‘‘ ආඩ්ස් නැයි නැයි කියුවට අනේ කවුද දන්නේ , ඒ ළමයා පන්තියේ තියාගන අනිත් ළමයින්ටත් කුනු ලෙඩ හදවන්ඩ ‘‘
අන්න එහෙම
මට ටක්ගාල මතක් උනේ අපේ අම්මා. ඒ මොකද එයත් ඔය වචනෙම පාවිච්චි කලා අවුරුදු දාසයකට දාහතකටත් කලින්
ඒ කාලේ ඔය මං තැඹිලි බීපු පලාතෙම අපි ඉන්න කාලේ , කොළඹින් සංක්‍රමණය වෙච්ච පවුලක ගෑණු ළමයෙක් එක්ක මගේ පොඩි ඇයි හොදැයියක් තිබුනා , අපේ අම්මා නං කියුවේ
‘‘උන් කැරපොතු ලංසී කියල ‘‘
කොහොමින් කෙහොමහරි ඉතින් අවම බලයටත් වැඩිබලතල දාල අපේ මව්යානේ ඒකටත් කෙලවලා දැම්මා මගේ පළවෙනි ලව් එකට වාගේම.
පලවෙනි එක තරම් මට දෙවනි එක දැනුනේ නැ , මොකද පලවෙනි එක නැවතුනහම දෙවනි එක ගෑණුන්ට කෙලවන්නං කියල පටන් ගත්ත හන්දා, තුන්වෙනි කෙල්ල වෙච්ච ඒ ළමය අපේ අම්මගේ බලපෑම් හන්දා අපේ ලව් එක නවත්තපු එක කොහොමටත් දැනුනේ නැ. හැබැයි ඒ ළමයට නං ඒක ටිකක් තදට දැනුනා කියල මට දැනුනේ , ඒ ගෙවල් ලග උන්න අපේ සපෝටර් ( කෙල්ලගේ අයියා මගේ යාළුවා අපේ සපෝටරුත් කෙල්ලගේ අයියගේ යාළුවා ) මට දෙන්න කියල කෙල්ල දුන්නයි කියල දුන්න 120 කැසට් කෑල්ල ඇහුවහම .
ඒ කාලේ වෙනකොටත් ඒ ළමයගේ අම්මා හිටියේ නැ , පස්සේ ටික කාලෙකින් අර ළමයගේ තාත්තත් මැරිල ගියා.
ඒ මහ මනුස්සය මැරිල ටික දවසකින් අපේ අම්මා මට බැනගන ගෙට ගොඩ උනේ
‘‘ ගුබ්බැයං වල රිංගල කුණු ලෙඩ හදාගන්ඩ නේද තෝ දැගලුවේ ..අන්න අරකිගේ මහ මිනිහා ආඩ්ස් හැදිල මැරිල ‘‘
මෙච්චර කලක් ගතවෙලා කොච්චර රට තොට වෙනස් වෙලා දියුනු වෙලා කියුවට අනේ කියල ගෙදර ඇවිත් බුකියට ලොග් උනහම මං දැක්කේ මේ වීඩියෝව
https://www.facebook.com/BBCSinhala/videos/602714949886257/
http://www.bbc.com/sinhala/sri_lanka/2016/03/160303_lanka_aids_school_scare
දෙයක් තේරුම් ගන්න මෙච්චරටම අමාරුද කියන එක ගැන නම් හිතාගන්නත් අමාරුයි,,
ReplyDeleteපව් අර පොඩි එකා.
තේරුම් ගන්න බැරි කමක්මත් නෙවෙයි බං ඔය ඕන නැති කම
Deleteකොච්චර උනත් අපි අප්ඩේට් වෙන්නෙ බොහොම හෙමිං.. එක සෙට් එකක් පුදුම වේගෙන් යනවා.තව සෙට් එකක් හෙල්ලෙන්නෙම නෑ.ඉතිං සමස්ථය බොහොම හෙමින් ඉදිරියට යන්නෙ.අනික හඬ කවපු ටෙලි වල යන කතන්දර වලිං වෙන්නෙත් ආපස්සට අදින එකමනෙ.. මිනිස්සු විතරක් නෙමෙයි වැරදි.මාධ්‍ය වල වගකිවයුත්තො..
ReplyDeleteජයවේවා..!!
හරියට හරි බං දැං ඔය අපේ උන් දෙන්නට ආච්චිල නැන්දල මාමල , ටීවි එකේ තියන වේසා කතා ටික ඔක්කොම පෙන්නනවා , මං ලොග් වෙලා ඉන්න කොට ළමයි මගේ පස්සේ ඉදන් මොනිටරේට ඔලුව දැම්මහම තමා නරක් වෙන්නේ
Deleteමේකට ලැබෙන ප්‍රචාරයත් දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ වෙන්න බැරි නැහැ. මේ ළමයට කොහෙවත් ඉස්කෝලයක් ගන්න බැරිවෙන්න ඉඩ තියෙනවා. රට පුරාම HIV සහ HIV AIDS ගැන මිට වඩා දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා..
