2015-06-15

මාතු පාදං පීතු පාදං අමත පදං

පෝප් .....පෝප් ..පොං .......පෝං

බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති.

‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත ‘‘

‘‘ තාත්ත නිදි ‘‘

‘‘කෝ කතා කරහං  ,  මේ  යකා මොකද බුදි , දවල්ම ගහලද ‘‘

‘‘ තාත්තේ මේං බාප්පල ආවෝ....‘‘

‘‘ වැඩක් නැ උපාලි මල්ලියේ කියල , බිස්නස් යනව කියල ඊයේ ගිහින් අද ආවා . අර පඩි බාගේ මෙච්චරක් හම්බෙනව කියල දන්න හන්ද ඒක යන්තං බේරෙනව , වෙන නං ඉතින් බඩු මල්ල උස්සගන ගිහිං හම්බෙන දෙයක් නැ ‘‘
‘‘ මේ ලොකු නංගි ...උඹල ජුජුස් ගෙනාවේ නැද්ද ‘‘

‘‘ ජුජුස් නැ ..ටිපි ටිප් ගෙනාව ‘‘
‘‘ ටිපි ටිප් ‘‘
‘‘ ඔව් ටිපි ටිප් අපේ තාත්ත වැඩට ගිහින් එනකොට හැමදාම ගේනව .... තමුසෙල  කාල නැද්ද ‘‘

‘‘ ඉතින් දෙනවකෝ ‘‘

‘‘ අර මල්ලෙ ඇති බිස්කට් ටින් එකත් එක්ක‘‘
‘‘ සීතා පුංචීඊඊඊ....‘‘

‘‘අනේ ලොකු පුතේ .....ගොඩ දවසකින් මගේ කොල්ලව බලන්ඩත් ආවේ නැ ... මේ බාප්ප එක්ක එන්නේ නැ නේ පුතේ මාව . එයා එනව නේද මෙහේ තාත්ත එක්ක , නංගිල දෙන්නයි මායි ගෙදර ‘‘


‘‘ පුංචිඊඊඊඊ ‘‘
‘‘ ඉන්ඩ පුතේ ටිපි ටිප් තියනව ‘‘

‘‘ ජුජුස්වගේද ‘‘

‘‘ නැ මේ තියෙන්නේ ‘‘
‘‘ හැඇහඇැහැැ ....ඹ්ක මට ඕනේ ඒ ඒ ඒ ඒ‘‘

‘‘ ආ මේක සුදු පුතාට ‘‘
‘‘ මොනවද පුංචි මේක ඇතුලේ ‘‘
‘‘ කෝ දෙන්ඩ කඩල දෙන්ඩ ‘‘
‘‘ නිකං හුළං වගේ ‘‘
‘‘ හුළං තමා රස විතරයි ‘‘
‘‘ මොනවැයින්ද පුංචි මෙව්වා හදන්නේ ...රසම රසයි ‘‘

‘‘ පිටිවලින් වෙන්ඩ ඇති රස වෙන්ඩ තව මොනව හරි ඇති ‘‘

‘‘ සීතා අර කුකුලව දෙනවකේ ලොකු අක්කට හදන්ඩ ‘‘

‘‘ ලොකු අක්ක ඒක හදනව ‘‘

තැබීලි පාට , එතකොට මේක කුකුල් පැටියෙක්ද , තාර පැටියෙක්ද   , කටට දැම්මහම නිකම්ම දියවෙනව , සැර රසයි ලුණු රසයි , අප්පෝ ජුජුස් මොන ජරාවක්ද , බාප්ප එනකොට අායෙත් මෙව්වා ගේයිද දන්නැ . .....එහෙම නැති උනොත් ....ආයේ නොගෙනාවත් මොකැ ...මං ලොකු වෙලා රස්සාවක් කරල කන්නේ මෙව්වාමයි


‘‘ ලොකු අයියේ අපි සෙල්ලං කරමු ‘‘

‘‘ එහෙනං ගුටි පන්දු ගහමු ‘‘

‘‘ ඒ මොකක්ද ඒ ‘‘

‘‘ බෝලෙන් තමුසෙගේ පිට පැලෙන්ඩ ගහනව තමුසේ මට ගහනව ‘‘

‘‘ අපෝ මටනං බැ රිදෙන සෙල්ලං කරන්ඩ ‘‘

‘‘ ඉතින් බෝලේ අහුලල තමුසෙ අපිටත් ගහනවනේ . සෙල්ලම කරමු කෙල්ලො කොල්ලෝ ‘‘
‘‘ අපෝ අපේ නංගිට තාම ඔව්වා බැ ‘‘

‘‘ ඉතින් අපේ සුදුවටත් බැ ‘‘

‘‘ එයා ඉතින් මගේ වයසෙනේ ...ඒක හරියන්නේ නැ ..අපි හංගන හොයනක සෙල්ලම කරමු ‘‘

‘‘ අපෝ ඔය මෝඩ සෙල්ලං අපි නං දන්නැ ‘‘
‘‘ දැන් අපි තුන් දෙනාගෙං එක්කෙනෙක් මොනවහරි හංගනව , අනිත් දෙන්නා හොයනව , හොයාගන්න එක්කෙනයි හංගපු එක්කෙනයි ඉතුරු වෙනව , බැරි වෙච්ච එක්කෙනා ඉතුරු වෙනව , එයා තමයි ඊලගට හොයන්නේ ‘‘

‘‘ දැන් එතකොට ලංවෙන කොට ගිනි ගිනි කියලත් කියනවද ‘‘

‘‘ ඔව් ඈත් වෙනකොට ඇල් ඇල් කියලත් කියනව ‘‘

‘‘ ඉතින් ඕයි ඔක ඇල් ගිනි සෙල්ලමනේ ‘‘

‘‘ එව්වා අපි දන්නැ ...හාද ..බෑද ‘‘

‘‘ එහෙනං හා ‘‘

‘‘ මොකක්ද දැං හංගන්නේ ‘‘

‘‘ මගේ ටෙනිස්බෝලෙයි නලාවයි පිස්තෝලෙයි හංගමු ‘‘

‘‘ අපෝ ඕන්නැ ..ඔව්වට මොනවහරි උනහම අම්මට කියල මාව අල්ලයි ...අනික මොකටද තුනක් , එකක් තිබ්බහම මදැ හංගන්ඩ ‘‘

‘‘කමක් නැ ලොකු අයියේ ..අපි තුන් දෙනයි නේ දැන් සෙල්ලමට ඉන්නේ අඩුවෙන්ම හොයාගන්න එක්කෙනා කැචර් කරමු ‘‘

‘‘ මගෙනෙ සෙල්ලංබඩු මමයි ඉස්සෙල්ලම හංගන්නේ ‘‘

‘‘ හා හා හංගගන්නව ඉතින් ‘‘

‘‘ මං හංගන්නේ ගේ ඇතුලේ , දෙන්නම එලියට යන්ඩ ඉතින් ‘‘

‘‘ හැබැයි ඔන්න ඇල් ගිනි හරියට කියන්ඩ ඕන හරිද ‘‘

‘‘ මේ ..ඔය කෙල්ලවත් අල්ලගන නැටුවට කමක්කැ .....ගේ අස්සේ බෙරිහං දෙන්නේ නැ හරිද ...මෙතන කනක් ඇහෙන්ඩ නැතිවෙන්ඩ ‘‘

......................හැච හැච හැච හැච තමා සෙල්ලමක් කරන්ඩත් නැ ........

