2019-03-18

සන්නා මුන්නා

ඔන්න ඉතින් පෝං එක අඩනවා  , ඇයි යකෝ  මෙච්චරවෙලා ඉදලා බයික්කෙට නැග්ගා විතරයි  ... හැම වෙලේම ඔහොම්මයි රෙද්ද ... පාරෙදිමයි කෑගහන්නේ .... යන ගමන්ම එලියට ඇදලා බැලුවා ... ගෙදරින්... ගෙදර යන එකනේ තව අඩි කීයද  ... ආයෙත් එබුවා සාක්කුවට , බයික්කේ  මිදුලේ නවත්තලා .. ගෙට ගොඩවෙනකොට කවදාවත් නැතුව... පිලිගන්ඩ ගෑණු , දරුවෝ නෑ .... ජාබයි , ජුල්බුලියයි , සනී අංකලුයි නං පුල් රෙස්පට්එක දෙනවා .... අංකල් සනී අනිත් දෙන්නට මගේ ඇගට නගින්ඩ එපා කියල ගර් එකකුත්  දානවා ... ඒ වලියත් ෂේප් කරලා ... තුන් දෙනාවම සිප සනසලා බලනකොට...  අනාධිපතිතුමිය ... වැඩ ඉන්නවා පුටුවක් උඩ .. අම්මද බොල .. කකුල් දෙකත් පුටුව උඩ .... කෙල්ලෝ  දෙන්නත්  එනවා  මුකබානෝ  දෙන්නෙක් වාගේ ... ගේ අස්සේ ඉදලා.

‘‘ මොකෑ  ඔය පුටුව උඩ ලැගගන ‘‘

‘‘ ලැගගන තමයි අපිට දැන් ඉන්ඩ වෙලා තියෙන්නේ ‘‘

‘‘ ඒ මොකැ .... මොකද පුතේ  ...   කේස් එක ‘‘

‘‘ ඔය ඇගේ  නගින්නේ  ... අහගන්න එකයි ඇත්තේ ‘‘

මේකි  යකෝ .... පුටුව උඩ ඉන්න ගමන්ම සනියව පෙන්න පෙන්න ඔරවනවා , කෙල්ලො  දෙන්නත් මීක්  නැ  ... ෂුවර්  එකටම  බලු කේස්  එකක් ... කෙල්ලෝ  දෙන්නටත්  ... දෝස්මුරයක් ලැබිලද කොහෙද ... අපේ අනාදිපතිතුමිය ඉන්නවා නේ  ... නිතර තරහා යන්නේ  නැ  .. තරහ ගියහම නං  ඉතින් අම්මෝ   ... හොදි ඕන්නැ , සද්දේ  වහලා හිටියා  ටිකක්.... කොහෙද  ඒ ඉන්ඩත් නැ.

‘‘ මේ වැඩේනං කරන්ඩ බෑ ‘‘

මං ඇහුන්නැ වාගේ ... බිමින්  ඉදගන සනියට ඔලුව තියාගන්ඩ කකුල දුන්නා... ඌ මේ  දවස් කිහිපයට ඒකට පුරුදු  උනා  ... මගේ  කකුල  උඩින්  ඔලුව තියාගන ඉන්ඩ හරිම මනාපයි.



‘‘ ඔයා කියුවා  නේද මෙයා වස නැ කියල ... මූ හෙන වසයි .... ඇදුම් මහන්ඩ ආපු නංගි කෙනෙක්ව කෑවා දැන් ... බේරන්ඩ ගියහම මාවත් කන්ඩ පැන්නා .... හිනාවකුත්  නැ මූනේ  ... යටින් ඇවිත් හොරෙන්ම කයිද කවුද දන්නේ  ඒකයි මං මේ උඩට වෙලා ඉන්නේ ‘‘

‘‘ ගොඩක්  තුවාල උනාද ... ඒ ළමයව ... බෙහෙත් දාන්ඩ එක්කං යන්ඩ එපෑය ‘‘

‘‘ ඒ  එයා  හොද හින්දා හොදයි ... යනගමං බෙහෙත් දානවා කියුවා ...‘‘

‘‘ එහෙම කියලා  හරියනව යෑ අපේ  සතෙක් කෑවහම අපි බලන්ඩ එපෑය ‘‘

‘‘ ඒක තමයි කෝල්  කරේ .. කෝ  ඉස්සුවද ෆෝන් එක ‘‘

‘‘ මහපාරේ බයික් එක පදින ගමං කොහොමද ආන්සර් කරන්නේ ‘‘

‘‘ සනීව හිටපු තැනකට ගිහින් දෙන්ඩ  ආයේ  ‘‘

‘‘ ඒකනං කරන්ඩ බෑ  ... මේ  ඉන්න විදිහ බලන්ඩ  ... කොච්චර අහිංසකද .. ඌ අපිට කොච්චර ආදරේද ‘‘