ReplyDeleteඑව්වා වෙනවා කවිදු කොටින්ම අපේ ටල් අම්මා එක්ක උන්දැගේ කිලිනික් එකට ගියහම ඒකෙත් දැනුවත් වීම් කොරා , උන්දැ පැන පැන උත්තර දුන්නේ , මැදි වයසේ , තරැන හින් අතින් කට වහගන උත්තර දුන්නේ , මේ තරං හන්දියක් හන්දියක් ගානේ සුරුවං , බුදුපිලිම , පල්ලි පන්සල් , බෝදින් වහන්සෙල ඉන්න වෙන රටක් තියද , පත්තර හැටක් විතර , චැනල් තිහක් විතර , රේඩියොත් හැට හුට හමාරක් .. ඒ උනාට රටේ තරුණ පරපුර දන්නේ නැ ගල් කපලත් රෙඩා පොට් වෙන්ඩ පුලුවන් කියල
Deleteලෝකෙන් උතුම් රටෙනේ
ReplyDeleteනැතුව යකෝ
Deleteඉන්දු සයුරේ මුතු ඇටයයි මගේ සිරි ලංකා
මේ රට ගැන තියෙන කළකිරීම තවත් වැඩි වෙනව විතරයි...
ReplyDeleteයනවානං නේ මං ඇරං යන තැනකට යන්ඩ රත්තරං
Deleteයකෝ අර ළමයා වෙනුවෙන් පෙනී ඉන්න කට්ටිය කෝ........... මේවා තමා මානව හිමිකම් ප්‍රශ්ණ..... දැන් මානව හිමිකම් සෙට් එක ආණ්ඩුවට සෙට් වෙලා මාධ්‍ය බදාගෙන හින්දා මේවාට වෙලාව නැතුව ඇති නේද????
ReplyDeleteනැතුව කෙච්චර වැඩ තියද
Deleteඔය බෝහන්දිය කියන ගමේ හුඟක් දෙනෙකුට ඒඩ්ස් තියනවා. හැබැයි මේ සාමාන්‍ය ඒඩ්ස් නෙවෙයි, මොළේ ඒඩ්ස් තියෙන්නේ.
ReplyDeleteඅප්පට සිරි
Deleteඒඩ්ස්... මේ ගැන මෙහෙම කියවන්න බෑ. අපේ ඉතිං ගෑනුන්ගේ වැඩේ දන්නා එකයි නොදන්නා එකයි ඔක්කොම කියවලා ඔක්කොම දන්නවා වගේ නඩුවත් අහල දඬුවමුත් නියම කරන ඒකනේ.. ඒක ඉතිං මකලවත් හදන්න බෑ.
ReplyDeleteබෑ බෑ ....මකල හුරවන්ඩ ඕන
Deleteබෝහන්දියේ අම්මලාට හැම..නෑ නෑ හැම අම්මාටම මෙන්න මේකත් පෙන්නන්න ඕනේ.
ReplyDelete[im#]https://jangun.files.wordpress.com/2016/03/screenshot-182.png[/im]
කොහොමද ලොක්කයියේ මේක ඒ විදිහටම දැම්මේ
Deleteමේක ස්ක්‍රීන් ෂොට් එකක් හැටියට අරගෙන, අවශ්‍ය කොටස ක්‍රොප් කළා, ෆොටෝ එඩිටින් කරන සොෆ්ට්වෙයා එකකින්. ඊට පස්සේ, ඉමේජ් එකක් හැටියට කමෙන්ට් එකට දැම්මා.
Deleteමාත් පැන්ෂන් ගිය දවසක මෙහෙම කරනවා
Deleteමගේත් තියෙනවා ලයිස්තුවක්ම පැන්ෂන් ගිය දවසක කරන්න!
Delete// බෝහන්දියේ අම්මලාට හැම..නෑ නෑ හැම අම්මාටම මෙන්න මේකත් පෙන්නන්න ඕනේ. //
ReplyDeleteඅප දිනපතා අත්දකින සාමාන්ය තත්වයන්.....
පිච්චු කෙලින්නේ ඇයි සරසයෝ. උඹ මේ දෙකයි පනහේ දත් දොස්තරයෙක් නේද. උඹ කොහෙද බන් සර්ජරි කොරන්නේ.
