2018-03-06

How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්




                                                     
 ( මල්ටි ෆෝට් වෑල්වය )


( 1 )

පිහිණුම් තටාකයේ පතුලේ රැදෙන අපද්‍රවය්‍ය වැකියුම් කර ෆිල්ටරය මගින් පිරිසිදු කොට නැවත පිහිණුම් තටාකයට එක්කිරීම






මල්ටි පෝට් වෑල්වය ෆිල්ටර් මෝඩ් එකේ තිබිය යුතු අතර  වැකියුම් පෝට් එකට සම්බන්ද නලයේ ස්ටොප් වෑල්වය  ( V ) විවෘතව තිබිය යුතුය.


පිහිණුම් තටාකයේ වැකියුම් පෝට් එකට සවිකල වැකියුම් හෝස් එක සහ වැකියුම් හෙඩ් එක තුලින් ඇදී එන අපද්‍රව්‍ය ෆිල්ටරය හරහා ගොස් පිරිසිදුවී නැවතත් පිහිණුම් තටාකයට එකතු වීම මේ මගින් සිදුවේ.
මුලින්ම ජල පොම්පය ක්‍රීයාත්මක කරන්න , වැකියුම් හෙඩ් එක තටාකයෙන් පිටත තබාගන වැකියුම් හෝස් එකට ජලය පුරවාගැනිමෙන් පසු , වැකියුම් හෙඩ් එක තරමක් ජලයේ ගිල්වා තබාගනිමින් වැකියුම් ෆෝට් එකට වැකියුම් හොස් එකේ අනෙක් කෙලවර සම්බන්දකොට තරමක වේලාවක් තටාකය තුලට ජලය පිරෙන ආකාරය නිරික්ෂණය කරන්න , හෝස් එක තුල වතුර පොම්පය තුල හෝ ජලනල තුල රැදි ඇති සියලුම වාතය පිටවී ගොස් වැකියුම් හොස් එක තුලින් පැමිනෙන ජලය පමනක් පිහිනුම් තටාකයට එක්වන බව සැකහැර දැනගන්න.
















ඉන් පසු ජලය නොකැලෙත්තෙන ආකාරට සෙමෙන් වැකියුම් හෙඩ් එක ජලය තුලට ගිල්ලවා එක් කොනක සිට ක්‍රමානුකුලව පතුලේ ඇති අපද්‍රව්‍ය උරාගන්නා ආකාරයට ඉදිරියට ගෙන ගොස් නැවතත් ඒ සීමාවේම පසු පසට ගෙන එන්න






මෙම ක්‍රියාවලියෙන් පසු බැක්වොෂ් කිරීම සහ රින්ස් කිරීම අනිවාර්යෙන් සිදුකල යුතුය.


( 2 )
පිහිණුම් තටාකයේ පතුලේ රැදෙන අපද්‍රවය්‍ය වේස්ට් මෝඩ් එක මගින් ඉවත් කිරීම (වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති විටදී පමණක්)



මල්ටිපෝට් වෑල්වය වේස්ට් මෝඩ් එකේ තිබිය යුතු අතර වැකියුම් පෝට් වෑල්වය ( V ) විවෘතව තිබිය යුතුය

 මේ මගින් ෆිල්ටරය තුලට ජලය ගලායාමක් සිදු නොවන අතර කෙලින්ම අපද්‍රව්‍ය පිටාර නලය තුලින් ඉවත්වීම සිදුවේ.

 ජලය අපතේ යාමක් සිදුවන බැවින් වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති විටදී පමණක් මේ ක්‍රමය භාවිතාකල යුතුය.

මෙම ක්‍රීයාවලියෙන් පසු සුලු වේලාවක් රින්ස් කිරිම සිදුකල යුතුය.


