2018-03-03

වඳ සැත්කම්


මගේ ප්‍රීයාදර දයාබර පාඨක පාඨිකාවන්ට මතකද දන්නේ නැ අර හොදට පස්සෝනවා  කතාවේ අනුරයයි දම්මිකයයි , ඔන්න ඉතින් තව දවසක් අපි මැටි ගහලා හදාපු දම්මිකය තනියම ජීවත් වෙච්ච ගෙදර තුන්දෙනා එක්ක කයියක් ගහගන ඉන්නවා , ඔව් ඔව් එදත් මලක් ලයින් කරන ගමං තමා , ඒ  ගෙදර ඉතින් හෙන නිදහස් දම්මිකයා විතරයි හිටියේ  ඒ වත්තේ මීටර් සීයකටත් එහා පැත්තේ උන්ගේ මහ ගෙදර තිබුනේ ..... සමහර වෙලාවට කොල්ලො පිරිලා , ඔය එහෙං මෙහෙං හොයාගත්ත වේට් සෙට් එකක් , බංකු , ඇදක් , පැදුරු තව දම්මිකයගේ  පොත් පත් මේසය ආ තව ලොකු කන්නාඩියක් තිබුනා. ඊට අමතරව එහා කෑල්ලේ පොඩි කුස්සි කෑල්ලක් තිබුනා .... වෙන මොකවත්ම නැ .... බෝල කුඩුවෙයි .... ඉස්කීරීමෙයි .... රෙදිනං තිබුනා එක එකාගේ. කොල්ලොන්ගේ වැඩේ සිකරට් ගහනවා මල් ගහනවා අරක්කු බියර් ලැබුනොත් ඒවත් බොනවා .... වේට් කරනවා , කන්නාඩිය ඉස්සරහට ගිහිං පුම්බල බලනවා ..... බලාන ඉන්දැද්දි ඇට ගැහෙනවා ගැන්සියම.


අපි තුන්දෙනා එදා කතා බහ කරකර හිටියේ උන් දෙන්නගේ නෑදෑ සහෝදරයෙක් වෙච්ච කපිලය උන්ගේ නෑදෑ සහෝදරියෙක් වෙච්ච චන්දිමාව උස්සං ගිය කතාව .... එතකොට ඕන්නං ඔය සිද්ධිය වෙලා දවස් පහක් ඇති.ඔය කපිලය ට ඇවිල්ලා අනුරයගේ වයස , චන්දිමා මටත් බාලයි , ඕකුන් දෙන්නගේ හුට පටය අපි තුන්දෙනා දැනගත්තා මුලදිම සහෝදරයෝ විදිහට අනුරයයි , දම්මිකයයි දෙන්නා තදින්ම අකමැත්ත ප්‍රකාශ කෙරුවා කපිලයට , ඒකට හේතුව තමයි ඔය ජෝඩුවගේ තිබුන නෑදෑකම. ඔය කපිලයගේ තාත්තගේ මල්ලිගෙ කෙල්ල තමයි චන්දිමා .... ඉතින් දෙයියනේ මිනිස්සු යාලුවෝ වශයෙන් අපෙන් අහනකොට අපි එපැයි උත්තර දෙන්ඩ.

ඔය චන්දිමා අපේ ඉස්කෝලෝ ... මං එතකොට ඕලෙවල් කරලා ඉවර උනත් ... එක හමාරට ඉස්කෝලේ ගාවට යනවා ... ඇයි දෙයියනේ මොනතරං රාජකාරි තියනවද එතකොට ඉස්කෝල ගේට්ටුව ගාව. සමහර දවසට ඕකි මාත් එක්ක එනවා ඉස්කෝලෝ ඉදං එහෙම දවසක මාත් ඔය ගැන ඒකි එක්ක කතා කරල තියනවා .... මොන කිසිම අංගපුලාවක් නැ ඒකිගෙත් ... කියන දෙයක් කනකට ගත්තෙම නැ ..... අන්තිමට කියුවේ ඉන්නවකො මම කියන්නං කපිල අයියට කියලා ..... මට ඉතින් අසුහාරදාහට මල පැන්නා හොදක් කරන්ඩ ගිහිං තව කුණු කතා අහන්ඩ..... කපිලට කියල තොපේ අම්මට අහවල් එක කරගනිං කියල .... ගෙදර ආවා ..... කපිලය නෙමෙයි ඔව්වා මගෙන් අහන්ඩ ආවේ.

