2016-06-08

‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘ Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට rashain mobile kiribathgoda





ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු ගණන් දීලා ෆෝන් ගන්ඩ අපි කෝටි පතියෝ යැ , අපිට ඉතින් ගන්ඩ වෙන්නේ ඔය විසිදාහට අඩුවෙන් තියන එව්වා තමයි , එහෙම සැම්සුන්ග් එකක් ගන්ඩ ගියහම ඉතින් හොද මට්ටමේ වේගවත් එකක් ඒ වාගේ අඩු මුදලකට ගන්න අමාරුයි ,

ඒ ගන්න ඒවායේ ඉතින් වේගය බොහොම අඩුයි , ගොඩක් වෙලාවට රැම් එක එහෙම 512 තමා , සමහරක් වෙලාවට වයිබර් ඉදං අවුල් යනවා , බ්ලොග් කාරයෙක් විදිහට බ්ලොග් එකක් ඕපන් කරගන කියවන්ඩ කොමෙන්ට් එකක් කොටාගන්ඩවත් බැ.

හොද ස්ප්‍රීඩ් ගණන් අඩු චයිනීස් එව්වා තිබුනට මොකද , ඒවායේ සිංහල පේන්නේ නැ , ඉතින් බ්ලොග්කාරයෙකුට ඒකෙන් වැඩක් නැ.




ඔය අස්සේ තමයි මට මේක මාට්ටු උනේ , ටෙම්පඩ් ග්ලාස් එකක් , රබර් කවරයක් එක්ක 17000 කට , අවුරුදු දෙකක වොරන්ටියකුත් දෙනවයි කියුවා ,

මේක මම ගත්තේ කිරිබත්ගොඩ rashain mobile එකෙන් කිරිබත්ගොඩ හන්දියෙම විජය විමලරත්න මහත්තයගේ පිලිරුව පිටිපස්සේ තියෙන්නේ . කඩේ වැඩකරන කොල්ලො ටිකත් හොදයි , ලොක්කත් හොදයි.



( ඔය  පේන්නේ තඩි සැම්සුන්ග් බෝඩ් එකක් )

Oppo Neo 5 - 1201 - 16gb rom + 1gb ram  ෆොන් එකේ පෙර නිමිත්තෙන්ම සිංහල තියනවා


අපිට ඕන නං කීබෝඩ් එකේන් කෙලින්ම සිංහල කොටන්ඩත් පුලුවන් , දැං ඉතින් හෙලකුරු වලට පුරුදුවෙලා හන්දා මං ඒක දාගත්තා , අකුරු හොදට පේනවා ඉස්පිලි පාපාලි කොම්බු වරදින්නේ නැතුව.







මේ තියෙන් ඇන්ඩෝයිඩ් වර්ශන් එක  ගැන  සහ ධාරිතාවය ගැන තොරතුරු



මේ තියෙන්නේ පිටි පස්සේ  8MP කැරමාවෙන් ගත්ත ෆොටෝ ටිකක්  ඉස්සරහට  2MP එකක් තියනවා








මෙන්න මේ විඩියෝ දෙකෙන් බලන්නකෝ තව තොරතුරු

http://www.ebay.in/itm/OPPO-NEO-5-1201-Dual-Sim-3G-Camera-8MP-2MP-RAM-1GB-ROM-16GB-BLACK-/322027182074

මෙන්න මෙතනින් තව ටිකක් බලාගත්තහැකි තොරතුරු

මේ තියෙන්නේ එයාලගේ වෙබ් අඩවිය

මෙතන තියනවා එයාලගේ ෆෝන් මොඩ්ල් ඔක්කොම වාගේ

http://www.oppo.com/lk/index.html

මේ තියෙන්නේ මේකත් බලන්න

මම ගත්තේ Oppo Neo 5 - 1201 කියන මොඩල් එක උනාට , තවත්  Oppo Neo 5 මොඩ්ල් තියන පාටයි , ජංජාලේ සැරිසරල බලනකොට , තව එයාලගේ තියනවා මොඩල් කිහිපයක් , විසි තිස් දාස් ගණන් වලට තියන ඒවා දැක්කහම නං ඇඩෙනවා ඉතින් පට්ටයි. මං ලොකු උනහම ඒ වාගේ එකක් ගන්ඩයි ඉන්නේ.

