මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ , මටනං හිතෙන්නේ ඕක වෙනවා ඇත්තේ මෙහෙමයි.
සිහිය නැති වෙලා ඉන්න කෙනෙක් උස්සන කොට දැනෙන බර ගොඩක් වැඩියි සිහිය තියන කෙනෙක් උස්සනවට වඩා , මට හිතෙන්නේ එහෙම වෙන්නේ සිහි නැති කෙනෙක් ඔහේ පරඩැලක් වාගේ කඩා වැටිලා ඉන්න හන්දයි කියල
මැරිලා ටික වෙලාවක් ගිය කෙනෙක් පෙට්ටියක් නැතුව උනත් උස්සනකොට සැහෙන බරක් දැනෙනවා කියලා එහෙම අවස්තාවකට මුහුණ දුන්න කෙනෙක් ඉන්නවා නං දැන් මතක් වෙයි.
යම් බර දෙයක් කර තියාගන දුරකට යන කොට එන්ඩ එන්ඩ බර වැඩි වෙනවා .
ඒ වාගෙම තමයි දිග පුවක් ගහක් දෙන්නා එක්ක කරගහගන යනකොට දැනෙන බරට වඩා බරක් දැනෙනවා කොන්ක්‍රීට් වැට කනුවක් කරගහගන යනකොට
මිනී පෙට්ටිය උස්සගන යන කොට එකපාරටම බර වෙනස් වෙනවා , සමහරක් වෙලාවට කලින් කරගහගන ගිහින් තව කට්ටියකට දීලා දෙවනි පාර කර දෙනකොට කලිනු තිබුනට වැඩිය බරක් දැනෙනවා
වමට හරි දකුනට හරි හැරෙනකොට .... උස්සගන යන අය අඩිය තියන රිද්මය වෙනස් වෙනකොට ..... කන්දක් නගිනකොට එකපාරට බර වැඩිවෙනවා ....දරාගන්ඩ බැරි විදිහට ....එතකොට අපි කර දෙනවා හොදට .....පෙට්ටිය සහ බර අපේ කරට හොදට සෙට් වෙනවා .... ඉතින් එතන ඉදන් දිගටම බර තමයි
දෙනකට පලවෙනි පාර කර තියන්නේ පුරුදු කාරයෝ .....මාරුවෙන් මාරුවට උස්සගන යන්ඩ උසින් සමාන අය කන්ඩායම් බෙදිලා හිටියත් .....දෙවනි , තුන්වෙනි පාර කර ගහනකොට සාමාජිකයෝ වෙනස් වෙනවා .....සමහරු හැලිලා ...... එක්කෝ වෙන මොකක් හරි උවමනාවකට දෙන ලගින් අහකට ගිහින්. ඔය ඉන්න කවුරුහරි කර තියනවා.
නිදි මරල නොකා නොබී ...පාං වෙලා ඉන්න උන් ....තමන්ගේ නෑයගේ මිනියට කරගහනවා කියල නිකං පෙට්ටිය අල්ලං යනවා .....( සමහරක් උස්සං යනවා නෙමෙයි පෙට්ටියේ එල්ලිලා යනවා ) හරියට කර දීලා ඉන්න එකාට බුදු සැප.
අනික බාල ලී වලින් හදනවා කියුවට මිනී පෙට්ටියකත් සැලකියයුතු බරක් තියනවා.
ඔය කාරනා ටිකත් එක්ක අපේ යටි හිතට වැඩිහිටියෝ ඔබ්බලා තියන .....තුන්මං හන්දි කතාවයි .......යක්කු නගින කතාවයි ...කනත්ත ලංවෙනකොට පොඩි උත්තේජනයකුත් දෙනවා.
