2019-04-13

නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය



ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම නැ  කසාද ජීවිතේ  කවර දාකවත්ම ... අම්මපා , මං මරිමොල්  ගොං තකතීරු වැඩක්  කලත්  කටෙං වචනයක් එලියට දානවා නෙමෙයි  ... බැට්රි බැහැපු  රේඩියෝ එක වාගේ  ඉන්නවා ... මට මළ පැනලා කෑගැහුවත්  එහෙමයි  ... ගණන්  ගන්නැ  පඩේකට ........... උන්දෑ උන්දැගේ වැඩක් ... ඒ සම්බන්දව කියන්න  යමක්  තියනවානං  ... පස්සේ  හිමිහිට ගෙනහැර පානවා  ........... ඉතින්  මගේ රෙදි  නෑ  ..... අනේ ඉතින්  මාව වැටෙනවා  එහෙම වෙලාවට නයා මැරිච්ච පණික්කියාගේ  ගානට ... නැට්ට පුකේ ගහං සමාව එහෙම  ඉල්ලනවා .... එතකොට ඉතින් ඔන්න  චුට්ටක් විතර ගණන් උස්සනවා.

,, නැ නැ  බොරුවට එන්ඩ එපා  මෙතන  ... අර කියපුවාම  කියලා  කතා කරන්ඩ ,,

කියලා  තව මොනවාහරිත්  කියලා  ... හිතේ  තියන තරහා පිට කරලා  දාලා  නැගිටලා යනවා  ...... මූණට එන හිනාව ..එලියට පයින්ඩ කලින්  ඔය පැනලා  යන්නේ  ... ඔන්න චුට්ටකින්  අහනවා  ...... ( දවල්  දොලහට එකට උනත්  එහෙමයි )

,, මං නං නිකං තේ  බොන්ඩ යන්නේ  ... ඕනද ,,

,, මට ඕන්නැ ,,

ඔන්න ටිකකින් එනවා  තුන් මූනේන් දාඩිය පොල්ල දාන මද්දහනේ  ප්ලේටි බක්කියකුයි ... ටී එකකුයි  හදාන  .... දැං  ගහපන්කෝ  ගිණිවතුර වාගේ  ටී එකක්  .... ගිණි මකරා වාගේ  පිබ පිබ ......... එපා කියන්ඩත්  බෑනේ  ....... යාළු වෙන්ඩ එන ගෑණිනේ.

,,  කොහෙද දන්නැ  අර  යනවා කියුවේ  ... නැතැ  ඔය මෙෂින් හදන්ඩ යන තැනක හරි ... ඉන්ටර්නෙට් එකේ හරි  හොයාගන  ,  අනේ  හොදයි  අනිත් ගෑණු වගේ  මං නං  එන්නැ  පස්සෙං අඩඅඩා ,,

ක්‍රීම්  නැතා  ඇතා මොනහරි මලමගුල් බිස්කට්  එකකුත්  .. අර නිකං තේ ( එයා ප්ලේටි වලට කියන නම ) එකේ  ඔබං කන ගමං ...( ලෙමන්ෆප් එකක් උනත්  පොගවලා තමයි  කන්නේ ).... කියනවා.

,.  ,, ආ එහෙමද ... කමන් නැද්ද ‘‘ තියනවා තමයි  .. යනවා තමයි ,,


‘‘ අනේ කමක් නැ  ... යන එකයි ඇත්තේ  .... ආ නෑ  ... මේ ගෙදරට ඇරං ආවත්  කමක් නැ ‘‘

‘‘ එහෙනං  මොකද දන්නැ ප්ලේටි ගගහ මට ටී හදලා දෙන්නේ ‘‘

‘‘ මං  කැමති  ප්ලේන්ටි  බොන්ඩනේ  ... අනික මං කාට උනත්  නිකං තේ  දෙන්නේ නැනේ‘‘

‘‘ හා ..

‘‘ ගේන  කෙනෙකුට  මේ  ගෙදර වැඩ බාර දුන්නා නං ඇති  ... මට මගේ වැඩක්  .. දරුවෝ  දෙන්නගේ වැඩක්  කරගන  හිටිය හැකි ....

‘‘ හා  එහෙනං  ... අම්මෝ  ඔයා මාරයි  ...... ඔයා මෙහේ නෙමෙයි  අනේ ඉන්ඩ තිබුනේ එහේ  ............ ඔය දෙන්නම  මගේ  උවමනා  එපාකං  බලනවනං  හා ........... එකටම උනත්  කමක් නැ  ... දෙන්නා එක්ක  සමගියෙන්  රැස්වෙලා මගේ උවමනා එපා කං බලලා ... උදේට සමගියෙන්  විසිර යනවනං  හා ‘‘

ඔන්න  එතකොටනං  ... ඉතින්  නැගිටලා යන්නේ  ... අලවංගුව ඇරං  පරලවෙලා නටන රාගම ලොකු සීයා වාගේ

 ........... බෑ බං  කතාව කැලේ   යනවා................. ඔන්න ඉතින්  මං කාලයක්  පුරුදු  රස්සාව අත ඇරලා  ... වෙන වැඩකට බැස්සනේ  ........... ඒකත්  පුරුදු  නැත්තේ නැ  ......... ගංධබ්බ කාලේ ඉවරකරලා  ... ජීවිතේ  පටන්ගත්ත ෆීල්ඩ් එකේම ටොප් ලෙවල්   වැඩක්..............

