2019-02-03

අපි නොදන්න බාර් කතා



ඔන්න  මම මේ ලගදී දවසක ගියා  බාර් එකට ... ඉතින් ඔය ගෙදරට ගෙනත් ගෑණු දරුවෝ එක්ක කයියක් ගහගන අනුමත වෙන එකත් දිගටම කරන්ඩ ගියහම   අවුල්  අවුල්  වාගේනේ  ... අනික ඉතින් එතන තියන ආතල් එක වෙනයි නේ  ... අනික ගෙදර ගෙනාපුවත් ඉවරයි ... මගිදිම නමයත්  පැන්නා.

මම ඉතින් බාර් එකේ  කවුන්ටරේම ඉදගන හැනපියර්  සීයක් ඉල්ලුවා ... කොල්ලා  සීයිය මගේ ලගට කිට්ටු කරලා ... සෝඩා එකකුත්  ලංකරා ........

මං සිකරට් එකක් පත්තු කරගත්තා

අයියා කාලෙකින්

ඔව්  බං  ... දැන් වැඩිය එලියට යන්නේ  නැ 

ඒක හොදයි

මම ඉතින් හිනා වෙලා නිකං හිටියා

ටිකකින්  දුන්න සීය ඉවරයි  ..මම තව සිකරට් එකක් පත්තු කලා ... බාර්මන් තව සීයක් ලංකලා

ඔන්න එතකොට කවුන්ටර් එකට ලංකලා ට්‍රීබලක් ... ටීෂර්ට්  ඩෙනිම් ගහපු  පෙනුම තියන ඩයල් තුනක්  ... සදබොදවෙන්ඩ ගසලා

ගල් බාගයක් ගන්ඩ පුලුවන්ද

ඉදගන්න සර්  .. මම ටේබල්  එකට එවන්නං

අපිට ගෙනියන්ඩයි ඕන

අපිට එලියට දෙන්ඩ බෑ සර් .......... බීලා යන්කෝ  ඉතින්

බාර්මන්  යාලු මූණක් දාගන කියනවා

අපිට ඇරං යන්ඩ ඕන

ඉස්සර වාගේ  බෑ සර් දැන් හෙන කේස්

හරි හරි අවුලක් නැ බයවෙන්ඩ එපා

බැ බෑ සර් ගිය සතියෙත් කේස් එකක් වැටිලා ඉන්නේ

එහෙම කරන්ඩ එපා මල්ලි

අරුන්  තුන්දෙනා දැං හෙන වාත වෙනවා... කොල්ලා අන්තිමට බැරිම තැන කවුන්ටරෙන් එලියට ඇවිත්  ජනේලෙකින්  පාර දිහාත් බලලා ඇවිත් , අලුත් ගල් බෝතලයක් කඩලා ... තව වෙන බෝතලයක් ඇරං ... බාගයක් වක්කරලා  කවුන්ටරේ උඩින් තිබ්බා

1200යි

අපිට අර බාගේ  දෙන්ඩ

වෙන ගල් එම්ටි බොට්ල් නැ සර් ඒකයි සර්ට ඔල්ඩ් එකකට දාලා දුන්නේ ... වෙන බොට්ල් එකක දාලා ගල් දෙන්ඩ බෑ ෂොට්ස් වලට

නැ නැ මේකේ  හරියට බාගේ  නැ  ... අපිට ඕන ගෙවන ගානට අරක්කු... මේකේ අඩුයි

සර්..  අපි 375ml දෙන්නේ 1200යි ... මෙතන හරියට 375ml තියනවා

හරි ඉතින්  මෙතන හරියට 375 තියනවනං අරකෙත් 375යි නේ  ඒක අපිට දෙන්ඩ

වෙන බොට්ල්   එකක්  දාගන කවුන්ටරේ තියන් එක්ස්ට්‍ර ස්පෙෂල් විකුනන්ඩ බැ ... ඒකයි  ..සර් 

