2015-11-05

මුදුනා වෙන්ඩ ගියේ


‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘

‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘

‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත් ‘‘

‘‘ ඇයි එදා ඔයා අල්විස්ට දුන්නා නේද ‘‘

‘‘ නැ මනුස්සයෝ ....ඒක ආයේ ගෙනත් දුන්නනේ ..පීස් එකත් නැ කවරෙත් නැ ‘‘
‘‘ මට ඇරං කන්ඩයැ ඔය වෙරි මර ගාතේ දාපු තැනක ඇති ‘‘

‘‘ ලොක්කෝ උඔ ගත්තද ‘‘


‘‘ අනේ මං නං ගත්තේ නැ ‘‘

‘‘ මු තමා දත්තේ ....කලන්ත් කම්බියට දල් මාත්තු දාන්ද ‘‘

‘‘ අනේ මේ ..මං ගත්තේ නැ ..තාත්තේ ‘‘

‘‘ නැත්තෙ මොකද , මං දැක්කා තාත්තේ ලොක්කා සුදු එක්ක දිග ඇර ඇර ඉන්නව ..කුණු ලේ පාට එකක් ‘‘

‘‘ ඇත්ත කියපං උඹ ඒකත් කෑවද ‘‘

‘‘ පිස්සුද අනේ ......මං දිග ඇරියේ ..ටල්අම්මලැ ගෙදරිං ගෙනාපු එකක් , ඒකේ පටිය ඇඹරිලා ටල් මාම විසිකරපු එකක් .. මේකි හැම මගුලටම මාව අල්ලනවා ..ගහනව බලාගනිං මැරිල වැටෙන්ඩ ‘‘

‘‘ ඉදිමෙන්ඩ ඇවිත් මගෙන් කන්ඩ එපා ....උඹ පැනගෙන ආවේ කෙල්ලට ගහන්ඩද .... දුහපිය යන්ඩ ..කනපලාගන්නේ නැතුව ‘‘

‘‘දහන්ඩ තාත්තේ ඊයේ මටත් දැහුවා ‘‘

‘‘ ආයේ දෙකක් නැ .. මේකම තමා ඕකත් ඇරං ගිහිං විකුනන්ඩ ඇත්තේ .... මතකනේ පොඩි එකාගේ සෙල්ලං බඩු ටිකත් විකුනල රඹුටං කාල ....දෙක තුනක් වැදුනහම ආයෙත් ගෙනත් වැට අස්සේ ගහල අපිව රවට්ටන්ඩ හැදුවා .....මං නං කවදාවත් බත් බැදගන මුව බලන්ඩ පයින් නැ යකඩ ගේටුව , තාත්තංඩියටම  බැරියෑ ඩියුටි යනකොට මුට කන්ඩ බොන්ඩ ඇරං යන්ඩ ‘‘




‘‘ අනේ මේ ඔය අප්පලේ වහගෙන  තමුසෙත් පැත්තකට වෙනවද ‘‘

‘‘ මං කියනකොට තමා ඔයාටත් අමාරු.... හිරකාරයෝ ආංඩු මට්ටු කරාට  ගෙදර ඉන්න අසමත් ජාතියව ආං බාං කරගන්ඩ බැ ..... මං හුනා කියන්නැහේ කියන්නේ ..මු කවදහරි අපේ මුනේ දැලි ගාල තමා පස්ස බලන්නේ ...........කොහෙද ඉතින්  ළමයි මට්ටු කිරිල්ල මතක් වෙන්නේ ටිකක් කට ගාගත්තහම විතරනේ ... මං නේ මේ සුමේ කරන්ඩ ඕන ..............අද නං කුණු රහට මොකුත් නැ , තියන දෙයක් එක්ක කන එකයි ඇත්තේ ‘‘

‘‘ ඔක්කොමල එක්ක මාවම කන්ඩයි හදන්නේ ...යනව යන්ඩ මං කොහේ හරි , හ.. .අ.... හ.....අ ...ලොකු අක්කත් එක්ක මං හොදට හිටියා එහෙට වෙලා ...ඇරගෙන ආව මහලොකුවට ‘‘

