2019-07-05

ඌරු මස් රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )




ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )

තෙල් සහ මස් සමානව ඇති 500g පටියක හැඩයේ කුට්ටියක් ගෙන කුඩා ගොරකා බික් දෙකක්  සහ ලුණු  පුරවලා තේ හැදි  1 ක් සහ කහ තේ හැදි කාලක් සමග පියන සහිත උස් බාජනයකට වතුර කෝප්පයක් යොදා පියන වසා විනාඩි 10 ක් තම්බාගන්න , දැන් බාජනය විවර කර මස් කැබැල්ල අනිත් පසට පෙරලා තවත්  විනාඩි 10  තම්බාගන බාජනයෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.

නිවුනාට පසු පිටත හම තෙල් කැබැල්ලේ ඉහල කෙලවරෙන්  කපා ඉවත්කොට තෙල්  සහ මස් දෙකම  එකකෑල්ලට සෙට් වෙන විදිහට සිහින් දිගු කැබලි කපාගන්න පසෙකින්  තබාගන්න.

තරමක ලොකු ළූණු  ගෙඩි 2  රවුම් කපාගන්න , අමු මිරිස් කරල් 6 ක් දිගට පලාගන්න   ....    ඒ  දෙකම එකට දමාගන  ගම්බිරිස් පුරවලා තේ හැන්දක්  සහ ලුණු  තේ හැදි  බාගයක් දමා හොදින් අතගාලා   පැත්තකින්  තියාගන්න .

සුදු  ළූණු බික් හතරයි
අබ තේහැදි කාලයි
නියපොත්තක් තරමේ ඉගුරු කැබැල්ලයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
කුඩා කුරුදු පොතු කැබැල්ලයි
හොදින් තලාගන පසෙකින්  තබාගන්න

දැන් බාජනයක් ලිප තබා පොල් තෙල් මේස හැදි තුනක් දමාගන්න ... එයට රම්පේ  කැබැල්ලක් සහ කරපිංචා සමග කලින්  තලාගන  සූදානං කරගත්ත

සුදු  ළූණු බික් හතරයි
අබ තේහැදි කාලයි
නියපොත්තක් තරමේ ඉගුරු කැබැල්ලයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
කුඩා කුරුදු පොතු කැබැල්ලයි

සියල්ල  දමාගන  නහයට  ලාවට  බැදෙන සුවද එනකොට කලින් සූදානම්  කරගත්ත  ,  ලොකු ළූණු , අමු මිරිස් , ගම්බිරිස් , ලුණු   සියල්ලම  එකතුකර  හොදින්  පෙරලන්න ...  ලොකු ළූණු බැදෙන සුවද නහයට දැනෙන විට ... මස් ටිකත්  එකතු කර ... හොදින්  පෙරලමින් කලවම් කොට ... පියනකින් වසා ... ගින්දර  අඩු කොට ... විනාඩි  තුනක් ලිපේ  තබන්න.

දැන්  ලුණු සහ සැර මදිද කියලා  බලන්න ...  තමන්ට මදියි  කියලා හිතෙනවානං පමණක්  ..ගම්බිරිස්  සහ    ලුණු  තමන්ට උවමනා   ප්‍රමාණයට එකතු  කර  හොදින්  පෙරලමින් ... විනාඩි  දෙකක්  පමන  තවදුරටත් බැදගන්න.

කරලා බලලා  හොදද  කියලා  කියන්න  බලන්න.




අදත් හැදුවා , ටිකක්  කලු  පාට කරියක් .......... මේ රෙසපිය  ඉක්මනටම හදලා   හරි පින්තුරය දාන්නං , නිතර හැදුවට  ..... පින්තුර ගන්නේ නෑ අප්පා  ........... හදාගත්තා කෑවා.......... දුහන පුහුල්  කියන්නේ   පින්තුරක්  ගන්ඩවත්  ඉවසිල්ලක්  නැති  කෑමක්.