Delete// පිච්චු කෙලින්නේ ඇයි සරසයෝ. උඹ මේ දෙකයි පනහේ දත් දොස්තරයෙක් නේද. උඹ කොහෙද බන් සර්ජරි කොරන්නේ. //
Delete:D
@Sa rasa
Deleteඇරියස් ඇර ගන්ඩ දෙන්ඩද , දොර වහන්ඩද ( තීරණය ඔබේ අතේ )
// අටම්පහුරMarch 6, 2016 at 12:15 AM
Delete@Sa rasa
ඇරියස් ඇර ගන්ඩ දෙන්ඩද , දොර වහන්ඩද ( තීරණය ඔබේ අතේ )
//
පික්සු නම් කතා කරන්න එපා අටම් තුමා... ඔය ගොන් පාට් එකෙ මකන්න එපා...
ස ර ස තුමා සැම දාම ඇනෝ බූරුවාගේ හෝ බූරු එකොලොස් දෙනාගේම උම්බෑ කීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමු!
ඒ එක්කම මගේ වෙල්ෆෙයාර් එක ගැන සිත් යොමු කල අටම් තුමාට මෙන්න සයිබර් මල් මිටක්!
ඔය පැත්තෙ තැඹිලි ගෙඩියක් දැන් කීයක් ඉතර වෙනවද බං.
ReplyDeleteඒ පැත්තෙ තැඹිලි බිව්වම ආඩ්ස් හැදෙනවලු අයියෙ.
Deleteපනහයි තිහයි අතරේ ( හැටටත් ගියා )
Deleteඔය ළමයව ඔය ඉස්කෝලෙට දාල ඒකට අකමැති උංට තමංගෙ ළමයව අස්කරගෙන පලයවු කියල කොන්දක් ඇතිව කියන්න එකෙක් නැතිකමනෙ ඔය.
ReplyDeleteඋඹ නං කියයි
Deleteඅපි බොහොම නිරෝගී පිරිසිඳු වස විසින් තොර ශුද්ධවූ ජාතියක්නේ. ඉතින් හෙම්බිරිස්සාවක්වත් පරම්පරාවෙ කිරිකිත්තටවත් හැදිල තියන එවුන් යන පාරකවත් යන්න හොඳ නෑ.
ReplyDeleteඅනිත් එක බැරි වෙලාවත් හැදුනොත්? ඔය සෞඛ්‍ය විශේෂඥයො මොනව කිව්වත් විස්වාස කරන්න පුලුවන්ද?
ඔන්න නාත දෙය්යො හීනෙන් කිව්වොත්, සුමනදාසහරි තොටවත්තහරි කේන්දරේ බලල කිව්වොත්, ෆෙන්ෂුයි හෝ වාලම්පූරිකාරයෙක්වත් කියනවනම් ලෙඩේ නෑ කියල විස්වාස කරන්න පුලුවන්
බෝහන්දියේ කට්ටිය වියගහේ බැඳලා කුඹුරක් හාලා දෙන්න පිදුරු කට්ට කීයක් ගනියිද දන්නේ නෑ.
Deleteකොච්චර කරත් මහින්ද මහත්තය්ගේ, ඝෝඨාලගෙ අගේ තෙරෙන්නේ මේ වගේ වෙලාවට... මහින්ද මහත්තයා කිව්වා නම් මේ ළමයා ඉන්න ඕන මේ ඉස්කෝලෙමයි කියලා... අරුන් ටික එඩ්ස් තියෙන උන් පුකේ ඇරියත් මක්කත් කියන්නේ නෑ...
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඉස්සර මතකද ක්ෂයරෝගයටත් මාර භයක් තිබුනා මිනිස්සුන්ගේ .ඒකනං ඉතින් බෝවෙනව කියල කියුවහැකිනේ
Deleteවිචාගේ බ්ලොගේ දාපු කමෙන්ට් එකක් මේ කේස් එක ගැන මෙතනත් කට් ඇන්ඩ් පේස්ට් කරන්නං.....
ReplyDelete...අර ඒඩ්ස් කේස් එක ගැන බෝහන්දියේ දෙමාපියන් කෑ ගසන ආකාරය දකිනකොට තේරෙනවනේ අපි සමජයක් හැටියට කොහේද ඉන්නේ කියලා..ඕක බෝහන්දියේ නෙවී, කොලඹ හන්දියේ උනත් ඔච්චරම තමයි අපි මෙහෙම කිව්වට..තමන් කරලා හරි තමන්ට වෙලා හරි බලන්න ඕනි හරියටම අපි කව්ද කියන එක තේරුම් ගන්න....