කොටින්ම ගෙවල් දෙකේම මහ එවුන් කැමති නැ .... හත්මුතු පරම්පරාවම කැමති නැ .... කොටින්ම නහර කාරයෝ වෙච්ච අනුරලාගේ ... දම්මිකලගේ  තාත්තල දෙන්නට අහුවෙන්ඩ යන්නේ නැ කපිලයයි .. චන්දිමයි.

උන් නැදැයෝ කියමුකෝ ...ගමේ උන්ට ඊට වැඩිය පුකේ අමාරුව, වැඩිය වදේ විදින්නේ මමයි ධම්මිකයයි අනුරයයි, අපෙන් තමයි අහන්නේ .... අයියල නංගිලා  නාඩගං නටනවා ... උඹලා සහෝදරයෝ  යාළුවෝ වෙලා උල්පන්දං දෙනවා කියල. ඔහොම ටික ටික ගෙවල් දෙකේ එවුන් ජම්මන්තර වෛයිරයි .... සතියට දවසක් දෙකක් වලි , මුන් දෙන්නට ගානක් නැ. කොහොමහරි වැඩේ ඇදගන යනවා. ඔහොම ගිහින් ගිහින් තමයි රස්සාවකුත් හරියට නැතුව කෙල්ලට ඔලෙවල් ඉවර උන ගමං කපිලය කෙල්ල ඇරං පැනලා ගියේ ... අනුරය දන්නෙත් නැ , දම්මිකය දන්නෙත් නැ ... මම දන්නෙත් නැ .... යාළුවෝ කාටවත් යන එන තැනක් කියලත් නැ , මුං  ගාව සල්ලිත් නැ කියල අපි දන්නවා ... අපිට හෙන අප්සට් ......එකට හිටපු එකානේ .... මොනව උනත් කෙල්ලත් එහෙමයි ... හොර කුකුලෙක් .... ඉත්තැවෙක් ලිපේ තියාගන්ඩ බැදපු තුනපහ ටිකක් ඉල්ලන්ඩ ගියත් ......හප්පෝ තමුසෙලගේ මලවදේ අයියේ කියල .... සුදුළුණු බිකක් දෙකකුත් දෙන එකී..... ගෙට ගොඩ උනොත් ප්ලේන්ටියක් වරද්දන්නේ නැ .... හැබැයි නයිස් බිස්කට් පැකට් එකක්නං ... කොහොමහරි කඩාගන්නවා.

ඔය කතාව තමයි දැං අපි කතා කර කර ඉන්නේ .... ජනේලය ගාව හිටිය මං පේනවා නිමල් අංකල් එනවා ... නිමල් කියන්නේ අනුරගෙයි , දම්මිකයගෙයි දෙන්නගෙම මාම...

