලා තියනවා කැලයට , ඒ කැලය මැද්දේ ඒ කාලේ තිබුනා කෝච්චි පෙට්ටි දෙකක් , අටං දකින කොටනං තිබුනේ රෝද සැට් එකයි රේල් පීලි කෑලි දෙක තුනකුයි විතරයි . ඒ වෙනකොට ලෑලි පෙට්ටි දිරලම ගිහිල්ලා , හැබැයි ඒ කෝච්චි පෙට්ටි තමන්ගේ නිවස කරගන ජීවත් වෙච්ච ආච්චි අම්මා අදටත් ජිවතුන් අතර ඉන්නවා , හැබැයි ඒ ඉඩමේ නෙමෙයි . ඒ ලගම වෙනත් සින්නක්කර ඉඩමක . ලස්සන කතන්දර ගොඩක් තියනවා උනත් යම් යම් හේතු කාරනා උඩ අටමා එව්වා නොකියා ඉන්නවා , සමහරක් දේවල් තියනවා අපි සිමාවක් තබාගන හෙලි කලයුතු .



නැලිගම ගල්වල ඒ වෙනකොට වරාය අදිකාරියට අයිති වෙලා තිබුන නිසා පස්සේ කාලෙක ඒක බද්දට ලැබුනා '' ඩෙවුකෝෂොවා'' කියන ජපන් කොම්පැණියට , ගල්වල වත්ත මිනිස්සු අල්ල ගත්තා , ඒත් එක්කම දඹුව වත්තත් අල්ල ගත්තා , හැබැයි ගල්වල වත්ත නිකම්ම මිනිස්සු අල්ල ගත්තට , දඹුව වත්ත අල්ල ගත්ත සමහරක්ට ඒ වෙනුවෙන් සමහරක් දේශපාලුවන්ට යම් මුදලක් ගෙවන්ඩ උනා . සමහරක් අයට තිබ්බ සම්බන්දතා නිසා නිකන්ම අල්ල ගත්තා උනත් ඔය අළුත් ගං දෙකේම දැනට ඉන්නේ ඒ ඉඩං අල්ල ගත්ත මිනිස්සුන්ගෙන් ලක්ස පහලවට විස්සට සල්ලි දීලා ගත්ත මිනිස්සු , දැන්නං පර්චර්ස් එක ලක්ස හතරට පහටත් යනවා .


ඔය දඹුව ගල්වල තමයි ඉස්සෙල්ලම කඩලා තියෙන්නෙ එතන මහ ගොඩක් ගල් නැති හන්දා සියබලා ගහවත්ත උඩහට පස්සේ ගිහිල්ලා තියනවා . එතන මහ දඩාර ගල්වල , ඕකෙන් සහ නැලිගම ගල් වලෙන් තමයි කොළඹ වරාය හදන්ඩ ගල් අරගන ගිහින් තියෙන්නේ , දැන් අපි කොටුවේ ඉදන් එනකොට රාගම ඉස්ටේසමට කලින් පාස් කරනවා නේද පොඩි පාලමක් , අර තනකොල කපන්ඩ ගිය මිනිහව ගිල්ල කිඹුලා හිටපු තැන අන්න එතනින් රණවිරු සෙවන ඉස්සරහින් තියන වනාත පාර කියලා කියන පාර ඒ කාලේ රේල් පාරක් , අටමට මතක කාලෙත් ඒකේ රේල් පීලි තිබුනා , එතනින් පටන් ගන්න පාර බැසිලිකා ග්‍රවුන්ඩ් එක පාස් කරලා , දැනට ලංකා මාතා පාර කියන පාරේන් ගිහින් දෙකට බෙදෙනවා , ඉස්සෙල්ලම තියන බෝක්කුවෙන් තේවත්ත පල්ලිය පැත්තට හැරෙන පාරට සහ නැලිගම ගල්වලට සහ හිරගෙවල් පැත්තට යන පාරට .

