2017-08-26

චංචලා

නොමේරු හිත්පතුල ගැඹුරටම කොනිතලා
හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා
අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා
මං තාම ආදරෙයි  කෝ කොහිද  චංචලා


නුඹ නිසා රිදුන හිත  නුඹ වෙතම පෙම්කලා
ජීවිතේ  වෙහෙස මැද  වෙන තැනක හිරවෙලා
හැමදාම වරින් වර  මම  නුඹව සිහිකලා
මම නුඹව සොයනවා  මුහුණු  පොත පීරලා

57 comments:

  1. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු ...

    ReplyDelete
    Replies
    1. සිරාවටම ....... හිටියනං බැට් එකෙන් නෙමෙයි අතට අහුවෙන එකෙන් කෙලලා අරී

      Delete
  2. රිදුණු හිත කෙනෙත්තුව පවට කඳුලක් වෙලා
    තැවුණු මේ ජීවිතය එක තැනක හිරවෙලා
    මුහුණු පොත පීරමින් නොසොයන්න වෙහෙසිලා
    සිඳුණු තටු සමගින්ම යන්න යන මා චංචලා...

    කාලෙකට පස්සේ අටංගේ රහ පිරි කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං ............. කොහොමද උබගේ ජීවිතේ දැන් ............. පට්ටයිනං එළ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. //නුඹ නිසා රිදුන හිත නුඹ වෙතම පෙම්කලා//
    අටං මහත්තයෝ හිත් පතුලෙන් නැගෙන හඩාවැටෙන හඩ අපුරුයි
    පට්ටයි මචෝ

    ReplyDelete
    Replies
    1. මේ ඕයි .........තමුසේ මාව සිත්තරක් අදිනකොට .......... කට පැත්තට ඇන්දේ ඇයි

      Delete
  5. පරන ලව් සීන් එකක් වගේ හැක් හැක් හැක්...

    ReplyDelete
  6. චංචල උනාම ඔය වගේ ඒව හිතෙනව. හැක්..

    ReplyDelete
    Replies
    1. Praසන්ன හායි!!!

      හැමදාම වරින් වර මම නුඹව සිහිකලා...
      මම නුඹව සොයනවා ගොඩකවෙල ගම පීරලා

      අනේ ලව් බලනකො මගේ අදහස් වගේම ලියලා තියන හැටි ඔයා ගැන ....ස්ටෝබරි ලොලිපොප් හරිම රසයි..... ටෙක් කෙයාර් ලව් ..සියු සුඋන්....තංගල්ලේ මිතුරා

      Delete
  7. මේ අර මලිත්ට ගහද්දි අඩපු චංචලාද ?

    ReplyDelete
    Replies
    1. නෑ වෙන එකියක් .......ලක්මාල්ට ගහනකොට ඇඩුවොත් නෑ ...... ගහන උන්ට ....... ආයුධ දුන්නා

      Delete
  8. //මම නුඹව සොයනවා මුහුණු පොත පීරලා//

    මමත්, බ්ලොක් කරගෙන ඉන්නවද දන්නෙ නැහැ. තාම හොයාගන්න බැහැ

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඒකමයි ,, දන්නවා හොයන බව.... ඕකට තියනවා ලස්සන වචනයක්.........අඹ කෑවහම මොළය දනවා

      Delete
    2. අඹ නෙමෙයි අබ.......... ඕක පත්තරයගෙන් අල්ල ගත්තේ

      Delete
  9. \\..මම නුඹව සොයනවා මුහුණු පොත පීරලා..//

    අටමෝ.. මම දැන් අවුරුදු පහ හයකට කලින් මම ඉස්කෝලෙ යන කාලෙ මගේ පලවෙනි ක්‍රෂ් එක ෆේස් බුක් එකෙන් හොයාගත්ත. රික්වෙස්ට් කළා. එයා ඇක්සේප්ට් කළා. ඒත් දැන් බුකිය වහල අවුරුදු 4ක් විතර. 🙈

    ReplyDelete
    Replies
    1. අපරාදේ ටික්කෝ .......... චූටී කාලේ ලව් පට්ටෙට දැනෙනවා

      Delete
  10. ඒ පාර බොට මොකද උනේ...

    ReplyDelete
    Replies
    1. නරක මිතුරු ඇසුර...!

      ලෙඩේ බෝ වෙලා...!

      Delete
    2. හරියටම හරි අයියේ .......... ලෙඩේ බෝ උනේ උඹෙන්

      Delete
  11. මම නුඹව සොයනවා මුහුණු පොත පීරලා.