අනික තමයි ...ඔය යක්කු මිනීපෙට්ටියට නගින කතාවට ...මිනියට කර ගහන උනුත් උල්පංදං දෙනවා....මොකද හැමෝම මිනීවලට කරගහන්නෙත් නැති එකේ ...පොඩි පොරත්වයක් ...ලකුණක් දෙකක් දාගන්ඩත් පලුවන්නේ
‘‘ ඈ නිමල් අයියේ .... වැලි පාරෙන් මහපාරට ගන්නකොට පට්ට බරක්නේ ඕයි ආවේ ‘‘
‘‘ මගෙත් කොන්ද ඇඹරිලා ගියා ....මල්ලියා....‘‘
‘‘ කනත්තේ වැට පයිනකොටනං මට කෙදිරිගෑවෙන සයිස් ‘‘
‘‘ උඔ දන්නේ නැ ....අර ලයිසාච්චිගේ මිනිය ..ගෙනියනකොට ...බොරුනං අහපන්කෝ උඹලගේ බාප්පත් එදා හිටියා .... බර උහුලාගන්ඩ බැරුව කර මාරු කරනකොට තව ඩිංගෙං පෙට්ටිය බිම ‘‘
ඔන්න ඉතින් එතකොට ජීවිතේ පලවෙනි පාරට මිනියක් කරගහපු එකෙකුත් මැද්දට පයිනවා.
‘‘ ඇත්තටම ඇයි අයියේ එච්චර බර ...මං අදමනේ මිනියක් කරගැහුවේ ...මං හිතුවේ මිනී පෙට්ටි කොහොමත් බරයි කියලා ‘‘
‘‘ ඔව්වා ඔහොම තමා බං .... අන්න මල බතට බෝතලෙත් තිබ්බා ...වරෙන්කෝ කන ගමං කියලා දෙන්නඩ ‘‘
// හිතට කාවැදිලා තියන දේවල් අයින් වෙන්නේ නැ , ලේසියෙන් අයින් කරන්නත් අමාරුයි ......මොකෙකුටවත් බය නැති මම එලියක් නොපෙනෙන අදුරට හුස්ම හිරවෙන තරමටම බයයි //
මේ ගැන ඔබේ අදහස් දැනගැනිමට කැමැත්තෙමි
දිනියස් එකතුවට මා දැමු කමෙන්ටුවක් අනුසාරයෙන් ලියුවෙමි .....
මැරිච්ච එකාගේ ගන්ධබ්බ ආත්මේ තමයි පෙට්ටිය උඩ වාඩිවෙලා ඉන්න ඇත්තේ. තුන්මං හන්දි වලට ගෙනත් දාපු තොයිල් තටු පෙර්ත තටු එක්ක ඇවිල්ලා යන පාර අතරමං වෙච්චි මල පෙරේතයෝ මලයක්කු ආපහු කනත්තට යන්න ෆ‍්‍රී ට‍්‍රාන්ස්පොර්ට් එකක් ගන්න තමයි මගදි පෙට්ටිය උඩට සෙට්වෙන්නේ. බොරුනම් මැරිලා බලහං
ReplyDeleteබොරු නම් මැරිලා බලහන් 😂😂😂😂😂
Deleteබ්ලොග් ලියන පෙරේත මලයකෙක්
Deleteපෙරේත මලයකින්නක්
Deleteඔය බ්ලොග් ලියන උන් හැමෝම මල ගිය ප‍්‍රානකාරයෝ තමයි.
Deleteබොරුනම් මැරිලා බලහං .. හැක් හැක්..
Deleteකොහොමත් මූ හැන්දෑවට මලා වගේ තමයි..
උමත් මැරිලා බැලුවද
Deleteඋමත් මැරුලා බැලුවද අක්කේ
Deleteවිදානේ අද දවල්ම ගහලා වාගේ
Deleteමේ ඕවා හාස්කං හරිය.බටහිර විද්‍යාවේ බොරු තර්කවලට ඕවා අහුවෙන්නේ නෑ.
ReplyDeleteආ එහෙමෙයි
Deleteමම නම් ඔය එක යකෙට්ටවත් තුන්මන් හන්දියෙන් පෙට්ටියට ගොඩ වෙන්න දෙන්නේ නෑ. පයින් දෙකක් දමලා අනිනවා මිසක්. මැරිලතවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි.