ඔය පාරවල් දෙකටම සමාන්තරව ඒ කාලේ ගැලුවා ඇලවල් දෙකක් , ඒකෙන් එකක් ගැලුවා දඹුව ගල්වලේ ඉදන් පාම් එකේ වත්තට වැටිලා , තේ වත්ත පල්ලිය වත්තේ වතුරත් අරගන ඉහලගම වැවට , ( ඔය ඉහලගම වැව , බොයිස්ටවුන් වැව , පේරලන්ද වැව ගැන ජැක්සන් මහත්තයත් ලියලා තිබිබා ) අන්න ඒ ඇලත් එක්ක  ඉහලගම වැවට යන පාරේ නාන්ඩ ගිහින් එනකොට දවසක් පාරට වැටිලා තියන ලේන් කූඩුවක ඉදලා මට හම්බුනා ලේන් පැටියෙක් . හරි ආසාවෙන් හදන්ඩ කියලා අරගන ආවාට මොකද , ගෙවල් හරියට එනකොට මට ඒ ආසාව අත අරින්ඩ උනා.

අපේ ගෙවල් ලග උන්නා ඒකිගේ අක්කගේ ළමයව බලාගන්ඩ ඇවිත් පැලපදියන් වෙච්ච මට වඩා අවුරුදු හත අටක් වැඩිමාල් කෙල්ලෙක් , ඒ වෙනකොට ඉතින් මාත් එක්ක ටිකක් හිතවත් , මේකි අර ලේන් පැට්ටා දැක්කා විතරයි.

'' අනේ ..ලේං පැට්ටෙක් නේද ... හරි ෂොක් .. අනේ මට දියන්කෝ ''

'' බැ බැ මම ගෙනාවේ හදන්ඩ ''

'' අනේ ලොකු මල්ලි මට දියන්කෝ , ... ඕකව පෙන්නල කොල්ලට බත් ටික කවා ගත්තහැකි ''

එහෙම කියුවහම කොච්චර ආසාවෙන් හිටියත් මට ටිකක් හිතු උණු උනා , මොකද මං දැකලා තියනවනේ ඒකිගේ අක්කගේ යක් පැටියට බත් කවන්ඩ ඒකි කන කට්ට , අනික මං ඒ වෙනකොට හිතාගන හිටියේ ඒකී බොක්ක හොද යාළුවෙක් කියලා ,

අනේ ඉතින් මං ඒකිත් එක්ක කුස්සියට ගිහින් කිරි ටිකක් හදලා ලේනට කිරි පොවන හැටි කියලා දීලා එහෙම ආවා , පස්සේ මට ඒ පැත්තේ එක පාරකට දෙකකට වඩා යන්ඩ ලැබුනේ නැ ,

සතියකට දෙකකට පස්සේ

ඒක ---  දානන්ච දසදහසක් --- ලබ්බති කියලා පේර කඩන්ඩ කියලා හිරගෙදර කැලයේ පේර කඩන්ඩ ගියහම උඩහ අනිත් ගල්වලේ ඇලපාර ලග ආරාමය පිටි පස්සේ ජම්ඹු ගහේ තිබිච්ච ලේන් කුඩුවක ඉදලා තව ලේන් පැට්ටෙක් ලැබුනා , ඒකව ගෙදර අරන් ඇවිත් අම්මගේ මෙෂින් ලාච්චුවේ දාලා ටික දවසක්  හදන කොට මට හොදට හීලැ  උනා ,  මම රස්තියාදුවක් ගහන්ඩ යනකොට එහෙම ෂර්ට් එක අස්සේ හරි උරහිසේ හරි , සාක්කුවක හරි දාගන ඇරන් යනවා ,  දවසක් මම බෑග් එකේ දාගන ඉස්කෝලෙත් අරගන ගියා .