ලංකාවේ පලමුවෙනි ඒඩ්ස් රෝගියා මා සමග එකම ඔෆිස් එකේ වැඩ කරපු ඉන්ටීරියර් ඩිසයිග්නර් කෙනෙක්..වලව්වක නමක් තියෙන හරි හැඩ වැඩ කොලු ගැටයෙක්...ඒ නිසාම තමයි එයාට එංගලන්තේ ඉගෙනගනිද්දී මාරාන්තික ඒඩ්ස් රෝගය බෝවෙන්නත් ඇත්තේ...ඔහු (1989) මියගිය විගස උන දේවල් මට තාම මතකයි...අඩුම ගානේ පාංසුකූලෙ දෙන්න හාමුදුරුවො ආවෙත් නෑ..මිනිය වලලන්න දෙන්න එපා කියලා ගමේ මිනිස්සු විරෝධතා පලකලා...මාවත් ඇතුලු ඔෆීසියේ හැමෝම ඒඩ්ස් පරීක්ෂනයකට බලහත්කාරයෙන් අරන් ගියා...අපි තාමත් ඒඩ්ස් ගැන දන්නේ ඔය තරමට පමනයි...
Deleteමට මතක් වෙන්නේ මගේ යාලුවාගේ වලව්කාර තාත්තා ඊට අවුරුද්දකට පස්සේ ඇවිත් අඞමින් ඔහු වෙනුවෙන් ගමේ පන්සලට, අර පාන්සුකූලේ දෙන්න බැහැ කිව්ව පන්සලට ධර්ම ශාලාවක් ඩිසයිග්න් කරලා දෙන්න කිව්ව එක..අපි ඒක කරලා හදන්නත් සහබාගී උනා...ඒත් තාමත් ඒඩ්ස් කිව්වාම අපි ඒ ගානටම බයයි...ඔය වීඩියෝ එකේ පේන්නේ ඒක...
Mo------?
Deleteyes sa rasa...A.Mo..
Deleteඅම්මට සිරි ලංකාව කියන්නේ අමු ගොබ්බ ගෝත්‍රික ජනතාවක් ඉන්න රටක් කියලා ඔහේලා දැන්වත් පිලිගන්නවාද...
ReplyDeleteමේ ගොන්නුන්ට රැස්වීම් තියන්න ගිය උන් ඊට හරක්... ඔතන මොළයක් තියෙන එකම එකයි උන්නේ... අර අන්තීමට නැෂනල් එකක් ඇඳගෙන කතා කරන හාදයා ඉතරයි... ඌ මේ රට ගැන හොඳට දන්න එකෙක්... අනිත් ඔක්කෝම හරක්...
කොච්චර කරත් මහින්ද මහත්තය්ගේ, ඝෝඨාලගෙ අගේ තෙරෙන්නේ මේ වගේ වෙලාවට... මහින්ද මහත්තයා කිව්වා නම් මේ ළමයා ඉන්න ඕන මේ ඉස්කෝලෙමයි කියලා... අරුන් ටික එඩ්ස් තියෙන උන් පුකේ ඇරියත් මක්කත් කියන්නේ නෑ...
This comment has been removed by a blog administrator.
Delete//අම්මට සිරි ලංකාව කියන්නේ අමු ගොබ්බ ගෝත්‍රික ජනතාවක් ඉන්න රටක් කියලා ඔහේලා දැන්වත් පිලිගන්නවාද...// Maathalan - Priyantha Hewage ද ඇතුළුව
DeleteAIDS කිව්වම තාම මිනිස්සු බයයි. බයටද වෙන මොකක් හරි එකකටද කියල මං දන්නේ නෑ. මිනිස්සු විසින් මිනිස්සු පිළිකෙව් කරන්නේ.
ReplyDeleteබන්ධනාගාරය තුලත් එක් අවස්ථාවක සිදුවීමක් උනා ... ගණිකාවක් යයි චෝදනා ලබපු කාන්තාවකට ... එයාට AIDS positive උනා කට්ටියම එයාව කොන් කරා ... මං පුළුං තරමට කතා කරලා පරිසරය හදලා දුන්න ඉන්නකම් ඉන්න . ටික දවසකින් .... තත්වය සාමාන්‍ය උනා .... අනිත් ගැනුන්ටත් අමතක උනා මේ ප්‍රශනය . දඩුවම අවසන් වී නැවත ඇය ගියේ IDH රෝහලට එතන තමයි ඇගේ නවතන් පල උනේ ... මල් ඇලට වතුර දාන්න. දැන් ඉන්නවද දන්නේ නෑ... අටම්.... කීප වරක් මාව මුණ ගැහෙන්න ආවා.... ඉස්සරදි.
තාම ඇති කොහේ කියල යන්ඩද
Deleteමං හිතන්නෙ ඔය වගේ සිද්දි අනාගතේ මීට වඩා අපිට දැක බලාගන්ඩ ලබෙයි. කළ යුත්තෙ නැවත මතු දිනයෙක එවන් දෙයක් සිදු නොවීමට වග බලා ගැනීම...මෙය හැම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීමක් වනු ඇත.