‘‘ බැහැල යන්ඩ උඹ මහලොකු මිනිහනේ ...ඉතිං පලයං ..මේ අම්ම නං නැ හොයා ඇවිදින්නේ ‘‘

‘‘ යනව තමා ඉතින්............අර පියංකරය තමා ඕකත් හොරකං කරන්ඩ ඇත්තේ , අපේ රුවන් ශ්‍රී ලාල්ගේ පීස් එකත් එහේ තියනව මං දැක්ක කියුවට පිලිගන්න එකක් යැ ‘‘

‘‘ රන්දෙනියලැ කොල්ල ‘‘

‘‘ ඔව් තාත්තේ ... ඒ අපේ එකම තමා .....ඒ පැත්තේ කොලය ඉරිල තියෙන්නෙත් අපේ එක වගේමයි ,  ඩිස්කෝ නටන්ඩ   සින්දුවත් අපේ එක වාගේම චරබර ගානව , මං එදා අම්මටත් කියුවා ‘‘

‘‘ එහේ  කැබිනට් එකේ උඩ තට්ටුවම පුරවල තියෙන්නේ කැසට් කෑලි වලින් , අපේ ඒවා ගෙනියයිද .......අනික අර කොල්ල ...........අනේ මුන් වගේ නෙමෙයි ....ඇවිත් යනකොට බඩගගා වැදල යන්නේ ..........ඒ ගෑනු මනුස්යත් ආපුවහම මා එක්ක කුස්සියෙමයි ...........රන්දෙනියත් ඉතින් සාලෙටවත් එනවයැ ...........මූ තමා ඒ කොල්ලවත් අල්ලගන කනක් ඇහෙන් නැති වෙන්ඩ ඕක කරකවන්නේ , .............මේ කනවනං බත් ටික කාල නිදාගන්නවද මටත් වලං ටික හෝදල දාල ඇල වෙන්ඩ ‘‘

ඔහොම ඉතිං තව මාසයක් හමාරක් ගිහිං දවසක එනව පියංකරයයි උන්ගේ අම්මයි අපේ ගෙදර . උං ආපු වෙලාවේ ඉදන්ම මං හිටියේ පියංකරයට ඇහැ ගහගන

'' අපිම එන්ඩ ඕන ඉතින් , කොහෙද ඉතින් නිකං වත් අපිව බලන්ඩ එනව කියල යැ ‘‘

‘‘ කොහෙද අනේ මේකෙන් එලියට බහින්ඩ වෙලාවක් , මුන්ගේ මලසුමේ කරනවා ඇරෙන්ඩ ‘‘

‘‘ අපි මේ ලතා ලැ ගෙදර ගිහින් එන ගමං , හතර වෙනියත් කෙල්ලෙක් ‘‘

‘‘ කලින් ලමයටත් එච්චර වයසක් නැ නේද , අපේ සුදුටත් එහෙම බාලද කොහෙද ‘‘

‘‘ඒක යැ වැඩේ මේපාර බඩ හරහට කපලනේ මෙතන ඉදන් මෙතෙන්ටම , බඩක් නැ ,මොකට කපනවද මන්දා ඔහොම , අපේ දෙන්නත් සීසා කරලනේ හම්බුනේ මගේ එච්චර කැපුවේ නැ , ඇවිදගන්ඩත් බැ අප්පා ‘‘

‘‘මට නං හතරදෙනාම නෝමල්නේ .....ඒ උනාට ඔපරේෂන් කෙරුවට අමාරුයි අනේ නිකං හම්බුනහම ‘‘

ඔන්න ඔහොම අනුන්නේ බඩවල් පලපුවයි . රෙදි අහක්වෙච්චයි . පැනල ගිය එව්වයි කතා කරකර මහ දෙන්නා ගෙවන අතරේ මං අරකගේ පස්සේ , මම දන්නවා තක්කෙටම මු තමයි කැසට් පීස් වලට ගේම දෙන්නේ , මට වඩා පන්ති දෙකක් උඩ හිටියට උස මහත උනාට මං දෙන්නං තොට අද , අතටම අල්ලගෙන ගෙදර උන් මට දෙන එව්වත් එක්කම අල්ලගෙන , අද මම පලන්නේ බොගේ ඔලුව ඉනේ බැදගන ඉන්න ටාසන් පිහියෙං .......කොලපත් කොපුවෙං  බැදගන ඉන්න තනි ලෑලි කෑල්ලෙන් තාත්තගේ ආවුද වලින්  දෙපැත්තට හීං කරල හදාපු කිනිස්සට අත තියන ගමං මං සැරින් සැරේ හිතනව , 

