2016-02-19

බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය



ඔන්න ඉතින් අපි වෙනද වගේම ඊයෙ උදෙත් ලොක්කිව ඉස්කෝලෙට දාල එහෙම ඇවිත් අපි දෙන්න කඩේට යන්ඩ පිටත් වෙන්ඩ ලෑස්ති උනා , පොඩි එකිට මොන්ටිසෝරියන්ඩ බැ කියුවනේ

‘‘එහේ ජරාකොල්ලො ඉන්නව ‘‘

කියල ඒක හින්දා ඒකි දැන් මේ දවස් ටිකේ ගෙදර  , අනික ඒ මොන්ටි සෝරියේ ගෑනු ළමයින්ටත් කලිසං අදිනිඩ වෙන හන්දාත් ඒකට යන්ඩ බැලු  , තව කාලෙත් තියන හන්දා ලබන අවුරුද්දෙම වෙන එකකට දාන්ඩ කියලයි අපි හිතාගන ඉන්නේ , දැන් මේ ගිය එකට අපි දැම්මේ වයස තුනක් වෙන්ඩත් කලින්නේ .

අපේ උන්දැ යනව දැක්කහම ඩෙගා නටන්ඩ ගන්න හන්දා මං එයැයිට කියුවා හොරෙන්ම මහ පාරට යන්ඩ කියල , මං ඉතින් බයිකෙත් ඉස්ටාට් කරන් ගියා පාරට  , අපේ එක්කෙනා පාරෙන් එහාපැත්තට වෙලා කෝල් එකකට උත්තර දෙනවා , පුටු පුටුව දෙපා මුලටම දාල නැවැත්තුව මං

‘‘ නගින්ඩ ‘‘

කියල බයික් එක ටික වෙලාවක් නවත්තගන ඉදල නැග්ගටපස්සේ අද්දල ගියා , පොඩ්ඩක් ඉස්සරහට එනකොට පාර අයිනේ අපිව පේන හරියෙම හිටිය අංකල් කෙනෙකුත් කවදාවත් නැතුව මාදිහා බැලුවත් කිසි අංගපුලාවක් නැති එකෙක් හන්දා ගණන් නොගත්ත මං වංගුවත් ගත්තා

‘‘අර එනව කියුව එක්කෙනා ආපුවහම වැඩිය හුරතල් කරන්ඩ එපා , කපල දෙන ඒවා දෙනකොට මහල දෙන්ඩ ඕන දවසට දවස් දෙක තුනක් කලින් දවසක් කියන්ඩ , ඉස්සෙල්ලා එකක් කඩේදිම මහල පෙන්නල හොද නං විතරක් ගෙනියන්ඩ දෙන්ඩ‘‘
.....කෝ ඉතින් මේ මනුස්සය හුමිටියක්වත් දෙන්නේ නැනේ .....මට මලපයින තව කාරනාවක් තමයි ඕක ......හා..හු...වත් කියන්නැනේ ...බයික් එකේ ඉදගත්තහම පොල්ගෝනිය බැන්දාවාගේ ඔහේ ඉන්නව

‘‘මතකනේ ඉස්සෙල්ලා කට්ටියටත් උනදේ අපි මනුස්සකමට සලකපුවහම උන් අන්තිමට අපිට කෙලල යන්නේ

, මහල ගේන ඒවා අඩුපාඩු එක්කනං ගන්ඩ එපා , ඊටපස්සේ මං ඕන එව්වයේ හක් අල්ලන්ඩයි , කරවටේ මහන්ඩයි , ඒ වෙලාවෙම ලෙහලා හදවන්ඩ‘‘

‘‘අර සිග් සැග් මැෂින් එක බාගයක් සල්ලි දීලා ගෙනියන්ඩ අහයි දෙන්ඩ එහෙම එපා‘‘

ඔන්න ඉතින් ප්‍රධාන පාරටත් ආවා , අපේ පාරත් දැන් නිකං මීගමු පාර නුවරපාර වගේ පාරහරහා අනිත් පැත්තට යන එක සෙල්ලං නැ , කඩවත හයිවේ එන්ට්‍රන්ස් එක හැදුවට පස්සේ කඩවත මහබාගේ පාර මාරවිදිහට කලබලකාරි උනා , අර ටොයියෝ කියනව වගේ මහින්දයට හෙන හත වදින්ඩ ඕන.

මං ඉතින් ටිකක් වෙලා නවත්තගන ඉදල කඩේ ඉස්සරහටම දාල නවත්තල

‘‘බහින්ඩ ‘‘

ම්හු බහිනපාටක් නැ , පස්සහැරිල බැලුවා ..හුකා කෝ යකෝ මේ ගෑණී.....මල &ත්තයි, පැට්ටේරිය පල්ලෙහා බංපරෙන් පන්නද්දි මේකිව වැටුනවද්ද..

