2017-02-04

අනන්තයක් වෙනකං




වෙන ළමයි සැර කෙරුවහම
දුහලා මාරු වෙනවා
කොහේ හරි හැංගෙනවා
එක්කෝ තරහ වෙනවා
නැත්තං අඩනවා

ඒකටත් එක්ක උඹ
කපටි හිනාවක් දානවා
තාත්තේ මේ දන්නවද
චුට්ටක් ඇඹරිලා කිට්ටුවට
නගිනවා ඔඩෙක්කෙට

වැල් වටාරං ගොඩයි
වැඩියක් පණ්ඩිත වාක්‍ය
කාගෙවත් වැරදි නැ
කියන්නෙ වැරදිලාවත්
නොකියන්නෙත් නැ

එව්වට ඉල්ලුමක් නැතිකොට
ඔයා දන්නවද තාත්තා
මං දැං දන්නවා සීයට ගයින්ඩ
ඔයත් දන්නවද ගයින්ඩ
අනන්තයක්  වෙනකං

අනන්තයක් දන්නවද
නැ මං දන්නේ නැ
එහෙනං කියන්නේ
අනේ බඩ තඩියෝ
මොන්ටිසෝරි ළමයෙක් මම

මේ අහන්ඩකෝ මේ
අපරාදේ නේද කැපුවේ
අම්මගේ කොන්ඩය
ඇයි ඉතින් කැපුවට
මොකද ඒකෙන් ඔහේට

කොහේහරි යනකොට
අපිව වැටෙනවා වතුරට
පහල ගහගන යනකොට
ගොඩවෙනවා එගොඩට
එල්ලිලා කොන්ඩෙට

40 comments:

  1. ඥාණවන්ත දරුවෙක්. වෙන ළමයෙක්ගෙ පින්තූරයක් දාමුද?

    ReplyDelete
    Replies
    1. ඉයන්..මේ චූටියට මම අනන්තයක් ආදරෙයි...ඔය වෙනස්කරපු පොටෝ එකේ කළු ඉංගිරියාවේ ඉන්න මම...අටම් අයිය වගේම අපිට වඩා ඉස්සරහින් ඉන්න කෙල්ලා පැටියෙක් ඔය....මේ පිංතුරේ තියෙනවා ඔය අටම් අයියා කියන කථාවේ ඔක්කොම විස්තරේ...!!

      Delete
    2. ඇයි ඒ එයාගේ එකක් දාපු එක හරි නෑද

      Delete
    3. //අටම් අයිය වගේම අපිට වඩා ඉස්සරහින් ඉන්න//

      අනේ මේ

      Delete
    4. //අටම් අයිය// යකෝ මේ මනුස්සයට එච්චර වයස ද?

      Delete
  2. මරු තාත්තලගෙයි දූලගෙයි විගඩම් :-D

    ReplyDelete
  3. තාත්ත වගේම නැතෑ ඉතින් ...
    අනේ බඩ තඩියෝ
    මොන්ටිසෝරි ළමයෙක් මම

    මේ ටිකනම් මරු

    ReplyDelete
    Replies
    1. බඩා තඩියා අලියා එහෙම තමයි කියන්නෙ මට

      Delete
  4. කාට නැතත් අප්පට වැඩි පෙමක් පෙන්වතී
    ඊට හිනාවක් පෙන්වා ගුටි මග හරිතී
    මීට වඩා වැඩි කිසිවක් කියන්නට නැතී
    දූට තියෙන කපටි මොළේ අප්පටත් නැතී......

    ජයවේවා!!!

    ReplyDelete
  5. ළමා කාලේ....,

    අටන් සෑර්,

    ලැබෙන හැම තත්පරේම එන්ජෝයි කරපන් මචෝ.
    (දැන් නොතේරුණත් තව අවුරුදු 10-15ක් ගියාම උඹට තේරෙයි හැට්ට්ර් කිව්වේ ඇත්ත කියල)

    ReplyDelete
    Replies
    1. /////ලැබෙන හැම තත්පරේම එන්ජෝයි කරපන් මචෝ.
      (දැන් නොතේරුණත් තව අවුරුදු 10-15ක් ගියාම උඹට තේරෙයි හැට්ට්ර් කිව්වේ ඇත්ත කියල)///////////

      අරූට කියන්න තියෙන්නෙත් ඔය ටිකමයි.

      Delete
    2. අප්පටසරි හැට්ටරෙත් අරුණලැ චෙපාලැ වයසෙද මං හිතුවේ අපේ වයසේ කෙනෙක් කියල

      Delete
    3. දෙන්නටම කියන්ඩ තියෙන්නෙ

      විදිනවා අප්පා ....එකසිය ගානට ...සමහරක් වෙලාවට මිස් නොවෙනවත් නෙමෙයි...කරදර අවහිර ....මැද්දෙ

      Delete
    4. අපිටත් කියන්න තියෙන්නේ ඔය ඩින්ගම තමා....අත්දුටුවයි සත්තයි මලේ

      Delete
  6. අටන් පැටික්කිට ජය වෙවා....

    ReplyDelete
    Replies
    1. මැලේ මාමටත් ජයින් ජයෙම වේවා

      Delete
  7. දෝනිට ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි

    ReplyDelete
  8. ලස්සන, අහිංසක, සුන්දර, කපටි කෙල්ලෙක්!!!


