2014-05-19

සදේ නුඹ කොතැනා ( මනා කියන මගේ කවිය 1 )

සිතේ රැදුනා හදේ ඇඳුනා ඔබේ රුව මා
දුරක ඇදුනා තනිය දැනුනා අදුරු ලොව මා
අදුර බිදිනා රැයේ නැගෙනා සදේ නුඹ කොතැනා
සදේ නුඹ කොතැනා

ශිල්ප කරනා කලකපෙරදා සමග ඔබ මා
සෙනෙහෙ දැනුනා තනිය මැකුනා ලගින් ඔබ රැදුනා
ලොවක් දිනුවා ලෙසට දැනුනා සෝතැවුල් නිවුනා
සෝතැවුල් නිවුනා

ශිල්ප පුදනා ඔහුට බැඳුනා මුලාකර මා
හදේ නැගෙනා ලසෝ ගිනීදැල් දවන සියොලග මා
ඔබට උනුසුමවේ සිසිල් කතරේ යනෙන ඔහු සමගින්
යනෙන ඔහු සමගින්

මනා හදාපු සින්දුව අහල බලන්න මෙතනින්

72 comments:

  1. උඹ ඒ ගමන් ගීපද රචකයෙක් වෙලානේ ..මේවා මෙහෙම දදා ඉන්නේ නැතිව නලියව අල්ලාගෙන කාට හරි ගායකයෙකුට දෙමු

    ReplyDelete
  2. පෙර දිනයක මා පෙම්කල යුවතිය...
    අටං ගීත රචකයෙක් හැටියට හුඟක් දුර යයි වගේ.. නැද්ද පිංවතෙක් මේක තල්ලු කරල දෙන්න ?

    ReplyDelete
  3. අටම්, සිරාවට මේක හොඳ පද රචනයක්...

    හැබැ‍යි පොඩ්ඩක් හිතලා, 'ද', 'ඳ' හදපන්. අන්තිම ඉඳලා දෙවෙනි පේලියෙත් මොකද්ද අංජබජලක් තියනවා වගේ.. උඹෙන් ගී පද රචනයක් දැක්කමයිද කොහෙද? සාර්ථකයි මචං...

    ReplyDelete
  4. අපූරු පද රචනාවක්... තනුවකුත් දැම්මනම් හරි..

    ReplyDelete
  5. සදේ නුඹ කොතැනා……

    සිරාවටම මරු පද ටික අටම් අයියෙ. මරු.

    ReplyDelete
  6. ගීතයක් විදියට සාර්ථක කරගන්න පුලුවන් වෙයි...
    ඒත් අන්තිම පද හතර අතරෙ පොඩි එහා හමහා වීමක් තියෙනව.. තාල ගැලපීම මදි වගේ දෙයක් ඒක හැදුණ නං හරි...
    පට්ට

    ReplyDelete
  7. නියමයි නියමයි.....ලස්සනයි

    ReplyDelete
  8. මම අහලා තියන විදිහට ප්‍රේමයේ විරහව තරම් සාහිත්‍ය නිර්මාණ වලට බලපාන තවත් සාධකයක් නැති තරම්. නමුත් කලකට ඉහතදී මහා වාදයක් පැවැත්වුනා විරහ ගී නිසා තරුණ පරපුර පරාජිත සිතුවිලි වලටම යොමු වෙනවා කියා. ඒ කොහොම වෙතත් ප්‍රේමයේ විරහවත් සුන්දර හැඟීම් දනවන අවස්ථා බොහොමයි.

    ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් මේ ලෝකෙ හිටපු ඉන්න ඔක්කොම එවුන් පරාජිතයො වෙන්ඩ ඕනෙ විචාරක මාමෙ. අර අර කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමාගේ උපහැරනෙ වගේ

      Delete
    2. ඔව්, ඔයා කියන කරුනුත් ඒ කාලේ ඔය වාදයට ඇතුලත් වුණා. පුවත්පත් ලිපි මගින් තමයි වාදය ගියේ. මට මතක හැටියට පේරාදෙනි සාහිත්‍ය කාරයෝ විරහ රසයට කැමතියි. කොළඹ සාහිත්‍ය කාරයෝ අකමැතියි. ඒ විදිහට තමයි වාදය ගියේ.

