2012-09-14

පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද



මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර, අපේ අර පොඩි මල්ලි අන්න පොර ගැන තමයි අදත් ලියන්නේ. ඔයාලට ආතල් එකක් දෙන්ඩ මම මේ ආයෙත් ඌ ගැන ලියුවට මොකද , මම මේක ලියන්නේ ඇත්තටම  හෙණ බයේ. මොකද දන්නවද දෙකක් දාගත්ත වෙළාවට අර අපේ චන්ඩී මල්ලි විකී එක්ක එකතුවෙලා මට මෙන්න මෙහෙම කියනවා.

" උඹට පුලුවන්නං අපි දෙන්නා ගැන තව එක කතාවක් හරි ලියපන්කෝ "

" ඇයි තොපි මට මොනවා කොරන්ඩද "

" කරන එක බලන්ඩ ලියපන්කෝ "

" කොරයි මට මේක " 

මම එහෙම කියුවට ඕකුන් දෙන්නගේ ඉතිහාසය ගූබෝලය දෙකම දන්න හන්දා ඇත්තටම මම ඉන්නේ ටිකක් මෙව්වා වෙලා කියන එක තමයි ඇත්තම ඇත්ත. එහෙම අවධානමක් අරගන මම ලියන එකට සලකලා ඉස්සෙල්ලම ඔය පරණ කතන්දර තූන බලලා එන්නකෝ.

දැන් ඉතින් කතන්දරය

ඒ දවස්වල පොඩි මල්ලි පොඩි කොල්ලා , (ඌ ලොකුවට හිතාගන හිටියට මටනං තාමත් හුජ්ජ කොල්ලා) ඉතින් දවසක් අපි දෙන්නා පුටාර්එකේ ටවුමට ආවා මොනවා හරි උවමනාවකට.ආයෙත් අපි ගෙදර යන ගමන් මම කඩයකට ගිහිල්ලා රිංගා එළියට එනකොට . ඒ කඩය ඉස්සරහා හැමදාම නවත්තන බස්එක ඇවිත් එතන නවත්තලා තිබ්බ හයික්ලාස් වාහනයකට හෝන් එක ගහනවා නෙමෙයි , හෝන් එක උඩ නගිනවා. ඒ වාහනයේ හිටපු තඩියා වීදුරුව පාත් කරලා 

" ඇයි ඕයි මොකද "

කොන්දොස්තර මහත්තයා ආවා ලගට

" මහත්තයා අපේ බස් එක නවත්තන්නේ මෙතන , චුට්ටක් ඉස්සරහට ගන්නවද වාහනය "

" මෙතන බස් ගහන්ඩ ඉස්ටෑන්ඩ් එකක්ද ඕයි මෙතන "

" මේ  ----පිටිය බස් එක මහත්තයා අපි ඉස්ටෑන්ඩෙකේ බස් එක ගහන්නැ මෙතන තමයි හැමදාම ගහන්නේ" 

" ඕන  --තක ගිහිල්ලා ගහගනින්  --තෝ, මම වාහනේ ගන්නැ "

කොන්දොස්තර මහත්තයා ආයේ හැරුනා විතරයි ඩැයිවර් මත්තයා ගහපි ආයෙත් හෝන් එක

" තොගේ ---ට ---ඩ --යා තෝ මොනවද දැන් කියන්නේ, තොට මොනවද ඕන -රි ---යා "

කියාගන අර මහත්මයා බස්එක දිහාවට ඇවිත් බස්එකට නගින්ඩ හදන කොට , හැදිච්ච කක්කා බරට ඩැයිවර් මහත්තයාට නොදැනිම ජැක් පොල්ල ඩැයිවර් මහත්තයගේ අතට ආවා.
මෙච්චර වෙලා කතාවක් නැතුව බලාගන හිටිය පොඩි මල්ලි.

" එළ එල ගොඩ දවසකින් වලියක් බැලුවේ නැ "

දඩස් .බඩස් . දඩ බඩස් , චටාස් , පටස් , උග් , ආ , අතරින් පතර මහත්තයාගේ අම්ම‍ට අප්පට කෑලි 

කොන්දොස්තර මහත්තයා කාල් ලුවිස්ට ඇදලා


" ඇයි ඇයි  මහත්තයා මොකද සීන් එක " 

අහල පහල වටපඩයි  මහත්තයට අල්ලනවා

" තමුසේ දන්නැද්ද ඔයි මල්ලි මේ අපේ ලොකු මහත්තයාව "

" එකනේ --තෝ උඹලා සත්තම දාන්ඩ කලින් බලපල්ලා කව්ද කියලා, අපේ මහත්තයට කොරන්ඩ බැරි දෙයක් තියනවද මේ රාගම "
දැන් -කේ මහත්තයා තව ෆෝම් 

" තෝ කව්රු කියලා හිතාගනද  --යා මට ගහන්ඩ යකඩ පොල්ලක් ගත්තේ, බස්සනවා  --යා යකඩ පොල්ල   -ක  දිගේ "

මට නං දැන් මේක බලාගන ඉන්න බෑ, කතාකරන්ඩ ගිහිල්ලා ඇරෝ ගන්ඩත් බෑ. මම කියුවා පොඩී මල්ලිට මෙහෙම 

" අපි යමං බං යන්ඩ "

" තව පොඩ්ඩක් හිටහං අයියේ , කවදා දකින්ඩද බලලාම යමු , දැන් අර තඩියා යකඩ පොල්ල අරුගේ පු-ට බස්සයි ‘‘



No comments:

Post a Comment

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>