ReplyDeleteදෙන උස්සන් හැතක්මක් දෙකක් යද්දී ඉතිං බර වැඩියි වගේ දැනෙන එක අහන්නත් දෙයක්ද.
//මැරිලතවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි.//
Deleteසමහර හොස්පිටල් වල මෝචරියේදි ගොඩ වෙනෝලු..
ඇ පිලෝ ලස්සන කෑල්ලක් උනොත් එහෙම
Deleteඉස්පිරිතාල ගදේ බැරුව ඇති
Deleteඑහෙනම් අටම්, පොඩ්ඩක් සලකලා බලනවා.
Deleteගෙදර උළුවස්සෙන් එලියට බහිනකොටම ඔන්න බර වැඩි උනා හොඳටම දැනුනා කියල කියන්නෙ.. ගොඩක් වෙලාවට පඩියක් දෙකක් බහින්න තියන තැන් වලින්. හරියට බර බෙදෙන්නැති උනාම එක එකාට බර දැනෙන විදි වෙනස් වෙන නිසා ඒ වෙනස භූත්යො පිටට පටවනවා වෙන්ටැ..
ReplyDeleteජයවේවා..!!
//හරියට බර බෙදෙන්නැති උනාම එක එකාට බර දැනෙන විදි වෙනස් වෙන නිසා ඒ වෙනස භූත්යො පිටට පටවනවා වෙන්ටැ.//
Deleteලාවට ඉටි පන්දම් එලියක් වත් තිබ්බනං මොන බූතයද කියල අැදිනිය හැකියි නේද..
සමහරු එහෙම්මයි කියල කියන එකනේ බං වැඩේ
Deleteබ්ලොග් ලියන / ලියපු කවුරුහරි ලඟදි අසනීපව මැරෙන්න ඉන්නවද ? එයට සෝන් මාක් පෙන්නලා නේද මේ ලියලා තියෙන්නේ අපොයි බ්ලොග් ලෝකය
ReplyDeleteයා යා..
Deleteඉවා නයා එලෝ ගිහිං ආව කියන්නේ ලගදිම සෙත්ත පෝච්චි වෙනෝලු..
අනේ උඹ වගේ තිරිසනෙක්
Deleteඉවානය ඔය ඉන්නේ යසට
Deleteමමනම් මොකෙක්වත්ම නැත්තන් මිසක ඔය මිනි පෙට්ටි වලට කර ගහන්න යන්නේ නෑ.. මට පොඩි අපුලක් තියෙනවා ඔය වැඩේ.. අනික සොහොන් වලවල් කපන්න.. වලවල් වහන්න ඕවට යන්නෙත් නෑ. මල ගෙදරක ගියත් ජිවත් වෙලා ඉන්න උන් එක්ක කතා බහ කරලා එනවා මිසක් මිනිය බදාගෙන අල්ලන හොල්ලන වැඩ කරන්නේ නෑ.
ReplyDeleteමල පෙරේතයා.. වරකෝ අඩියක් කාරිය ගහලා මිනී වලක් කපන්න.. ඒකේ රග දන්නේ වලේම බුදියගත්ත එවුන් යකෝ..
Deleteමම මල ගෙවල් වල ගියාට මිනිය එක්ක වෙන ගනු දෙනුවක් නැතුවට ...ඉස්සර කරගහන්ඩ ...වලවල් කපන්ඩ එහෙම සහබාගි වෙලා තියනවා .....මල ගෙදර ආතල් තියෙන්නේ ....කනත්තේ වල කපන තැන ..බූරු පොලවල්වල .... බත් දෙන ගෙවල් වල එහෙම
Deleteඒ ආතල් මුං දන්නේ නැ විදානේ
Deleteමිනී පෙට්ටියක් නෙමෙයි බං ඕන මල උලව්වක් එක දිගට කරගහගෙන යනකොට බර වැඩිවෙනව වගේ දැනෙනව. අනික එහෙට මෙහෙන පැද්දිලා ඉන්න උං ටික අන්බැලන්ස් වෙනකොට එකෙකුට දෙන්නෙකුට මුලු බරම එන්න පුලුවන්. ඕව ස්කන්ධ සංස්ථිති සහ භෞතික විද්‍යා නියම. හැක්..
