2018-05-29

අටමට පුරස්න දෙකක් , (1) ගූ ගල් කරන සිතියං අක්කට අපිට පාරවල් කියලා දුන්න හැක්ද , (2) නොපෙනෙන කෙනෙක් ලග ඉන්නවා කියලා කවදහරි දැනිලා තියනවද.


(1)
අද මං ජීවිතේ පලවෙනි වතාවට google map පාවිච්චිකරලා  ගමනක් ගියා , ගෙදරින් පිටවෙනකොට යන්ඩ ඒන තැන දුන්නහම මට යන්ඩ ඕන තැනට යන්ඩ , පාරවල් තුනක්  පෙන්නුවා , එකෙන්  මම තෝරගත්තේ දුරම පාර , මොකද අනිත් පාරවල් දෙකට වැඩිය දුර පාර මට හුරුයි .... අනික ඒ පෙන්වන පාරේ එහෙන් මෙහෙන් පනින කෙටිපාරවල් ටිකක්  මම දන්නවා  ... ගූ ගල් කරන සිතියං අක්ක කියන දුරට වඩා කිලෝමිටර් 12 ක් විතර අඩුවෙන් ගමන යන්ඩ පුලුවන් , ඔන්න ඉතින් මං ගූ ගල් කරන සිතියං අක්ක කියන පාරේ යනවා ... ඒ අතරේ මං දන්න කෙටි පාරවල් වලත් යනවා ... ආයෙත් ගූ ගල් කරන සිතියං අක්ක කියන පාරට වැටෙනවා ... ආයේ එයා කියන විදිහට ... ඔහොම දෙතුන් පාරක් ගියා ,  පස්සේ  මං ආයෙත් එනකොට ඒ පාරෙම ආවා අර විදිහටම .... මෙන්න යකෝ  ගූ ගල් කරන සිතියං අක්ක කලින් මට නොකියුව ... මං  දන්න  මං උදේ ගියපාර මටම කියනවා .............
මං මෙහෙම අහන්නේ  මං නොදන්න හින්දා  .......... අපි යන හැම පාරකම .... අපි ඔය යන කෙටි පාරවල් වල
ගූ ගල් කරන සිතියං අක්කව
එක්කාගන ගියොත් එයා අපෙන් ඒවා ඉගනගන අනිත් අයට කියලා දෙනවද ... දෙයිද .... එහෙම වෙනවනං එහෙම කරන එක  අපේ  යුතුකමක්නේද.

(2)
මට ඉස්සර සීන් එකක් තිබුනා කවුරුහරි මගේ ලග ඉන්නවා ... මා දිහා බලාගන ඉන්නවා ..මා එක්ක ඉන්නවා වාගේ  සීන් එකක් ...ඒක වැඩිපුර දැනෙන්නේ  .. මං තනියම ඉන්නකොට .. මොකක්හරි ගැටලුවකට මැදිවෙලා ඉන්න වෙලාවට එහෙම .... නමුත් ඒක හැම වෙලාවෙම  හැම තැනම වෙන්නෙත් නැ  ... සමහර තැන්වල විතරයි ... එහෙම වෙලාවට මට දැනෙනවා හරිම තද සුවදක් ... සිද්ධාලේප සුවද වාගේ  එකක් .... ඒක හෙන තදට දැනෙනවා ... කවුරුහරි  සිද්ධාලේප ගාගන ලග ඉන්නවා වාගේ , මුල් දවස්වල මම හැරිලා බලනවා  , කවුද පිටිපස්සේ  ඉන්නේ  කියලා ... , එලියටත්  ඇවිත්  බලනවා ගෙදරින් .... පස්සේ  පස්සේ  ලග අහල පහල උන්ගෙනුත්  අහනවා ... උඹ සිද්දාලේප ගෑවද ... ටිකකට කලින්  ජම්බු ගහ ගාවට ආවද  , ජනේලේ  ගාවට ආවාද කියලා ...ගෙදර අයගෙනුත්  ඇහුවා ....... එයාල මට ආඩපාලි කියනවා .. ඔයාගේ  මේසය උඩ තියන සිද්දාලේප එක   අපි කොහොමද ගාන්නේ .... ඒ සුවද නැතුවත් මට දැනෙනවා කවුරුහරි   මාලග මා දිහා බලාගන ඉන්නවා කියලා .... මං මේක සමහරක් බ්ලොග්  යාලුවනටත් කියලා තියනවා......

