2015-07-13

ලබ්බ කියන්නේ ඇයි


නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල චන්ඩින්ගෙන් ගුටි කන්ඩ ඕන , මෙහෙන් ගමේ චන්ඩින්ගෙන් කන්ඩ ඕන , ඉස්කෝල චන්ඩින්ගෙන් නං එහෙමට අභියෝගයක් එල්ලවෙන්නේ නැ , කොහේ ඉදන් කොහෙට ගියත් චන්ඩි කොලනියකටම පදිංචියට යන්ඩ වෙන හන්ද ,

එහෙම උනහම ඉස්කෝල චන්ඩි පාට් එක දාන්ඩ එන්නේ නැ , උන්ගේ තාත්තල චන්ඩිකං කරල නොන්ඩි උනහම අවුරුද්දක් හමාරක් සැප ගන්ඩ බහින පොට්ටෙකේ උන් කියල පොඩි ගෞරවයක් තියන හන්ද , අනික මොනවහරි කේස් එකක් දැම්මහම චන්ඩි කොලනියේම ඉන්න වෙන ඉස්කෝල වල උන් හිටං බැහැල

‘‘ කවුද ඩෝ අපේ ක්වාටර්ස්වල උන්ට සයිස් දැමිමෙ කියල අහන හන්ද ‘‘

එහෙම පත්තුවෙච්ච සමහරක් සින් ..අන්තිමට පොඩි චන්ඩින්ගේ  මහ චන්ඩිත් ( ලයිසන් චන්ඩි) බැහල ඉවරවෙච්ච පරන සීන් මතක් උනහම එකෙක් පාට් එක දාන්ඩ එන්නේ නැ. ගොඩක්වෙලාවට වෙන්නේ පන්තියේ ඉන්න චන්ඩියා ත....චන්ඩි සෙට් එක ඇවිත් අළුතින් ඉස්කෝලෙට බැස්ස එකාව තමන්ගේ කල්ලියට ආරාධිතව  ගරු සාමාජිකයෙක් ලෙස බදවගන්න එක තමා.

හැබැයි නේවාසික කොලනියෙදි සින් එක වෙනස් ඔයිට හාත් පසින්ම , ගුටි කන්ඩ , කින්ඩි කන්ඩ , මැඩ වෙන්ඩ , ගුටි  දෙන්ඩ වෙනව අම්බානට , පොඩ්ඩක් හරි ඔලුව උස්සන්ඩ නං තමන්ට වඩා වයසෙන් , ඇග පතෙන් අඩු ටිකක් ලොකු සීන් එකෙන් ඉන්න එකෙක්ට දෙන්නෙක්ට කදුළු පනින්ඩ දෙන්ඩම ඕන.

කොහොම හරි රාගමට ආව මුල් දවස්වල මට ඔහොම අභීයෝග කිහිපයකටම මුහුණ දෙන්න උනා, මුලින් මුලින් මග ඇරලා ගියාට මොකද , පස්සේ පස්සේ කට්ටිය සෙට් වෙලා මග රැකලා ඉන්න  තත්වයක් උදාඋනා , බේරිලා යන්නම බැ, පාරේ අයිනෙන් යනකොට ඇගට ඇවිත් හැප්පෙනවා, මූණ ඉස්සරහා හිටගන නහය දිහා බලාගන ටිකක් වෙලා ඉදලා මගෙන් අහනවා

''ඇයි මොකද .....ගේමද ඉල්ලන්නේ''


ගෙදරට නඩු ඇරගන යන්ඩත් බැ  අපේ ගෙදර නඩු විසදන  අසාධාරණ ක්‍රමය හන්දා. ගෙදර ගිහිල්ලා මම කියුවෝතින්

''පාරේ යන්ඩ දෙන්නැ අරුං මට ගහන්ඩ එනවා කියලා''

''උඹ මොනවද උන්ට කරේ, මම කියලා තියනවානේ ඒක එකා එක්ක එල්ලෙන්ඩ යන්ඩ එපා කියලා''