කොහොමහරි දවල්ට උයාපු බත් ඩිංගෙනුත් වෙනදට හම්බෙන හැදි දෙක දෙක හමාරෙං බාගයක් අඩුවෙලා , අපි තුන්දෙනාටත්  ප්ලාස්ටික් පිගානට බෙදල අරකටයි  උගේ අම්මටයි බෙදල දුන්නා , සමහරක්විට අම්මටත් බත් නැතුව ඇති .............එක අතකට එයාට බත් මොකටද .....හැම තිස්සෙම මාව කන එකේ ............චික් අම්ම ගැන එහෙම හිතන එක වැරදියි .....මතකනේ එදා ......තාත්තට වැඩ නැති කාලේ දවසක් .....කෝට්ටක් අරං අපි සෙල්ලං කර කර ඉන්නකොට ....පිට්ටනියට ඇවිත් මල්ලිවයි මාවයි ගෙදර එලවල ...අපි තව සෙල්ලං කරන්ඩ ඕන කියුවහම .....පැනි සුදුවගේ ගුටිත් එක්ක කෝට්ට කැඩෙනකං ... මට ගහල ,  මං දත් මිටි කකා එලියට වෙලා ඉදල ඇතිවෙලා ගෙට එනකොට 


‘‘ උඹල දගලල බඩ ගින්නේ ගෙට ආපුවහම මං මොනවද යකෝ ...කන්ඩ දෙන්නේ ....අද හුනුසාල් කැද විතරයි තියෙන්නේ ‘‘

කියුව හැටි , ඒත් ඇයි අම්මට බැරි මං ආදරේ තරං මට ආදරේ කරන්ඩ , හොදම එක්කෙනා වෙච්ච ලොකු අක්කව ටල් අම්මලට දීලා , නරකම චුටි අක්කව ලග තියාගන . කරන  තරං ආදරේ මල්ලිට කරනවනං , මාව මොකටද එහේ නොතියා ආයෙත් මෙහෙට ගෙනාවේ , මාව ඕන නං මට ආදරේනං ඇයි මාව අනුරාදපුරේ ඉදං ..ටල් අම්මලැ ගමේ රුවන්නැලි ඇරියේ ...ඉස්කෝලේ යන්ඩ , .......ආදරේට ඒක කලානං ඇයි ආයෙත් මාව අනුරාදපුරේට එක්කං ගියේ .......ආයෙත් වතුපිටිවල ඇවිත් ඇයි චුටි අක්කව සංඝබෝදි දාල මාව යටියන ඉස්කෝලෙට දැම්මේ , .........ඔන්න ඔහේ බඩ ගින්නෙම හිටපුවාවේ ........

ආයේ මං තාත්ත අම්මට රංඩු කරනකොට බේරන්නෙත් නැ . .................අම්මා කියන විදිහට ...තාත්තව දාල  ගියදෙං ...යන ගමං පොලිසියට කියලත් ගියදෙං .....යන ගමන් පොලිසියට කියල ගිහින් අම්මට රංඩු කලාට තාත්තව පොලිසියෙන් අල්ලං ගිහිං ..... කාකී කෝට් ගලවල ජංපරෙත් අන්දල ....හිරෙත් දාපු දෙං .....ඉතින් මට මොකැ ......මං සුදුවයි චුටි අක්කවයි මේ ගෙදර දාල .....රුවන්නැල්ල නිට්ටඹුව බස් එකේ නැගල සමුපකාරේ ලගින් බැහල යනව ටල් අම්මලැ ගෙදර ....................