( 3 )
බැලන්සින් ටෑන්ක් එකෙන් ජලය ලබාගනිමින් ෆිල්ටරය බැක්වොෂ් කිරීම






බැලන්සින් ටෑන්ක් ස්ටොප් වෑල්වය ( B ) විවෘතව සහ මල්ටි පෝට් වැල්වය බැක්වොෂ් මෝඩ් එකේ තිබිය යුතුය

ෆිල්ටරය තුලට එකතුවූ අපද්‍රවය්‍ය පිටාර නලය තුලින් ඉවත්ව යනතුරු මෝටරය ක්‍රීයාත්මක කල යුතු අතර ඒ සදහා විනාඩි 1ක පමන කාලයක් ගතවේ , සමහර අවස්ථාවල මේ කාර්ය්‍ය සම්පූර්න විමටගතවන කාලය වැඩි වීමට හැකි අතර , පිටාර නලය තුලින් පිටවන ජලය නිරික්ෂනය කිරීම මගින් සියලු අපද්‍රව්‍ය පිටවූවාදැයි සහතික කොට දැනගත හැක.

මෙම ක්‍රීයාවලිය සිදුකිරීමේදි සැලකිලිමත්ව කටයුතු නොකලහොත් , රීසර්කියුලේට් කිරිමේදි සහ ෆිල්ටර් කිරිමේදි ෆිල්ටරය  තුල එකතුව ඇති අපද්‍රව්‍ය නැවතත් තටාකය තුලට ගමන්කල හැක.

අවස්ථානුකුලව විශේෂ අවශ්‍යතාමත වැකියුම් ෆෝට් එක හරහා හෝ ඩ්රේන් ෆෝට් එක හරහාද ජලය ලබාගනිමින් මේ ක්‍රීයාවලිය සිදුකිරීමට පුලුවන.

මේ ක්‍රීයාවලියෙන් පසු පයිප්ප තුල ඉතිරිවන අපද්‍රව්‍ය ඉවත්ව යනතුරු රින්ස් මෝඩ් එක ක්‍රීයාත්මක කල යුතුය.




( 4 )
බැලන්සින් ටෑන්ක් , වැකියුම් ෆෝට් හෝ ඩ්රෙන් ෆෝට්  එකෙන් ජලය ලබාගනිමින් රින්ස් කිරීම






බැලන්සින් ටෑන්ක් ස්ටොප් වෑල්වය , වැකියුම් ෆෝට් ස්ටොප් වෑල්වය , ඩ්රේන් ෆෝට් ස්ටොප් වෑල්වයන්ගෙන් එකක් හෝ දෙකක් නැතිනම්  අවශ්‍යතාවය පරිදි තුනම විවෘතව සහ මල්ටි පෝට් වැල්වය රින්ස් මෝඩ් එකේ තිබිය යුතුය.

 මේ මගින් සිදුවන්නේ පයිප්ප තුල රැදී ඇති අපද්‍රව්‍ය පිටාර නලය තුලින් බැහැරකිරීමයි.
සෑම බැක්වොෂ් කිරීමකින් සහ වේස්ට් කිරීමකින් අනතුරුව මේ ක්‍රීයාවලිය සිදුකලයුතු අතර ක්‍රීයාවලිය සම්පූර්න වීමට විනාඩියක පමණ කාලයක් ගතවිය හැක.

පිහිනුම් තටාකයට සහ බැලන්සින් ටෑන්ක් එකට මෝටරයේ සහ ෆිල්ටරයේ සිට ඇති දුර වැඩිවන විට මෙම ක්‍රීයාවලිය සම්පූර්න වීමට ගතවන කාලය වැඩිවිය හැක.



( 5 )
ස්ටොක් ටෑන්ක් එකෙන් ජලය ලබාගනිමින් ෆිල්ටර් කිරීම







බැලන්සින් ටෑන්ක්  ස්ටොප් වෑල්වය ( B ) විවෘතව සහ මල්ටි පෝට් වැල්වය ෆිල්ටර් මෝඩ් එකේ තිබිය යුතුය

ස්ටොක් ටෑන්ක් එකේ ඇති ජලය ෆිල්ටරය හරහා ගොස් පිහිනුම් තටාකයට එකතුවන අතර , පිහිනුම් තටාකයේ ඇති ජලය උතුරා යමින් නැවතත් ස්ටොක් ටෑන්ක් එකට එකතුවේ.

මෙම ක්‍රීයාවලියෙන් පසු සැම විටම බැක්වොෂ් කිරීම සහ රින්ස් කිරීම සිදුකල යුතුය.

පිහිනුම් තටාකය භාවිතා කරන අවස්ථාවලදි මෙම ක්‍රීයාවලිය නොකඩවා සිදුකලයුතුය

පිහිනුම් තටාකය භාවිතා නොකලද දිනකට පැය 4 ක් පමන මෙම ක්‍රීයාවලිය සිදුකිරීම මගින් ජලයේ පැහැය සහ පිරිසිදු බව උසස් ආකාරයෙන් පවත්වාගත හැක.