මම එකපාර , ස්කයිප් , වයිබර් , ඉමෝ , වත්ස්අප් එහෙම දාල තව ගේම් ටිකක් එහෙම දාල ටිකක් දුහලත් බැලුවා , අවුලක් නැ පැට්ටා හොදට බර ඇදගනත් දුහනවා , බැට්රියත් හොදයි ඩේටා ඔන් කරගන තියන අනං මනං හිටං ඔන් කරගන බැට්රිය ෆුල් චාර්ජ් කරගන එලියට බැහැල කෝල් එහෙමත් අරං රෑ දහය පහලවට ගෙදර එනකොටත් පණ තියනවා,

මේක බ්ලොග්කාරයොන්ටම හදාපු එකක් කියල මටනං හිතෙන්නේ

මං කොම්පියුටරෙන් ඉන්ටර් නෙට් යන්නේ ෆෝන් එකේ usb tethering හරහ නේ ඒකටත් මේක පංකාදු පහයි



 මම තවත් oppo එකක් ගත්තා ඒක Oppo Neo 7 -  A33f   කලින් එකත් තාම වැඩ , ඒකටත් වඩා මේක හොදයි 

90 comments:

  1. මම ගත්තා s6 එකක්

    ReplyDelete
    Replies
    1. ඔව්වා ගන්ඩ ඉලක්කං හයක පඩියක් එපැය

      Delete
  2. කඳවුර පිපිරුවේ පෙරහුරුවක් කරන්න.. මොකක්ද ඒ හරුපේ තේරුම?

    ReplyDelete
    Replies
    1. කොහෙද එහෙම තිබුනෙ ? පෙරහුරු මොනාටද ආයුධ ගබඩාවක් පුපුරවන්න.

      Delete
    2. ඔව්වා ඉතින් උඹලම තමයි අපිට පහදලා දෙන්ඩ ඕන

      Delete
  3. මට ඔය ඇන්ඩෝ එච්චර අල්ලන්නේ නෑ බං අයියේ.. හැබැයි පෙනුමෙන් නම් හොඳ පාටයි. Xiaomi ගැනත් පොඩ්ඩක් බලන්න

    ReplyDelete
    Replies
    1. Oppo ට ඉස්සරහින් xiomi ඉන්නව..
      ඔපෝ ඉස්සරෝම ආවෙ සයිනොජෙන් දැං ඇන්ඩම දාල දිව්වට

      Delete
    2. Xiaomi ලංකාවේ විකුනනවද , සිංහල පේනවද දන්නේ නැනේ

      Delete
    3. එහෙනං නොදැන හරි ඇරං තියෙන් හොද ෆෝන් එකක්

      Delete
    4. Xiaomi ලංකාවේ විකුනනවද , සිංහල පේනවද දන්නේ නැනේ///
      දෙකටම ඔව්...
      හිහි

      Delete
    5. ගොඩක් ගනන්ද බං

      Delete
  4. ASUS තරම් ඕක හොද නෑ ( ඇයි යකෝ , ඕකක් ගන්න ආයෙ කෝ සල්ලි ).
    ජංජාලෙ මම දැක්ක විදිහට ඇපල් වලට තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ ෆෝන් එකක් තමයි OPPO කියන්නෙ .

    ReplyDelete
    Replies
    1. එහෙනං ඕන තැනක ආඩම්බරෙන් එලියට ඇද්දහැකි

      Delete
    2. ASUS වල සිංහල පේනවාද

      Delete
    3. ASUS එකේ සිංහල් පේනව.

      Delete
    4. අඩේ මං හිතාන හිටියේ නැ කියල .....එහෙනං ඕක ලක්ෂ බාගයක්වත් පැනල ඇති ....අළුත්ම ඇන්ඩෝරිඩ් වර්ශන් එකක් නේද රන්වෙන්නේ

      Delete
  5. ඕපෝ අලුත් මොඩල් එකේ ඉස්සරහ කැමරාව පස්සේ එකට වඩා හොඳයි. සෙල්ෆිකාරයින්ට කියාපු බඩුව.
    මෙහේ $600 = Rs 60,000 විතර වෙනවා

    ReplyDelete
    Replies
    1. ....අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස අනුව මාමා කියපු ෆෝන් විතරයි අපි ගන්නේ එයා ඔයාලට වඩා ගොඩක් දන්නවා හොඳේ ...