ReplyDeleteඅයියා ආලෝකේ වෙගෙන් යනකොට ස්කන්දේ වැඩි වෙනවා වෙනවා වගේ දැයිනේනේ ඇයි??
Deleteස්කන්ධ සංස්ථිති
Deleteකුනු හබ්බ කෙතලින්ඩ එපා ඕයි
ගන්දම්බය පෙට්ටිය උඩ උගේ යාළු ගන්දම්බයෝ එක්ක එකතුවෙලා ඕමි බලනවලු...
ReplyDeleteචැහ් මං හිතුවේ අඩියක් ගහයි කියලා..
Deleteඅප්පට එහෙමෙයි
Deleteමම නම් මිනී පෙට්ටි පහ හයකට කර ගහලා තියෙනවා...ඔය බයිලා කතා ඇත්තට අපේ පැත්තේ නම් කවුරුත් කියන්නේ නැහැ
ReplyDelete/ඔය බයිලා කතා ඇත්තට අපේ පැත්තේ නම් කවුරුත් කියන්නේ නැහැ/
Deleteමයේ හිතේ අපායේ වෙන්ටෑ..
ඔයාලගේ පැත්තේ ඉන්නේ මහ නාහේට නාහන අයද කොහෙද
Deleteඅපායේ නෙමෙයි ඌ ඉන්නේ දිවිය ලෝකේ
Deleteමිනී කාරෙකට දැම්මාම කිසි බරක් නෑ...
ReplyDeleteමිනී කඩේ මුදලාලිට නම් බර වැඩි වෙනවා.. ඒකට ඉතින් ඉරිසියා කරන්න නරකයි.. ඒ මනුස්සයා නේ තනියෙන් කර ගහන්නේ... ඕකට මල පැනලා
මියගියේ ඔබ නොව අපය... කියලා බැනර් දාන එකත් කැත වැඩේ...
//මිනී කාරෙකට දැම්මාම කිසි බරක් නෑ... //
Deleteකිසි හැල හොල්මනක් නෑ ලෙස නිවැරදි විය යුතුයි..
හර්ස් එක ටිකක් දුරට දුහනවනං වෙනමම සල්ලි ගන්නවා නේද බං
Deleteහර්ස් එකේ වර්ගෙට අනුව ගාන වෙනස්. මල් දානවා නම් තව වෙනස්.දුරට අනුව තව වෙනස්.
Deleteඅන්දන ඇඳුමටත් වෙනම
වෙන්න පුළුවන් හැම දෙයක්ම ගානට විස්තරකරලා තියෙන්නේ.. ආයෙ මොන මගුලක් දැන ගන්නද බන්..ඔහෙ ඇති යකෙක් නෑ...
ReplyDelete//ඔහෙ ඇති යකෙක් නෑ...//
Deleteඹන්න ඉතිං දේශද්‍රෝහියෙක් වෙන්න හදනෝ..
මං හිතුවේ කවුරු හරි ඉන්නවමයි කියල කියයි කියලා බං සෙෙන්නො
Deleteපෙට්ටි කරගහලා, වලවල් කපලා එහෙම අත්දැකීම් තියෙනවා. උඹ කියනවා වගේ ටිකක් පොර ටෝක් දෙනවා සීනියර් කට්ටිය. ඕනම දෙයක් ටික වෙලාවක් උස්සන් ඉන්න කොට බර වැඩියි වගේ දැනෙනවා ඇති. අහන්නකො වයිෆ්ගෙන් :D
ReplyDeleteහැබැයි පුතෝ ජීවිත කාලේම එල්ලං ඉන්න ඒවැයේ කිසි බරක් දැනෙන් නෑ ..