ඒවා වැඩක් නැ  අපිට  ... නොහුකා අරක දීපං

ඔන්න එතකොටම  මැනේජර්කාරයත් කඩංපාත් උනා

මොකක්ද  සර් අවුල  ... මට උදව් කරන්ඩ පුලුවන්ද ඔයාලට

මේ සර්ලා  එක්ස්ට්‍ර ස්පෙෂල් 375ml ඉල්ලුවා  සර් .. වෙන එම්ටි බොට්ල්  නැති නිසා මම ඔල්ඩ් එකකට දාලා දුන්නා ... මේ සර්ලට ඒක එපාලු  ... අනිත් බාගේ ඉල්ලනවා  ... අපිට වෙන බොට්ල්  වල දාලා දෙන්න බෑනේ සර්  රූල්ස්වල හැටියට

බාර්මන් මල්ලි ..අර තුන්දෙනාට කලින්  උත්තර දුන්නා ... මැනේජර් කාරයා  උෟට හොරෙන්ම  රැව්වා

හරි  සර් අපි ඉදගන කතා කරමුකෝ

අපිට ඉදගන කතා කර කර ඉන්ඩ බෑ  අපි යන්ඩ ඕන

සර්  අපිට එලියට ගෙනියන්න   දෙන්න බෑ

මෙයා අපිට දෙන්නං කියුවේ

නැ නැ සර් මම බෑ කියුවා  .. මේ සර්ලා යන්නෙම නැති  නිසා මම දුන්නේ

මෙහෙමනේ  මහත්තයෝ  ... දැන්  වෙලාව  දහයයි ඔයාලට ගන්න තැනක් නැ  ,  කොල්ලා ඔයාල ගැන හිතලා  එලියට ගෙනියන්ඩත්  බඩු දීලා , ගැස්සිලා ගියොත්  උගේ රස්සාවත් ඉවරයි , අපේ ලයිසන් එකත් ඉවරයි ,  ඔයාල ඒක අරගන යන්නේ  නැතුව ප්‍රශ්න ඇති කරනවා ... 375ml වලට වඩා අඩුවෙන් ඔයාලට දීලා නං .. අන්න ඔයා කියන එක හරි  ............... මෙහෙමනේ  මහත්තයෝ  ... බොට්ල්  එකක ටිකක්  වැඩිය  එනවා තමයි  ... ඒ ටික රෑට කොල්ලෝ  පොතෙන් බැලන්ස්  කරගන්නවා .. ඒක හැමෝම දන්න කාරනාවක්.

හරි හරි  අවුලක්  නැ ... අපි ඔය සීන් දන්නවා ඒකයි  මේ මල්ලිට පොඩි ආතල් එකක්  දුන්නේ  .... අපි යනවා මචං ... අවුලක් ගන්ඩ එපා හරි ....

පුතා  ඔයා  හාෆ් එක මෙෂර්  කරානේද

මැන්නේ  නං නැ සර්  ... බාගේ ෂුවර්  බඩේ බත් වාගේ

එහෙම හරියන්නේ  නැ මිනිහෝ  ... මැනහං

හරි් හරි මචං  ඕන නැ

නැ  නැ සර් ටිකක්  ඉන්න

මයිනව මයිනවා ඕක

අරූ දැං තවත්  වෙන බෝතලයක්  ඇරං ... සියේ  තුනයි , පනහේ  එකයි , මැන්නා  බෝතල් අඩියේ  විසිපහක් නැ වාගේ .. නැතුව ඇති තමා  .. නිකං පුනිලේ දාලා වක්කරපු  එකනේ ... යකෝ  විසිපහත්  තියනවා ගානට නූලට ... ඌනං යකෙක්

අර ට්‍රීබල මැනේජර්වත්  බදාගන ඉබලා එහෙම... කොල්ලටත් ජාතිසොහොයුරෙට්ට වාගේ සුභපතලා එහෙම ගියා

පුතා මේ  ... කස්ටමර්ස්ලට ... රූල්ස්උයි  අරකයි මේකයි ලොකු එක දෙන්ඩ එපා .. ඇත්ත සීන් එක කියන්ඩ  ...... දැක්කද එහෙම කියුවහම ... ෂේප්  වෙලා යනවා

