2015-11-16

දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ


.....මේක වෙන්ඩැති කාමරේ ....

..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ......

...හරි ..හරි මේක ...තමා ....කොච්චරවෙලා ඉන්ඩ වෙයිද මන්දා .....එපා වෙන්නේ   මේ වාත සිස්ටම් එක තමා ලංකාවේ ....හරියටම වෙලාවක් පේෂන්ට දීලා ඒ වෙලාවට ගෙන්න ගත්තනං  ඉවරනේ ...අපරාදේ මගේ කාලේ .....අදත් නිවිහැනහිල්ලේ අඩියක් ගහන්ඩ වෙන්නැ .............එහෙමටත් අවුලක් නැ වගේ .....මේ ඉන්නේ මිනිස්සු හතරපස්දෙනයිනේ ..... ආ අරතියෙන්නේ තාම යන්නේ නොම්බර පහ ......ඒකවත් හරියට පේන්නේ නැති හැටියක් ....මේ පාරත්   කන්නාඩිය දෙපාරක් මාරු කරලත් හරිගියේ නැනේ .....පරන කන්නාඩියනං ..කැඩුන උනත් හොදට වැඩ .....කන්නාඩියේ අවුලම තමා මොකැ මං වයසට ගිහිල්ලා යැ ....මෙහෙං අරං හරියන්නේ නැ .............ලබන පාර ටුවර් එකේදි මොන වැඩක් පස්සට දාල හරි එහෙන්ම කන්නාඩිය හදං එනවා....

.......කෝ නොම්මර හයත් වැටුනා ඇතුලේ හිටිය සමයමත් එලියට ආවා .....ඒක නං හොදටම අප්සට් කේස් එකක් ....ඒකනේ දත් තිස්දෙකම පෙන්නල මා එක්ක හිනා උනේ ...කෝ ...නම්බර් සික්ස් .......සෙවන් .....එයිට් .....සීඊඊඉ  ...නමයත් වැටුනා ...යාන්තං ඇති නමයනං ඉන්නව ............මං දහයනේ   ඉක්මනට ගියහැකි ..............චැනල් කරලත් නෑවිත් ඉන්නේ මොකද මන්දා .......බාගදා ඊ වැනල් කරල නෑවිත් ඉන්නව ඇති .............එක්කෝ මං වගේ ඩයිවර්වත් නැතුව හොරාට එන්ඩ හිටපු ඈයෝ වෙන්ඩැති , බාගදා ගෙදරිං බලෙන් එක්ක එන්ඩ ඉදලා ...කැලේ පැනලද කවුද දන්නේ .....හේහ් හෙහ්

..............අන්න දහය වැටුනා .........මං දැං ඇතුලට ගිහිං මොනවද කියන්නේ .......ඩොකාම කතාව පටං ගත්තොත් හොදා ..... කොහෙන්ද කොතනින්ද මං මේක පටං ගන්නේ .........

....කරාස් ........දික්....

...දොරවත් හරියට මේන්ටෙන් කරල නැ  ආංඩුවේ  ඉස්පිරිතාලයක් වගේ ..............යකෝ          මේකගේ කිසි හිනාවක් නැනේ .....දෙකට බෙදල පැත්තට පීරල ....ගොලු සමයං ඩයල් එකක් .... අම්මට සිරි ඇදගන ඉන්න සපත්තු දෙක යුරෝප්  දෙකක් උනාට මේස් නං සිකුරාද පොලෙන්ද කොහෙද අරං තියෙන්නේ ...හයියෝ.......මේසෙං ඉස්සරහට කකුල්  දික්කරහම පුටුවේ ඉදගන්න එකා කකුල් මේසේ උඩින්ද දන්නැ ....තියන්නේ ........කෝකටත් පුරුදු හිනාව දාල බලනව ....


............හිඊහඊි..ඊඊඊඉ.........

‘‘ එන්න ...ඉදගන්නකෝ ‘‘

‘‘ ඩොක්ට මම  සිරිමල් රත්නායක‘‘

‘‘ ඔව් මිස්ටර් රත්නායක අපි කතා කරමු ....මම අහගන ඉන්නම් ‘‘

‘‘ මට ප්‍රශ්නයක් තියනව කියල හිතෙනව ඩොක්ටර් ‘‘

‘‘ අපි හැමෝටම එහෙමයි ....ඔව් ඉතින් කියන්න මිස්ටර් රත්නායක මට පුලුවන් අහං ඉන්න‘‘

‘‘ මගේ ලග තියනවා මේකේ රතුපාට එකක් ‘‘

‘‘ කාර්වලට කැමතියි වගේ ‘‘

‘‘ මගේ එක ඇත්ත එකක් , ඒත් මම ආසයි මේ වගේ සෙල්ලං ඒවට ‘‘

‘‘ මිස්ටර් රත්නායක කොහේද වර්ක් කරන්නේ ‘‘

‘‘ රස්සානං ඉතින් දෙක තුනක් කරනවා ‘‘

‘‘ එකපාර රස්සා දෙකතුනක්.... හම් ....  ලොකු වගකිමක්  තියන කාර්යබහුල කෙනෙක් එහෙනං ‘‘

‘‘ එහෙමටම බිසි නැ ඉතින් ඒවා බලාගන්ඩ කරන්ඩ කට්ටිය ඉන්නවනේ . මට තියෙන්නේ ඉදල හිටල ගිහින් ටිකක් වෙලා ඉදගන ඉදල එන්ඩ ‘‘

‘‘ එතකොට මීස්ටර් වැඩිය කැමති මොනව කරන්ඩද ‘‘

‘‘ අනේ ඩොක්ට ඔය මිස්ටර් කෑලි ඕන නැ ...මං කැමති සිරිමල් කියනවට ‘‘

‘‘ හරි මම එහෙම කියන්නංකෝ ‘‘

‘‘ ඩොක්ට මට දැං මේ ඔක්කොම අත ඇරල දාල ගිහින් සුපර්මාකට් එකක ඉන්ඩ තිබුනනං කියල හිතෙනව ‘‘

‘‘  හේ හේහ ඒකත් හොද බිස්නස් එකක් තමයි ‘‘

‘‘ නැ නැ මට ඕන අර සෙල්ලං බඩු විකුනන්ඩ තියන ස්ටෝල් එකේ වැඩ කරන්ඩ ‘‘

‘‘ හුම් ඒකත් එහෙමද ...එහෙනං  ඉතින් සිරිමල්ට පුලුවන්නේ විනෝදාශයක් විදිහට සෙල්ලං බඩු එකතු කරන්ඩ ‘‘

‘‘ කරනවා ඩොක්ටර් කරනවා ....මගේ ලග තියනවා හැම සෙල්ලං බඩ්ඩක්ම .....සෝල්ජස්ල ..යුදටැංකි ...කාලතුවක්කු ...යුද නැව් ...  සෙල්ලං දෙවනි ලෝක යුද්ධයකටම බඩු ....එතනින් ගියහම සත්තු ඔක්කොම ඉන්න  සත්තු වත්තක් , බෝනික්කෝ , ඇතුලට පුලුං පුරවල රෙදිවලින් හදපු සත්තු , ප්ලේන් , හෙලිකොප්ටර් , කාර් , බෝල බැට් , හැම සෙල්ලං බඩ්ඩක්ම ...කාටවත් අල්ලන්ඩවත් දෙන්නැ ‘‘

