සිතේ රැදුනා හදේ ඇඳුනා ඔබේ රුව මා
දුරක ඇදුනා තනිය දැනුනා අදුරු ලොව මා
අදුර බිදිනා රැයේ නැගෙනා සදේ නුඹ කොතැනා
සදේ නුඹ කොතැනා
ශිල්ප කරනා කලකපෙරදා සමග ඔබ මා
සෙනෙහෙ දැනුනා තනිය මැකුනා ලගින් ඔබ රැදුනා
ලොවක් දිනුවා ලෙසට දැනුනා සෝතැවුල් නිවුනා
සෝතැවුල් නිවුනා
ශිල්ප පුදනා ඔහුට බැඳුනා මුලාකර මා
හදේ නැගෙනා ලසෝ ගිනීදැල් දවන සියොලග මා
ඔබට උනුසුමවේ සිසිල් කතරේ යනෙන ඔහු සමගින්
යනෙන ඔහු සමගින්
මනා හදාපු සින්දුව අහල බලන්න මෙතනින්
දුරක ඇදුනා තනිය දැනුනා අදුරු ලොව මා
අදුර බිදිනා රැයේ නැගෙනා සදේ නුඹ කොතැනා
සදේ නුඹ කොතැනා
ශිල්ප කරනා කලකපෙරදා සමග ඔබ මා
සෙනෙහෙ දැනුනා තනිය මැකුනා ලගින් ඔබ රැදුනා
ලොවක් දිනුවා ලෙසට දැනුනා සෝතැවුල් නිවුනා
සෝතැවුල් නිවුනා
ශිල්ප පුදනා ඔහුට බැඳුනා මුලාකර මා
හදේ නැගෙනා ලසෝ ගිනීදැල් දවන සියොලග මා
ඔබට උනුසුමවේ සිසිල් කතරේ යනෙන ඔහු සමගින්
යනෙන ඔහු සමගින්
මනා හදාපු සින්දුව අහල බලන්න මෙතනින්
උඹ ඒ ගමන් ගීපද රචකයෙක් වෙලානේ ..මේවා මෙහෙම දදා ඉන්නේ නැතිව නලියව අල්ලාගෙන කාට හරි ගායකයෙකුට දෙමු
ReplyDeleteපෙර දිනයක මා පෙම්කල යුවතිය...
ReplyDeleteඅටං ගීත රචකයෙක් හැටියට හුඟක් දුර යයි වගේ.. නැද්ද පිංවතෙක් මේක තල්ලු කරල දෙන්න ?
අටම්, සිරාවට මේක හොඳ පද රචනයක්...
ReplyDeleteහැබැයි පොඩ්ඩක් හිතලා, 'ද', 'ඳ' හදපන්. අන්තිම ඉඳලා දෙවෙනි පේලියෙත් මොකද්ද අංජබජලක් තියනවා වගේ.. උඹෙන් ගී පද රචනයක් දැක්කමයිද කොහෙද? සාර්ථකයි මචං...
අපූරු පද රචනාවක්... තනුවකුත් දැම්මනම් හරි..
ReplyDeleteසදේ නුඹ කොතැනා……
ReplyDeleteසිරාවටම මරු පද ටික අටම් අයියෙ. මරු.
ගීතයක් විදියට සාර්ථක කරගන්න පුලුවන් වෙයි...
ReplyDeleteඒත් අන්තිම පද හතර අතරෙ පොඩි එහා හමහා වීමක් තියෙනව.. තාල ගැලපීම මදි වගේ දෙයක් ඒක හැදුණ නං හරි...
පට්ට
නියමයි නියමයි.....ලස්සනයි
ReplyDeleteමම අහලා තියන විදිහට ප්‍රේමයේ විරහව තරම් සාහිත්‍ය නිර්මාණ වලට බලපාන තවත් සාධකයක් නැති තරම්. නමුත් කලකට ඉහතදී මහා වාදයක් පැවැත්වුනා විරහ ගී නිසා තරුණ පරපුර පරාජිත සිතුවිලි වලටම යොමු වෙනවා කියා. ඒ කොහොම වෙතත් ප්‍රේමයේ විරහවත් සුන්දර හැඟීම් දනවන අවස්ථා බොහොමයි.
ReplyDeleteලස්සන නිර්මාණයක්.