‘‘ ඒ  මචං නිමල් ලොක්කා එනවා ගහපං මෙට්ටේ අස්සේ ‘‘

‘‘ අපේ නිමල් මාමද  .... හරි මංජුවෝ  පොර අවුලක් නැ ‘‘

‘‘ ....අම්මට හුඩු සතර පතර ....මයේ බෑනල දෙන්නම ඉන්නවා ‘‘

‘‘ නිමල් මාමේ  කොහොමද ‘‘

නිමල් ලොක්කා හොදට ගහලා  ... පොර බිව්වට වැනෙන්නේ නැ .... බහුබූත විකාර කියවන්නෙත් නැ ..... බීලද නැද්ද හොයන්ඩත් බෑ .... බොන එකේ සීමාවකුත් නැ .... හැබැයි පොර බීලා කියල අපි දැන ගන්නේ පොඩි සීන් එකකින් ..... මෑන් .... බීලා ඉන්න වෙලාවට .... අම්මට උඩු සතර පතර  .... කියල කියනවා .....  කොටින්ම දැං මාස කිහිපයකට උඩදි .... මං මාස ගානකට පස්සේ  අපේ හෝම් ටවුන් බැස්ස වෙලාවක ... හැනපියර් බාගයක් ඇරං බයික් එක පැත්තට හැරෙන කොට ... මෑන් මගේ ඇගේ  හැප්පුනා  ... දැං ගොඩක්  වයසයි ... කටේ දතුත් හැලිලා .... මං .... අනේ   සොරි අංකල්  කියුවා  .... මට පොරව අදුරගන්ඩ බෑ   .... මෑන් මාව අදුරගත්ත  කියහංකෝ   ..... ඉස්සර හෙන කැහුටු   .... නොදන්න කෙනෙක්ට හොයන්ඩ බැරි විදිහට මුහුනුවර වෙනස් වෙච්ච ..... නෑදෑයන්ට අදුරගන්ඩ බැරි ... මාව ... මේකා   එකපාරට අදුරගත්තා කියහල්ලකෝ.

‘‘ අම්මට හුඩු සතර පතර .... මංජු කොලුවා  නේද මේ ‘‘


ඔන්න ඔහොමයි පොරගේ හැටි

ඔන්න ඉතින් දම්මිකයා කොහොමද   අහලා   .... ගානක් නැතුව මල ඔතනවා

‘‘ආ උඹලා හදට යන්ඩද හදන්නේ ‘‘

‘‘ඔව් මාමේ  අපි වෙන මොනවා කරන්ඩද ‘‘

‘‘ හා හා ඒක හොදයි   .... මොනවහරි   කරමුකෝ  එහෙනං ‘‘

‘‘ මාම  කොහෙද ගියේ ‘‘

‘‘ මං මේ සිකරට් ගන්ඩ කඩේ ගිහින්  එන ගමං බං .... ලාම්පු  එලිය දැක්කා   ... උඹල කතා කරනවත් ඇහුනට ගොඩ උනේ ‘‘

‘‘ කොහෙද අනේ   හිටියේ  පහුගිය ටිකේ  දැක්කෙත්  නැනේ ‘‘

‘‘ නෑ නෑ ඒක නෙමෙයි  ... දැං මං එනකොට උඹලා කතා කරකර ඉදලා නැවැත්තුවේ  මොකක්ද ‘‘

‘‘ මේ  කපිලයගේ   කේස් එක අනේ   .... අනාතයි ගූ හතයි ‘‘

‘‘ ඇයි දැං උඹල එහෙම  කියන්නේ ‘‘

‘‘ ලැජ්ජයිනේ නිමල් මාමේ  අපි කොහොමද රෙද්දක් ඇදං පාරේ  යන්නේ  ... මූ  නංගිලව  උස්සං ගියහම ‘‘

‘‘ හරි දැං  උඹ කවුද  ඒකිගෙයි .... ඒකගෙයි ‘‘

‘‘ මං .... ඉතින්   .... ඉතින්  ... මං ... කපිලගේ  යාලුවනේ .. .... ..අනික අපේ  ඉස්කෝලේ නංගි කෙනෙක්  .... ඒකිත්  යාලුවෙක් තමා...‘‘

‘‘ හරි එතකොට  දම්මිකයි ... අනුරයි කවුද  ......‘‘

‘‘ මුන් දෙන්නා  අරුන් දෙන්නගෙ  අයිය‍ෙනේ ‘‘

‘‘ ඉතින් උන්ට  නැති  අමාරුවක්  මොකෝ  උඹට ‘‘

‘‘ උන්ටත්  එහෙමයි .... නේද  ...අ ... නේද මචං ......... අනික නිමල්  අංකල්  ලේ නෑයෝ  බදින්ඩ හොදත් නැ.... ලූ ....  අංගවිකල ළමයි හිටං හම්බෙනවලු   ‘‘