Deleteබරට හුරුවෙලා...මොනවා වුනත් ඔය අවුන්ස ටික මහ බරක්යැයි. ගසට පල බරක් නොවේ. අපේ සීයාට හෙන ලබ්බක් තිබුනා...
Deleteසීයා හැත්තෑ ගනන් වල හොරට හාල් ගෙනිහුං වෙන්ටෑ...
Deleteසීයා පනස් ගනන්වල ලබ්බ අතගාගෙන නැතුව ඇති :D
Deleteවයිෆ් හරි බරයි අරුන
Deleteලබ්බ බැස්සහම රට දුන්කල බදින කතාව මොකක්ද ලොකු අයියේ
Deleteමම කොහොමත් මල ගෙදරක උනත් යන්නේ නොයාම බැරිනම් විතරයි.ඒවයේ ගියත් සැනෙන් මිනියට ආචාර කරල එලියට එනවා!මල ගෙදරමනම් කෑම දෙන්නේ ඒක කන්නෙත් නෑ! පුලුවන් ඉක්මනට එතනින් මාරු වෙන්න බලන්නේ.මිනියට කර ගහන වැඩ අනන් මනනුත් නොකර ශේප් වෙන්න බලන්නේ..
ReplyDeleteවැහ්.. ඔහේ දැක්කයි අර මයි3 පාල මහත්තයා අමරදේව සූරින්ගේ මිනියට කර ගාපු හැටි
Deleteඔව් සමහරක් අය එහෙමනේ ..එක එක්කෙනා එක එක විදිහයි
Deleteඔව්ව හෙන ගහන ඇත්ත.. මිනියේ බර වැඩි වෙනවා, හර්ස් එහෙම හෙන හිමීට යන්නේ ඒකනේ.. අදින්නේ නෑ ලේසියෙන්. කනත්තට යනවනේ නැත්තන් මිනිස්සු ඔක්කොම වාහන වල නැගල හර්ස් එකට ඇරලා පලයන් කියල. බොරු නෙමේ ඇ...
ReplyDeleteහත්දොහේ දානේ දීලා දවස් දෙක තුනකට පස්සේ හර්ස් එක ගේ ඉස්සරහට ඇවිත් හෝං ගහන්නේ ඇයි..??
Deleteඒ මලගිය ප්රානකාරයාගේ ආවේසෙන් එන්නේ.. පින් අනුමෝදන් උනා කියල යන්ඩ
Deleteලහිරු කියන කං මට ඕක හිතුන් නැනේ අම්මා පල්ල
Deleteඅප්පට ඒකත් එහෙමද
Deleteලහිරුට බ්ලොග් එකක් තියනවද
Deleteඑතකොට ගෑනු ඕවට කර ගහන්නේ නැති එකටත් හේතුවක් තියනවද.හයිය හත්තිය මදි නිසා වෙන්ටැ
ReplyDeleteනැහැ....ඒක නෙමේ සයුරි. ජීවිත කාලෙටම කරගහගෙන ආවා, දැන් ඉතින් මල මිනියටත් කරගහන්නේ වෙලානේ කියලා හිතන එක හොඳ නැති හින්දා. ඕක ඒ කාලේ පිරිමි ගත්ත තීරනයක් :D ඇත්තමයි හලෝ.
Delete:D :D ඇත්ත කතාව. ඇත්ත කතාව.
Delete//ගෑනු ඕවට කර ගහන්නේ නැති එකටත් හේතුවක් තියනවද//
Deleteමල වදේ.. පොලොවේ පස් කකා අඬන ගමන් කර ගහන්නත් ඇහැකියැ..
සයුරි මැඩම්.. කොලොන්නේ ඉන්නවා මිනී එම්බාම් කරන ගෑනු මනුුස්සයෙක්.. දවසක සෙට් කරන්නෙයි..
