2015-03-03

හැකිනං පොලව හාරාගන වැලලෙනවා


චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත්
චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත්
චේන් එකට කැපුනු පාර අළුත් වෙලා       පෙනුනාමත්
උඹනං මහ වස බල්ලෙක් හිතුනා මට          හැමදාමත්

තට්ට තනියේ රැ තිස්සේ බ්ලොග් බලලා       හිදුනාමත්
බත් ජුංඩක් බෙදං ඇවිත් බන්ඩි ගෙඩියේ       එබුවාමත්
බිත්ති හිලෙන් උඹ දැකලා ඉජුක් ඉජුක්        කියුවාමත්
දෙන කට්ටක් උඹ කෑවේ කවදද බං             වනලාවත්


කාගෙද ලොකු අර බල්ලා නොවෙයි දන්න    කාගේවත්
ලගට ගියත් නැ ගන්නේ හිතට කිසිම          ගැස්මක්වත්
කාටත් බය නැති බෘනෝ දුවන මූ                 දැක්කාමත්
දරුවො දෙන්න කයිද මන්ද ලං වෙනවා    සැරකෙරුවත්

දවල්ටනං එන්නේ නැ රෑට එන්නේ              හැමදාමත්
දවස තිස්සේ බැදල තියල වරෙං කියල             රීලාවත්
රෑ උනහම අරිනව ඇති නාලත් නැ                කවදාවත්
ඔහොම සත්තු හදන උන්ට ඉඩක් නැනේ    අපායෙවත්

ගනන් ගන්න එපා චූටි ඔන්න ඔහේ ඇවිත්               ගියත්
පේනවාද ඉන්නා හැටි කකුල් හතර කරන්               උඩත්
කැමති ලෙසට ඌට ඉන්ඩ තැනක් නොමැති බවක් හැඩත්
ඔන්න ඔහේ ඉන්ඩ අරිමු අරං දාල දාන                 බෙටිත්

තාත්තිච්චි බලන්නකෝ මිදුලේ මේ  මෙමං           ඉන්න
කළු බව්වා අදත් ඇවිත් මාත් එක්ක යාළු             වෙන්න
මාලෙත් නැ අද බෙල්ලේ වෙනදට ඌ දාගන            එන
මං දුන්නම ක්‍රීම් බික්කෝ බරස් ගාල කන            ලස්සන

ජනෙල් හිලෙන් බලන මෙමට යම දෙයියන්    සිහිවෙනවා
බිස්කට් ටින් එක අරගන බල්ලට බිස්කට්              දෙනවා
එකක් ගිලින්ඩත් කලින් තවත් එකක්                ඔබ්බනවා
කලින් දුන්න බිස්කට්ටුව දෙපා මුලට                 වට්ටනවා

මොකද බික්කෝ වට්ටනේ පිස්සුද බව්වෝ            ඔයාට
කෑම බිමට වට්ටන්නේ නෝටි ළමයි නෝට්           කමට
බිස්කට්ටුව අහුලන්ට නන්දිබතුව නැමුන                කලට
බව් බව් ගාගන බල්ලා පැන්නනේ කෙල්ලගේ      මූණට

අවිහිංසාව තිරිසං පෙම දුරක                           ගියා
බුර බුර නැගෙන දරු සෙනෙහස පෙරට           ගියා
අත රැදි හාඩ් ඩිස්කුව එල්ලයට                        ගියා
වට හත අටක් බල්ලා කැරකිලා                       ගියා

බිම දගලමින් කෑගසමින්                 පසුවෙන්නේ
යන මග හොයාගන්නත් බැ         මොර දෙන්නේ
ගේ වටෙ වට තුනක් බල්ලා          කැරකෙන්නේ
අයියෝ දෙයියනේ හොද සිහි         එලබෙන්නේ

පවුලයි ලොකු දුවයි අටමට                 ඔරවනවා
පොඩ්ඩි ගල් ගැහිල එතනම             පසුවෙනවා
අහල පහල උන් හිමිහිට ඇහැ                දෙනවා
හැකිනං පොලව හාරාගන              වැලලෙනවා

77 comments:

  1. අපොයි ! :(

    ReplyDelete
  2. මමනම් දැක්ක තැන පාර දෙනවා.. පනිනකම් ඉන්නේ නෑ.. කෙල්ලව හැපුවනම් දොස්තරෙකුට පෙන්නපං.. අහල පහල උන්ට බම්බු ගහගන්න කියපං..

