2012-08-08

ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්


 

දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර තෙමීලා.සුපුරුදු ලෙසම ලොක්කා තාම ඇවිත් නෑ.මගේ සහෝදර සේවකයාත් මම වගේම තෙමිලා.

!! ෂික් බලහන්කො අපිට එන්ඩ කියලා ලොක්කා තාම නැ,තෙමුනා මදිවට මේ අගූපිලට වෙලා හිරිකඩ කන්ඩත් එපැය දැන් !!

!! බැරි වෙලා හරි අපි පරක්කූ උනොත් තමා ගිරිය පුප්පගෙන කෑ ගහන්නේ !!

!! දැන් ඇවිල්ලා බයිලා ගොඩක් ගහයි !!

ඔහොම ලොක්කගේ පතුරු ඇර ඇර අපි දෙන්නා ඉන්න කොට එතනට ආවා බජාර් එකේ කකූලක්

!! ආ මල්ලිලා මොක්කද හීතලද , කාලා බීලා පුල් පිට් එකේ බෝල ගෙඩි දෙක වගේ ඉන්න එකේ නරකද ලේ ඩිංගක් දීලා පින් ඩිංගක් ගත්තනං යන තැනක් ඒකාලෝක වෙන්ඩ කියලා , නිකන්ද පෙරිය සයිස් පට්ට කූඩයකූත් දෙනවා බඩු මල්ලක් එක්කම , බෙරලියන්තූ මිසීලා පන්තියක් කට්ට ගහන්නෙ !!

(අනේ මුගේ අම්මට අපිනේ දන්නේ අපි කන හැටි)

!! කොහෙද අයියේ කූඩයක් දෙන්නේ !!

!! අයියෝ මල්ලි ඩේලි බජාර් බහිනවටත් ණයයිනේ , දන්නැද්ද වේළද සංගමේ දන්ෂැල , ලේ මල්ලට බඩු මල්ලක් ,මේ තියෙන්නේ ආතල් කූඩ පොඩ්ඩ !!

!! කො අයියේ බඩු මල්ල !!

!! පිටි පැකට් ,හාල් ,සීනි, පරිප්පු  දහයේ බෑක් එකක් කපලා !!

!! කෝ ඉතින් මල්ල !!

!! චැ චැ මල්ලි බණ කියුවහම සුත්තරේත් අහනවනේ, පොඩි ගානකට තට්ටු කරලා සෙන්ටි මෙන්ටල් වෙන්ඩයි යන්නේ !!

!! මේ උදේ පාන්දර !!

උත්තරයක් නොදීම කහපාට රතූපාට කූඩයත් ඉහලගෙන අයියා මාරු

!! අටමෝ අපිත් යමං, කූඩේම වටිනවා බර ගානක් !!

!! පිස්සුද බං ලොක්කා ඇවිත් ලබ්බ පොලවේ ගහගන කෑගහයි , ආවට පස්සේ කියලා යමං !!

ආවට පස්සේ යන තෑන මේ තියෙන්නේ කියලා යාළුවා ඇගිලි දෙකක් එකතු කරලා ඔක්කොටම මුල් වෙච්ච එක ලස්සනට මවලා පෙන්නූවා

ලොක්කා ආවට පස්සේ හිමිහිට ලොක්කට කිට්ටු කරපු යාළුවා

!! බොස්... හුගදවසකින් මට ලේ දෙන්ඩ බැරි උනා ගිහිල්ලා එන්නං !!

!! දැන් ලේ බැංකූ යන්ඩ පිස්සුද !!

!! නෑ බොස් වෙළද සංගමයෙන් කරන්නේ , රණවිරුවන්ට සෙත් පතලා රණවිරැවන්ටම ලේ දන්දීමක්, එහා ලේන් එකේ තියෙන්නේ !! 

මුළු රටම දන්න පින්කම අපි නොදන්නේ මොකද දන්නවද අපේ ලොක්කා ගාණකට තට්ටු වෙන හන්දා ඒ වෙළද සංගමයට නොබැදීම

!! ආ ගිහිල්ලා එනවා !!

!! බොස් මමත් යන්නං !!

!! ඔක්කොම ගියහම මෙතන කව්රුවත් නෑනේ !!

!! මරු කූඩයක් දෙනවලු බඩු මල්ලක් එක්ක . දවල් වෙන කොට ඉවර වෙයි !!