( 6 )
පිහිණුම් තටාකයේ ජලය රීසර්කියුලේට් කිරීම









මල්ටි පෝට් වෑල්වය රීසර්කියුලේට් මෝඩ් එකේ තිබිය යුතු අතර ඩ්රේන් පයිප්පයේ වෑල්වය ( D ) විවෘතව තැබිය යුතුය.

පිහිණුම් තටාකයේ ජලය මෝටරය හරහා ගොස් නැවතත් පිහිනුම් තටාකයට එක්වීම මේ ක්‍රීයාවලියේදි සිදුවේ , පිහිනුම් තටාකය උතුරා යමින් බැලන්සින් ටැංකියට ජලය ගලායාමක් මෙහිදී සිදුවන්නේ නැත.


 ජලයට එක්කල රසායනික ද්‍රව්‍ය හොදින් ජලයට කලවම්  කරගැනීම වැනි විශේෂ අවස්ථාවන්දී භාවිතාකල හැක

මෙම ක්‍රීයාවලියෙන් පසුවද බැක්වොෂ් කිරීම සහ රින්ස් කිරිම සිදුකල යුතුය
( 7  )
ෆුල් පම්ප් ස්ටේනර් බාස්කට් එක පිරිසිදු කිරිම








මුලින්ම සියලුම ස්ටොප් වෑල් සහ මල්ටිපෝට් වෑල්වය වසා දමන්න

දැන් ස්ටේනර් බාස්කට් එකේ ලිඩ් එක ගලවන්න
ස්ටේනර් බාස්කට් එක ඉවතට ගෙන ඒ තුල රැදී ඇති කොල රොඩු වැලි කැට වැනි අප ද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු වතුරෙන් සෝදන්න


නිවැරදි පරිදි ස්ටේනර් බාස්කට් එකේ යොදා ඇති කට්ට නිසි තැනට සිටින සේ තබා , ලිඩ් එක ගෙන , වාතය ඇතුලු නොවන පරිදි තදකරන්න.


( 8 )
පිහිණුම් තටාකයේ ජලය සම්මත ගුණාත්මක මට්ටමෙන් පවත්වාගන යාම , පරික්ෂා කිරීම සහ අනුමත රසායනික ද්‍රව්‍ය අවශ්‍ය පරිද එක්කිරීම.









පිහිණුම් තටාකයේ ජලය පරික්ෂන උපකරනයේ ආධාරයෙන් දිනපතා පරික්ෂා කල යුතුය.

පරික්ෂන උපකරනයෙන් පෙන්වන ආකාරයට අවශ්‍ය විටක අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ක්ලෝරින් සහ සෝඩාඈෂ් එක්කල යුතුය.

ජලයේ ක්ලෝරින් මට්ටම 1.0 ත් 1.5 ත් අතර පවත්වාගත යුතුය.
ක්ලෝරින් මට්ටම අඩුවන අවස්ථාවන්ගේදී ....70% ක්ලෝරින් භාවිතා කරනවානම් පිහිණුම් තටාකයට එක්කල යුතු අතර , 90% ක්ලෝරින් භාවිතා කරනවානම් ස්ටොක් ටෑන්ක් එකට එක්කල යුතුය.

70% ක්ලෝරින් යෙදුවේනම් අවම පැය 6 කට  පසු පිහිනුම් තටාකය වැකියුම් කල යුතු ඌවද , 90% ක්ලෝරින් භාවිතා කරනවානම් එසේ කිරීම අවශ්‍ය නොවේ.

ක්ලෝරින් එක් කරන්නේ කොතරම් ප්‍රමාණයක්ද යන වග තීරණය වන්නේ පරික්ෂන උපකරණය පෙන්වන අගයන් සහ කාලගුණ තත්වය සහ පිහිනුම් තටාකය භාවිතා කරන්නන්ගේ සනීපාරක්ෂක පුරුදු මතය.

