මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන පරිසර ඇමතිතුමෙක් ගෙනාවනේ නීතියක් ආදායං බල පත්තරේ ගන්ඩ කලින් ගන්ඩ ඕන කියලා දුං පරීක්සන සහතිකයක් , ඒ රස්සාව කොරන කොම්පැණියකට මම දැක්කුවා මගේ දඩු මොනරේ ,
ගෙව්වා net fee කියලා එකක් රුපියල් 370.54 ක් , ඒකට එකතු කොරලා තිබ්බා , vat කියලා එකකුත් රුපියල් 44.46 ක් රුපියල්ම , ඔක්කොම 415 ක් slr ,
ඒ සල්ලි ටික ගෙව්වට පස්සේ දුන්න කොල කෑල්ලක් ඒකත් අරගන ගියා දුම සැරද බලන මැසින් තියන තැනට . එතන ඒ ගැජට් හය හතක්ම තිබ්බා , සමහරක් කට්ටිය හරි කැමැත්තෙන් එක මැසිමකට තමන්ගේ වාහනේ දාන්ඩ පොරකනවා , එතන වැඩකරන කට්ටියගේ අදුරන වාහන දාන්නෙත් එතනට හන්දා ඒ මැසිමට සමූපකාර පෝලිම වාගේ පෝලිමක් , කලින් පාර වෙන මෙෂිමකට දාලා අලවෙලා , දෙවනි පාර ගියහම එතන වැඩ කොරන උන්දල.
'' ආ ඕක මෙතනට ගන්ඩ ''
කියල කතා කරලම ගන්නේ ඒ මැෂිමට හන්දා මමත් ඒ පෝළිමේ කොනටම ඇල්ලුවා.
ටිකකින් පොරක් ඇවිත්
'' ආ ඕක මෙතනට දාන්ඩකෝ කියලා ''
මගේ අතේ තිබ්බ කොලය අරගන බල්ලෙක්වත් වාහනේ දාලා නැතු ව තිබ්බ මෙෂින් එකක් ඉස්සරට මගේ දුප්පත් සයිකලේ මාත් එක්ක දක්කලා , වටේට කැරකිලා මොන මොනවද අර කොලයේ ලකුනු කොරලා , බයික් එක ස්ටාට් කොරන්ඩ කියලා . බරබර ගාලා ඇඹරිලා යන්ඩ රේස්කරලා , අර මෙෂින්පතය ලගට ගිහිල්ලා මොන මොනවදෝ මිරිකලා , ආයෙත් ඇවිත් කිසි හිරිකිතක් නැතුව සයිලන්සරේ අස්සට පත යකඩ පොල්ලක් බස්සලා , ආයෙත් සැරයක් බස්නාහිර පලාතටම ඇහෙන්ඩ රේස් කලා බයික් එක , ඊට පස්සේ උගේ ගෑණිගේ හොර මිනිහා දිහා බලාගන ඉන්නවා වාගේ ඔරවගන අර පරිඇටයේ තිරය දිහා ටිකක් වෙලා බලාගන ඉදලා . කට බඝමණියවාගේ කරගන පොලවට සමාන්තරව අත ඒ පැත්තට මේ පැත්තට හෙල්ලුවා , හරියට සල්ලි දීලා මම එතනට බයික් එක ගෙනිච්චට ඌ හෙන තරහයි වාගේ , එහෙට්ට මෙහෙට්ට අත හෙල්ලුවේ හරියට
'' අහක් කරපං ඔය කුණු ගොඩ ඔතනින් කියනවා වාගේ ''
බයික් එක ඉස්සරහට දාලා මම එනකොටත් අර පරි ඇටයට කොටනවා ඌ . එතනට කිට්ටු කරපු මං අහිංසක විදිහට
'' මල්ලි පාස්ද ''
'' නැ...නැ .... පේල්.... පෙල් .. ගිහිල්ලා හදාගන එන්ඩ , අර කාමරේ ඉන්න මහත්තයට ගිහිල්ලා මේක දීලා එයාගෙන් විස්තරය අහගන්ඩ ''
රීංගුවා ඒ කාමරේට පොර ඉන්නවා නිකං ගවනර් වාගේ
'' 2011 නේද ''
'' ඔව් ''