එහෙමනම් ඉතින් මේ ලෝකෙ හිටපු ඉන්න ඔක්කොම එවුන් පරාජිතයො වෙන්ඩ ඕනෙ විචාරක මාමෙ. අර අර කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමාගේ උපහැරනෙ වගේ
Deleteඔව්, ඔයා කියන කරුනුත් ඒ කාලේ ඔය වාදයට ඇතුලත් වුණා. පුවත්පත් ලිපි මගින් තමයි වාදය ගියේ. මට මතක හැටියට පේරාදෙනි සාහිත්‍ය කාරයෝ විරහ රසයට කැමතියි. කොළඹ සාහිත්‍ය කාරයෝ අකමැතියි. ඒ විදිහට තමයි වාදය ගියේ.
Deleteයම් යම් තැන්වල අකුරක් දෙකක් වෙනස් කළෝතින් හොඳම තනුවක් දාන්න හැකියි වගේ. අර සිසිල් කතර කියන තැනත් නොගැලපේ නේද?
ReplyDeleteමං යෝජනා කරනවා මේකට තනුව දාන්න අපි සමිනට බාර දෙමු මොකද ඌ මේදවස්වල තව එකකට තනුවක් දාලා ගීතයක් හදමින් ඉන්නේ. අටම් සාර්ථකයි මචෝ මේක.
ඕ යෙස්.. !! ඒක හරි .ඌ වැඩේ දෙයි නියමෙට.. කියන එකත් ඌටම කරන්න පුලුවං !!
Deleteහෝව් හෝව් මම මේක වෙන කෙනෙකුට දුන්නා , එයා එපා කියුවොත් සමියට දෙමු
Deleteඅටමා..පොඩි අදහසක් දෙන්නද ??
Deleteනිල්වලා එකේ උපුල් ජයසිංහව පොඩ්ඩක් කන්ටෑක් කරපං..මිනිහා ආටිස්ට්ල දාල කැසට් කරද්දි හොඳ පද ටිකක් තනුවක් ලැබුනොත් මිනිහගෙ වියදමින් සින්දුව කරලා සීඩී එකට දානවා..එයා මීය කඩන්නෙත් අත ලෙව කන්න නෙමෙයි.ඒත් උඹේ හැකියාව මිනිස්සු අතරට යයි. මුලින් ඒ ඇති !!!
පිස්සුද බං මේක උඹල කියන තරං හොද එකක් නෙමෙයි
Deleteඅටං
Delete%$#%& &%$ &%$##4 &; % +£¥®^€ ,… !!!!!!
හේ..හේ.....හා
Deleteඑයා බිසී මේ දවස් වල වැඩ බාරගන්නේ නැහැ :D
Deleteඅනේ පල බොන්ඩියේ යන්න අපි කිව්වොත් ඌ කරනවා. ඌට විවේක නැත්තේ උඹ එක්ක මල් කඩන්න යන නිසානේ
Deletewfka wgfud uf.ka lqKqyrqp wy.kafk ke;qj okak tjqka lshk foaj,a jsiaidi fldrmx' tal we;a;tama ,aiianai'jaoru lqKqyrqma ua;ala fjkjd ug tA
Deleteඅප්පට සිරි වැවා ග්‍රීක් වලින් බැනලා
Deleteබොන්ඩි කියන වචනෙ නිරුක්තිය මොකක්ද නලින් මල්ලි.ඔය වචනෙ අපේ ගංවල ඉස්සර නිතරම ඇහුණා.
DeleteThis comment has been removed by the author.
Delete@ හැලපේ......මාත් ඕක කාගෙන් හරි අහන්නම හිටියේ. බොන්ඩි කියන්නේ ඇයි කියලා.
Deleteඋඹලාට මතකද බොන්ඩි අළුවා කියලා කෑමක් තිබුනා. ඒවා පාරේ ඇවිද ඇවිද විකුණනවා. මාලදිවයිනෙන් ගෙනාපු උන්ගේ ග්‍රාමීය කෑමක්. තව දිය හකුරු කියලා ජාතියකුත් තිබුනා. ඒකත් මාලදිවයින් කෑමක්. ඒක මාළු ලේවලින් හදන දෙයක්ද කොහෙද? පොල් සම්බෝල බැදුම් වගේ දේවල් වලට දැම්මා මතකයි. හරියටම ෂුවර් නැහැ.
ඇයි අනේ.. අර රවියා කියල තිබ්බේ යස අගේට... Blonde කියන වචනෙන් ආවා කියලා... එක අතකට ඒකත් අවිස්වාසබල් මිනිහගේ හැටියට... හි හි හි
Deleteපට්ට..බොක්කට වදිනවා
ReplyDeleteහැක්... එලනෙ.
ReplyDeleteපොඩි පොඩි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යං.
මොනවා කියන්නද ම්ස්සිනා..
ReplyDeleteඋඹ මැෂින් වලට හිරවෙන එක හරි අපරාධයක්..!!!!