අනිවා අපේ මහදෙන්නා ඉස්සෙල්ලම අතට අහු උන එකකින් මට නෙලනවා


ඕක හන්දා ගෙදරට කියන අදහස අත ඇරලා , අයියලා නැති උන් දෙතුන් දෙනෙක් බලලා තනියම අහු උන වෙලාවක චැලෙන්ජ් කරා තනි තනියම ගහගන්න. මම ඒ කාලේ බොහොම කෙසගයි අතපය දිග හන්දා මට වදින්ඩ කලින් කොහොමත් මට පාරවල් දෙක තුනක් උන්ට කෙලලා අරින්ඩ වාසනාව ලැබුනා. ඊට පස්සේ දගලන්ඩ බැරිවෙන්ඩ බදලා හිර කරලා අල්ලගෙන

''තෝ ආයේ මා එක්ක ගේමට ආවොත්  දෙන්නේ මෙහෙම නෙමෙයි හරිද''

කියලා සත්තමක් දැම්මහම ආයේ ඌ එන්නේ නැ,  සැහෙන කාලයක් ගියහම තමා ඉතින් මුණ දීලා කතාබහ කරන්නෙවත් ,

ඔය විදිහට දමියට ගහපු දවසේ සැහෙන වෙලාවක් දෙන්නා දෙන්නව මෙල්ල කරගන්ඩ පොර කෑවා, දෙන්නම පැරදෙන්ඩ කැමති නැ , සෑහෙන වෙලාවක් බිම පෙරලිලා දගලලත් එකෙක්වත් පරාද උනේ නැති හන්දා දෙන්නා ගේම අත ඇරලා දාලා බිම ඉදගන හති ඇරියා,

''උඹ ඔච්චර මා එක්ක තරහා මම මොන වරදක් කරාටද''

අරූ මොකුත් නොකියා මගේ මුණ දිහා බලාගන ඉදලා

''වරෙන් යන්ඩ මාත් එක්ක පේර කඩන්ඩ''

‘‘කොහෙද බං ‘‘

‘‘ සල්බාත් කැලේ  , උඩවගාවට පැන්නොත් අන්නාසිත් තියනව ‘‘

‘‘ ඒ කොහෙද බං ‘‘

‘‘ වරෙන්කෝ පෙන්නන්ඩ . ...මං ගෙදර ගියොත් අහුවෙනව අම්මට උඹ ගෙදර ගිහින් පිහියක් අරන් වරෙන් , අපි කෙහෙල්කනකුත් කපල හංගමු ‘‘

මං ඉතින් අරුව බැරුක්කේ  ගාව පරන බාල්දි කක්කුස්සියේ පඩිපෙල උඩින් ඉන්දවල ජෑම්ගහ ලගින් පැනල ගෙදර ඇවිත් හොරෙන්ම තාත්තගේ උල් පිහිය කඩදාසියක ඔතල ඉනේ ගහගන ඇවිත් දමිතගේ පුක පස්සේ වැටෙනව.

‘‘ පේර පස්සෙ කඩමු . ඉස්සෙල්ල කොරියට පැනල උඩ වගාවේ  අන්නාසියි කඩමු , මේ වෙලාවට අංකල්ල කවුරුත් එන්නැ . පාටි කාරයෝ වහන්ඩ ඇරං යන්ඩ පෝලින් ගහනව ‘‘

‘‘ අහුවෙයිද ‘‘

‘‘ පිස්සුද බං අපි ඕන තරං කඩන්නේ . අහුඋනත් මොකවත් වෙන්නැ . ටිකක්වෙලා තියං ඉදල අත ඇරල දානව , හැබැයි තාත්තගේ නම කියන්ඩ එපා . වෙන කෙනෙක්ගේ නම කියහං ‘‘

‘‘ කාගේ නමද කියන්නේ ‘‘

‘‘ උඔ කියහං ඒයුද සිල්ව කියල . මං කියන්නං ඇල්බට් රණසිංහ කියල ‘‘

‘‘ ඒ  කවුද බං ඒ ‘‘

‘‘ පියාලගේ තාත්තයි . නිරෝලගෙ තාත්තයි‘‘

‘‘ උන් දැන ගත්තොත් ‘‘

‘‘ ඉතින් මොකද ..උන්  දවසක් පරයි අල්ලන්ඩ විසිට් රූම් එකේ වහලෙට නැගල මාටිටු වෙලා ...තාත්ත කවුද ඇහුවහම වීරසිංහ කියල ‘‘