      Delete
  9. යම් යම් තැන්වල අකුරක් දෙකක් වෙනස් කළෝතින් හොඳම තනුවක් දාන්න හැකියි වගේ. අර සිසිල් කතර කියන තැනත් නොගැලපේ නේද?
    මං යෝජනා කරනවා මේකට තනුව දාන්න අපි සමිනට බාර දෙමු මොකද ඌ මේදවස්වල තව එකකට තනුවක් දාලා ගීතයක් හදමින් ඉන්නේ. අටම් සාර්ථකයි මචෝ මේක.

    ReplyDelete
    Replies
    1. ඕ යෙස්.. !! ඒක හරි .ඌ වැඩේ දෙයි නියමෙට.. කියන එකත් ඌටම කරන්න පුලුවං !!

      Delete
    2. හෝව් හෝව් මම මේක වෙන කෙනෙකුට දුන්නා , එයා එපා කියුවොත් සමියට දෙමු

      Delete
    3. අටමා..පොඩි අදහසක් දෙන්නද ??
      නිල්වලා එකේ උපුල් ජයසිංහව පොඩ්ඩක් කන්ටෑක් කරපං..මිනිහා ආටිස්ට්ල දාල කැසට් කරද්දි හොඳ පද ටිකක් තනුවක් ලැබුනොත් මිනිහගෙ වියදමින් සින්දුව කරලා සීඩී එකට දානවා..එයා මීය කඩන්නෙත් අත ලෙව කන්න නෙමෙයි.ඒත් උඹේ හැකියාව මිනිස්සු අතරට යයි. මුලින් ඒ ඇති !!!

      Delete
    4. පිස්සුද බං මේක උඹල කියන තරං හොද එකක් නෙමෙයි

      Delete
    5. අටං
      %$#%& &%$ &%$##4 &; % +£¥®^€ ,… !!!!!!

      Delete
    6. එයා බිසී මේ දවස් වල වැඩ බාරගන්නේ නැහැ :D

      Delete
    7. අනේ පල බොන්ඩියේ යන්න අපි කිව්වොත් ඌ කරනවා. ඌට විවේක නැත්තේ උඹ එක්ක මල් කඩන්න යන නිසානේ

      Delete
    8. wfka wgfud uf.ka lqKqyrqp wy.kafk ke;qj okak tjqka lshk foaj,a jsiaidi fldrmx' tal we;a;tama ,aiianai'jaoru lqKqyrqma ua;ala fjkjd ug tA

      Delete
    9. අප්පට සිරි වැවා ග්‍රීක් වලින් බැනලා

      Delete
    10. බොන්ඩි කියන වචනෙ නිරුක්තිය මොකක්ද නලින් මල්ලි.ඔය වචනෙ අපේ ගංවල ඉස්සර නිතරම ඇහුණා.

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. @ හැලපේ......මාත් ඕක කාගෙන් හරි අහන්නම හිටියේ. බොන්ඩි කියන්නේ ඇයි කියලා.

      උඹලාට මතකද බොන්ඩි අළුවා කියලා කෑමක් තිබුනා. ඒවා පාරේ ඇවිද ඇවිද විකුණනවා. මාලදිවයිනෙන් ගෙනාපු උන්ගේ ග්‍රාමීය කෑමක්. තව දිය හකුරු කියලා ජාතියකුත් තිබුනා. ඒකත් මාලදිවයින් කෑමක්. ඒක මාළු ලේවලින් හදන දෙයක්ද කොහෙද? පොල් සම්බෝල බැදුම් වගේ දේවල් වලට දැම්මා මතකයි. හරියටම ෂුවර් නැහැ.

      Delete
    13. ඇයි අනේ.. අර රවියා කියල තිබ්බේ යස අගේට... Blonde කියන වචනෙන් ආවා කියලා... එක අතකට ඒකත් අවිස්වාසබල් මිනිහගේ හැටියට... හි හි හි

      Delete
  10. හැක්... එලනෙ.
    පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යං.

    ReplyDelete
  11. මොනවා කියන්නද ම්ස්සිනා..

    උඹ මැෂින් වලට හිරවෙන එක හරි අපරාධයක්..!!!!

    ReplyDelete
    Replies
    1. අටම් ලියන සමහර ඒව දැකල මේක නම් මටත් හිතිල තියෙනව.

      මැෂින් වැඩ පහත් කරන්න කියනව නෙවෙයි

      Delete
  12. අටම්පහුර තුල දක්ෂ කලාකරුවෙකුත් ඉන්නවානේ.මේ පදවැල් ගීතයක් ලෙස ලඟදිම අපට අහන්න ලැබේවා.මේක සත්‍ය අත්දැකීමක් වෙන්න ඇති.ඒකයි මේ තරම් රසවත්

    ReplyDelete
  13. වැඩේ නම් මසුරන් අටං අයියා. පද රචනය විශිෂ්ඨයි. මේක ගීතයක් බවට පෙරලගන්න තිබුනනම්..