හනිකට ආයේ හරවගත්ත මං මැරිල හරි පලච්චාවේ කියල වාහන අස්සෙං දාල කන්ද උඩට ඇරල දාල ගියා , දැං ටික ටික බංපරේ හරියට ඉස්සරහ තියන වංගු දෙකට ලංවෙනව , පලවෙනි වංගුවත් හැරිල දෙවනි වංගුව ලංවෙනව , දැං පපුවත් ඩිකි ඩික් ගානව , යකෝ අංඩක්වත් කැඩිලද දන්නැ .....අනේ වංගුව හැරෙනවත් එක්කම මේන්න එනවා හොටු හුර හූර මගේ චූටියා, වැටිච්ච පාර පස්ස බිම ඇනෙන්ඩ ඇති හයියෙං , පව් හෙනට රිදෙන්ඩ ඇති , ඒකනේ අඩන්නේ.

‘‘මොකද බබා උනේ පස්සේ ආවුද පෙට්ටියත් තියැද්දි ඔයා කොහොමද වැටුනේ ‘‘

‘‘ වැටෙන්ඩ මාව නග්ග ගත්තද මෝඩයෝ‘‘

‘‘ඉතින් මම අද්දල එනකොට බයික් එකත් බර වැටිල පැත්තට යනව වගේ දැනුනනේ ‘‘

‘‘ ඉහි ..ඉහි  .  බැග් එකත් පෙට්ටියේ පැටලිලා මාව වැටෙන්ඩත් ගියා ඒත් බලන්නැතුව ගියා ....හඅ..‘‘

‘‘ ඉතින් කටේ පිට්ටුද  කතා කරල කියන්ඩ ‘‘

‘‘ කියුවට කං ඇහෙන එකක්ද බීරා ...ඉහි ඉහි ...නැ නැ මං දන්නව දැං ඔව්වා කරන්නේ උවමනාවෙන්මයි , දැං මං ගැන ආදරයක් නැ , මං අර කොල් කරකර ඉදල , ෆෝන් එක ඕප් කරල බයික් එකට නගින්ඩ පරක්කු වෙච්ච හන්දා උවමනාවෙන්මයි ඕක කලේ ‘‘

‘‘ පිස්සුද මනුස්සයෝ විකාර නොකියා නගිනව බයික් එකට ‘‘

‘‘ නැ නැ ඕන්නැ ..මං යනව පයින් ‘‘

‘‘මේ මගේ මාරය අවුසන්නේ නැතුව නගිනවද බයික් එකට‘‘

කියපු මං බයික් එක ආපහු හරවගත්තා , ඔන්න දැන් සද්දෙ වහල යාලුව බයික් එකට නැග්ගා , එත් නෝ කතා නෝ සිනා , පස්සේ ඉතින් කඩේ ඇරල එහෙම මැෂින් එකේ ඉදගන තවදුරටත් කදුළු පිහදාදා හොටු හූර හූර ඉන්න මනුස්සයට ලංවෙලා , ඔලුව එහෙම අතගාල උරහිස්සත් මිරික මිරික

‘‘ ඇත්තමයි බබා හිතල කරේ නැ , ඔයාට බයික් එකට නගින්ඩ වෙනදට යන වෙලාවම මං ඉදලයි බයික් එක ඇද්දුවේ ‘‘

‘‘අනේ මේ යනවද අහකට එනව මෙතන බොරුවට අතගාන්ඩ ....ගොං බුරුව ....අපිව එපා නං ඔයා ඕන තැනක යන්ඩ ....මං කොල් එකක් ඉවර කරනකං ඉන්ඩ තමා බැරි  .....බලන්ඩ එපැ ගෑණුත් එක්ක තොදොල් වෙයි ෆෝන් එකෙන් මෙෂින් හදන හැටි ....මං මොකක්හරි කියුවහම කරල දෙන්ඩ තමා හරි අමාරු ...ඔය දවල්ට මිනිස්සු නැති ගෙවල් ගානේ ගිහින් මොනව කරනවාද කවුද දන්නේ ....ගැනුන්ට හේත්තු වෙවි , ඇගේ ඇතිල්ලි ඇතිල්ල..‘‘

‘‘ මොන මගුලක්ද කියවන්නේ , කොයි ගෑණිගෙද ඕයි මං අතුල්ලන්ඩ ගියේ‘‘

‘‘ එදා දැක්කනේ මගේ මෙෂින් එකේ පුට්ලිප්ටරේ එජස්කරපු හැටි, ඇගට උඩින් බරවෙලා , පපුවට හේත්තු වෙවි , කකුලෙන් අල්ලල පුට් එක තල්ලු කරකර‘‘

‘‘අයියෝ බබා මොනවද මේ කියවන්නේ මං ඔයාගේ ඇගට බරවෙන්නේ නැතුව කාගේ ඇගටද බරවෙන්නේ‘‘

කියල පිටෝන් රූම් එකට ඇදගන ගිහින් උම්මා දෙකතුනක් එහෙම දීලා තමයි ඔන්න අපේ උන්දැව ෂේප් කරගත්තේ.