14 comments:

  1. ඔහොමත් තම්බනවද යකෝ ඌරු මස්...හම්මෝ

    ReplyDelete
  2. බලාගෙන උබ ජාතිවාදී දේවල් කරනවා කියයි

    ReplyDelete
  3. ලක්මාල්, සේරම හරි, මං නම් මස් හදද්දී ගොරකා දාන්නේ නැහැ. මස් තද වෙන නිසා. විනාකිරි- සියඹලා- ලුනුදෙහි- තක්කාලි වගේ දෙයකින් තමයි ඇඹුල ගන්නේ. ගොරකා දාලාත් බලන්නම්කෝ.
    මස් තදට දැනෙන්නේ තවම මගේ දත් ටිකිරි නිසාද දන්නෙත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මෙතනදී දානවා මචං ...බේබද්දෝ ටිකක් තදට හැපෙනවට කැමතියි ...අනික තෙල් කෑල්ල පොල් කෑල්ල වාගේ වෙනවා

      Delete
    2. කියන්නද ගුරු මුස්ට් කේස් නැතුව දෙයක්..ඌරුමස් කපල කහ ටිකක් දාලා හෝදලා...අඩුම කුඩුම දාලා...විනාකිරි ටිකකුයි,ගොරකා පේස්ට් ටිකකුයි,සියඹලා පේස්ට් ටිකකුයි දාලා අනලා විනාඩි දහයක් තියලා උයලා බලන්නකෝ...ම්ම්ම්හා....
      මීගමුවෙන් ඉගෙන ගත්තේ....මරු ඈ...

      Delete
  4. උඹේ නියපොත්තෙ පොටෝ එකකුත් දාපං. නැත්තං ඉඟුරු කෑල්ලෙ සයිස් එක හොයාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මැසිමට අහුවෙලා කැපුනු ඇගිලි දෙකේ නියපොත්ත තරම්.

      Delete
  5. අඩේ!!! මෙහෙමත් හදලා බලමු එහෙනං!

    ReplyDelete
  6. පෝක් එක්ක ජෝක් නෑ! එළ! No joke with poke ! Ela!

    ReplyDelete
  7. දුවන පුහුල් ...:)

    ReplyDelete
  8. කොටුවෙ රත්නගිරියෙ තියෙන ක්‍රිස්පි ෆ්‍රයිඩ් පෝක් එක තමා මට සෙට් උන මං ආසම බයිට් එක.ඕකත් හදලා බලන්ට ඕනි.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින්  මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට
     , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front' ඇයි අවුල්ද . හිනාවෙන්ඩ එපා , දැන්…
  • හාමිනේද පෙට්‍ටගමද
     නිමල් බොහොම අඩු වයසෙන් තමන්ගේ උත්සාහය සහ කැපවීම නිසා ජීවිතය සාර්ථක(ද) කරගත්ත මනුස්සයෙක්.ඇත්තටම මහත්තයෙක්.  හැබැයි හැමෝටම වගේ එ…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • චංචලා
    නොමේරු හිත්පතුල ගැඹුරටම කොනිතලා හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා මං තාම ආදරෙයි  කෝ කොහිද  චංචලා නුඹ නිසා…
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • How to adjust the timing on singer zigzag machines
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • DIY - how to make a 30$ granite bonsai pot / ornamental pot at home
  • ජාබා සහ ජුල්බුලී
  • යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ
    මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන…
  • How to put a Singer 974 shuttle
  • ජාබා නොහොත් මගේ  චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය
    මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක්  , පිස්සු යකෙක්  , ගෝත කරුමයක් ... කොටින්ම  වැක්සීන් දුන්නහම  අඩුම…
  • බෝතාල් පත්තරේ
  • How to write a Sinhala blog ( 1 ) , සීංහල බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද , සිංහල අකුරු ලියන්නේ කොහොමද , බ්ලොග් එකට වෙන ජීමේල් එකක්
    වරදවා හිතන්න එපා කවුරුවත් , මම කම්පියුටරයක් ගෙදරට ගේනකොට දන්නේ ඔන් ඕප් බට්න් එක විතරයි , පස්සේ ටික ටික ඉගන ගත්තා , ඔය ගැන ටිකක් ලියල තියනවා…
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
1,645,555

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>