ක්ලෝරින් මට්ටම අඩුවී නොමැති අවස්ථාවන්ගේදි , එය නියත අගයක දිගින් දිගටම පවත්වාගැනීමට ලීටර් 60000 ක ජල ධාරිතාවයකින් යුතු පිහිනුම් තටාකයකට ආසන්න වශයෙන් , 90% ක්ලෝරින් 50
gm හෝ 70% ක්ලෝරින් 100gm පැය 48 කට වරක් යෙදිම හොදටම ප්‍රමාණවත්ය. 70% ක්ලෝරින් එක්කරන්නේ නම් එය සිදුකල යුත්තේ , පිහිනුම් තටාකය භාවිතා නොකරන අවස්ථාවන්ගේදීය.

 70% ක්ලෝරින් එක්කල අවස්ථාවන්වලදී පැය 6 පසු වැකියුම් කිරීම සිදුකල යුතුය

ජලයේ
PH අගය 7.2 ත් 7.6 ත් අතර පවත්වාගත යුතුය.
PH අගය 6.8 දක්වා අඩුවන විට සෝඩාඈෂ් එක්කල යුතු අතර කොතරම් ප්‍රමාණයක්ද යන වග තීරණය වන්නේ පරික්ෂන උපකරනය පෙන්වන අගයන් සහ කාලගුණ තත්වය සහ පිහිනුම් තටාකය භාවිතා කරන්නන්ගේ සනීපාරක්ෂක පුරුදු මතය.


ජලයේ
PH අගය 7.2 ත් 7.6 ත් අතර පවතින ලීටර් 60000 ක ජල ධාරිතාවයකින් යුතු පිහිනුම් තටාකයකට එම PH අගය නියත අගයක් ලෙසින් තබාගැනීමට පැය 48 කට වරක් 100gm සෝඩාඈෂ් එක්කිරීම හොදටම ප්‍රමාණවත් වන අතර , සෝඩෑෂ් එක්කල යුත්තේ හාවිතා නොකරන අවස්ථාවක පිහිණුම් තටාකයටය , සෝඩෑෂ් එක්කිරීමෙන් අවම පැය 6 පසු වැකියුම් කිරීම සිදුකල යුතුය.

පිහිනුම් තටාකයේ ජලය බෙහෙවින් අවර්ණව ඇති විට ඇලම් ( ඇලුමීනියම් සල්පේට් ) භාවිතයෙන් ජලය නිල් පැහැයට හරවාගත හැකි අතර , ඒ මගින් සිදුවන්නේ ජලයේ කලවම්ව ඇති , කුඩා අපද්‍රව්‍ය අංශූ තටාකයේ පතුල වෙත ඉක්මනින් රෑගෙන යාමයි , ඇලුමීනියම් සල්පේට් යෙදීමට පැය දෙකකට පමන පෙර අවශ්‍ය ප්‍රමාණයට ක්ලෝරින් සහ සෝඩා ඈෂ් ජලයට එක්කර ඇලුමීනියම් සල්පේට් එක්කිරීම සිදුකල යුතු අතර , ඇලුමීනියම් සල්පේට් යෙදීමෙන් අවම පැය 8 පසු වැකියුම් කිරීම සිදුකල යුතුය. ලීටර් 60000 ක ජල ධාරිතාවයකින් යුතු පිහිනුම් තටාකයකට එක්වරකට 1000
gm ඇලම් යෙදීම හොදටම ප්‍රමානවත්ය.

හයිඩ්රක්ලෝරික් ඇසිඩ් භාවිතා කිරිම නිතරම අත්‍යඅවශ්‍ය නොවන අතර , ජලය බෙහෙවින් කොලපාටට හෝ දුඹුරු පාටට හැරුනු විට සහ ජලයට ආගන්තුක විෂබීජ එකතුවී ඇතැයි සැක සිතෙන මොහොතක භාවිතා කිරීම ප්‍රමාණවත්ය.


 ක්ලෝරින් හෝ සෝඩාඈෂ් අනුපාතය වැඩිවූ අවස්තාවන්ගේදි භාවිතා කිරීමට හැකි උවත් ජලයේ ආම්ලික ගතිය බෙහෙවින් වැඩිවන නිසා විශේෂ අවධානයකින් භාවිතා කල යුතුය , ලීටර් 60000 ක ජල ධාරිතාවයකින් යුතු පිහිනුම් තටාකයක් බෙහෙවින්ම අපවිත්‍රව ඇති විටක උවද හයිඩ්රක්ලෝරික් ඇසිඩ් ලීටර් 4ක් යෙදීම හොදටම ප්‍රමාණවත්ය.