!! හා එහෙනං ගිහිල්ලා ඉක්මනට එනවා !!


මම මීට කලින් ලේ දෙන්ඩ තූන් පාරක් ගිහිල්ලා තියනවා 

පළවෙනි පාර මට වයස 14ක් 15ක් කාලේ දවසක ඉස්පිරිතාලේ ගියහම හිතූනා ලේ දෙන්ඩ, ගියා ලේ බැංකූවට ,ඇතූලට ගිහිල්ලා අයියා වගේ හිට ගත්තා

!! ඔයා මොකද ඔතන හිටගන ඉන්නේ !!

!! ලේ දෙන්ඩ !!

එතන හිටපු පාං කාලක් පොගවාගන කන්ඩ මූණේ ලේනැති තරුණ නර්ස් කෙල්ල, කරුණාවන්ත පාට නර්ස් ඇන්ටි දිහා බලලා හිනා උනා

!! ඔයාගේ වයස කීයද පුතා !!

!! දහ නමයයි !!

!! ආ දහනමයක්ද , සෙරෙප්පු ගලවලා නගින්ඩ මේකට ඔයාගේ බර බලන්ඩ !!

!! බර මදිනේ දරුවො , ඔයා තව ටිකක් මහත් උනහම එන්ඩකෝ !!


දෙවනි පාර යාළුවෙක් එක්ක ගියා උන්ගේ මාමා කෙනෙකූට ලේ දෙන්ඩ කියලා ( මාමට කියුවට බැංකුවේ තියන එව්වා මාමට දීලා  අපේ එව්වා වෙනකාට හරිනේ දෙන්නේ )

!! ඔයාගේ ලේ බර නෑ නිදි මරලද ඉන්නේ !! 

එදත් මාව එළවා ගත්තා

ඊලග පාර අපේ අම්මාගේ ගර්භාෂය ඉවත් කරන්ඩ ගිහිල්ලා දොස්තර මහත්තයට වැරදිලා මුත්‍ර වාහිණියක් කැපිලා අමාරු වෙච්ච වෙලාවේ තුන් පාරක්ම බඩ කපපු නිසා ලේ දෙන්ඩ කියලා මම මගේ යාළුවෙක් එක්ක ගියා.

එදත් යාළුවගෙන් අරගන මගෙන් ගත්තේ නැ

!! ඇයි මිස් මගේ ලේ නොගන්නේ !!

!! ඔයාගේ ලේවල හිමොග්ග්ලොබින් අඩුයි !!

!! ඇයි එහෙම වෙන්නේ !!

!! ඔයා ගොඩක් මහන්සිවෙනවා ,නිදිමරණවද එතකොටත් එහෙම වෙනවා, ඒ ගැන බය වෙන්ඩ එපා ඒක සාමන්‍ය තත්වයක් !!

ඔය පරණ කතන්දර හන්දා මම එදත් දෙගිඩියාවෙන් එතනට කිට්ටු කරා
සීවරං දෙයියනේ තිබිච්ච පෝලිම , ඒ පෝලිමේ ගිහිල්ලා නං අද ලේ දෙන්ඩ වෙන්නැ,කියලා මටම කියාගන හිට ගත්තා අන්තිමයට. අරු කියපු බෙරලියන්තූ ටික පේන්ඩ ඉන්නවද කියලා ඉස්සි ඉස්සි බලන මගේ පිටට කව්දෝ තට්ටුවක් දැම්මා.

!! උඹලා පෝලිමේ එන්ඩ ඕන්නැ මල්ලී වරෙන් යන්ඩ !!

ෂොෆ්වල උන් පෝලිමේ හිටියහම බිස්නස් පාඩු වෙනහන්දා කට්ටිය කතාකරලා එහෙම තීරණයක් අරගන තියනවා කියලා මම දන්නවයැ. 

 කොහොම හරි ලේ ෆයින්ට් එකක් දුන්නා කියමුකෝ

නැගිටලා එන්ඩ හදනකොට දොස්තර මහත්තයෙක් ඇවිල්ලා 

!! ඔයාට මොකූත් වෙනසක් දැනෙන් නෑ නේද,  කලන්තේ වගේ !!

!! නෑ , මොකූත් නැ !!

ඇතූලට ගිය  පැත්තෙන්ම එළියට එන්ඩ හදන කොට

!! මල්ලි මේ පැත්තෙන් එන්ඩ !!