    ReplyDelete
  3. ඩොකාට පෙන්නහං මචෝ..

    ReplyDelete
  4. ගෙවල්වල සත්තු හදන එක හොඳ මදි. සුරතල් සතුන් හදන කොට මානසික සහනයක් ලැබෙනව කිව්වත් ඒකෙ අයහපත් පැත්ත වැඩියි. සත්තුන්ගෙන් ලෙඩ බෝවෙනව .කුඩා ළමයි සත්තුන්ට කිට්ටු කරන එක නම් හරි මදි.බොහෝ අවස්ථාවල ලමයි සත්තුන්ට ආදරේ වුනාට සත්තු පෙරලා ළමයින්ට ආදරේ කරන්නෙ නෑ.
    වැඩිහිටියන් හා බල්ලන් වැනි සතුන් අතර භාවාතිශ සබදතා තිබෙන බව පේනවා. ඒ වගේම බල්ලන් වැනි සතුන් කුඩා ළමයි අනතුරුවලින් බේරනබවටත් වාර්තා තියනවා. ඒත් ඒ කලාතුරකින්. හොඳම දේ ළමයි සත්තුන්ගෙන් ඈත්කරන එක.
    සත්තු කියන්නෙ කැලේ ඉන්න එවුන්නෙ. උන් ගෙවල්වල හදන එකත් වැරදියි කියලයි මට හිතෙන්නෙ. උන් අයිති කැලේට.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා කැලේට අයිති තිරිසන් සත්තු අපේ විනෝදෙට ගෙවල්වල ඇතිකරන්න අපට තියන අයිතිය මොකක්ද
      මේක දාර්ශනික ප්‍රශ්නයක් තමා.
      දෑත සංචරනයෙන් නිදහස් කරගත්ත කියල, පිළිමල් මහපටඇගිල්ලක් තියනව කියල උජාරුවෙන්, ඒ වගෙම ඍජුකාය විලාසය ලබාගත්ත කියල අනෙක් අයගෙ නිදහස නැතිකරන්න අපට බෑ.
      ඒ ගොල්ලො ඉන්නෙ අපේ ගෙවල් මුරකරන්නවත්. අපේ ධාන්ය වනසන මීයො අල්ලන්නවත් නෙමෙයි. අපට හුරතල් කරල ආතල් ගන්නත් නෙමෙයි. ඒ අයට වෙන ජීවිතයක් තියනව. මම නම් හරිම විරුද්දයි සත්තු හදනවට. ඒක ආත්මාර්ථකාමීකමක් අටමො.
      සත්තු වත්ත කියන සංකල්පෙම පිළිකුල්. එහෙම එකක් තියන එක ගැන මිනිසා ලැජ්ජ වෙන්න ඕන.

      Delete
    2. මේ අටමා හදපු බල්ලෙක් නෙමේනේ , අටමලගේ දිහා ඉන්නේ කබරයි :)

      Delete
    3. කැලෙන් බලෙන් සතෙක් අල්ලන් ඇවිත් හදන එක සම්පූර්ණ අපරාධයක්.ඒක හරි.ඒත් දැං පරම්පරා ගානක් තිස්සෙ මිනිස් ඇසුරෙම ඉන්න බල්ලො බළල් සංහතියට මිනිස් ඇසුරෙන් පිට ආරක්ෂාවක් වත් පැවැත්මක් වත් නෑ නේද? උං අපෙන් යැපෙන නිසා උන් වෙනුවෙන් අපේ වගකීමක් නැද්ද? නිකංම දඩාවතේ යැවීම සාධාරණ නෑ නේද?