    ReplyDelete
  14. SHOAK KAI DEKA NEDA

    ReplyDelete
  15. //ශිල්ප පුදනා ඔහුට බැඳුනා මුලාකර මා//

    ඉස්සර මගේ යාලුවෙකුත් ඔය වැඩේ කළා ,මට ඒක මතක් වුණේ. ඒ සර්ගෙන්ම ඉගෙනගත්ත කොල්ලා කැම්පස් ගියා ,කෙල්ල සර් කාරයව බැන්දා.

    නිර්මානේ ලස්සනයි. උබ මේක ඊයේ පෝස්ට් කරලා රිමු කරලා විකාර කලේ ඇයි බන්. තමන් ලියන මොක වුණත් අවතක්ෂේරුවෙන් හිතන්න එපා. ලියාගෙන ගිහින් පෝස්ට් කරහං එච්චරයි

    ReplyDelete
    Replies
    1. එ්කට කියන්නෙ ගුරු පඬුරු කියලා...

      Delete
  16. අපි මේකට තනුවක් වගේ එකක් දාලා ගායකයෙක් වගේ එකෙකුට කියලා කියවමු.. නැගල යයි.. අන්තිමට අටම් ප්‍රවීන ගීත රචක ලක්මාල් කන්දෙවිතාන වෙයි. මැෂින් නොහදයි.. . බ්ලොග් ලියන එක නවත්තලා පත්තර වලට ලියයි.. ලොරි ටෝක් දෙයි.. සම්මානයට පාත්‍ර වෙයි.. හිස උදුම්මා ගනියි.. ගල් නොගසයි.. විස්කි ගසයි.. මල් නොගසයි.. අහාේ දුකකි ඉරකි තිතකි, තිත් ගොඩකි.......

    ගීය හොදයි බන්... තව ලියමු
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැබෑට මෙහෙම වෙයිවත්ද?

      Delete
    2. උඹලා ඌ ගැන දන්නේ නෑ තාම හරියට බංස්ලා

      Delete
  17. //අදුර බිදිනා රැයේ නැගෙනා සදේ නුඹ කොතැනා//

    හරිම අගෙයි අටම්,

    අපි කවි කුරුටුගාන පිරිසක් විදිහට හරිම කැමතියි හැමෝම පුළුපුළුවන් විදිහට කවියක් දෙකක් කුරුටු ගානවට.. අටම්ගේ කවිය හැමෝම කියනවාට වගේ ගේය පද රචනයක් කියලයි මටත් හිතෙන්නේ. ඉතින් ඇත්තට ම උත්සහ කරලා බැලුවොත් මොකද ?

    ReplyDelete
    Replies
    1. මචෝ තොපි දෙන්නව ටැපලෙනවා ගි පොතයි ගි පවුරයි... දැන් දිලිනිගේ එක මොකක්ද කියපල්ලා

      Delete
  18. යකෝ මේක සින්දුවක් හැටියට ජනප්‍රිය කරන්නනම් මැද්දට පොඩ්ඩකුත් දාපන් ගායකයාට අමතරව ගෘප් එකේ එකෙක්ට කියන්න

    ReplyDelete
  19. සුබ පැතුම්. ළඟදීම රේඩියෝ එකෙන් අහන්න ලැබේවා..

    ReplyDelete
  20. නියමයි මචො.උබට ජය

    ReplyDelete
  21. අටම් මේක නියමයි ඈ! ජයවේවා!!!

    ReplyDelete
  22. මොනවා හරි උත්සාහයක් ගනින් අටම්....මොනවා කරන්නත් කලින් රස්සාවට මුල් තැන දීපන්.

    ReplyDelete
  23. ගී පද රචනය ලක්මාල් කන්දෙවිතාන කියලා ඇහෙනකම් මේ බලාගෙන ඉන්නේ

    ReplyDelete
  24. මරුනේ අටං අයියේ.. සංගීතයක් එකතු කරලා මේක සිංදුවක් කරලා ඉස්සරහට ගෙනාවනම් කියලා වැඩක් නෑ..