‘‘ අපේ තාත්ත මට ගැහුවටත් වඩා අසංක අයිය ගැහුවා ‘‘

‘‘ අර උඹලගේ ගෙදර ඉන්න වැඩට යන අයියද  අසංක අයිය කියන්නේ , ඒ ..උඹගෙම අයියද ‘‘

‘‘ නැ අපේ ගෙදර මායි නංගියි විතරයි ... ..ඒ උනාට එයත් අපේ අයියෙක් ‘‘

‘‘ එ කියන්නෙ නැයෝ , නැන්දලැ මාමලැ අයියෙක්  ‘‘

‘‘ නැ එහෙමත් නැ , ඒ උනාට සිරිගම්පල සීයලගේ ගෙදර ඉන්නේ ‘‘

‘‘ එහෙනං උඔලගේ අම්මට නැන්ද කියන්නේ  ‘‘

‘‘ මං දන්නැ ඔව්වා , කවුරු හරි ඇහුවොත් තාත්තගේ නම කියන්ඩ එපා ‘‘

අපි දෙන්න දැං පාර දිගේ උඩහට යනව . මං කවදාවත් ඒ පැත්තට ගිහින් තිබුනෙත් නැ . ඒ පැත්තම පට්ට පාළුයි , මු මාව මරන්ඩ ගෙනියනවද මන්ද . ඔය ඕන තරං පොත් පත්තරවල තියෙන්නේ තරහකාරයෝ තරහ නොපෙන්නා කැලේට අරං ගිහින් මරණ සීන් , ...එව්වා කොහෙද මා එක්ක ...උල් පිහිය මගේ අතේනේ .....ඇනගන ඇනගන යනව මැරෙනකංම ....

‘‘මේ තියෙන්නේ අපිට වතුර දෙන වතුර ටැංකිය ‘‘

කැලැව මැද්දෙං ඇවිත් ටිකක් එලි පහලිය තියන තැනක පුට්ටු ගෙවල් දෙකක් ලග තියන උසම උස ,වතුර ටැංකියක් පෙන්නල දමිය මට කියනව

‘‘ අඩෝ මාර උසයිනෙ ‘‘

‘‘ අපි හොරෙන් ඕකට නගිනව , සිරිපාදේ හිටං පේනව , මේ පැත්තෙන් වරාය , පිට්ටු බංබුව , කොලොන්නාව තෙල් එක , සපුගස්කන්ද තෙල් එක හිටං පේනව ‘‘

‘‘ නැ ... නගිමුද බං ‘‘

‘‘ පිස්සුද මේ වෙලාවට ඇතුලට වතුර ගහන වෙලාව , පාටිකාරයොයි මහත්තුරුයි දෙගොල්ලොම එනව ‘‘

නොනගින එකත් හොදයි .....මේ හොදට කතා කලාට මු මාව ඕක පල්ලට තල්ලු කරයිද කවුද දන්නේ

‘‘ එය තියෙන්නේ පිඑච් එකේ එලියේ කෑල්ල , ලාදුරු කාරයෝ , ටීබි කාරයෝ දාල තියෙන්නේ , ඒකට තමයි , කාමර කාමර වෙනම හදල , කුස්සියයි ඔපිස් එකයි වෙනම හදල ඔච්චර උස තාප්පෙට උඩින් කම්බි වැටකුත් ගහල තියෙන්නේ ‘‘

‘‘ තාමත් ඉන්නවද බං ලාදුරු කාරයෝ ‘‘

‘‘ නැ බං දැන් ඕක ක්වාර්ටස් එකක් . වතුරපාටියේ අංකල් ඉන්නේ ඔය ගෙදර . ඹ්කේ කාබර ගොඩක් තියන එක උන්ට හොදයි ..හෙන කට්ටියක් ඉන්න හන්ද ‘‘