හයිඩ්රක්ලෝරික් ඇසිඩ් භාවිතා කරන විට ආඝාහනය නොවිමට වගබලාගත යුතු අතර , මුව ආවරණයක් පැලදිය යුතුය. හයිඩ්රක්ලෝරික් ඇසිඩ් ආඝාහනය වීම නිසා අදික කෑස්ස , හිසේ රුදාව සහ හුස්ම ගැනිමේ අපහසුතා ඇතිවේ , සමේ තැවරීමෙන් අධික කැසීමක් සහ දැවිල්ලක් ඇතිවේ. ආඝාහනය වීමකදී පිරිසිදු වාත්‍රශය ඇති තැනකට විගස දිව යාම සහ සමේ තැවරීමකදි ගලා යන ජලයට අල්ලා සම සේදීම ප්‍රමාණවත්ය.


ඇළුමීනියම් සල්පේට් සහ සෝඩාඈෂ් සිහින් දුහුවිල්ලක් මෙන් කුඩු වර්ගයක් නිසා , දුහුවිලි වලට ආසත්මිකතා දක්වන පුද්ගලයන්හට ආඝාහනය වීම හිතකර නොවේ.

ක්ලෝරින් ද ආඝාහනය වීම  නිසා හිසේ රුදාව සහ හුස්ම ගැනිමේ අපහසුතා ඇතිවේ , විශේෂයෙන් 90% ක්ලෝරින් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුය.



ප.ලි//   මා මේ පිලිබදව විදිමත් පුහුණුවක් හෝ විශේෂ දැනුමක් ලත් අයෙක් නොවන අතර , කල පුරුද්දේ පලපුරුද්දෙන් සහ කිහිප දෙනෙකුගෙන් අසා දැනගත් සහ බලාසිට ඉගනගත් දැ ඇසුරෙන් ලියූ ලිපියක් බව සැලකුව මනාය.

22 comments:

  1. කියන්න ඉස්සරින් හදලා. පෝස්ට් පබ්ලිෂ් කරන්න ඉස්සරවෙලා ආපහු පොඩ්ඩක් බලන්න කියන්නෙ ඒකයි.

    ReplyDelete
  2. නඩත්තු කරගන්න එකත් දැන් ඉගෙනගත්ත එකේ පිහිනුම් තටාකයක් හදාගන්න හිතෙනවා මට....

    ජයවේවා!!!

    ReplyDelete
  3. ඔය හැම පුල් එකකම නාන බොහෝ දෙනෙක් ඒකට මුත්‍රා පිට කරනවා. මලපහත් එකතුවෙනවා. ඊකොලයි බැක්ටිරියාවහා තවත් අටෝරාසියක් විසබිජ ඔය වතුරේ වර්ධනය වෙනවා. ඒවාගේම හරියට පුල් එක මෙන්ටෙන් නෙකලොත් අනුන්ගේ මලජරාවයි ලෙඩරෝග කන්දකුයි නාකියාගෙන පුල් එකෙන් ගොඩට එන්න පුලුවනි. පුල් එකෙන් නානවාට වඩා හොදයි වාගේම ආතල් ශවර් එකෙන් නාලා පුල් එකේ නානඋන් දිහා බලන් ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. හරියට බලාගන්නවානං එහෙම වෙන්නෙ නැ බං

      Delete
  4. කවද හරි පූල් එකක් හදාගත්ත දවසක බැරියැ.

    ReplyDelete
  5. පූල් එක තමයි පස්නේ

    ReplyDelete
  6. පූල් එකක් තියෙන එකෙකුට ලින්ක් එක දෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක ලියුවෙත් ඒකටම තමා , කලින් ලියපු එකක් ප්‍රීන්ට් අවුට් අරං බිත්තියෙ ගහන්ඩ

      Delete
  7. පොඩි සීන් එකක් තියෙනවා අටම් අයියේ... ඔය අන්ඩර් වෝටර් වැකුම් එකක් කීයක් විතර වෙයිද? ගෙදට පොකුණක් තියනවා. ටයිල් කරලා තියෙන්නේ.. එකේ පතුලේ රැදෙන ජරාව අයින් කරන වැඩේට... ගොඩක් ලොකු එකක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. වැකුම් හෙඩ් එක හෝස් එක කම්ප්ලීට් සෙට් එක පට්ට ගනන් බං , වෙන ක්‍රමයක් තියනවා ඉන්බොක්ස් වරෙන්