කියලා අනිත් පැත්තෙන් එක්ක ගිහින් ඉන්දවලා දුන්නා ෂෝට් ඉට්ස් පාර්සලයක් එක්ක කිරි පැකට් එකක්, හිමිහිට සප්පායං වෙන කොට එක ෂොෆ් එකක බොස් කෙනෙක් බඩු මල්ලයි කූඩයයි අරගන ඇවිත් ලගින් තියලා

!! මල්ලියා මෙන්න අපෙන් පුංචී තෑග්ගක් !!

කිරි පැකට් එක බොන කොට මගේ ඇගට කවදාවත් නැති සැහැල්ලුවක් දැනුනා. ඒ සතියක් ගෙදර වියදම ඇදගන යන්ඩ පුලුවන් බඩු මල්ලක් නොතෙමී යන්ඩ කුඩයක් ලැබුන හින්දද, නැත්තං ලේ දුන්නහම ඇ‍ගට දැනෙන සැහැල්ලුවද කියලා මට එදානං හිතාගන්ඩ බැරි උනත් මම අද දන්නවා ඒ මොකක්ද කියලා

ලේ දන් දුන්නහම ඇගට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා

කොහොම හරි බඩු මල්ලත් උස්සගන ,කුඩයත් කිහිලි ගහගන හවස ගෙදරට බඩ ගෑවා

!! කොහෙන්ද ලොකූ බඩු ගේන්ඩ සල්ලි !!

මම ඉතින් විනාඩී පහක් විතර වැය කොරලා විස්තරය හාමීනේට කියුවා !!

!! හම්.....!!

ගෑණිගේ මූණ එච්චර හොද මදි හන්දා දාඩිය පැත්තකට දාලා, පිට පැත්තෙන් කිහිලි දෙක යටින් අතදාලා ලගට අරගන, උරහිස්සෙන් නිකට තියාගත්ත මම

!! ඇයි චූටී මොකෝ...!!

!! නෑ......මේ ....මේ ... බඩු මල්ල ලැබීච්ච එකත් හොදයි තමා , කුඩයත් වටිනවා , ඒ... උනාට අපි ලේ වික්කා වගේ නේ......ලොකු !!


‘‘ඇ යකෝ ....අපි ...ලේ දුන්නේ මන්නෙ‘‘

‘‘අපි ඉතින් දෙන්නෙක්යැ‘‘

ඉතින් ඔය විදිහට පටන් අරගන මම ඊට පස්සෙත් කිහිප වතාවක් ලේ දුන්නා. දවසක් අපේ අටම්පවුල මට කියනවා
!! ලොකූ.. අද සෝරත හාමුදුරැවන්ගේ ගුණ අනුස්මරන පින්කමට ලේ දන් දෙනවලු ඔයත් යනවද !!

!! මට බැ වැඩ තියනවා ඔයා යන්ඩ !!


එහෙම කියලා වැඩට ගොහින් හවස ගෙට ගොඩ වෙන්ඩත් කලින් මට අපේ උන්දැ කහපාට කොළ දෙකක් දික් කොරලා!! මේ බලන්ඩ මට හම්බෙච්ච එක !!

!! මොකද්ද !!

!! ඇස් දන්දෙන කොළයක් !!

‍ගෙට ගොඩ වෙච්ච ගමන් මගුලක් දෙනවා, මළවදේ ගත්තා අතට


 කියවල බලපුහම නරක නැ යකෝ, ඇස් විතරක් නෙමෙයි බොඩිපාට්ස් ඔක්කොම දෙන්ඩ කැමැත්ත පලකොරන්ඩ පුළුවන් ජාති ෆෝම් කොළයක්නේ මුන්දෑ උස්සගන ඇවිත් තියෙන්නේ

!! එයි මේකේ තියන විදිහට ඇස් විතරක් නෙමෙයි සබ්බ සකල මනාවම  දෙන්ඩ පුළුවන් !!

තේ කෝප්පයට හැන්ද දාගන ටක ටොක ගගා ලගට ඇවිත් මට දුන්න හාමිනේ


!! ආ මම එක දැක්කේ නෑනේ, දෙන්ඩ බලන්ඩ !!

දැන් තමා කියවන්ඩ මතක් වෙලා තියෙන්නේ


!! අනේ ෂෝක් අප්පා ගන්ඩ පුළුවන් දෙයක් අරගන මාව මෙඩිකල් කොලේජ් එකට දෙන්ඩ ඔයා කැමතිද !!