එකත් ඇත්ත තමා වෙනම වතුර ටැංකියි . වෙනම කුස්සියි  එස්පි ක්වාටර්ස් එකටත් මෙච්චර ලොකු නැ

‘‘ ඒ ලෙඩ දෙකම හෙන බයානක ලෙඩ නේ බං ‘‘

‘‘ ඔවි මැරෙන හිරකාරයෝ කොහෙටවත් ගෙනිහිල්ලත් නැ , ආන්න අර උඩ තියන සියබලා ගහ යට තමා වලල තියෙන්නේ ‘‘

‘‘ අප්පටසිරි හොල්මනුත් ඇති ‘‘

‘‘ ඔව් කාවවත් නැතුව තනියම යන්ඩ එපා ‘‘

‘‘ උඹ දැක්කද ‘‘

‘‘ නැ .... අන්න අර ගොරොක් ගහ යටින් උඩට නැගහං වට පිට බලල ‘‘

දැං මේකා මාවත් ඇදගන කැලේ අස්සේ ටික දුරක් ගියහම තියන ප්‍රපාතයට බහින්ඩ ගත්ත .

‘‘ මේ කොහෙද බං ‘‘

‘‘ පිට්ටනියට පේන කොරියේ අනිත් පැත්ත , බය නැතුව බැහැපං ‘‘

‘‘ අඩේ මෙච්චර ලොකුද බං කොරිය ‘‘

‘‘ ඔව් වරායටයි රේල් පාරටයි දෙකටම හිරකාරයෝ ළව්ව ගල් කඩවල තියෙන්නේ මෙතනින්නේ ‘‘

‘‘ දැං අපි එනකොට එන්නෙත් මේ පාරෙද ...අඩෝ මට නං බැ ආයෙත් මේක නගින්ඩ ‘‘

කිතුල් පැලේකට හේතුවෙලා මහ රසකිද වැලක් අල්ලගත්ත මං පල්ලෙහා පේන ගවගාල දිහා බලාගන කියනව

‘‘පිස්සුද බං මේ පාරේන් එනකොට එන්නැ , මල්ලක්වත් නැතුව අන්නාසි උස්සං මේක නගින්ඩ බැ ‘‘

..............ඇති යන්තං..............

ගව ගාල එහා පැත්තෙං උඩ වගාවට පනින අපිදෙන්නා , අන්නාසි කොටුවට ඉව අල්ලනව

‘‘ අර වැට අයිනේ තියන කොලි කුට්ටුව මරු කපමුද ‘‘

‘‘ පිස්සුද ඔය අමු කෙහෙකං ගෙදර ගෙනියන්ඩ යැ ‘‘

‘‘ කවුද බං ගෙදර ගෙනියන්නේ , ...විකුනමු ‘‘

‘‘ අඩේ අඹ කෙහෙකං විකුනනවත්ද ...කාටද බං දෙන්නේ ‘‘

‘‘ ඇන්ටි කඩේට දුන්නහම සුටුස් ගාල ගන්නව  , ඕන්නං හංගල ඉදවන්ඩත් පුලුවන් ‘‘

‘‘ එහෙනං අර ආනමාළුව කපමු ‘‘

‘‘ ඔය ආනමාළු නෙමෙයි -ත්තෝ ....පූවාලු ..විකුනන්ඩ බැ ..කන්ඩනං මරු ‘‘

කෙහෙල් අතුවල එල්ලිලා ගහ බිමට බාවන අපි දෙන්නා , උල් පිහියෙන් කොටල කැන වෙන් කරගන . යට පැත්තේ තැලිච්ච ඇවරියත් කපල අයින් කරල එතනම දාල , දෙපැත්තෙන් උස්සගන කෙහෙකන අනිත් පැත්තේ පාර අද්දර කැලයට ගෙනත් හංගන්ඩ තැනක් හොයනව

‘‘ දමිය අර වැල් ගාල මරු ..කාටවත් පේන්නැ ඒක අස්සේ ගහමු ‘‘

‘‘ පිස්සුද යකෝ දෙමළ වැල් ගාලේ කෙහෙකං හංගන්ඩ ...කෙහෙකං ඉදෙනවට ඔතන්නෙත් ඔව්වා ...වෙන තැනක හංගල කැප්පෙටිය කොල වලින් වැහුවනං , සට සට ගාල ඉදෙනව ‘‘