ReplyDeleteඅප්පච්චියේ දැක්ක කල් . ලියහංකෝ මොනවහරි
Deleteකෝ බං අර කමෙන්ට් විදියට දාල තිබුණ පොස්ට් එක. :)
ReplyDeleteදැන් ඔය මහා ලොකුවට රෙදි උස්සන් ඉන්න එකෙකුට ඒඩ්ස් තිබ්බොත් එතැන, ඉන්න කට්ටිය මොකද කරන්නේ ? මේක ඒඩ්ස් ප්‍රශ්ණයක් නෙවේ කුහකත්වය. දැන් මෙතැනට කවුරු හරි ඇවිත් කිව්වනම් "බිරිඳගෙන් පිට, හරි සැමියාගෙන් පිට හරි කිසිම ලිංගික ක්‍රියාවක් නොකරපු කෙනා පළමුව ඉදිරිපත් වෙන්න කියලා, මොකද වෙන්නේ ?"
///"බිරිඳගෙන් පිට, හරි සැමියාගෙන් පිට හරි කිසිම ලිංගික ක්‍රියාවක් නොකරපු කෙනා පළමුව ඉදිරිපත් වෙන්න කියලා, මොකද වෙන්නේ ?"///
Deleteඒකටනම් ඔක්කොම වගේ ඉදිරිපත් වෙයි...
මොකෝ නැහැ කියල කියන්නයැ...
//කෝ බං අර කමෙන්ට් විදියට දාල තිබුණ පොස්ට් එක. :)//
Deleteඒක ඕන්නැ කියල හිතුන බං
හැබෑටම ලොක්කෝ උඹට පුලුවන්ද
Deleteමම දකැනි විදියටනම් ගමේ මිනිස්සු වැරදි නැහැ. අනික් ලමයින්ට වඩා තම තමුන්ගෙ ලමයි ගැන හිතන එක අම්මල තාත්තලා කොහොමත් කරන දෙයක්. ඒ ඇරෙන්න අනික් ලමය ගැන හෝ අම්ම /ගැන තරහක් ජාතිවාදයක් ඔතන නැහැනේ. ඕගොල්ලන්ගෙ අම්මලා තාත්තලා උනත් එහෙමයි. ඔය ලමයව කොහොමත් අනික් ලමයි දැන් පිලිගන්නෙත් නැති වෙයි ඉස්කෝලෙට දැම්මත්. ඕක තමා මම බයවෙන ලොකුම දේ ඒ ලමයා ගැන. අම්මගෙ අනන්‍යතාවය සගවලා වෙන පාසලකට යොමු කරන එකයි හොදම දේ. අර ගොං නිලදාරීන්ට ඕක තේරෙන්නේ නෑ . නැතුව මේ මිනිස්සුගේ මෝඩකම් කියන එක නෙමෙයි.මොනවා උනත් ඔය මෝඩ නෑ කියන අනිත් දක්සයින්ටත් අදටත් මේකට බෙහෙතක් හොයා ගන්නත් බැරිවෙලා තියෙනවානේ. හැදුනොත් දුක්විදලා මැරෙනවා කියන එකත් ෂුවර්නේ. කවුරු කොහොම කිව්වත් ඔය තත්වෙදි බයවෙනවා. ඒ තියා දොස්තරලත් බයයි :D
ReplyDeleteයම් ආකාරයකින් අම්මාගෙන් ලමයට හැදුනොත් ලේ හරහා අනිත් ලමයින්ට බෝවීමක් සිදුවීමේ යම් සුලු හෝ ප්‍රතිශතයක් තියෙන්න පුලුවන් කියලා අනිත් අම්මලා මෙතන හිතන එකේ වරදක් මම දකින්නේ නැහැ. අඩුම තරමේ සෙල්ලම් කරන කොට හරි. අහඹු ලෙස ඒඩ්ස් රෝගය ආසාදනය වුන තැන් දුලබ නැහැ. නමුත් මෙතෙන්දී ළමයා වෙනුවෙන් විස්තර වෙනස් කරලා ඉස්කොලෙකට ැම්මානම් ඉවරයි.