'' බයික් එක අවුල් හදාගන එන්ඩ ''
පොර මට දික්කරා තව කොලයක් , ඒකේ තිබ්බේ මෙන්න මෙන්න මෙන්න මෙව්වා හදන්ඩ කියලා , ( ඒක දෙවනි පාර ගියහම ආයේ ගත්තා , නැත්තං බලාගන්ඩ පීන්තූරයක් දාන්ඩ තිබ්බා )
මගේ කටට හොද හොද එව්වා ආවත් මොකවත් නොකියා බැස්සා එලියට , ඇයි යකෝ ලීටරේට හැත්තෑවක් දුහන රත්තරං බයික් එක , වටේ තැලිලා මලකඩ කාලා විනාසවෙලා තිබ්බට ලෙඩක් නොදී දුහන බයික් එක , හෙන ගහන කතානේ මේව්වා , මම මටම කියාගන්න ගමං දිග ඇරලා බැලුවා බයික් එක ෆේල් කියලා දුන්න රිපෝට් එක
හත් දෙයියනේ
ලෝ අයිඩියල් රුපියල් 38.50ක පෙට්රල් අපතේ යනවලු
හයි අයිඩියල් 38.75ක් අපතේ යනවලු
මුන්ට පුකේ ඉදං පිස්සු , පෙට්රල් අන්තෙටම හිදිලා බයික් එක ඇල කරලා ෂෙඩ් එකට දුහලා දෙසීයක පෙට්රල් ගහලා , දෝණිව ස්කෝලෙටත් දාලා කිරිබත්ගොඩටත් ගිහිල්ලා , හවසට කොහේහරි වටයක් දෙකක් ගහලා මැෂිමක් දෙකක් හදාගන , ආයෙත් ගෙර ඇවිත් , පහුවදාට කෙල්ලව ඉස්කෝලෙටත් දාලා , එදත් කිරිබත්ගොඩ ගිහින් හවසට අහල පහල කොහෙටහරි ගිහින් ආයෙත් රාගමට ඇවිත් තමා පැට්රෝල් ගහන්නේ , ( අනිවා හැතතැවක් නං වැඩ කොරනවා ) ,
අනික මේ බයික් එක හදන්නේ මම මයි , එක පාරක් කෙයිල් එක පිච්චුනා , ආයේ ඉතින් කාටවත් දුන්නැ ගලවලා ඔතවගන ඇවිත් හයි කලා . ක්ලච් ප්ලෙට් මාරුකරා , ඔය මොකක් කලත් මම තමා තනියම කොරගන්නේ , ඔන්න එකපාරක් නං වෑල් රබර් ගිහිල්ලා ජයසාන්තයගේ ගරාජ් එකේ ගැලෙව්වා , එදත් සාන්තයට කියලා ටයිමීන්ග් තියාගත්ත එක විතරයි , හයි කරෙත් ගැලෙව්වෙත් මම මයි.. එහෙව් ඇණයක් ඇනයක් ගානේ මම දන්න බයික් එක , මේ රිෆෝට් එක මටනං විස්වාස කොරන්ඩ බෑ , අර පරණ හන්දා වටේ සද්ද බද්ද තිබ්බට දුං පොඩ්ඩක් නැ ,
ආවා ගෙදර , ඇදලා ගත්තා බයික් එකේ ෆයිල් එක , පරණ දූං සහතික හතරක් පහක්ම තිබ්බා ඒකේ ,
පහුගිය අවුරුදු පහ ඇතුලත මම බයික් එකේ කාබරේටරය සුද්ද කලේ දෙපාරයි , එයාක්ලීනරයේ ස්පොන්ජ්එක මාරු කලේ එක වතාවයි , වෑල් ටෑපට් සහ ටයිමින්ග් චේන් එජස්කලේ එක වතාවයි , දුම් පරික්ෂනයට ඉදිරිපත් කොරන්ඩ කියලා එක වතාවක්වත් බයික් එකට අමුතු සැපක් දුන්නේ නැ , ගියා දැම්මා ගත්තා ආවා . ඔන්න එක වංගියක් නං ෆේල්වෙලා ගෙදර ඇවිත් පැයක් දෙකක් ඉදලා හුළං ඇණේ පොඩ්ඩක් කරකවලා හුළං ඇරගන ගිහිල්ලා දැම්මා වැඩේ ගොඩ .