      Delete
    2. ඉතින් රසික එත් ලාබයිනේ , සැම් සුන්ග් ගතහැකැ ඔය ගානට , 3gb ram තියන ඕපෝ එකකුත් ගත්තහැකි තිස් දාහට අඩු වෙං

      Delete
  6. පෝන් සීන් අහගන්න ඩෑල් එකක් සැට් වෙලා ඉන්නෙ.පොර චැට් එකෙන් උපදෙස් දීලා අයි පෝන් පවා ගලවනවා. එයා ඉන්නකන් අපි දැන් පෝන් ඔලට බය නෑ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මං වගේ කොත්ත මල්ලි වෙදෙක් වෙන්ට ඇති

      Delete
  7. මගෙ පෝන් එකේ ඔය කෙලි මොකුත් නෑ.නිකංම නොකියා එකක්.මමත් ලොකු උනාම ඔය වගේ එකක් ගන්නයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආං එච්චරයි මටත් තේරුණේ. සුටුස් ගාලා කෝල් එකක් ගන්ඩ පුලුවන්නං ඇති.

      Delete
    2. ඔය දෙන්නා අම්මා කවන බත් ඔක්කොම කාල ඉක්මනට ලොකු වෙන්න , එත කොට මං වගේ ලොකු වෙලා ෆෝන් එකක් ගත්තහැකි

      Delete
  8. "සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා" ඔරිජිනල් පෝස්ට් එක මෙන්න.

    http://rasikalogy.blogspot.com.au/2016/06/oh-what-feeling.html

    ReplyDelete
    Replies
    1. "මැණික" නාවපු කතාවක් 8Mරාෆ්ට්තුමාත් ලියල තිබුන.

      Delete
    2. මේ මොන පෝන් ද හලෝ. ගන්නවකො අපේ රසිකොලොජිස්ට් වගේ S7 ඔරිජිනල් පෝන් එකක්. රසිකොලොජිස්ට් වගේ උගත් වැදගත් මැසිමදුරුවෙක් කිරලා මැනලා තෝරලා ගන්නෙ හොඳම ඒවා. මමත් ලඟදිම ඔසී යනවා. ගියාම රසිකොලොජිස්ට්ගෙන් අහගෙන ගන්නවා එයින් එකක්. ඒත් රසිකොලොජිස්ට් මගේ මූන බලලා තට්ටෙ අහවල් එකේ වද්දන්න හැදුවොත් කොටනවා මන්නෙන්.

      Delete
    3. ඒක දැක්කේ දැං රසික ....කමන්නැ මං මේක වෙනස් නොකර තියන්නං නේ

      Delete
    4. මගේ මනික හිටියනං ඔහේව කන්ඩ කියල උසිගන්වනවා

      Delete
    5. කෙසේ වෙතත් අප දෙදෙනාම ෆොන් ගැන එකම විදියට සිතීම (මාතෘකා දැමීම) හරිම අපූරු සමපාත වීමක්!

      Delete
  9. අපි වගේ රුපියල් දෙදාහෙ ෆෝන් පාවිච්චි කොරහං.

    ReplyDelete
  10. කඩේ එකා ගානක් දෙන්නං කිව්වද? නැත්නම් කම්පැනියෙන්ම ගෙව්වද? :D

    ReplyDelete
    Replies
    1. ඔය දෙකෙන් මොනවහරි වෙනවනං හොදා

      Delete
  11. ඔපෝ ෆෝන් එකක් ආව කැමරාව දෙපැත්තට කරකවන්න පුලුවන් එකක්. 13MP කැම් එකක් තිබ්බ. ඒකෙන් තමා ඔපෝ අපෝ නොවී නැගලම ගියෙ

    ReplyDelete
    Replies
    1. දෙපැත්තට කරකවන්ඩ පුළුවන්? මූ තියන්නේ අර ඉස්සර තිබ්බ රීල් දාන කැමරාවක් ගැන

      Delete
  12. ලොකු උනාම ගන්ඩ ඕනෙ .......