‘‘ එහෙම තමයි ඉතින් හැමෝම තමන් කැමති දේවල් පරිස්සං කරනවනේ ‘‘

‘‘ ඒ උනාට ඩොක්ටර් මට ඒවායෙං සෙල්ලං කරන්ඩ හම්බෙන්නේ නැනේ , ක්වාඩාකොප්ටරයක් ගත්තා දැං මාස හයකටත් වැඩියි තාමත් බැරි උනානේ ඒක උඩ අරින්ඩ ‘‘

‘‘ ඒකට ඉතින් වෙලාවක් හදාගන්න පුලුවං සිරිමල්ටම තමා , මං කියන්නේ වගකීම් වලින් නිදහස් වෙලා නිදහසේ ඉන්න ‘‘

‘‘එහෙම වෙලාවට මට ඉතින් නිදහසක් ඇත්තෙම නැ ,  කෑම උයන්න තියනවනේ ‘‘

‘‘ එහෙම ඉතින් තමන් කැමති දෙයක් ආසා කරන දෙයක් කරන එකත් මානසික සුවයට හොදයි ‘‘

‘‘ කොහෙද ඉතින් ගෙදර කට්ටියයි යාළුවොයි එක්ක බැනේ , ඒයාලට ඕන මං හෙන සීරියස්  සිරා පොරක් විදිහට දකින්ඩ ‘‘

‘‘ ඒක ඉතින් ඔයාගෙවත් අනිත් අයගෙවත් වරදක් නෙමෙයි , මේ ක්‍රමය හැදිල තියන හැටි , ඒත් අපිට පුලුවන් එතනින් එහාට ගිහින් ජීවිතය අපි කැමති විදිහට විදින්ඩ ‘‘

‘‘ ඔය ගැනම තමයි ඩොක්ටර් මට ගොඩක් හිතට අමාරු ‘‘

‘‘ ඇයි ඒ ‘‘

‘‘ අඩුම තරමේ මේ යක්කු මා එක්ක වෙසක් බලන්ඩවත් යන්ඩ එන්නැ ‘‘

‘‘ ගෙදර අයද යාළුවොද ‘‘

‘‘ යාලුවන්ට කතා කරල ෂෝටක් එහෙම ගහගන , බයික් එක එලියට දාල උන් එනකං බලා ඉන්න කොට උන් ඇවිත් කියනවා .......ෂපාන් එකේ වාහනේක යන්නේ නැතුව අඩු කඩාගන්ඩ හදන්නේ මොකද .....උං කොහෙද මා එක්ක බයික් පදින්නේ ‘‘

‘‘ ඉතින් සිරිමල්ට පුලුවන්නේ ගෙදර අයත් එක්ක යන්ඩ ‘‘

‘‘ අම්හු ...විකාරද ...... එයාල  එන්නෙත් නැ .....මා එක්ක ‘‘

‘‘ ඒ ඇයි ඒ ‘‘

‘‘ නලා කාරයෙක් ..වෙස් මුනු කාරයෙක්ට යන්ඩ නැ ඒවා ගන්නවා , ලයිට් පත්තු වෙන සුකුරුත්තං ගැජට් දැක්ක තැන වාහනේ අයින් කරල ඒවා ගන්නවා , හම්බෙන හම්බෙන දං සැලෙං ..සරුවත් , සව් කැද , කෝපි බොනවා , ..............අනේ ප්ලීස් ...දං සැල් වලින් බත් කන්ඩ නං බැ ..යි අරකයි මේකයි කියල ...කර අරිනවනේ ‘‘

‘‘ මේ අද යන  සමාජ , ආර්ථික , අධ්‍යත්මික රටාවත් එක්ක සාමාන්‍ය  මිනිස්සුන්ට දැනෙන හැගිම ගැන තමයි ....ඔය කියන්නේ  ......ඕක ඔයාට විතරක් දැනෙන දෙයක් නෙමෙයි .............,   ඔව්වා ගැන සිරිමල් හිතනවා වැඩියි කියල මට හිතෙන්නේ ‘‘

'' පාරේ යනකොට මස් කඩයක් මාළු කඩයක් දැක්කහම මට නවත්තල ඒවා ගන්ඩ හිතෙනවනේ ‘‘

‘‘ මාත් සමහරක් වෙලාවට එහෙමයි ‘‘

‘‘ ඉතින් ඩොක්ට මට ඊලග දකින තැනිනුත් අරගන ගිහිං ප්‍රීජ් වලට පුරවන්ඩ හිතෙනවනේ ‘‘

‘‘ ඒකත් එහෙමද ‘‘

‘‘ ඩොක්ට මොකද හිතන්නේ සිල්ලර කඩයක් දාන එක ගැන , එතකොට මට අර ඉස්සරහින් ලස්සනට ඇල කරල ලෑලි තට්ටුවක් ගහල එළවලු ටිකකුත් වික්කහැකි ‘‘

‘‘ මෙහෙමයි මිස්ටර් සිරිමල් ඇත්තටම ඔයාට මානසික ප්‍රශ්නයක් නැ , ඒත් මම හිතනවා තවත් කෙනෙක් එක්ක එයා මේ ගැන කතා කලොත් හොදයි කියල , මම විස්තරය ලියල ඔයාට ලෙටර් එකක් දෙන්නං , මට උගන්නපු සර් කෙනෙකුට , මිස්ටර් සිරිමල් ගිහින් එයාව හම්බවෙන්න , අදම උනත් ගියාට කමක් නැ , මිස්ටර් සිරිමල් එනවයි කියල මම කෝල් කරල කියන්නං , අද දැං මේ ආවේ තනියමද .....කවුරුහරි කෙනෙකුට කතා කරල ...එනකං මෙතනට වෙලා ඉදල ගියොත් හොදයි මගේ හිතේ ‘‘

‘‘ තැන්කීයු ඩොක්ටර් ....නැ මට තනියම යන්න පුලුවන‘ ..එහෙනං මං ගිහින් එන්නං ‘‘

........හයියෝ  ආවැං ආවේ නැ මෙහෙම කේස් එකක් ....වැඩේ කියන්නේ වෙන පිස්සො දන්නැ උන්ට පිස්සු කියල මේ යකා ඒකත් දන්නව.......

........වෙන ඩොකෙක් හම්බෙන එක හොදා තමා , මේකගෙ ගුරා කියුව හන්ද යන්ඩ හිත දෙන්නැ , ගෝලයා මෙහෙම නං ගුරා කොහොම වෙයිද .....තෙල් බෙහෙත් ගාපු නට් කේස් එකක්.......

175 comments:

  1. Blog ekata awe mokakda uba aluthen liyala thiyenne kiyala balanta. Meka kiyawala den mata hithenawa mental hospital yanta... Hukeeee...ZZZzzzz..

    ReplyDelete
    Replies
    1. අනේ මචං සිංහල කොටන්ඩ බැරිද බං

      Delete
  2. මේ ඔහේ මොනවාහරි දෙයක් ගැන හරි මොන කාරණයක් ගැන හරි මේකේ ලියුවද

    ReplyDelete
    Replies
    1. එහෙට පිස්සුද මං කවද්ද එහෙම කරේ

      Delete
  3. හෙහ් හෙහ් මේක පට්ටනේ............ ඩොක්ටත් අමාරුවෙ වැටුණා.................. මිනිහගෙ විස්තර කිරිල්ලනං පට්ටයි............