!! මට මොකද යනවකෝ දැන් හරි !!

!! මොකක්ද අනේ කියන්ඩකො !!

!! හරි හරි මනුස්සයෝ දෙන්නම දෙමු !!

!! මගේ එව්වානං ගනී, ඔයාගේ තමා... දැන් බීලා බීලා තැම්බිලා ඇති, ගන්න එකක් නැ !!

අනේ අම්මට...... ඕකනේ මේ ගෑණුත් එක්ක කොරන්ඩ බැරි

!! මගේ මළමීනිය තමා ගොඩක් වටින්නේ, කාව නොගත්තත් මාව අනිවා ගන්නවා !!

!! වටිනවා වටිනවා.....බොකූ දියවෙලා තියන හැටි පෙන්නන්ඩ !!

!! ඇටේ තමා ...සුදු කොල්ලෙක් කළු හම්පඩ ගෑණියෙක්ව කසාද බැන්දහම හම කළුවෙන හැටි පෙන්නන්ඩ මාව අනිවා ගන්නවා !!

!! ඉතින් මොකටද පස්සෙන් ආවේ ,යන්ඩ තිබ්බනේ සුදු එකක් හොයාගන !!

!! යනවා තමා හිතූනොත් දැන් හරි !!


!! බලාගත්ත හැකි ගිහිල්ලා ඉන්න හැටි, මම හිටියට වෙන ගෑණියෙක් මෙයා එක්ක ඉදී කියලා තමා බය !!

කොහොමහරි ඉතින් වලියෙන් වලියෙන් ඒ ෆෝම් දෙකත් පුරවලා , ඒ ඇප්ලිකේෂන් එකේ මෙන්න මේ කෑල්ල තියාගන අනිත් ටික කියලා තිබ්බ ලිපිනයට තැපැල් කරා.
මාස ගානකට පස්සේ අපි දෙන්නට මෙව්වා දෙකක් ආවා.




දැන් මේ පොරොන්දු පත්‍රයේ සහ කාඩ් එකේ තියන විදිහට අපි දෙන්නගේ ගන්ඩ තියන එව්වා අරගන ඉතුරු හරිය කාට හරි ඉගන ගන්ඩ කපන්ඩ කොටන්ඩ ගන්ඩ පුළුවන් 

ඒත් මට හිතට කරදරයක් තියනවා ඒ පැතුම ඉටුවෙයිද කියලා

මෙන්න එව්වා

1) අපේ පවුල මම මැරිච්ච දාට, නැත්තං  මගේ මොළය මැරිච්චදාට ඔක්කොම අමතක කරලා ( අනේ මාව දාලා යන්ඩ එපා කියලා) හොටු පෙර පෙර ඉදීද

2) මම නිතරම පාරේ ඉන්න මනුස්සයා, බැරිවෙළා හරි ලොරියකටවත් ඇඹරිලා ගියා, අපේ අයියලා මාව උස්සන්ඩ කලින් මගේ පර්ස් එක උස්සනවා, එතකොට ඉස්පිරිතාලෙන් දන්නැ මම අවයව දෙන්ඩ කැමති කෙනෙක් කියලා, අපරාදේ මාව කූණුවෙනවා.

3) ඔය කාඩ් එක කිසිම වටිනාකමක් නැති, කැතම කැත ,(දැනටමත් ටිකක් දියඋන) කාටවත් අවධානය යොමු නොවන එකක්, ඒ නිසා කවුරුහරි දැක්කත් ඒ ගැන අවධානයක් යොමු නොකරයි.

අද දවසකට කොච්චර වැඩකට ගන්න පුළුවන් අවයව පස්වලට යට කරලා දානවද. ඒ අපරාධය වලක්වන්න කරන්න තියෙන්නේ පුංචී වැඩ දෙක තුනයි, මෙන්න එව්වා.

1) අවයව සීරුර දන්දීම ගැන මිනිස්සු දැනුවත් කිරීම, කැමැත්ත පළකරන අයට රෝහල්වල ප්‍රමුඛතාවය ලබා දීම.

2) සිරුරේ හිමිකරුවා සිරුර දන්දීමට කැමැත්ත පළකර ඇති විටක , කාගෙන්වත් නොවිමසා අවයව ලබාගැනීමට හැකි පරිදි නීති අළුතින් එක් කිරිම  සහ පවතිනා නීති බල ගැන්වීම.