දවසක් මම මගේ  ජීවිතේ  තීරනාත්මක ගමනක් ගියා .... ඒක  මගේ  ජීවිතේ  ටර්නින්ග් ෆොයින්ට් එකක් .......... හැබැයි  ලැබුන අභියෝගය පුලුවන්  උපරිමයෙන් මට පුරුදු අවංක කමෙන් කරනවා , මේක මට කරන්න පුලුවන්ය කියන එක ඇරුනහම , මං මේක මෙහෙම කරනවා කියන දිගුකාලීන ප්ලෑන් එකක් ඇරුනහම එ් ගැන  ... මං මේකෙන් ගොඩ යනවා .... කියන හැගීමක් තිබුනේ නැ ...... බයක්වත් ආසාවක්වත් ... පොර මානසිකත්වයක්වත් තිබුනේ නැ ... මං මට පුරුදු සිම්පල් විදිහට ගියේ ...

ඒ ගමන පටන්ගත්ත වෙලාවේ  ඉදන්  මට අර හැගීම ඇති උනා .... නිකම්ම ... මට ඒක මතක් නොවීම ... කවදාවත්  නොදැනෙන තරමට ... සුවදත් වැඩියි .. බලපෑමත් වැඩියි... කොටින්ම  ct 100 එකක km 115 ක් වාගේ  දුරක්  යන්න   මට පැය තුනයි  විනාඩි පහක් විතර ගියා .... පස්සේ  මං අදාල තැනට ගිය ගමං ඒක  නැති උනා  .... එකපාරටම  හෙන තදට දැනුන  සුවද ....

ඊට පස්සේ  කවදාවත් මට ඒ සුවද  දැනුනේ  නැ




37 comments:

  1. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ නං තෙල් බෙහෙත් ටිකක් මතුරලා, නූලක් දාගන්න ගනන් දහ අටසන්නි තොවිලයක් කරගනින්...උඹ පස්සෙ භූතයෙක් එනවා...😂

    ReplyDelete
    Replies
    1. පලවෙනි ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් හම්බු උනා..ට්‍රාන්ස්ලේට් කරගනින්..
      Yes it does. Google is all about machine learning and they make everything automated. Let us say, there is a recommended route A-B and you take an alternative route named C to reach B from A.

      If you reach to your Destination within the time that takes in the route A-B, this route will be recorded instantly.

      This will be kept for monitoring and will be live if more users take the same route in next few days. If it is so, then it will display 2 routes with 2 different timings. One with the shorter duration and other with the longer.

      This is how maps make things easier for everyone on a daily basis.

      Delete
    2. 1 දැන් ඒක නැ

      2 ඔව් ඒකයි. ගූගල් මැෂින් ඉගෙනීම ගැන සහ ඒවා සියල්ල ස්වයංක්රීයව සිදු කරයි. අපි කියමු, A-B නිර්දේශිත මාර්ගයක් ඇති අතර, ඔබ A සිට A වෙත ලඟා වීමට විකල්ප මාර්ගයක් C.

      A-B මාර්ගයේ ගතවන කාලය තුළ ඔබ ඔබගේ ගමනාන්තය වෙත ළඟා වුවහොත්, මෙම මාර්ගය ක්ෂණිකව වාර්තා කරනු ලැබේ.

      ඉදිරි දින කිහිපය තුල තවත් පරිශීලකයින් එකම මාවත රැගෙන ගියහොත් මෙම තත්වය අධීක්ෂණය සඳහා තබා ඇත. එය එසේ නම්, එය 2 වෙනස් කාලයන් දෙකකින් යුක්තය. කෙටි කාලයක් සහිත සහ තවත් දිගු සමග.

      දිනපතාම සෑම කෙනෙකුටම සිතුවිලි පහසු කරවයි.

