අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය සම්බන්දයෙන් අටමගේ මතය තමයි , ඔව්වා කොරලා පලක් නැ කියන එක,
අටං ගොයියා ඉතින් බුද්ධාගං කාරයනේ, බොහොම ආසාවෙන් දහම් පාසල් එහෙම ගිහිං බණ දහං එහෙම ඉගන ගෙන තියන එකා , අවසාන විභාගෙට නං ඉද ගත්තේ නැ ,
දහම් පාසල් ගුරුවරයෙක් වෙච්ච බෝතල් පත්තර කාරයෙක් හන්දා , ( ඕකට කියන්ඩ නමක් මට හිතා ගන්ඩ බැ) වල් බල්ලා මගේ කෙල්ලව රවට්ටලා උදුරා ගත්ත හන්දා මම අන්තිම මාස කිහිපය දහම් පාසල් නොගිහිං අත ඇරියා,
අටමා කරුමෙ තදින්ම විස්වාස කරනවා, අපි පෙර ආත්මවලදි කල කුසල් සහ අකුසල නිසා තමයි අපිට මේ ආත්මයේ ලැබෙන දුක් සැප තීරණය වෙන්නේ ,
එහෙම තියෙද්දි යන්තර මන්තර සෙත් ශාන්ති කොරලා බෝධි පූජා කොරලා මොකටද නිකං පව ඇරියස් කොරගන්නේ අපේ අලේ අංකල් කියුවා වාගේ,
අපි කොරපුවා අපේ පස්සෙන් එනවා ආත්මයක් ආත්මයක් ගානේ , ඉතින් එහෙම තියෙද්දි මොකටද ඔව්වා කරලා මේ ආත්මයට විතරක් ඇපයක් දාගන නිකං ඊලග ආත්මේ ඇරියස් එක්ක ගෙවන්නේ
අධික කාම ආසාව හන්දා අහල පහල බැදපු මිනිහෙක්ට වශී ගුරුකමක් කොර ගන්ඩ හදපු දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ට වෙච්ච සිද්ධියක් තමයි අද මම කියන්න යන්නේ
ඉස්සර කාලයක මට හිටියා මිත්තරයෙක් , මිනිහා මට වඩා වසර කිහිපයක් වැඩිමහල් , රස්සාව විදිහට කලේ යන්තර මන්තර ගුරුකං , මිනිහා අද හිතා ගන්න බැරි තැනක ඉන්න හන්දා මම ඌ ගැන වැඩිය කතා නොකර ඉන්නං , කතාවනේ අපිට වටින්නේ ඒ යකාගේ අල ගිය මුල ගිය තැන් මොකටද නේද,
මං ඒ කාලයේ අධික ලෙස ගංජා පානයට හුරුවෙලා හිටියා , (දැන් නං නැ , නවත්තලා ගොඩක් කල්) , ඔය යාළුවගේ ගෙදර හිටියේ අයියා සහ ඌ විතරයි , අයියා සිකරට් එකක් වත් නොබීවාට මොකද , මල්ලි සියලු දුරාචාර අයියාටත් එක්ක ඉෂ්ඨ සිද්ධ කොලා ,
දවසක් මම රුපියල් 25ක්ද කොහෙද දිලා මලක් අරන් බයිසිකලේ හැඩල් එකේ කොපුව ගලවලා ඒක අස්සට දාගන දවල් 2ට විතර ඒ පැත්තට පැද්දා, මම යනකොට යාළුවා දාඩිය දාගන වත්ත උදළු ගානවා , මාව දැකලා උදැල්ල පැත්තකින් තියාපු පොර
'' මම මේ උඹව හොයන්ඩ යන්ඩ හිටියේ , උඹ ආපු එක හොදයි බං, බලහන්කෝ තාත්තා කොහෙන්ද මන්දා පරණ හින්දි පීස් කෑල්ලක් අරගන ඇවිත් හිරකරානේ ඩෙක් එක ඇතුලේ''
''මොන -ත්තක්ද බං හැමදාම හිරකරගන්නවනේ''
''රෙස්ලිං කෑල්ලකුත් තියනවා බං බලන්ඩ ගලවලා දියන්කෝ''
''මදෑ ආතල් එකක් ගන්ඩ ආවා මලවදයක්නේ බං .....හා හා අරගන දෙන්නං , හදහන්කෝ ප්ලේන්ටියක්''
ඒක පත්තු කරලා පාරවල් හත අටක් අදිනකොට යාළුවා තඩි ප්ලේන් දෙකකුත් හදාගන ඇවිත් ඉදගත්තා ලගින්,
දැන් ඉතින් දෙන්නා එක්ක එක එකාගේ රෙදි අහක් වෙච්චා කතා කර කර , මලත් ගහලා . ප්ලේන්ටි දෙකත් බීලා . ඩෙක්එක ගලවලා vhs එක එලියට අරගන . පොර ගෙනාපු vhs එක දාගන උස්සලා පොලවේ ගහනවා බල බලා ඉන්නවා.