‘‘ බෑ බෑ  ඒකනං කරන්ඩ බැ .. අන්තිමට මිනිස්සු මහන්ඩ එන එකකුත්  නැ ‘‘

‘‘ මේකනේ  .. මූ පාරෙත් ඉදලා ඉස්පිරිතාලේත්  ඉදලා  .. මෙහෙට ගෙනාවහම ළමයි එක්ක සෙල්ලං කරලා  නිදහසේ ඉදලා ..  සන්තෝසේ  වැඩිකමට නේ ඔය ... ඩියුටිය වැඩිපුරත් එක්ක කරලා අපෙං තව ලකුනු දාගන්ඩනේ හදන්නේ ‘‘

‘‘ මමත්  ආදරෙන් සැලකුවනේ  ... කවුද හිතුවේ මෙහෙම කරයි කියලා ‘‘

‘‘ ඉතින් ඔයා හා කියුව හන්දනේ  මම ගෙනාවේ  .... පව් අනේ අරං එන්ඩ කියුවේ ‘‘

‘‘ කියුවා තමයි .. ඔයා කියුවේ  හරි අහිංසකයි කියලනේ ... ජාබයි දෙන්නා එක්කත් මරාගන්නවා ........ ඔයා ගිය ගමං ඔයාව හොයන්ඩ පාරට යනවා ... මං පාරවල් ගානේ යන්ඩ ඕන අල්ලං එන්ඩ ... මං මොකවත් කියුවට ගන්නෙත් නැ .... ඔය  ඔය දැන් බලනවා හොරෙන් ... මොනවද බලන්නේ  .. මාවත් කන්ඩ හැදුවා නේද ... බූරුවා .... මොකවත් නොදන්න ගානට ඉන්න හැටි ‘‘

‘‘ පව් මූට හොදට තේරෙනවා ... ඔයා බයිනවනේ  ... හොදට අහගන ඉන්නේ ‘‘

‘‘ ඔයා එක්කෝ  සනීව ගිහින් දෙන්ඩ , නැත්තං කුඩුවක් හදලා ඒකට දාන්ඩ ‘‘

‘‘ මම සත්තු කුඩුකරලා  හදන්නේ  නැ කියල  දන්නවනේ ... ජාබා වගේම නිදහසේ  සනියත්  මේ ගෙදර ඉන්ඩ ඕන ‘‘

‘‘ එහෙනං  අර එලියේ  කාමරයට දාන්ඩ ‘‘

‘‘ එහෙනං  මාත්  යනවා  ජාබයි සනියයි  එක්ක එලියට ... යමං පුතේ  අපි  ... හිටහංකෝ  කම්පියුටරෙයි මගේ  ලට්ට ලොට්ට ටිකයි ඒකට ඇදගන්ඩ ‘‘

‘‘ විකාර කියවනවා ඒ පාර ... කියන දෙයක් තේරුං  ගන්නැ  ... ඉස්සරහ කාමරයට නෙමෙයි  ... ඕන දිහාක යන එකයි  ඇත්තෝ  බල්ලොත් ඇරගන  ... මට මොකද ‘‘

‘‘ කාමරයක් කුලියට ඇරං බල්ලොත් එක්ක මම යනවා  තමයි ... එතකං විතරයි  එලියේ කාමරේ ඉන්නේ  ... ඔයා මං නැතුව සතුටෙන් ඉන්ඩකෝ හොදේ ‘‘

අපේ අනාදිපති තුමිය පුටුවෙන්  බැහැලා ගස්සගන යන විදිහ දැකලා මට ඉතින් හිනා  .. මාත් ඉතින්  සනියව ඉස්සරහා කාමරයට දාලා .. දොරත් හරස්කරලා මගේ  වැඩක්  කරගන ඉන්නවා .... ඔහොම ඉතින්  රෑත්  උනා  කියමුකේ  ... මට ඇහෙනවා සද්දයක්  අනාධිපතිතුමිය කා එක්කදෝ  කතා කරනවා  එලියේ... හිමිහිට ඔලුව දාලා බැලුවා

.... ඔයාට තව බත්  ඕනද  ජාබා මල්ලි  කාලා ඉන්නේ  ආ මේ ටිකත්  කන්ඩකෝ  .... ඔයා වසයිනේ  පුතේ  ... ඒකනේ මං ගිහින් දෙන්ඩ කියුවේ  .... කාවවත්  හපන්නේ නැතුව  ඉන්ඩකෝ  ඈ ...