පළමුවෙන්ම මේ දරුවට ඒඩ්ස් නොමැති බව ඔබ නොදනී .දෙවනුව ඒඩ්ස් වැළඳුනු කෙනෙක් ඉස්සර වගේ විඳවල නොමැරෙන බවත් පපුවෙ අමාරුව දියවැඩියාව ලෙඩෙක් වගේ බෙහෙත් හේත් අරගෙන අවුරුදු හතළිහක් විතර සාමාන්‍ය විදිහට ජීවත් විය හැකි බවත් ඔබ නොදනී.තුන්වනුව ඒඩ්ස් කෙනෙකුගෙන් කෙනෙකුට වැළඳෙන විදිහත් ඔබ නොදනී .කරුණාකර ලඟම තියෙන සවුක්ය අද්යාපන ආයතනයට ගොස් දැනුවත් වන්න.ගොසිප් සයිට් වල තියෙන කෙසෙල් කෑවම ඒඩ්ස් හැදෙන වර්ගයේ කතා වලට නොරැවටෙන්න.ලිඳෙන් ගොඩ එන්න.ලෝකය දකින්න!
Delete//අඩුම තරමේ සෙල්ලම් කරන කොට හරි//
Deleteඑකට සෙල්ලං කරහම කොහොමද හැදෙන්නේ
ඇයි බොල එකට සෙල්ලම කරන්න ගියාම නේද හැදෙන්නේ?
Deleteඑහෙම වෙන්නේ අර දං කැලැවල කරන සෙල්ලම කරහම
Deleteඕක ඔය ගමේදී විතරක් නෙමෙයි වෙන ගමකදී, නගරයේ පවා සිද්ධ වෙන්න පුළුවන්...
ReplyDeleteඒකට හේතුව මේ වගේ විරෝධතා දක්වන්න ඉදිරිපත් වෙලා කෑ ගහගෙන උඩ පැනගෙන එන උන් නිසා යමක් කමක් දන්නා උනුත් කට පුක වහගෙන ඉන්න නිසා...
ඒක මේ ලංකාවෙම හැටි...
ඒකත් ඇත්ත තමා අනිත් උන් අලංගහයි පංඩිතකං කියන්ඩ එනව කියල
Deleteමෙහෙම ගියොත් කවදා හරි දවසක අර අහිංසක දරුවා මුලු සමාජයටම වෛර කරාවි.
ReplyDeleteදැනටමත් එහෙම ඇති ඔය වයසට තරහ යනවා
Deleteපිස්සු යක්කු ටිකක්...
ReplyDeleteයස්සු පික්කු
Deleteස්තුතියි ලිපියට....
ReplyDeleteස්තුතියි
Deleteසෞක්‍ය දර්ශක වලින් ලෝකයේ ඉහල තැනක ඉන්නවා කියල කියන රටේ මිනිස්සුන්ගේ සෞක්‍ය අද්යාපනයේ දිග පළල තමා මෙව්වයින් පෙනෙන්නේ..
ReplyDeleteඔය කියන සිගරට් තිබහ නිසා තමයි ලංකාවේ කඩවල් වල විකිනෙනන ප්ලේන්ටී, පැණි බීම, තැඹිලි වලින් සියයට හැත්තෑ පහක් විතර විකිනෙන්නේ.. ලංකාවේ සිගරට් බීම තහනම් කරොත් තේ කොළ ව්‍යාපාරය, පැණිබීම ව්‍යාපාරය වගේ දේවල් වලට සැලකිය යුතු පාඩුවක් සිද්ද වෙනවාම තමයි..
ඇත්තටම එක සිකරට් එකකින් ආණ්ඩුවට කීයක් විතර ලාබද දන්නැ නේද බං
Deleteනූගත් කමට උගත් කම තිරිසන් කමට මනුස්සකම අරෝපණය කරල මේ සමාජය සුවපත් කරන්න තව හුඟක් කල් යයි.
ReplyDeleteඉස්කෝල මහත්තයව දැක්ක කල්
Deleteබුකියේ ගිය විරෝධයෙන් පස්සේ විදුහල් දෙකක් ඉදිරිපත් වෙලා දැන් ප්‍රවෘත්තිය ලෝකෙටත්ය් ගියා. මෙහෙම ලිපියක් ලියපු අටමාට මගේ ආචාරය.
ReplyDeleteඒකත් වෙයිද කියල ෂුවර් නැනේද , ඔය කියන ඉස්කෝලවලට ගියත් ඔය ළමයට දසවද විදින්න වෙනවා , පොඩි ඉස්කෝලවලට හපං ලොකු ඉස්කෝලවල ළමයි , කරන්න ඕන සද්ද බද්ද නැතුව කොහේහරි ඉස්කෝලෙකට ඔය ළමයව හොඓන්ම දාන එක
Deleteලංකාවනෙ බං ඉතින්.. අපේ රට හැමදාම එකම තැන තියෙන්නෙ ඔය වගේ හණමිටි අදහස් ඔලුවේ තියන් ඉන්න බහුතරයක් මිනිස්සු ඉන්න නිසා නෙව..