    ReplyDelete
  13. අටම් අයියා පොටෝ ක්‍රෙඩිට් දීලා නෑ නොව...එකක් කියන්නං..මල පැන්නම සක්ක බාගයක් මිස ඕක එහෙම ආයේ පොලොවෙ ගහනව නෙවී ඕන්..!
    අපි නම් පාවිච්චි කරන්නේ හැලපේ ස්ටයිල් නොකියා තාම..!

    ReplyDelete
  14. ලොකු උනාම ගන්ඩ ඕනෙ ...... 2

    ReplyDelete
  15. මොනාද අටම් අයියේ ලියනකොට ලියන්නකෝ ඔරීජිනල් පොස්ට්..අඩු ගානේ ඔරිජිනල් ටයිටල් එකක් වත් දාගන්නකෝ..
    ෆොටෝ ක්‍රෙඩිට් දීලත් නෑ...දොර, මේසේ රෙද්ද, වට්ටක්කා කරිය..සැක්...!

    ReplyDelete
    Replies
    1. මේස රෙද්ද චෙෆාගෙද? හපොයි...

      Delete
    2. රෙද්ද.....එහෙම නෙවෙයි අහපන් දොර කාගෙද කියලා...!

      Delete
    3. // අහපන් දොර //

      ඇරපිය ලුසිය දොර...
      මාලු කඩේ ජොරා මම...

      Delete
    4. ලුසිය මිසින්ග්...!

      Delete
    5. දොර කාගෙද කියලනම් දැක්ක ගමන් අදුන ගත්ත නිල්පාට ෆ්‍රේම් එකෙන් . ඔය දොරෙන් ශොට් එකක් දාපු වෙලාවට නො හැප්පි යන්න තමන්ට හොදටම පේන පාට දාල තියෙන්නෙ අයිතිකාරය.

      Delete
    6. නල්දොල මලේ දොර, මේසේ රෙද්ද, වට්ටක්කා කරිය

      Delete
  16. ඔපෝ නෙමෙයි දාන්න තිබ්බේ අපෝ කියලා..........

    ReplyDelete
    Replies
    1. පල පල තොට නැති හින්දා ඉරිසියාව

      Delete
  17. මගේ යාලුවෙක් පෝන් එකෙන් වැල බලල මලා

    ReplyDelete
    Replies
    1. වැල බලන ගමං වෙන මොනවහරිත් කරන්න අැති.

      Delete
    2. මට මු ගැන හරි කනගාටුයි , යාළුවෙක් මිත්තරයෙක් මිහිපිට නැති කාලකන්නි මිනිහෙක්

      Delete
  18. ඇන්ඩ්රොයිඩ් වලට පින් සිද්ද වෙන්න තමයි ගන්න පුළුවන් මිලකට ස්මාට් ෆෝන් ආවේ. නැත්තං ඇපල්ලගෙයි සිම්බියන් වලයි ගණං බල බල ඉන්නයි වෙන්නේ. මං නම් පාවිච්චි කරන්නේ සැම්සුන් S2 කොරියන් එකක් වැටි ඇති ඉහේ කෙස් ගාණට තාම හෙල්ලිලාවත් නෑ.
    HUAWEI P7 එකත් සුපිරි ගේම් එහෙම නියමෙට වැඩ මාර durable.

    ReplyDelete
    Replies
    1. හුවාවි ගණන් වැඩි ඒවායේ අවුලක් නැ , සිංහලත් වැඩ , විස්සට අඩු ඒවා අජපල්

      Delete
  19. මේ මොන පෝන් ද හලෝ.ගන්නවකො අපේ කකා වගේ S7 පෝන් එකක්.කකා වගේ උගත් වැදගත් මැසිමදුරුවෙක් කිරලා මැනලා තෝරලා ගන්නෙ හොඳම ඒවා..මමත් ලඟදිම ඔසී යනවා.ගියාම කකාගෙන් අහගෙන ගන්නවා එයින් එකක්.ඒත් කකා මගේ මූන බලලා තට්ටෙ අතගාන්න හැදුවොත් කොටනවා මන්නෙන්.