එක්කෝ යනව සීත පුංචිලැ ගෙදර .....බාප්පා ගේන රස කෑම ..මාසයක් හමාරක් කාල යන්ඩ බැරියැ මොරාවතු.  බාගදා අම්මා තාත්තව පොලිසියට අල්ලලා දීලා  හැටේ අයියලත් එක්ක තාත්ත ...එළවලු හිටවනව බලන්ඩත් එත හැකි මට බස් එකක නැගල කළු මාමත් එක්ක එයා වැඩට යන උදේ බස් එකේ ...........චැ චැ ... ඒක හරි යන්නැ .... බොස්ටල් දාන්නේ ලොකු කොල්ලොනේ ....අපිව දාන්නේ මග්ගොන ....තාත්තලට ඉතින් ...අනුරාධපුරෙයි ...මහරයි ...කොළඹයි තමා.


ලොකු අක්කා දැං බත් කනව ඇති හරක් මස් එක්ක .......අද කට්ටියම ගෙදර ඉන්න දවස ..රස කෑම පිරිල .., , මං කන්නේ අලයි හාල් මැස්සොයි , පොලොස් ගැට මැල්ලුමයි ................ඒකත් නරක නැ .......කොස් මාලුවයි ... , පොලොස් මාළුවයි ....ජපං බටු කොල මැල්ලුමයි කනවට වඩා .....හොද වෙලාවට අද කොහිල නැ....

ඔන්න ඉතින් අපිට කන්ඩ තිබුන බත් ටිකත් බඩ පැලිච්ච අම්මයි පුතයි දැං යන්ඩ ලෑස්ති වෙනවා ,

මහ ගෑනි කතා කලහම ගේ පිටි පස්සේ මා එක්ක බිලිං ගැට කකා උන්න පියංකරය ගේ පිටින් නොයා කුස්සි දොරෙන් ඇතුල් වෙලා යන්ඩ හදනවා . ටාසන් පිහියත් අතට ගන්න මාත් හිමිහිට උගේ පස්සෙං ඇදෙනව .බාරාදෙ හරහා දොර රෙද්ද ඇත්කරගන සාලෙට ඇතුලු වෙච්ච පියංකරයා යන ගමං කැබිනට් එක උඩට අත දික්කරල කැසට් එක ගාව තිබුන පීස් එකක් අරං සාක්කුවට ඔබාගන්නව

උග් .....ආආ..ආ..

හොදට අත දිග ඇරල උගේ පිට මැද්දට පිහියෙං අනින මං 

‘‘ දිපීය අපේ පීස් එක ‘‘

.....තටාස් ....

තව එකක් ඔලුවට 

කැසට් පීස් එක බිම දාන පියංකරය ඉස්සරහ දොරෙන් එලියට බැහැල ගේට්ටු කනු දෙකෙනුත් එලියට ඇවිදගෙන යන අම්මට එකතු වෙනව , ඒත් එක්කම ගෙට එන අපේ අම්මා ....පිහියත් උලුක්කරගන දත් මිටි කකා දාඩිය පෙරාගන ගල් වෙලා ඉන්න මාව දකිනව 

‘‘මොකද ලොක්කෝ මේ ‘‘

‘‘ අරූ තමා කැසට් පීස් හොරකං කරන්නේ ...අද අතටම අහු උනා මේ පීස් එක සාක්කුවට දාගන්න කොට ‘‘

‘‘ සාක්කුවට දාගත්තනං ....බිමට ආවේ කොහොමද ‘‘

‘‘ මං ඌව අල්ලගන දෙකක් දුන්නහම  බිමදාල දිහුවා ‘‘

‘‘ අතටම අල්ල ගත්තනං මට කතා නොකර උඹ මොකටද මුදුනා වෙන්ඩ ගියේ ‘‘

52 comments:

  1. Habata. . Uba mokatada muduna wenna giye? .. patta ah.. welcome back mr. Atampahura..

    ReplyDelete
    Replies
    1. මොනවද යකෝ මං කරපු වල් කම් .....වල්කම් බෑක් අටංපහුර කියන්නේ ..මං තොට අහවල් එක කොරාටද

      Delete
    2. අටමා ......... කවුරු හරි සුද්දෙක් කමියාට වල්කමක් කරලා වගේ.... ඔ්කා හොදට සිංහලෙන් ලිය ලිය හිටපු කොල්ලා... අනේ පව් බං......