එරමිනිය ගාල අස්සට කෙහෙල් කන රිගවන අපි දෙන්නා , කැප්පෙටිය අතු ටිකකුත් කඩල ඒක උඩට දාල ආයෙත් අන්නාසි කොටුවට පැනල ඉදෙන්ඩ ඔන්න මෙන්න ගෙඩි හතරක් කපාගන , ආයෙත් කෙහෙකන හංගපු තැනට ඇවිත් , ගෙඩිදෙකක් පොතු ගහගන කනව .

‘‘ ඇ බං දමියෝ ..උඔලගේ තාත්තට ලබ්බ කියන්නේ ඇයි ‘‘

‘‘ අපේ තාත්තට එහෙම කියනවද..අඅඅඅඅ ‘‘

‘‘ නැතුව ඔය උඹල නැති තැන හැමෝම එහෙමනේ කියන්නේ ‘‘

‘‘ මං දන්නැ ‘‘

‘‘ ඇත්තට ඇයි බං එහෙම කියන්නේ ‘‘

‘‘ මං දන්නැ -කෝ ‘‘

‘‘ ..එහෙම කියන්නේ උඹලගේ තාත්තගේ ලබ්බ බැහැල හින්දා නේද ‘‘

.......තොග්...දිඩීං.....

70 comments:

  1. මතු සම්බන්ධයි..........


    පොඩිකාලේ කට්ට කාපු ඒවා පස්සෙ මතක් වෙනකොට රසවත්.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව
      පෙර සහ මතු සම්බන්දයි

      Delete
  2. ඔය බලපන්කො ඕනේ නැති තැන් වල එක එක ඒවා අහන්න යනවනේ! :D

    ReplyDelete
    Replies
    1. දැනුම් පිපාසාව බං , යමක් දැනගැනිමට ඇති ඇල්ම

      Delete
    2. තොටත් පිපාසෙයි ඇල්මයි එන්නෙ ඔයවගේ අලුගුත්තේරු ඒවටම තමා. හොඳවැඩේ තොට තොග්.. දිඩීං...ඤොහ්.. හුචැස්....

      Delete
    3. මේ කට නැත්තං මෙලහට බල්ලොත් -කල බං

      Delete
  3. හිකිස් උඹට ගුටි කන්න මාර උවමනාවක් තිබිලා තියෙන්නේ හැක

    ReplyDelete
    Replies
    1. තවමත් ඒ උවමනාව ගිහින් නෑ අටම් අයියගේ....ගේම මයි ඉල්ලන්නේ...බොරුනං අහල බලන්න ඉවාන් අයියේ මාතලන්ගෙන්...!

      Delete
    2. ඉවානයයි මාතයයි දෙන්නම ආවත් ගේමක් නැ , බෙල්ලෙන් අල්ලල ඉස්කුරුප්පු ඇන දෙකක් වගේ කරකවල ගහනව එකට චොක් ගාල ...පොඩ්ඩක් බඩ තිබ්බට අපිත් ඉස්පෝට් මීට් කොල්ලො හරිය

      Delete
    3. හ්ම්ම්ම්
      https://en.wikipedia.org/wiki/Fighting_machine_(The_War_of_the_Worlds)

      Delete
    4. මේ මොන අටමංපහුරක්ද

      Delete
  4. (Y) lassanata liyala . mathu sambandada ?

    ReplyDelete
  5. අයිනෝ අයිනෝ පිහියෙං කිව්වලු. අලුත් වචන සැට් එකක් ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. අළුත් එව්වා මේකේ කොහෙද

      Delete
  6. මමත් දවසක් කොල්ලෝ ගැන්සියකට කිව්වා..
    “අඩෝ..මම තොපිට බය නෑ..තාත්තට බය නිසා මග ඇරලා යන්නෙ“ කියලා.

    ReplyDelete
  7. ගුටිකන උණ ඒ කාලේ ඉදන්ම තිබිල තියෙන්නේ. ලබ්බා.

