අද කතාව මම දන්න ( තරමක් මිතුරු ) කමල් කියලා මේසන් බාසුන්නැහේ කෙනෙක් තමයි කියුවේ . මිනිහට ඉතින් නිකම්ම බාස් කියලා කියන්නත් බැ, බාස් මුදලාලි කනෙක් , කොන්තරත් වැඩ තමා කරන්නේ, කොන්කීට් මික්ස්චර් , වයිබ්රේටර් . පලංචී සෙට් , පොළව තලන අර පැන පැන යන එව්වා , කැන්ටර් ලොරියක් එහෙම තියන ටිකක් විතර පෝසතා, මිනිහා ගාව වැඩ කරන අය ගොඩ දෙනෙක් මිනිහාගේම නෑදෑයෝ , මිනිහගේ වැඩබිම්වලට ගියහම නොදන්න උන්ට හරි අමුතුයි ,
''බාප්පේ බුලත් කොලයක් දෙන්නඩකො''
''උක්කුං පුතේ තව කොට්ටයක් අනන්ඩද''
''හිච්චි මලේ මොකද බං මේ බදාම වේලිලා''
''ලොකු අම්මට කොන්ද රිදෙනවා කියලා උයන්ඩ බැ කියුවා බං , අද ඉතින් කඩෙන් තමා''
'' කමල් අයියා එන්ඩ අදත් පරක්කු උනොත් රැට ගෙදරටවත් ගිහිල්ලා වියදං සල්ලි ගන්ඩ වෙනවා මාමේ , කොල්ලගේ පොත් වාගයක් ගන්ඩත් තියනවා''
ඔන්න ඔහොමයි වැඩේ යන්නේ , හරියට පවුලේ වැඩක් අත්තමට කරනවා වාගේ
ටික කාලෙකට කලින් කමල්ට සෙට් උනාලු රට ගිහිල්ලා ඇවිත් වෙන්දේසි ඉඩමක ගෙයක් හදන පොරකගේ වැඩක් කරන්ඩ . මේ නෑදෑ පරපුර දක්ෂයෝ හන්දා ගෙදර මහත්තයත් හරියට සන්තෝෂ උනාලු කමල්ලා මේ වැඩේ කරගන යන විදිහ ගැන ,
''කමල් මම ගිහිල්ලා සල්ලි එවන්නං , ඔයා මැදිහත් වෙලා හොයලා බලලා මට මේ වැඩ ටික ඉවර කරලා දෙන්ඩ ඕන හරිද''
''හරි හරි මහත්තයා භය වෙන්ඩ එපා , දන්නවනේ මම මොන කාගේ වැඩක් කලත් ඉතින් මගේ වැඩක් වාගේ ඉවර කරලා දෙනවනේ''
''ඔය ඉතින් උඹ ආයෙත් මහත්තයා කියනවා , නම කියහං බං , නම කියහං''
'' එහෙම කියන්ඩ දිව නැවෙන්නැ මහත්තයා , මහත්තයා හිතේ සතුටෙන් ගිහිල්ලා එන්ඩ. මහත්තයා මෙහෙ හිටියා වාගේ මම වැඩේ කරලා දෙන්නං''
ඔහොම කාලයක් ගියාට පස්සේ දවසක එනවලු කමලට පිටරට කෝල්එකක්
''කමල් මම මීගොඩ කතා කරන්නේ ,ඉතින් කොහොමද , මම මොකද දන්නවද කතා කලේ, අර ඔයාලා පඩි පෙලෙන් ස්ලැබ් එකට නගින තැනට ගහපු තහඩුවලින් ගේ ඇතුලට වැහි වතුර එනවා කියලා අපේ නෝනා කියෝනවා මොකද ඒකට කරන්නේ''
'' ඒකනේ මහත්තයා මම මහත්තයට කියුවේ ආරස්සාවටත් හොදා , එතනට බොරු බිත්තියක් බැදලා , ෂීට් දෙකක් වහලා . දොරක් දාමු කියලා, එහෙම කරානං කිසි අවුලක් නෑ, කොහෙද මහත්තයා මම කියන එක ඇහුවේ නෑනේ''
'' අනේ මම මේ කමල්ට දොසක් කියන්ඩ කතා කරා නෙමෙයි, මොනවා හරි කරලා දෙන්ඩ කමල් , අපේ ගෑණි මගේ ඔලුව කන්ඩ හදනවා''
'' අර මම කියාපු විදිහට කරමු මහත්තයා''
'' ලොකු ගාණක් යයිද කමල් , මෙහෙට ආපු ගමන් හන්දා මගේ අතේ එච්චර සල්ලිත් නැ''
''ගල් වැලි ටිකත් තියන එකේ එච්චර සල්ලියක් යන් නැ මහත්තයා ''
'' මේකයි මහත්තයා මම මේ දවස්ටිකේ වැඩ පොලවල් දෙකතුනක්ම කරනවා , මටනං යන්ඩ වෙන් නැ , මම අපේ උක්කූංව එහාට පිටත් කරන්නං තව කවුරුහරි එක්ක''
''අනේ කමල් වෙන කාව වත් අරින්ඩ එපා ඔයාම ගිහිල්ලා කරලා දෙන්ඩ , දන්නවනේ අද කාලේ , පොඩි එකයි අරයයි විතරනේ ගෙදර''
'' ආ මිනිහද එහෙනං කමක් නැ , ඒත් ඉතින් මම නං කැමති ඔයාම වැඩේ කරනවානං''
( අනේ ඕකා කරන වැඩ අනිත් උන්ව මරවණවා මිසක් බදාම ටිකක් අතක පයක ගා ගන්නවද කමලා )
ඔන්න ඉතින් පහුවදා උදේම උක්කුව ඒ ගෙදරට පිටත් කරපු කමලා ගියාලු වෙන ගෙයක් හදන තැකට , පැයකට හමාරකට පස්සේ අර මීගොඩ මහත්තයගේ නෝනාගෙන් කෝල් එකක් එනවලු කමලට.