ඒකේ  නිවාඩු  නෑ  විවේකය අඩුයි  ඉද හිට ගෙදර එන්නේ ........ ඔය අවු  අස්සේ  එකියක්  .... රත්තරං ටිකට  හිටිය ගෑණිව බන්දලා කියහල්ලකෝ   ..... කිරිනානාගේ   ...  කතෝලික බුද්ධාගං තලෙයිබාන්  නිකායට ...  අනේ  සාදු  ... තවත්  නිදහස්  ... ගෙවල්  නිකං පන්සල්  වාගේ  ..... පැය විසිහතරම  ... බණ , භාවනා  , පිරිත්  ...........  ආයේ  පරණ පුරුදු  ජීවිතේට කියලා  හිතං ආපහු  ආපු  මාව පුල්අන්දොස් ...

අපේ  නැන්දම්මත්  එහෙමයි  ..  පොඩි  වෙනස් කමයි  තියෙන්නේ  .. මගේ උන්දැ   කියවන්නේ  නෑ  ....... නැන්දම්මා කියවනවා ......... නැන්දම්මා බැට්රිදාපු  රේඩියෝ එක  ....... මගේ  උන්දැ  ..... බැට්රි  බැහපු  රේඩියෝ එක  ........... අනිත් එවා අහගන්න  වෙන්නේ  මාමන්ඩියගෙන්ම  තමා.

යකෝ .............. ලියන්ඩ ආපු  එක මතක නැතුව   සැහෙන වෙලාවක්  හිටියා මං.............. යාන්තං  මතක් කරගත්තේ.................. ගොනා කානුවේ    කරත්තේ   කැලේ


අපේ  නැන්දම්මා හෙන සකසුරුවං යානාව .. කිසිම දෙයක් විසිකරන්නේ  නැ  .. ඔක්කොම එකතු කරලා බෝතල් පත්තරේට දෙනවා...  අර මං නැතුව හිටිය අවුරුද්දේ හමාරේ අපේ  උන්දැ  මම එකතු කරලා තිබුන  මහන මැෂින්  පාට්ස් කම්පියුටර් පාට්ස් ඉලෙක්ට්‍රොනික් පාට්ස්  ඉලෙක්ට්‍රීක් පාට්ස් .... ඔක්කොම එලියට දාලා ..මං ඉතින්  ජාතිය ඇමතුවා ... ඇයි අප්පා  එතන තිබුනා හෙන දුර්ලභ මහන මෙෂින් කෑලී .... සමහරක්  ඒවා නොවටිනා ගණන්  දීලා බෝතල් පත්තර කඩ වලින්ම  අරගත්තුවා  ..........  අපේ නැන්දම්මා දෙක පහට එව්වා බෝතල්  පත්තරේට දීලා ....

බියර්  එම්ටියක්  ගල් එම්ටියක්  නෑ හදිස්සියකට ... රුපියලට දෙකට අරූට  පුදලා .... මං හතලිහක් පණහක්  දෙන්ඩ ඕන හැමදාම ... ඒ මදිවට මට දවසක්  අසුහාරදාහට නැග්ගා ... මං ගේ අස්සේ  ඉන්නවා කියල නැන්දම්මට මීටර් නැතුව ගිහිං .. බෝතල් පත්තරේව දැක්කහම ... ඔන්න ඇවිත්  පරණ බෝතල් එකතු කරනවා ... ඒ ගමං අපේ උන්දව අවුස්සනවා ...

‘‘ මේ බලන්ඩ අමාලි මේ....  මේ තියෙන්නේ  මෙව්වයේ ගණන්  මේ බෝතල් ටිකටම කී දාහක්ද ... ලක්මාල්ලත් මහ මිනිස්සු වාගේ  බොන්ඩ පුරුදු වෙලා ... මේ සල්ලි වලිං පිණක් දහමක් කලානං මොකද ... ඔයත් කට වහගන ඉන්නවනේ  ... අවවාදයක්  දීලා හදාගන්නේ  නැනේ ‘‘

දත්මිටි කාගන ටිකක් වෙලා ඉදලා බැස්සා එලියට

‘‘ ඈ බං  මල්ලියේ උඹලා පරණ වෙච්ච හැම ලබ්බම ගන්නවනේ ... පරණ ගෑණු ගන්නේ  නැද්ද ... මේන්න මේ දෙක ඇරං  මට  කීයක් හරි දියං ‘‘

‘‘ අපි පරණ යකඩ ගත්තට බෙලෙක්ක ගන්නේ නැ මහත්තයා ‘‘

8 comments:

  1. හැක්.. බෙලෙක්ක. බොට අද බාල්දියෙන් තමයි හම්බ වෙන්නෙ.

