2019-07-01

ජාබා නොහොත් මගේ චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය



මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක්  , පිස්සු යකෙක්  , ගෝත කරුමයක් ... කොටින්ම  වැක්සීන් දුන්නහම  අඩුම දවස් පහක්වත්  බෙහෙත් විද්ද  තැන පෙන්න පෙන්න  සියලු  සැප විදින්ඩයි  බලන්නේ , බෙහෙත් ගේන්ඩ  ඇරන්  යනවා  කියලා  දැනගත්තහම  අල්ලනවා බොරු .......  අල්ලගත්තහම  උස්සලම පටවන්ඩ ඕන  , වැක්සීන්  කාඩ්  එක එලියට ගත්තත්  මූ වැනිෂ්  වෙනවා , එක දවසක්  උස්සගන ඇවිත්  ත්‍රීවිල්  එකට නගින කොටම ඇගේ  චූ කරා ......... ගහන්ඩද බයින්ඩද  ..... ත්‍රීවිල් මල්ලිට ඉන්ඩ කියලා  දෙන්නම නාලා   ආයෙත්  පටවන්  ගියා.

ගෙදර  වහලෙට  ලේනෙක්  මීයෙක්  ආවොත්  බිත්තියට  කටුස්සෙක්  හූනෙක්  ආවොත්  . වත්තට  හරකෙක්  ...... පිට බල්ලෙක්  ආවොත්  වෙන බල්ලෝ  ගේම ඉල්ලුවට  ......... මූ එන්නේ  බුර බුරා අපි  ගාවට  ... අපි  තමයි මූට  අදාල  සතාව  එළවලා  දෙන්ඩ   ඕන  ........... අපේ දෝනිලා  ..... ලගට  දුහගන ඇවිත්   බිත්තිය හරි  වහලේ  හරි පෙන්න  පෙන්න  බුරනකොට  .......  ළමයි දෙන්නා   .එහෙම  උඩ  ඉන්න  උන්ට  උඩිහප්පෝ  කියලා  නම දැම්මා .............  බුවා ඒ වචනය   ඉක්මනට අල්ල ගත්තා  ........... පස්සේ  ජාබා වාත  වෙනකොට  ළමයි  කරන්නේ .......  අන්න  උඩිහප්පෙක්  ඉන්නවා කියන එක  ......... එහෙම කරලා උඩ පෙන්නුවහ  ........ මූ  ගේ ඇතුලෙයි  ........ ගේ  වටෙයි  උඩ බල බලා  ..... වහලෙට බුර බුර  යනවා..........  පස්සේ  මූ බොරුවටත්  ඌට අවදානය ගන්න  ඕන  උනහම  ..........  අපිට උඩිහප්පෝ  පෙන්වනවා .......... ඇති  උඩි හප්පෙක් නෑ.


දැන්  මූ  හෙන  නැඩයා  ........ තාත්ත  පාරේ හිටිය  පොරක්  අම්මා පොමනේරියන් ......... අම්මගෙන්  ඇවිත් තියෙන්නේ ඇගේ  සයිස් එක  ......... තාත්තගේ  පාට  ............ දෙවියන් වහන්සෙගේ  අප්සට්  නිර්මාණයක්  ......... කෑලි ටොක්  කරනවා  .... එක කෑල්ලක් වත්  හරියට ටෝක්  වෙන්නේ නෑ  ..... පාරේ  ෆයිට්  කරලා   පොර වෙලා  කෑලී   ලයින්  කරගන්ඩත්  බෑ ........ දවසක්  බුවා  නෑ  අපි  හතර දෙනාම  හතී රටේ  ඇවිද්දා  ... මේකව හොයන්ඩ  .......... පස්සේ  පාන්දර  දෙකට විතර  මෙහෙයුම  අවලංගුකලා  ..... පහුවදා දවල්  එකොලහට විතර  බුවා  ආවේ  ........ හම්මේ  තිබ්බ  හොර ලෙඩ  ......... දෙන දේ  කාගන්ඩත්  බෑ  ...... හැබැයි ඇගපුරා තුවාල ........... ගෙදර උන්  රවට්ටගන පුල්  සැපක් ගත්තා  සතියක්  විතර.

