අකුරට ගියාට එන තුරු පෙරමග
සිනහ කවට කෙලි කතා කමෙන්
කැත කිලි කුනු ගෙන යන්නට ආවම
සිටියේ නුඹ නන්නාදුනන ලෙසින්
ගං දිය සේදී සුසිනිදි වු ඒ
නුඔ දැතත් මං මගහරිමින්
ජීවිතයේ අලුයම දිය කෙරුවේ
මා මව් සිත රිදවනු බැරියෙන්
ඇ දෙන ගෙන යන පෙරමග පාවඩ
ගෙන ආවේ කහටක් නැතිදෝ
සමාවෙලා ඉදපන් රත්තරනේ
යන්න එපා පාවඩ සමගින්
මනා හදපු සින්දුව මෙතනින් අහල බලන්න
මොකද යකෝ බ්ලොග් එකේ අර ලස්සන හෙඩර් එක වෙනස් කළේ?
ReplyDeleteඒක දැන් ඇති කියල හිතුනා , ලස්සන උස නැති පළල එකක් හදලා දෙන්ඩකෝ , අඩුවක් මිටියක් යතුරු ටිකක් එහෙම දාල , කොල්ලා මෙෂින් හදන කාටුන් එකක් එක්ක
ReplyDeleteඅර මැලේ රාල කියන එකාගෙනුත් ආරංචියක් නැනේද බන් ........... බ්ලොගත් නිකන් වහල දාලා වගේ
ReplyDeleteරෙදි නැන්දගෙ දූ??? O.o සෙංකොට්ටන් මතක් උනා..
ReplyDeleteඉන්දියාවෙ මේ වගේ දර්ශන ටිකක් කාගෙ හරි බ්ලොග් එකක ගියා. පිස්සු හැදෙන පින්තූරු.
ReplyDeleteමට තේරුණා බලනකොටම අටම්පහුර වෙනස් වෙලා...... URl එකේ ඉදලම අමුත්තක් දැනුන...... වෙනස කමක් නෑ.....
ReplyDeleteමේ අටමා මොකක්ද ඒ.............................. ගගේ පාවෙන මොකක්ද?????
ReplyDeleteතාම නෑ කිලිකුණු ගිහින් ඒ
ReplyDeleteකිම්ද නොදැනේ කාරණා...
+++++++++++++++++++
Deleteමට මතක් වුණේ අපේ ගමේ සිද්ධ වෙච්ච දෙයක්. මගේ ගම බෙන්තර (ඔව් ගඟෙන් එහා තමයි). ඉස්සර 89 එකතරා දවසක ලස්සන කෙල්ලෙක්ගෙ මිනියක් පා වෙලා ආවා. ගම්මු මේක බලන්න එකතු වුණා. කෙනෙක් නුදුරෙන් තියෙන පොලීසියට දැනුම් දුන්නා. මේ ගඟේම අනිත් ඉවුරේ අලුත්ගම පොලීසිය තියෙන්නේ. පොලීසියෙන් ආව කෙනා මිණිය පොඩ්ඩක් වතුරට තල්ලු කරලා අලුත්ගම පොලීසියට කියන්න කිව්වා. අලුත්ගමදීත් ඔය වැඩේම වෙලා. අන්තිමේදී තවත් පොඩ්ඩක් එහායින් තිබෙන මුහුදටම ගිහිං. හැබැයි මුහුද තියෙන්නේ බෙන්තරට විතරයි. අලුත්ගමට මුහුදක් නෑ.
ReplyDeleteඋබට තියෙන්නේ හොඳ හැකියාවක් අටන්. පින්තුරය එහෙ සාමාන්‍ය දෙයක් උබ එකට කතාවක් හදලා
ReplyDeleteඅනික ‘‘යකෝ‘‘ ලින්ක් එක වැඩ නැහැ යකෝ
මට ත් හිතාගන්න බෑ ඒ ගඟේ පාවෙන්නේ මොකක්ද ?
ReplyDeleteතට්ටයක් ද ? :)
සිරා නම් සිරා
ReplyDeleteයකෝ වැඩ නෑ යකෝ