      Delete
    3. සුද්දෙක් නෙවෙයි බං.. ඔය ගෙරි අටමා ම තමයි ඇරියේ.. මගේ හෙන ගහපු ලැප් එක හදල දෙනවා කියල ඕකා මට පොල්ල තිබ්බ.. හැක හැක..

      Delete
  2. ලක්මාල් නම එක්ක උබ හැඩහුරුකම බැලුවහම ආතලට චමින්ද කියනව වගෙ ගතියක් දැනෙනව බං...

    ReplyDelete
    Replies
    1. ඒකේ වැරුද්දක් නැ බං .....දැං බලහං පුකට නං කීයක් තියනවද , ආතලටත් නං කීයක් තිබුනත් මොකද ....

      Delete
  3. ලකුනු කපා ගත්තාම මොන හොඳ දේ කලත්...අන්තිමට ඔච්චරයි අටම් අයියේ....
    මොනා උනත් ගාට් මහත්තයා බොට ආදරෙයි වගේ ගාට් අක්කට වඩා මයේ හිතේ..නැද්ද ඇත්තටම..හා?..
    අනේ මම උනා නම්..\\.....රුවන්නැල්ල නිට්ටඹුව බස් එකේ නැගල සමුපකාරේ ලගින් බැහල යනව ටල් අම්මලැ ගෙදර ......// උඹ වගේ ඒ නරකාදියේ ටැග් ගැහෙන්නෑ ආයේ..!

    ReplyDelete
    Replies
    1. ලකුනු කපා ගන්ඩම ඕන නැ , කොච්චර යහපත් චේතනාවෙං වැඩ කලත් කෙලවෙනවම තමා , පූරුකෙරපු පව් පඩිසං දෙනවා , .....ඔය දැනුත් නිකං බැනුං අහන්නේ මං ...තෝ අරක කරා නේද මේක කරා නේද කියල , මං මොකවත් නොකර අනිත් උං මං වැරදි කරනවා කියල හිතන එකට මං මක් කොරන්ඩද

      Delete
    2. ඔය කිව්වට චෙෆාකි මේකා තවම රුවන්වැල්ලේ ගුරුගොඩ ඔය උඩින් දාපු අලුත් පාළමවත් දැකලා නෑ.

      Delete
  4. වෙලාව හොද නැති වුනාම වෙන එකෙකුට වලෙන් පිටට චු ගියත් අපිව මාට්ටු වෙනවා බං..
    ඒ වුනාට සිද්දවුන එකම වැරැද්ද පස්සේ එලවන එක වැරැදියි..

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් මං කොරල නැ බං

      Delete
    2. කොහොමත් මෙන්ඩෝ උඹට වලට චූ කරගන්න බැහැනේ..... හා අැත්ත කියහං

      Delete
    3. යකෝ ඒකට ඔ්කේ කියලා හරි යන්නෑ.... ඉයර්ස් සර් කියහං....

      Delete
  5. හැක්.. අර කිවුව වගේ උඹ මොකටද මුදුන වෙන්න ගියේ.
    මොනව උනත් මිනීමැරුමක් මිස් වෙච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. බාගදා දුහල නොගිහිං මාත් එක්ක ගේමට ආවානං අරුගේ නරක තැනකට ලී කිනිසිපාර වදින්ඩත් තිබුනා

      Delete
  6. මම කැමති නෑ උඹ ජීවිතය ලියනවට... කතාවක් විදියට හොඳයි.... ඒත් ජීවිතය මේ විදියට ලියන්න එපා බං...

    ReplyDelete
    Replies
    1. එකගයි..මමත් කියන්න හිටියේ..

      Delete
    2. ‍ෙබෙොලා එ‍ෙහෙම කියන්‍ෙනෙේ ඇයි කියල කියනවද

      Delete
  7. Adow atama.. Suura saradiyel live in concert wage... Ubath mama wage podi kale gedara punching bag eka wela wage. Hak hak. Elaaaa... Hitan..!!