    ReplyDelete
  2. හරිම සුන්දර ජෝඩුව

    ReplyDelete
  3. ඔය කිරිඥාවු එකෙං වහාම ගලෝගනිං ඔවුන්දැව. අපෝ ඕක හෙට්ටිවීදියට එහා. අර ගාල්තැන්නෙ දෙයියටත් එහා.

    ReplyDelete
  4. Hi Atam, atampahiya has a undesirable blog 'LankaEvoice' appearing. I did not click on it, but the heading is like a Porn site. Thanks

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවත්කලා ,ඒක කලින් සයිට් එකක් නෙමෙයි ...හැක්වෙලා ද කොහෙද

      Delete
  5. නැන්දම්මා මලකඩ කාපු පිහියකින් අනියි, පිටගැස්ම හැදිලා මැරෙන්න!

    ReplyDelete
  6. අර පරණ ඉලෙක්ට්‍රොනික් කෑලි ටික යකඩ වලට දුන්නා කියද්දී නම් පපුව හෝස් ගාලා ගියා. එව්වල අගය දන්නේ ඒවා එක්ක වැඩ කරන අය විතරයි..
    එහෙනං සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • ඉතිං ඔය තමා යහපාලනේ දැං රහ බලහං
    අරක්කු සිකරට් වැඩිකලාටත් බනිනවා වාහන ගාන වැඩිකලාටත් බනිනවා වාහන ට්‍රාන්සර් කරන්ඩ කියුවටත් බනිනවා රථවාහන දඩමුදල් වැඩිකරාටත් බනිනවා අදායම් බදු…
  • ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීම
    ඔන්න ඉතින් තියන කෑලි දෙකට අමතරව ගේ පිටි පස්සට තව  කාමරයක් කුස්සියක් සහ ගේ අස්සේ කක්කුස්සියක් පුලුවං කාලෙක අටවාගන්ඩ කියල අත්තිවාරං කෑල්ලක්…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල
    මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන…
  • අඩු මුදලකින් පහසුකම් සහ ඉඩකඩ ඇති ලේන් කූඩූවක් සාදාගන්නා ආකාරය
    දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට…
  • flash drive එකක් Bootable drive එකක් කරගන ඒකෙන්  Windows දාමු
    ඔය මොකක්හරි ඩීවීඩි ඩ්‍රයිවරයක් නැති හරි කැඩිච්චහරි කොම්පියුටරෙකට වින්ඩෝස් දාන්ඩ ගියහම පෙන් එක බූටබල් කරගන්ඩ ඕන වෙනවනේ , එහෙම උනහම මං ඉතින් ජංජාලේ…
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • ලල්ලයි පූසී පැටියයි
    ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ…
  •  How to write a Sinhala blog ( 3 )   බ්ලොග් සෙටින්ග් , බ්ලොග් ගැජට් , බ්ලොගර් ෆොපයිලයේ වැඩිදුර සැකසුම් ,  blog authors හෝ  admin ලෙස තව කෙනෙක් සම්බන්ද කරගැනීම
    දෙවැනි කොටස මෙතැනින් හරි දැං ඉතින් ටෙම්පලේට් එකත් හදාගත්තානේ , දැං ඉතින් ඕනම කරන බ්ලොග් ගැජට් සහ අනිවාර්යෙන් සැකසිය යුතු බ්ලොග් සෙටින්ග් ගැන…
  • වඳ සැත්කම්
    මගේ ප්‍රීයාදර දයාබර පාඨක පාඨිකාවන්ට මතකද දන්නේ නැ අර හොදට පස්සෝනවා  කතාවේ අනුරයයි දම්මිකයයි , ඔන්න ඉතින් තව දවසක් අපි මැටි ගහලා හදාපු…
  • තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)
    මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන…
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • මං අදි මදි කරනවා
    ‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘ කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ... ‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො…
  • දෙන්නැ එකෙකූට රුපියලක්
    උදේ ඉදන් හදන්ඩ ආපු මෙෂින් ටික හදලා ඉවර කරපු මම පාරේ යන කිරිටොයියා බයික් වලට හූල්ල හූල්ල ඉන්න කොට වෙච්ච සින් එකක් තමයි මේ අපේ ගොඩනැගිල්ලට…
  • බඩු නැ සර්
    අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද…
1,645,558

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>