අටම් ලියන සමහර ඒව දැකල මේක නම් මටත් හිතිල තියෙනව.
Deleteමැෂින් වැඩ පහත් කරන්න කියනව නෙවෙයි
අටම්පහුර තුල දක්ෂ කලාකරුවෙකුත් ඉන්නවානේ.මේ පදවැල් ගීතයක් ලෙස ලඟදිම අපට අහන්න ලැබේවා.මේක සත්‍ය අත්දැකීමක් වෙන්න ඇති.ඒකයි මේ තරම් රසවත්
ReplyDeleteවැඩේ නම් මසුරන් අටං අයියා. පද රචනය විශිෂ්ඨයි. මේක ගීතයක් බවට පෙරලගන්න තිබුනනම්..
ReplyDeleteSHOAK KAI DEKA NEDA
ReplyDelete//ශිල්ප පුදනා ඔහුට බැඳුනා මුලාකර මා//
ReplyDeleteඉස්සර මගේ යාලුවෙකුත් ඔය වැඩේ කළා ,මට ඒක මතක් වුණේ. ඒ සර්ගෙන්ම ඉගෙනගත්ත කොල්ලා කැම්පස් ගියා ,කෙල්ල සර් කාරයව බැන්දා.
නිර්මානේ ලස්සනයි. උබ මේක ඊයේ පෝස්ට් කරලා රිමු කරලා විකාර කලේ ඇයි බන්. තමන් ලියන මොක වුණත් අවතක්ෂේරුවෙන් හිතන්න එපා. ලියාගෙන ගිහින් පෝස්ට් කරහං එච්චරයි
එ්කට කියන්නෙ ගුරු පඬුරු කියලා...
Deleteඅපි මේකට තනුවක් වගේ එකක් දාලා ගායකයෙක් වගේ එකෙකුට කියලා කියවමු.. නැගල යයි.. අන්තිමට අටම් ප්‍රවීන ගීත රචක ලක්මාල් කන්දෙවිතාන වෙයි. මැෂින් නොහදයි.. . බ්ලොග් ලියන එක නවත්තලා පත්තර වලට ලියයි.. ලොරි ටෝක් දෙයි.. සම්මානයට පාත්‍ර වෙයි.. හිස උදුම්මා ගනියි.. ගල් නොගසයි.. විස්කි ගසයි.. මල් නොගසයි.. අහාේ දුකකි ඉරකි තිතකි, තිත් ගොඩකි.......
ReplyDeleteගීය හොදයි බන්... තව ලියමු
ජය වේවා!!!
හැබෑට මෙහෙම වෙයිවත්ද?
Deleteඋඹලා ඌ ගැන දන්නේ නෑ තාම හරියට බංස්ලා
Delete//අදුර බිදිනා රැයේ නැගෙනා සදේ නුඹ කොතැනා//
ReplyDeleteහරිම අගෙයි අටම්,
අපි කවි කුරුටුගාන පිරිසක් විදිහට හරිම කැමතියි හැමෝම පුළුපුළුවන් විදිහට කවියක් දෙකක් කුරුටු ගානවට.. අටම්ගේ කවිය හැමෝම කියනවාට වගේ ගේය පද රචනයක් කියලයි මටත් හිතෙන්නේ. ඉතින් ඇත්තට ම උත්සහ කරලා බැලුවොත් මොකද ?
මචෝ තොපි දෙන්නව ටැපලෙනවා ගි පොතයි ගි පවුරයි... දැන් දිලිනිගේ එක මොකක්ද කියපල්ලා
Deleteයකෝ මේක සින්දුවක් හැටියට ජනප්‍රිය කරන්නනම් මැද්දට පොඩ්ඩකුත් දාපන් ගායකයාට අමතරව ගෘප් එකේ එකෙක්ට කියන්න
ReplyDeleteසුබ පැතුම්. ළඟදීම රේඩියෝ එකෙන් අහන්න ලැබේවා..
ReplyDeleteනියමයි මචො.උබට ජය
ReplyDeleteඅටම් මේක නියමයි ඈ! ජයවේවා!!!
ReplyDeleteමොනවා හරි උත්සාහයක් ගනින් අටම්....මොනවා කරන්නත් කලින් රස්සාවට මුල් තැන දීපන්.
ReplyDeleteගී පද රචනය ලක්මාල් කන්දෙවිතාන කියලා ඇහෙනකම් මේ බලාගෙන ඉන්නේ
ReplyDeleteමරුනේ අටං අයියේ.. සංගීතයක් එකතු කරලා මේක සිංදුවක් කරලා ඉස්සරහට ගෙනාවනම් කියලා වැඩක් නෑ..