ඉතින් ඔන්න ඔහොම මම ලේනව උරහිසේ තියාගන අර කෙල්ලගේ ගේ ඉස්සරහින් යනවා , පාර අයිනේ  ළමයවත් අරගන හිට ගෙන හිටිය මේකි එක පාරටම මගේ ඉස්සරහට පැන්නා

'' උඹ මගේ ලේනව හොරකං කරගන ගියා නේද ''

ඒක අහපු ගමං මාව උඩුකුරුඤඥ වෙලා ගියා , මොකක්ද යකෝ මේ කියන්නේ කියල

'' ඇයි අක්කේ ලේනට මොකද උනේ ''

'' අනේ පලයං බොරු නොකියා , මගේ ලේනව හොරකං කරගන ගිහින් දැං බොරුවට බබා වෙන්ඩ හදනවා ''
කියලා මේකි උරහිසේ හි‍ටපු ලේනව ගන්ඩ අත දික්කරනවත් එක්කම ලේනා කමිසය අස්සට රින්ගුවා

'' පිස්සුද ඕයි මට හොරකං කරගන යන්ඩ ඕනනං තමුසට දීලා යනවද , මේකා වෙන එකෙක් ''

ළමයව බිමින් තිබ්බ මේකි මගේ ෂර්ට් එකෙන් ඇද ඇදා ලේනව ගන්ඩ පොර කෑවා

'' දීපං මගේ ලේනව දීපං ''

'' පිස්සුද ඕයි මේ ඒකා නෙමෙයි මේ මගේ ලේනා ''

හිතා මතා කාටවත් වරදක් නොකරන , කවදාවත් හොරකමක් නොකරන මට , මේ කරන අපහාසෙට ඒ වෙනකොට හොදටම යකා නැගලා හිටියේ , ඒකි තේරුම් ගන්න පාටක් නං නැ

'' දිපං යකෝ මගේ ලේනව ''

ඇදගන උන්න බොටමේ ඉලස්ටික් එක ඉස්සරහ පැත්තෙන් දකුණු අතින්  අල්ලාගන මං වම් අතින් ෂර්ට් එක අස්සේ ඉන්න ලේන් පැට්ටව වැටෙයි කියලා අල්ල ගත්ත මං . බොටම පාත් කරලා

'' මේ ඉන්නේ ලේනා ...ආ ඉදා ...''

79 comments:

  1. ටයිටලෙත් මරු. කතන්දරෙත් එසේමයි. ඉතින්,

    ලේනා කොයි :D

    ReplyDelete
    Replies
    1. ඈ බං.. ගස් වැල් එහෙම දළු දානව වගෙ, කතන්දරත් රැයක් එලි වෙන කොට වැවෙනව ද ? ඊයෙ මේකෙ ලේනෙක් හිටියෙ නෑනෙ. මට නං නිකං පිත්තු පිත්තු වගේ :D

      Delete
    2. කාලයත් එක්ක ලේනා වැඩුනා චන්දනයෝ

      Delete
    3. මචං මෝඩ ඇනෝ , අටම කොළු කාරයෙක්ද නැද්ද කියන එක අපිට අදාළ නැහැ නේ බං. මොකද අපි මෙතෙන්ට එන්නේ ඌ ලියල තියෙන දෙයක් කියෝලා යන්න මිසක් උඹ වගේ ඌත් එක්ක හාන්සි වෙන්න ට්‍රයි එක දෙන්න නෙමේ නේ.

      උඹලගේ රිලේෂන්ෂිප් ප්‍රශ්න තියෙනවා නං ඒවා නිදන කාමරේ හරි , රාගම ඉස්ටෙෂමේ වැසිකිලියේ හරි ඉඳගෙන විසඳගෙන එලියට වරෙල්ල බං... අතන මෙතන කන් කෙඳිරි ගගා යන්නේ නැතුව.

      අටම කොළු කාරයෙක්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. එත් උඹේ මේ වැඩෙන් නං පෙන්නේ ඌ උඹටනං ඇරලා තියෙනවා ඇරිල්ලක් ආයි ලුබ්රිකන්ට් නැතුවම. බිව් රංකිරි කටිං එන්නම. හඃ

      Delete
    4. "atamata tikak wela yai mama hithanne mageth ekka e wade karanna"

      ඒ කියන්නේ වෙලා ගිහිල්ල හරි අටමට ඒ වැඩේ උඹත් එක්ක කරගන්න පුළුවන් කියන එක නේද ? අනේ මෝඩ ඇනෝ .. ඔන්න බං උඹේ උරහිසේ පුහුල් අළු !

