අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක් නැ
ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක් නැ
මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන් නැ
මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන් නැ
හැදි ගෑරුප්පුවේ සෙල්ලං මට දිරවන් නැ
මොකක් බැස්සුවත් බොක්කට මට ගතියක් නැ
චිකන් කොත්තුවක් තරමට ඇගට වදින් නැ
මැෂින් කෝෆි කොකා කෝල කිසි ගැම්මක් නැ
ලයිට් ටී එකක් තරමට වෝමප් වෙන් නැ
හැන්දෙ පිගානේ නාවර මට අවුලක් නැ
බාගෙට හෝදපු කෝප්පේ රසය මැරෙන් නැ
මොනව නැතත් ඇතුවත් මට මෙලෝ වගක් නැ
මුස්ලිම් හෝටල් නැත්තං මං කන්නෙම නැ
මොකක් බැස්සුවත් බොක්කට මට ගතියක් නැ
චිකන් කොත්තුවක් තරමට ඇගට වදින් නැ
මැෂින් කෝෆි කොකා කෝල කිසි ගැම්මක් නැ
ලයිට් ටී එකක් තරමට වෝමප් වෙන් නැ
හැන්දෙ පිගානේ නාවර මට අවුලක් නැ
බාගෙට හෝදපු කෝප්පේ රසය මැරෙන් නැ
මොනව නැතත් ඇතුවත් මට මෙලෝ වගක් නැ
මුස්ලිම් හෝටල් නැත්තං මං කන්නෙම නැ
අටමා අද කනවා මේකට බුදු ෂුවර්
ReplyDeleteමට නම් මෙලෝ තේරුමක් නෑ මේ කවියේ.. මොකක් ගැන කියනවද මන්දා අටමා. හැක්.
ReplyDeleteනිධාන කතාව මේකයි.මූ එක්ක ඊයෙ රෑ එහෙ එද්දි ලොකු ලොකු හෝටල් පෙන්නනවා නවත්තපිය කියලා. ඒවයි ප්ලේන්ටිත් නෑ.. සීනි එකයි උනුවතුරයි දෙනවා හදාගෙන බොන්න .&%$&@ &$$#&
Deleteමැස්සෙක් නැති ගෝලිප් එකක් නැති ටක ටක ගාල කොත්තුවක් නොගහන හෝටල් හෝටල්ද බං . තුක් විතරක්
ආතල්ම ෂීන් එක ඕං මූට හරියන කඩේක නැවැත්තුව ඈ.
මල්ලි බීෆ් කොත්තුවක් ගේන්න.
අනේ බීෆ් නෑ අයියෙ :D
අනේ ඒ වෙලාවෙ මුගෙ මූණ උඹලට පෙන්නගන්න ඇත්තං මට :D
කොත්තු කියන්නෙ මල ජරාවක්. ඒ උනාට ඇබ්බැහි වෙනව බං. මම කැම්පස් යන්න කලින් කවදාවත් කොත්තුවක් කාල නෑ. කැම්පස් එකේ ඉන්නකොට කට්ටිය එක්ක කාල බඩ හුරු කරගත්තා. අවුරුදු ගානකට පස්සෙ දැං යන්තං කොත්තු කෑම අත ඇරගෙන ඉන්නෙ.
ReplyDeleteමම දන්න හොදම කොත්තු තිබ්බෙ නුගේගොඩ ගංසභා හන්දියෙ ගිහාන්ස් එකේ බීෆ් කොත්තු. දැන් නැං එතන කොත්තු නැද්ද මන්දා. පිලවුඩ්ස්, ප්ලාසා අරව මේව ට වැඩිය එතන හොදයි
කොත්තු කන්න නං බඩ ජරාවට ඔරොත්තු දෙන්න හැඩගස්ස ගන්න ඕනෑ.
පිලවුඩ්ස් කියන්නේ අර මැක්වුඩ්ස් කොම්පැනිය ළඟ එක නේද. ප්ලාසා කියන සැමන් දාලත් කොත්තු හදනවද.
Deleteජීවිතේට කොළඹ ආපු නැති උන්ට හිතෙන්නෙ ඔහොම තමයි බං, කා එක්ක හරි ඇවිත් කොළඹ බලල පලයන්
Deleteමට කොත්තුත් ඕනැ ලයිමුත් ඕනෑ නං යන්න පිලවුස්....