    ReplyDelete
  8. 'අහේතුකාලේන කජ්ජේන පුහුලං' ඔය ගෙවෙන ටික ගෙවෙනකං ඉතිං මක්කොරත් ඔච්චරයි.ඉතිරියට හම්බකරගත්තෙ නැහ්නං ඉතිරියත් ඔච්චරයි කියල අමතක නොකර උන්නනං එච්චරයි.
    කියන්න දේවල් බර බර ගාලා හිතුනත් මේ කතාවල සැරට ඒව නිකංම දියවෙලා යනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  9. බොටත් හොඳ වැඩේ, පියංකරයටත් හොඳ වැඩේ...

    ReplyDelete
  10. උඹ මුදුන වෙන්න ගියපු එක වැරදියි.
    අරූ එලියට යනකල් ඉඳලා ශේප් එකේ අම්මල දෙන්නටම ඇහෙන්න කෑ ගහල මෙන්න මු අපේ පීස් හොරකං කලෝ..ඕ...
    ගාල කෑ ගැහුවනම් උඹට ලකුණු ටිකකුත් වැටෙනවා, තිබුනා කියල අනුමාන කරගෙන හිටපු පෙර වැරදි වලිනුත් නිදහස් වෙන්න ලැබෙන්න බොහෝ දුරට ඉඩ ලැබෙනවා...

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද? එහෙනම් අරූ කියනවා උඹනෙ මට පීස් එක දුන්නෙ.දැං ඇයි කෑ ගහන්නෙ කියලා.. ආයෙත් මේක කනවා සඳ බොඳ වෙන්න.

      Delete
  11. ‘‘ උඹල දගලල බඩ ගින්නේ ගෙට ආපුවහම මං මොනවද යකෝ ...කන්ඩ දෙන්නේ ....අද හුනුසාල් කැද විතරයි තියෙන්නේ ‘‘

    කඳුලු හෙළා නෑඹිලියට …… සහල් ගරන අම්මා !!!!

    ReplyDelete
    Replies
    1. ආ....පත්තර මල්ලී..කොහොමෙයි සැප සනීප....?

      Delete
    2. පත්තර මල්ලි උඔ එනව හොදටම මදි

      Delete
  12. පොඩි එවුන්ට ඔහොම කරන්න එපා යකෝ. ලොකු වෙනකොට උනුත් උඹට ඒ විදිහටම සලකයි. ළමයෙක් වැරද්දක් කලාම ඒ ලමයටම දුක හිතෙන දෙයක් කරපන්.

    තවමත් කැසට් අහනවද? මගේ ළඟ ඔය රුවන්වැල්ලේ හිටිය කාලේ ඉඳලා එකතුකරපු කැසට් තිබුනා 400 ක් විතර. අදත් තියනවා 25 ක් විතර. දැන්නම් ඒවත් පුස්කාලා ඇති.

    ReplyDelete
    Replies
    1. මොන වදුරු කුනුහාරපයක්ද මේ , මේ මනුස්සයගේ සීහිය ඇත්තටම විකල් වෙලාද කොහෙද

      Delete
    2. \\ පොඩි එවුන්ට ඔහොම කරන්න එපා යකෝ. ලොකු වෙනකොට උනුත් උඹට ඒ විදිහටම සලකයි. ළමයෙක් වැරද්දක් කලාම ඒ ලමයටම දුක හිතෙන දෙයක් කරපන්. ///
      බොලෑ තාත්තටයි අම්මටයි ඔය ලියලා තියෙන්නේ යකෝ....බොට නෙවෙයි...
      නැද්ද විචා....?

      Delete
    3. අනේ නිකා හිටහල්ල බං ,පැන්සොන් ගියහම ඔහොම වෙනව. මටත් දැන් ටික ටික ඔය ගතිය තියනව.

      Delete
    4. මම හිතුවේ නෑ අටමගේ මොළේ මේ තරං මඤ්ඤං කියලා. මූ ඇට පිටින් නෙවෙයි ගහේ පස්පංගුවම ගහනවා වගේ.