      ඔන්න පාටියකදී මහත්තයෙක් පට්ට නෝනා කෙනෙක් දැකල ටෝක් කරන්න ලඟට ගියාලු.
      ම : ඔයා හරි ලස්සනයි. මම රුපියල් කෝටියක් දුන්නොත් ඔයා එක රෑ කට මගේ වෙනවද ?
      නෝ : කෝටියක් නේද ... ම්ම්ම්ම්ම්ම් .. කෝටියක් ම දෙනවා නං මම කැමතියි
      ම : ස්වීට් එහෙනං. දැනට නං මගේ ගාව කෝටියක් නැහැ. රුපියල් 5 කට බැරිද ?
      නෝ : මොනවා ! තමුසේ මම කවුරු කියලද හිතං ඉන්නේ ?
      ම: ඔහේ කවුද කියල අපි දැන් තීරණය කරගෙන ඉවරයි නේ. දැන් තියෙන්නේ ගාන සම්බන්ධ ප්‍රශ්නයක් විතරයි නේද !

      මචං කොළු ඇනෝ... නැට්ටේ ඉඳං කක්කි නේද ? වෙන කොල්ලෙක් හොයාගනින් බං මේ දරු පවුලක් ඉන්න මුට වද දෙන්නේ නැතුව. :D

      Delete
  2. හාපෝ.........................මේකත් ලේනෙක්ද කියන්න ඇති ඒ අක්කා.

    ReplyDelete
    Replies
    1. ඒ වෙන කොටත් කලවැද්දෙක් හොරාට වැට පැන පැන උන්නේ

      Delete
  3. Ithin akka e lenawa dakala mokada kiwe ?

    ReplyDelete
    Replies
    1. පොඩි එකාවත් උස්සාගන ගෙට දිහුවා

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේ ලේනෙක් යෑ! ඌරු මීයෙක් නේ කියන්න ඇති! :D

    ReplyDelete
    Replies
    1. පල පල ඌරු මීයා කියන්නැ මං

      Delete
  6. අක්කා ගම රට දාලා දුවන්න ඇති ලේනා දැකලා. ;) නැත්නම් "කෝ බොල මුගෙ ඉරි තුන, තෝ මට අදුර ගන්න බැරිවෙන්න ඒකත් මැකුවද…?" කියලා අහන්න ඇති.

    ReplyDelete
    Replies
    1. "කෝ බොල මුගෙ ඉරි තුන, තෝ මට අදුර ගන්න බැරිවෙන්න ඒකත් මැකුවද…?"

      ඒක එලකිරි කතාව

      Delete
  7. අඩේ පට්ට අටමෝ...

    මටත් මතකයි මම ගල්ලෙ ඉන්න කාලෙ ලේන්නු හැදුව 10 ක් විතර... ඉස්කෝලෙත් අරගෙන ගිහිල්ල තියෙනව.. පට්ටම ගති... මතක් උනා ලේන්නු ටික... හැබැයි කවමදාවත් කූඩුවක දාල නෑ...

    ReplyDelete
    Replies
    1. මාත් මෙෂින් ලාච්චුවේ දාලා හැදුවේ

      Delete
  8. ඒ ලේනාටද බං තුන් ඉරි අප්පු (අප්පුහාමි විය යුතුයි..) කියන්නෙ??

    ReplyDelete
  9. අපොයි... ඊට පස්සෙ අක්ක ජීවිතේට ලේනෙක් දිහා බලන්න නෑ.

    ReplyDelete
  10. කතාව කොහොම වෙතත් ඔය ලේන්නු හැදිල්ල නම් මම අනුමත නොකරන වැඩක් මොකද උන් ඉක්මනට මැරෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා නොහදා කොහොමද

      Delete
  11. අනේ චුටි ලේන් පැට්ටා,එදා නං මු මීට වඩා ලොකුයි,කිව්ව නේද බං අක්ක.

    ReplyDelete
    Replies
    1. නැ හැලපේ මේ ඒ අක්කා නෙමෙයි

      Delete
  12. කොහොමත් ඒ වයස් කාලෙ ඕක ඇස් නෑරපු මී ,ලේන පැටවූ වගේ තමා...දැන් කියලත් ඉතිං දඩු ලේන වෙන්නෙ වල් වැඩක නිරත වෙද්දි විතරනෙ ...
    නෙදකින් උත්තිගෙ පුතා ...පොඩි කාලෙ ඉදල වල් ෂිත .... ශික් ...

