2012-03-30

මට මොකටද කාගෙවත් ජංගී

ලල්ලා කියන්නේ අපේ අම්මගේ චුටී මල්ලී. එ දෙන්නා අතරේ අවුරුදු 20ක විතර පරතරයක් තියනවා.උත්සහවන්ත අහිංසක මනුස්සයා. හරිම හොදයි. එයාට වයස 4ක් විතර කාලයේ තමයි අපේ තාත්තා අම්මව ගන්න එහාට ගාටලා තියෙන්නේ.
(ඇවැස්ස නෑ කමට ගෑණු අරගන හත්මුතූ පරම්පරාවම පීනස් කාරයො)

අන්න ඒ කාලයේ දවසක් උන සිද්ධියක් තමයි මෙ කියන්න යන්නේ.


තාත්තා හැමදාම ලල්ලගේ කලිසම ගලවන හින්දා තාත්තා එනවා දැක්ක ගමන් ලල්ලා දුවලා ගිහින් තියන කලිසම් ඔක්කොම අදින එක එ කාලයේ පුරුද්දක්ලු.ඔය කියන දවසෙත් තාත්තා ඇවිත් තුන් හතර පාරක් කලිසම ගලවන්න හැදුවත් කලිසන් දෙක තුනක් තිබුන නිසා බැරිඋනාලූ.                                                                                                  
                                                        හවස්වරුවම කඩපු මල් මදිවට සුසීල්මහත්තයා (තාත්තා)  රෑටත් මල් කඩන්ඩ නතර උනාලූ. පිට ගේදරක්යැ ඉතින් හත්මුතූ පරම්පරාවටම වාසගම් දෙකනේ තියෙන්නේ.කොහෙන් බැලුවත් නෑයො.කොහොමින් කොහොම හරි පහුවෙදා උදේ පාන්දර තාත්තා වැඩට යන්ඩ ලැස්තිවෙලා මොනවද හොයනවාලූ.

            
      ''මොනවද ඔයා හොයන්නේ''

      ''මගේ ලංකට් එක නැ''

  
දැන් ඩබලම එකතූවෙලා හොයනවාලූ නැතිවුනු ජොකා.ගෙදර ඉන්න අනිත් අයත් එකා දෙන්නා එකතූවෙලා  ටික වෙලාවකින්  දඩූලේන් කූඩුව සෙවීමෙ මහා මෙහෙයුම දියත් කරත් දඩූලේන් කූඩුව නැතිනිසා නිකන් කලිසම ඇදගන තාත්තා වැඩට ගියාලූ.

                                             එදා  දහවල් පොඩී වැස්සකූත් වැටෙන වෙලාවක අම්මා ඉස්තොප්පුවට වෙලා මීදුල දිහා බලාගන ඉන්නකොට ලල්ලා ඇවිත් අම්මාගේ ඔඩොක්කූවෙන් ඉදගත්තාලු.මෙහෙම ඉන්න අතරේ  මේකා දැන් තනියම හිනා වෙනවාලූ

                                                        
''ලල්ලො මොකද හිනාවෙන්නේ''


''සුසීලා දැන් හෙල්ලි හෙල්ලි යනවා ඇති පාරේ''


''ඇත්ත කියපන් උඹ ඒක ගත්තා නේද''


''මට මොකටද ඕකගේ ජංගි , අර නාරංගහයට වළලලා ඇති ,ලොකු අක්කේ උඹට ඕනනං හොදලා ගනින්''

10 comments:

  1. Kalekin supirima wargaye kathawak dekka.thank you(ranjan-grmany)

    ReplyDelete
  2. අඩේ මරු කතාව බන්.. කියවල තනියම හිනා..

    ReplyDelete
  3. ඒ ටිකට වලලලත් ඉවරයි... හෙහ් හෙහ්.. කොහොමෙයි ඝාණ්ඨාරෙ ගහ ගහ යනකොට..
    ජයවේවා..!!

    ReplyDelete
  4. Maru vadakne karala thiyenne..

    ReplyDelete
  5. කැටයම් - රේන්ද - භාෂා ප්‍රයෝග කිසිවක් නැතුව මේවා ලියන්න පුළුවන් ඉතිං උඹටම විතරයි.

    ReplyDelete
  6. හැක් හැක්.......මරු බං......කොහොමද ඝාන්ටාරෙ ගහ ගහ යද්දි......

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අලේ    අලේ  මෙහේ--
    අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ. අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල
    මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • Making a  Blacksmith's bellows / blower from an empty cement bag
  • රාහු ගිල්ල ආදරේ
    '' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද '' '' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා…
  • මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං
    ‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘ ‘‘ නැ .....එපා ‘‘ ‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘ ‘‘…
  • අම්මගේ  පිංකං
    අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ…
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
1,646,146

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>