      Delete
    4. අපේ ගෙදර පුසෙක් ඉන්නවා මධ්‍යස්ත මතධාරිය. සත්තුන්ටත් මධ්‍යස්ත වෙන්න. දැන් ඉන්නේ තුන් වැනි එකා. මිනිස්සු විසි කරල යනවා පුංචි කාලේ හදා ගන්න බැරිව. පලවෙනි පුසා මාසයක් විතර ඇති පොඩියි. සෝමාලියන් කට්ටියක් අරගෙන (තැන් තැන් ඉන්න අය). සාමාන්යෙන් මව් බැළලි ගාව මස 3 ක් වත් ඉන්න ඕනේ. මම අරගෙන කිරි දීල හැදුව. පුසට අම්මයි තාත්තයි මම. මමයි පොඩි එවුනුයි යන තැන පස්සෙන් එනවා. බලු පැටියෙක් වගේ. ටොයිලට් යන එකත් ඔඋරුදු කෙරුව. උගේ කරුමෙට උව මැරුවේ තවත් අප්‍රිකන් කාරයෙක්. උගේ වත්තට පැනල බොගක් දාන්න. මව් බැළලි පුරුදු කලේ නැත්නම් එහෙම වෙනවා. දැන් ඉන්න පූසා අපි කන්නේ නැත්නම් කන්නේ නැහැ. උදේට හා රට දෙතුන් වතාවක් තමා කන්නේ අපි කන වෙලාවට. දවල්ට අපි ගෙදර හිටියොත් කනවා. හවසට ගෙඅර එන වෙලාවට හරියට දොර ගාවට ඇවිත් ඉන්නවා. ළමයි සතුන්ට කරුණාවන්ත වෙනවා හිටියම. සත්තු වත්තවල් වලට නේ විරුද්ද වෙන්න ඕනේ.

      Delete
    5. මධ්‍යස්ථ එහෙම කියන්න එපා ගුණ යහපත් බල්ලෝ ඕන තරම් ඉන්නව , මෙතන තියන ප්‍රශ්නය ඒ බල්ලට ආදරය උගන්නල නැ . දවස තිස්සේ බැදල වද දිල හදපු බල්ලෙක් , මිනිහෙක්ව එහෙම හැදුවත් හපා කනව ,

      Delete
    6. උඹවත් කබරයින්ට කන්ඩ දාන්ඩ ඕන

      Delete
    7. මම දන්න තරමින් පූසො බල්ලො කියන්නෙ අනාදිමත් කාලයක ඉඳල මිනිස්සුත් එක්ක හැදෙන සත්තු ජාති දෙකක්. ඒ සත්තුන්ට මිනිස්සුන්ගෙන් තොර පැවැත්මක් නෑ. ඒ වගේ සත්තු කැළේට අතෑරල දාන එක අපරාධයක්.

      Delete
    8. ඈ බොල ඔමායෝ මම මේක දැක්කේ අද , ඇලේ ඉන්න කබරයින්ට වැඩි කබරයෝ ටිකක් උඹට බලාගන්ඩ තිබුනා උඹ ටිකක් පරක්කු වෙලා ගියානං

      Delete
    9. හුකා අවුරුදු තුනකටත් වැඩියි

      Delete
  5. සත හට හිත නිසයි බලු පෙම ඉවසූයේ
    මොන පෙම උනත් දරු පෙම නොම පරයන්නේ
    හිත හිත හිටියොතින් දරුවට කෙලවෙන්නේ
    බල්ලෝ සොරි වෙයන් වෙන අවුලක් නැත්තේ

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඔහොම තමා

      Delete
  6. අටමො බල්ලො මිනිසාගෙ මිතුරන්ය
    එනමුත් ඔවුන් උප්පත්තියෙන් තිරිසන්ය
    දරුවා හැපුවනම් එකත් කිරිමෙලය
    ආදා යවා වලපත ගත්තෙ උඹය

    ReplyDelete
    Replies
    1. ආදා යවා වලපත ගත්තෙ උඹය //// මෙන්න මේක මට තේරැනේ නැ මචං