    ReplyDelete
    Replies
    1. ගොඩක් දොස්තරලට පිස්සු

      Delete

  4. ....//වැඩේ කියන්නේ වෙන පිස්සො දන්නැ උන්ට පිස්සු කියල මේ යකා ඒකත් දන්නව//...

    අටම් අයියේ මේක දැක්කම ඩොක්ටර් හරිස්වන්ද්‍ර අපිට දේශනයකට ආව වෙලාවක කියපු කතාවක් මතක් වුනා.එතුමා වෛද්‍යවරයෙක් වුන මුල් දවස්වල වැඩි පරම ගමන් බිමන් ගිහින් තියෙන්නේ බස් එකේ.දවසක් අංගොඩ හොස්පිට්ල් එකට එනකොට බස් එකේ ඇවිත් ඇඳුම් එහෙමත් පොඩි වෙලා දාඩියත් පෙරාගෙන ආවලු.ඕක දැකපු එක ලෙඩෙක් ආවලු ඩොක්ටර් ලගට.ඔබතුමා කවුද කියලා ඇහුවලු.ඩොක්ටර් කීවලු මම මේ හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් කියලා.ඉන් පස්සේ අර ලෙඩා කීව්වලු "ඔන්න අපිනම් පිස්සෝ.ඒ වුනාට ඩොක්ටර් කෙනෙක් වුනාම පිලිවෙලට ලස්සනට ඉන්න එපාය.නැත්තම් පිස්සෙක් වගේනේ පේන්නේ" කියලා..

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව මනෝ!

      Delete
    2. මනෝ එදා ඩොෙක්ටර්ට හොද උපදෙසක් දිලා තියෙන්නෙ..ඉතිං මනෝ එදායින් පස්සෙවත් ඩොකා පිලිවෙලකට ඇදලා ආවද?

      Delete
    3. ඩොක්ටර්ට ඔහොම කිව්වේ කසුනා බං..ඕකා සෑහෙන කාලයක් නේවාසික ප්‍රතිකාර ලැබුවනේ..ඔය යටින් කියලා තියෙන්නේ ඕකට පිස්සු කියලා..එදත් ඔහොම කියව කියව මුලු ගමේම ඇවිද්දා.තවම බෙහෙත් ගන්නවා.ටික ටික හරියයි..

      Delete
    4. පිස්සංගේ ලස්සන කතා ටිකක් මං දන්නව , ලියන්ඩ බැ බං මනෝ , එකක් ලියල මගේ කරඅඹන්ඩ ආවා අයියල සෙට් එකක්

      Delete
    5. කවුද බං කසුන් . අර ඉගිලිලෙන එකාද

      Delete
  5. ඩොක්ටර්ටත් පිස්සු. පිස්සටත් පිස්සු. අටමටත් පිස්සු.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්යැ. අපිටත් පිස්සු.

      Delete
    2. මේකේ මාතෘකාව බස්වල ගහලා තියෙනවා...... හැබැයි මේ විදිහට

      පිස්සෝ කලබල වුණාට ඩොක්ට කලබල නෑ....

      මම මේ ළගදී දැක්කා තවත් පට්ට වදන් දෙකක් ත්‍රීවිල් දෙකක් පිටිපස්සේ.....

      1. බලන අයට බුදුසරණයි රවන අයට දෙවිපිහිටයි...

      2. හැදිච්ච කොල්ලෝ පිපිච්ච මල් කඩන්නේ හිතිච්ච වෙලාවට

      මේ ගැන පෝස්ටුවක් ඉවානයාත් දැම්මා මතකයි.... පට්ට වදන් නේද??

      Delete
    3. 1. ඇති දා සිනී නැතිදා ගෝනි...හැබැයි..සිනී දිය වුනාට ගෝනි දියවෙන්නෙ නෑ
      2. හබලක්වත් නැති අපිට නැව් ටෝක් මොකටද?
      3. අයියලා පාතාලේ අපි ඉස්පිරිතාලේ..

      Delete
    4. මට පිස්සු කියල අපේ පවුලත් කියනව . මාව අංගොඩ ගෙනියනවලු

      Delete
    5. ඒක වෙනස් කලා වියෝ මෙතනට ගැලපෙන්න

      Delete
    6. මචං මට ඒක දෙයක් ෂුවර්..... අටමිටනං පිස්සු නැහැ.... ඒකයි උඹ ගැන හරියට ම තේරුම් අරං තියෙන්නේ..

      Delete
  6. ක්වඩාකොප්ටර් නෙවෙයි ඒක කොඩ්රොකොප්ටර්

    https://en.wikipedia.org/wiki/Quadcopter

    බලනකොට අර ඩොක්ට ජයතුංග ලියලා තියන මානසික රෝගියාගේ පරිකල්පනය කියන පොතේ තියන පරිඡේදයක් වගේ. ඩොක්ට මේක දැක්කොත් කියයි මොකක්ද ලෙඩේ කියලා.

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ විචා අංකල්...... අටමාව සෙට් කරමු ට්‍රාන්ස් බ්ලොගයට...... බෙහෙත් ඔන්ලයින් දෙමු............

      Delete
    2. ක්වඩ්කොප්ටර්....Quadcopter...

      Delete
    3. //ක්වඩාකොප්ටර් නෙවෙයි ඒක කොඩ්රොකොප්ටර්

      https://en.wikipedia.org/wiki/Quadcopter//
      සැක් ..මට මගෙ අනාගතේ මැවිල පේනව...
      -මීට පැන්ෂන් ගෝලයා ( කම්මල ) -

      Delete
    4. චෙෆාකි හරි. මට සිංහල වචනය ටයිප් කරද්දී වැරදිලා.

      Delete
    5. හුරේ විචාමාමන්ඩියට වඩා අටං බෑන සිංහල දන්නව , ඉස්පිලි පාපිලි එහෙට්ට මෙහෙට්ට වෙලා විතරයි

      Delete
    6. ට්‍රාන්ස් ඩොකාට සැට් වෙන්ඩ තෝල්කයෝ ඕන නැ මං එහේ යාවජීව සාමාජිකයෙක් , බොලා එතනට සාදාරනයක් කොරන්නේ නැ . බලහල්ලා පොස්ට් දානවා නහුතෙට , තොපි ගම්මැදි හෑලි කියවනවයි , කමෙන්ට් වල වල් පල් දොඩවනවයි මිසක් කොහෙද කියවල එව්වායේ කමෙන්ට් කරන්නේ

      ඒක අතකට ඒකත් වැරදි නැ . අනිත් උන්ට කමෙන්ට් නොකරන උන්ට . ගොඩ දෙනෙක් කමෙන්ට් කරන්නේ නැ

      අනිත් උන්ට කමෙන්ට් නොකර ගොඩ ගියේ , සුරංගයයි , රවියයි විතරයි .