අයියෝ සර්  ඔව්වා වාත සර්ට ඔහොම කතා කලාට අපිට එහෙම නැ  ... බේරෙන්ඩ බෑ

අනික තමයි  ඔයාට ෂුවර්  උනාට  බෝතලයට වක්කරලා දෙන්ඩ එපා  ......... හරියටම මැනලා දෙන්ඩ ... මං මේ කැමරා එකෙන් දැකලා ආවේ  ... ආයේ මට ඔව්වට ඉන්වෝල්  වෙන්ඩ දෙන්ඩ එපා ........ ඉතුරු වෙන චුට්ටත් බිල් කරන්ඩ වෙයි ඈ

මැනේජර් කාරයත්  හිනාවෙවි යන්ඩ ගියා

කොල්ලත්  හිනාවෙවි  ... හාහරි හරි සර්  කියල ......... යන්ඩ ඇරලා

පිස්සු හැදෙයි ... බාගත් මැන මැන දෙන්ඩ ගියොත්

මොකක්ද  මල්ලි වැඩිපුර තියන සීන්  එක

මෙහෙමනේ  අයියේ  ... හැම බොට්ල්  එකකම ටිකක් වැඩිපුර එනවා

හම්මටසිරි  එහෙමද .... කොච්චර  තියනවද බං

දහයක් පහලවක් අනිවා තියනවා ..... පොතට වැටෙන්නේ  පර්චර්ස් කරපු ලිගර් ප්‍රමාණය විතරයිනේ  ... ඉතුරු ටික හරි  ඒකට සල්ලි හරි  අපි ගන්නවා

ඉතින්  උඩින්  කේස් එකක්  නැද්ද

හැම තැනම එහෙම තමයි අයියේ  ... කවුරුත්  ඒකට කේස්  එකක් දාන්නේ නැ  ..... සුරාබදු එකටත්  අදාල නැනේ

දැන් ඔය ඉතුරු බාගෙත් එහෙම තියනවද

ඔන්න බලන්ඩකෝ කියල මට කියපු මේකා  ... නෑයි කියපු හිස් ගල් බෝතලයක් කවුන්ටරේ  යටින්  ඇරං මයින්ඩ පටන් ගත්තා

20ml වලට ලංවෙන්ඩ ඒකෙත්  තිබ්බා කියහංකෝ

32 comments:

  1. Thanks dan dannawa කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ

    ReplyDelete
  2. ඕක ඉස්සර ඉඳලා තියෙන පරණ සීන්ස් එකක්නෙ.... දැන්ද යකූ දන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඉදන් දන්නවා බං ....... කතා කියන කොට ..එහෙමනේ

      Delete
  3. ලංකාවෙ හැටිනෙ බං හැමෝම ⁣මොන විදිහකින් හරි අමතර යමක් හොයාගන්න හදන්නෙ. එහෙම නැතිව ජීවත් වෙන්න අමාරැයි අතට එන ගානෙන් විතරක් 😕

    ReplyDelete
    Replies
    1. ඒක වරදක් නෙමෙයි මම හිතන විදිහට ... හත්පොලේ ගාගන්ඩ ගියහම අවුල්

      Delete
  4. හප්පට එහෙමත් සීන්ස් එකක්ද. එහෙනං බෝතලයක් ගන්න එක වාසීයිනෙ. ගානත් වැඩි උනේ රුපියල් 10 යිනෙ.

    මොකෙන්ද බං ඕව මනින්නෙ. කැරඬියෙන් ද?

    ReplyDelete
    Replies
    1. ඒකට අපි.. දුන්නු දේ ගත්තා ආවා..

      Delete
    2. ලයිසොං කරපු මිනුං උපකරන වලින් බං

      Delete
  5. 20ml වගේද අයියා වාත වෙන වෙරිකාරයොත් එක්ක වැඩ කරන එක. ඉඳල හිටලයැ, ඌ ඉතිං හැමදාම ඕක කරන්න එපෑයැ.

    ...............................

    මේ ඒක නෙවි, අනිත් එවුන් ඔක්කොම ‘සර්‘ වෙලා ඔහේ විතරක් මොකද ‘අයියා‘ උනේ. සර්ල පරණ වෙනකොට අයියා වෙන සීන් එකක්ද.