    අනේ පුංචි දුවේ නුඹට වාසනාවන්ත අනාගතයක් පතමි. හොඳින් ඉගෙනගන්න!!!

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්න තමයි....අකුරු උගන්නනේ නෑය කියලා පෙරේදාත් මොන්ටිසෝරි ගියේ නෑ මේ කෙල්ල..කොහෙද තාත්ත තාම බබානේ...!

      Delete
    2. තරහගියාමත් කාලිඅම්ම වගේ අරූන

      Delete
    3. එහෙම කියුවට බැනේ ...එයාටත් එක එක ප්‍රශ්න තියනව මොන්ටිසෝරියේ .....මහා ජරා කොල්ලො ඉන්නව තාත්තේ කියල තමා කියන්නේ ...අනික මේ දවස්වල පූසෙක් බලාගන්ඩත් තියනවා ...... කොහොමද මොන්ටිසෝරි යන්නේ .....ඒ පූසව පැටව් හම්බෙන්නේ නැති වෙන්ඩ ඔප්රේසන් කරලල ...අනේ මං දන්නේ නැ ....එයාම තමයි ..මට කියුවේ

      Delete
  9. අනේ බඩ තඩියෝ :D
    වාසනා වේවා..!

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ නම

      [°•_•°] {`^`…´^´} (~•`_´•~)

      Delete
  10. අටමෝ. උබේ දුවට වාසනාවන්ත අනාගතයක් පතනවා.. 🙏

    ReplyDelete
  11. කෙල්ල හෙටානිද්දට රැවුල් බඩා මාමගෙ රැවුලත් ගලවයි වගේ. හැක්..

    ජයවේවා !

    ReplyDelete
  12. එළ කෙළි පොඩිත්ත.. තාත්තව කණෙන් අල්ලලා මිරිකලා හදා ගනින් පුතේ..

    ReplyDelete
  13. ලස්සන හිනාව පොඩිත්තිගේ.

    ReplyDelete
  14. රැවුල් බඩා මාමා...
    බඩ තඩියා...

    අඩේ උඹලා බලන්න එන්න හිතාන ඉන්නෙ ලංකාවට ආවම..එන්න බයයි නේ බන් මට මොන ආකාරයේ නමක් කියලා අමතයිද දන්නෑ ඔය පොඩි එකී

    ReplyDelete
  15. චුටි ආච්චම්ම අනන්තයට ගනියි කවදාහරි...

    ReplyDelete
  16. ගස් ලබ්බගේ ජයලාල් රෝහණ - භාග්‍යා - නෙවිල් ෆර්නෑන්ඩු පොස්ට් එකේ පොඩි දුවගේ පින්තුරේ මතක් උනා ....(දුවලා හරි ෂෝයි නේ අටම් අය්යේ?)

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අතිගරු ජනාධිපතිතුමනි
    ඔබතුමා අපේ  භාරකාරයා විදිහට පත් උනාට පස්සේ යම් යම් තීන්දු තීරණ ගන්න විදිහ දැක්කහම , කරන්න උත්සාහ කරන දේවල්  දැක්කහම ඔබතුමා…
  • interlock (flatlock) sewing machine and overlock sewing machine and  t shirts , පැට්ලොක් ‘‘ඉන්ටර්ලොක් ‘‘ , ඔවර්ලොක් සහ ටීෂර්ට් සහ යට ඇදුම්
    මට නිතරම මගේ සේවාදායකයන්ගෙන් අහන්න ලැබෙන කතාවක් ‘‘ මට ටීෂර්ට් මහන ඕලොක් එකක් ගන්න ඕන ‘‘ කියන එක මං ඉතින් කියනව ‘‘ ආ ෆෝ ත්රේඩ් ඹ්වර්ලොක් එකක් නේද…
  • ඔබත් දරුවන්ට රඹුටන් ආහාරයට ගැනීමට දෙන මවක්ද පියෙක්ද , එසේනම් මේ කරුනු ගැ...
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
    අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා. සමුගන්නවා  ...කියන   අන්තිම වචනය ලියනකොට…
  • '' පටි සෙරෙප්පු ''
    ''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු'' ''අප්පේ…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 2
  • අටම්පහුරාට  අතවරයක්
    මේ අතවරය මට සිද්ධ උනේ වසර හත අටකට කලින් දවසක මම පිටකොටුවේ ඉදන් රාගමට එන කොට,මම කවදටත් පූට්බෝඩ් යන කොල්ලා හන්දා එදත් නැග්ගා පූට්බෝඩ්…
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • තෑගී ටොෆී ....බොන්සන් සහ බොන්බොන් ටොෆී සමග මිනී මැරුමක් සහ ඌරු මස්
    අක්කේ     අක්කේ ඒ ... ඉන්නවදෝ ...... ‘‘දොරත් ඇරල කොහෙට ගිහින්ද මන්දා....ගෙදර නැද්ද කොහෙද පුතේ ‘‘ ඉන්නවෝ ....මේ එනවෝ .... ‘‘ ආ…
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • how to thread  indian overlock sewing machine ඉන්දියන් ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන නිවැරදි ක්‍රමය
    ඉන්දියන් ඔවර්ලොක් මැසිම කියන්නේ අද අපේ රටේ නොමල් මෙෂින් සහ සිග්සැග් මෙෂින්වලට අමතරම වැඩිපුරම භාවිතා කරනු ලබන මෙෂින් වර්ගය . නොදන්නම…
  • මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
1,646,565

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>