    ReplyDelete
    Replies
    1. හැ යකෝ පත්තර මහත්තයට කාලෙකින් බ්ලොග් මතක්වෙෙලා තියෙන්නේ

      Delete
  8. ඒනං බොස් ……

    ආයිබෝං කීයල අපි කැපුනා !! එන්නං ……

    ReplyDelete
    Replies
    1. ඉතාලි හන්දියෙන් බැහැල මැස්සෝ ඉන්න පිගන්කෝප්ප බාගෙට හෝදපු මුස්ලිම් කඩයකින් , කොත්තුවක් කාල ටී එකක් ගහලම පලයං

      Delete
    2. නිවාඩුවකට ඇවිත් ආපහු යනවා කියන්නෙ පට්ට දුකක්..මට ඒක දැනුනා මස්සිනේ උඔගේ කටහඩින්..
      ගිහින් වරේන්

      Delete
    3. ඔය බොරු දුක් ෂින් ගිහිල්ල බැහපු ගමං ගෙනියන ගල් බෝතල් ටික කඩල දායි පාටියක්

      Delete
  9. රෑ 10ට මම ආසම සිංදු 10 අහන්න ආවෙ නැති උනාම මම හිතුවා මෙහෙම ලස්සන පෝස්ට් එකක් අටම් අයියා ලියයි කියලා...
    අර මදාවියගේ කමෙන්ට් එකක අටම් අ‍යියා කියලා තිබුනා නේද අත් දෙකේම ඇඟිලි එකතුව අට හමාරයි කියලා...ඇත්තද අයියේ ඒ...ඇත්තනම් ඔය වගේ අන්නාසි හොරකමේ ගිහිල්ලා අහූ උනාම ඇඟිලි කැපුවද වතුර පාටියේ මහත්තයා...ඈ..?

    ReplyDelete
    Replies
    1. ඒ සින්දු තෝරපු අක්කිට මං කැමති නැ ,

      Delete
    2. මාත් කැමති නෑ කොටින්ම පවුල් වනයක්.සින්දු කියපු එකා ?මමත් එදා බැලුවේ නෑ.

      Delete
    3. මොකක් පැහැදිලි මදි

      Delete
  10. ලම්බ = ලඹ = එල්ලෙන කියන වචනේ ලබ්බ වුණා.

    ReplyDelete
    Replies
    1. bayawela neda hitiye atama kiyayi kiyalaa

      Delete
  11. එහෙමද ලබ්බ බැස්සහම හරියට ගස්ලබ්බක් දිය ලබ්බක් වගේ එල්ලෙන නිසාද

    දැන් සනිපද සෑර්

    ReplyDelete
  12. හොඳටම සනීප නෑ. ලොක්කිගෙන් බැනුම් අහ අහ කොටනවා.

    ReplyDelete
    Replies
    1. ගහයි ඇ බලාගන ඔන්න අපිනං නැ....අපිටත් බනි

      Delete
  13. ගල් කොරිය කියන්නෙ අර හෙන ගැඹුර වල නේද ? දැක්කම හීතල වෙලා යනව.
    අම්මප උඹ ගුටි කන්නම දුන්න කටක් තිබිල තියෙන්නෙ. උඹ ගුටියක් කාපු එක හොදා , දැන් අර හංගපු කෙහෙල් කැන ආපහු ගන්න ආව ක්‍රියාන්විතය ලියහං අටං.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ ඔයා කියන එක නෙමෙයි , ඔයා කියන්නේ ප්‍රංශ කොරිය ගැනද කොහෙද

      Delete
    2. මු කියන්නෙ ගල්වල

      Delete
    3. මං කියන්නේ හිරගෙදර පිට්ටනිය තියන ගල්වල බං

      Delete
  14. කෝබං වෙලාවක්, ලියන්ඩත් ඕන

    ReplyDelete
  15. හපොච්චියේ දැකුළු මල් කඩලා පළාතම සිරියාවයි..මරු කතාව..! අර කිව්වත් වගේ ගුටි කන්නම පතාගෙන ඇවිල්ලද මන්දා..:P

    ReplyDelete
  16. හෙහ් ... අටං අයියලට පළතුරු වත්තක්ම තිබිලනේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල මකබෑවිලා හිටියේ

      Delete
  17. අම්මා ගහයි...
    අටමා.. උඹට පට්ට විදියට ගුටිකන උණක් තිබිලා තියනවානේ බං.