ඔය පුට්ලිප්ටර් එජස් කිරිල්ලත් ආතල්ම සීන් එක , අපේ උන්දැට අළුත් සෝජියක් ගෙනත් ඒක හයිකරල ඉවරවෙලා මං කියුවා පැඩල් එකයි  ලිප්ටරයයි හරියට එයාගේ උසටම සෙට් කරල දෙන්ඩ පොඩ්ඩක් ඉදගන මහන්ඩ කියල , ඒ වෙලාවේ බෑය ඇදුම් වගයක් කපන්ඩ තියනවය කියල පස්සේ කරමු කියල කියුවේ උන්දැමයි, පස්සේ ඉතින් කොහොම කොහොම හරි ඕක හැමදාම මගඇරෙනවා , ඔන්න සමහරක් වෙලාවට.

‘‘කෝ කෝ නැගිටින්ඩ මතක් වෙච්ච වෙලාවේ පැඩල් එක එජස් කරල දෙන්ඩ‘‘

‘‘අනේ දැං බැ ලොකූ පස්සේ කරමු ..මේ බ්ලවුස් එක නමයට දෙන්ඩ ඕන ‘‘

ආයේ දවසක ඔන්න එයාම ආඩපාලි කියනව

‘‘අනේ මට මේක එජස්කරල දෙන්ඩකෝ පැඩල් එකත් පාත වැඩියි ,
 පුට් ලිප්ටරේ උසවැඩියි ..පාත් කරල කකුලට තව ටිකක් ලංකරගන්ඩත් ඕන‘‘

‘‘හදල දෙන්ඩ හැදුවහම එපා කියනවා ....දැං බැ ආයුද මල්ල ගෙදර දාල ආවේ හෙට කරමු ‘‘

‘‘හා එහෙනං ‘‘

‘‘ හා එහෙනං කියල හරියන්නැ මට මතක් කරන්ඩ , ඔයා හැම වෙලාවෙම ඕක මට කියන්නේ බැරි වෙලාවකම තමා‘‘

ඔහොම ඉතින් මාස දෙකක් විතර වැඩේ ඇදිල මටම මතක් වෙච්ච වෙලාවක ආයුද ටිකත් අතට ඇරගන ගියා ලගට

‘‘ කෝ නැගිටින්ඩ පුට්ලිප්ටරේ හරිගස්සල දෙන්ඩ ‘‘

‘‘අයියෝ බැ ලොකූ...පස්සේ පස්සේ ‘‘

‘‘ මොනපස්සක්ද නැගිටින්ඩ නැගිටින්ඩ ටක්ගාල එජස් කරල දෙන්ඩ ‘‘

‘‘අනේ මේ ඔයා දැං ඒක කරන්ඩ ගත්තොත් මට මහන්ඩ වෙන්නේ නැ , දැං ඒ මිනිස්සු ගෙනියන්ඩත් එයි ‘‘

‘‘හැමදාම මොකක්හරි  හින්දා බැරි වෙනවා ඔහොම ඉන්නව ඉදගනම මම ටක්ගාල එජස් කරන්නං‘‘

කියපු මම පිටට බරවෙලා සුවිච් එක ඕප්කරල එහෙමම ඉදන් දකුනු අත ටේබල් එක යටින් දාල ලිප්ටරය උස්සගන වං කකුල දාල පැඩල් කරල මෝටරය කැරකෙන එක නවත්තල , මෙෂින් එකයි හාමිනේ පපුවයි අතරින් බරවෙලා පුට් ලිප්ටරය එජස් කරල , එයාගේ දකුනු කකුලෙන් අල්ලල පුට් එකට තදකරල උස්සල ගානට සෙට් වෙලාද බලලා , තව ටිකක් ඔඩෙක්කෙටම බරවෙලා හොදට පාත්වෙලා පැඩල් එකත් එජස් කරල එහෙම නැගිටල ආවුද ටිකත් බෑග් එකට දාල , බයික් එකේ පෙට්ටියට දාල , පෙට්ටිය ලොක් කරල එහෙම කඩේ ඇතුලට එනකොට ..මෙන්න යකෝ මේකි වැලහින්න වගේ කෙදිරි ගගා අඩනවා