ReplyDeleteඊයේ පෙරෙයිද එකෙක් කියනවා පොලග ලොකුවෙලා පිබුර වෙනවලු , කොච්චර තේරුම් කරත් ඌ නෙමෙයි පිලිගන්නේ
Deleteඇත්ත යකෝ. පිමුරා වුනාට පස්සේ උගෙන් ඇති වැඩක් නෑ. පොළඟා කාලේ කරපුව මොකුත් බෑ. අද්දැකීමෙන් කියන්නේ.
Deleteඔලුව කෙලින් කරන්ඩ බැ වෙලාගන්නව විතරයි නේද මවෝ
Deleteමාපිලා ලේ බොනවලු, ඇහැටුල්ලා ඇස් උගුල්ලනවලු කියන මිනිස්සුත් ඉන්නවා..
Deleteඅපි ඉන්නේ එහම උතුම් රටක
ReplyDeleteකෝ බං අපේ කුලියාපිටියේ බුවා
Deleteඅටමා මේක නෙලුම් යායට දැම්ම. ප්‍රශ්නයක් නැහැනේ.
ReplyDeleteඅනේ කමක් නැ හොදයි
Deleteගිහින් බැලුවා මට ඒක හෙන අවුල්නේ බං
ReplyDeleteකියලා වැඩක් නෑ. මමත් ගිහින් ආපහු ආවා.
ReplyDeleteඇමති අකිල කරපු සමහර වැඩ සහ අහුගේ සංකල්ප මම අගය කරන්න කැමතියි. ඒ වුනාට මේ "මවගෙන් දරුවා ඈත කරන්න ඕනේ" කියන කතාව නම් සාධාරණීකරණය කරන්න කිසිම හේතුවක් මම දකින්නේ නැහැ. ඔය වගේ කතාවක් හිටපු ජනාධිපති මහින්දගේ අනුගාමිකයෙකු කිව්වා නම් ඇත්තටම පුදුම වෙන්න හේතුවක් නැහැ. එත් මානව හිමිකම් ගැන සාධාරණය ගැන කතා කරන බොහොම දුරදර්ශී ලෝකේ ගැන දැනුවත් නායකයෙක් වන අගමැති රනිල් ගේ නායකත්වයෙන්යුත් එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ වගේ ගෝත්‍රික අදහසක් සාධාරණීකරණ කරන්න තමයි නිර්ලජ්ජිත වෙනවා කියන විශ්වාස කරන්නත් අමාරුයි. මම දන්නා තරමෙන් නම් ඔය වයසේ දරුවෙක් මවට ඒඩ්ස් තිබුනත් වෙන කිසිම රටක නම් වෙන් කරන්නේ නැහැ.
ReplyDeleteඒඩ්ස් තිබුනත් ළමයෙක් පරිවාස භාරයට ගන්න පුළුවන් නීති තියෙනවද කියල නීතිඥ මහත්තයෙක් වුන මෙතුමා දන්නවා ඇති.
"මවගෙන් දරුවා ඈත කරන්න ඕනේ" එක කොහේ තියෙන සාධාරණයක් ද ? එඩ්ස් තිබුනත් එක ලෙඩක් මිසක් වරදක් නෙවෙයි. ඔය කියවෙන කතාවේ හැටියට නම්, විශේෂයෙන්ම ළමයාගේ වරදක් නෙවෙයි අම්මගේ වරදකුත් නෙවෙයි.
ලෝකේ මොන ශිෂ්ට රටේද ඒඩ්ස් රෝගියෝ වෙන් කරලා පරිවාස භාරයේ තියන්නේ ? එහෙම කියන්න ඇමති අකිලට තිබෙන අයිතිය මොකක්ද ? නවීන ලෝකේ එක්ක හරි හරියට ගැටෙන අගමැති රනිල් ගේ අනුගාමිකයෝත් ලේ-ගැන කියන ජාතිවාදය අවුළුවන පොල් ගහන ගෝත්‍රික අදහස් වල එල්බ ගන්න එක නම් ඒ තරම් හොද වැඩක් නෙවෙයි.
හිටපු ජනාධිපති මහින්දට අවුරුදු 2ක් කලින් යන්න වුනේ කරන ඕනේ වැඩක් හොද නරක නොසොයා සාධාරණීකරණය කරපු අනුගාමිකයෝ නිසා. අගමැති රනිල් ගේ අනුගාමිකයෝත් ඒ ව්දියටම හැසිරෙන්නේ හෙට අනිද්දා ම අගමැති තුමාවත් ගෙදර යවන්න හිතාගෙනද මන්ද ?
