2012-03-30

මට මොකටද කාගෙවත් ජංගී

ලල්ලා කියන්නේ අපේ අම්මගේ චුටී මල්ලී. එ දෙන්නා අතරේ අවුරුදු 20ක විතර පරතරයක් තියනවා.උත්සහවන්ත අහිංසක මනුස්සයා. හරිම හොදයි. එයාට වයස 4ක් විතර කාලයේ තමයි අපේ තාත්තා අම්මව ගන්න එහාට ගාටලා තියෙන්නේ.
(ඇවැස්ස නෑ කමට ගෑණු අරගන හත්මුතූ පරම්පරාවම පීනස් කාරයො)

අන්න ඒ කාලයේ දවසක් උන සිද්ධියක් තමයි මෙ කියන්න යන්නේ.


තාත්තා හැමදාම ලල්ලගේ කලිසම ගලවන හින්දා තාත්තා එනවා දැක්ක ගමන් ලල්ලා දුවලා ගිහින් තියන කලිසම් ඔක්කොම අදින එක එ කාලයේ පුරුද්දක්ලු.ඔය කියන දවසෙත් තාත්තා ඇවිත් තුන් හතර පාරක් කලිසම ගලවන්න හැදුවත් කලිසන් දෙක තුනක් තිබුන නිසා බැරිඋනාලූ.                                                                                                  
                                                        හවස්වරුවම කඩපු මල් මදිවට සුසීල්මහත්තයා (තාත්තා)  රෑටත් මල් කඩන්ඩ නතර උනාලූ. පිට ගේදරක්යැ ඉතින් හත්මුතූ පරම්පරාවටම වාසගම් දෙකනේ තියෙන්නේ.කොහෙන් බැලුවත් නෑයො.කොහොමින් කොහොම හරි පහුවෙදා උදේ පාන්දර තාත්තා වැඩට යන්ඩ ලැස්තිවෙලා මොනවද හොයනවාලූ.

            
      ''මොනවද ඔයා හොයන්නේ''

      ''මගේ ලංකට් එක නැ''

  
දැන් ඩබලම එකතූවෙලා හොයනවාලූ නැතිවුනු ජොකා.ගෙදර ඉන්න අනිත් අයත් එකා දෙන්නා එකතූවෙලා  ටික වෙලාවකින්  දඩූලේන් කූඩුව සෙවීමෙ මහා මෙහෙයුම දියත් කරත් දඩූලේන් කූඩුව නැතිනිසා නිකන් කලිසම ඇදගන තාත්තා වැඩට ගියාලූ.

                                             එදා  දහවල් පොඩී වැස්සකූත් වැටෙන වෙලාවක අම්මා ඉස්තොප්පුවට වෙලා මීදුල දිහා බලාගන ඉන්නකොට ලල්ලා ඇවිත් අම්මාගේ ඔඩොක්කූවෙන් ඉදගත්තාලු.මෙහෙම ඉන්න අතරේ  මේකා දැන් තනියම හිනා වෙනවාලූ

                                                        
''ලල්ලො මොකද හිනාවෙන්නේ''


''සුසීලා දැන් හෙල්ලි හෙල්ලි යනවා ඇති පාරේ''


''ඇත්ත කියපන් උඹ ඒක ගත්තා නේද''


''මට මොකටද ඕකගේ ජංගි , අර නාරංගහයට වළලලා ඇති ,ලොකු අක්කේ උඹට ඕනනං හොදලා ගනින්''

10 comments:

  1. Kalekin supirima wargaye kathawak dekka.thank you(ranjan-grmany)

    ReplyDelete
  2. අඩේ මරු කතාව බන්.. කියවල තනියම හිනා..

    ReplyDelete
  3. ඒ ටිකට වලලලත් ඉවරයි... හෙහ් හෙහ්.. කොහොමෙයි ඝාණ්ඨාරෙ ගහ ගහ යනකොට..
    ජයවේවා..!!

    ReplyDelete
  4. Maru vadakne karala thiyenne..

    ReplyDelete
  5. කැටයම් - රේන්ද - භාෂා ප්‍රයෝග කිසිවක් නැතුව මේවා ලියන්න පුළුවන් ඉතිං උඹටම විතරයි.

    ReplyDelete
  6. හැක් හැක්.......මරු බං......කොහොමද ඝාන්ටාරෙ ගහ ගහ යද්දි......

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Stitching and Pattern making In easy and simple steps,- Part 2
  • අනේ යං මෙයා යන්ඩ
    මෙව්වා රියල් සිද්ධි හරිද , අටංතුමා හදලා ලියනවා නෙමෙයි,  අපිට වෙන හැම සීන් එකකම හිනායන කෑල්ලක් තියනවා , කාට උනත් ඒ කෑල්ල හරියට අල්ලා ගන්න…
  • ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය
    වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ මතකය හාර හාරා බොග කොටමින්නේ කඩදාසියක්…
  • පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද
    මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර,…
  • මගේ හෝබෝ කතා: දං පඳුරට ආ රැහැයියා
    මගේ හෝබෝ කතා: දං පඳුරට ආ රැහැයියා: හොබෝටික්කා ගෙදර ඈයින්ට එහෙම්පිටින්ම හෙන ඩිසපොයින්ට්මන්ට් එකකි. අපේ වර්ගයේ හුඟක් එවුන් මෙන් හොබෝටික්කාට ද මුලින්ම…
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 1 )  එපා එපා කොල කඩන්න ගහදන්නව නේද.....
    ඒ කාලේ අපි හිටපු ගෙවල්වලට ජලය සැපයුවේ දවසකට තුන්පාරක් පැයක් බැගින් විතරයි , උදේ හයට හතට එකපාරයි , දවල් දොලහට එකට එකපාරයි , ආයෙත් හවස පහට හයට , ඒකත්…
  • බැද දමා තිබු තැනින්
    ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා ටික දුරක් ගංදියේ…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
1,645,448

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>