‘‘ මොනවද උඹ මුනු මුනු ගාන්නේ ‘‘

‘‘ ..නැං..නැනැ ...තාත්තේ නැ... ‘‘

‘‘ මොනවද නැත්තේ .......මං මොනවහරි කියුවහම එකට එක කියන්ඩ ඇවිත් කනපාලාගන්ඩ එපා ‘‘

‘‘ හං...මං මොකවත් කියුවෙත් නැ ......බොරුවට මට තමා හැම වෙලේම බනින්නේ ......හඅ...හඅ..‘‘

‘‘ නිකං හිටහං සුසිල් අයියේ උන්ට ඕන එකක් කරගන්ඩ දීලා ‘‘

‘‘ නැ ඔයා දන්නැ උපාලි මල්ලි ටිකක් බුදියගන්ඩ හැදුවේ දෙකෙ ඉදන් බලහං දැන් පහත් පහු ..සැරින් සැරේ අර පොඩි එකාවත් අවුස්ස අවුස්ස බෙරිහං දෙනව ‘‘

‘‘ ඉතින් මමයැ ...සුදුනේ හැම වෙලේම මට වද දෙන්නේ .. ගොං බූරුව කරන වැරදි වලට මට තමා බනින්නේ ....දවස් කීයක් මට චුටි මිටියෙන් ගැහුවද ...ගුටිකාලත් මං තමා වැරදි ...එයාගේ වැරදි පේන්නේ නැ ‘‘

‘‘කවුද බූරුව ...හිටපං වංජුලය මං චූටි මිටිය ඇරගන එන්නං ‘‘

‘‘ ඔය ..ඔය පේනවනේ ...පුංචි ....මූ හැමදාම මට මිටියෙන් ගහනව , ඒක විසික් කරන්ඩ දෙන්නෙත් නැ ..වටිනව කියල , මුගෙන් ගුටි කන්ඩත් ඕන , මේ දෙන්නගෙන් ගුටි කන්ඩත් ඕන ‘‘

‘‘ උඹ මොකද ලොක්කෝ ගිරිය පුප්පන්නේ තාත්තට ‘‘

‘‘ හී ..හී බාප්පත් බනිනව ඇ..ඇ මට තමා හැමෝම බනින්නේ ‘‘

‘‘ මගේ පුතා ඔය බාප්ප කියන ඒවා ගනන් ගන්ඩ එපා ...හා හා සුදුත් ගිහින් නංගි එක්ක සෙල්ලං කරන්ඩ.........ඔයත් නිකං ඉන්ඩකෝ උපාලි පොඩි උන්ව අවුසන්නේ නැතුව ‘‘

‘‘ නැ මං කියන්නේ .. අපි අපේ දරුවෝ හොදට හදාගන්ඩ ඕන ... නැද්ද මං කියන්නේ සුසිල් අයියේ ......ඔන්න තව එකක් දාගනින්  සුසිල් අයියේ .....කුකුල ඉදෙනකොට බැරියැ .... ඊයේ බැලැක් ඇන්ඩ් වයිට් දෙකක් හම්බුනා .....එකක් අද දවල් වෙනකොට  ඉවරයි ....අද මෙහේ එන්ඩම කියල තියාගත්ත මේක ‘‘

‘‘ මාත් දවාලේ එන ගමන් නිට්ටඹුවෙන් ටිකක් අරගන ඇවිත් නිදාගන්ඩ හැදුවේ ‘‘

‘‘ සීතා බලනවකෝ අරක හරිද කියල ‘‘

‘‘ ටිකක් ඉන්ඩ උපාලි තාම තැම්බෙනව .....ඇ සුසිල් අයියේ අපේ කුස්සියේ දෙතුන් දාහකට උයන විදිහ දැක්කනං මෙයාල දුහනව ‘‘

..............අදනං බාප්ප මස් කන්නැතුව බොන්ඩද කොහෙද හදන්නේ ..අපිට හොදට කෑවහැකි නැත්තං වෙනද බොන ගමං ඔක්කොම ටික කාල , බත් කන්ඩ මේසෙට තියන ටිකත් කාල ... තව ලොකු අක්කේ මස් ඉවරද කියල අහන එකනේ .............. අම්ම හංගල තියන කෑල්ල තමයි ඉතිං අපිට....

‘‘ රයිටෝ ඔන්න හැංගුවෝ ‘‘

‘‘ දෙන්නම එකතැන හොයල වැඩක් නැ ලොකු නංගි තමුසෙ ඔය පැත්තේ හොයනව ‘‘

‘‘ ඉතින් සුදු අයියේ ගිනි නං ගිනි කියනවකෝ ‘‘

‘‘ අප්පෝ ඇල්ම ඇල් අයිස් වගේ ‘‘

‘‘ ඉතින් එහෙනං ඇල් කියලවත් කියහංකෝ ‘‘

‘‘ අපෝ මට බැ ඇල් ගිනි ඇල් ගිනි ගාන්ඩ හැම වෙලාවෙම ...ගිනි වෙලාවට ගිනි කියල විතරක් කියනව ‘‘

‘‘ අප්පෝ අයියේ එහෙම බැ හලෝ ‘‘

‘‘ මාත් ඒකනේ කියන්නේ මූත් එක්ක බැ කියල . මට බැ මං යනව‘‘

‘‘ මොනවද පුතේ ඔය බලන පත්තර‘‘

‘‘ ලොකු අක්කගේ පරන විදුසර පත්තර පුංචි , ටල්ලම්මලැ දිහා ගියහම ඉල්ලං ආවා ‘‘

‘‘ මේවැ තියන ඒවා තේරෙනවද ‘‘

‘‘ ඹව් ‘‘

‘‘ අනේ ලොකු අයියේ එනවකො හලෝ සෙල්ලං කරන්ඩ ‘‘

‘‘ මට බැ ඔය පැනි සුදුවත් එක්ක සෙල්ලං කරන්ඩ ‘‘

‘‘ අනේ එනවකෝ ‘‘

‘‘මට බැ මං පත්තරේ බලනව‘‘

‘‘දැං මෙහෙමනේ සුසිල් අයියේ අපි දේසපාලනේ කරනකොට දෙපැත්තම හොදට තියාගන්ඩ ඕන , ..මේ ලගදි පේමදාස හම්බෙන්ඩත් ගියා අපි , ....ලබන පාර ඉල්ලන්ඩ ටිකට් එක දෙන්නං කියලත් කියුවා . ......මං බැ කියුව බං ............මොකද ඒ පැත්ත එහෙමයි කියල මට මැතිනිගාවට අනුරගාවට යන්ඩ බැරිද .............මහිපාලල , ආතාඋදල , ෆාරුක්ල එක්කත් අඩියක් ගහල ඉන්න මට ඔය ඕන තැනකට රිංගත හැකි ......අපේ ජයන්ත අයියා අනාගත්තේ ඔතන තමා ‘‘

‘‘ ඉතින් මගේ රස්සාව හදා දියංකෝ ‘‘

‘‘ ටිකක් හිටහංකෝ ...මං මේ කොමසාරිස් ලගටම යන්ඩ පොටක් පාද පාද ඉන්නේ ‘‘

............අනේ අපේ තාත්තත් මෙයාගේ පංපෝරි නොදන්නව වගේ අහන හැටි ..........

‘‘ ඉස්සරනං මගේ හිතවතා දැන්නං මතකත් නැතුව ඇති ...එව්වයෙන් කමක් නැ ඇමතිතුමාට කියල කෝල් එකක් දම්මල ගියානං හරි .... කොහෙද ඉතින් උඹලත් දාගන්නේ ගිහිං කතාකරන්ඩ පුලුවන් ලෙඩයැ . .....ලොකු මහත්තුරුන්ට ගහන්ඩ ගියහම ඒ මිනිස්සු ගන්නෙත් ඒ පැත්තනේ සුසිල් අයියේ ‘‘

‘‘ ඉදපංකෝ උපාලි මල්ලියේ මං ඕකුන් ඔක්කොගෙම අම්මලට හමන්නල ගන්ඩ ‘‘

‘‘සීතා තව මස් ටිකක් අරගන එනවකෝ ‘‘

‘‘ ඕන්න මෙච්චරයි තියෙන්නේ ...අනිත් ටික බත් කන්ඩ ‘‘

‘‘ බත්නං බඩ පැලෙනකං කන්ඩ බැරුවැ ලොකු අක්කගේ පොල් සම්බෝලෙත් එක්ක ‘‘

.............හරි වැඩේ අදත් සම්බෝලයි බතුයි තමා ............

‘‘ අනේ ලොකු අයියේ එකපාරකට එනවකෝ සෙල්ලං කරන්ඩ , ඔයා හංගන්ඩ අපි හොයන්නං ‘‘

‘‘ හරි එහෙනං දෙන්න ගේ ඇතුලට වෙලා ඉන්නවල , මං එලියේ හංගන්නං ‘‘

‘‘ හැබැයි ලයිටි එලිය වැටෙන හරියේ හරිද , අපිට බැ ඈත කරුවලේ  හොයන්ඩ ‘‘

‘‘හරි හරි එහෙනං ඔහොම ඉන්නවල ...හොරෙන් බලන්නැ හරිද ‘‘

............කොහෙද මේක හංගන්නේ ......හරි දෙන්නං වැඩේ වලස් ඇදිරිය වැට අස්සේ තුන් පොලක හැංගුවහම හොයයි මුං ඇටේ.......