      Delete
    3. ගූගල් ට්‍රාන්ස්ලේට් නං හරියට ඉගෙනගන් නෑ වගේ කවදාවත්.

      -னයා-

      Delete
  2. For the 1st, yes, it does. Like we learn, machines can also learn with artificial intelligence.
    For the 2nd, may be something that happens in your brain when you are fully focused onto something. Nothing wrong with that I guess.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ....

      පළමුව, ඔව්, එසේ කරයි. අපි ඉගෙන ගන්නා ආකාරයට පරිගණක යන්ත්ර කෘතිම බුද්ධියත් සමඟ ඉගෙන ගත හැකිය.
      දෙවනුව, ඔබ සම්පූර්ණයෙන්ම අවධානය යොමු කළ විට ඔබේ මොලය තුල සිදුවන දෙයක් විය හැක. මම හිතන්නේ ඒක වැරදි දෙයක්.

      Delete
  3. අටමෝ ඕකට කියන්නේ ඉෂ්ට දේවතාවාගේ බැල්ම කියල.ඒ කියන්නේ තමන්ගේ පරම්පරාවේ මියගිය කෙනෙක්. එයා උපකාර කරනවා වාගේම සමහර වැරදි වැඩ වලින්වලක්වනවා

    ReplyDelete
    Replies
    1. දැං නැනේ ... එහෙනං එයා එතනින් ඉවත්වෙලා ඇති

      Delete
    2. ඉෂ්ට දේවතාවාගේ බැල්ම හරියට ලබන්න නම්ව එයාට පින්ර දෙන්න ඕනෑ .වැරදි වැඩක් කරන්න හදන්න. සමහරවිට ඒක වලක්වාවී. නැත්නම් දඩුවම් දෙවි.

      Delete
    3. ඉෂ්ට දේවතාවාගේ බැල්ම හරියට ලබන්න නම්ව එයාට පින්ර දෙන්න ඕනෑ .වැරදි වැඩක් කරන්න හදන්න. සමහරවිට ඒක වලක්වාවී. නැත්නම් දඩුවම් දෙවි.

      Delete
  4. වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා - මනෝ වෛද්‍ය
    වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා - මනෝ වෛද්‍ය
    Park Hospitals (Pvt) Ltd
    No. 186, Park Road,
    Colombo-5,
    Sri Lanka.
    Phone: +94-(0) 11-2 59 02 00, 2 58 77 15, 5 36 92 05, 24 Hours hotline
    Fax: +94-(0)11- 5 37 77 51
    Email: info@parkhospitals.com
    Web Site: http://www.parkhospitals.com

    ReplyDelete
    Replies
    1. උඹගේ නුහුගුන ගතිය හොදයිද දැං මෙයාගෙන් බෙහෙත් අරං

      Delete
    2. මට නෙවේ, පත්තරයට අරං දුන්නේ :P

      Delete
    3. http://transyl2014.blogspot.com/2018/05/blog-post_29.html

      Delete
    4. ඌගේ ලෙඩේට නං බෙහෙත් නැ කොහෙවත්

      Delete
  5. පළවෙනි එකනං බොහෝ දුරට වෙන්න පුලුවන් එකක්. බොලා ඔය ඒව මේව ඕපන් කරගෙන යනකොට ගූ ගල් දෙයිය උඩ ඉඳල පෝං එක දිහා බලාගෙන වැඩේ දෙනව ඇති.

    දෙවෙනි එකනං පුතෝ කෝච්චියට බෙල්ල තියන්න ඕන වැඩක්.

    ReplyDelete
  6. ගූගල් අක්කා එහෙම ඉගනගන්නවා කියලා ඕන් මම උඹෙන් තමා ඉගනගත්තේ...