Deleteගිහාන්ස් එකේ කොත්තුව නම් ජාති ඈ....
Deleteමමත් ආසම ඒකේ කොත්තුවට තමා...ඒ ඇරුනම කැම්පස් එක ගාව තියන "බූ" එකෙත් කොත්තු හොදයි.....
මටත් ඔය ලොකු ලොකු තැන් දිරවන්නේ නෑ! කෑවොත් මොකක් හරි කේස් එකක් වෙනවා!
ReplyDeleteසූට් කේස්ද
Deleteලොකු පොකු තැං දිරවන්නෑ තමා
ReplyDeleteඇගට වදින්න කෑවොත් පස් එක හාමත් වෙලා
පර්ස් එකට දැනෙන්න කෑවොත් අපි හාමත් වෙලා හිහි
ලොකු හෝටල්වල ගෝලිෆ් එකක් බොන්න නෑ
ReplyDeleteසයිවර් කඩයේ ඒකට කිසි අවුලක් නෑ
ඒක බිව්වෙ නැත්තං මුට කිසි ගතියක් නෑ
ඒ හින්දා ලොකු තැනකට අටම කැමති නෑ
++++++++++
ReplyDelete// මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන් නැ //
ReplyDeleteනෙද්දක්කිං ... හිටපියකො තොට.තෝ එක්ක කඩවල් වලිං කන්ඩ යන මට ගහන්න ඕනැ දෙකේ හතරෙ පොල්ලකිං .. ආයෙ නං තෝ එක්ක කොහෙවත් යන්නෙ නෑ .. ඕ යේස්
ReplyDeleteමේං මේකා මුස්ලිම් කඩවල් වලින් කන්නෙ නැතෝ .. මූ ජාතිවාදෙ වපුරනවෝ ..මූට බැනපියෝ
අන්න එකට, කොහොමද අපිත් එක්ක ගිය හෝටලේ .අටමා දැක්කේ නැ දොරේ ගහලා තිබුන පින්තුරේ නැද්ද මචෝ ...
Deleteඅර දුර ගමන් බස් නවත්තන කඩේකට ගොඩ උනා නම් හරිනෙ....
ReplyDeleteහරියටම හරි අටම්ට මෙතනත් ටක්කෙටම හරියනවා.
Deleteදකින දකින දේ ගන්නට අතේ සල්ලි.............. නෑ
ReplyDeleteබඩට කන්න නැති වුනාට හිතේ ගින්න........... නෑ
අතන මෙතන වෙන දේවල් අපි හොයන්නෙ.... නෑ
සිහින පෙනෙන රෑ කාලෙත් අපි නිදන්නෙ..... නෑ
මේ සිංහල style එක නේද ...? අටම්
ReplyDeleteඅඩේ අටමා............
ReplyDeleteහලාල් වලට කඩේ යනවාද යකෝ..... උඹලා ත්‍රස්තවාදයට අායෙමත් මේ රට යට කරන්න සල්ලි දෙනවාද යකෝ... (මාව දේශහිතෙෙශී පොරක් වගේ පේනවා නේද?????)))
Koththu...!!! Ammoo elama kiri.. Uba sepatama liyala thiyenawa..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකොත්තු...බඩ විරේක වෙන්ඩ නියම් බේත.. හැක්!
Deleteකරුමෙ කියන්නේ කොත්තු කඩෙන් කාලා කොත්තු කඩේ එකා මරන්න යන එක නේ...
ReplyDeleteආනන්ද භවන් . න්. න් ..
Deleteආනන්ද භවන් එකට ගිහින් තෝසේ ගිලිනවා
එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා ..
ආනන්ද භවන්
//මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන් නැ//
ReplyDeleteඔන්න අටං අයියෙ .. අර පී එච් අයිලගෙ ජොබ් එකටත් කෙලින වැඩක්. හැක් ..
මම සිංහල දෙමල මුස්ලිම් කියලා කඩ වෙන් කරන්නේ නෑ....ඒත් ගොඩක් දුරට යන්නේ දෙමල සයිවර් කඩ වලට...
ReplyDeleteඑහෙම නැත්ත ඔය නයිට් කඩේකට අල්ලල මොනා හරි බඩට දා ගන්නවා....
කොහොම වෙතත් අටමා කියන්න වගෙ මැස්සෙක් වැහුවෙ නැත්ත ගතියකුත් නෑ තමා....