‘‘ හරිදෝ ...ඔන්න අපි එනවෝ ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ හරි හරි එහෙනං මෙහේ තමා ‘‘

‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘

‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘

‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘

‘‘ මේ අයියේ තමුසෙ බොරු නේද ඔය කියන්නේ ...වෙන තැනක හංගල ...අපිට බැ අපිට බැ ‘‘

‘‘ පිස්සුද ඕයි ..එහෙනං හම්බුනහම බලනව , හොයාගන්ඩ බැරි උනාට මං පලිද ‘‘

‘‘ ලොකු දුවේ තුන්දෙනාම එන්ඩ බත් කන්ඩ ..හොදටම රැ උනා දැං අච්චි අම්ම පන්සල් ගිහින් ඇවිල්ලත් ඇති ‘‘

‘‘ අපි තව ටිකක් සෙල්ලං කරල එනේ ‘‘

‘‘ මේ උඹල දෙන්න  බත් කන්ඩ එනවද ..ගුටි කනවද ‘‘

‘‘ හා අම්මේ ‘‘

‘‘ ලොකු අයියේ අපි ටක්ගාල කාල ඇවිත් යන්ඩ කලින් ආයෙත් හොයමු ‘‘

‘‘ අම්මේ වෙන මස් නැද්ද ‘‘

‘‘ වෙන නැ ඔච්චරයි ‘‘

‘‘ එහෙනං මල්ලිටයි නංගිටයි දෙකක් දීලා තියෙන් ‘‘

‘‘ වෙන නැ ඔච්චරයි ..හොදි ටිකක් දෙන්නං ‘‘

‘‘ අම්මෝ එපා දැවිල්ලයි ‘‘

‘‘ එහෙනං කටපියාන කාහං ‘‘

‘‘ ලොකු අක්කේ ඔන්න ඔය වතුර ටිකක් දියං ...සම්බෝලෙනං මරු ‘‘

‘‘ උම්බලකඩ ටිකක්වත් තිබුන්නැ උපාලි මල්ලියේ ‘‘

‘‘ සුසිල් අයියේ මට බිස්ටල් එකක් දියන්කෝ ගොල්ලිප් ඉවරයි ‘‘

‘‘‘ දැං අපි ඉක්මනට යං නේ ‘‘

‘‘ නැතුව ඉන්ඩ යැ ‘‘

‘‘ එහෙනං යං ලොකු දුවේ සෙරෙප්පු දෙක දාගන එන්ඩ .., මං නංගිගේ බැක්එක ලැස්ති කරන් එන්නං ‘‘

...................................................................................

‘‘ අපේ නැන්දලැ ගෙදර ගහේ රඹුටං හැදිලා , එහෙට ගිහින් කඩාගන යමුද ‘‘

‘‘ බැ බං හවසට යමං , එතකොට ගෙදර ගිහින් මල්ලිටත් දුන්න හැකි ‘‘

‘‘ එහෙනං හැබැයි ඉස්කෝලෙට ගිහිං උඹ කාටවත් කියන්ඩ එපා ‘‘

................................................................................

‘‘ ඔය ඇති යකෝ බැහැපං . පොත්බෑක් දෙකම පිරිල ‘‘

‘‘ හිටහං බං සාක්කු දෙකත් පුරව ගන්නකං ‘‘

‘‘ නැන්ද ටිකක් කඩාගන්ඩ කියුවේ ඔය ඇති බැහැපං ‘‘

‘‘හරි හරි හිටහං .........අඩෝ බලුවැඩ කරන්ඩ එපා උඹ හොද ගෙඩි උඹේ බෑක් එකට දාල අමු එව්වයි පොඩි එව්වයි මගේ එකට දැම්මනේ ‘‘

‘‘ ඉතින් හොදම ඒවා උඹත් සාක්කුවට එබුවේ ‘‘

............................................................................

‘‘ සුදුවෝ ...අම්මේ .....මේන්න බලන්ඩ මං රඹුටං ගොඩාරියක් ගෙනාවෝ ‘‘

‘‘ රඹුටන් ..වරෙ වරෙන් රඹුටං  දෙන්නං බොට ‘‘

‘‘ මොකද අනේ බොරුවට කෑගන්නේ ‘‘

‘‘ බොරුවට ......කොහෙද උඹ මල්ලිගේ සෙල්ලං බඩු හැංගුවේ ‘‘

‘‘ පිස්සුද මං හැංගුවේ නැ ‘‘

‘‘ මේ පොල්ල කැඩෙනකං ගහනව කියපං ඇත්ත ‘‘

‘‘ උඹ තමයි මගේ සෙල්ලං බඩු ගත්තේ , ඇරගන හංගන්ඩ ඇත්තේ ‘‘

‘‘ පිස්සුද බූරුවෝ ........හං ..හං .....මට හම්බෙන රඹුටං ගෙඩියත් මං තනියම කන්නේ නැතුව ..උඹට අරං එනව ...උඹ අම්මව උසිගන්නනවා මට ගහන්ඩ ‘‘

‘‘ උසිගන්නන්ඩ මං බැල්ලියෙක්ද බොල ‘‘

......චටාස් ...පටාස්...

‘‘ මේ ඉස්කෝලේ ගිහින් පරක්කු උනාට ‘‘

...වපාස් ...පටාස් ...දක් ...දොක්....චිටිස් චක් ...

‘‘ අනේ අම්මේ එපා .....අනේ ..එපා ..එපා ....ආආආ..අතේ ඇගිලි වලට වැදුනේ ..අනේ අම්මේ එපා ..ඇගිලි කැඩුනද ..කොහෙද ...‘‘

‘‘ ඇගිලි නෙමෙයි මම අද කඩනව තොගේ බෙල්ල ......දුහන්ඩ එපා .....දුහල අල්ල ගත්තොත් මරණවා ‘‘

‘‘ ඇත්ත කියපිය ..සෙල්ලං බඩු දීලා ..රඹුටන් ගත්ත නේද ‘‘

‘‘ පිස්සුද අනේ නැ ...චමින්ද එක්ක නැන්දලැ ගෙදර ගිහින් කැඩුවේ ‘‘

‘‘ උඹට මෙහේ මං නොදන්න නැන්දලත් ඉන්නවද ‘‘

.......දඩින් දිඩිං .......

‘‘ අයියෝ අම්මේ ...ගහන්ඩ එපෝ ඔලුවට වැදුනේ ඔලුව පැලුනද කොහෙදෝ ...අනේ අම්මේ එපා ..අනේ ..අම්මේ ..එපා ...එපා ‘‘

‘‘ ඔලුව පැලුන .......කඩනව අඩු අද මම තොගේ , ගිහින් දුන්නා නේද තෝ කාට හරි පොඩි එකාගේ සෙල්ලං බඩු ....මහමිනිහ ඔව්වා ගේන්නේ කඩවල් වලට දාල ගන්න පනං හතරෙකන් තොපිට කන්ඩ දෙන්ඩ නේද ‘‘

දඩාං...බඩාං...දිඩිං ..ඩිං....

‘‘ අනේ එපා අම්මේ එපා ..අම්මේ අනේ මං මැරෙයි ......අනේ ගහන්ඩ එපා අම්මේ ....අයියෝ මට බැ , කකුල් පන නැ ...මං මැරෙයි .....‘‘

‘‘ නැගිටපිය ...නැගිටපිය ....බොරුවට  වැටෙන්නේ නැතුව .....ගෙයින් එලියට ඇහෙන්ඩ කෑගහන්නේ නැ ‘‘

චටාස් පටස් ....වටාස්...

‘‘ අනේ නැගිටින්නං ගහන්ඩ ...එපා ...කෑගහන්නෙත් නැ ..අනේ අම්මේ ගහන්ඩ එපා ‘‘

‘‘ තෝ තවත් නැ කිය කිය බොරු කියන්නේ උඹ අම්මව රවට්ටන්ඩද .. පිලිගනින් තෝ මල්ලිගේ සෙල්ලං බඩු විකුනුවා නේද ‘‘

චාස් චටපටාස් ..තොක් තක් ....

