2012-09-08

අයියා මාව බඳිනවද?



ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ.

මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු , අපේ ආයතනයෙන් උපකරන සපයපු , චිත්තර පටියක වැඩ කෙරුවා.

මාසයක් විතර අංගොඩ රූපගතකිරීම් කෙරුවත් මට වාසනාව ලැබුනේ දවස් කිහිපයක් වරින් වර වැඩ කරන්න විතරයි.

මේ කියන දවසෙත් මට වැඩකරන්න අවස්ථාව ලැබුන්නෑ. එදා අපේ ආයතනයේ වෙනත් අංශයක වැඩකරපු මීත්තරයෙක් ෂූටින් බලන්න ගිහිල්ලා. 

ටික වේළාවක් කට්ටියත් එක්ක කයියගගහ හිටපු පොරට පිස්සන් කොටුවේ සිරි නරඹන්ඩ හිතිලා , තනියම වාට්ටුවක් වාට්ටුවක් ගානේ විසිට් එකක් දැම්මාලු.

පොර වාට්ටු දෙකක් අතරේ තිබ්බ කොරිඩො එකක ඇවිදගන යනකොට කණුවකට ‍පිට හේත්තූව දාගන හිටපු කෙල්ලක් හීනියට හිනාවක් දැම්මාලු.

පොරත් ලාවට හිනා පාරක් දාගෙන ගිහින්  ආයෙත් හැරිලා බලන්ඩත් හිතිලා එහෙම බලන එකත් හරි නැ කියලා හිතලා තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලම බලනවා කියලා හිතූවා විතරයි.

" ෂ්...  ෂ් ..... අයියා මේ..... ටිකක් ඉන්ඩකො "

" ඇයි  නංගී "

" අයියා ඔයා ගඩලාදෙනියේ නේද "

" නෑ..... නෑ  මම මාතර "

" අනේ හරි නරකයි දන්න අපිටත් බොරු කියනවා , ඇයි අනේ ඔයාට මතක නැද්ද මම මදුමාලී අර ශීරන්තිකාගේ යාළුවා , අර සුමේධ අයියා එක්ක යාළුවෙලා හිටපු ශිරන්තිකා එක්ක හැම වේළාවෙම හිටියේ , ඔයාලා මට නැට්ට කියලා කේන්ති ගස්සනවා මතක නැද්ද "

" අනේ නංගි ඔයාට වැරදිලා ඒ මම නෙමෙයි " 

" අනේ සොරි අයියේ මම හිතූවේ ඒ අයියාමයි කියලා , ඇත්තනේ ඒ අයියාගේ කොන්ඩේ ඉත්තෑකූරු වගේනේ , අනේ සමාවෙන්න අයියේ වැරදීමක් උනේ " 

" ආ ඒකට කමක් නෑ , ඒක නෙමෙයි ඔයා මොකද මෙතනට වෙලා කරන්නේ , කාවහරි බලන්න ආවද " 

" අනේ ....නෑ ..... අයියෝ ....   බලන්ඩකෝ අපේ අම්මලා මාව කල්පනා කරනවා වැඩියි කියලා මෙහෙට්ට  ගෙනත් දැම්මනේ " 

" ආ...ආ...  ම...ම ගිහිල්...ලා එ..එ..ඒන්නං නංගී...."

( අනිත් පැත්ත හැරිලා දුහමින් )

" අනේ අයියා දුහන්ඩ එපා  , අයියා මාව කසාද බදින්ඩ 

මම අයියට හොද සැපක් දෙන්නම් "

4 comments:

  1. ඔයමට්ටමට යන්තන් මෙහයින් නැවතිලා ප්‍රතිකාර අරගෙන දැං සාර්ථක පවුල් දිවියක් ගත කරන කෙනෙක් මතක් උනා. බූට් එකක් සැර වැඩිවෙලා එහෙම වෙලා තිබුනෙ. පුදුම කැපවීමකින් අනුකම්පාවකින් ඒ වගේ අයත් එක්ක කටයුතු කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. උඹත් ගිහින් බෙහෙත් ටිකක් ගනින්... පවු උඹ.

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අපේ නංගිලා ජිම්නාස්ටික් කරලා නැ
    ඉස්සර මම අර යෝගට් කප් හදන රස්සාව කරන කාලේ අපිත් එක්ක හිටියා සමන්ත කියලා පොරක් , කියන කියන ඕන කුණ්ඩවාලියකට ඔලුව වනලා හා කියන හන්දා…
  • දියව් දියව්..... අපිට දියව් ..... නෙට් නිදහස අපට දියව්
    මං දන්න වයසක නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්නවා අපේ මේ ගෙවල් ලගම  , මම එයාලව අදුරගත්තේ ඒ නොනගේ මහන මෙසිම හදලා දෙන්ඩ ගිහින් , දැ ඒ ඇදුනුං කමට…
  • යන්න එපා පාවඩ සමගින් ( මනා කියන මගේ කවිය 2 )
    අකුරට ගියාට එන තුරු පෙරමග සිනහ කවට කෙලි කතා කමෙන් කැත කිලි කුනු ගෙන යන්නට ආවම සිටියේ නුඹ නන්නාදුනන ලෙසින් ගං දිය සේදී සුසිනිදි වු ඒ නුඔ…
  • යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ
    මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන…
  • බඩු නැ සර්
    අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද…
  • තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)
    මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන…
  • කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට
    බින්දු බින්දු වැහිපිණිකැට පොලව සිබින හැන්දැවක ඇවිද ගියා මතක නැද්ද බොරලු පිරුන වැලි පාරක වැටෙන වැටෙන වැහිබිදුවම පොලව උරපු ගිම්හානෙක අද තනියම මං…
  • ටොකටටොකෝ
    මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු…
  • ජාබා පුතා කෑල්ලක් කෑල්ලක් ලයින්කරගත් ආකාරය
  • රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘  කතා දෙකක්
    මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ කන්ඩලම හෝටලය හදාපුකාලේ  එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය…
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • ලල්ලයි පූසී පැටියයි
    ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ…
  • දෙන්නැ එකෙකූට රුපියලක්
    උදේ ඉදන් හදන්ඩ ආපු මෙෂින් ටික හදලා ඉවර කරපු මම පාරේ යන කිරිටොයියා බයික් වලට හූල්ල හූල්ල ඉන්න කොට වෙච්ච සින් එකක් තමයි මේ අපේ ගොඩනැගිල්ලට…
  • අටම්පහුරා කක්කා හෝදන හැටි
    ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය .......................... අකමැති කට්ටියත්…
  • How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්
                                           …
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
  • තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව
    මෙන්න තවත් වීඩියෝ ලින්කුවක්  https://www.facebook.com/real.rr/videos/470071243560989/
  • දුකට සැපට  පද්මකාන්ත
    සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා…
  • මරණය
    මට දැං ඇති වෙලා මේ ජීවිතය උඹ ලගට එන්ඩ ලේසීම වේදනා රහිත තාක්ෂණික විද්‍යත්මක නිර්මාණාත්මක සාර්ථක පහසුම ක්‍රම බොහොමයක්ම දන්නවා උනාට කවරදාකවත්ම මම කිසි…
  • ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය
    වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ මතකය හාර හාරා බොග කොටමින්නේ කඩදාසියක්…
1,645,207

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>