ReplyDeleteඅටමා ඔහේ කට කන්ට්‍රෝල් නැති කතා සහ කෙමෙන්ට් කර කර ඉඳලා මෙහෙම අදහන්න බැරි වැඩත් කරනවා. තවත් මට මතක හිටපු දෙකක් තමයි සෙරෙප්පු කතාවයි, ලේ දීලා එළවලු බෑග් එක අරන් ගිය කතාවයි.
ReplyDeleteඅන්තිම පේළිය මෙහෙම වැටුනොත් මොකද ?
ReplyDeleteපතන්නම් ජය මුවින් ඔබ ළඟ සිතින් මා මියෙනා
සිතින් මා මියෙනා
මරු නේ....
ReplyDeleteහරි ඔහොම ලියපංකෝ මටත් තියෙනවා එකක් ලියා ගන්න,බොට කියලා.
ReplyDeleteලගත් ඉදල ....... ඔහොම යන්න ගියාම හරියනවයි.......... ඇයි....? ඔබ මුලා උනේ.......
ReplyDeleteඅර කිව්වා වගේ අපුර්විගේ husband ට දෙන්න , සාධාරණයක් ඉටුකරාවි........
හොදනං ගනි බං ඌ
Deleteෂා... නියමයිනේ....
ReplyDeleteස්තුතියි කොල්ලෝ
Deleteඅටම් all rounder කෙනෙක් නෙ. සුබ පැතුම්. මං නම් කියන්නෙ තව ලියලා හොඳම එකක් තෝරන්න කියල. අනික් අය මට බනීද දන්නෑ. පාර්ලිමෙන්තු පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා. කෝ?
ReplyDeleteඒකට දැම්ම කමෙන්ට් එක තියනව අර ලෝඩ් මෝර් කියන එක ක්ලික් කරල බලාගන ඉන්න
Deleteනියමයි නෙ අටම්. ඔන්න තව පැත්තකින් දස්කම් දක්වන බව දැන ගත්තා හැමෝම. ජයම වේවා!
ReplyDeleteතාන්දිව දැත්ත තල්
Deleteහෑ,මේ අර කටේ බ්රේක් නැති අටමමද ඈ ? :D
ReplyDeleteඕක තමා බං මට තියන කරුමේ
Deleteගොළු උඹට බ්ලොග් එකක් තියනවද
Deleteනෑ බං, කියවනව විතරයි. :)
Deleteසුපිරි ගි පද පෙලක් අටමො සුබ පතනවා ඉක්මනට මෙ පද පෙල සවනත වෑටෙවා කියලා..
ReplyDeleteකියන්න තියෙන දේවල් ඔක්කෝම කියලනේ.. මම ඇවිත් ගියා. මැක්සා,,,
ReplyDeleteඅප්පොච්චියේ... අටමෝ උඹ ඒ ටිකේ සින්දුත් ලියන්න අරගෙන.. වැඩේ හොඳයි මචෝ.. අර ඩුඩ් කිව්වත් වගේ උඹ මොන මොන පිස්සු කෙලියත් මේවත් උපරිමෙන් කරන මනුස්සය...
ReplyDeleteපට්ට නේ
ReplyDeleteසින්දුවක පද ලියපු කෙනාගේ හිතේ හැමවිටම තනුවක් තියෙනවා, ඒකට අනුවනේ ලියවෙන්නේ.
ReplyDeleteනමුත් මියුසික් කරන අය ඔවුන්ගේ තනු දානවා, ඒ කෝඩ් යනාදියට අනුව.
මට හිතෙන්නේ මුල් පද ටික මෙන්න මෙහෙම ආවොත් හෙඳයි කියායි.
මා සිතේ රැදුනා ඔබ රුව මා හදේ ඇඳුනා
මා දුරක ඇදුනා අදුරැ ලොව මට තනිය දැනුනා
අදුර බිදිනා
රැයේ නැගෙනා
සදේ නුඹ කොතැනා
සදේ නුඹ කොතැනා
!
බෝහෝ තැන්වල වෙනවා වාගේම උඹ මෙතනත් හරි මචං
Deleteඅටමෝ මේ මොකද බන් උඹට උනේ?
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteදැන් මම මොකද කියන්නෙ. මුන් ඔක්කොම කියලනෙ. :D නියමයි මචෝ.
ReplyDeleteඅටම් දැන් ගී පද රචකයෙක් වෙලානේ . තව ටිකක් අධ්‍යනය කළා නම රත්න ශ්‍රී මහත්තයා කිට්ටුවට එන්න හැකි .
ReplyDeleteසුභ