      Delete
    2. ඇයි යකො දැක්ක හැටියෙ දරුවව එතනින් අයින් නොකර අර බල්ලට ගැහුවෙ

      Delete
    3. එහෙම ඇද්ද නං බල්ලා කෙල්ලව කනවනේ බං

      Delete
  7. "සතුන්ව බැඳගෙන හිරකරගෙන ඉන්න එක ද මිනිස්කම " යන ප්‍රශ්නය මිනිසා මිනිසාගෙන් විමසන දිනක මේ තත්ත්වය කෙළවර වේවි. බොහොම දෙනකු සංවේදී නොවුනු ඉසව්වක සිතන්නට ඔබ අපව යොමු කළා

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඹක්කොම එහෙම හිතන දවසක් එනකං බලාන ඉන්න එපා .

      Delete

  8. "'මහමෙරක ට උස යි දරු පෙම හද පතුළේ"

    අම්මා සඳකි මම ඒ ලොව හිරු ය රිදී
    ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එළිය වුණි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
    පිය සෙනෙහස ට කව් ගී ලියැවුණා මදි

    සිරුරේ දුවන්නේ මගෙ ලේ නො වැ පුතුනේ
    කුසයේ නො දැරුව ත් දිවි බර මට දැනුණේ
    මහමෙරක ට උස යි දරු පෙම හද පතුළේ
    පුදුම යි! පුතුනි, කිම? මගෙ ලේ කිරි නො වුණේ

    මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණ යි දන්නේ
    පිය සෙනෙහස නැති ද? දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමණ ද? මතු බුදු වන්නේ...


    පද : මාලිනී ජයරත්න
    තනු: රෝහණ වීරසිංහ
    හඬ: ටී. එම්. ජයරත්න

    ReplyDelete
    Replies
    1. උඹටත් සින්දුවක් හදන්ඩ ඕන

      Delete
  9. දරුවට තුවාලද?කොහොමත් දොස්තරෙකුට පෙන්නපන්.

    ReplyDelete
    Replies
    1. මගේ ළමයව කන්ඩ , හම්බෙයි

      Delete
  10. මට මතක් වෙන්නේ VX අස්සෙන් කඳුලු පිහදදා ගඟ අද්දර උඹ ඔය කතාව කියනකොට පපුව හෝස් ගාලා ගිය හැටි මලේ..
    දරු දෙන්නා පරිස්සනං කොර ගන්, කකුල් හතරේ බල්ලන්ටත් වැඩියෙන් කකුල් දෙකේ බල්ලන් ඉන්න බව දැනගන්..

    ReplyDelete
    Replies
    1. උඩ පොටෝ එකේ ඉන්න ජාතියේ එකෙක් අරගත්තොත් නරකද , බලන්ඩකෝ හුරතල් පාට

      Delete
    2. කකුල් හතරේ බල්ලන්ටත් වැඩියෙන් කකුල් දෙකේ බල්ලන් ඉන්න බව දැනගන්..

      වෙන කියන්ට දෙයක් නැත!

      Delete
  11. බල්ලොත් එක්ක බෑ.

    ReplyDelete
  12. හාපෝ.....................රස්තියාදු බල්ලන්ට අපේ ගෙවත්තට ඇතුළුවීම තහනම්. පලවෙනි කාරණේ අපේ ගෙදර ඉන්න 'සැබී' ට ලව් කරන්න පෝලිමේ එන්ඩ හදනවා. ඊළඟට ගෙවත්ත පුරා බලු ගෝරි ඉවරයක් නෑ

    https://jangun.files.wordpress.com/2015/03/dsc00133.jpg

    ළමයින්ට සතුන්ට ආදරේ කිරීම අමුතුවෙන් උගන්නන්න ඕනේ නැහැ. එකම දේ සතාගේ හැසිරීම මොනවගේද කියලා ළමයා නොදන්නා එකයි. කරන්න දෙයක් නැහැ. ගත්ත පියවර නිවැරදියි. නමුත් මින් පස්සේ ආරක්ෂක පියවර අනුගමනය කිරීම තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. [im#]https://jangun.files.wordpress.com/2015/03/dsc00133.jpg[/im]

      Delete
    2. සැබීට හබියෙක් ගෙනත් දෙන්ඩ

      Delete
    3. හබියෙක් නොදී තියන් ඉන්න එපෝ.... වයිෆෙක් නොදී තියන් ඉන්නත් එපෝ... (පූ*** ගල් ගැහුවට අන්තයි.. මූලික අයිතිවාසිකම් නෙව..)