‘‘ ඇයි බබා මොකද උනේ ‘‘

‘‘ ..ඉහි ඉහි ....යන්ඩ අනේ ඔයා .....මහ ජරා වනචර මිනිහෙක් ඔයා ....එපා මට යන්ඩ යන්ඩ ඔයා .....ඉහි ඉහි..මං කවදාවත් මෙහෙම ජීවිතයක් බලාපොරොත්තු උන්නැ දෙයියනේ ...වල් වනචර කුපාඩි මිනිහෙක් නෙමෙයි මං කසාද බදින්ඩ හිටියේ  , මගේ කෙල්ලො දෙන්න නැත්තං මං දැම්මම ගිහින් කෝච්චියට පනිනව‘‘

‘‘මොන #ත්තක්ද මේ කියවන්නේ ..කියන මගුලක් කියනව ඕයි තේරෙන්ඩ මගේ ලේ ටික පුච්චවන්නේ නැතුව‘‘

පිටි අලු දෙකෙන් ඇස්දෙක පිහදාපු පිස්සු මංගල්ලෙ

‘‘..ඔයා අනිත් අයගේ මෙෂින් හදන්නෙත් එයාල පුටුවේ ඉදගන ඉන්නකොටමද‘‘

120 comments:

  1. සාධාරණ ප්‍රශ්නයක් .. කොහොමද අපේ නෝනලා අහන්න ගත්තොත් ඔයා වාට්ටුවේ නර්ස්ලා එක්ක ගණුදෙනු කරන්නෙත් මෙහෙමද කියලා..?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කොහොමද ඈ

      Delete
    2. ශාස්ත්‍රනුකුලව තමයි ඉතිං...

      Delete
  2. උගත් පාඩම් : තමන්ගේ රාජකාරියට අදාලා දේවල් ගෙදරදී කිරීමෙන් වලකින්න.

    ReplyDelete
    Replies
    1. යමුද පත්තරයලැ ගෙදර

      Delete
    2. සුදීක ගේ අවවාදය එහෙමෙ පිටින්ම අනුමැත කරමි. ඒ දවස් වල සුරූපී කාන්තාවන් කොම්පියුටරය ඇසක පුටුවේ හින්ද දෝෂ පවසද්දී බිම සිටවා තිබෙන ටවර් ප්‍රොසෙසරය ටෙස්ට් කිරීමේ අත්‍ දැකීමෙන් කියමි.

      Delete
    3. අජිත්ටත් වෙන දේවල්

      Delete
  3. தமிசான'''

    உாகதயதன !!!

    ReplyDelete
    Replies
    1. மொன ஹுத்தக்த யகோ மே

      Delete
    2. මම දාල තියෙන එක ගූගල් ට්‍රාන්ස්ලේට් දාල ඉංග්‍රීසියෙන් බලහං.

      Delete
    3. ප්‍රසන්න කියල තියෙන්නෙ නං මොන හුත්තක්ද යකෝ මේ කියල වෙන්ටැ
      හැක්
      අරක කියල තියෙන දේ නං කියවගන්න තේරෙන්නෙත් නෑ

      Delete
  4. දැං මේ වාක්කිය වල ටැක්නිකල් දේවල් ඇහෙන්නැති ගතියක් තියනව සමහර බබලත් උදවියට.. අර්තය විකුර්ති වෙන්නෙ ඕං ඔය නිසා....

    උදා:
    " කියපු මම පිටට බරවෙලා _ _ _ එක _ _ කරල එහෙමම ඉදන් දකුනු අත ටේබල් එක යටින් දාල _ _ _ _ _ උස්සගන වං කකුල දාල _ _ _ කරල _ _ _ _ කැරකෙන එක නවත්තල "

    ඉතින් දුක හිතිල අඬන එක සුවාබාවිකයි

    ReplyDelete
    Replies
    1. ඉතිං තිස්සයියෙ මේ මනුස්සය ඕක එතන ප්‍රායෝගිකව කළා මිසක් කියවන්න ගියෙ නෑනෙ. හැබැයි මේ පෝස්ට් එක කියෙව්වොත්නං අටමට කන්න වෙනව ශුවර්. හැක්..

      Delete
    2. ප්‍රසා දැං ඔන්න කියනකොටත් එහෙමයි.... තව....................

      Delete
    3. ගැනු ඔක්කොම එකයි අයිඩෙන්ටි කාඩ් එක විතරයි වෙනස්

      Delete
  5. නොදනිමි කාගේ දොසා ???

    සමරසේකර

    ReplyDelete
  6. //ඔයා අනිත් අයගේ මෙෂින් හදන්නෙත් එයාල පුටුවේ ඉදගන ඉන්නකොටමද// දැන් ඉතින් දීපල්ලකෝ උත්තර. හැක්...හැක්...එක මැසිමක් හදන ගමන් තව මැසින් fine tune කරන්න යනවට හොඳ වැඩේ උඹට.