      Delete
  8. උඹ වන් ගෝලයන් ලද බාස් උන්නැහේල නිබ්බුත පද කියන්න ඕනි බං.. මට මතක් වෙන්නේ හොඳ දක්ෂ ඉලෙක්ට්‍රිකල් ප්ලම්බින් බාස් කෙනෙකුට මේන්ටෙනන්ස් ඉන්චාර්ජ් කෙනෙක් විදියට ජොබ් එකක් සෙට් කරන්න හැදුවම පූල් වල වැඩ කරලා නෑ කියල පස්ස ගහපු සීන් එකක්.. :)

    ReplyDelete
    Replies
    1. ඌට මේක පෙන්නපං

      Delete
    2. //"ඌට මේක පෙන්නපං"// උඹත් ඕක කියවපන්

      Delete
  9. අපෙ ගෙදර ඉන්දියපන් වක්කරන මැසිමේ පොට ගියා හදාගන්නේ කොහොමද කොහෙන්ද ?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි
    මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා…
  • එග් බන් ඇන්ඩ් පුක් බන්
    මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් ගැන කතන්දරයක්.  ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි…
  • පාර දිගේ
    කටුක අතීතය හිත පෑරෙන අද කුමක් වේවිද මට අවිනිෂ්චිත හෙට
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
  • නඩුකාරතූමියගේ ‍අඹ සාත්තූව
    කොළඹට ආසන්න උසාවියක දැනට කාලයකට කලින් හිටියා නඩුකාර නෝනා කනෙක් , බොහොම සැරපරුෂයි , කාටවත් ගැලවිලා යන්න අමාරුයි.  පොලිස් නිළධාරින් ,…
  • HA-2045 ballpoint needles applied to household machines
  • රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරය
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  •  පුස්පකුමාර , බිස්කට් , කිරිබනිස් , ඉස්කෝල රෙදි , casio වොච් , සීංහල භාෂා දින තරග
    ඔන්න ඉතින් ඒ කාලේ ඒ කියන්නේ පුස්පකුමාර ජනාදිපති තුමාගේ කාලේ , ජනසවිය දෙනවා , ගෙවල් දෙනවා , උදේ පාන්දර මල ගෙවල් වලට යනවා , ඉස්කෝලවල කිරිබනිස් දෙනවා ,…
  • මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා
    මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවාමේක  මං  පොඩි   කාලේ  උන වැඩක් , මම මේ කියන ඩයල් එක මට වයස  දාසයක්  විතර කාලේ වයස …
  • Leather, Rexin, Curtain Sewing and DP-LR, DB-LR, F2-LR Needles
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • How to write a Sinhala blog  ( 7 ) බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
    හයවෙනි කොටස මෙතැනින් ඉස්සෙල්ලම ඩැෂ් බෝඩ් එකේ සෙටින්ග් ක්ලික් කරන්න ඊට පස්සේ ටෙම්පලේට් ඊටපස්සේ කස්ටර්මයිස් ඊටපස්සේ…
  • පව ඇරියස්
    අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක…
  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • Presser Feet Guide Of Household Sewing machines ,  different presser feet that do a lot of other functions , විශේෂ කාර්ය්‍යන් සදහා භාවිතා කිරීමට ගෘහස්ථ මහන මෙෂින් සදහා නිපදවා ඇති පුට් වර්ග සහ ඒවායෙන් පහසුවෙන් මසාගතහැකි මැහුම්.
    ම්  ම්  ම්  ... කොතනින්ද මේක පටන් ගන්නේ .... හොදයි  ...මෙහෙම පටන් ගමුකෝ , අදකාලේ මහන මෙෂින් එකක් සල්ලි දිලාගන්නකොට බොබින් දෙක…
  • Making and tempering a traditional rock drilling chisel
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත්
    උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත් ... අපේ අතිගරු ජනාදිපති තුමා රටවල් දෙකටම සම්බාධක දායිද , ආ …
1,647,253

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>