'' ගෙදර කව්ද ....ගෙදර ...කව්ද .....මහත්තයා ...මහත්තයා ....කෝ ගෙදර නැද්දෝ ''
ඕන්නං තව තත්පර 20ක් යන්ඩ ඇති
''කපු මහත්තයෝ කපු මහත්තයෝ''
''ආතල් කඩාගන මූණ පුක කරගන යාළුවා නැගිටලා ගියා ඉස්සරහට''
'' ආ මේ නෝනනේ ඇවිත් තියෙන්නේ , ඒත් මම බැලුවා මේ වෙලාවේ කවුද කියලා''
'' මගේ වැඩේ ඉවර කරලා තියන්නං කියලා . මහත්තයා මට අද එන්ඩ කියුවානේ''
'' බෙහෙත් අවුසදේ අද උදේ තමා එක්දාස් අට ජීවං කොරලා ඉවර කොලේ, ඔහොම ඉදගන ඉන්ට මම ගෙනත් දෙන්නං''
එහෙම කියාගන ඇතුලට ආපු යාළුවා මා දිහා බලලා දඹරගිල්ල තොල් දෙක උඩට තියලා කට වහගන ඉදපන් කියලා දැනුවත් කරලා
මේසයට දාලා තිබ්බ ඉටි කොලය යටට දාලා තිබ්බ , වේලිච්ච බුලත් කොලයක් අරගන මේසය උඩින් තියලා , මේසය උඩ තිබ්බ වතුර නැති උස වීදුරුවක් ඇතුලට දාලා තිබ්බ කහ නූලකින් කෑල්ලක් කඩලා පැත්තකින් තිබ්බා
බෙල්ල දෙපැත්ත, පපුව දෙපැත්ත , බඩ , පපුවයි බඩයි අතර අත් දෙකේ ඇගිලි වලින් හොදට පිරිමැදලා , දාඩිය , කුණු , මැරුනු හම අඹරලා ඇරගන පුංචි ගුලි තුනක් හදලා . අර බුලත් කොලයට තියලා ඔතලා අර කහ නුලෙන් ගැට ගහලා , කින්ඩි හිනාවකුත් දාගන ආයෙත් ඉස්සරහට ගියා
'' මෙන්න නෝනා බෙහෙත් අවුසදේ ගුලි තුනක්ම තියනවා , කිල්ලට අහු කරගන්නවා එහෙම නෙමෙයි , මතකනේ මම කියුවා , උම්බලකඩ කෑල්ලක්වත් කන්ඩ බෑ,
'' මතකයි .. මතකයි , දැන් ඔය ගුලි තුනම දෙන්ඩ ඕනද මහත්තයෝ ''
''නෑ....නෑ... එකක් දුන්නත් ඇති, මම ඔය වැඩි හොදට එකක් අතපසු උනොත් කියලා , ඒ නමට ගුලි තුනක්ම ජීවං කරා , කෑමට බීමට කලවම් කරාට පස්සේ දීගන්ට බැරි උනොත් සත්තුන්ට එහෙම දෙනවා නෙමෙයි ''
'' අද ආවේ මාස් කිල්ල පන්නලනේ''
''ඊලග සුද්ධියට තව කොච්චර දවස් තියනවද''
'' තව දවස් දහයක් දොලහක් ''
'' හොදටම ඇති හොදටම ඇති , දවස් හතක් ඇතුලත කොහොම මේක හරි දෙන්ට ඕන , පහුකරගන්ට නං එපා ''
'' හා මහත්තයෝ හා''
'' හා හොදා .... ආයේ ඇවිත් ගුණදොස් අපිටත් කියන්ට ඕන එහෙනං . දෙවි පිහිටයි ගිහිල්ලා එමුකෝ''
'' එදා පූජාවට මේ නෝනා කියද පඩුරුතිබ්බේ ''
''දෙදාස් එකසිය දහ තුනයි කපු මහත්තයෝ''
'' හා එහෙනං තව තුන්දාහක් දෙමුකො , තව කැමැත්තෙන් දෙන දෙයක් වැඩේ හරි ගියහම බැරියැ''
Ado ota job eka amarasekarage massina kara neda.. man nata oya wage katha jotiyak kiyala tiyenawa
ReplyDeleteවශිය වැඩ කරලා වශී උන එකා කපුවා ළඟටම එන්න හැදුවනම් තමයි වැඩේ.
ReplyDeleteනෑ මං කිව්වෙ ඔය ගුලි බීපු එකාට අතීසාරෙ කාරිය හැදුනොත් එහෙම.