    ReplyDelete
    Replies
    1. නරක් වෙලා තියෙයි එහෙනං

      Delete
  7. අනේ මැතිතුමනි ගාස්තු ඔක්කොම ගෙවන්නං මටත් ඔය සාස්තරේ උගන්නන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ගෙදර එක හදන්නද වටේ පිටේ ඒව හදන්නද?

      Delete
    2. ඇයි විචා ගමේම ඒවා එජස් කරන්නද හදන්නේ.

      Delete
    3. දැන් මොන මැසින්ද මාමේ අර මොහිදින් බෙග් මාස්ටර්ගේ සින්දුව කියාගන ඉම්මු

      Delete
    4. ඇයි යකෝ මම මේ උත්සාහ කරන්නේ දන්නා අඳුනන හැමදෙනාගේම ගෙවල්වලට ගිහින් ඔක්කොම එව්වා ඇජස් කොරලා දීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කියලා තේරෙන්නේ නැද්ද?

      Delete
  8. යස වැඩේ උඹට ගෙදර ගෑනි ඉස්සරහ වැඩ පෙන්නන්න යනවට. යකෝ ඔය වගේ වැඩ කරන්න ඕන ගෑණි පැත්ත පළාතෙ නැති වෙලාවක.

    ආයෙ ඉතිං බොරු කියන්නෙ මොකටද පිට ගෙවල්වල ගිහිල්ලත් උඹ ඔය එක එක ඒව ඇජස් කරන්නෙත් ඔය විදියටම තමයි නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ නැ බං මට ඔව්වට ලැජ්ජයි

      Delete
  9. සාධාරණයි අඬපු එක. අක්කා හොදට දන්නවා උඹේ ලිප්ටර් එජස් කිරිල්ල ගැන.
    චැක් එදා උඹලගේ ගෙදර ආව වෙලාවේ අක්කට ඕක කියලා ටිකක් අවුස්සලා එන්න බැරි වුනානේ.

    ReplyDelete
    Replies
    1. එහෙනං එදා තමයි උඹ වලගංපිටි යන්නෙ

      Delete
  10. කරුනාවෙන් සලකන්න.උම්මා දුන්නු වෙලේ සිදු වූ සිදුවීම් මෙතනට දැම්මේ නැත්තේ පොඩි එවුන් මේවා බලන නිසාය.
    -අටමා-

    ReplyDelete
    Replies
    1. චැහ්.. කොටු දාල හරි ඒ ටික දාන්න තිබ්බනෙ. එතකොට අපිට ඉමැජින් කරන්න පුලුවන්නෙ වෙන්නෙ මොකක්ද කියල.

      Delete
    2. වැලයක් බාගන බලපියව්කෝ වනචර හැත්ත

      Delete
  11. මම එතනින් යන හැම තිස්සෙම මේකගෙ කඩේ වහලා. නැත්නම් පේන්න නෑ. මූ ගෙවල් ගානෙ මෙව්වා කරන්න ගිහිල්ලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත ...මේකා හැමදාම කඩේ වහලා ...

      Delete
    2. දැං උඹල මොකටද හැමදාම එහේ රිංගන්නෙ. උඹලගෙත් මොනාහරි ඇජස් කරගන්න තියෙනවද?

      Delete
    3. අපි වහන්නේ දානේ දවසටයි පොයදවසටයි විතරයි,

      Delete
    4. හැක් හැක්.. අහවල් එකක් ඇජස් කොරගන්න නෙමෙ. යමින් ගමන් ඔලුව දාලා බලනවා මූ පේන්නවත් ඉන්නවද කියලා.

      Delete
    5. එක්කො මේකා ෆිටෝන් රූම් එකේද දන්නෙ නෑ

      Delete
    6. කෝ ආවානං කඩේට ගොඩවෙන්ඩ එපැය , අඩු තරමේ කෝල් එකක්වත් දුන්නද

      Delete
  12. පාරේ එන එවුන් හිතන්න ඇති මූ පිස්සෙක් කියලා..
    බයික් එකේ සයිට් කන්නාඩියක්වත් තිබුනේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. බුලුවේ නැ බං පිටිපස්ස , දැන් නං හිතෙනවා පාරේ යන එවුන් හිනා වෙවි ගියාද කියල

      Delete
  13. උඹ මැෂින් හදන හැටි ගැන ටියුෂන් හෙම දෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොකද අප්ප මේ විචා, හැලපෙ වගේ වයසක ඩයල්ම මේ ගැන සෑහෙන්න උනන්දු. හැක්..