‘‘ මේකනේ   ලොකු  මාමේ  සීන් එක පට්ට අවුල් නේ   ....  ගමම කැලබිලා ‘‘

‘‘ මොනවටද දම්මික කැලබෙන්නේ ... අනුර පුතේ  ... යාලුවටවත්   කියල දුන්නේ  නැද්ද ‘‘

‘‘ මොකක්ද ලොකු මාමේ ‘‘

‘‘ මං හිතුවා  මහ උන්ට විතරයි ලෙඩේ  තියෙන්නේ  කියල ........ තොපිත්  මැරිල ඉපදිලාද ‘‘

‘‘ ඇයි මාමේ  එහෙම කියන්නේ ‘‘

‘‘ තොපි ඔක්කොම බබ්බු ‘‘

‘‘ කියන දෙයක් කියන්ඩ අනේ  ....වාත කරන්නේ  නැතුව .... ආ පත්තු කරනවද  ‘‘

‘‘ එපා   උඹල ඔලුව කාල මට නැට්ට හරිය දීහල්ලා ..... හරි හරි  .... දැං මට මෙව්වට උත්තර දීහල්ලකෝ ‘‘

‘‘ දැං ලොකු අයිය කවුද ‘‘

‘‘ ලොකු අයියා කියුවේ  නිමල් අංකල් ‘‘

‘‘ යකෝ මේ අනුරයගේ  තාත්ත .... ඒ දවස්වල මුන්  හතර දෙනාවම හදලා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ පොඩි අයියා මුන් හතර දෙනා හදලා .... කේල්ලෙක්  ඕන කියලා .... සදුනිත්  බඩේ ‘‘

‘‘ ඉතින්  ‘‘

‘‘ අර අපේ  බැල්ලිගෙ  පුතාල දෙන්නත්  හම්බෙලා  ... පොඩි එකත්  ඉස්කෝලේ   යනවා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඔය අරුණයයි ... සංජීවයි  දෙන්නාවත් දාල උන්ගේ  අම්මා  ගල්කොරියෙ  ඩයිබර් කෙනෙක් එක්ක පැනල ගියානේ , එදා ඉදන් තමයි අපේ අම්මා ඔය  කොල්ලො දෙන්නව හදාගත්තේ ,  චන්දරය ලෙහල ඇරපු ගොනා වගේ වටේ කොට කොට හිටියා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඉතින් කියන්නේ  දවසක්  .....  කයිබාන් එකක් නැතුව .... අපෝ වෙලා ඉන්නවා  පොඩි අයියයි  , ලොකු අයියයි  , මායි ..... අරක්කු ටිකක් බොන්ඩ විදිහකුත් නැ , ෂුවර්  අස්සයෝ  දෙන්නෙකුත්   ඉන්නවා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඉතින්  මම කියුවා  තුන් දෙනා එක්ක  ගිහිං ඔපරේසන්  කරගන පන්සීයත් අරං එමු කියල ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඔන්න එතකොට ... අරුන් දෙන්නත් ආවා ‘‘

‘‘ කවුද ‘‘

‘‘ යකෝ  චන්දිමාගේ  මහ එකයි ... කපිලයගෙ  මහ එකයි ‘‘

‘‘ හෑ ඈ ... චන්දරේ  අංකලුයි ... සුමනෙ අංකලුයි ‘‘

‘‘ ඔව් බං ‘‘

‘‘ පස්සේ  අපි චිට් එකකුත් දාල  හම්බෙච්ච දෙදාස් පන්සීයෙම බීලා ගෙදර ආවා ‘‘

‘‘ ඉතින් ‘‘

‘‘ ඉතින් කියන්නේ ....  ඊටත් අවුරුද්දකට දෙකකට පස්සේ තමයි  ඔය කාන්ති  රට ඉදන් ආවේ , දැං වගේ නෙමෙයි ඒ කාලේ ටිං ටිං ගානව ‘‘