Deleteගෑනු මනුස්සයෙක් කිව්වට බැඳලත් නැති ගෑනු ළමයෙක් නේද? මටත් මතකයි එහෙම එකක් දැක්කා
Deleteකසාද බදින්නේ කොහොමෙයි මැඩම්.. මේ මනුස්සයා ඉස්සර හොස්පිටල් එකේ මැරෙන්න වැටිලා ඉන්න ලෙඩ්ඩු බලන්න බිස්කට් පැකට් එකක් එහෙම අරගෙන යනවලු.. අනේ වාසනාවයි පහුවදාට ලෙඩා වැලිගංපිටිලු.. ඒ තරං මෙයා පියකරුයිලු.. අන්තිමට දොස්තරලා මෙයාට ලෙඩකට බේත් ගන්න ඇර හොස්පිටල් එක පැත්ත පලාතට එන එක තහනං කොරාලු..
Deleteඔන්න උත්තරය ලැබුනනනේ සයුරි
Deleteපච කෙන්ඩ එපා විදානයෝ
Deleteජ ය වේ වා !!!
ReplyDeleteදැන්වීමකි..
Deleteඅප ආයතනයෙන් අවමංගල්‍ය රථයක් මිලදී ගන්නා ඔබට.. වටිනා නැවුම් මල මිණියක් නොමිලේ..
(ඉක්කමන් කරන්න තොග සීමිතයි)
මා ගානෙ දැන්වීම් ටික. ඒකට අවුරුදු 20 ක පළපුරුද්ද තියෙනව.
Deleteවැඩේ හරියට කොරොත් කඩේටම මිණියක් එවන්නං්‍්
Deleteජයින් ජය
Deleteදැන්වීම් මිනිය වලලන්ඩ කලිං දෙනවද
Deleteබොඩි වේට් එකට ටැක්ස් ගහන්න පටන් ගනියිද දන්නේ නෑ.. 🙉
ReplyDeleteමේක දැක්කට පස්සෙ ළඟදිම WAT (Weight Added Tex) කියල එකක් එනවලු.
Delete🙃
Deleteමේ ආන්ඩුවනං එහෙමත් කරන්ඩ බැරි නැ
Deleteවිදානය මැරිලද
ReplyDeleteඔවු, උගේ මනෝ කාය තමයි ඔය රිප්ලයි දාන්නෙ.
Deleteහැක් හැක් ලේසියෙන් බෑ පුතා....
Deleteමනෝ කාය හවහට එයි ඔයි පැත්තේ.. සැගවී සිටිනු.. හැක්
සිරාවට මූට මක් උනාද .....පරණ කසිප්පු ගහලද
Delete්
@ ප්‍රසන්න ++++++ 😂
Deleteදැන් මට කියපන් මේ පෝස්ට් එක ලිවුවේ කවුද කියලා... අටමද නැත්තන් අර පාහර විදානයද.. . ඕකා බයටමයි ඔය විදිහට කමෙන්ට් කරලා තියෙන්නේ.දොස්තර ලඟදී කිවුවලු ඔය විදිහට වමනේ කලොත් තව මාස තුනයි අල්ලලා ඉන්නපුලුවන් කියලා
ReplyDeleteඅනේ බඩෝ...
Deleteකුඹුක්කන් ඔයේ ගිල්ලල මරන්නේ.. හික් හික්
යසට හිටිය එකාට මක් උනාද කසුට්ටෝ
Deleteකුඹුක්කන් ඔය ලොකුද
Deleteදැං හිතාගත්තැකි අර උඩ ඇනෝ කෙනෙක් කියල තියෙන ළඟදි වලකජ්ජ ගහන්න ඉන්න එකා කවුද කියල. ඌ තමයි මේ තිගටම කොමෙන්ට් වලට රිප්ලයි කරගෙන ඇවිල්ල තියෙන්නෙ.