      දැං ඉතින් නැගලම යන්නේ හැලපයයි , සුරංගයයි , රවියත් දැං නිකං වල් වදිනවා වාගේ

      නැගගන එන ඒවානං දෙක තුනක් තියනව , ඒත් තාම පරිසාදන මට්ටමට ඇවිත් නැ

      Delete
    7. කවුද බන් සුරන්ගයාගේ බයි කතා කියවන්නේ. ඌ මාතයාට විතරක් පුක දෙනවා. අනික් බොගවල් වලට එන්නේ නෑ. ඌ හිතාගෙන ඉන්නේ ඌ පැරා වගේ කියලා. ගෙඩියා

      Delete
  7. අවංකෝම කියනවානම් ක්ලික් උනේ නෑ මක්කද කියන්න තනන්නෙ කියලා....
    ගස්ලබ්බට මතක්කුනේ ඔය හා සමානවම ඩොකාගෙන් ඩොකාට මාරුවෙවී යන්න සිද්ධ උන කේශ් එකක්..(මෙන්ටල් කේස් එකක් නෙමෙයි තාම.. හෙහ් හෙහ්..)හැබැයි පෝලිමේ වාරෙ එනකන් ඉන්නකොට හිතෙන්නෙ නම් ඔහොමම තමයි ඔන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පලවෙනි පාරම 33 වෙනි කාමරයට ගියානම් ඉවරයි බං..

      Delete
    2. ගසා ඔය කට්ට මං කාල ත.ියනව වෙන වෙන කේස් වලට, මැන්ටල් ඩොකාල එක්ක නෙමෙයි .

      දැනට අවුරුදු දාසයකට විතර කලින් මට එක කැරියෙක් ලියුවා . දවසකට ටැබ්ලට් එක එක ගානේ මාස තුනක් ගන්න කියල .

      මට හොදට මතකයි ඒකාලෙත් 117.50ක් උනා එක ටැබ්ලට් එකක් , ක්ලීනික් එකේ හිටිය පොඩි ටැමිල් කෙල්ලෙක් ( අළුත් දොස්තර නෝන කෙනෙක් )

      අයියා ගණන් අඩුවට ඉල්ලන්න මේක , එයාල දුන්නේ නැත්තං මේක පෙන්නන්න . කියල ආංඩු ඉස්පිරිතාල කොලයක , ලියල දුන්නා ..වෙන එකක් ....මචං රුපියල් නමයයි .

      Delete
    3. පස්සේ වීඩියෝ සෙන්ටර් එකේදි මට හම්බුනා කෙල්ලව , තිරිකුනාමලේ පැත්තේ කෙල්ලෙක් , රාගම හිටපු කාලේ ඇතුලේ ලේට් වෙන සීඩි වලට චාර්ජ් කරේ නැ මගේ යාලුවා.

      Delete
    4. පහුගියකාලේ හොද වැඩක් උනා මචං මෙහෙන් ඇරියා ළමයි හෙන ගොඩක් යාපනේ විස්වවිද්යාලේ , එහේ ළමයි බරට මෙහේ . ( මං වැරදිනං කවුරුහරි නිවැරදි කරන්න ) , කැලනි කැම්පස් එකේ , සහ රාගම මෙඩිකල් පැකල්ටියේ යාපනේ ළමයි ඉන්නව මාර ගොඩක් ..........පැහැදිලි වෙනසක් මටනං පේනවා , ඒ ළමයි හරි බයෙන් ඉන්නේ .....මං දන්න යාපනේට යන්ඩ බය වෙච්ච ළමයි වාගෙම

      Delete
    5. මෙහෙන් එහාට ඉල්ලලා යනව අඩුයි.ගියත් හරවලා ආපහු එවන සීන් එකක් තියෙනවා.එහෙන් මෙහාට නම් බරට එනවා.ඇවිත් හැබැයි වැඩිය මුහු වෙන්නැතිව ඉන්නව කියල තමයි ඔව්වට ගිය ගස්ලබ්බගෙ යාලුවො නම් කිව්වෙ... ලෙඩ ගැන නම් කතා කොරන්න එපා... 'ආරෝග්‍යා පරමා ලාභා'.. එකෙන්ම.

      Delete
  8. මිනිසුන්ගේ ආසවල්ද විටෙක පිස්සුවකි, අනුන්ගේ පිටපත් වලට තමන්ගේ චරිතය රඟ පෑමට සිදු වීම පිස්සු වැටෙන්නට හේතු විය හැකිය, නමුත් සමාජ ක්‍රමය තුල තමන්ගේ චරිතය වෙනත් පිටපත් කරුවන් ලවා ලියවා ගත හැකි බවක්ද පෙනේ, මේ පිස්සට සැබවින්ම පිස්සුවක් ඇතිද කියා වරෙක සිතේ, නිදහස සොයා යාමේ අසීමතික ආසාව හා සමාජ බැඳීම් අතර දෝලනය වන සිතක් ගැන අටමයියා ලියලා තියෙන විදිය අපුරුයි. ඒ හිස්තට පිස්සු වැටිය හැකි බවක්ද සිතේ, එහෙත් ඒ අහිසක ආසාවල් වලන් ගහන ඒ සිතට පිස්සු කියලා කොහොම කියන්නද? මේ කතාව නම් නියමයි අටමයියා, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. //අනුන්ගේ පිටපත් වලට තමන්ගේ චරිතය රඟ පෑමට සිදු වීම//

      අනේ බං වහ බොන එක ඊට සැපයි

      Delete
  9. මචං අටමෝ අැත්තට ම මෙහෙම හිතෙනවාද?????? අම්මපා බොරුවට බෙහෙත් ගන්න යන්න ඒපා...... උඹ හොද සිහියෙන්..... සීයට සීයක් ෂුවර්......

    ReplyDelete
    Replies
    1. අනේ වීයෝ මම ඉන්නේ බෙහෙත් ගන්ඩ යන්ඩ ...ඇත්තටමයි මං මේ කියන්නේ

      Delete
  10. ලිපියයි කොමෙන්ටුයි කියෙව්වට පස්සෙ මටත් පිස්සු

    ReplyDelete
    Replies
    1. අනේ ගණන් ගන්න එපා විහිලුවක් කලේ ..සොරි හොදේ

      Delete
  11. අටමයට පිස්සු...
    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. මාෂල්...................

      මේල් කීපයක් දමා අැත..... බලාපල්ලා...

      Delete
    2. කුරුටු,
      උඹට පිස්සුද බං පිස්සන්ට මේල් දාන්න.

      ජ ය වේ වා !!

      Delete
    3. පිස්සොත් එක්ක ඡිල් ගහන්න බෑ..

      Delete
    4. //අනුන්ගේ පිටපත් වලට තමන්ගේ චරිතය රඟ පෑමට සිදු වීම//

      අනේ බං වහ බොන එක ඊට සැපයි

      Delete
    5. අනේ වීයෝ මම ඉන්නේ බෙහෙත් ගන්ඩ යන්ඩ ...ඇත්තටමයි මං මේ කියන්නේ

      Delete
    6. අඩෝ කුඩලු විදානේ ( තරහගන්න එපා ආදරේට )

      Delete
    7. කුරුටු ඇන්ඩ් විදානේ ...ඇයි අපි කලුද ............අපිත් හොද ඉස්පෝට් මීට් කොල්ලෝ ...මය සාත්තරේ අපිත් දන්නව අපිටත් මේලක් දෙකක් දාපියව්

      Delete
    8. මේල් අැයි ලියුමක් ම දාන්නංකෝ................