      Delete
    4. සැබියා ගිය වසරෙත් එසේම හිටියා උඩ තට්ටුවේ

      Delete
  13. අනේ මන්දා................... බල්ලන්ට නම් ගහනවාට ඒකග නැහැ... ඒත් උෟ කරන්න ගියේ බලුවැඩේ නොවැ... ඒ වෙලාවට ඉතින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් හාඩ් ඩිස්ක් වගේ නොවටිනා දේවල් වලින් පහර දිය යුතුයි... මොනවා වුණත් වෙෙද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ගනින්.. දුවටයි තාත්තටයි දෙන්නටම....

    ReplyDelete
    Replies
    1. වෙෙද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් දැනටමත් ගන්නව , ලෙඩ තුනකට

      Delete
  14. මොන වෙලාවට බල්ලෝ ඇල්ලුවත් කමක් නැහැ කන වෙලාවට බල්ලෝ ලගට යන්න හොද නැහැ.

    ReplyDelete
    Replies
    1. හැමෝම එහෙම නැ , බත් එක ඉල්ලුවත් දෙන බල්ලෝ ඕන තරං

      Delete
  15. අනතුරක් නැත්නම් මම නම් සතෙකුට පහර දෙන්නේ නැහැ. ගෙදර පොඩි මකුළුවෙක් හිටියොත් පොඩි උන් මර හඬ දෙනවා. මම එක්කෝ උන්ව අතින් අරන් විසි කරනවා. නැත්නම් නිකන් ඉන්නවා. වයිපරේ බන බන උන්ව මරනවා. හැබැයි මන් දැන් මරණෙන් නෑ කියල දැනගෙන එයත් විසි කරනවා. ලංකාවේ බල්ලන්ට එහෙම ගහන හැටි මරණ හැටි දැකලා තියෙනවා. බුද්ධාගම අදහාගෙනත් ඒක කරන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. හැබැයි නෑදෑයෙකුගේ පුතෙක් මැරිලා තියෙනවා බල්ලෙක් කාල. ඉතින් දඩාවතේ යන බල්ලන්ට ගහන එකට වැරැද්දක් කියන්නත් බැහැ. නමුත් පව්. ඒක උන්ගේ වැරැද්ද නෙමේ. රටක් සෞඛ්‍ය නීතියක් තියෙනවනම් ඊට අනුව බල්ලෝ නියුටර් කලාම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔහේ ඉන්නවද විස තියන මකුළු වර්ගත්

      Delete
    2. දෙවර්ගයක් ඉන්නවා. කෑවම රෑෂ් එකක් එන. ගොඩක් අමාරු වෙච්ච් මිනිස්සු ඉන්නවා. සමහරවිට ලංකාවේදී දරුණු එකකේ දැක්කොත් මරයිද කියන්න අමාරුයි. ඒක ඒ වෙලාවට තමා බලන්න වෙන්නේ. අද වෙනේ තුරුත් නම් නැහැ.

      Delete
  16. පොඩි එකත් පව්.. බල්ලත් පව්.. හාඩ් එකත් පව්.. උඹත් පව්..

    ReplyDelete
    Replies
    1. උඹේ සැම්සුන්ග් හාඩ් ඩික්ස් එක තමා වැඩියෙන් පව්

      Delete
    2. අඩෝ උඹ මගෙ හාඩ් එක අරන් ගියේ බල්ලන්ට ගහන්නද ..??

      Delete
  17. පොඩ්ඩක් හොයල බලපං... හාඩ් එකේ ඩේටා ටික බල්ලට diskcopy වෙලාද දන්නෑ ගහපු පාරට.