      කම්මලේ, හැන්දෑවට පොඩි සුරුට්ටුවක් ගැහුවම හරියනවා.

      Delete
  13. කිනිස්ස පැත්තක දාලා හොද පොල්ලක් අරන් දුන්නනම් එතනම ඇදන් වැටෙන්න, අම්මටත් අල්ලලා දෙන්න තිබ්බා. මොකෝ ඉතින් දුවන්නත් බෑනේ............

    ReplyDelete
  14. අපි නං ඉතින් කොහොමත් මුදුනොනේ........ අාය....

    ReplyDelete
    Replies
    1. අටමා.................. කෝ උත්තර..... අැයි බය වුණාද????? නැත්තං මැෂිමක් අස්සෙවත් හිර වුණාද??????? කියහං අපේ ෆීල්ඩ් මාෂල්ව ඒවන්නං......... උෟ ගොඩදාලා දෙයි.....

      Delete
  15. අර පිස්සු බන්ධුලයා කියන කතාවක් තියෙන්නේ බං

    සෙක්කුව ළඟ ඉඳන් චොකලට් කෑවත්, දකින් එකා හිතන්නේ පුනක්කු කනවැයි කියලා හිටං

    ReplyDelete
    Replies
    1. උගේ මූණ කචල් උනාට මරු කථාව ඒකනම් අනේ....මම කිව්වේ පිස්සු බන්දුලයාගේ මූණ..!

      Delete
    2. මම මේ කල්පනා කලේ බන්දුල මොකද සෙක්කුව ගාව චොක්ලට් කකා හිටියේ කියල...

      Delete
  16. මේක ති.නා. ලෝගෝ එක දාලා..කළු සුදු තිරේ පුස් මැද්දෙන් කියෙව්වේ... නැතිනම් හරි ෆීලින් එක ගන්න බෑ..

    කැසට්පිස් අහන කාලයක්යැ මේක... :)

    ReplyDelete
  17. පස්සෙනෙ දැන ගත්තෙ පුද්ගලය කවුද කියල

    ReplyDelete
  18. බැලුවාම අටමාගේ නම තිබිල තියෙන්නේ ගෙදර අයි ආර් සී ෆයිල් එකේ උඩින්ම නෙවැ .. දෙන්න තිබ්බේ ප්‍රියන්කරයගේ අන්ඩක් කැඩෙන්නම ... උඹේ කරේමේ තමයි ඉතින් ඒ කාලේ හැටියට නිවැරදිම කරේමේ පුටේ ... මොකෝ ඒ කාලේ සී සී ටී වී තිබුන කියලයැ . එත් හැබැයි හෙවල් ඇතුලේ වෙන දේවල් ඇරුනාම ගමේ ගොඩේ ගෑනු සෙට් එක සී සී ටී වී වලටත් වඩා හොඳට ලයිව් බ්‍රෝඩ්කාස්ටින් වැඩේ තිතටම කරා බන්..

    ReplyDelete
  19. අගේට විස්තර කරල තියෙනවා එයාගෙ හිත. අපිට එහෙම තමා හිතෙන්නෙ ? අපි කොයි දේ කළත් වැරදියි. මට වඩා අනිත් අයට අම්මා තාත්තා ආදරෙයි. ප්‍රෂ්න මට විතරමයි කියලා. ඒක එහෙමම නොවෙයි කියලා ඔයාගේ කතාවෙන් හොඳට පේනවා

    ReplyDelete
  20. හරියට ඇනගන්න පිහි කොටයක් හදා ගන්න බැරි උනානෙ , මක බාසෙක්ම තමයි.
    රුවන් සී ලාල් යටිගිරියෙන් කියපු සිංදු අපි වගේ ගායකයන්ට ඒ කාලෙ නැගල ගියා.

    ReplyDelete
  21. ප්‍රියන්කරයව අල්ලගෙන අම්මා එනකන්ම ඉන්න තිබුනෙ.

    අපරදෙ මහන්සිය

    ReplyDelete
  22. ඕකනේ කියන්නේ ලොකුකම් දාන්න ගියාම ලකුණු නැති වෙනවා කියලා.

