2014-11-05

මල් සින්දු කියන මල්ලියෙක්ට




නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත
ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා        වෙත
පාලුව කෝ කොහෙද ගියේ සෙමරසැලු දෙදෙනා වෙත
නුඹේ සුවද හද පතුලේ ගැඹුරු කොනක පිරිලා     ඇත

මල් වැට නැ පාරදිගේ ගල් බැම්මක් බැදිලා           අද
ඇලපාරෙත් ලස්සන නැ කාණු වතුර          වැටිලාමද
එදා තිබුන නී හඩ නැ බස් රථයක්                දුහලාමද
ටික දිනකින් නුඹ නාවේ මේ වෙන දේ      දැනිලාමද

මගහැරගිය මේ පාරෙම බස් රථයට        නැගෙනාවිට
දරාගන්න බැරි වෙනකොට හිත වරදින්  පෙලෙනාවිට
කවුළු දොරෙන් අනන්තයේ ඇත ඉමක්   සොයනාවිට
පෙරට වඩා හිත රිදෙන්නෙ ඔබ මා මග       හරිනාවිට


25 comments:

  1. මගෙත් මැශිමක් තියෙනවා හදාගන්න,හැබැයි මමත් ගෙදර ඉන්න වෙලාවක එන්න පුලුවන්ද මොකද wife විතරයි ගෙදර ඉන්නේ ..........

    ReplyDelete
  2. ;-( wife ඉන්න වෙලාවක ගෙන්න ගත්තට කමක් නැහැ wife නැතිවෙලාවට මුව ගෙන්න ගන්න එපා

    ReplyDelete
    Replies
    1. මේක දැකලා කොරවුනා බං.

      Delete
  3. මං බලාගෙන හිටියා. ඒක එච්චරම හැඟීම්බරයි.. ලස්සනයි... ලයාන්විතයි.. අරුත්බරයි.. දුක්බරයි.. පිංතූරේ දැක්කම කයිය කියවන්න හිත් දුන්නෑ ආයිබෝං..

    බු දු ස ර ණ යි !!

    ReplyDelete
  4. භෞතික ලෝකය අලුත් වුනත් කවදාවත් නොවෙනස්වන ආධ්‍යාත්මික ලෝකය.. එය කෙතරම්ම මිහිරිද.

    ReplyDelete
  5. බස් අජිත්ට නම් නියමෙට ගැලපෙනවා.. යවපං ඌට... බැරිවෙලාවත් ඌ කිව්වොත් කාටද ආඩම්බර ...

    ReplyDelete
  6. අත අල්ලාගෙන යනකොට අක්කගෙ හුරු බුහුටි කමට
    හිත උතුරා වාන් දමයි..... කෙත් මල් යායම සරුකොට
    රෝසයි රතු දෙකම්මුලට...... කන් පෙති හා පුංචි මුවට
    ආසයි මම හාදු දෙන්න......... සිංදු කියන මල්ලියෙක්ට :D

    ReplyDelete
  7. හොඳයි බං.... අන්තිම කවියට මම කැමතියි

    ReplyDelete
  8. එල ද බ්‍රා..
    අන්තිම පේලියට මම කැමති..

    ReplyDelete
  9. මල් කඩ කඩ යනකොට...... මල් මල් සින්දු නොකියෙවිද...? අටම්.....

    ReplyDelete
  10. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනව..

    ReplyDelete
  11. බස් අජියාට ගැලපෙන සිංදු ලියන්නෙකුට දෙන්න පුළුවන් නම බස් අටමා.

    ReplyDelete
  12. x-) කවිය හොඳා...

    ReplyDelete
  13. හොරට ලියන කවි . ඕ යේස්!!!!

    ReplyDelete
  14. ලස්සනයි අටම් කවිය.

    ReplyDelete
  15. මොකක්ද නිමිත්ත වුණේ මේ පරණ අමතකය අලුත්වෙන්න. කොහොම වුනත් අපූරු කවිටික.

    ReplyDelete
  16. ශෝක් කවි ටික. අර තිසර කිව්ව වගෙ මාත් වැඩිය කැමති අන්තිම කවියට. ඒක ලස්සනට ගැලපිලා ඇවිත් තියනව.
    මේ බස් නැවතුම පෙර හැම දිනකම............ කවි ටික දැක්ක ගමන් මතක් වුනේ ඒක. මොකෝ බං "මල් සින්දු කියන මල්ලියෙක්ට" කියල දාල තියන්නෙ.

    ReplyDelete
  17. දාලා ගිය කෙහෙල්මලට බම්බු ගහන්නැයි කියපං
    ඔයිට වැඩිය එළකිරි බඩ්ඩක් ඉක්මනටම දාගං
    ඕකි බලයි ඉරිසියාවෙ නැද්දැයි කියලා බලපං
    මූදෙ තවත් මාලු නැද්ද අනේ අටමො උඹ නාඩං

    ReplyDelete
  18. සෙක්ස්වලට කරිවිල හොදයි කියලා අහලා තිබ්බා. ඇත්තද බං

    ReplyDelete
  19. කියන්න වචන නැ එක නිසා නොකිය ඉන්නම් :) නියමයි

    ReplyDelete
  20. ලස්සනයි අටමා අයියේ.....

    ReplyDelete
  21. hamadema wenas nam magaarimath wenasak na,,,

    ReplyDelete
  22. දැනුයි ඇහැ ගැටුනේ... ලස්සන පද පෙලක්..

    ReplyDelete
  23. අටමා අයියාට මොකක් වෙලාද?
    කෝ ලියන්නේ නැද්ද?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • DIY - how to make a 30$ granite bonsai pot / ornamental pot at home
  • මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං
    ‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘ ‘‘ නැ .....එපා ‘‘ ‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘ ‘‘…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • How to Cutting and Stiching Girls School Unifome - Part 3
  • නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්
    අතීතේ සියවරක් මා ඔබව බලා උන් දොඩමළුව සිනාසුනු දෑත් යුග පටලවන් ගොඩනැගු අපි එදා අනාගත සිහිනයන් දකීදෝ කවුරුවත් අපි දන්න යැයි බියෙන් මා දමා ගිය…
  • එහෙම එකක් උනාද අප්පා
    ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යලය කියල ඉස්කෝලයක්  තියනවා  නැලිගම ..ඒ කියන්නේ  රාගමයි කඩවතයි අතරේ .... මං ඉස්කෝල තුනකට ගිහින් …
  • වැරදි ඉදිකටු වැරදි පැත්තට දැමීම  , The wrong needle is the wrong side
    මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.…
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
  • ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි
    ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය…
1,645,448

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>