2015-07-10

මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්නැ



අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක්        නැ
ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක්                  නැ
මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්       නැ
හැදි ගෑරුප්පුවේ සෙල්ලං මට දිරවන්               නැ

මොකක් බැස්සුවත් බොක්කට මට ගතියක්      නැ
චිකන් කොත්තුවක් තරමට ඇගට වදින්           නැ
මැෂින් කෝෆි කොකා කෝල කිසි ගැම්මක්     නැ
ලයිට් ටී එකක් තරමට වෝමප් වෙන්               නැ

හැන්දෙ පිගානේ නාවර මට අවුලක්                 නැ
බාගෙට හෝදපු කෝප්පේ රසය මැරෙන්          නැ
මොනව නැතත් ඇතුවත් මට මෙලෝ වගක්      නැ
මුස්ලිම් හෝටල් නැත්තං මං කන්නෙම             නැ

28 comments:

  1. අටමා අද කනවා මේකට බුදු ෂුවර්

    ReplyDelete
  2. මට නම් මෙලෝ තේරුමක් නෑ මේ කවියේ.. මොකක් ගැන කියනවද මන්දා අටමා. හැක්.

    ReplyDelete
    Replies
    1. නිධාන කතාව මේකයි.මූ එක්ක ඊයෙ රෑ එහෙ එද්දි ලොකු ලොකු හෝටල් පෙන්නනවා නවත්තපිය කියලා. ඒවයි ප්ලේන්ටිත් නෑ.. සීනි එකයි උනුවතුරයි දෙනවා හදාගෙන බොන්න .&%$&@ &$$#&

      මැස්සෙක් නැති ගෝලිප් එකක් නැති ටක ටක ගාල කොත්තුවක් නොගහන හෝටල් හෝටල්ද බං . තුක් විතරක්

      ආතල්ම ෂීන් එක ඕං මූට හරියන කඩේක නැවැත්තුව ඈ.

      මල්ලි බීෆ් කොත්තුවක් ගේන්න.

      අනේ බීෆ් නෑ අයියෙ :D

      අනේ ඒ වෙලාවෙ මුගෙ මූණ උඹලට පෙන්නගන්න ඇත්තං මට :D

      Delete
  3. කොත්තු කියන්නෙ මල ජරාවක්. ඒ උනාට ඇබ්බැහි වෙනව බං. මම කැම්පස් යන්න කලින් කවදාවත් කොත්තුවක් කාල නෑ. කැම්පස් එකේ ඉන්නකොට කට්ටිය එක්ක කාල බඩ හුරු කරගත්තා. අවුරුදු ගානකට පස්සෙ දැං යන්තං කොත්තු කෑම අත ඇරගෙන ඉන්නෙ.

    මම දන්න හොදම කොත්තු තිබ්බෙ නුගේගොඩ ගංසභා හන්දියෙ ගිහාන්ස් එකේ බීෆ් කොත්තු. දැන් නැං එතන කොත්තු නැද්ද මන්දා. පිලවුඩ්ස්, ප්ලාසා අරව මේව ට වැඩිය එතන හොදයි

    කොත්තු කන්න නං බඩ ජරාවට ඔරොත්තු දෙන්න හැඩගස්ස ගන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. පිලවුඩ්ස් කියන්නේ අර මැක්වුඩ්ස් කොම්පැනිය ළඟ එක නේද. ප්ලාසා කියන සැමන් දාලත් කොත්තු හදනවද.

      Delete
    2. ජීවිතේට කොළඹ ආපු නැති උන්ට හිතෙන්නෙ ඔහොම තමයි බං, කා එක්ක හරි ඇවිත් කොළඹ බලල පලයන්

      Delete
    3. මට කොත්තුත් ඕනැ ලයිමුත් ඕනෑ නං යන්න පිලවුස්....

      Delete
    4. ගිහාන්ස් එකේ කොත්තුව නම් ජාති ඈ....
      මමත් ආසම ඒකේ කොත්තුවට තමා...ඒ ඇරුනම කැම්පස් එක ගාව තියන "බූ" එකෙත් කොත්තු හොදයි.....

      Delete
  4. මටත් ඔය ලොකු ලොකු තැන් දිරවන්නේ නෑ! කෑවොත් මොකක් හරි කේස් එකක් වෙනවා!

    ReplyDelete
    Replies
    1. සූට් කේස්ද

      Delete
  5. ලොකු පොකු තැං දිරවන්නෑ තමා
    ඇගට වදින්න කෑවොත් පස් එක හාමත් වෙලා
    පර්ස් එකට දැනෙන්න කෑවොත් අපි හාමත් වෙලා හිහි

    ReplyDelete
  6. ලොකු හෝටල්වල ගෝලිෆ් එකක් බොන්න නෑ
    සයිවර් කඩයේ ඒකට කිසි අවුලක් නෑ
    ඒක බිව්වෙ නැත්තං මුට කිසි ගතියක් නෑ
    ඒ හින්දා ලොකු තැනකට අටම කැමති නෑ

    ReplyDelete
  7. // මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන් නැ //

    ReplyDelete
  8. නෙද්දක්කිං ... හිටපියකො තොට.තෝ එක්ක කඩවල් වලිං කන්ඩ යන මට ගහන්න ඕනැ දෙකේ හතරෙ පොල්ලකිං .. ආයෙ නං තෝ එක්ක කොහෙවත් යන්නෙ නෑ .. ඕ යේස්

    මේං මේකා මුස්ලිම් කඩවල් වලින් කන්නෙ නැතෝ .. මූ ජාතිවාදෙ වපුරනවෝ ..මූට බැනපියෝ

    ReplyDelete
    Replies
    1. අන්න එකට, කොහොමද අපිත් එක්ක ගිය හෝටලේ .අටමා දැක්කේ නැ දොරේ ගහලා තිබුන පින්තුරේ නැද්ද මචෝ ...