      Delete
  12. ඔය එක එක දේවල් ඔලුවට එන එක
    එහෙම තමයි මේ කාලෙ හැටි
    මොන මොන දේවල් ඔලුවට ආවත්
    කරනා දේ අපි හොඳට දනී …

    ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
    පිස්සුම පිස්සුම පිස්සුම තාලේ ……

    - F L A S H B A C K -

    ReplyDelete
    Replies
    1. F L A S H B A C K රෝල් කරල ගහගනිං පුකේ

      Delete
    2. හහ් හහ් හා.................... හිනා ඔ්යි

      Delete
  13. කට්ටියක් හදාගන්නවා සම්මතයක්. සම්මතයට වෙනස් අය ඔක්කොම පිස්සො ගොඩට දානවා. සමහර වෙනස් අය පිස්සො කියල ලේබල් වෙනවට සම්මතයට අනුකූලයි කියල මවා පෑමක් කරනවා. තමන් තමන්ට අවංකව ජීවත්වෙලා අනික් වුන්ට කුද ගහගන්න කියල කියන සමාජ ක්‍රමයක් ටිකක් දුරට 'බටහිර' රටවල තියෙනවා. එහෙම තත්ත්වයකට එනකං ඉතින් ගොඩක් අය හැංගි මුත්තං. ටික දෙනෙක් ගිහිල්ල මේ වගේ නොම්මර ගන්නව.

    ReplyDelete
    Replies
    1. එදා නම්බර් සෙවන් හිටියෙ මම. ඊචැනලින් එකෙන් තමයි ගත්තෙ. එතෙන්ට යනකොට මෙන්න අටම ඉන්නව. මට පිස්සු කියල ඌ දැනගනියි කියල එහෙමම ශේප් වුනා. අපරාදෙ රුපියල් දාහ.

      Delete
    2. සුපියල් දාහට??? වෙන්න බෑ...

      Delete
    3. උඔ මාව අදුන ගත්තෙ නෑ...මම නොම්මර පහ

      Delete
    4. උඹල වෙන වෙනම කෝල් කරල වරෙල්ල , මම එක එකා වෙන වෙනම බලන්නම් . @ඉයන් අර රුපියල් දාහ අමතක කරහන් මටනෙ දුන්නෙ.
      @ ලබ්බො , මම ගන්නෙ දාහයි , වැඩිය ගන්න තැන් වලට යන්න එපා උන්ට පිස්සු.
      @ මෙන්ඩ , කාන්තා යට ඇදුම් වලට ආසාව නෙහ්.. රෝගය භයානකයි.
      මීට දොස්තර

      Delete
    5. කම්මලට ඩබොල් පිස්සු බෙහෙත් ගන්ට එපෝ........

      Delete
    6. වැනල් කරන්ඩ දාහද ..අයියෝ මදි මදි

      Delete
    7. කම්මලෝ උඹ නං හරියන්නේ පිස්සන්ට වෙදකං කරන්ඩ තමා

      Delete
    8. ඉයන් දොස්තරලාගෙන් පරිස්සං වෙන්න

      Delete
  14. මට හිතෙන්නෙම මේක චෙෆාකි ගැන ලියපු එකක් කියලා. කරුණු ගොඩක් ගැලපෙනවා අහලා කියවල තියෙන දේවල් අනුව...

    ReplyDelete
  15. මම නං ටක්කෙටම දන්නවා මේ කව්ද කියල ..???
    මම නං හිතන්නෙ මේක සාමාන්‍යයයි කියල.... අපි හැමෝම පොඩ්ඩ පොඩ්ඩ හරි මෙහෙමයි කියල ......
    අනික අටමට අනුව මම පිස්සෙක් විතරක් නෙමෙයි මන්ද බුද්දිකයෙක් නේ .......
    ඉතිං අනිත් අය ගැන මොන කතාද ....

    ReplyDelete
    Replies
    1. උපං ගෙයි නුහුගුනේට බෙහෙත් නැතුවට උමට තියන අනිත් ලෙඩ වලට නං බෙහෙත් තියනව හිටහංකෝ එකක් හොදකරා වගේ අනිත් එව්වත් හොද කරන්නං

      Delete
  16. අටමෝ.
    ගණන් ගන්න එපා. දිගටම යන්. සමාජයේ ඉන්න සියල්ලෝටම තමන්ට විතරක් ආවේනික රුචියන් තියෙනවා. ඒක අනෙක් අයට පෙනෙන්නෙ එයාට ටිකක් පිස්සු අදහස් තියෙනවා කියල තමයි . සබ්බෙ සත්තා උම්මත්තකා කියලා බුදු බනෙත් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බුදුන්ටත් පිස්සුද එතකොට

      Delete
    2. නිවනට ගිය උතුමන් තුල උන්මත්තක් බව නැහැ. මාර්ග ඵල ලැබූ උතුමන් අතර ප්‍රහාණය වන අකුසල් අනුව උන්මත්තක භාවය තුනී වෙන් බව ඔබ දන්නවා ඇතිනෙ.ඔබේ නිගමනය අනුව බුදුන් වහන්සේට ගෞරවකර ඇමතීම වැරදි වාගෙයි ඔබ සිතා ඇත්තේ. එබැවින් ඔබේ බුදුන් නිවන් දැක්කාද යන්න තීරණය කිරීම ඔබටම බාරයි.
      සමරසේකර

      Delete
    3. ඔබතුමා මේවායෙන් නොසැලෙන බව මම දන්නවා

      Delete
  17. හෙහ්... උඹ කලබල වෙන්ඩ එපා ... ඔය පිස්සුව මටත් තියනවා... ගෙදර ආපු වෙලේ උඹ දැක්ක නේද අවුරුද්දට උණ වෙඩි ගහල උණ වෙඩි තුනක් පළලා තියනව... සරුංගල් කාලෙට ආවොත් දකින්ඩ පුළුවන් අපේ ගෙදර සරුංගල් පැට්ටෙරියක්. අදටත් බත් කනකොට බලන්නෙ කවුද බෝයි , ටින් ටින්, සූර පප්පා කාටූන්. අපේ උන්දැ හිනා වෙනව. මොනව කරන්නද. මේ ලඟදි පොඩි එකෙක්ගේ උපන්දිනේට ඌට අරන් දුන්න මොඩ්ල් හමර් එකක්. ටිකක් ගණන්. අපේ උන්දැ එක්ක ගිහිං ඒක අරගත්තෙ එතන තිබ්බ ඔක්කොම මොඩ්ල් අතගාල බලල. ගෑණු සාරි තෝරනවා වගේ..ඒක ඒ පොඩි එකාට දුන්නෙ බොහොම අමාරුවෙන් හිත හදාගෙන. ආයෙ මටත් එකක් ගන්න ඕන කියන තිර අධිෂ්ඨානයෙන්. අවුරුදු පහකට කලින් යාළුවෙක් රට ගිහිං එනකොට ගෙනත් දුන්න රිමෝට් හෙලිකොප්ටර් එක තමයි මට ජීවිතේ හම්බවෙච්ච හොඳම තෑග්ග. ට්වින් රොටර් ටයිප් එකක්. දැන් එව්වා ලාබයි. ඒක කැඩෙනකල්ම උඩ යැව්ව. වෙලාවක ගන්නවා සිංගල් රොටර් ස්වොශ් ප්ලේට් තියන එකක්. පොඩි කෙල්ලට පෙන්නන මුවාවෙන් උඩ යවන්න පුළුවන් මට. වැස්සට ඇළ පිරුණම ඇළට පැනල නාන්න හිතෙන්නෙ නැද්ද උඹට? පොඩි උන් ක්‍රිකට් ගහනකොට බැට් එක උදුරන් ක්‍රිකට් ගහන්න හිතෙන්නෙ නැද්ද? වොලිබෝල් ගහන තැනක් ලඟින් යනකොට අඳුරන්නෙ නැති උනත් උන් එක්ක කතා කරල බෝල ගහන්න හිතෙන්නෙ නැද්ද? ගෙදරකට ගියාම කැඩුණු ගැජට් එකක් ආයෙ අටවල දෙන්න සහ ඒ වැඩෙන් "පොරක්" වෙලා ආශ්වාදයක් ලබනව නේද උඹත්? මාළු කඩවල මාළු කපනව දකිද්දී ජොබ් එකට මාළු කපන්න හිතිල නැද්ද? ෂොපින් මෝල් එකක පොප් කෝන් විකුණන පොඩි කූඩුවක් දාගන්න හිතිල නැද්ද? මීගමු ගියාම බෝට්ටු වල මාළු අල්ලන්න යන්න හිතෙන්නෙ නැද්ද? ඔය වගේ දහසකුත් දේවල් මට හිතෙනව. මං දන්නවා උඹත් එහෙමයි.
    අපි ඔක්කොටම පිස්සු බං.....