17 comments:

  1. ඔය තරහ ගියාම ටිකක් බැන්නට අක්කටත් දුක හිතෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ආදරෙයි ...........මූට බයයි ............ අපේ උන්දැගේ මලයව කෑවා අද නාවන්ඩ යන්ඩ කතා කලා කියලා

      Delete
  2. ඔය අනාදිපති තුමියගෙ විදායක බලතල ටිකක් කප්පාදු කරහං

    ReplyDelete
  3. Dachshund? මොකක්ද ප්‍රශ්නෙ? Mange?

    ReplyDelete
    Replies
    1. එයාට අර කටුවා කන ලේඩේ කියන හමේ ලෙඩේ හැදිලා ...... අයිතිකාරයා බීච් එකට ගෙනත් දාලා ........ ශිල්පා ගොඩක් අමාරුවෙන් අල්ලගන ඇවිත් බෙහෙත් කරලා ....... ඇගේ එක මයිලක් තිබිලා නැ ....... දැන් අසනීපය හොදයි ........ ඒත් සමහර තැන්වල මවිල් නැ ...... අහිංසකයි උනාට ටිකක් සැරයි ඩයල් එක ...... මගේ ලග හිටපු ලෙඩ සතෙකුට ශිල්පා උදව්කලා ගොඩක් .......... මේ සනියට යන්න තැනක් තිබුනේ නැ ....... ඉතින් මම අපේ ගෙදර එක්කං ආවා ......... දැන් මගේ ප්‍රයිව්ට් පෙට්

      Delete
  4. he he he ‘‘ විකාර කියවනවා ඒ පාර "

    ReplyDelete
  5. බලු ප්‍රශ්නයක් වුණාට හරිම මානුෂීයයි!

    ReplyDelete
  6. ඔය අර උඹට කවුද කැල්ලක් දුන්න කියපු බලු තඩියා නේද? හැක හැක හැක :))))))

    ReplyDelete
  7. ක්මෙන්ට් කියව අපමන ප්‍රිතීයක් ලදිමි

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මුල්ල පටස්
  • දැන් කාලේ හැදෙන එකාලා
    මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා…
  • බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්
    ආදරෙන්  හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි  දුකයි , ඉතින්  මොකද කරන්නේ  උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා …
  • කිරි පීල්ල
    මොනවදෝ මන්දා තඩි ගෝනි දෙකක්  බරට බරේ උස්සගන ආපු තාත්ත රාස්පාන් ගොඩක් බිම අතඇරෙන සද්දෙං බිමට දැම්මා මොනවද තාත්තේ තහඩු…
  • මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි
    මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා…
  • සම හරක්  පිස්සො
    සමහරක්  පිස්සො ඉන්නවා උන්ට පිස්සු කියල උන් දන්නවා තනියම ගිහිං බෙහෙත් ගන්නව තව සමහරක්  පිස්සො ඉන්නවා  උන්ට පිස්සු කියල උන්…
  • තෑගී ටොෆී ....බොන්සන් සහ බොන්බොන් ටොෆී සමග මිනී මැරුමක් සහ ඌරු මස්
    අක්කේ     අක්කේ ඒ ... ඉන්නවදෝ ...... ‘‘දොරත් ඇරල කොහෙට ගිහින්ද මන්දා....ගෙදර නැද්ද කොහෙද පුතේ ‘‘ ඉන්නවෝ ....මේ එනවෝ .... ‘‘ ආ…
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  • වඳ සැත්කම්
    මගේ ප්‍රීයාදර දයාබර පාඨක පාඨිකාවන්ට මතකද දන්නේ නැ අර හොදට පස්සෝනවා  කතාවේ අනුරයයි දම්මිකයයි , ඔන්න ඉතින් තව දවසක් අපි මැටි ගහලා හදාපු…
1,645,868

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>