    ReplyDelete
  18. එහෙම උනොත් හෙනම හෙන පව් බං ,ඇනෝපිලිස් කාරයගේ හාඩ් එකක් ඕක , මොනව මෙනෙව තියෙන්ඩ ඇද්ද ඕක ඇතුලේ

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම් ඌ මෙලහකට සෝයි කුක්කෙක් වෙලා ඇති... මොකද මගෙ හාඩ් එකත් මං වගේම පිවිතුරුයි... පූජනීයයි.... හරියට මලක් වගේ....

      Delete
  19. වෙන ගෙවල් වලින් පාරට ජරා කරන්ඩ එන( එවන ) බල්ලන්ට කන්ඩ දෙන්ඩ පුරුදු කරගන්න එපා කියල දරුවො දෙන්නට කියහන් . සමහර උන් හරියට බේත් ටික විදලා හදන්නෙත් නෑ .
    කොහොමහරි පොඩි එකී බේරුන එක ලොකු දෙයක් .

    ReplyDelete
  20. ඔහොම තමයි බං මිස්ටේක් වෙනවා. ඒ උනාට මම හිතන්නේ නෑ බල්ල ඕක වැඩි දවසක් හිතේ තියාගෙන ඉඳී කියල. බලලත් පවු උඹත් පවු

    ReplyDelete
  21. බල්ලන් සමග ඒ හැටි භජනයක් නොමැත.

    ReplyDelete
  22. එහෙනම් කියමුකෝ මේකත්.......
    බල්ලෝ හදන්න ඕන බැදලද......?
    ලිහලද.........?

    ReplyDelete
    Replies
    1. රාත්‍රි 9ට කලින් බල්ලා නිදැල්ලේ ඉඳලා කාගෙ හරි හැපුවොත් අයිතිකාරයාට කූරු ගනින්න වෙනවා මම අහලතියෙන හැටියට.අපිත් නූලෙන් බේරුනේ.

      Delete
  23. කන වෙලාවට කන දේට අතදාන්න දෙන හොඳ බල්ලො හිඟයි අටං.. සාමන්‍යයෙන් කන වෙලාවට බල්ලට නිදහස දෙන්න ඕනෙ. අනික නිදාගෙන ඉන්න වෙලාවට. එතකොට ඌ ඉන්නෙ බල්ලො එක්ක පොර කකා වෙන්න පුළුවන් හීනෙන්. අත තිබ්බොත් හව් ගානවාමයි.. පොඩි උන්ට කියලා දෙන එකයි නුවනක්කාර වැඩේ.

    ReplyDelete
  24. බල්ලා ගේ කෑම අයිතිය උදුරා ගන්න හදනවා ඇති කියලා ඌ හිතන්න ඇති.කෙල්ල බේරුණා මදැයි.

    ReplyDelete
  25. කොච්චර ආදරෙන් හැදුව උනත් කන බොන වෙලාවට කෑම වලට අත දාන්න යනවනං ඔය සෙතේ වෙනවමයි. දුන්නනං ආපහු ගන්න ගියොත් උං හපාකන්නෙ හෝ පහුරු ගාන්නෙ මූන දිහා බලල නෙමෙයි. ඔය තරමින් බේරිච්ච එක ලොකු දෙයක්.

    දැං ඔය හාඩ් එක අටම් සර්විස් එකට දීල සර්ෆ් එක්සෙල් ටිකක් දාල වොෂ් කරල ගනිං.

    ReplyDelete
  26. බල්ලෝ බලු වැඩනෙ කරන්නෙ... මේකත් එහෙම කේස් එකක් තමා..

    ReplyDelete
  27. මරන්න කේන්තිය ආවත් ඔය වෙලාවට දෙයක් උනාම පස්සෙ දුක හිතෙනවා..

    ReplyDelete
  28. අපෝ ඔය බල්ලෝ ඇවිල්ලා ඩෙන්ජර්ස් බඩු.. මට නම් දිරවන්නෙම නෑ..

    දැක්කේ නැද්ද චෙෆාකිගේ වනේ...