‘‘ අනේ සුදුවෝ මං සෙල්ලං බඩු ගක්තේ නැ අම්මට කියහං මට ගහන්ඩ එපා කියල ‘‘

‘‘ හොද වැඩේ තොට වංජුලය ..හොද වැඩේ , මගේ පිස්තෝලෙයි , නලාව , බෝලෙයි හොරකං කරල ‘‘

‘‘ අවසාන වතාවටයි කියන්නේ ......ඇත්ත කියපං සෙල්ලං බඩු ටිකට මොකද කලේ , ඒටික විකුනල රබුටං කාල තව අපිවත් රවට්ටන්ඩ අරගනත් ආවා නේද ‘‘

.......දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්...චාස් චටපටාස් ..තොක් තක් ....දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..........දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්...චාස් චටපටාස් ..තොක් තක් ....දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..

‘‘ අනේ අම්මේ ගහන්ඩ එපා ඔව් ඔව් ...මං සෙල්ලං බඩු විකුනුවා , ඒවායෙන් රබුටං අරගන ...කෑවා .. ගෙදරත් අරගන ආවා ‘‘


‘‘ ඇයි තෝ කලින් ඔය ටික නොකියුවේ ‘‘

දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..........දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස්....තොක් ...තොකොක්


‘‘ පොල්ල කැඩුන හන්දා තෝ බේරුනා කියල හිතාගං , නැත්තං අද මරල හංගනව ‘‘

‘‘ ඉහි ...ඉහි ...ඇඇ...ඇ..ඇඅ..ඇ.....ඇඇ..ඇඇ...කැක්..කැක්

...............................................................................

...............අනේ දෙයියනේ මං වගේ පව්කාරයෙක් ..........ඔලුවත් පැලිලා , ඇග හැම තැනම රිදෙනව ... .....
තාත්ත බොස්ටල් එකේ කොල්ලෙක්ටවත් ගහල නැතුව ඇති අම්ම මට ගහපු තරං , ඇගිලි රිදෙන නිසා නොලියුව එකට ටීචත් මට ගැහුවා...අම්ම ගහල ඇගලි නමන්ඩ බැ , ඒක හන්ද ලියන්ඩ බැ කියන්ඩද .............අර මුසලය හන්ද තමා මේ ඔක්කෝම , ඔකා ඉපදුනත් හරි හැමදාම මං ගුටි කනව , අපරාදේ පොඩිකාලේ නිව්මෝනියාව හැදිච්ච වෙලාවේ අනුරාදපුරේ ඉස්පිරිතාලෙදි ..ඒකව මැරෙන්ඩ තිබුනේ ......

අර තියෙන්නේ නියගලා මල් ගොන්නක්ම .අල ටික ගලවං ගිහින් කන්ඩයි තියෙන්නේ , එත් බැ පත්තරේ කොච්චර තියනවද නියගලා අල කාල බේරිච්ච උන් ගැන , මාත් නොමලොත් ...අරුන් ටික මාව නොමරා මරයි , ...වහ ටිකක් කාල මැරෙන්ඩත් නැති හැටියක් .


...එතකොට සෙල්ලං බඩු වලට මොකද උනේ .... අරූ හංගල ඇති කොහේ හරි , එහෙම කරල මට ගස්සවන්ඩ ඕන හන්ද අම්මට කියන්ඩ ඇති , මං අරගන කියල................ඉතින් පෙරෙයිද රෑත් තිබුනනේ සෙල්ලං කරන කොට ..............

....දෙයියනේ ..මං අන්තිමට හංගපු පාර අරුන් දෙන්නට හොයාගන්ඩ බැරි උනානේ . වලස්ඇදිරිය වැට අස්සෙන් එලියට ඇරගන දෙන්ඩ ඕන අම්මට , වෙච්ච දේ කියල හොදවැයින් දෙකක් කියන්ඩ ඕන දුං විසිවෙන්ඩ , ....ආයේ දෙකක් නැ අදනං අම්මට ඇඩෙනව ...බාගදා පහක් දහයක් මිට මොලවන්ඩත් බැරි නැ , ගල් බනිසක් , වංඩු ආප්පයක් කාහං කියල ....

...........................................................................

‘‘ අම්මේ අම්මේ එදා සෙල්ලං කරනකොට මල්ලිගේ සෙල්ලං බඩු හංගපු තැන මතක් උනේඔඔඔඔ ‘‘

‘‘ මොකද බං බෙරිහං දෙන්නේ ‘‘

‘‘ ආ තාත්තේ........කෝ අම්ම කොහෙද ගියේ ...ඊයේ මං කියන එක පිලිගන්නේ නැතුව මාව මරාගන කන්ඩ හැදුවා , පෙරෙයිදා ලොකු නංගිත් එක්ක ඇල් ගිනි සෙල්ලම කරනකොට සෙල්ලං බඩු ටික වලස් ඇදිරිය වැට අස්සේ හැංගුවට ඒ දෙන්නට හොයාගන්ඩ බැරි උනා , මට ඒක ඊයේ මතක්  උනානං නිකං ගුටි කන්ඩ වෙන්නේ නැ , මට දැන් මේ එන ගමං මගදි මතක් උනේ , මේ තියෙන්නේ පිස්තෝලෙයි , නලාවයි , බෝලෙයි තුනම‘‘

‘‘ ආ ..ඇත්තද ...තෝ කාවද බොල ඔය රවට්ටන්ඩ හදන්නේ , තොගේ ලුනු ගොරක මදි මාව තම්බන්ඩ ...වල් පරය ඊයේ වික්ක එකාගෙන් ආයෙත් ඉල්ලගන ඇවිත් ... වැට අස්සට දාල මාව අන්දන්ඩ නේද හැදුවේ , මං අද තෝ මරල තමයි පස්ස බලන්නේ ‘‘

‘‘ අනේ තාත්තේ පයින් ගහන්ඩ එපෝ ......බේරගන්ඩ කවුරුවත් නැද්දෝ .......අපේ තාත්ත මාව මරනවෝ

පලි//

ඔන්න ඇ තව ගෑනු ළමයෙක් ලියන බ්ලොග් එකක් තියනව , ගිහිල්ල කමෙන්ට් එකක් දාල , ෆලෝ පාරක් එහෙම දාල එන්ඩෝනෙ හරිද .  නැත්තං දන්නවනේ 


http://jayasanda.blogspot.com/


85 comments:

  1. \\\...තෝ තවත් නැ කිය කිය බොරු කියන්නේ උඹ අම්මව රවට්ටන්ඩද .. පිලිගනින් තෝ මල්ලිගේ සෙල්ලං බඩු විකුනුවා නේද ‘‘/////

    ගාට් අක්ක පොලීසියේ වැඩ කොලා කියලා දැනගත්තේ අදනේ....!

    ReplyDelete
    Replies
    1. පොලිස් වැඩ සීරිස් එකක්ම තියනව

      Delete
  2. හැංගිමුත්තං කෙළිය මරු නේද බං.ඉස්සර මගෙ වැඩෙත් හැංගිමුත්තං කෙළියම තමා.

    ReplyDelete
    Replies
    1. අක්කලා අපි එක්කමයි හැංගෙන්න එන්නේ ඒ දවස්වල..හප්පේ මතක් වෙනකොටත් කිචිකැවෙනවා....

      Delete
    2. ගෑනු ළමයින්ට වඩා පිරිමි ලමයි හැන්ගෙන්ඩ තැන් දන්න හන්ද අක්කල එහෙම එනව ඇත්තෙ

      Delete
    3. හි හි අපි නම් හොරා පොලිස් කරේ හැංගි මුත්තු කරේ ම නෑ ;D

      Delete
  3. ගුටි කන්නත් සෑහෙන්න ලැබීමක් තියෙන්නෝනේ.. උඹ දැකල නැතුවැති මාත් ඔය වගේ අම්මගෙන් ගුටිකාපු සීන් එකක් මුල්ම කාලේ ලියුවා.. හැක්.. අපේ අම්මගේ ප්‍රියතම දඬුවම තමයි බැඳල මිරිස් ගාන එක.. දැන් මෙහෙම උනානම් අම්ම හිරේ.. ඇඬෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒක වඩා මේක අමානුෂිකයි කියල හිතෙන් නැද්ද

      Delete
  4. හම්මේ ඕම නසරානි වෙන්න ගුටි කාල ගුටි කාල නන්න වෙලා පැත්තක දපල ඉද්දි අර මඩොල් දූවෙ උපාලිය වගේ කී පාරක නං පැනල යන්න කම්පනා කොලාද. කොහෙද කවදාවත් කරගන්න පුලුවං වුණැයි. මොකෝ උපාලියට ජින්නෙක් හිටියට මට හිටියෙ එහා ගෙදර බණ්ඩාරය නෙ.
    උට පැනල යන්න ඕන වෙද්දි මට අවුලක් නෑ මට යන්න ඕන වෙද්දි උට අවුලක් නෑ. ඉතිං පැනල ගියෙත් නෑ ඉබේටම ගුටි කන එකත් අමතක වුනා.
    දැං බ්ලොග් කියෝ කියෝ කමෙන්ට් කොටනව
    හය්යෝ සල්ලි

    කතාව නං ටොපට ලියල තියේ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බන්ඩාරට නංගි කෙනෙක් හිටියනං ඒක පන්නං යන්ඩ තිබ්බා

      Delete
  5. උදේ පාන්දර ගූ හතේ කතාවක් නොදකින්

    ReplyDelete
    Replies
    1. මගේ ජීවිතේ කොහොමත් ගු හතයි

      Delete
  6. එයි අටමො.....