    ReplyDelete
    Replies
    1. එහෙනං මන්නයක් ඇරං පල , එහේ මන්න නැද කොහෙද මයේ හිතේ , ස්ටෙන්ලස් ස්ටිල් මන්න ඇත්තේ ,

      පව් කාරයෝ තෝ ඔය මනුස්සය එක්ක කතා බහ කරල තියනවද , පඩි ටෝක් දුන්නට ,... පට්ට අහිංසක මනුස්සයෙක් හාමුදුරුනමක් වගේ

      Delete
  20. මං ඔයගානට ම ගිය අවුරුද්දේ චීන එකක් ගෙනාවා USD 120yi.. 16rom 2G RAM ..,තාම වැඩ.බිම වැටිල ස්ක්‍රීන් එක ස්පයිඩර් මෑන් තීම් ඔන් උනා..ඉක්මන්ට බැට්ටි බහිනෝ..එත් තාම වැඩ..

    ReplyDelete
  21. අනේ අපි පොඩි ලමයි.. ඔය චයිනිස් කෑල්ලක් කිට්ටු කරගෙන ඉන්නවා.. කෝල් ගන්ඩ නෙහ්..

    ReplyDelete
    Replies
    1. චයිනිස් කෑල්ලක් ලං කරගන්නේ සුරාන්ත කෝල් එකට වෙන්ටැ

      Delete
  22. අප්පො, මගෙ එක මොටොරොලා ජි, මට එපාවෙලා තියෙන්නෙ,සින්හල අකුරු වලට කොටු කොටු පෙන්නන්නෙ. ඉක්මනටම වෙන එකක් ගන්න ඔනෙ,
    ඒක නෙවෙ, ඔප්පො එකෙ ඉස්සරහ කෑමරාවෙ කොලිට් හොදයිද?

    ReplyDelete
    Replies
    1. http://www.androidsinhalen.com/p/15.html ෆෝන් එක රූට් කරලා ඔයා උඩ තියන URL එකේ තියන විදියට කරන්න එතකොට සිංහල පේනවා. ඕක ෆෝන් එකේ වරදක් නෙමෙයි සිංහල ෆොන්ට් INBUILT නැති කමේ අවුලක්.

      Delete
    2. ස්තුතියි හසිත, මන් අදම ට්‍රයි කරනවා ගෙදර ගිහිල්ලා, ඔෆිස් එකෙ මුකුත් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ගිනි බිත්තිය ඔක්කොම නවත්තලා තියෙන්නෙ.

      Delete
    3. රූට් කරද්දි UPS එකක් තියන PC එකකින් කරන්න රූට් වෙද්දි පවර්කට් වුනොත් ෆෝන් එකට සොරි.https://youtu.be/bEw0IlQlFU4 මේ වීඩියෝ එක බලාගෙන කරන්න මතක ඇතුව ෆෝන් එකේ බැටරිය 80%වත් චාජ් කරගන්න.

      Delete
    4. එහෙමට වරදක් නැ ස්කයිප් කරගන්ඩ පුලුවං මට්ටමට තියනවා

      Delete
    5. @Hasitha Prasad .....Chandana Nawarathna වැඩේ ගොඩදාගන ඇති මෙලහට , ..හෙට ඒකා දිගට හරහට කමෙන්ට් දායි , ඒ උනාට පෙර නිමිත්තෙන් ලැබෙන දේවල් තමයි බං හොදම

      Delete
    6. ඇත්ත තමා දගලලා හදා ගත්තත් එතකොට ෆෝන් එක එපාවෙලා.

      Delete
    7. හසිත, මන් ලෙසියෙන්ම ඔපෙර මිනි බ්‍රව්සර් එක දාගත්තා, දෑන් නිතරම, ස්ක්‍රින් එක දිහා බලාගෙන හිනා වෙනවා කියලා නෝනා බනිනවා.

      Delete
    8. මං හිතුවේ ෆොන් එකට කෙලවගන කියල ..හේහ ...හෙහහ්..........ඔය නෝනල ඉන්නවනේ ....එයාලට ඕන අපි එයාල එක්ක හිනාවෙන්ඩ විතරයි ....වෙන මොන යම්ම දෙයක් එක්ක හරි අපි හිනා වෙනවනං ....අල්ලන්නේ නැ ......හැබැයි එක දෙයක් එක්ක හිනා වෙනවනං විතරක් එයාල කැමතියි ...මොකක්ද දන්නවද ....එයාලගේ ...අම්මා ....(* නැන්දම්මා එක්ක ) ...හා බොරුද කියහල්ලා

      Delete
    9. ඔපෙරා එකේ සිංහල පේනවද? එහෙනම් එච්චරයි. මොකද ෆෝන් එක දිහා බලාගෙන හිනාවෙන්නේ?