      Delete
  9. අර දුර ගමන් බස් නවත්තන කඩේකට ගොඩ උනා නම් හරිනෙ....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අටම්ට මෙතනත් ටක්කෙටම හරියනවා.

      Delete
  10. දකින දකින දේ ගන්නට අතේ සල්ලි.............. නෑ
    බඩට කන්න නැති වුනාට හිතේ ගින්න........... නෑ
    අතන මෙතන වෙන දේවල් අපි හොයන්නෙ.... නෑ
    සිහින පෙනෙන රෑ කාලෙත් අපි නිදන්නෙ..... නෑ

    ReplyDelete
  11. මේ සිංහල style එක නේද ...? අටම්

    ReplyDelete
  12. අඩේ අටමා............

    හලාල් වලට කඩේ යනවාද යකෝ..... උඹලා ත්‍රස්තවාදයට අායෙමත් මේ රට යට කරන්න සල්ලි දෙනවාද යකෝ... (මාව දේශහිතෙෙශී පොරක් වගේ පේනවා නේද?????)))

    ReplyDelete
  13. Koththu...!!! Ammoo elama kiri.. Uba sepatama liyala thiyenawa..

    ReplyDelete
  14. Replies
    1. කොත්තු...බඩ විරේක වෙන්ඩ නියම් බේත.. හැක්!

      Delete
  15. කරුමෙ කියන්නේ කොත්තු කඩෙන් කාලා කොත්තු කඩේ එකා මරන්න යන එක නේ...

    ReplyDelete
    Replies
    1. ආනන්ද භවන් . න්. න් ..
      ආනන්ද භවන් එකට ගිහින් තෝසේ ගිලිනවා
      එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා ..
      ආනන්ද භවන්

      Delete
  16. //මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන් නැ//

    ඔන්න අටං අයියෙ .. අර පී එච් අයිලගෙ ජොබ් එකටත් කෙලින වැඩක්. හැක් ..

    ReplyDelete
  17. මම සිංහල දෙමල මුස්ලිම් කියලා කඩ වෙන් කරන්නේ නෑ....ඒත් ගොඩක් දුරට යන්නේ දෙමල සයිවර් කඩ වලට...
    එහෙම නැත්ත ඔය නයිට් කඩේකට අල්ලල මොනා හරි බඩට දා ගන්නවා....
    කොහොම වෙතත් අටමා කියන්න වගෙ මැස්සෙක් වැහුවෙ නැත්ත ගතියකුත් නෑ තමා....

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද
    මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ ,…
  • flash drive එකක් Bootable drive එකක් කරගන ඒකෙන්  Windows දාමු
    ඔය මොකක්හරි ඩීවීඩි ඩ්‍රයිවරයක් නැති හරි කැඩිච්චහරි කොම්පියුටරෙකට වින්ඩෝස් දාන්ඩ ගියහම පෙන් එක බූටබල් කරගන්ඩ ඕන වෙනවනේ , එහෙම උනහම මං ඉතින් ජංජාලේ…
  • උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත්
    උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත් ... අපේ අතිගරු ජනාදිපති තුමා රටවල් දෙකටම සම්බාධක දායිද , ආ …
  • Sri Lankan Style Octopus Recipe
  • අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට
    නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට මගේ මල්ලිව තුරුල් කරන්…
  •  කූඹියෝ වෙනුවෙන්  මගේ මෙව්වා ඒක
    මං දැං සිංහල ටෙලි නාට්ටි බලන එක නවත්තලා  ගොඩක්  කල්  , ඔය ගෙදර ඉන්දැද්දි  ගෙදර උං බලනකොට පේනවා දකිනවා ඇරුනහම …
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • භාවිතාකල  මහන මැසිමක වටිනාකම සහ ගෙම්බාමාක් ඇන්ටික්
    භාවිතාකල  මහන මැසිමක වටිනාකම සහ ගෙම්බාමාක් ඇන්ටික් ‘‘ අයියේ මේ මැසිම තිස්දාහක් කියනවා ඒ ගානට වටිනවද ‘‘ ‘‘ මචං මට මේ මැසිම විකුණාගන්න ඕන ,…
  • කාගෙද බං මූ
    මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක්…
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )
    ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට ) තෙල් සහ මස් සමානව ඇති 500g පටියක හැඩයේ…
  • මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි
    මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා…
  • Restoration Old Rusty Sewing Machine | Sticking color pattern design and...
  • Making and tempering a traditional rock drilling chisel
1,645,955

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>