      Delete
    2. තම තමන්ගේ මැෂින් වල බෙයාරිං, ශාෆ්ට් ගෙවෙන කාලෙනේ බන්...හැක්!

      Delete
    3. දෙනවා හැබැයි ගාන සැරයි

      Delete
    4. නාකි විසේ ගෙටත් උසේ කියනවනෙ. ඔන්න අපි වගේ පොඩි කොල්ලො ඇහුවනම් හිත හදාගෙන කියා දෙන්න තිබුන නේද බං. දැන් මේ නහින දෙහින කාලෙට මුන්ට මොන මැෂින් ද? ඔන්න ඔහේ මට කියා දියං. මේ ජොබ් මගුල බල්ලට දාල මැෂින් හදන්න යනව.

      Delete
  14. අවුරුදු 3 ටත් කලින් ළමයිව මොන්ටිසෝරි දානවද?
    අනේ මන්ද පව් ළමයි

    ReplyDelete
    Replies
    1. දෙකහමාරෙනුත් දානවා

      Delete
    2. අපේ දෙවෙනියා අවු 03න් ඉංගිරිස් පංතිත් යනවා.

      Delete
  15. parana singar machine walin nosahenna mahansi wenna oona andhumak maha ganna.
    paagalaama pana yanawa. :)

    ReplyDelete
  16. "සික්නල් එක වැටිලා නැතිව
    රතු එළියක් ඈත එනවා" ......... හැක්

    පන පලයන් ලබන සුමානේ
    ඔහේ පලයන් මේ මරගාතේ
    කපලා කපලා කකුල කැපිලා
    මෙව්වා දැකලා අපිට වැදිලා
    කොහේ යනවද මේ මරගාතේ ..
    කෝන් ගහේ ...///
    කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...//

    සික්නල් එක වැටිලා නැතිව
    රතු එළියක් ඈත එනවා ...
    කෝන් ගහේ ...///
    කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...//

    උකුලේ ඉඳලා නැලවී නැලවී
    කරන මුකුළු අතහැරපන්
    ම‍ගේ හොද්ද බොර කරන්න
    වෙන දවසක් ගල් ගහපන් ...
    කෝන් ගහේ ...///
    කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...//

    හැංගි හැංගි කොයි කවුරුත්
    පාක් එකේ සරණ පතා
    කට ඇත්නම් ගහක් ගානේ
    කියලා දේවි පුදුම කතා ...
    කෝන් ගහේ ...///
    කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...//

    ගායනය - ෆ්‍රෙඩි සිල්වා
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස
    ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ

    ReplyDelete
    Replies
    1. හම්මේ බං ඒකට සින්දුවක් තියනවද

      Delete
  17. හුට්ට පටස්...
    තොට මම කිව්වා ඕක කවද හරි අහුවෙනවාය කියලා...
    දැන් ඉතින් වෙන රස්සාවක් හොයා ගනින් ඔය වතුර මොටර් හදන ඒව වගේ..ඒතකොට අහන එකක් නෑ වාඩි වෙලාද කොලේ කියලා...
    නැත්තං පොල් ගස් වලට ලයිට් දාන වගේ ජොබකුත් ෂේප්...
    උඹ ඔය මොනා ලීවත් ඔහොම බනින්නේ නං නෑ කියලා, විශේෂයෙන්ම ඔය වගේ වචන කියලා බනින්නේ නං නෑ කියල මටනම් හිතෙන්නේ..
    මම දන්නවා මේකට උඹේ රිප්ල්යි එක..ඒ නිසා අටම් අයියේ නොදා ඉඳහන් හොඳේ...!!

    ReplyDelete
    Replies
    1. වතුර මෝටර් හයිකරන්න ගියත් මේකා ඒ ගෙදර නෝනට කියයි ෆුට් වෑල් එක හයිකරනකල් බටේ හයියෙන් අල්ලගන්න කියලා.

      Delete
    2. නැත්තෙ මොකැ ඔව්වා කියල තමා මට බනින්නේ . මිනිහො කියලත් කියනවා ..
      ..ආදරේටලුනේ

      Delete
  18. මදෑ ඔයින් ගියා... ඔහොම සේප් වෙන ගෑණු ළමයෙක් ලැබිල තියෙන්නේ බොගේ වාසනාවට.

    ReplyDelete
  19. නැත්තං කර කර හිටපු රස්සාවෙනුත් අයින් වෙලා තනියෙන් මැෂින් හදන්න පටන් ගනීයැ

    ReplyDelete
    Replies
    1. මා ඔබ මෙන් ඉස්තිරි ලෝලියෙකු නොවෙමි

      Delete
  20. අප්පට හුඩු වැඩේ මාට්ටු වෙලා...

    කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියන්නේ ඕක නේ...

    ReplyDelete
  21. දැං හරිනෙ
    ඕකනේ ඕකනේ කියන්නෙ වැඩි වැඩ නරකය කියල හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. හදල දෙන්නැ ආයේ ඕන එකෙකුට කියල හදාගත්තාවේ

      Delete
  22. අමාලි අක්කට කියන්න ඕනෙ මේ පෝස්ට් එක බලන්න කියල. එතකොටනම් අයියේ බොට හොම්බෙන් තමා යන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බැලුවා බං , උන්දැටත් බ්ලොග් එකක් අටවල දෙන්ඩලු මගේ රෙදි ගලවන්ඩ

      Delete
    2. මගෙ පාස්වර්ඩ් එකත් එක්කම බ්ලොග් එක දෙන්නං...

      Delete
  23. ‘//..ඔයා අනිත් අයගේ මෙෂින් හදන්නෙත් එයාල පුටුවේ ඉදගන ඉන්නකොටමද‘‘//
    සිරාවටම දුකයි සහෝ ...ගැහැණුන්ගේ මොළේ හැදී මිටේ ගානටලු තියෙන්නේ කියනවනේ. අපේ කිකිලිත් වෙලා වකට ඔහොම කථා කියනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹත් මැෂින් හදනව ද?

      Delete
    2. කිකිලිට හම්බු වෙලා තියෙන්නේ කුකුලෙක්නේ බන්....

      Delete
    3. අර කියුවත් වගේ මූ හැබැහින්ම කුකුලෙක් වෙන්ඩ ඇති

      Delete
  24. උඹලෑ ඔය බැඳලා.මේ බඳින්න ඉන්න අපි කෙල්ලත් එක්ක යනකොට පාරේ යන කෙල්ලෙක් දැකලා මනුස්සකමට අර කෙල්ල එක්ක හිනා වුනොත් බලන්න එපැයි දාන පාට්.ඒ ඔක්කොමත් හරි එව්වා අල්ලන් නහයෙන් අඬන්න ගත්තම තමයි වැඩේ.

    ReplyDelete
  25. Replies
    1. උඹව කන්ඩ ඕන අර ලොකු පුතාගේ කළු කොටියා

      Delete
    2. ඌ එනකල් හිටියොත් මු මැරෙන්නේ වයසට ගෙහුං...
      පිස්සු බල්ලෙකුට කොන්ත්‍රාත් එක දීපං ශ්‍රංග යව කන්න කියලා...

      Delete
    3. උඹව කවදහරි කොටියගේ බඩටම තමා

      Delete
  26. ඔයා අනිත් අයගේ මෙෂින් හදන්නෙත් එයාල පුටුවේ ඉදගන ඉන්නකොටමද‘////// ha h ha

    ReplyDelete
    Replies
    1. ඔන්න මහත්තයෝ අපිට අත්වෙලා තියන ෂෝචනිය ත්තවේ

      Delete
  27. //‘‘..ඔයා අනිත් අයගේ මෙෂින් හදන්නෙත් එයාල පුටුවේ ඉදගන ඉන්නකොටමද‘‘//
    දැන් ඉතින් මාට්ටු නේ..
    එක්කෝ අවුලක් නෑ ගැනුනේ......

    ReplyDelete
  28. //‘‘ඔයා අනිත් අයගේ මෙෂින් හදන්නෙත් එයාල පුටුවේ ඉදගන ඉන්නකොටමද‘‘/
    නැතුව ඉතිං මැසිමෙ අයිතිකාරිගෙ කකුලෙ දිගට .. ඇඟේ සයිස් එකට ඔය අරව මේවා එජස් කරන්ඩ පුටුවෙ ඉන්ඳවන්ඩම වෙනවනෙ ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ නැත්තං තුං හතරපාරක් කරන්ඩ වෙනවනේ

      Delete
  29. මචෝ බොට කියන්න තිබ්බේ වෙන මැෂින් ටියුන් කරන්නේ නිදි කරවල කියල.

    ReplyDelete
  30. අඩේ, මම දන්න ලෝයර් කෙනෙක් ඉන්නවා.ඩිවෝස් කේස්මයි කරනේ? සෙට් කරලා දෙන්නද?

    ReplyDelete
    Replies
    1. ඊට කලින් වෙන ගෑණියෙක් හොයල දියං

      Delete
  31. මේ වගේ වටිනා කියන සස්සාවක් ලැබිල තියෙන එකේ උඹ ඔක්කොටම කලියෙන් ලැජ්ජ නහර පොඩ්ඩක් අහක් කර ගනිං...
    ඊට පස්සේ මායියා උපකල්පනය කරපු පරිදිම පුටුවේ තියල ටියුන් කරන ඒවා ටියුන් කරපං...