      Delete
    10. අටන් අය්යෙ, අයෙ දෙකක් නෑ, කටේ මසුරන් දාන්න ඔන කතාව. මිට ඉස්සර, මන් හිතන්නෙ අවුරුදු 4කට එහා, නෝනා මුනු පොතට අලුතින් එකතූ උන දවස් වල, මන් ගෑහෑනු යාලුවෙක්ගෙ පොටො එකකට ලයික් කරලා කියලා, 'මට ගෙදර යන්න ඔනෙ' කියලා රෑ එලි වෙනකල් කෑගෑහුවා' දෑන් මන් ඔය කතාව මතක් කරනකොට සද්ද නෑ. දෑන් එයා ලයික් ගෝනි ගනන් හලන්නෙ. :)

      හසිත, ඔපෙරා එකෙ සින්හල පේනවා. හිනා වෙන්නෙ, කට්ටියගෙ කොමෙන්ට් කියවනකොට තම්යි.

      Delete
  23. ලුක් එකයි ස්පෙසිෆිකේෂන් ටිකයි නම් එල. ඇයි බන් ලංකාවේ අහන අහන එකා සැම්සුන් ෆෝන් පාවිච්චි කොරන්නේ බන්? ඇපල් ෆෝන් එහෙම පට්ට ගණන් ද?

    ReplyDelete
    Replies
    1. නැතුව ආයෙත් අහලා , මං මටමයි කියල ගත්ත දේවල් වලදි , සැහිමකට සහ සතුටට පත් උනේ මේ ෆෝන් එකයි අපේ ගෑනිටයි විතරද කොහෙද බං

      Delete
  24. මාත් ගත්ත බොලන් j 5 එකක්

    ReplyDelete
    Replies
    1. ජේ සීරිස් එකට මං ආසා නැ බං

      Delete
  25. Aluth phone ekata suba pathum .

    ReplyDelete
    Replies
    1. මේ අර කෑල්ලගේ කතාව ඉක්මනට ලියහං ඒක හෙන රහයි

      Delete
  26. ඔය මොනව කොහොම උනත් මගේ ෆොන් එක තමයි දැනට ලෝකේ තියන හොදම එක හරිද , සමහරක්විට තව අවුරුදු දෙකතුනක් යනකං එහෙම වෙයි..........ආයේ කතා එපා හරී

    ReplyDelete
  27. සැම්සුන්ං ෆෝන් වල සොෆ්ට්වෙයාර් ලෙඩ දෙද්දි ෆෝන් පොළොවෙ ගහන්න හිතෙනව හිටං. ඒත් අපි අහුවෙන්නෙම සැම්සුං වලට. මොකද ගාණ අඩුයිනෙ.

    ReplyDelete
  28. අනේ වැටිලා කැඩියන් ඕක.....

    USB tethering වලට වඩා ‍ඩොන්ගලයක් ගහගන්න එක ලේසි නැද්ද?

    ReplyDelete
  29. මාත් අටම් වගේ ඉක්මනට ලොකු වෙන්න ඕන.

    ReplyDelete
  30. මං ගාව කලිං තිවුනෙ අඟල් හතේ අම්මෙක් අප්පෙක් නැති චීන පොතක්. ඒකෙ සිංහල බෑ. ඉන්ටර්නෙට් අවුල් ගිහිං මැරිලම ගියා. පස්සෙ අපේ මලෙයා ඒක කාටද දුන්නා හත්දහකට.

    දැං තියෙන්නේ නමදාස් ගානක උවාවෙයි එකක්. ඒකෙ සිංහල වැඩ . මගෙ 'කයි' පෝස්ට් එක කෙටුවෙත් ඒකෙං. ඕකට දාහං අයියෙ බ්ලොගර් යෙදවුම. එතකොට පෝස්ට් කොටන්නත් පුලුවං.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>