    දෙවැනි එක, මටනම් එහෙම හැඟීමක් කවදාවත් දැනිලා නෑ. හැබැයි සමහර සිද්ධි වෙනකොට මේ සිද්ධිය කලින් වෙලා තියනවා වගේ දැනෙනවා සහ යම්තාක් දුරකට ඊළඟට වෙන්නේ මොකක්ද කියලා කියන්නත් පුළුවන්..ඒකනම් මට ඉඳලා හිටලා වෙන දෙයක් නිතරම නෙමේ.. කොයි වෙලාවේ එහෙම වෙනවද කියලා කියන්නත් බෑ.. හිටපු ගමන් එහෙම දැනෙන්න ගන්නවා..
    ඒකට කියන්නේ ඩේජවූ ද මොකක්ද එකක් ලු...හුඟක් අයට එහෙම දැනෙනවාලු...

    ReplyDelete
    Replies
    1. එහෙම එකකුත් තියනවා තමයි ... මටත් එහෙම වෙලා තියනවා ... අර තඩියා ... බ්ලොග් එකක් තියෙන්නේ .. ඌට වෙලා මාර වැඩක් දවස් හතරකට කලින් .... මම දැං ඒක ිකියන එක හරි නැ ... ඌ ලියයි

      Delete
  7. කොයි එකටත් හොඳට නාන්න.

    ReplyDelete
    Replies
    1. නෑ මං කිව්වෙ ඔබතුමාට සිද්දාලේප සුවඳවගේ දැනුනට ලඟින් යන අනිත් අයට මොනවගේ දැනෙයිද කියන්න බෑනෙ.

      Delete
    2. මගේ ලගින් ඔබතුමාට කවදාවත් සිද්ධාලේප සුවද ඇවිත් තියද ............. අනික දැං ඒ සුවද එන්නේ නැනේ ........ඒ හැගීමත් දැනෙන්නේ නැ

      Delete
  8. ගූගල් අක්කා වැරදි උපදෙස් දීලා කෙලවිච්ච අවස්ථා නම් දෙක තුනක් මං අහලා, කියවලා තියනවා. එක්තරා පාරක තොටුපොලකින් එගොඩවෙන්න (ferry) එකක් තියන තැනක (රාත්‍රී කාලයේ) ගූගල් අක්කා කෙලින්ම යන්න කියලා වාහනය ගඟ මැදටම එලවාගෙන ගිය කාන්තාවක් ගැන පුවතක් පසුගිය දිනවල තිබුනා.
    මගේ ඕස්ට්‍රේලියානු ජාතික අසල්වැසියා එයාගේ සහෝදරයා බලන්න පර්ත් නගරයට ගුවනින් ගිහින් ගුවන් තොටුපොලින් හයර් කාර් එක අරගෙන ගූගල් අක්කාගේ උපදෙස් අනුව නගරය මැදින් යනවාලු. එයාගේ බිරිඳ වටපිට සිරි නරඹමින් යනවාලු. එකපාරටම ඇය කිව්වාලු "අපි අර සාප්පුව කලිනුත් පහුකරගෙන ගියානේ" කියලා. "ඔයාට වැරදිලා වෙන්න ඇති" කියලා මෑන් එලවාගෙන යනකොට තුන්වෙනි වතාවටත් ඒ සාප්පුව ඉදිරිපිටින් ගියාලු. එතකොටනම් ගූගල් අක්කාට වැරදිලා කියලා තේරිලා පැත්තකට කරලා නවත්වලා මල්ලිට කෝල් එකක් අරගෙන පාර අහ ගත්තාලු.
    එංගලන්තේ කාන්තාවක් ඕස්ට්‍රේලියාවේ සංචාරයකට ඇවිත් , ඇඩිලේඩ් නගරයෙන් කෑම්පර් වෑන් එකක් හයර් කරගෙන ගූගල් අක්කාට මිල්ජුරා (Mildura) කියන නගරයට ගෙනියන්න කියාපුවාම එයා මිල්ජුරා නගරයට කිලෝ මීටර් 250 පමණ ඈතින් තියන මරේ සන්සෙට් නැෂනල් පාක් එක මැදට (පාක් එක කියන්නේ නිකංම කැලෑවක්) ගෙනිහින් you reach your destination කිව්වාලු. අක්කර පහළොස් ලක්ෂයකටත් වඩා විසාල පාක් එකේ කැලේ මැද්දටම ගෙනිහින් එහෙම කිව්වාම කාටද ආඩම්බර ?? දිවා කාලයේ උෂ්ණත්වය සෙන්. 45 පනින සමර් එකේ ඒ ගෑනු කෙනා නොමලේ වාසනාවට. ඒ හින්දා ගූගල් අක්කාව ඕනවට වැඩිය විස්වාස කරන්නේ නැතුව අතේ දුරින් තියාගන්න එක ඇඟට සනීපයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මේ පහුගිය අවුරුදු කාලේ උන්දෑ මාව ගමනක් යන්න ගිහින් නොසෑහෙන්න කොලොප්පම් කරා.. එදායින් පාස්සේ මට උන්දැව එච්චර විශ්වාස නෑ...