    ඔය "මුදුනා"කතාව ඉඳහිට අපේ තාත්තාත් කියනවා.

    ReplyDelete
  23. අයියෝ මිදුලට යනකල් ඉදල කෑගහන්ඩ තිබ්බේ.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  24. ටිකක් විතර දරන්න අමාරුයි වගේ දැනුනා. නමුත් මේවා ලියන එක හොඳයි. එහෙම ලියනකොට අටම් ඔබ ඒක ලෙසටම ලියනවා ඔරිජිනල් ෆීලින් එක දැනෙන්න.
    කියන්න දෙයක් හිතාගන්න බැහැ.
    පවුලේ දරුවන් මතින් යන ජිවන අරගල පීඩනය?

    ReplyDelete
  25. හොඳ වැඩේ උඹ මුදුනා වෙන්න ගියාට ,

    ReplyDelete
  26. බලාගෙන ගියාම අටම් දරුණු පොරක් නෙ. කඩු පාරවල්, පිහි පාරවල් වැදිච්චා එහෙම ඇති මූණෙ... හැක්!

    ReplyDelete
  27. මුදුන මොකාද දන්නෙ නෑ. මුද්ද කියල එකෙක්නම් දන්නව

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • පරි ඇටයේ ... පරිවාසේ
    තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ අම්මට…
  • සිංගර්  ශ්‍රී ලංකා .... අපිට හොද ගියර් වීල් ගෙනත් දෙන්න
    මා දැනට විසි වසරකට අධික කාලයක් මහන මෙෂින් අලුත්වැඩියා කරන්නෙක් ලෙසට ජීවිකාව ගෙන යන්නෙක්මී , අප රටේ  භාවිතාවන  බහුතරයක්  මහන…
  • how to thread  indian overlock sewing machine ඉන්දියන් ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන නිවැරදි ක්‍රමය
    ඉන්දියන් ඔවර්ලොක් මැසිම කියන්නේ අද අපේ රටේ නොමල් මෙෂින් සහ සිග්සැග් මෙෂින්වලට අමතරම වැඩිපුරම භාවිතා කරනු ලබන මෙෂින් වර්ගය . නොදන්නම…
  • හොදට පස්සෝනවා
    ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම…
  • මට මොකටද කාගෙවත් ජංගී
    ලල්ලා කියන්නේ අපේ අම්මගේ චුටී මල්ලී. එ දෙන්නා අතරේ අවුරුදු 20ක විතර පරතරයක් තියනවා.උත්සහවන්ත අහිංසක මනුස්සයා. හරිම හොදයි. එයාට වයස 4ක් විතර කාලයේ…
  • සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි
    ‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘ ‘‘මං වැඩක් ‘‘ ‘‘ මොකක්ද වැඩේ ‘‘ ‘‘ රූප හොයනවා ‘‘ ‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘ ‘‘  නැ මං…
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • ලොකූ අයියා
    ඇත්ත නම දාලා මෙ කතාව මම කීයුවොතින් අනිවා ර්‍බලොග් එකටයි ජිවිතයටයි දෙකටම නැවතිමෙ තීත තියන්ඩ වෙනවා සිකූරැයි.එ නිසා ලොකූ අයියා කීයලා…
  • ඇයි යකෝ ඔය
                                             …
  • Stitching and Pattern making In easy and simple steps,- Part 1
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • පත සයිස් කබරයෙක්
    අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි…
  • ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි
    ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
  • මහන මෙෂින් අළුත්වැඩියාව
    මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807 
  • overlock machine ,  (ඔවර්ලොක් මෙෂින් ) එහෙමත් නැත්තං දිවට හුරු විදිහට ඕලොක් ..... කතා කරමු ඒ ගැන
    මෙහෙමයි ඉතින් ,  වෙනදා වාගේම  වැඩේ සංකීර්ණ කරගන්නේ නැතුව කතා කරන බාසාවෙන්ම වැඩේ කරගන යමු  අපි , කතා කරන්න  තේරුම් කරන්න …
  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • දරුවෙකුට වාගේ සලකන්නං
    ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න…
1,645,433

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>