‘‘ ආ චන්දිමාගේ  අම්මා .... එතකොට එයා කලින්  බැදලද ‘‘

‘‘ බැදලද  .... යකෝ  දෙපාරක්  ලෙහලා තුන්වෙනි පාරට චන්දරේ  බැන්දේ ‘‘

‘‘ඉතින් ‘‘

‘‘ ඉතින් කොහොමද බූරුවෝ  .... අපි හතර දෙනා එක්ක  නහර කපලා පන්සීය ගත්ත එකා  අවුරුදු දෙකකට පස්සේ  දෙවනි ගෑණිට ළමයෙක් හැදුවේ ‘‘


27 comments:

  1. //ඉතින් කොහොමද බූරුවෝ .... අපි හතර දෙනා එක්ක නහර කපලා පන්සීය ගත්ත එකා අවුරුදු දෙකකට පස්සේ දෙවනි ගෑණිට ළමයෙක් හැදුවේ//
    කෙලියා නේද තාප්පෙටම ?

    ReplyDelete
  2. //කොටින්ම දැං මාස කිහිපයකට උඩදි .... මං මාස ගානකට පස්සේ අපේ හෝම් ටවුන් බැස්ස වෙලාවක//

    ඇයි ? හෝම් ටවුන් එකේ නෙමෙද දැන් ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. දැං හෝම් ටවුන් ඉන්නේ

      Delete
  3. දැවෙන ප්‍රස්න බොල මේවා.....

    ReplyDelete
  4. වාසෙක්තමි කරාම ඒ කාලේ පන්සීයක් දෙනවද බං? දැන් දෙන්නේ නැද්ද? මාත් මේ අඩියක් ගහන්න විදියක් නැතුව ඉන්නේ.. :))))

    ReplyDelete
    Replies
    1. ඉස්සර දෙනවලු බං , දැන් නැ

      Delete
  5. එහෙම වෙනව බං. අපේ ගමෙත් පොරක් වාසෙක්තමි කරගෙන ඇවිත් අවුරුද්දකට ඉතර පස්සෙ ගෑනිට ළමෙක් හම්බුණා. ළමයා උගෙමයි කියල මිනිහ දහ අතේ දිවුරනවා. හැබැයි අපි නං සීන් එක දැනන් හිටියා. මම ලිව්වත් ඒ කතාව.

    ReplyDelete
    Replies
    1. ඔහේල හවුල් උනේ නැ නේද

      Delete
  6. අප්පට සිරි වෙනවා...

    වඳ පෙත්ත නිසා මතක් වෙච්ච වඳ සැත්කම නේ???

    ReplyDelete
  7. කැපුවයි කිවුවට හරියට කපල නැද්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. කපනව විතරක් නෙමෙයි නේද බං කපල ගැටත් ගහනවලු

      Delete
  8. //සහෝදරයෝ විදිහට අනුරයයි , දම්මිකයයි දෙන්නා තදින්ම අකමැත්ත ප්‍රකාශ කෙරුවා දම්මිකයට// මේ අන්තිම දම්මිකය එක කපිලය වෙන්නෝන නේද

    ReplyDelete
  9. අපිට පිස්සු හුත්තෝ. විශේෂයෙන් මට..ඒ පිස්සුවට මම ආසයි.

    ReplyDelete
  10. ඒ මොකක්ද බං ඒ නහර කපන සීන් එක? 🤔

    ReplyDelete
    Replies
    1. වාසෙත්මි සැත්කම

      පිරිමි වන්ද්‍යකරණ ක්‍රමයක්වන මෙය එතරම් සිදු නොවේ. බොහොමයක් පිරිමින් මෙම සැත්කම සඳහා කැමැත්ත පළ නොකරයි.

      Delete
  11. මේ ඒකාලෙ උන ඔය සීන් එක ගැන හරි විස්තරයක් දාපල්ලකො කව්රු හරි.