    ReplyDelete
    Replies
    1. වටෙන්ම කනවා , ගෙරිනුත් කනවා . දැං උනත් නොකා ඉන්නේ මාර අමාරුවෙන්

      Delete
  18. දෙමළ වැල් කියන වචනෙ මේ මුළු ජාලෙන්ම පාවිච්චි කරල තියෙන්නෙ මම විතරයි කියල දවසක් රසික සර්ච් කරලම පෙන්නල දුන්නා.අද උඹත් පාවිච්චි කරල තියෙනවා මට හරි සතුටුයි.

    ReplyDelete
    Replies
    1. දෙමළ වැල් කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ ගහල වැල් වලටද?

      Delete
    2. දෙමළ වැල් වලටනං කියන වෙන නමක් දන්නේ නැ , කෙහෙල් කැනකට එතුනොත් කෙහෙල් කන ඉදෙන්නේ නැ , වැල් කඩල කෙහෙල් කනට ඔතපුවහම තමයි හොදම ප්‍රතිපලේ ගන්ඩ පුලුවන් , කැප්පෙටියා කොල දැම්මහම ඉක්මනට ඉදෙනවා.

      Delete
    3. මොන කෙහෙල්මලක්ද මේ කෙහෙල් කැනක් ගැන කියලා තියෙන්නේ

      අටම් අයියේ ඇත්තටම මාතෘකාවට අනුව කතාව ලියලා නෑ නේ අප්පා,, මන් ආවේ උක්ත මාතෘකාව ගැන දැනගන්න :D

      Delete
  19. ලබ්බ ගැන මුලින්ම අහුවනං ගුටිකන්න ඔය තරං දුර යන්න ඕනෙ නෑනෙ අටං

    ReplyDelete
    Replies
    1. එහෙම ගැහුවෙය් නැ බං , හොක්කට ඇන්නේ එක පාරයි , මං උඩු බැල්ලෙන් වැටුන දොක් ගාල

      Delete
  20. හෙන බයානක ලමා කාලයක් නේ තිබිලා තියේනනේ?
    ලියහන් අයියේ ඉතුරු ටිකත්!!! 

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි බං අපි ගත්ත ආතල් වලින් සේසයක් උඹල අරන් නැ

      Delete
  21. අනේ කොහොමත් මුගේ කට විතරයි ... මතකනෙ එදා කාර් කාරයට කුනුහරුපෙන් බැනල වෙච්ච දේ ,,??

    ReplyDelete
    Replies
    1. කාර් කාරයගේ ළමයි ඉන්නව දැක්කෙ පස්සෙයි , දරුවො ඉස්සරහ තාත්තට ගැහුවහම කොහොමද ඇතිවෙන තත්වේ , ඒකයි මග ඇරල ගියේ , නැත්තං උඹ හිතුවද මං බයේ කියල

      Delete
    2. නැතුව නැතුව ... මම නොදන්නවයැ ... අනෙ මගෙ කට ....!!

      Delete
  22. හෙහ්.. මූ ගුටිකන්න ගිහිල්ල තියෙන දුරක්.
    ඊට පස්සෙ වෙච්ච ටිකත් ලියහංකො.

    ReplyDelete
  23. අපේ ගෙදරට උඩහත් අන්නාසි ගලක් තිබ්බා, ඒ හරියේ උඹ කිව්වා වගේම වැල, වරකා ඉදි ඉදි වැටෙන කොස් ගස් ගොඩාරියක් තිබ්බා. මළ මුසල පාටයි ඒ හරිය...
    ඒත් අරින්නේ නැතුව මම තනියමත් ඒ කන්ද නගින දවස් තිබ්බා...
    කැලේ පැනල ගස්ගෙඩි කඩාගෙන කාපු ඒ කාලේ මරු නේද බං...