    මාත් කාලෙකට උඩින් ඕකම කළා

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගාණක් කලා බං මම .......... උත්සාහය අපතේ ගියේ නෑ

      Delete
  12. උඹත් ගෘහස්ථ ප්‍රචණ්ඩතාවයේ ගොදුරක් වෙන්නයි යන්නෙ අටං

    ReplyDelete
    Replies
    1. // උඹත් ගෘහස්ථ ප්‍රචණ්ඩතාවයේ ගොදුරක් වෙන්නයි යන්නෙ අටං // අයියා කියුවා හරි , මම දැන් නැවත ගෙදර ......... දැන් ඔය ඔයා කියන සීන් එකේ ගොදුරක් වෙලා .............. ඒක නෙමෙයි ............. උඹ කෝ බං අයියේ දැන්

      Delete
  13. උඹ හොයන චංචලා
    වෙන ගේක හිරවෙලා

    ඒ ගෙදර මහඑකා
    මූනු පොත බ්ලොක්කලා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම සීන් එකක් නෙමෙයි බං අයියේ ............ හම්බුනා නැවත.

      Delete
  14. මූණු පොත පීරමින් ඔබ හොයන චංචලා
    ඉක්මනින් හමුවෙන්න කියා මා පතනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. පිස්සු කතා කරන්න එපා

      මම මදුෂි භාග්‍ය ගේ අයියා

      Delete
  15. කියල වැඩක් නෑ අටමො.
    මතක් වෙනකොට පපුව හෝස් ගාල යනවා.
    මුහුනු පොත නෙවෙයි ලෝකෙ අස්සක් මුල්ලක් නෑර හෙව්වා.
    ඒත් එයා නෑ. එක සැරයක් දැක්කොත් ඇති රත්තරන් මැරෙන්න කලින්.

    ReplyDelete
  16. කවුද අප්පා අටංට බුටි තිබිබෙි.......?

    ReplyDelete
  17. What this about? It is past love incidant ?

    ReplyDelete
  18. නියමයි....මටත් මතක් වුණා එකක්

    ReplyDelete
  19. මං බ්ලොග් පැත්තේ ආවා නැති දවස් ටිකට වෙලා තියෙන දෙයක් :) :) :)

    ReplyDelete
  20. චං චං චචං චංච චං චංච චංචලා
    අට්ටං ටටං ටංට අටමන්ට සිහිවෙලා

    ReplyDelete
    Replies
    1. හි හි හි හි හි හි හිහි ......සුරංගනා..
      මෝඩ චුන් මෝඩ චුන් මගේ මැණික කියනවා

      Delete
  21. බ්ලොග් වල තියෙන පඬි වඩ්දන් බරසාර ලිපි කියවලා ඔලුව කචල් වුනු වෙලාවට අටං ගෙන් අපූරු සරළ රසවට් කවි පෙලක්.
    හිතල රසය මවාගේන රස විඳින්න පුළුවන් කවි පෙලක්.
    කවියටත් වඩා කථාව ලස්සනයි.
    අටං නියමයි...!

    ReplyDelete
  22. අතීතය සිහිනයක් පමණයි. සිහින පස්සෙ යාමෙන් පලක් නෑ..

    ReplyDelete
  23. xxx කවි නේද

    ReplyDelete
  24. අහෝ විචාරක දියණිය
    ඔබපියා 1974 වසරේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලේ ඉගෙන ගනිද්දී රගර් ක්‍රීඩාව පුහුණුව සඳහා කෝට්ටේ නව පාර්ලිමේන්තු පාරේ පිට්ටනියක් පුහුනුවට ගියා කියා මහා ලොකු බොරුවක් ලියා අප සැම රැවටීමට උත්සහා කළා නමුත් 1974 වසරේ නවපර්ලිමෙතුවක් කෝට්ටේ තියා කොහෙවත් සිතියමක්වත් තිබිනේ නැහැ .1977 රජය්පෙරලුනු පසු JR ජනාධිපති විසින් තමයි 4 July 1979 මුල් ගල තියා 29 April 1982 විවුර්ථ කලේ
    එමනිසා ඔබගේ පියා කුජිත වුනා බොල්ග් ලොවේ ....බොරු ලියා .

    දැන් ඔබ පියා කල දෙයක් ඔබ මෙසේ කියනවා
    31 August 2017

    මුදල් ඇමතිතුමාගේ සංග්‍රහය ලිපිය තුලින්

    මගේ පියා - ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්
    මුදල් ඇමති තුමා - ඉලන්දාරියා මොකටද මේ පුහුණුවීම් ?
    මගේ පියා - සර්, ලබන සතියේ රන්ටැඹේ යන්න ......

    එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ. විචාරක පාසල් කාලයේ මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා කියලා ඔබ කියනවා [1964-65] සහ [1970-1977] නමුත් ආචාර්ය එන්. එම්. පෙරේරා මැති තුමා 1979 වසරේ මිය යනවා

    හරි දැන් එක එහෙම උනයි කියමුකෝ ......

    National Cadet Corps Training Centre, Rantembe was established on 2 December 1990 දී අප විසින්
    ncc අනුයුක්තව .

    ඉතින් ඔබ [ඔබේ පියා සේම ]කියන පරිදි ඔහු රන්ටඹේ යායුත්තේ 1990 පසුවයි ඊට ප්‍රථම රන්ටබේ පුහුණු කඳවුරක් තිබුනෙත් නැහැ 1979 පෙර එවැනි කඳවුරක් ලෝකයේ කිසිම සිතියමක් හෝ කාගේ සිතෙවත් තිබුනේ නැහැ

    [ඔබේ පියාට මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා 1979 පෙර හමුවුවානම් ද නැතිනම් එයත් බොරුවක් ]

    ඔබත් පියා සේම බොරු බේගල් කියමින් බ්ලොග් කියවන් නන් රැවට්වනවා .නමුත් ඇත්ත එය නොවේ ...

    දැන් ඔබත් කුජිත වි අවසානයි !!!! ..... අහෝ දුකකි !

    ReplyDelete
  25. මේ අර මලිත්ට ගහද්දි අඬන ලමයාද?

    ReplyDelete
  26. අනේ මංද එදා වසන්තය දවසේ ෆොටෝ වල අටම ගුටි කාපු පාටක් තිබ්බෙ නැහැ, බාග විට පවුල තවම මේක දැකල නැතිව ඇති :)

    ReplyDelete
  27. lassanai..................

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘  කතා දෙකක්
    මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ කන්ඩලම හෝටලය හදාපුකාලේ  එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය…
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • ඇයි යකෝ ඔය
                                             …
  • දරුවෙකුට වාගේ සලකන්නං
    ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න…
  • සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 3 ) වැටවල්වල අඹ පැලවීම භයානකයි
    දෙවැනි කොටස මෙතැනින් සල් ලිඳට බැහැලා නාපු කෂ්ටියට පෝරියල් සෙට් කරල එහෙම ඔන්න ඉතින් සතියක් දෙකක් ගියා , ඔය  අතරේ ඉතින් අර අයියලා කට්ටිය…
  •  දළු බුලත්
    ‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘ ‘‘…
  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  •  මම දන්න ගුණයහපත් බල්ලෝ
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • අලේ    අලේ  මෙහේ--
    අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ. අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 4
  • අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට
    නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට මගේ මල්ලිව තුරුල් කරන්…
  • සුපවයිසර් කෝ
    මේ චාටර්ම චාටර් සිද්ධිය උනේ කාලයකට ඉස්සර මම යෝගට් කෝප්ප නිෂ්පාදනය කරන ආයතනයක වැඩ කරන කාලේ , ඒ ආයතන‍යේ වැඩ රාජකාරි සිද්ධ උනේ සේවාමුර ක්‍රමයට,…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • මහලා කන්ඩදීම
    මම දැන් කියන්න යන්නේ අපේ හාමිනේ රැකියාව අහිමිඋන මට කන්ඩ දුන්න විදිහ.මම එකාලයේ රස්සාව කෙරුවෙ වෙළද දැන්විර්‍ම , ටෙලිනාර්‍ටටි , චීත්තර පටි එහෙම…
  • මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • සුද්දා වගේ එලියට ඇදල
    ‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘ ‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘ ‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං…
  • Which machine is good ? Singer Soje Hispeed sewing or Old  juki Hispeed sewing machine
    ''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්'' මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා මේ ගැන ටිකක්…
  • How to put a Singer 974 shuttle
  • බෝතාල් පත්තරේ
  • හාමිනේද පෙට්‍ටගමද
     නිමල් බොහොම අඩු වයසෙන් තමන්ගේ උත්සාහය සහ කැපවීම නිසා ජීවිතය සාර්ථක(ද) කරගත්ත මනුස්සයෙක්.ඇත්තටම මහත්තයෙක්.  හැබැයි හැමෝටම වගේ එ…
1,645,748

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>