ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ.
මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු , අපේ ආයතනයෙන් උපකරන සපයපු , චිත්තර පටියක වැඩ කෙරුවා.
මාසයක් විතර අංගොඩ රූපගතකිරීම් කෙරුවත් මට වාසනාව ලැබුනේ දවස් කිහිපයක් වරින් වර වැඩ කරන්න විතරයි.
මේ කියන දවසෙත් මට වැඩකරන්න අවස්ථාව ලැබුන්නෑ. එදා අපේ ආයතනයේ වෙනත් අංශයක වැඩකරපු මීත්තරයෙක් ෂූටින් බලන්න ගිහිල්ලා.
ටික වේළාවක් කට්ටියත් එක්ක කයියගගහ හිටපු පොරට පිස්සන් කොටුවේ සිරි නරඹන්ඩ හිතිලා , තනියම වාට්ටුවක් වාට්ටුවක් ගානේ විසිට් එකක් දැම්මාලු.
පොර වාට්ටු දෙකක් අතරේ තිබ්බ කොරිඩො එකක ඇවිදගන යනකොට කණුවකට පිට හේත්තූව දාගන හිටපු කෙල්ලක් හීනියට හිනාවක් දැම්මාලු.
පොරත් ලාවට හිනා පාරක් දාගෙන ගිහින් ආයෙත් හැරිලා බලන්ඩත් හිතිලා එහෙම බලන එකත් හරි නැ කියලා හිතලා තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලම බලනවා කියලා හිතූවා විතරයි.
" ෂ්... ෂ් ..... අයියා මේ..... ටිකක් ඉන්ඩකො "
" ඇයි නංගී "
" අයියා ඔයා ගඩලාදෙනියේ නේද "
" නෑ..... නෑ මම මාතර "
" අනේ හරි නරකයි දන්න අපිටත් බොරු කියනවා , ඇයි අනේ ඔයාට මතක නැද්ද මම මදුමාලී අර ශීරන්තිකාගේ යාළුවා , අර සුමේධ අයියා එක්ක යාළුවෙලා හිටපු ශිරන්තිකා එක්ක හැම වේළාවෙම හිටියේ , ඔයාලා මට නැට්ට කියලා කේන්ති ගස්සනවා මතක නැද්ද "
" අනේ නංගි ඔයාට වැරදිලා ඒ මම නෙමෙයි "
" අනේ සොරි අයියේ මම හිතූවේ ඒ අයියාමයි කියලා , ඇත්තනේ ඒ අයියාගේ කොන්ඩේ ඉත්තෑකූරු වගේනේ , අනේ සමාවෙන්න අයියේ වැරදීමක් උනේ "
" ආ ඒකට කමක් නෑ , ඒක නෙමෙයි ඔයා මොකද මෙතනට වෙලා කරන්නේ , කාවහරි බලන්න ආවද "
" අනේ ....නෑ ..... අයියෝ .... බලන්ඩකෝ අපේ අම්මලා මාව කල්පනා කරනවා වැඩියි කියලා මෙහෙට්ට ගෙනත් දැම්මනේ "
" ආ...ආ... ම...ම ගිහිල්...ලා එ..එ..ඒන්නං නංගී...."
( අනිත් පැත්ත හැරිලා දුහමින් )
" අනේ අයියා දුහන්ඩ එපා , අයියා මාව කසාද බදින්ඩ
මම අයියට හොද සැපක් දෙන්නම් "
ඔයමට්ටමට යන්තන් මෙහයින් නැවතිලා ප්රතිකාර අරගෙන දැං සාර්ථක පවුල් දිවියක් ගත කරන කෙනෙක් මතක් උනා. බූට් එකක් සැර වැඩිවෙලා එහෙම වෙලා තිබුනෙ. පුදුම කැපවීමකින් අනුකම්පාවකින් ඒ වගේ අයත් එක්ක කටයුතු කරන්න ඕනෙ.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteඋඹත් ගිහින් බෙහෙත් ටිකක් ගනින්... පවු උඹ.
Delete🤸♀️
ReplyDelete