    ReplyDelete
    Replies
    1. උඹත් අටමත් එක්ක අර දොස්තර හම්බෙන්න ගියාද බං. :D

      Delete
    2. ඒ ගිය අනික් එකාලු මූ හෙක්

      Delete
    3. මම කියන්න ගියෙත් ඔය පිස්සුව මටත් තියෙනව කියලා. මමත් ආසයි බං සෙල්ලම් බඩු වලට. විශේෂයෙන්ම වාහන වලට.

      Delete
    4. සඡ්ඡා..
      උම්මා...උම්මා...
      එල ද බ්‍රා කමෙන්ට් එකක් මචං

      Delete
    5. සජ්ජෝ..අර එස්ටිමේට් එක ගෙනියන්න ආවාම මතක් කරපන්, මට උඹත් එක්ක ක්ව්ඩ්කොප්ටර් එක පොඩ්ඩක් ෆ්ල්යි කරන්න ආසයි...!!!!

      Delete
    6. ක්ව්ඩ්කොප්ටර් එකක් ගන්ඩ ඕනැ කියන එක අමතක කරල හිටියෙ.
      පත්තරේ මාමෙ , එනකොට එකක් ගෙනෙං අපි උඩ අරිමු.

      Delete
    7. හහා... ෆ්ලයි කරමු ක්වඩ් එක... ක්වඩ් කොප්ටර් වල ස්ටැබිලිටි වැඩියි... ආතල්ම භාන්ඩෙ තමා සිංගල් රොටර් හෙළිය.

      Delete
    8. සජ්ජා
      උඹ කියලා තියන ඒවා අඩු වැඩි ඇතිව අපි හැමෝටම හිතනෙවා බං.බලාගෙන යනකොට මට හිතෙන්නේ ඒහෙම නැත්තම් තමයි පිස්සු.අපේ තාත්තට 65 ටත් ලඟයි.ආසම සූර පප්පා බලන්න.

      Delete
    9. මනෝ විශ්වාස කරනව නං විශ්වාස කරහං.. මට තවමත් සරුංගල් හදල දෙනව අපේ තාත්ත...

      Delete
    10. මම දැනටත් TV එකේ බලන්නේ සුර පප්පා, ටින් ටින්, ටොම් ඇන්ඩ් ජෙරී වගේ එව්වා තමා...

      Delete
    11. මමත් ආසයි සෙල්ලම් දාන බඩු වලට........... හිටං

      Delete
    12. සජ්ජෝ... උඹ අර ඩොකා මීට් වෙන්න යනවනම් මාවත් එක්ක පල....

      Delete
    13. කැමා
      ඇයි උඹට තවම හොඳනැද්ද ?..උඹ කිව්වේ දැන්නම් යන්තම් සනීපයි වගේ දැනෙනවා කියලා..සජ්ජාට නම් දැන් ටිකක් හොඳයි..හිටපු ගමන් ගෙදර බඩු මුට්ටු පොලවේ ගහන එකනම් තවම තියනවා.

      Delete
    14. සාජ්ජා අපිට කිව්වේ නෑනේ උඹලා දෙන්නා ඉන්නේ ඒක ගෙදර කියලා මනෝ...

      Delete
    15. කැමා යන්න ඔනේ..
      නාගංලම් විදියේ මුදියන්සේ වෙද මහතා ලගට
      ලිංගික අප්‍රනික විම ක්ෂනික මෝචනය සහ සියලුම ලිංගික රෝග සදහා මුදියන්සේ වෙද මහතා

      Delete
    16. ඔය සෙල්ලං බඩු පිස්සුව මට තදින්ම තියනවා , කෙල්ලගේ පිටිං දාල රිමෝට් කාර් එකක් අරගන හොදට පැද්දා

      Delete
    17. ඇයි කොන දෙමලෝ උඹත් යන්ඩද

      Delete
    18. සත්නායක මහත්තයට මොකුත් පිස්සුකාරකමක් නැතෙයි

      Delete
    19. ඩූඩ් බෝනික්කියන්ට ආසා නැතෙයි

      Delete
    20. @chef-architect ඇයි අපි කළුද

      Delete
    21. පත්තර මාමේ මටත් එකක් ....උඹට ඉතින් සල්ලි මදිපාඩුවක් තියනව කියල යැ

      Delete
    22. @සජ්ජාගේ පඩංගුව
      බලාගන හිටපිය හම්බෙයි තොට ..ඕක අල්ලන්ඩවත් දෙන්නැ යකෝ ...මම නං ආයේ උන්දැගේ බඩු වලට අත තියන්නැ කියල හිතං ඉන්නේ

      Delete
    23. මනෝ මන්දිර

      සුර පප්පා බලන්ඩ කවුද බං ආස නැත්තේ

      Delete
    24. @සජ්ජාගේ පඩංගුව

      උඹලගේ තාත්ත නං ඒ ජාතියේ ඩයල් එකක් තමා ....අනික ඉතින් දහයක් පහලවක් ඉන්නවයැ තෝ විතරනේ

      Delete
    25. @ලොකු පුතා

      උඹව දැක්කහමත් එහෙම හිතෙනව ..තාම පොඩි එකෙක් වගේ නේ

      Delete
    26. @මැලේ රාළ

      ආරංචියි ආරංචියි එහෙට වෙලා හොද හොද සෙල්ලං දානව කියල

      Delete
    27. හොඳ කොල්ලෙක් හදා ගත්තනම් පුතත් එක්ක සෙල්ලම් කරන මුවාවෙන් මේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.. අපේ පුතා දෙහි වෙලදාම් කරනවා පාරේ බෝඩ් ගහලා.. වෙසක් පෝයට ලෙමන් දන්සල් දෙනවා.. අපි ක්‍රිකට් ගහනවා.. බයිසිකල් පදිනවා... අන්න .. ඊයේ මහා වැස්සක් එන වෙලාවේ එලියට පන්නා.. අන්න ඒ වගේ කරතහැකියි

      Delete
  18. මූට තියෙන්නෙ සල්ලි වැඩිවෙච්ච ලෙඩක්. දන්සැලක් දාල අපි වගේ උංට ඔය සල්ලි ටික බෙදල දෙන්න කියහං. ඊට පස්සෙ ඔය ලෙඩේ නිට්ටාවට සනීප වෙනව.

    ReplyDelete
  19. මම නම් ඔය පිස්සයි ඩොස්තරයි දෙන්නම අඳුනනවා..