    (මේක උබගෙ අද පොස්ට් එකට අදාල නැ.)

    මම අටං අයියගෙ ගමේ කිය කියා "මඩිස්ස" කියල බ්ලොග් එකක් ලියපු ජොකියෙක් හිටිය නේද "නිශාන්" කියල....
    මොකද බං ඌට උනේ.....ඌ මොකද ලියන එක නතර කරල දැම්මෙ..?

    ReplyDelete
    Replies
    1. මම ලියන්ඩත් කලින් බං උ් ලියුවේ , හොද එකා , බ්ලොග් අත ඇරල ත්‍රීවිල් එකක් තියාන කරකෝ කරකෝ හිටියා , අම්මගේ ව්‍යපාරයත් කරන්නේ ඌ , ටික දවසකින් ඒ පැත්තේ යන්න බැරි උනා . ගිහින් බලන්නං වෙලාවක , බාගදා කම්මලාට හම්බුනාද දන්නැ

      Delete
    2. ඌට කියපන් ආයිත් ලියන්න කියල

      Delete
    3. මාත් නිශානයව මතක් කළා කියහං. උගේ අතේ අර දෙහි ගෙඩිය තාම තියේද කියලත් අහපං.

      Delete
    4. මට හම්බුනා දැන් ටික කාලෙකට කලින්. ඌට ඇනෝල කියපු කුප්ප කතාවලට බ්ලොග් එපාවෙලා. මේ ලගදි හදිසියේ දැකල කතාකරන්න හදද්දි නිශාන් මාව දැක්කෙ නෑ කාගෙද ගෙදරකට ගියා.
      ප්‍රසන්න මාම ආදරෙන් මතක් කලාව්කියන්නම්.

      Delete
    5. මාත් මතක් කරා කියාන් අයියේ මං බ්ලොග් ලියන්න ආපු කාලේ එයා කමෙන්ට් කළා fb එකෙත් යාලුවෙක් එයා .. ( නම කීවම දන්නේ නෑ කීවොත් අර එෆ් බී එකේ ලස්සනම ලස්සන ෆොටෝ ෂොප් වලින් සුදු කරපු ෆොටෝ දාන නංගි කියන්නකෝ :D )

      Delete
  7. අප්පට බෝල , අරූ ගුටි කාපු හැටියට ඉතුරුවුනා ඇතිනේ බොල. අටම් ඉට්ටයිල් එකේ කතාවක් ...

    ReplyDelete
  8. අටං කතා ඉස්ටෑල් එකට තමා මනාප.

    පව් යකු අරු නිකං ගුටි කෑවේ !

    ReplyDelete
  9. ඔහොමත් ගහනවද බං... කතන්දර දැක්කා නම් හෙම උඹටයි නඩු දාන්නේ...

    ReplyDelete
    Replies
    1. මට මොකටද නඩු දාන්නේ මමනේ දාන්ඩ ඕන

      Delete
  10. //දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්...චාස් චටපටාස් ..තොක් තක් ....දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්// කොහොමදෑ මේ සද්ද ටික රෙකෝඩ් කොර ගත්තෙ අටම්! අපේ ගෙදර නම් අම්ම තමයි ගැහුවොත්... අප්පච්චි නම් මට කවදාවත් තලල නෑ... හැබැයි මම අප්පච්චිට පට්ට බය..!

    ReplyDelete
    Replies
    1. ගහලත් නැත්තං මොකද බං බය

      Delete
    2. ඇයි අහල නැතෙයි.. තරහ නොයන අයට තරහ ගියාම අති භයානකයි කියලා..!

      Delete
  11. යකෝ යහපාලනයක් කෝ.. උම තාම තාත්තගෙන් ගුටි කනවද කියල බලනන් තරං හිතුනා.. පව් යකෝ පුදුම ගැහැල්ලක්. නේ.. මට මතක් උනේ විජයබා කොල්ලය පිලිගත්ත කොල්ලව.. හැක්

    ReplyDelete
    Replies
    1. දැන්නං එහෙම නැ කට පුරා ලොකු පුතේ කියනව . ඒකට ඉස්සර ලොක්කා . ලොකු එකා , මහ හරක , ලොකු බුරුව

      Delete
  12. මෙච්චර වයස මාත් ආයෙ අතීතයට ගියා

    ReplyDelete
    Replies
    1. අපේ විචා මාමටත් වැඩිය වයසද ඔයාට

      Delete
  13. එදා සමාජයේ බොහොමයක් පවුල්වල මේ විදිහේ ශාරීරික දඬුවම් corporal punishment තිබුණා. ඒවා සමාජය විසින් අනුමත කළා. නමුත් අධ්‍යාපනය, සදාචාරය, දියුණුවීමේ ප්‍රතිඵලයක් ලෙස අද දරුවෝ එදාට වඩා වාසනාවන්ත වී සිටින අතර අද දෙමව්පියෝ එදාට වඩා අවබෝධයෙන් කටයුතු කරනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ...ඒ උනාට මට නං හිතෙන්නේ දැන් ළමයි කියන එක අහන්නැ කියල

      Delete
    2. අහන්නෑ අහන්නෑ, ආයෙ ඒකේ දෙකක් නෑ. නමුත් එදා අපිට ගස් බැඳලා දිමිගොටු දාලා ගැහුවත් අපි අම්ම තාත්තට වෛර කලේ නෑ. නමුත් දැන් ළමයි වෛර කරනවා. එක්කො ජීවිතේ නැතිකරගන්නවා. ඉස්සර වෙලාම අපි පැහැදිලිව කියලා දෙන්න ඕනේ පවුලේ ප්‍රතිපත්ති. ඊළඟට කියන්න ඕනේ ඒවා කඩකළොත් දෙමවුපියන් හැටියට අපිට දරන්න බැහැ. අපි මේ සියල්ල කරන්නේ ඔයාලා වෙනුවෙන්. ඔයා මේ ප්‍රතිපත්ති කඩාගෙන යනවා නම් ඒත් අපි ඔයාව අතාරින්නෙ නැහැ. නමුත් ඊට පස්සේ ඔයාගේ ජීවිතය ගැන වගකීමක් අපිට දරන්න බැහැ කියලා.

      Delete
  14. අපිත් පොඩි කාලේ ඕනේ එකටයි එපා එකටයි ගුටි කාල තියෙනවා, නමුත් මේ වගේ අසාධාරණ විදිහට ගුටි කාල නැහැ කියල හිතෙනවා. හැබැයි ගුටි කන්න ඕනේ වැඩ වලදී මදි නොකියන්න කාල තියෙනවා.

    ගහ ගත්තම ගහ ගත්තු එවුන් දෙන්නව ගිනි අව්වේ දණගස්සවලා තියනවා දෙන්නගේ කන් දෙක මාරු කරලා අල්ලාගෙන ඉන්න විදිහට.
    සහයෝගයක් නැති නිසා කන් මිරික ගන්නවා, නියපොතු පාරවල් ගහනවා අනිත් එකාට රිද්දන්න. නමුත් එකෙන් වෙන්නේ අපි අපිටම දඬුවම් දී ගන්න එක...

    දවසක් කඩචෝරු කන්න සල්ලි වගයක් හොරකං කරලා බොරු කිව්වා කියලා ගිනි පෙනෙල්ලකින් කටත් පිච්චුවා, කට පුච්චලා අව්වේ දණ ගස්සලා තිබ්බා. ඉතිං හිතපන්කෝ සනීපෙ. එතකොට මම 4 වසරේ...

    අද කාලේ මේ වගේ දේවල් උනොත් දෙම්පියෝ හිරේ, අපිව මහපාරට වැටෙයි...