    ReplyDelete
  25. අටමා ඔහේ කට කන්ට්‍රෝල් නැති කතා සහ කෙමෙන්ට් කර කර ඉඳලා මෙහෙම අදහන්න බැරි වැඩත් කරනවා. තවත් මට මතක හිටපු දෙකක් තමයි සෙරෙප්පු කතාවයි, ලේ දීලා එළවලු බෑග් එක අරන් ගිය කතාවයි.

    ReplyDelete
  26. අන්තිම පේළිය මෙහෙම වැටුනොත් මොකද ?

    පතන්නම් ජය මුවින් ඔබ ළඟ සිතින් මා මියෙනා
    සිතින් මා මියෙනා

    ReplyDelete
  27. හරි ඔහොම ලියපංකෝ මටත් තියෙනවා එකක් ලියා ගන්න,බොට කියලා.

    ReplyDelete
  28. ලගත් ඉදල ....... ඔහොම යන්න ගියාම හරියනවයි.......... ඇයි....? ඔබ මුලා උනේ.......
    අර කිව්වා වගේ අපුර්විගේ husband ට දෙන්න , සාධාරණයක් ඉටුකරාවි........

    ReplyDelete
  29. අටම් all rounder කෙනෙක් නෙ. සුබ පැතුම්. මං නම් කියන්නෙ තව ලියලා හොඳම එකක් ‍තෝරන්න කියල. අනික් අය මට බනීද දන්නෑ. පාර්ලිමෙන්තු පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා. කෝ?

    ReplyDelete
    Replies
    1. ඒකට දැම්ම කමෙන්ට් එක තියනව අර ලෝඩ් මෝර් කියන එක ක්ලික් කරල බලාගන ඉන්න

      Delete
  30. නියමයි නෙ අටම්. ඔන්න තව පැත්තකින් දස්කම් දක්වන බව දැන ගත්තා හැමෝම. ජයම වේවා!

    ReplyDelete
  31. හෑ,මේ අර කටේ බ්‍රේක් නැති අටමමද ඈ ? :D

    ReplyDelete
    Replies
    1. ඕක තමා බං මට තියන කරුමේ

      Delete
    2. ගොළු උඹට බ්ලොග් එකක් තියනවද

      Delete
    3. නෑ බං, කියවනව විතරයි. :)

      Delete
  32. සුපිරි ගි පද පෙලක් අටමො සුබ පතනවා ඉක්මනට මෙ පද පෙල සවනත වෑටෙවා කියලා..

    ReplyDelete
  33. කියන්න තියෙන දේවල් ඔක්කෝම කියලනේ.. මම ඇවිත් ගියා. මැක්සා,,,

    ReplyDelete
  34. අප්පොච්චියේ... අටමෝ උඹ ඒ ටිකේ සින්දුත් ලියන්න අරගෙන.. වැඩේ හොඳයි මචෝ.. අර ඩුඩ් කිව්වත් වගේ උඹ මොන මොන පිස්සු කෙලියත් මේවත් උපරිමෙන් කරන මනුස්සය...

    ReplyDelete
  35. සින්දුවක පද ලියපු කෙනාගේ හිතේ හැමවිටම තනුවක් තියෙනවා, ඒකට අනුවනේ ලියවෙන්නේ.

    නමුත් මියුසික් කරන අය ඔවුන්ගේ තනු දානවා, ඒ කෝඩ් යනාදියට අනුව.

    මට හිතෙන්නේ මුල් පද ටික මෙන්න මෙහෙම ආවොත් හෙඳයි කියායි.

    මා සිතේ රැදුනා ඔබ රුව මා හදේ ඇඳුනා
    මා දුරක ඇදුනා අදුරැ ලොව මට තනිය දැනුනා
    අදුර බිදිනා
    රැයේ නැගෙනා
    සදේ නුඹ කොතැනා
    සදේ නුඹ කොතැනා

    !

    ReplyDelete
    Replies
    1. බෝහෝ තැන්වල වෙනවා වාගේම උඹ මෙතනත් හරි මචං

      Delete
  36. අටමෝ මේ මොකද බන් උඹට උනේ?

    ReplyDelete
  37. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  38. දැන් මම මොකද කියන්නෙ. මුන් ඔක්කොම කියලනෙ. :D නියමයි මචෝ.

    ReplyDelete
  39. අටම් දැන් ගී පද රචකයෙක් වෙලානේ . තව ටිකක් අධ්‍යනය කළා නම රත්න ශ්‍රී මහත්තයා කිට්ටුවට එන්න හැකි .


    සුභ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>