    ඒත් ඉති මටත් ඔය පිස්සු වලින් ගොඩාක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ බෑ...... එහෙනං දවසෙ කුලියට යහපාලනේට කඩේ ගියෙ

      Delete
    2. ගියේ මොකක්ද බං... තාමත් යනවා....

      Delete
    3. යහපාලනයට කව්ද ඕයි කඩේ යන්නේ..සුපර්මාර්කට් යනවා මිසක්ක....!

      Delete
    4. ඇත්තටම ජහපාචනේට මක්කෙයි වෙලා තියෙන්නේ....?????

      Delete
    5. ඇ යකෝ කලිසමක් ඇදගෙනද දැං ඕක අපෙං අහන්නේ

      Delete
  20. මං හිතුවෙ නෑ මාතෘකාව ටපලල දාල තියෙද්දි මේ තරං ලොල් කතාවක් කියල
    මොනා වුණත් අටං අය්යෙ කතාව නං පට්ට ඈ..
    සිරාවටම ඩොකී නේද ඩොකීට හිතෙන් ඇති මේ මොන අටමගලක්ද කියල
    ඌත් රත්නායක නේහ්
    ඒක නං හෙන කේස් එකක්

    ReplyDelete
    Replies
    1. එහෙනම් ෂුවර් එකට මහේෂ් තමා එතන ඉදලා තියෙන්නේ...හී ...

      Delete
    2. රත්නායක =රතනායක
      රත්තවාතේ ඉහට ගැහුවහම පිස්සු හැදෙනවලු නේ
      ඒ ලෙඩේට උඹල නායකයෝ එතකොට

      Delete
  21. මිනිසෙකු තුළ තියන සංකීර්ණ මනෝභාවයක් තාත්විකව ඉදිරිපත් කරලා තියෙනවා .දෙබස් වලින් කතාව ගලා යන විදිහ අපූරුයි. අදයි මේ පැත්තට ආවෙ...තව තවත් ලියන්න ඔබට සුබපැතුම්.....!

    ReplyDelete
    Replies
    1. නංගා..
      උඔගේ කමෙන්ට් එකේ මනෝභාවයෙත් සංකීර්ණ තාත්වික බව නිසා මේ වන විට අටමා මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බව දැනුම් දෙමි..

      Delete
    2. කවුද බොලේ මේ නගා

      Delete
  22. ඊළඟට සිරිමල් අනික් දොස්තර ලඟට යද්දී හම්බ වුනේ නොම්මර දෙකලු , නොම්මර එක කලින් තැන හිටපු දොස්තර ලු .

    ReplyDelete
    Replies
    1. රිප්ලයි දාල මටත් දැං පිස්සු වගේ බං

      Delete
  23. මේක කියවල මටත් නිකම් පිස්සු පිස්සු වගේද කියල හිතෙනවා බන්.. මේකනම් පට්ට බන් අටමෝ..
    අර උඹ මග ලියල තිබ්බේ පිස්සෝ කලබල උනාට ඩොක්ටර් කලබල නැහැ කියල.. මටත් නිකම් හිතෙනවා මම පිස්සද? ඩොකාද කියලත්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් පිස්සු දොස්තරල නිකං පිස්සො වගේ බං , දැකල තියන එකෙක් ගැන හිතල බලහං

      Delete
  24. සදු එක්ක ඇදුම් ගන්න කඩේකට ගියාම මට බ්‍රා පෑන්ටි තියන කොටසට ගිහින් ඒවා ඇදලා බලලා අඩුපාඩු තියන්නමයි හිතෙන්නෙ..
    මටත් චැනල් එකක් දාන්න ඔනේ..

    ReplyDelete
    Replies
    1. උඹට පිස්සු නැ , උඹ වැඩ කරනනේ හොද සිහියෙන්

      Delete
  25. හැබෑට ... ඊයේ මෙන්ඩා අයියා පේන්න හිටියේ නෑ නේද....? අදනෙ දිගට හරහට අදහස් දක්වලා කොමෙන්ටු දාලා තියෙන්නේ.ඊයේ කොහෙද ගියෙ ගියෙ...?

    ReplyDelete
    Replies
    1. ඉරිදට මම ගෙදර..
      මගේ ගෙදර ටිවි, රේඩියෝ, ලැප්, ඩෝංගල්, සෝෆා මුකුත් නෑ..
      පොඩි මෙන්ඩයි සදුයි මමයි විතරයි

      Delete
    2. ඇයි උඹ යට නිදියන ඇද තියනව නේද ?

      Delete
    3. ඇයි බං ඉස්තෝප්පුවයි තුරැල් කරගෙන නිදියන ටෝමියා..(බිලා ආව දවසට)

      Delete
  26. අටම් අයියා හොඳට රිසර්ච් කරලා ලියපු පෝස්ට් එකක් වෙන්ටෑ මේ නේද?
    එහෙම නැතුව අර අටම් අයියම කියන විදියට ආත්ම කථනයක් නෙවෙයිනේ..???
    ඕක සම්පූර්ණ වෙනවා අර හැලපේ ලිව්වා වගේ පාරේ යන ගැහැණු උදවියට මෛත්‍රීකරන්නත් හිතෙනෝ ඩොකෝ කියලා ඉවර කලා නං...නැද්ද මං අහන්නේ..?

    ReplyDelete
    Replies
    1. පාරෙ යන ගෑණු? හෑ.. පූස් ගැනද ලියල තියෙන්නෙ?

      Delete
    2. ඩිස්කවරි ෆෝ එක පැත්තක තියෙද්දි පල්සර් පැදිල්ලත් පිස්සුවක්ය කියන්නෙ...

      Delete
    3. Royal Enfield Thunderbird is much much better than the 4...

      Delete
    4. ගැහැණු උදවියට මෛත්‍රීකරන කතා ලියල මොකට හොක්ක තලාගන්නවද කියල හිතුනා

      Delete
    5. Royal Enfield Thunderbird හොදා නගුලක් බැදල හාන්ඩ

      Delete
    6. @Pra Jay

      දත් තියන උන් උක් කනකොට ඉරිසියා කරන්ඩ එපා සර්

      Delete
  27. ඔය පිස්සව සෙට් කරල දියන්කො (ආයෙ) දවසක අඩියක් ගහන්ඩ . ෂෝක් කතා ටිකක් අහන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ආයේ මං අහවල් එකක් සැට් කරන්ඩද

      Delete
  28. ලෙඩා කවුද ?දොස්තර කවුද දන්නේ නැහැ.වැඩකුත් නැහැ.හැබැයි ඔය පිස්සු නම් අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොටත් තියද මටනං නැ ඔන්න

      Delete
  29. සිරිමල්ට යාලුවෙක් ඉන්නව නේද බැන බැන හරි ඔය දේවල්වලට එයත් එක්ක යන?

    ReplyDelete
    Replies
    1. එයා.....හ්ම්ම්....