    ReplyDelete
    Replies
    1. මට නං හිතෙන්නේ මං ගුටි කෑවේ නිරපරාදේමයි කියල

      Delete
  15. මේක අති හයානකයි බං.

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මතක් වෙනකොට තරහත් යනව

      Delete
  16. ෂික්, පව් බං...:(

    ReplyDelete
  17. අද කෙසේ වෙතත්, එදා දෙමව්පියන් මෙවැනි දඩුවම් තම දරුවන්ට ලබාදීම තමන්ගේ මානසික ආතතියන් පිට කෙරීම් ලෙසයි මටනම් හිතෙන්නේ..මේ කථාව ඇත්ත නිසාත්, එම දරුවා අවුරුදු 28ක් විතර මෙම සිද්ධිය මතකයේ රඳවාගෙන සිටින නිසාත්, එය පැහැදිලියි. කෙසේ වෙතත් පඳුරුක් අස්සේ හැංගුව සෙල්ලම් පිස්තෝලේ ඔච්චර ගුටිකනවිටත් මතක් නොවීමම තව තවත් කරුනු කාරනා මේ කතාවේ පිටුපස ඇතැයි කියායි මට සිතෙන්නේ..
    අප අපගේ දෙමව්පියන්ට බොරුවට ආදරය පෙන්විය යුතු නැත යන්නයි මාගේ නම් හැගීම. එමෙන්ම මොනයම්ම හේතුවක් නිසා හෝ කොතරම් අසාධරණ ලෙස හෝ දෙමව්පියන් දුන් දඩුවම් දරු දැරියෝද උරහිස් මත තබාගෙන අනාගතයට ගෙන යා යුතු නැත්තේමයි...
    මොකෝ අටම් අයියේ කියන්නේ...

    ReplyDelete
    Replies
    1. //මානසික ආතතියන් පිට කෙරීම් ලෙසයි මටනම් හිතෙන්නේ//

      ඒ තත්වයට මාත් පත්වෙයි කියල මට බයයි

      //පඳුරුක් අස්සේ හැංගුව සෙල්ලම් පිස්තෝලේ ඔච්චර ගුටිකනවිටත් මතක් නොවීම//

      මගේ කරුමේ මගේ කරුමේ ඔය වගේ අභුත චෝදනාවලට මං ඕන තරං ලක්වෙලා තියනව , අහකයන මිනිමැරුමකට මාව පැටලුනත් මම නං පුදුම වෙන්නේ නැ . මොකද ඒ තරං දේවල් මට වෙලා තියනව . සමහරක් විට පෙර ආත්මෙක අනිත් මිනිස්සු තලා පෙලා සතුටු වෙන්න ඇති මං

      Delete
    2. අනික බ්ලොග් අවකාශයේ උනත් මං මොනතරං අවලාද අපහාස අභුත චෝදනාවලට ලක් උනාද

      Delete
    3. //අප අපගේ දෙමව්පියන්ට බොරුවට ආදරය පෙන්විය යුතු නැත යන්නයි මාගේ නම් හැගීම//

      ගොඩක් වෙලාවට මං දැකල තියනව මිනිස්සු දෙමවුපියන්ට සලකන්නේ , එක්කෝ ලෝක අපවාදයෙන් බේරෙන්ඩ , එහෙම නැත්තං අපි හරිම හොද යුතුකං වගකීම් දන්න උන් කියල පෙන්නන්ඩ

      දෙමව්පියන් දරුවන්ගේ මැද්දේ බුදියන්ඩ එන්නේ නැත්තං , දෙමව්පියන්ට දරුවන් නිදහසේ ඉන්ඩ දෙනවනං , තව ඉතින් මොනවද

      දෙමවිපියො කඩේ අරින්ඩ දරුවෝ බලාගන ඉන්න එකයි , දරුවෝ තමන්ගේ දරු පවුල් සහ ජීවිත දෙවනි කරල දෙමව්පියන්ට ඇප උපස්තාන කරන්ඩ ඕන කියල හිතාගන ඉන්න හන්දයි අවුල.

      Delete
    4. රටට ලෝකෙට පට්ට සුචරිතවාදි මුහුනු පෙන්නගන , ලෝකෙට පෙන්ඩ දෙමව්පියෝ ලෙවකන උන්ට වඩා

      ‘‘ මොන මල වදයක්ද තාත්තේ ‘‘

      ‘‘ පාඩුවේ පැත්තකට වෙලා ඉන්ඩකෝ අම්මේ ‘‘

      කියන උන් දෙමව්පියන්ට හොදට සලකන

      Delete
    5. //දෙමව්පියන් දුන් දඩුවම් දරු දැරියෝද උරහිස් මත තබාගෙන අනාගතයට ගෙන යා යුතු නැත්තේමයි//

      බොරු මොකටද ......ඔව්වා මතක් කරල පලිගන්ඩ කොනහන්ඩ නොගියට ...මුං මට මෙහෙම කරානේ කියල නං හිතෙනව

      Delete
    6. .................අපි සත්තු අනිත් සත්තු වගේම . වෙනසකට තියෙන්නේ අපිම හදාගත්ත සමාජරීතී සහ සමාජනීති වලින් අපිට ලැබුනයි කියල විස්වාස කරන මනුස්සකමේ , ඒවට කොටු වෙලානේ අපි ඔක්කොම කරන්නේ............

      Delete
    7. හොදයි මම අහන්නං ප්‍රශ්නයක්

      ඔයා අහුවෙනව ගින්නකට

      ඔයත් එක්ක ඉන්නව ඔයාගේ

      අම්මයි
      තාත්තයි
      දුවයි
      පුතයි
      නෝනයි

      එක පාරකට බේරගන එලියට ගේන්න පුලුවන් එක් කෙනෙක් විතරයි

      ඔයා ඉස්සෙල්ලම එලියට අරගන එන්නේ කාවද

      පිලිවලින් නම් කියන්න බලන්න පස් දෙනාගෙම

      හේතුවත් කියන්න

      Delete
    8. බොරු උත්තරයක්ද ඇත්ත උත්තරේද ඕනි...
      අටම් අයියේ මම චන්ඩියෙක් නෙමෙයි. ගින්දරට හරිම බයයි..අයියා ප්ලේන් එකක ගිහිල්ලා ඇතිනේ කවදා හරි..මතකද ටේක් ඕෆ් කරන්න ඉස්සරවෙලා ටැක්සි කරනකොට කරන අනවුන්ස්මන්ට් එක ඔක්සිජන් මාස්ක් එක ගැන...අන්න ඒක තමයි මේකට උත්තරේ වෙන්න ඕනි..තමන් ගිනි නිවනහමුදාවෙනම් වෙනම කතාවක්..එහෙම කිව්වේ මෙටපොර් එකක් හැටියට....මම දන්න කියන දෙයකදි අම්ම තාත්තා නෙමෙයි ඕනිම කෙනෙක්ව මම බේරගනියි මගේ ගැන එච්චරම හිතන්නේ නැතුව..නමුත් ගින්නකදි නම් පුතෝ කේස් තමයි...
      මොන මගුල කරන්නත් තමන් ජීවත්වෙලා ඉන්න ඕනි..
      බොරු උත්තරේ...
      ඔය ලිස්ට් එක මදි ඒක තේරුම් කරලා දෙන්න නම්.....
      යකෝ මේ හෙට අනිද්දා සති අන්තේ උස්වැටකෙය්යාවෙ යන්න ඉන්නේ දුවයි නෝනයි එක්ක..බයවෙන කතා අහන්න එපා...

      Delete
    9. \\\බොරු මොකටද ......ඔව්වා මතක් කරල පලිගන්ඩ කොනහන්ඩ නොගියට ...මුං මට මෙහෙම කරානේ කියල නං හිතෙනව ///
      උඹ හරිම වාසනාවන්තයි අටම් අයියේ..මොකෝ උඹට පොඩි කාලේ කරපු ඒවයේ විතරයි ඇරියස් තියෙන්නේ..
      ඒකට අපි...හප්පා....
      මම මරුසිරා උනානම් පපුවේ කොටාගන්නේ අමු කුනුහරුපයක්.....