ඔය පක්ෂයේ නායකයා වෙන අගමැති රනිල් උගත් ලොව ගැන හොදින් දන්නා අයෙකු ලෙසින් බොහෝදෙනා පිළිගන්නවා. ඔය අකිලගේ " "මවගෙන් දරුවා ඈත කරන්න ඕනේ" කියන කතව සාධාරනීකරණය කරන වැඩෙන් නම් වෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයත් "බයියා" යන තත්වයට ඇදල දාන එක.
ඒ වෙලාවේ මොනවහරි කියන්ඩ ඕනවට කටට ආපු එක කියුවද කොහෙද
Deleteපිලිවල වැඩි කරන්ඩ හදලම අපිලිවෙල වෙලා වගේ
ReplyDeleteබෝහන්දිය කියන්නේ බෝ ගහ හන්දිය කෙටි කරලා හදා ගත්තු නමක් ද?
ReplyDeleteඑහෙම වෙන්න ඇති මයේ හිතේ
Deleteඔය විරෝධයම තමයි ආපහු බයටත් හේතු වෙන්නේ. හදිසියෙවත් 'මකුණෙක් කාල හරි' හැදුනොත් ඒඩ්ස් වගේද ඉතුරු ප්‍රශ්න ටික?
ReplyDelete//පහතින් ඇත්තේ, 15-49 වයස් කාණ්ඩයේ විවාහක හෝ පෙර විවාහකව සිට ඇති කාන්තාවන් 14,692ක නියැදියක් යොදාගෙන සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයක ප්‍රතිඵල අනුව සක්‍රිය ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකි එම වයස් කාණ්ඩයේ කාන්තාවන්ගේ එච්අයිවී සම්බන්ධ දැනුම හා ආකල්ප පිලිබඳ සාරාංශයකි.
-එච්අයිවී ගැන අසාවත් නැති 8.2%ක් සිටී.
-බැලූ බැල්මටම නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු ලෙස පෙනෙන අයෙකු එච්අයිවී ආසාදිතයෙකු විය හැකිය. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 61.0%ක් පමණි.
-මදුරුවන් දෂ්ඨ කිරීමෙන් එච්අයිවී වෛරසය ශරීරගත නොවේ. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 47.1%ක් පමණි.
-කිසියම් අද්භූත බලවේගයක් එච්අයිවී ආසාදනයට හේතුවක් විය හැකි බව 21.3%ක් සිතති.
-එච්අයිවී ආසාදිතයෙකු සමඟ කෑම බෙදාහදාගැනීම නිසා වෛරසය ශරීරගත නොවේ. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 59.9%ක් පමණි.
-මවුකිරි මඟින් මවකගෙන් දරුවෙකුට එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 62.1%ක් පමණි. ඖෂධ භාවිතයෙන් මේ අවදානම පාලනය කළ හැකි බව දන්නේ 13.9%ක් පමණි.
-එච්අයිවී ආසාදිත පවුලේ සාමාජිකයෙකුට සාත්තු සප්පායම් කිරීමට සූදානමින් සිටින්නේ කාන්තාවන්ගෙන් 45.9%ක් පමණි.
-එච්අයිවී ආසාදිත වෙළෙන්දෙකුගෙන් එළවළු මිල දී ගැනීමට කාන්තාවන්ගෙන් 70.6%ක් සූදානම් නැත.
-එච්අයිවී ආසාදිත, එහෙත් නිරෝගී ගුරුවරියකට තවදුරටත් ඉගැන්වීමට ඉඩදියයුතුයැයි සිතන්නේ කාන්තාවන්ගෙන් 37.2%ක් පමණි.//
http://economatta.blogspot.com/2016/02/blog-post_20.html
(මේක අදාළ නිසයි කොපි කළේ)
බොහෝම ස්තුතියි
Deleteඅධ්‍යාපන කියන්නේ අයිතිවසිකමක්.එක ලබන්න මේ දරුවාට තියෙන අයිතිය තහවුරු කරන්න ඕනේ.එව්වත් මානව හිමිකම් තමයි.
ReplyDeleteමේක මහ අමුතුම රටක්....කතාව පෝස්ටුව කියෙව්ව....එදත් අදත් අතර ලොකුම වෙනසක් නැහැ නේද මිනිස්සුන්ගේ ආකල්ප වල
ReplyDeleteමේ ව දැකල අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ..
ReplyDeleteදැන් මේ පරණ ලව් කෙස් අටමි දැන ගත්තම විසුමක් වෙන්නෑ ...හික් හික්.හික්
ReplyDeleteහැබෑටම ඔය ඒඩ්ස් කියන්නේ මොකද්ද??
අපි ගාවත් තියනවා පස් ඒ ඩ් ස් බොක්ස් එකක්...
සමාජ රෝග ගැන ලංකාවේ තවමත් තියෙන්නේ ඉතා අඩු දැනුමක්
ReplyDelete