Popular Posts

2019-07-05

ඌරු මස් රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )




ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )

තෙල් සහ මස් සමානව ඇති 500g පටියක හැඩයේ කුට්ටියක් ගෙන කුඩා ගොරකා බික් දෙකක්  සහ ලුණු  පුරවලා තේ හැදි  1 ක් සහ කහ තේ හැදි කාලක් සමග පියන සහිත උස් බාජනයකට වතුර කෝප්පයක් යොදා පියන වසා විනාඩි 10 ක් තම්බාගන්න , දැන් බාජනය විවර කර මස් කැබැල්ල අනිත් පසට පෙරලා තවත්  විනාඩි 10  තම්බාගන බාජනයෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.

නිවුනාට පසු පිටත හම තෙල් කැබැල්ලේ ඉහල කෙලවරෙන්  කපා ඉවත්කොට තෙල්  සහ මස් දෙකම  එකකෑල්ලට සෙට් වෙන විදිහට සිහින් දිගු කැබලි කපාගන්න පසෙකින්  තබාගන්න.

තරමක ලොකු ළූණු  ගෙඩි 2  රවුම් කපාගන්න , අමු මිරිස් කරල් 6 ක් දිගට පලාගන්න   ....    ඒ  දෙකම එකට දමාගන  ගම්බිරිස් පුරවලා තේ හැන්දක්  සහ ලුණු  තේ හැදි  බාගයක් දමා හොදින් අතගාලා   පැත්තකින්  තියාගන්න .

සුදු  ළූණු බික් හතරයි
අබ තේහැදි කාලයි
නියපොත්තක් තරමේ ඉගුරු කැබැල්ලයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
කුඩා කුරුදු පොතු කැබැල්ලයි
හොදින් තලාගන පසෙකින්  තබාගන්න

දැන් බාජනයක් ලිප තබා පොල් තෙල් මේස හැදි තුනක් දමාගන්න ... එයට රම්පේ  කැබැල්ලක් සහ කරපිංචා සමග කලින්  තලාගන  සූදානං කරගත්ත

සුදු  ළූණු බික් හතරයි
අබ තේහැදි කාලයි
නියපොත්තක් තරමේ ඉගුරු කැබැල්ලයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
කුඩා කුරුදු පොතු කැබැල්ලයි

සියල්ල  දමාගන  නහයට  ලාවට  බැදෙන සුවද එනකොට කලින් සූදානම්  කරගත්ත  ,  ලොකු ළූණු , අමු මිරිස් , ගම්බිරිස් , ලුණු   සියල්ලම  එකතුකර  හොදින්  පෙරලන්න ...  ලොකු ළූණු බැදෙන සුවද නහයට දැනෙන විට ... මස් ටිකත්  එකතු කර ... හොදින්  පෙරලමින් කලවම් කොට ... පියනකින් වසා ... ගින්දර  අඩු කොට ... විනාඩි  තුනක් ලිපේ  තබන්න.

දැන්  ලුණු සහ සැර මදිද කියලා  බලන්න ...  තමන්ට මදියි  කියලා හිතෙනවානං පමණක්  ..ගම්බිරිස්  සහ    ලුණු  තමන්ට උවමනා   ප්‍රමාණයට එකතු  කර  හොදින්  පෙරලමින් ... විනාඩි  දෙකක්  පමන  තවදුරටත් බැදගන්න.

කරලා බලලා  හොදද  කියලා  කියන්න  බලන්න.




අදත් හැදුවා , ටිකක්  කලු  පාට කරියක් .......... මේ රෙසපිය  ඉක්මනටම හදලා   හරි පින්තුරය දාන්නං , නිතර හැදුවට  ..... පින්තුර ගන්නේ නෑ අප්පා  ........... හදාගත්තා කෑවා.......... දුහන පුහුල්  කියන්නේ   පින්තුරක්  ගන්ඩවත්  ඉවසිල්ලක්  නැති  කෑමක්.

14 comments:

  1. ඔහොමත් තම්බනවද යකෝ ඌරු මස්...හම්මෝ

    ReplyDelete
  2. බලාගෙන උබ ජාතිවාදී දේවල් කරනවා කියයි

    ReplyDelete
  3. ලක්මාල්, සේරම හරි, මං නම් මස් හදද්දී ගොරකා දාන්නේ නැහැ. මස් තද වෙන නිසා. විනාකිරි- සියඹලා- ලුනුදෙහි- තක්කාලි වගේ දෙයකින් තමයි ඇඹුල ගන්නේ. ගොරකා දාලාත් බලන්නම්කෝ.
    මස් තදට දැනෙන්නේ තවම මගේ දත් ටිකිරි නිසාද දන්නෙත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මෙතනදී දානවා මචං ...බේබද්දෝ ටිකක් තදට හැපෙනවට කැමතියි ...අනික තෙල් කෑල්ල පොල් කෑල්ල වාගේ වෙනවා

      Delete
    2. කියන්නද ගුරු මුස්ට් කේස් නැතුව දෙයක්..ඌරුමස් කපල කහ ටිකක් දාලා හෝදලා...අඩුම කුඩුම දාලා...විනාකිරි ටිකකුයි,ගොරකා පේස්ට් ටිකකුයි,සියඹලා පේස්ට් ටිකකුයි දාලා අනලා විනාඩි දහයක් තියලා උයලා බලන්නකෝ...ම්ම්ම්හා....
      මීගමුවෙන් ඉගෙන ගත්තේ....මරු ඈ...

      Delete
  4. උඹේ නියපොත්තෙ පොටෝ එකකුත් දාපං. නැත්තං ඉඟුරු කෑල්ලෙ සයිස් එක හොයාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මැසිමට අහුවෙලා කැපුනු ඇගිලි දෙකේ නියපොත්ත තරම්.

      Delete
  5. අඩේ!!! මෙහෙමත් හදලා බලමු එහෙනං!

    ReplyDelete
  6. පෝක් එක්ක ජෝක් නෑ! එළ! No joke with poke ! Ela!

    ReplyDelete
  7. දුවන පුහුල් ...:)

    ReplyDelete
  8. කොටුවෙ රත්නගිරියෙ තියෙන ක්‍රිස්පි ෆ්‍රයිඩ් පෝක් එක තමා මට සෙට් උන මං ආසම බයිට් එක.ඕකත් හදලා බලන්ට ඕනි.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>