මූ  හෙන බූරුවා  ... පාරේ  ඉන්න කෑලී ටොක්  කරලා  එක්ක  එනවා  .........  මූ    ඒකිව  එක්කං එන්නේ  බත් දෙන්නං කියලා ........... කෙල්ලව  ගේ  එහා පැත්තෙන් එක්කං  ඇවිත්   කුස්සියේ  තියන  බත්  එක ඒකිට දීලා ....... අපි ලගට  ඇවිත්  .දගර  ඩාන්ස්  ,  කොක්  ඩාන්ස්  දානවා  අපේ අවධානය  කුස්සිය පැත්තට නොයන්ඩ  ........  ඔඩෙක්කෙට පයිනවා  .උම්මා දෙනවා  .එක විකාරයයි .......... අරකි  හොදට බත් එක කාල  .. මූට  පුක පෙන්නලා    මාරු  වෙලා  යනවා  ........... මේකා ඊලගට  ඉතින්  ඉන්නවා  ... ඉස්සරහ අත්දෙක උඩින්  ඔලුව තියාගන ......... හිමාලයා මැරිච්ච ලේස්ටර් පිගොට් වාගේ.

දවසකින්  දෙකකින්  මට වැඩේ  මාට්ටු  .... මම පාරම්බබා  හිටියේ  දෙන්නං  තොට කියලා  .........  කොහොමහරි  මම  අලස සුවය  විදිමින්  ඉන්න වෙලාවක ...  ඒ මොහොත  උදාඋනා .........  මට හරි චූන්  ඉතින්  ....... ප්‍රර්ථනාකරපු  කාළකන්නි සතුට විදින්ඩ පුලුවන්නේ  තව මොහොතකින්.

ඩයල්  එක ටෝක  දාලා ලයින්  කරගන කෑල්ල එහා පැත්තට කුස්සියට  දක්කනවා  මගේ  ගූ ඇහැට  මාට්ටු .... මම සීං ගාලා දුහලා  ගිහින්  ....... අයිස්පෙට්ටිය  ගාව බිමින්  ඉදගන  හැංගුනා ......... මේකා  කෑම එක ගාවට  ආවා  ...... මූ  පන්නං  ආපු  ....... ඇන්ටී  ...... දොරගාව ........ ඒ පැත්ත  බලලා  ....... ලව් ඇක්ෂන්  එකක් දැම්මා  ......... අර ඇන්ටි  ...... ( හෙන වයසයි  පන්සලේ  ඉන්නේ ) බත් එක ලගට ආවා  ..... චූටි පුතා  කූක්  කූක්  එකක්  දාලා .නෑට්ට වනලා  .........  පස්ස  නටවලා  ........  නට්ට උස්සලා  .බෙල්ල  කෙලින් කරලා  ........... චූචූ  පැත්තට  හොම්බ දික්කරා ........... අරකි  පඩේකට ගණන්  ගන්නේ නැතුව  බත් කෑවා.

අන්න එතකොට  තමයි  බුවාට  අපිව  මතක්  උනේ  ...... දැන් අපිව  බැලන්ස්  කරන්ඩත්  ඕනනේ  ........ ඉස්සරහට එන්ඩ  ඕනනේ  ........ මම  ඉන්න  තැන  පාස්  කරන්ඩ  එන කොටම   මම  ඉන්න තැනින්  හිට ගත්තා  .............

මොකෝ  චූටි පුතා

මූ නැට්ට  එක්ක  ඇගත්  වනලා  ... දගර ඩාන්ස්  එකක්  දාලා  .......... චූට්ටකින්  ......... වටේ  කැරකි  කැරකි  වහලේ  දිහා  බල බලා  බිත්තියට  කකුලුත්  තිය තිය  ... වහලෙට බුර බුරා

මට උඩිහප්පෝ පෙන්නුවා  කියන්ඩකෝ
මූ වාගේම දෝදූ කෑල්ලක් ගෙදර ඉන්න කවුරුහරි ඉන්නවානං දවස් දෙක තුනකට මූට පොඩි නිවාඩුවක් ගතකරන්ඩ චාන්ස් එකක් දෙන්ඩ.............ප්ලීස් ,මොකද ඉස්සරහට මට ගෙදර ඉන්ඩත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ මූ පන්සල් සූදුවටත් නැඔුරු වෙනවා වාගේ ... ජුල්බුලියට ෂොට් එක දෙන්ඩ ෆුල්ට්‍රයි.