'' අනේ කමල් අයියේ මම අර ඔයා එවාපු මනුස්සයාව හරවලා ඇරියා . මම මේ වෙච්ච දේවල් මහත්තයට කියුවෙත් නැ , මට වෙන බාස්කෙනෙකුට කතා කරන්නත් බැ , මහත්තයට කතා නොකර ,කරුණාකරලා ඔයාම ඇවිත් වැඩේ කරලා දෙන්න''
'' ඒ..ඒ.....ඇයි නෝනා මොකද උනේ''
'' මිනිස්සු හැරෙනකොට කියුවැහැකිනේ කමල් අයියේ , එයාගේ කතාව මට ඇල්ලුවේ නෑ''
'' ඇයි නෝනා ඌ මොනවද කියුවේ''
''මමත් දැන ගන්න එපැය නෝනා , කියන්ඩකෝ මම අද ඕකගේ අතක් පයක් කඩලා තමයි පස්ස බලන්නේ''
'' ගහන්ඩ බයින්ඩ යන්ඩ එපා කමල් , මිනිහා මට කුණුහාරප කියුවා''
''ඒ මොකටද නෝනට බනින්නේ ඌ''
'' බැන්නා නෙමෙයි , නිකන් තේරෙන නොතේරෙන විදිහට කියුවා, මේ මම තියනවා කමල් අයියේ , ඔයා ඉක්මනට ඇවිත් මේ වැඩේ මට කරලා දෙන්න''
''හා නෝනා මම අනිද්දට එන්නං ''
'' එහෙනං වරද්දන් නැතුව එන්ඩ . මම තියනවා''
නෝනා ෆෝන් එක තිබ්බ ගමන් කමල් ගත්තා කෝල් එකක උක්කුවට , රීන්ග් වෙන්ඩත් කලින් ඌ ෆෝන් එක ඉස්සුවා''
''මොනවද --තෝ තෝ අර ගෑණිට කියුවේ ''
'' මම මොකවත් කියුවේ නැ , එයා මාත් එක්ක ස්ලැබ් එක උඩට නැගලා වැඩේ කරන විදිහ කතා කරල ,. වැඩේ කරන දවසට ඔයාට කෝල් එකක් දෙන්නං කියලා කියුවා''
'' කුණුහාරප කියනවා තියා මම ඒ ගෑණිත් එක්ක වචන දෙක තුනකට වඩා කතා කලෙත් නෑ''
'' මේ තො මට පොත දාන්ඩ එපා හරිද . ගහනවා උස්සලා පොලවේ --යා , කියපිය තෝ මොනවද කියුවේ කියලා''
'' ස්ලැබ් එකට වතුර ටිකක් දාලා තෙමලා නැතුවද කොහෙද , හැම තැනම පුපුරලා හන්දා මම ඇහුවා''
'' අයියෝ නෝනා කොන්ක්‍රීට් තැනින් තැන කරවෙලා පුපුරලනේ දැම්මේ නැද්ද වතුර ටිකක්''
'' අනේ අපේ මහත්තයත් ගෙදර නෑනේ මල්ලි තනී මම කොහොමද ඔව්වා කරන්නෙ''
'' මහත්තයා ගෙදර නැ කියලා නිකං , වේලෙන්ඩ අරින්ඩ එපා නෝනා, අපරාදේ නිකං සවුත්තු වෙලා යනවා , අපිට කෝල් එකක් දුන්නානං අපි ඇවිත් තෙමලා දීලා යනවනේ''
** ඔන්න ඔච්චරයි අයියේ මම කියුවේ **
උක්කුවට යන්න වෙිලාවක් නැත්නම් අපිටත් ගිහින් තෙමලා දිලා එන්න පුලුවන්
ReplyDeleteමමත් කැමතියි මචෝ එම වැඩේට ...
ReplyDeleteපට්ට හොදේ
ReplyDeleteඅපිටත් පුලුුවන් තෙමන්ට
ReplyDelete