    ReplyDelete
    Replies
    1. එහෙමද ඇනෝ මචා....
      මම ආසම පූස් පැටවුන්ගෙ තිරස් කට පුන්චේට බං හැක් ...හැක් ...

      Delete
    2. වල් කමකට එහෙම කරා නෙමෙයි බං කෙන්ජියෝ..මට ආපු තරහට

      Delete
  13. ඉතිං අක්කා ලේනාට ආස හිතුනැයි....:D

    ReplyDelete
  14. සිරා ස්ටොරිය.
    ඊට පස්සේ මොකද උනේ කියහන්කෝ අටං අයියේ...!

    ReplyDelete
  15. ඊට පස්සෙත් අක්ක ඉල්ලුවද අටමෝ...?

    තනකොල..?????
    එහෙම ජාතියකුත් තියෙනවැයි ?

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එක මට තේරෙන්නේ නැ බං

      Delete
  16. ඔය සමගි මාවත පැත්තෙ ගියොත් ඒ ගෙවල් වල වැට මායිමට , පොඩි කානු උඩට පරන රේල් පීලි දාල තියනව අදටත් ..එතකොට රාගම ඉඳන් වෙල මැදින් තියන පාර මිනිස්සු හදාගෙන තියෙන්නේ පරන සිල්පර කොටයි රේල් පීලියි දාල. (දැන් මම සමගි මාවත පැත්තෙ ගියේ ඇයි කියල නම් අහන්න එපා..). මට ලාවට වගෙ මතකයි ඉස්සර පොඩි දවස් වල දඹුව කැලේ නරි හූ කියනව ඇහෙනව..

    ඊට පස්සේ අක්ක බත් කැව්වෙ මොකා පෙන්නලාද?

    ReplyDelete
    Replies
    1. උඹත් එහනං මේ ඉව්වේ එකෙක්

      Delete
    2. උඹත් එහනං මේ ඉසව්වේ එකෙක්

      Delete
  17. අක්ක ආසාවෙන් කන්න බොන්න දීල හදාගන්න ඇති

    ReplyDelete
  18. අක්කා දිව්වද පස්ස නොබලම.... :D

    ReplyDelete
  19. හනී මූ ලේනගෙ මවිල් ටික සේරම බූ ගාලා නේද කියලා අක්කා කිව්වෙ නැද්ද බන් ???

    ReplyDelete
    Replies
    1. වෙනි අයියත් ඉස්සර ලියල තිබුන නේද ලේන් කතාවක්.

      Delete
    2. කොල්ලෙකුට ගලක් කපපු නැති එකෙක් මේ ලෝකෙ ඉන්නවද බන් ඇනෝ ? උඹ නම් මේ ලෝකෙ ඉන්න එකෙක් වෙන්න බෑ..

      Delete
    3. ඒ කාලෙත් ලාවට මයිලක් දෙකක් තිබ්බද මන්දා වෙනියෝ

      Delete
  20. ඊට පස්සේ අක්කට ලේනෙක් හම්මබ උනා අටමට ලේනෙක් නැතුව ගියා .......

    ReplyDelete
  21. කතාව කොහොම පටන් ගත්තත් ..... හිරේ ...... කොතනින් හරි ගැවිලා යනවා නේද....? හරියට යටත් විජිත මානසිකත්වය වගේ......

    ReplyDelete
    Replies
    1. හිරේට වැටුනහම ඔහොම තමයි... :D

      Delete
    2. ජීවිතෙන් බාගයක් ගෙවුන තැනනේ

      Delete
  22. අක්ක දිගටම ලේනව හුරතල් කරා කියල ඔය රාගම පැත්තේ හැම එකාම කියන්නේ

    ReplyDelete
  23. ඊට පස්සෙ අටමා සතියකට දවසක් විතර ලේනව අක්කට පෙන්නන්න ගියාලු...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියා පොඩි කාලේ ගම්මිරිස් පිබලා තියෙන්නේ

      Delete
  24. අපේ අයියටත් තිබ්බ ලේංනු හදන පික්ෂුවක්...බ ඌ මැරුනම වලලලා හිටං හෙන විජ්ජුම්බරයක් කොලා මතකයි...
    අක්ක මල්ලිගෙ ලේනට පස්සෙ කාලෙක වත් ආසවුණේ නැතෙයි

    ReplyDelete
    Replies
    1. නැ බං ඒකාලෙම එයාට දඩු ලේනෙක් ලැබුනා

      Delete
  25. අක්කා කිව්වලු දැන් හදිස්සි නෑ හවස් අතේ ඇවිත් ලේනා දීලා පලයන් කියලා.