ReplyDeleteඅනිද්දා වත සමපෝෂා (ඉරකි තිතකි)
/තිගටම කොමෙන්ට් වලට රිප්ලයි/ ඹව් ඹව් තිගටම රිප්ලයි කොරගෙන යන්න තමයි බැලුවේ..
Deleteසිරාවටම ප්‍රසන්න මූ මැරිද
Deleteවිදානයා මලපෙරේතයෙක් වෙලා තමා
Deleteඅටං මැරිලා...
ReplyDeleteජ ය වේවා !!!
මං මැරෙනකන්ද තෝ බලාන ඉන්නේ
Deleteඹවි ඹව් උඹ මැරුනම මම මේ බ්ලොග් එක ලස්සනට කරගෙන යනවා
Deleteඹ්ං බලපං
මිස්ටර් විදානපතිරන මේල් පාර්ස්වර්ඩ් එක කියන්නේ ගෙදර ගෑණි වගේ පරිස්සං කරන්ඩ ඒන දෙයක් ...ඒක කාටවත් දෙන්ඩ එපා
ReplyDeleteහැක් හැක්..
Deleteතාම ඔරිජිනල් මං තමයි...
ජ ය වේ වා !!
කමෙන්ට්ස් ටික ආතල්නෙ බං පෝස්ට් එකටත් වඩා.... විදානෙ දෙන ආතල් සල්ලි දීලවත් ගන්න බෑ...
ReplyDeleteකොහොමිං හරි අපෙ පොඩි නැන්දගෙ මිණිය මම ගෙදර ඉඳං සොහොනටම එක දිගට ඉස්සර කරගහගෙන අාවා කිලෝමීටර් දෙකක් විතර... කාටවත් දුන්නෙ නෑ.. මට බරක් දැනුනෙ නෑ බං.. හිත ගල්වෙලා මං නිර්වින්දනය වෙලා උන්නෙ...
මමත් එක සැරයක් කරගැහුවා මිනියකට... එහා පැත්තේ හිටපු මනුස්සයා ගිය ආත්මේ පොල් ගස් පුවක් ගස් දන්දීලා වගේ හෙන උසයි... ඉතින් මිනිය ඇලේට හන්දා බර දැනුනා...
ReplyDeleteඋස සමාන නැති නිසා බන් එක එකාට බර වැඩියෙන් දැනෙන්නේ. අනික් කාරණාව තමා මිනිය එම්බාම් කරද්දී මිනියට ගහන ෆොමිලින් වල බරත් ඕකට එකතු වෙනවනේ. ඉතින් සාමාන්‍ය මිනිහෙකුගේ බරට ෆොමිලින් වල බරයි, පෙට්ටියේ ලෑලි වල බරයි, පෙට්ටිය වටේ එල්ලලා තියන සරුවපිත්තල කෑලි වල බරයි ඔක්කොම ආවාම ඔතන කොහොමත් අවම කිලෝ 150 ට වැඩියි මම හිතන්නේ. ඉතින් ඔය කිලෝ එකසිය පනහ හය දෙනාට බෙදිලා එද්දී එකාට කිලෝ 25ක් එනවා හය දෙනාම එකම උසින් සමාන පුද්ගලයින් කියල උපකල්පනය කලොත්. ඒත් ඒක එහෙම නැති නිසා බර බෙදීයාම විවිදාකාරයෙන් සිදුවෙනවා. ඊට අමතරව පාරේ පිහිටන උස මිටි තැන් වල ස්භාවය අනුවත් බරේ බෙදීයාම වෙනස් වෙනවා. ඊටත් වඩා වැඩේ හපන් වෙනවා හත්පොලේ ගහල අඬන කෙනෙක් පෙට්ටියේ එල්ලිලා ඌ එක්කම යන්න තනනවානම්.
ReplyDeleteමළ ගෙවල් ගැන පොස්ට් ටිකක් වැඩිපුර වැටෙයි වගේ ..
ReplyDeleteවිද්ද්‍යවයි ඇදහිලියි කියන්නේ අපුරු මාතෘකා නොවේ