3) මේ කාඩ්පත් ක්‍රමය ඉවත්කර සමහරක් රටවල්වල වගේ ලස්සන "ටීංගාලා" කාගෙත් ඇහැට වදින අත්පළදනාවක් අවයව දෙන්න කැමැත්ත පලකරන්නන්ට ලබාදීම.

4) සාමූහික සමාජ වගකීමක් සහ යුතුකමක් විදිහිට හිතලා අදාල කාර්ය්‍යට අපි සියළු දෙනා සහයෝගය දීම


ඔය පුංචි වැඩ දෙක තූන කරොත් අපිට පුළුවන් අසරණ ජීවිත ගොඩාක්  පොළවට යට කරලා පුච්චලා අහක දාන මස් ගොඩවල්  වලින් වැඩක් අරගන ගොඩ දාගන්ඩ


5 comments:

  1. කෝ මේකට එක comment එකක්වත් දාල නැනේ ..... පරණ post එකක් නේ......මේ කොලේ ..... මටත් එවන්නකො...... ඒත් මැරෙනකොට මං කොහේ ඉදිද දන්නෙත් නැ....

    ReplyDelete
  2. ඔතන පොඩි අවුලක් තියෙනවා.අපි අවයව දෙනවා කියලා බැනර් එක අපි ගහ ගන ඉන්න එකේ ආරක්ෂාව පැත්තෙන් අවුලක් තියෙනවා.අපේ ලේ වර්ගෙට ගැලපෙන දළ කාරයෙක් ඉස්පිටිතාලෙ පණ අදිනකොට හදිසියේම අපිව ඇක්සිඩොන්ට් වෙන්න එහෙම පුලුවන් ඉදිරියේදි.දැනටත් අවයව ගන්න දුප්පත් මිනිස්සු උස්සනවයි කියන්නෙ..

    ReplyDelete
  3. මේ ඔන්න මාත් ඔකට ලියලා තියෙන්නේ.....
    මැරිලා පාරක එහෙම වැටිලා හිටියොත් ගිහින් දාපන් අයියේ ඕන එකක් ගන්ඩ කියලා..

    ReplyDelete
  4. මගෙ කොලේට කලින් මහ උන් අත්සන් කොලේ නෑ දැන් ගෑනි අත්සන් කොරන්නෑ ලේ නම් දීලා තියනවා අම්බානකට තාමත් දෙනවා

    ReplyDelete
  5. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මුල්ල පටස්
  • ඇත්තම ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා , VOC කියල ගහල තියනවා , හෝලන්ඩ් කියල ගහල තියනවා , සිංගර් ලෝගෝ නෙමෙයි
     සිංගර් ලෝගෝ ඒක පෙන්වලා මිනිස්සු රවට්ටන ජාවාරමක් දැන් ක්‍රීයාත්මක වෙනවා, ඇත්තම VOC ගෙම්බ මාක් මැසිමේ ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා, VOC කියල ගහල…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • What is the correct needle to be used according to the machine type, නිවැරදි ඉදිකටු වර්ගය කුමක්ද
  • කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද  -  how to install windows xp core i5 or core i7 new computer
    දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන…
  • සුපවයිසර් කෝ
    මේ චාටර්ම චාටර් සිද්ධිය උනේ කාලයකට ඉස්සර මම යෝගට් කෝප්ප නිෂ්පාදනය කරන ආයතනයක වැඩ කරන කාලේ , ඒ ආයතන‍යේ වැඩ රාජකාරි සිද්ධ උනේ සේවාමුර ක්‍රමයට,…
  • How to use Singer 974 Contessa Sewing Machine
  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
  • නියපොතු පාට කල හන්දයි  බේරෙන්නේ
    ඉස්සර වගේ නෑනේ බං සෙට් වෙන්නේ කතා කලත් හිමිහිට මාරුව යන්නේ බ්ලොග් කටු අටවගන කෙලියේ අපිටමනේ ඉස්සර එවුන් දැන් තොට මතකත් නැනේ මතකද උඹට ඉස්සර…
  • යුග දිවී රස
    ‘‘හෙල්ලෝඕ‘‘ ‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘ ‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • දුකට සැපට  පද්මකාන්ත
    සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා…
1,644,558

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>