    ReplyDelete
    Replies
    1. උබව නැවත දැකීම සතුටක් ......... වෙරිකාරයෝ එක්ක වැඩකරන්ඩ පහසුයි බීලා ඉන්නකොට ඒක ඇත්ත ........... සර්ලා වෙන්නේ මහත්තුරු බං ....... මම බාස් කෙනෙක්නේ.....

      Delete
    2. මොකෙක්හරි සර් කියුවහම ලැජ්ජා හිතෙනවා බං

      Delete
  6. සමහර අපතයො උදව්වක් කරාම අරින්න එනවා තමා...

    ReplyDelete
    Replies
    1. එහෙම අපතයෝ තමයි බං වැඩි ....

      Delete
  7. මොනවා උනත් රෑ වෙලා බඩු ටිකක් ගන්න තියෙන්නේ ඔහොම තැන් නේ. මමනං දෙන එකක් ශේප් එකේ අරං එනවා තලාහේනේ පුරුදු පොට් එකෙන්.

    ReplyDelete
    Replies
    1. ඔය මිනිස්සු එකක එක දේ කියුවට ... ජරාවැඩ කරන්නේ නැ බං ....... ඔහොම තැන්වල

      Delete
  8. මෙහෙ ඔයිට අන්තයි. බාර් එකේ කොල්ලා කඩපු බෝතලේ මේසෙ යට තියාගෙන ඒකට සෝඩ කලවං කරල දෙන්නෙ. සීයෙං හතලිහක්ම සෝඩා. බෝතල් දෙකක් විකුණද්දි තුනක සල්ලි අරං.

    ReplyDelete
    Replies
    1. සෝඩ කලවං කලහම තේරෙනවනේ බං ...... අනික බං ඔය කියන තරං යකා කලු නැ ........... මේ සීන් එකේ නං වරදක් කොහොමටත් නැ ........ ජෙනුයින් කේස් එකක්

      Delete
  9. එතනකට නොගිහින්ම ගියා වගේ දැනුණා. පව්, බාර් කීපර්. හැම කෙනෙක්ම එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ ඒ ෆීල්ඩ් එකේ ඔස්තාද්ලා වෙනවනේ! එකයි වැඩියත්ම මට පෙනුණේ!

    ReplyDelete
    Replies
    1. බාර් කීපර් ලා කියන්නේ කතන්දර පොත් ......... තනියම ගිහින් කවුන්ටරේ ඉදගන සීයිය සීයිය ගහත හැකි බයිට් නැතුව ... ඒ තරං රසයි ඒ කතා ....... ඉදලා හිටලා අපතයොනෙැත්තෙනැ

      Delete
  10. අම්මපා ..... අදයි මේ වගක් දන්නේ.

    දිගටම ලියමු . ඔය කෙහෙල්මල් බුකිය වගේ ද , බ්ලොග් කියන්නේ වෙනමම ආතල් එකක්

    ReplyDelete
    Replies
    1. ඒ ආතල් එක වෙනයි මේ ආතල් එක වෙනයි ....... මේක මගේ ජීවිතය වාගේ ..... ජීවිතේ සමහර කාලවල බටකොලත් කන්න වෙනවා ....... ඒ කාලේට ... හැමදාම ගන්න අනුපානේ හරියන්නේ නැ බං

      Delete
  11. Replies
    1. කාලෙකින් බැරි උනානේ ....... පරණයාලුවෝ සෙට් වෙන්න ඕන ලගදිම .........

      Delete
    2. කොහෙද ඔයාලගේ කිසි උනන්දුවක් නැනේ

      Delete
  12. Replies
    1. උත්තේජක , අවතේජක වලට පුරුදු වෙන්ඩ එපා පුතේ කවදාවත්

      Delete
  13. ටෞකන්ඩ අර ප*යල තුන් දෙනාට හමන්නවන්න එපැයි යකෝ.. බෑ බෑ කියද්දී වදෙන් පොරෙන් ඉල්ලලා අන්තිමට කිරන්න මනින්නත් කතා කරනවා.. කොහේ බාර් එකක්ද ඔය.. අපි එහෙම ඔයවගේ බාර් එකක ගිහින් පකුන් දැම්මොත් දත් නැතුව බත් කන්න වෙන්නේ.. හෙහ් හෙහ් ….