      Delete
    2. යකෝ ගූ ගල් අම්මන්ඩිව ඉස්ටු දැම්මත් හිත් වදිනේ නැනේ ........... මෙව්වා අහනකොට හිතෙනවා පරන පාරවල් හොයාගත්ත විදිහ හොදයි කියල ........ මාමේ නැන්දේ ..අයියේ අක්කේ කියලා

      Delete
    3. අපි පාරවල් අහගන්න පුරුදු වෙලා හිටියේ ""හන්දියේ කඩේ "" දාම් ඇද ඇද සුරුට්ටු බොන මනුස්සයාගෙන් නේ . හැම හන්දියකම කඩයක් තිබුනා. හැම කඩයකම දාන් ලෑල්ලක් තිබුනා. හැම දාන් ලෑල්ලක් වටේම අඩුම ගානේ තුන් හතර දෙනෙක්වත් වටවෙලා හිටියා. පාරක් ඇහුවාම යන හැටි පමණක් නොවේ ඒ ගෙදර මිනිස්සු උදේට කෑවේ මොනවද, දැන් ඒගොල්ලෝ දැන් ගෙදර ඉන්නවද, නාන්න ගිහිල්ලද ආදී විස්තර ඔක්කොම දැනගන්න ලැබෙනවානේ. ගූගල් අක්කා කවදාවත් එච්චර දියුණු තත්වෙකට එන්නේ නැහැ

      Delete
  9. 1

    ගූ ගල් කරන සිතියං අක්කව එක්කාගන ගියොත් එයා අපෙන් ඒවා ඉගනගන අනිත් අයට කියලා දෙනවද ... දෙයිද .... එහෙම වෙනවනං එහෙම කරන එක අපේ යුතුකමක්නේද.

    ඒහෙම වෙන්න ඉඩ තියන්වා හැබැයි එක් කෙනෙක් ගිය හින්දා වෙන්නෙ නෑ. කිහිපවරක් එකම විඩියට උනොත් පැටන් ස්ටඩි කරල පාත් එක බිල්ඩ් කරයි.


    2

    සිද්ධාලේප වෙද මහත්තයාගෙ වැඩක්

    ReplyDelete
  10. අටං අයියේ පළවෙනි එක ගැන නං කිසිම අදහසක් නෑ. ඔය තාක්ෂණික ලබ්බවල් මම දන්නෑ බං.
    දෙවෙනි එක ගැන මත දෙකක් තියෙනවා.
    1. පෙරදිග මතය
    ඔය වගේ ගඳ දැනීම, ළඟ කවුරු හරි ඉන්නවා දැනීම පෙරේත බැල්මක් නිසා වෙන්න පුළුවං. වහාම කට්ටඩි මහතෙක් හමුවී ගුරුකමක් කරවා ගන්න.
    2. බටහිර (ඊනියා) මතය
    මානසික අසමතුලිතතාවයක් නිසා ඇතිවන තත්ත්වයකි. සිංහලෙන් හැලුසිනේෂන් කියා හඳුන්වයි. ගංජා ගැසීම නවතා වහාම මානසික වෛද්‍යවරයෙක් හමුවන්න. සමහර විට මොළයේ ක්‍රියාකාරීත්වය යම් හේතුවක් නිසා වෙනස් වීමෙන් ද ඇතිවිය හැක. (උදා : මොළයේ ගෙඩියක් ) අන්තිම කැමති පත්‍රය ලියා මල් ශාලාවක සාමාජිකත්වය ලබා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං උඹත් එක්ක බැරි ... තාක්ෂණික ලබ්බවල් වැරදි වැරදි හරි අත ගාපං ... නැත්තං අපි අමාරුවේ ... හාද හාද