    ReplyDelete
    Replies
    1. අපි එහෙම නෝටි වැඩ කරන්නේ නැ අපි චෝයියෝ

      Delete
  32. සාධාරණ සැකයක්..... :)

    ReplyDelete
  33. අටම්ගේ දෙවියා රාජපක්ශ මහත්තය මතක් වුණා මට. යුද්ධෙන් පස්සේ අපිවත් බයික් එකේ තියාගෙන යනව කියල ඡන්දෙ දිනල, ගියේ තනියම නැත්තන් පවුල එක්ක. ආයි ඇවිල්ල බබා පාර්ට් එක දානවා.

    ''පිස්සුද බබා විකාර නොකියා මාව අගමැති කොරන්න ‘‘

    ‘‘ නැ නැ ඕන්නැ ..ජනාධිපති කම අරගෙන කරපුව අපි දැක්කනෙ, මං යනව පයින් ‘‘

    ‘‘මේ මගේ මාරය අවුසන්නේ නැතුව ආපහු පාරක් මාව රජ කොරනවද නැත්ද?‘‘

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං ඕකනේ බැරි ඒ මනුස්සයව හැම එකටම අල්ලගන්නව

      Delete
  34. හෙහ් හෙහ් හෙහ් කියලා තමයි කියන්න තියෙන්නේ අර දෙවෙනි කතන්දරේට.

    අර මුල කතාවේ විදියටම මම අපේ නංගිව දාලා ගිහින් තියෙනවා. ඒක අදත් අපේ ගෙදර ක්ලැසික් එකක්.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට පිටි පස්සේ නැ කියල තේරෙන්නෙම නැනේ අප්පා

      Delete
  35. හෑ... මුගේ කඩේ නිකං පෝං සෝ එකක් වගේනෙ.. නිකං ඉන්න වෙලාවට යන්නෝනෙ හිල්මන් පාරක් දාන්න..අඩෝ කඩේ තියෙන තැන කියහං...

    හුකෑස්.... හිහ්...හිහ්... අර මුල කතාවෙ වගේ මටත් උනානෙ වැඩක්.. නෑනවත් දාගෙන ගේ ගාව කන්ඳ නැගල බලනකොට නෑන නෑ.. බැලිංනං නෑන කන්ද පාමුල පුක බිම ඇනං ඉන්නව.

    ReplyDelete
  36. උඹ ඕක එදා ලබ්බගෙ වෙඩිම දවසෙ කියලා තව ටිකෙන් බයිට් එකත් පිට උගුරෙ යනවා...
    කොහොම හරි අක්කට මාට්ටු උඹෙ වැඩ...

    ReplyDelete
    Replies
    1. උඹට එදා ටිකක් වැඩි උනා නේද

      Delete
    2. හා... මූ තමා එහෙනං අර තැන තැන පීසා දාල තිබුනු එකා..

      Delete
  37. ආයේත් කසාද බදින්ටනං එපා අයියා (තිතක්)

    අද තමා මුලින්ම මේ පැත්තේ ආවේ වෙල්කම් එකක් දීලා ගන්ට (තිත්දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete
  38. හොද වැඩේ , ඒවා මේවා කරන්න යනවට ඔයාලගේ ගෙදර ඉදන් යද්දී කන්ද නිසා පිටිපස්සේ කෙනෙක් නොහිටියත් ඉන්නවා වගේ දැනෙනවා ඇති.

    ReplyDelete
  39. හත් වලාමයි . වෙච්ච මොනා උනත් නෝනට හොඳ ඉවසීමක් තියෙනවා .

    ReplyDelete
    Replies
    1. නැත්තං කොහේ මා එක්ක ජීවත් වෙන්ඩද

      Delete
  40. මේකට ෆෝන් එකෙන් දාපු කමෙන්ට් එක යකා ගිලල.

    මම කිව්වෙ පොඩි කාලෙ අපේ බෝඩිමේ හිටපු අක්ක කෙනෙකුට මහන්න ගෙදර තිබ්බ මැෂිමට බොබින් එකක් දාල දුන්න සුන්දර සිදුවීම මතක් උනා කියලයි

    ReplyDelete
  41. ඔයිං ගියා ඇති.. බොලාගෙ කොහෙවත් මහලා බඩ යන්න බෙහෙතක් දුන්නනං හෙම..??
    ඒ මොක කරත් තරහ වෙන්නැති ගතිය නං චුන්දරයි අප්පා...
    ජයවේවා..!!

    ReplyDelete
  42. පරණ පෝස්ට් දීය කාලද? එව්ව නෑ.. කොහොමෙයි කියවන්නෙ?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>