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං ..ඔහොම තැන්වලට ඔයවාගේ වෙලාවට එන්නේ ..... ඔහොම නස්කුණි ඩයල්

      Delete
  14. මොකෝ අනේ බකමූනා මෝඩ් ....

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න  බැරිද
    juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න  බැරිදපලමුවෙන්ම  අහන්න තියෙන්නේ  ඇයි එහෙම කරන්න උත්සාහ කරන්නේ , හයිස්ෆීඩ් මෙෂින්  එකක් …
  • Which machine is good ? Singer Soje Hispeed sewing or Old  juki Hispeed sewing machine
    ''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්'' මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා මේ ගැන ටිකක්…
  • මහත්තයට කියන්නැ
    අද කතාව මම දන්න ( තරමක් මිතුරු ) කමල් කියලා මේසන් බාසුන්නැහේ  කෙනෙක් තමයි කියුවේ . මිනිහට ඉතින් නිකම්ම බාස් කියලා කියන්නත් බැ, බාස්…
  • කාගෙද බං මූ
    මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක්…
  • How to write a Sinhala blog  ( 10 ) බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් )  එක්කරගන්නා ආකාර
    නමවෙනි කොටස මෙතැනින්  බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික්…
  • covid 19 solution to safety From the betel
  • ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
    ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින් ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි…
  • 100 randam posts widget with  image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය
    ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන්…
  • Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association
     , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව. මං කැරම්  බෝඩ් …
  • ජාබා නොහොත් මගේ  චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය
    මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක්  , පිස්සු යකෙක්  , ගෝත කරුමයක් ... කොටින්ම  වැක්සීන් දුන්නහම  අඩුම…
  •  dehiwala national zoological garden දෙහිවල සත්තුවත්තේ  අරක පෙන්නපු සිංහයා
    ජනවාරි 10 වෙනිදා ඉතින් අටමගේ  උපන්දිනය හන්දා උදේ පාන්දරම නැගිට්ට ලොකු කෙල්ල ''තාත්තියෝ ඔයා කේක් එකක් ගේනවද'' ''මොන කේක්ද…
  • පාර දිගේ
    කටුක අතීතය හිත පෑරෙන අද කුමක් වේවිද මට අවිනිෂ්චිත හෙට
  • overlock machine ,  (ඔවර්ලොක් මෙෂින් ) එහෙමත් නැත්තං දිවට හුරු විදිහට ඕලොක් ..... කතා කරමු ඒ ගැන
    මෙහෙමයි ඉතින් ,  වෙනදා වාගේම  වැඩේ සංකීර්ණ කරගන්නේ නැතුව කතා කරන බාසාවෙන්ම වැඩේ කරගන යමු  අපි , කතා කරන්න  තේරුම් කරන්න …
  • නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives
    යාළුවෙකුගේ හාඩ්ඩිස්ක්  එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ…
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  • දිට්ඨ ධම්ම වේදනීය
                             ඒ  ඉස්කෝලේ නිවාඩු කාලයක්  .... ලොකු අක්කා…
  • ජාබා සහ ජුල්බුලී
  • ඒඩ්ස් හැදුන තාත්තගේ ළමයි
    අද මම කිරිබත්ගොඩ ඉදං ගෙදර එන්ඩ එන ගමං හැදිච්ච සිකරට් තිබහට ගොඩඋනා හොද තැඹිලි වල්ලක් එල්ලලා තිබුන කඩයකට , කඩේ ඇන්ටිපා එක මං යනකොටත් හොද වෙල්ලා…
  • අපේ හාමිනේට අත මාරුවීම
    බලන්ඩකො අප්පා මට වෙන දේවල්. ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ.  අනේ යකෝ තොපි දුහගන ආවා නේද අන්න අටම්පහුරගේ ගෑණි ඒ නසරාණියා එක්ක ඉන්ඩබැරුව…
1,644,341

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>