    ReplyDelete
  12. මැෂින් බිජ්ජෝ
    පෙරුම්කායම් රුපියලක තරමට රෙදි කෑල්ලක් ඔතාගෙන පඬුරක් වගේ අතේ බැඳගෙන ඕන එකෙක් එක්ක හැමිනියන්

    ReplyDelete
  13. ඕක මචන් කලාම ටික කාලෙකින් ආයෙ ටෙස්ට් එකක් කරලා බලන්න ඕන හරියටම වෙලාද කියලා.. සමහරවිට ඔපරේශන් එක වරදිනවා

    ReplyDelete
  14. ඔන්න ඔහොම ටික ටික වඳ වෙලා කොහෙවත් ඉන්න වෙන ජාතීන්ට අත දික් කලාම හරිද?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි
    ‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘ ‘‘මං වැඩක් ‘‘ ‘‘ මොකක්ද වැඩේ ‘‘ ‘‘ රූප හොයනවා ‘‘ ‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘ ‘‘  නැ මං…
  • අපේ හාමිනේට අත මාරුවීම
    බලන්ඩකො අප්පා මට වෙන දේවල්. ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ.  අනේ යකෝ තොපි දුහගන ආවා නේද අන්න අටම්පහුරගේ ගෑණි ඒ නසරාණියා එක්ක ඉන්ඩබැරුව…
  • මරණය
    මට දැං ඇති වෙලා මේ ජීවිතය උඹ ලගට එන්ඩ ලේසීම වේදනා රහිත තාක්ෂණික විද්‍යත්මක නිර්මාණාත්මක සාර්ථක පහසුම ක්‍රම බොහොමයක්ම දන්නවා උනාට කවරදාකවත්ම මම කිසි…
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • ගමේ ඇමති සහ සීනි
    ඔන්න පහුනු දවසක අදේ වරුවක අපේ අහල පහල ගෙදරක අංකල් කෙනෙක් විකියලගේ තාත්තයි , තව එයාලගේ ගජටෙකුයි එක්ක ඇවිත් කියුවා මයිත්තිරිපාල මහත්තයලට සහයෝගේ…
  • අනන්තයක්  වෙනකං
    වෙන ළමයි සැර කෙරුවහම දුහලා මාරු වෙනවා කොහේ හරි හැංගෙනවා එක්කෝ තරහ වෙනවා නැත්තං අඩනවා ඒකටත් එක්ක උඹ කපටි හිනාවක් දානවා තාත්තේ මේ දන්නවද චුට්ටක්…
  • සර්ලට මොකටද කසිප්පු
    අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත්…
  • මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි
    මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා…
  • How to write a Sinhala blog  ( 9 ) ක්මෙන්ට් පලවන ,  පෙනෙන  ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම
    අටවෙනි කොටස මෙතැනින් හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග්…
  •  දළු බුලත්
    ‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘ ‘‘…
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • ආදරණිය රසික රසිකාවියන්ට පණිවිඩයක්
     
  • බාස්ලා.... හොරුද ......
    මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද   ''මේ වෙලාවේ හිනා…
  • ඒඩ්ස් හැදුන තාත්තගේ ළමයි
    අද මම කිරිබත්ගොඩ ඉදං ගෙදර එන්ඩ එන ගමං හැදිච්ච සිකරට් තිබහට ගොඩඋනා හොද තැඹිලි වල්ලක් එල්ලලා තිබුන කඩයකට , කඩේ ඇන්ටිපා එක මං යනකොටත් හොද වෙල්ලා…
  • how and when to change machine oil for a high speed sewing machine?
    ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය How to replace oil of High Speed Sewing Machines '' ජුකි මැසිමට දාන තෙල් තියනවද…
  • ‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘  Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට  rashain mobile kiribathgoda
    ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු…
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )
    දන්නා තැනක මං නිතරම යන එන්නේ පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ පෙරකල පටන්…
  • How to write a Sinhala blog  ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය
    හත්වෙනි කොටස මෙතැනින්දැං බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි…
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
1,646,364

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>