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන්නේ ගල් අන්නාසිද . ( කළුපා වර්ෂන් එක ) මාර රහයි බං එව්වා . මං හිතන්නේ ඒ ලංකාවට ආවේනික වර්ගයක්ද කොහෙද ,

      Delete
  24. "ලබ්බටත් ආසයි පුහුලටත් ආසයි
    දෙකම අතගෑවොත් ඔන්න වැඩ වරදියි"

    අනේ මන්දා අටමෝ , උඹ පොඩි කාලේ කොහොම ඉන්න ඇද්ද ? ...ඉතුරු ටිකත් ලියපන්

    ReplyDelete
    Replies
    1. අඩෝ ලස්සනට හිටියා , දැං උනත් මං උඹට වැඩිය ලස්සනයි

      Delete
  25. ඒ ෆොටෝ එකේ එක්කෙනා ගේ අනිත් කකුලද? ඇයි ඒක බෝට්ටුවක් වගේ

    ReplyDelete
    Replies
    1. කකුලයි ලබ්බයි නොදන්න උඹ බබා

      Delete
    2. he he he he he he

      Delete
  26. මදුරුවව එල්ලුවා ඔන්න මගේ බ්ලොග් රෝල් වල. Thank you.

    ReplyDelete
  27. Atamoo... Ha ha haa...choz choz choz.. Baraazzz baraazzz... Elama kiri ban.. Kehelken kapala maattu una charter scene ekak matath thiyenawa.. Passe liyannnam.. :)

    ReplyDelete
  28. ඇත්තටම ලබ්බ කියන්නෙ මක්කටෙයි?

    ReplyDelete
  29. පට්ට . ගස් ලබ්බගේ ලබේ මතක් උනා.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )
    දන්නා තැනක මං නිතරම යන එන්නේ පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ පෙරකල පටන්…
  • අලේ    අලේ  මෙහේ--
    අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ. අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ…
  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
  • How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය
    <script type='text/javascript'> 2  var d='<data:blog.url/>'; 3  d=d.replace(/.*\/\/[^\/]*/,…
  • කාගෙද බං මූ
    මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක්…
  • ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්
      දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර…
  • ඇස්වහ කටවහ
    දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො…
  • අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං
    කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං නේක නේක රටා මවන් පාපිස්සක හැඩය        …
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  • ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී  වාසි
    සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය , ඒ උනාට මං නං හිතන්නේ නැ ඉතිහාසේ කවදාවත් මෙහෙම ජනතාවාදි අයවැයක් ඉදිරිපත් උනා කියල , මේ ලැබුන…
  • ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..
    මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න…
  • බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්
    ආදරෙන්  හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි  දුකයි , ඉතින්  මොකද කරන්නේ  උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා …
  • හරක්මස්
    ‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘ ‘‘ මොන ජයසිංහද ‘‘ ‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘ ‘‘…
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • දැන් කාලේ හැදෙන එකාලා
    මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා…
  • ආදරණිය මිනීමරුවා
    '' ලොකු මහත්තයා ඇවිත් කොල ටික අත්සන් කරලා දෙනකං මෙතන ඉදගන හිටහං'' මකුනන් පිරුන බංකුවට අත දික්කරපු ඔවර්සියල් මහත්තයා ඔෆිස් එක ඇතුලට ගියා ,…
  • මරණය
    මට දැං ඇති වෙලා මේ ජීවිතය උඹ ලගට එන්ඩ ලේසීම වේදනා රහිත තාක්ෂණික විද්‍යත්මක නිර්මාණාත්මක සාර්ථක පහසුම ක්‍රම බොහොමයක්ම දන්නවා උනාට කවරදාකවත්ම මම කිසි…
  • ජාබා පුතා කෑල්ලක් කෑල්ලක් ලයින්කරගත් ආකාරය
  • දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්
    මරණයෙන් මතුම මතු දවසක ආයෙත් ඉපදුනොත් මං ආසයි ලස්සනම පිළකට කිරිල්ලියෝ රෑනක් එක්ක හේන් කුඹුරු පාළු කරන්න හිරිකිත කැත සරුපයෝ ඒ පැත්ත මේ පැත්ත…
1,645,795

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>