      Delete
    10. මං අහස්යාත්තරාවල ගිහිං නැ

      ඔය ප්‍රශ්නෙට ආතල් උත්තරයකුයි , මම කරන විදිහට ඇත්ත උත්තරයයි දෙකක් තියනව

      Delete
    11. මං කරනදේ

      ඉස්සෙල්ලම ලොක්කිව උස්සගන ඇවිත් එලියෙන් තියනව

      ( හේතුව ....එයාට දැන් තේරෙනවා ආරක්ෂිතව එලියට වෙලා ඉන්න , උදව්වට කෙනෙක් ආවොත් පැහිදිලිව එයාලට කතා කරන්න )

      දෙවනුව චූටිව එලියට අරගන එනව

      ( හේතුව ...ලොක්කිව එලියෙන් තියල එනකං හාමිනේ චූටිව ආරක්ෂා කරනවයි කියන විස්වාසය , අනික මට පුලුවන් එලියේ ඉන්න ලොක්කිට පොඩ්ඩිව බලාගන්ඩ දීලා ආයෙත් ඇතුලට එන්ඩ පුලුවන්කම )

      ඊලගට හාමිනේව ගෙනත් තියනව

      ( හේතුව ..දැන් මට බයක් නැ මගේ දැරුවන්ට අම්ම ඉන්නව , අම්මට දරුවො ඉන්නව )

      ඊලගට ගේන්නේ තාත්තව

      ( හේතුව දැන් අම්මා ඉන්නේ ලෙඩ ගානේ කොහොමත් අම්මට වඩාකල් තාත්ත ජීවත් වෙනව , එහෙව් එකේ පිට් එකේ ඉන්න තාත්තව ඇතුලේ තියල අම්මව එලියට ගේන එක බොරු වැඩක්)

      ඊලගට අම්මව බේරල එලියට ගේනව

      ( අපේ අම්මට වඩා තාත්තගේ හිත හොදයි කොහොමත් අම්මව බේරන්නේ දෙවනියට )

      දැං ඉතින් තොපි මට තිරිසනා කියල බැනපියව් ..හේහ් ...හේහ්

      Delete
    12. ආතල් කතාව තමයි
      අර සුනාමිය ආපු වෙලාවේ

      පොඩි රැල්ල ගහල දෙවනි මහ රැල්ල එන්ඩ කලින් , ගෙදර දුහපු එක මිනිහෙක් , ගෑණිවත් ඇදගන දුහනවලු පාර දිගේ

      ‘‘ වරෙන් වරෙන් ගෑණියේ නැලවෙන්නේ නැතුව ..ආයෙත් මුහුද ගොඩ ගලන්ඩ කලින් ‘‘

      ‘‘ අනේ ඒයි අපි ඉස්කෝලෙට ගිහිල්ලා ළමයි ටිකත් එකතු කරං දුහමු ‘‘

      ‘‘ මෙන්න මෙහේ වර හුත්තියේ තෝ නොමලොත් ළමයි හදාගන්ඩ බැරිද ‘‘

      Delete
    13. +++++++++++++++++++++++++++++++++++++ GREAT

      Delete
  18. ජීවිතේට ගුටිකාල තියෙන්නෙ එක පාරයි ඒකත් අම්මගෙන්. ඒකත් ' පුක ' කියන වචනෙ කිවුව කියල. කවුරු කොහොම කිවුවත් ඒක හින්ද ඒ වචනෙ මට කුණුහරපයක්.
    උඹ පන පිහිටුවල ලියල තියන ලියවිල්ලට පොඩි අටං ගැන දුක හිතුන.

    ReplyDelete
    Replies
    1. උඹ ඔය පුක කියන වචනේ එකපාරක් නෙමෙයි දෙපාරක්ම කියල ගුටි කාල තියනව ඒකනේ දෙපාරක්ම එකම දේ කියල තියෙන්නේ

      Delete
  19. ජීවිතේට ගුටිකාල තියෙන්නෙ එක පාරයි ඒකත් අම්මගෙන්. ඒකත් ' පුක ' කියන වචනෙ කිවුව කියල. කවුරු කොහොම කිවුවත් ඒක හින්ද ඒ වචනෙ මට කුණුහරපයක්.
    උඹ පන පිහිටුවල ලියල තියන ලියවිල්ලට පොඩි අටං ගැන දුක හිතුන.

    ReplyDelete
    Replies
    1. අම්මට පෙන්නහං අර ‘‘පුක යනු කුණුහාරපයක් නොවෙයි ‘‘ කියන පෝස්ට් එක

      Delete
    2. යකෝ කකාගෙ සිද්ධාන්තයක් බොරු කරපු එකෙක් නෙවැ උඹ..

      අපි සලකනව මදි යකෝ මූට :D

      Delete
  20. කමෙන්ට්ස් වලින් දැක්කා ඒ උඔ කියලා...
    එහමත් ළමයෙකුට ගහන්න පුලුවන්ද බං?

    ReplyDelete
    Replies
    1. ගාට් අක්කා හම්බවෙච්චි වෙලාවක අහපන් මෙන්ඩෝ..මේකා පච ඇද බාවනවද දන්නේ කොහොමෙයි...?

      Delete
    2. අද ඇහුවත් කියයි මං සෙල්ලං බඩු හොරකං කරල රඹුටං කැව කියල

      Delete
  21. මේක නං අනුමත කරන්න බෑ අයියෙ.. දෙමව්පියො,ගුරුවරු දරුවෙකුට පාරක් ගහන එකේ කිසි වරදක් දකින්නෙ නෑ මම.ඒත් මෙතන තියෙන්නෙ වෙන වෙන පීඩන දරුවා උඩින් යවපු කේස් එකක්.හැබැයි පොඩි එකාගෙ කැරැට්ටුවත් පිරිසිදු වෙලා නොතිබුන නිසා තමයි ඔහොම උනේ කියලා හිතෙනවා.. මට ටිකක් අවුල් මේක කියෙව්වට පස්සෙ..
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගෙ කැරැට්ටුවත් පිරිසිදු

      පිස්සුද අනේ මං එහෙම පජාති වැඩ කරනවද

      Delete
    2. පොඩි එකා කියල ඌ කියන්නේ සුද්දා ගැන වෙන්න ඇති...

      Delete
  22. BURANA BALLA HAPA NOKAI KIWWATA YAKO MEKA DEKAMA KARANAWANE

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් කොටපංකෝ -කෝ

      Delete
  23. අඩේ ඔහොම ගැහුව එකනම් අනුමත කරන්න බෑ. බැරි වෙලාවත් ඔය ගහන පාරකට සදාකාලිකවම අබාධයකට පත් උනොත් එහෙම. ඊට පස්සෙ මගේ පුතා, පණ අනං මනං කියල වැඩක් නෑනෙ. ඒ කාලෙ අටං අයියා සෑහෙන්න පීඩනයකින් ඉන්න ඇත්තෙ නේ?

    ReplyDelete
  24. ළමයින්ට ගහන එකට මම කැමතිම නෑ !!

    ඊට වඩා අපූරුවට ඒකෙන් වෙන දේම කරන්න පුලුවන් "ආදරෙන්" !!!

    ලෝකෙ යන්නෙ ඉස්සරහට මිසක් පස්සට නෙමෙයි.. !

    අපේ වයිෆ්ට අම්ම ගැහුවත්, තාත්ත මැරෙනකම් අතවත් තියල නෑ.. ඒකෙ ප්‍රථිපලය උඹ ඇස් දෙකට දැක්කනේ ..

    ReplyDelete
    Replies
    1. වයිෆ්ගෙන් ගුටි කෑම අදාල නොවේ. !!

      Delete
  25. ලමයින්ට පහර දෙන කෙනා දෙමාපියො, ගුරුවරු, වැඩිහිටියො හෝ වෙන කවුරු උනත් කරන්නෙ දුර්වලයෙක් පීඩාවට පත්කරල තම ආවේග සංසිදුවාගන්න එකයි. සතුන්ට හිංසා පීඩා කරන අයත් කරන්නෙ මේ දේමයි.

    ඒක සාධාරණය කරන්න බොහෝ හේතු දක්වනවා, ළමයි හොද මග යවන්න ගහනවා කියනවා. ඒ ඔක්කොම බොරු.

    ලමයින්ට සතුන්ට හිංසා කරන අය දන්නවා තමන් අතින් හිංසාවට ලක්වෙන කෙනාට තමන්ට ප්‍රති හිංසාවක් කරන්න අවස්ථාවක් නැති දුර්වල කෙනෙක් බව. ඒකහින්දා බයක් නැතිව ඒ අයට පීඩා කරනවා.

    සමහර පාසැල් ගුරාල මේක උපරිම විදියට කරනවා. උන් පන්තියට එද්දි ළමයි බයෙන් වෙවුලනවා.