මේ බලන්ඩ මේක මහ විකාරයක් , හරියට කරනවනං මේ වැඩේ හොද වැඩක් , පරිසරයට විස වායු එකතු වෙන එක පාලනය කරන එක කල යුතුම කාර්ය්‍යයක් , නමූත් මේ ග්‍රීන් ටෙස්ට් කතන්දරය හරියට කෙරෙන්නේ නෑ ,
මෙන්න බලන්න
2008 - 2009
rpm 1464 / 2435
co % 1.347 / 1.269
2009 - 2010
rpm 807 / 2606
co % 5.669 / 5.773
2010 - 2011
rpm 720 / 2271
co % 3.680 / 3.383
2011 - 2012
rpm 879 / 2573
co % 0.390 / 0.380
2012 -2013
rpm 949 / 2325
co % 1.896 / 5.069
බලන්න බයික් එකට මහලොකු සාත්තුවක් නොකර අවුරුදු පහක් තිස්සේ ටෙස්ට් එක පාස්වෙලා තියන විදිහ , 2010 දී co % 3.680 / 3.383 වෙච්ච කාබන් විමෝචන අගය , 2011 දී කිසිම හේතුවක් නැතුව co % 0.390 / 0.380 දක්වා අඩුවෙලා , හරියට අළුත් බයික් එකක වගේ , හැබැයි එන්ජින් එකේ ආර් පී එම් අගයේ නං මහලොකු වෙනස්කමක් වෙලා නැ , හැබැයි ඊලග අවුරුද්දේ කාබන් විමෝචන අගය ඉහල ගිහිල්ලා co % 1.896 / 5.069 දක්වා , ඒත් එක්කම ආර් පී එම් එකත් වැඩි වෙලා ,
ඔන්න ඔය කාරනාව හින්දම තමයි මට හිතුනේ , බයික් එකට මොකවත් නොකර ආයෙත් පාරක් ටෙස්ට් එකට දාන්න , පැය දෙක තුනක් ගෙදරට වෙලා ඉදලා ආයෙත් ගියා , බයික් එක හැදුවයි කියලා දෙවනි ටෙස්ට් එකට දැම්මා , හැබැයි අර කලින් මෙෂින් එකට නෙමෙයි , අර වැඩිපුර කට්ටිය පෝලිමේ ඉන්න මෙෂින් එකට.
මිල්ක් ඩැඩීට ඩෝග් ජම්පින් කියලා මෙන්න යකෝ ටෙස්ට් එක පාස් , මට එක පාරටම සිහියට ආවේ අර ඇමතිතුමාගේ මව්ගූණ තමා ,
කලින් ෆේල් වෙච්ච පාර
rpm 710 - 2300
hc 776 - 869
co 6.270 - 6.132
lambda 1.151 - 1.163
o2 7.350 - 7.480
co2 5.900 - 5.900
fuel westage % 25.84 - 26.00
දෙවනියට පාස්වෙච්ච පාර
rpm 804 - 2494
hc 1022 -982
co 4.253 - 5.587
lambda 1.377 - 1.267
o2 8.960 - 8.550
co2 5.960 - 5.260
fuel westage % 23.27 - 27.02
මේ දුම් පරික්ෂන හරියට කෙරෙන්නේ නෑ ( වාර්තා වැරදියි )
ජරාව දිලා ටෙස්ට් එක කරලා සහතිකය අරගන තමයි ගොඩක් බරවාහන පාරේ දුහන්නේ
අපිවාගේ දියුනුවෙමින් පවතිනවායැයි කියන රටක මිනිස්සුන්ට අමාරුයි තමන්ගේ පරණ වාහන ඉක්මනට අහකට විසිකරලා අළුත් එව්වා ගන්න හරි , අමතර කොටස් වලට නිරපරාදේ මිළ මුදල් වියදං කරන්නත් අමාරුයි
දියුණු බටහිර රටකදීනං ඔය කෙලිය කොරතහැකි , මොකද උන් පරිසරය විනාස කරලා පෝසත් වෙලා ඉවරයි , දැන් උන් හදන්නේ අපි හරිතාගාර වායුන් පිට කරන එක පාලනය කරන්න , එතකොට කොහොමද අපි දියුණු වෙන්නේ. අපේ ලොකු ලොක්කෝ උන්ගේ ලණු කාලා අපිටත් කවනවා
''වාහන දුම් පරික්ෂණ සහතිකය කා සදහාද . කුමකටද''
ReplyDeleteමේක නම් මටත් හැමදාම හිතෙන දෙයක්..(හැමදාම කියුවෙ පරීක්ශනෙ කරන්න යන හැමදාම හරිද...)
යකෝ සල්ලි ඕනෙ නම් එකවරම ලයිසන් එකට ඇඩ් කරානම් ඉවරයිනෙ...
මේක බොරු දේශප්‍රේමයක් පෙන්නලා සල්ලි ගසා කෑමක්....
තව එකක්...යකෝ දැන් මේ ටෙස්ට් එක ලඟ නැත්නං දඩ ත් ගහනව....
(මුන් බබාල ,දන්නෙම නැ මෙක නැත්තන් ලයිසන් එක ගන්න බෑ කියල..._
ඔය සීන් එක මම දන්නා විදිහට ඒ කාලේ හිටිය (අදටත් ඉන්න)අඩි හතකට කිට්ටු ඇමතිකෙනේක්ගේ සාක්කුවට වැඩි බරක් වටෙන වැඩක් නේද ඕක ?
ReplyDelete