9 comments:

  1. ජාබාත් මහ තැනගෙන් ඉගෙනගෙන නැතෑ!

    ReplyDelete
  2. අටං ගොයියාත් හොද හොද අස්පයෝ අල්ලලා තියෙනවා එහෙනම්.

    ReplyDelete
  3. බල්ලන්ටත් තියෙන ප්‍රශ්න..

    ReplyDelete

  4. මට තියෙන ප්රේශ්නේ
    බල්ලා අටං වගේද අටං බල්ලා වගේද?

    ReplyDelete
  5. ඇවිදිනව වැඩියි.
    ලෙඩ හැදුනහම කරදරයි

    ReplyDelete
  6. බල්ල මූට බලත්කාරකමක් කරලද මන්ද.

    ReplyDelete
  7. ජාබා හෙන කපටි රජෙක් වගේ.

    ReplyDelete
  8. සෝක් බව්වෙක් ^_^

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  •  ලබ්බ කියන්නේ ඇයි
    නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල…
  • DIY - how to make a 30$ granite bonsai pot / ornamental pot at home
  • මට මොකටද කාගෙවත් ජංගී
    ලල්ලා කියන්නේ අපේ අම්මගේ චුටී මල්ලී. එ දෙන්නා අතරේ අවුරුදු 20ක විතර පරතරයක් තියනවා.උත්සහවන්ත අහිංසක මනුස්සයා. හරිම හොදයි. එයාට වයස 4ක් විතර කාලයේ…
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • මල් සින්දු කියන මල්ලියෙක්ට
    නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා      …
  • ඔබත් දරුවන්ට රඹුටන් ආහාරයට ගැනීමට දෙන මවක්ද පියෙක්ද , එසේනම් මේ කරුනු ගැ...
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • පව ඇරියස්
    අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක…
  • නඩුකාරතූමියගේ ‍අඹ සාත්තූව
    කොළඹට ආසන්න උසාවියක දැනට කාලයකට කලින් හිටියා නඩුකාර නෝනා කනෙක් , බොහොම සැරපරුෂයි , කාටවත් ගැලවිලා යන්න අමාරුයි.  පොලිස් නිළධාරින් ,…
  •  How to write a Sinhala blog ( 3 )   බ්ලොග් සෙටින්ග් , බ්ලොග් ගැජට් , බ්ලොගර් ෆොපයිලයේ වැඩිදුර සැකසුම් ,  blog authors හෝ  admin ලෙස තව කෙනෙක් සම්බන්ද කරගැනීම
    දෙවැනි කොටස මෙතැනින් හරි දැං ඉතින් ටෙම්පලේට් එකත් හදාගත්තානේ , දැං ඉතින් ඕනම කරන බ්ලොග් ගැජට් සහ අනිවාර්යෙන් සැකසිය යුතු බ්ලොග් සෙටින්ග් ගැන…
  • තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)
    මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන…
  • කිරි පීල්ල
    මොනවදෝ මන්දා තඩි ගෝනි දෙකක්  බරට බරේ උස්සගන ආපු තාත්ත රාස්පාන් ගොඩක් බිම අතඇරෙන සද්දෙං බිමට දැම්මා මොනවද තාත්තේ තහඩු…
  • වඩේ රස කරන රස රහස
    වඩයක් දකින , වඩේ කන , ඉදලා හිටලා වඩයක් බදින හැමදාම මට මතක් වෙනවා වඩේ අංකල්, ඒ තරම් රස වඩයක් මම මගේ ජීවිතයටම කාලා නැ, ඒ දවස්වල  අපි…
  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • ඇයි යකෝ ඔය
                                             …
  • Uncle
    මම අලුත් වැඩක් පටන්ගත්තා , යූටියුබ් චැනල් එකක් , බ්ලොග් එක  මාර්ගයෙන් ඔයාට දැනුම් දෙන්න හිතුවා , ඉතින් මේ වීඩියෝව යූටියුබ් ලින්ක් එක ෂෙයාර්…
  • DP Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • Sri Lankan Grandma's Recipe Beef curry
1,645,265

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>