    ගහලම ලමයි හදන්න ඕන කියල හිතන , කියන, කරන අය, තමන් ලමයෙකුට පහර දුන්නොත් ඒ ලමයත් ඊට සමාන විදියට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව දන්නවනං ගහන්න ඉදිරිපත් වෙන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. මං ගිය දෙකයි පනැහේ ඉස්කෝලවල හිටියේ එහෙම ගුරුවරු තමා වැඩි හරියක්

      Delete
  26. අරූ මැරුනෙ නැද්ද ඔහොම ගුටි කාලා..?

    ReplyDelete
  27. උබලගේ අම්මගේ වරද බන් ගගහා ඉන්නේ නැතුව ඒ කාලෙම ඔය ගහද්දි කියලා තියෙන දේවල් කරනම් අද උබට කරදරයකුත් නෑ (අපිට කරදරයකුත් නෑ ) :P

    ReplyDelete
  28. මට නම් මගේ අම්මියි , අප්පපචියි ගහලා නැහැ. දැන් මට හිතෙනවා මම කරපු ඒ දේවල් වලට කොහොමද නොගහ හිටියේ කියල. නමුත් වෙන වෙන ක්‍රම තිබ්බ අපිව පාලනේ කරපු.
    මම කියන්නේ නැහැ ගුටි දෙන එක අමනුශිකයි කියල. ඒක සාපේක්ෂයි. නමුත් පොඩි දරුවෙක් විදියට අපිට ලොකු බලපෑමක් කරන්න දඬුවම සමත් වෙනවා. මේ විදියට තඩිගහන එක නම් පව් කියල හිතෙනවා.
    තරහ වෙන්නේ නැත්තම් කියන්නද ( තරහ උනත් මට පාන්ද?) අර ජනරන්ජනී කතාවේ කියපු හැටියට නම්, උඹ හෙන මැරෑටියා. ඒක හිතේ ඇති අම්මලාගේ. ඒ හින්ද නිරපරාදේ උනත් අහුවෙනවා නොකරපු දේකට, අහන්නත් දෙයක්ද?
    ගැහුවේ කොහොමද කියන එක ඔලුවේ තියන් ඉන්න එක ඇත්තටම දැන් වැඩක් නැහැ. අනිත් එක ඒ වගේ දඬුවම් ( නොකරපු වරදකට දෙන දඬුවම්) ලැබෙන්නේ ළමයින්ට විතරක් නෙවෙයිනේ? ලොකු කාලේ එහෙම උනහම කොහොමද දරාගන්නේ? පොඩි කාලේ නම් කියන්න පුළුවන් අම්මා නිසා, තාත්ත නිසා මුකුත් කරන්න බැහැ කියල. නමුත් ලොකු උනහම?

    ReplyDelete
  29. ගහනවයි කියලා ඔහොමත් ගහනවද බං ළමයිට?
    ප්‍රේමදාසලා හිටපු කාලෙනං එහෙම ගැහුවා වෙන්නත් පුළුවන් එක අතකට.

    ReplyDelete
  30. යකෝ ඔහොමත් ගහනවද ලමයින්ට...මලා නම් එහෙම....හැබැයි ශාරීරික දඩුවම් යම් පමනකට තිබියයුතුයි කියන එකට මං එකඟයි..ඔය වගේ හම ගැහිලි නම් එපා මයි...ඔයා ඒ කාලෙ හෙන අපතයෙක් වෙලා ඉන්ඩ ඇති...නැත්තං අහක යන තොප්පි වැටෙයියැ ඔය වගේ

    ReplyDelete
  31. අදයි දැක්කෙ. ඒක හරිම සංවේදී කතාවක්. මට ඒක කියවද්දි මතක් වුනේ මෑතක කියවපු පොතක්. පොතේ නම මතක නෑ. පොතේ කතෘගේ අම්මා එයා පුංචි කාලෙ ඉඳලම එයාට පහත් විදියට සළකනවා. එක වතාවක් පිහි‍යෙනුත් අනිනවා. අන්තිමේදි පරිවාස භාරයේ හැදෙන හැටි තමයි ඒකෙ කියන්නෙ.

    ReplyDelete
  32. Mona gehillakda atamo ubata gahala thiyenne.. Mata wayasa 4di wage balla bandina damwelen bendala re eliwenakan eliye thiyala thibba. Ewata weradi kiyanta be ammalata. Samaharakwita eyalage stress nisa wenta puluwan. Ewayin igenagaththa padam nisa thamayi sen mehema inne. Patta story eka. Hikz..

    ReplyDelete
  33. ටික්කා මහතා, අටමා හා ගැහිල්ලෙන් ළමයි හැදෙනවය කියන මතයේ සිටින සහෝදරවරුන්ට. ටික්කට දම්වැලෙන් බැදපු විධිහට වයස 4 නොදන්නා දරුවෙකුට දඬුවම් දීම අන්තිම වැරදියි. එසේ කල ඔබේ මව හෝ වෙන අයෙක් දැඩි මානසික ආතතියක් හෝ දැඩි ලෙස මනසින් පහතට වැටීමක් වෙලා සිටින්න ඇති. ඔබ දැන් මෙහෙම ඉන්නේ කියන්නේ ඔබ දැන් හොඳින් ඉන්නවා කියන එක වෙන්න පුළුවන්. නමුත් එසේ නොකෙරුවනම් ඔබ මිට වඩා හොඳින් ඉන්න සමහරවිට මිලියනර් කෙනෙක්, නැත්නම් රටේ ජනාධිපති හරි වෙන්න පුළුවන්. කොහොමද ඔබ කියන්නේ එහෙම කල නිසා අද ඔබ මෙහෙම ඉන්නවා කියල. මොන පදනමකින්ද ?
    මගේ දුව අවුරුදු 4 දී කියන්නේ හරිම හුරතල් දරුවෙක් . අනේ ඒ ලමයව බලු දම්වැලෙන් බැඳලා එළියේ තියනවා කියන්නේ දරුණුම දරුණු වැඩක්. මට හිතා ගන්න බැහැ එහෙම කරන්න දැන් වුනත්. ගහල ගහල හදන ළමයි අනාගතේ හොඳ වෙනවා කියන්නේ බොරුවක්. ඒ ළමයි විශාල පෙරළියකට පසු වුනේ නැත්නම් එලියට නොපෙන්නුවත් විවාහ ජිවිතයේ ප්‍රශ්න තිබෙනවා. ඒ ළමයි ලොකු වුණාම පටන් ගන්න දේ ව්‍යාපාර හෝ විභාග හෝ තවත් දේ තමන් කොච්චර දක්ෂ වුනත් හේතුවක් නැතුව නවත්වනවා. හිත ඉතා තද නැත්නම් හිතුව දේ වෙනස් කරනවා. තව දිගට ලියන්න පුළුවන්. කවුරු හරි ලියනවා නම් හොඳයි. පොත් කියවල හරි තමන්ගේ මානසික ආතතිය සමනය කර ගන්න ඕනේ.

    ReplyDelete
  34. අපි 9 වසරෙදි මගේ යාලුවෙක් දවසක් ගණන් සර් කනට ගහපු පාරකට කටින් සෙම දාගෙන ඇස් දෙක උඩ ගිහිල්ලා කලන්තෙ වගේ හැදිලා බිමටම වැටුණා. සර් හොඳටම බය උනා. අපි හිතුවා මූ ඉවරයි කියලා. එහෙම උනොත් සෑරුත් ඉවරයි.
    කොල්ලගේ ගෙදරට පණිවි‍ඩේකුත් ඇරියා. ඉස්පිරිතාලෙත් ගෙනිච්චා.
    පහුවදා මූ ආවෙත් නෑ. කෝල් කරන්ඩ ඒකාලෙ පෝනුත් නෑ.

    දවස් දෙකකට පස්සේ මූ ආවා. අවුලක් වෙලා නෑ. සෑර්ට පාඩමක් උගන්නන්න කරපු රඟපෑමක් කිව්වා. අපි මූට හොඳටම බැන්නා. සෑර්ට පිනා අම්බානකට බැනලත් තිබිබා.
    හැබැයි මේ දේ කරන්ඩ තිබ්බේ ඔය සෑර්ට නෙමෙයි.

    ReplyDelete
  35. අම්මා ගහනවා....තියලා ඔහොමත් ගහනවද?? අටං අයියා ලොකු වෙලා කරපු කරන වැඩ වලට කලින් ම කාලා වගේ....

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>