රූස්ස ගස් වලින් හැදිච්ච
තනි කැළැ මන්ඩියක
අවාරෙට වැටිච්ච
ඇටයකින් පැලවෙච්ච
පළ දරපු ගහෙත්
පරාග දුන්න ගහෙත්
හෙවන අතරින් පතර ලැබිලා
මහ රුස්ස ගස් අතරෙත්
කටු පදුරු අතරෙත්
ඉහට හෙවනක් නැති
තණකොළ පිට්ටනිවලත්
සරනක් නැතුවත්
අතරින් පතර සරණක් ලබමිනුත්
කොඩෑරිව හැදිච්ච
කනාටු ගහක් වෙච්ච
උඹලගේ තාත්තා
නොලැබිච්ච ආදරය
ගස්වැල් වලින්
සතා සිව්පාවගෙන්
යාළු මිත්තරයන්ගෙන්
හිත වැටුන කෙල්ලන්ගෙන්
උණ ගැනුන එකෙක්
වතුර හොයනවා වාගෙ හොයාපු
උඹලගේ තාත්තා
තැන් තැන් වල තැක් ගැහි ගැහි
නන්නත්තාරේ ඇවිදලා
අරමුනක් නැතුව
හැමතැනම කැරකිලා
අළුගුත්තේරුකං ඔක්කොම කරලා
වලගං පිටියට ඔන්න මෙන්න ඉදලා
යාන්තං හරි පාරක් හොය හොයා ඉන්නකොට
උඹලගේ අම්මව හමුවෙලා
උන්දැ පෙන්නපු පාරේ
ටික දුරක් ඇවිදලා යාන්තං ඔලුව උස්සපු
උඹලගේ තාත්තා
වේලිලා ඉදිරිලා වැටෙන්න
ඔන්න මෙන්න ඉන්නකොට
කඨෝර පරිසරයක හැදිච්ච
වැඩකට නැති ගහක්ට උනත්
හයියක් දෙන්න පුළුවන්
වැලක් වෙච්ච උඹලගේ අම්මා
මට ආදරය කලා
මාත් ආදරය කලා
ඒ ආදරයේ උපරිමය
අපි වින්දා උපරිමයෙන්
ඒ ආදරයේ ප්‍රථිපල දෙකක් විදිහට
උඹලව මගේ අතට
ගෙනත් දුන්නා
උඹලගේ අම්මා
යාන්තං කතා කරන වයසේ
නංගි නැති කාලේ
උඹේ වයසේ ළමයි ඇවිදිනකොට
එක දනිස්සක් විතරක් බීමට ඇන ඇණ
ලොක්කියේ උඹ ගේ හැම තැනම
හක්කලං කරා
අයියෝ මේකිගේ පංඩිත කතා විතරයි
තාම ඇවිද ගන්නවත් බැ
අම්මත් එක්ක ආඩපාලි කියපු
තාත්තා මං
එහෙම බැන බැනා
තාත්තා ඉන්නකොට
එකමත් එක දවසක
ගේ සන්තකයටම තියන
එකම කාමරයේ ඉදන්
මේ දුව දුහන්නේ කියමින්
දුහං ආවා මතකද
උඹටත් හපං බං
උඹේ පොඩි නංගියා
වයස දෙකකුත් නැතුව
උඹ බෙහෙත් නොබිව්වොත්
තාත්තට ගතු කියනු
බලාගන හිනැහෙන්නෙ
තරහ යන්නැද්ද බොට
හිතෙනවා ආදරෙට
චූටි ගුටියක් දෙන්න
තාත්තට නං
තාත්තගේ කිපෙන බව
අම්මගේ ඉවසීම
තාත්තගේ නාස්තිය
අම්මගේ ඉතුරුවයි
තාත්තගේ නොනැමීම
අම්මගේ නැමෙන බව
තාත්තගේ රළු වීම
අම්මගේ උණුවීම
සමපතයටම ගෙන
කවද හරි මතු දාක
ඉගනගන ලොකු අකුරු
ලොකු ගැහැණියන්වී
උපයපං මිළ මුදල්
පණනලට පමණක්ම
අටම්......... ජිවිතේ ඔබ තරමට, ඔබ විදිහට නැතත් දුක් කදුළු දැකලා විදලා තිබුනට මේ කතාව මාව අඩෙව්වා. ඔබේ දූ පැටව් දෙන්නට, මගේ දෝණිට කවදාහරි දවසක පුළුවන් වෙවී හොද යාලුවෙක් සහෝදරයෙක් වෙන්න හරියට ඔබව මට දැනෙන සහෝදර හැගිමෙන්ම...... තෙරුවන්සරණයි..!
ReplyDeleteහ්ම්ම්....!
Delete:')
ReplyDelete"පුංචිම කාලේ තාත්තගේ ආදරේට ලෝබ වෙච්ච
ReplyDeleteඅම්මටවත් තාත්තා ලගට එන්න නොදී තාත්තගේ තුරුලෙම නැලවිච්ච
ටිකක් ලොකු වෙනකොට තාත්තා එක්ක ගත කරපු අතීතෙන් තාත්තගේ මූනූවර මතක් කර ගන්න බැරි වෙච්ච
එක කාලේකදී මාවයි අම්මවයි තනියම දාලා ජීවිතෙන් සමු ගත්තට තාත්තා කියන අකුරු තුනටත් තදින්ම වෛර කරපු අතීතෙක හිමිකාරියක් වෙච්ච
මතක තියෙන කාලෙකදි විදින්න බැරි වෙච්ච ඒ ආදරේට හැමදාමත් ලෝබ වෙච්ච
ඒ අකුරු තුන ඇහෙද්දි හැමදාමත් වගේ ලොකු අසරණ කමක් එක්ක ඇස් කදුලින් බොද වෙච්ච මං " වගේ අයට තාත්තගේ ආදරේ මේ වගේ කියලා කියලා කියවන්න ලැබිච්ච එකත් ලොකු සතුටක් අයියේ ❤️
"පුංචිම කාලේ තාත්තගේ ආදරේට ලෝබ වෙච්ච