      Delete
    2. එහෙම මෙන්ටල් කේස් එකක් නෙමෙයි මේක ... කොටින්ම දැං එහෙම වෙන්නේ නැ ... ඉස්සර නුපුරුදු නුහුරු තැනකට ගියහම ඔය සීන් එක දැනෙනවා ... මේ කියපු දිනෙන් පසුව නැ

      Delete
  11. පලවෙනි එක . ඔය ගූගල් මැප් එක මටනම් අර උඹේ පස්සෙ ආපු සුවද එකාට වඩා පිහිට වෙනව. එයිට වඩා දන්නෙ නෑ.
    දෙවෙනි එක . අර සමරසේකර මහත්තය කිවුව වගේ , ඒ එන්නෙ උබේ ඉෂ්ඨ දේවතාව . ( මලගිය නෑයෙක්) එයාට හන්දිපත් රුදාව හරි කොන්දෙ කැක්කුම හරි ඇති ඒකයි සිද්ධාලේප සුවද . පොඩ්ඩක් axe oil කුප්පියක් හරි tiger බාම් එකක් හරි පහන ලගින් තියහං , උඹට ct 100 එකේ 200 ට යන්ඩ උදවු කරයි

    ReplyDelete
    Replies
    1. ct 100 එකේ 200 ට යන්නේ කොහොමද #කෝ ... ඒක දැං දැනෙන්නැ ....... ඒකයි අවුල

      Delete
  12. 1
    ගැන වැඩි අවබෝධයක් නෑ...
    2
    මට කවුරු හරි කෙනෙක් ඉන්නවා වගේ දැනිලා තියෙනවා... කවුරු හරි කෙනෙක් යනවා වගේ දැනිලා තියෙනවා...
    මේ දේ මම හතර වසරේ ගෑනු ළමයෙක් ට කිව්වා මීට පැය 36 කට විතර කලින්...
    මේක කියවන්ට කලින් කිව්වේ...
    ඒ කෙල්ල කිව්වා එයාටත් එහෙම දැනිලා තියෙනවා කියලා..

    ReplyDelete
  13. ලොකු ලොකු සමාගම් (ගූගල්, ෆේස්බුක්) ගොඩක් සේවාවන් වලට කෘතිම බුද්ධි (AI) වැඩසටහන් එකතු කරල තියෙන්නෙ. 1 ප්‍රශ්ණයට උත්තරය ඔව් වෙන්නෙ ඒ හින්දයි. එතකොට වෙන්නෙ manual instruction දෙනව වෙනුවට තනියම ඉගෙනගැනීමයි. (self learning). ඉතිං එහෙම උනාම වැඩි වෙහෙසක් නැතුව වැඩි නිර්වද්‍යතාවයක් තියෙන ප්‍රතිඵල දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියෙන Google Assistant වැඩසටහනෙන් මොකක් හරි ප්‍රශ්ණයකට උත්තරයක් දුන්න්නම සමහර වෙලාවට ඒ උත්තරය හරිද කියලා ආපිට අපෙන් අහනවා. ඒ වගේම ෆේස්බුක් එකේ Fake profile හොයන්න වගේ ඒවටත් AI වැඩසටහන් යොදා ගන්නවා.

    ReplyDelete
  14. සමහර ලෙඩ විශේෂයෙන් හුගක් වයිරස් වලින් හදෙන ලෙඩ නිකම්ම සනීප වෙනවා. හැබැයි මානසික රෝගත් එහෙම සනීප වෙනවා කියලා මම දැනගෙන හිටියෙ නෑ හිටන්.කොකටත් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන එක හොදයි. ලගදි හදපු මැෂින් කීපයක්ම ගොඩ දාන්ඩ බැරි තරමට අවුල් උනෙත් මේ හින්දා වෙන්ඩ පුලුවන්. ඉක්මන් සුවය පතමි.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>