    ReplyDelete
  26. හඃ හඃ හඃ පට්ටම ආතල් අටමෝ. අර චීන ගෙඩි කියන්නේ මොනවද ? මම අහලම නෑනේ .

    ReplyDelete
    Replies
    1. චීන ගෙඩි කියන්නේ පොඩි කොල පාට ගෙඩි ජාතියක් , ඉදෙනකොට කහ පාට වෙනවා

      Delete
  27. අක්ක ලේනව අල්ලල හුරතල් කරන්න ඇති නේද බන් :P

    ReplyDelete
  28. මට තියෙන ප්‍රශ්ණේ මූ දඩු ලේනෙක් ද නැත්නම් ඉරි ලේනෙක් ද කියලා ..දඩු ලේනෙක් වෙන්න ඇති නේ ..එකනේ අක්කා ඌවම ගන්න හදන්නෙ .
    අක්කා ලේනව දැක්ක ගමන් මොකෑ කරේ ??

    ReplyDelete
  29. කියෝනකොටම මට නම් හිතුනේ පලවෙනි දවසෙම ලේනගේ කිරි පොවන්න ඇති කියලා...බොටම විතරයි??යටිතල පහසුකම් නැද්ද??

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යටිතල පහසුකම් සපයලා නෙමේද හිටියෙ? ;)

      Delete
    2. නැ බං නිකං බොටම

      Delete
  30. අක්ක ලේනට ආස වුනාද

    ReplyDelete
  31. අක්කා ලේනට ආසවෙලා නැහැ ,,

    ReplyDelete
    Replies
    1. මං කියවනේ අපේ කිසිම ඇයි හෙංදැයියක් නැ

      Delete
  32. අක්කා කිව්වලු...

    අපි නම් ඕවට කියන්නේ "හූනෝ" කියලා....

    ReplyDelete
    Replies
    1. මාතේලැ පැත්තේ අක්කලට දඩු ලේන්නු පේන්නෙත් හුනෝ වාගේ තමා

      Delete
  33. මාත් ඔන්න ගොඩ උනා අටම්පහුරට, අද ඉඳන් එනවා එගොඩ මෙගොඩ යන්න. අටම්පහුර තමා වේලි වේලි තිබ්බ මගේ බ්ලොග් එකේ පලමු සාමාජිකයා උනේ. ඒ ගැනත් මතක් කරල ස්තූතිවන්තවෙන ගමන්, මේකත් කියන්නොඅනි. ඔය ලේන් උන මටත් සෑහෙන්න තිබුන ඒකාලෙ. ඒත් හදන්න පටන්ගත්ත විතරයි මගේ ඇස් ඉස්සරහාම ඒක ගොදුරක් උනා පූසාගෙ.(වැරදියට තේරුම්ගන්න එහෙම එපා ඕං..)

    ReplyDelete
    Replies
    1. ප.ලි. : එදායින් පස්සෙ මට ලේන්නු හදන එක එපාම උනා. ඒක නෙවේ අටං, ඔය කීවා කැලෑ රොදවල සිද්ද උන රසකතා අම්බානක ඇතිනෙ.. දාන්නකො ඒවා අපිටත් රසවිඳින්න.

      http://masandumal.blogspot.com/

      Delete
    2. ස්තුතියි ආයෙත් එන්න

      Delete
  34. //හිතා මතා කාටවත් වරදක් නොකරන , කවදාවත් හොරකමක් නොකරන මට , // සුවර්ද ඈ ?

    ReplyDelete
  35. නැතුව පට්ට ෂුවර්

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>