    බල්ලොත් එක්ක බැරි නිසා.. අපි නම් බල්ලො සෙට් එකක්ම ජනවාරි 9 උදේ වෙනකොට එලවලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. අඩෝ.....චූටිට අරවා මේවා කිව්වොත් කේස් හරිය...!

      Delete
    2. අර උඩ ෆොටෝ එකේ ඉන්න ජාතියේ ෆිට්බුල් කෙනෙක් ගෙනාවොත් චූටි ගොඩක් කැමතිවෙයි

      Delete
    3. @ මාතේ

      බල්ලෝ එලවල උඹල ලොල්ලො ටිකක් ගෙනාපු එක තමා අවුල , තව ටිකක් හිටහංකෝ බල්ලො අරිනව වගේද බලන්ඩ ලොල්ලො අරිනකොට

      Delete
    4. පාරේ ඉන්න බල්ලොන්ට ආදරේ කොරන්න අපිට කියන. පාරේ දඩාවතේ යන බල්ලෝ අරන් හදාගන්න කියල අනික් මිනිස්සුන්ට කියන බල්ලෝ ගැන සත්ව කරුණාව මුනිච්චාවට ලෝකෙට පෙනන්න හදන උබට බල්ලට ඒ තරම් වැරෙන් ගහල එලවන්න ඕනේ වෙන්නේ උබේ පොඩි කෙල්ලව හපන්න හැදුවමනේ. එතනම් බල්ලොන්ට උබේ ආදරේ ගැන නේ බණ දෙසුවේ. අපිට නම් බල්ලෝ එලවන්න උන් අපේ පොඩි එවන් හපන කනම ඉන්න ඕනේ නෑ බන්. අනුන්ගේ පොඩි එවුන් බල්ලෝ හැපුවත් ඒ අපි බල්ලෝ එලවනවා. බල්ලෝ එලවන්න තමුගේ පොඩි එකම කනකන් ඉන්න උබවල වගේ එවුන් ලොල්ලෝ බල්ලෝ දෙගොලන්ටම වැඩිය නීච පහත ජාතියක් බන් අටමෝ.

      Delete
  29. ඔයින් ගියා මදැයි මාත් දවසක් කඩේ ගිහිල්ලා එනකොට (පොඩි එකා ක‍ාලෙ) අතේ තිබුණ පොල් ගෙඩියෙන් ගහලයි බල්ලෙක් ගෙං බේරුනේ.

    ReplyDelete
  30. දැන් බල්ලා හොයනවා ඇති මට මෙච්චර වටිනා හර්ඩ් ඩිස්ක් එකකින් ගහපු බුරුවා කව්ද කියලා

    ReplyDelete
  31. බල්ලෝත් එක්ක බෑම තමා...

    ReplyDelete
  32. සෙල්ලම් නෙමේ. කාගේද කින්ද මන්ද නොදන්නා බල්ලන් ලඟට ළමයි යවන්න එපා අටම් .පව් තමයි ඒ වුනාට සතා දන්නා දේකුත් නැහැනේ. ගෙදර ඇති කරන එකාට නම් බෙහෙත් හෙම විදලා නිසා අවුලක් නැහැ. ඩුඩ් ලියා තිබ්බේ බලු රැල්ලක් ගැන.
    සතාට උවමනා සැප පහසුකම් දෙන්න බැරිනම් ...ඒ කිව්වේ කන්න ටිකක් දීලා බෙහෙත් විදලා ,නාවලා කරලා අනුන්ට වදයක් නොවී තියා ගන්න බැරි නම් බල්ලෝ මොකට හදනවද මන්ද.
    මෙහෙ පාර්ක් එකක වත් දම්වැල නැතුව බල්ලන් ගෙන යාම තහනම්. කැත කලහම පස්සෙන් ඉඳල ෂොපින් බෑග් එකකට එක්කහු කරනවා. මම ඒත් කල්පනා කරන්නේ ඕක එක්කහු කරන්න බැරි ටෙක්ස්චර් එකක් වුනොත් මොකද කරන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. සිලි උරයක්වත් පච්ච පැත්තේ එල්ලුවනම් ටෙක්ස්ටර් ගැන වැඩ වෙන්න ඕනේ නැ...

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>