      Delete
    2. ඒ හින්දා දැං වෙන යාළුවෙක් සැට් කරගන ඉන්නේ

      Delete
  30. මේ බ්ලොග් එක සෑහෙන කාලෙකින් මට අප්ඩේට් උනේ නෑ. ඒක නිසා මම හිතුවා ලියන එක නවත්තල කියලා. එකයි එන්නේ නැතුව හිටියේ. අද ඉවාන් පවුලූෂා බ්ලොග් ඒකෙ කමෙන්ට් කරලා තියනවා දැකල නිකම් බලන්න ආවේ..
    පිස්සොන්ට පිස්සුයි කියල ඉතිං කොහොමත් දන්නේ නෑ තමා. අර දන්සැල් කතාව නම් මටත් තියනවා හැබැයි.. :D

    ReplyDelete
    Replies
    1. මොකැ යකෝ මාසෙකට එකක් හරි දානවනේ .....ඉස්සරහට නං එහෙම වෙයි සමහරක් විට

      Delete
  31. Replies
    1. අපි නං ඒක සැහෙන කලක ඉදං දැදං උන්නා

      Delete
  32. පලයංකො රාගමට බෙහෙත් ගන්න...
    වෙලාවකට හිතෙනවා බං දොස්තරලා අපිට වඩා ලෙඩ්ඩු කියලා. අනේ මංදා මට පේන හැටිද කියලා...

    ReplyDelete
    Replies
    1. අප්පෝ බැ රාගම නර්ස් නෝනලට පිස්සු

      Delete
  33. [im#]http://4.bp.blogspot.com/-Ze3L8CPDSXs/VksXyuBYQzI/AAAAAAAADk4/RyDkwK2K-IE/s320/20151117_173037.jpg[/im]

    ReplyDelete
  34. අපුරුයි නේ මටත් හිතෙනවා දොස්තර කෙනෙක් වෙන්න..
    මේම කේස් එනව නම් මොනව හරි කියල ගෙදර යවන්න...

    ReplyDelete
    Replies
    1. වෙන කොහෙවත් යවන්න එපා හරියටම තැන බලල යවපං

      Delete
  35. සියළු සත්වයෝ පිස්සන්ය ද? එහෙමද මන්ද කියන්නෙ
    "තමන්ට පිස්සු" කියලා කියනා අයට පිස්සු නැහැළු
    "අනුන්ට පිස්සූ" කියන අයට පිස්සුළු.....
    ම්.ම්.ම්.ම්. කවුරු මොනවා කිව්වත් අපි පුන්චි කාළේ කල දේවල් කරන්න තාම ආස නේ?
    විනෝදාංශය මොකක් වුනත්.. ඒකෙන් එදිනෙදා ජීවිතේට තමන් වටේ ඉන්න අයට කරදරයක් නැතිනම්.. තමන්ට හානියකුත් ඇතිනම්.. වරදක් නැහැනෙ>

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වටේ ඉන්න අයට කරදරයක් නැතිනම්.. තමන්ට හානියකුත් නැත්තං කමක් නැ තමා ....ඒ උනාට හයියෝ සල්ලි

      Delete
  36. හැමෝටම මොකක් හරි පිස්සුවක් තියෙනව කියලා කතාවක් තියෙන්නෙ අටම් අයියෙ.

    මටත් බරාටම තියෙනවා කාටූන් පිස්සුව.. තව ඉතින් පිස්සු ගොඩාක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. කාටුන් එකක් නොවෙනවනං මොකද අනේ කොහොම උනත්

      Delete
  37. මේක එල බං.. ඒත් දැන් කොමෙන්ට් කරලා වැඩක් නෑ.. රහ ගිහිල්ල..

    සොඳුරු සුව අසපුව කියුවම මන් හිතුවේ මහේෂ් නිශාන්ත ගේ බ්ලොග් එකේ ගිය එකක් කියල.. උඹ කියවනවද? එක පට්ට.

    වෙලාවක යමු බයික් එහෙකත් කොහේ හරි.. ඔය ලෙඩේ හොඳ වෙන්න.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. මහේෂ් ගේ බ්ලොග් එක කියවනව බං මම පෝස්ට් එකක් නැරම

      Delete
  38. එල එල..ඩොකත් ඇණ ගත්තා එහෙනං

    ReplyDelete
    Replies
    1. නැ බං සල්ලි තමා ඇරං තියෙන්නේ

      Delete
  39. කියෝගෙන කියෝගෙන අන්තිමට යනකොට මටත් මොංගල් උනා......හහ් හහ්

    ReplyDelete
  40. බ්ලොග් ලෝකෙ ගැන මං එහෙං මෙහෙං විපරං කළේ අර ජී.බී. ට විශාදය ද කියල තිබුණු හත්ඉලව් බ්ලොග් සංවාදය රාවයේ පළ වුණු වෙලාවේ ඒක කියවලා ආපු මෙව්ව එකක් හින්ද... (කියවන්න පටංගත්තෙ එහෙම.. පස්සෙයි ලියන්න සෙට් වුණේ)

    විශාදෙ ඉතිං අපි හැමෝටම තියෙනවය කියන්නේ!!! මංද

    මට ෆිලුම් එකක් මතක් වෙනව... කල්පනගෙයි වින්දනගෙයි ප්‍රේමය නම්......

    ReplyDelete
    Replies
    1. කල්පනගෙයි වින්දනගෙයි ප්‍රේමය නම්...... එහෙම එකක් මතක නැනේ බං ...ඇයි ගරිල්ලා මාකටින් නං මතකයි

      Delete
    2. ඇයි බන් මනෝකාය??

      Delete
  41. වෙදාටයි, ලෙඩාටයි, ලිව්ව එකාටයි ඔක්කොටම පිස්සු. කියවන අපිට විතරයි පිස්සු නැත්තෙ. :)

    ReplyDelete
    Replies
    1. පිස්සු නැත්තං මෙව්වා කියවයිද ...හෙහ් හෙහහ්

      Delete
  42. මටත් ගමනක් යද්දී පාරේ දකින දකින කෙල්ලව ගෙදර අරන් යන්න හිතෙනවනෙ.. එකත් සාමාන්‍යද දන්නේ නෑ........

    ReplyDelete
  43. කමෙන්ට් ටික උඩ ඉඳන් පල්ළෙහාටම කියෙව්ව කියාන්කො....

    දැන් මටත් පිස්සු.....

    ReplyDelete
  44. අටං අයියා වැඩිය අව්වේ ඉන්ඩ එපා!! ඔලුව රත් වෙනකොට තමා ඔය එක එක අවුල් ඔලුවට එන්නේ! පුරුදු විදියට නෝනාගෙන් බැනුමක් දෙකක් අහලා ඉන්ඩ!!

    ReplyDelete
  45. යකෝ මාසයක් විතර ගියා තෝ ලියන්නේ නැද්ද කලවැද්දෝ?

    ReplyDelete
  46. ඒ බන් මගේ බ්ලොග් එකත් උබේ සින්ඩියට එක් කර ගනින්
    www.newsinhalife.blogspot.com

    ReplyDelete
  47. මගේ බ්ලොග් එකත් මේ සින්ඩියට එක්කර ගනින් බන්
    www.newsinhalife.blogspot.com

    ReplyDelete
  48. මගේ බ්ලොග් එකත් මේ සින්ඩියට එක්කර ගනින් බන්
    www.newsinhalife.blogspot.com

    ReplyDelete
  49. අටමෝ...පොස්ටුව කියවලා පිස්සු වගේ....කොමෙන්ට් කොරන්න පහලට ඇවිල්ලා දැන් කුරිඥ්ග්නන් වගේ......

    ReplyDelete
  50. හරිම අමුතුයි
    ලියන්න තවත්
    ආසයි කියවන්න

    ReplyDelete
  51. ඩොකාටත් මැන්ටල්, සිරිමලාටත් මැන්ටල් මට හිතෙන්නේ ලියපු එකාටත් එහෙමවද්ද කියලා :) :P

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>